විරු ගෝලය ගේ චන්ඩි පාර්ට්

jayadush

Active member
  • Mar 16, 2008
    196
    184
    43
    විරු ගෝලය ගේ චන්ඩි පාර්ට්

    ලෝකයා මෙකල වෛද්‍යවරුන් දෙවියන් සේ සලකද්දී විරුවාගේ ගෝල විරුවා වසර 21 ක් රජයේ සේවය කළ වෛද්‍යවරියකට අම්මා මෝ නැතිව බැන වැදී සේවයෙන් පන්නා දාලා..!

    (ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.17, ප.ව.11.30) වෛද්‍යවරුන්ගේ සේවය දිව්‍යමය සේවාවක් සේ වටිනා මෙකල වැඩ (අල) කරන විරුවා වරායේ සභාපති ලෙස පත් කළ දයා රත්නායක නම් පැන්ෂොන් ගිය මේජර් ජෙනරාල්වරයා, වරායේ වසර 15 කට අධික කාලයක් සේවය කළ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරියට අම්මා මෝ නැතිව බැන වැදී සේවයෙන් එළවා දැමීමේ ශෝචනීය පුවතක් වාර්තා කිරීමට සිදුව තිබේ.

    වෛද්‍ය දර්ශනී රාජකාන්තන්..
    වෛද්‍ය දර්ශනී රාජකාන්තන් නම් ඇය කොළඹ වරායේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරිය ලෙස 2005 සිට මේ දක්වා රාජකාරි කර ඇති අතර ඊට පෙර වසර 6 ක් කොළඹ ජාතික රෝහලේ සේවය කර ඇති රජයේ වෛද්‍ය වෘත්තියේ වසර 21 ක දිගු සේවා කාලයක අත්දැකීම් සහිත පළපුරුදු වෛද්‍යවරියකි. ඇයගේ ස්වාමි පුරුෂයා වන විශේෂඥ වෛද්‍ය රාජකාන්තන් රටේ නම ගිය හෘද රෝග විශේෂඥවරයෙකි.

    තම වෘත්තිය දේවකාරිය සේ සලකන වෛද්‍ය දර්ශනී රාජකාන්තන් කවර වර්ණයේ හෝ දේශපාලන ඇච්චන් බච්චන් කිච්චන් කිරිකිච්චන්ට නැටවිය නොහැකි රාජකාරිය අකුරට ඉටු කරන චරිතයක් ලෙස වරායේ ලොකු කුඩා කාගේත් ගෞරවයට පාත්‍ර වී සිටියා ය.

    අවනීතිය අතට ගත් පොහොට්ටු වෘත්තීය සමිති සට්ටැඹියෝ..
    වැඩ (අල) කරන විරුවා ජනාධිපතිධූරයට පත් වීමෙන් පසු අවනීතිය නීතිය ලෙස අතට ගත් පොහොට්ටු අනුගාමිකයෝ රට පුරා පිස්සු කෙළිද්දී වරායේ පොහොට්ටු වෘත්තීය සමිතියේ නායකයා වන සංජය කුමාර වැලිගම සට්ටැඹියා ද එයම අනුගමනය කරමින් වරායේ පොහොට්ටු තගා ලෙස ක්‍රියා කරන්නට පටන් ගත්තේ ය. ඊටම පලිප්පු දමමින් වරායේ සභාපති ලෙස පත්ව ආයේද හමුදා පාලනය මිස සිවිල් පරිපාලනය ගැන අන්දෝ සංසාරයක් නොදන්නා විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල් වරයෙකු වූ දයා රත්නායක ය.

    පොහොට්ටුකරුවෝ කිහිප විටෙකදීම නිකරුනේ වරායේ වෛද්‍ය ඒකකය සමග ආරවුල් ඇතිකර ගත් අතර ඒ සෑම අවස්ථාවක දීම ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය තම නිලධාරීන්ගේ ගෞරවය වෙනුවෙන් පෙනී සිටීම පොහොට්ටු වෘත්තීය සමිති නායකයන්ට දිරෙව්වේ නැත. ඕනෑම කේලමක් රස නොබලාම ගිල දැමීමට පුරුදුව සිටි දයා රත්නායකට පොහොට්ටු නායකයෝ ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය ගැන කේලාම් කීවෝය. අන්ත ජාතිවාදියෙකු වූ දයා රත්නායකට ද දේශපාලන හෙංචයියෙකු නොවී නීතියට සහ ඍජු තීන්දු අනුව ක්‍රියා කරන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය දර්ශනී රාජකාන්තන් දිරවා තිබුනේ නැත්තේ වැඩිමනත් ඇය දෙමළ ජාතික කාන්තාවක් වීම නිසා ය.

    වහාම ඉල්ලා අස්වීමේ ලියුම දුන්නේ නැතිනම් වෙන දේ බලාගනිං..
    ඒ අනුව පසුගියදා බොහෝ දෙනා ඉදිරියේ ඇයව කැඳවා කිසිදු ශිෂ්ඨ මනුෂ්‍යයෙකු වෛද්‍ය වරයෙකුට හෝ වරියකට බැන නොවදිනා තාලේ වචන භාවිතා කරමින් අතිශය නීච ලෙස ඇයට බැන වැදී “මේ දැන් වහාම ඉල්ලා අස්වීමේ ලියුම බාර දුන්නේ නැතිනම් වෙන දේ බලාගනිං” යයි තර්ජනය කෙළේය.

    තම නියෝජ්‍ය වෛද්‍ය නිලධාරියාද ඉදිරියේ බාල්දු කිරීම ඇයව වඩාත් අපහසුතාවයට පත් කළා විය හැකි අතර ඇය තම ආත්ම ගරුත්වය පාවා නොදෙමින් “හොඳයි මට කොළයක් දෙන්න මං දැන් ඉල්ලා අස්වීමේ ලියුම ලියා දෙන්නම්” යි සභාපතිවරයාට පිළිතුරු දුන්නා ය.



    “මං කොළ දෙන්නේ නෑ එළියෙන් කොළයක් අරගෙන දැන් ලියා දීපං” යි සභාපති දයා රත්නායක ගිගිලුවේ ය.

    ඒ අනුව ඒ අවස්ථාවේම ඉල්ලා අස්වීමේ ලිපිය බාර දුන් ඇය ගෙදර ගියා ය.

    හමුදා තග දමා ඉල්ලා අස්වන ලෙස තර්ජනය කිරීම..
    මෙලෙස ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙක් තබා පියන් කෙනෙකු හෝ අස් කළ නොහැකි ය. ඊට ක්‍රමවේදයක් තිබේ. චෝදනා පත්‍රයක් දී, වැඩ තහනම් කර, විනය පරීක්ෂණයක් කැඳවා, ඉන් වරද කරු වුවහොත් සේවයෙන් ඉවත් කිරීම රජයේ පමණක් නොව පුද්ගලික අංශයේද නීතිමය ක්‍රමය මෙන්ම සේවක අයිතිය නමුත් අද රජ කරන වැඩ (අල) කරන විරුවාගේ අර්ධ හමුදා පොලිස් පාලනය යටතේ එවැනි දේ සිදුවන්නේ නැති බවට මෙය හොඳම උදාහරණයකි. එනම් හමුදා තග දමා ඉල්ලා අස්වන ලෙස තර්ජනය කිරීම ය. සුදු වෑන් ලේකම් රජ වූ කලෙක පණට ආදරේ කිසිවෙක් ඊට විරුද්ධ වනු ඇතැයි සිතිය නොහැකි ය. මන්ද යත් අද අධිකරණය ක්‍රියා විරහිත ය. පාර්ලිමේන්තුවක් නැත. ජනතා අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියා කරන වෙනත් කිසිදු ආයතනයක් ක්‍රියාත්මක නැත. කාට කියන්න ද?

    රනිල්ලාගේ සජිත්ලාගේ රතු මල්ලිලාගේ මුඛ පූට්ටුද?
    කොරෝනා වසංගතයට මුවා වී මෙවැනි භයානක හමුදා පොලිස් ඒකාධිපතිත්වයක් රටේ යටින් ක්‍රියාත්මක වෙද්දී රටේ ප්‍රධාන විරුද්ධ පක්ෂය නියෝජනය කරන හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු යූඇන්පීය ද, සජිත් ප්‍රේමදාසගේ කල්ලිය ද ජනතා අයිතීන් වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට කරන්නේ වසංගත මර්දනය නිසා යැයි කියමින් ආණ්ඩුවට ‘කොන්දේසි විරහිතව’ සහාය දෙන බව විභක්ති නවයේම වරනගමින් දෙඩවීම ය. ඔවුහු රටේ සිදුවන මෙවැනි අසාධාරණ ගැන කෙල බිඳකුදු නොහෙලා කරබාගෙන දේශපාලන වෘක්ෂ සුනඛයින් සේ වලිග දෙපරහැන්ද අස්සේ ගසාගෙන කොන්දේසි විරහිතව විරුවාගේ හමුදා පොලිස් ජුන්ටාව ට සහාය දෙති. රතු මල්ලිලා ගෙවල් වල මුකවාඩම් මසති.

    වෛද්‍ය දර්ශනී රාජකාන්තන් සම්බන්ධයෙන් GMOA නිහඬ ය. ඇයට රජයේ රැකියාව නැතත් ප්‍රයිවෙට් ප්‍රැක්ටිස් කර ජීවිකාව ගෙන යා හැකි නමුත් මෙය රටේ වෘත්තිය කුමන ඉහළ තත්ත්වයේ වුවද සුළු ජාතිකයෙක් නම්, ඇය හෝ ඔහු පාලක කණ්ඩායමේ දේශපාලනය නොකරන්නේ නම්, ඔවුනට සිදුකරගෙන යන බරපතල තර්ජනයකි. ජාතිවාදයෙන් ආගම්වාදයෙන් හිරිවට්ටා සිටින පොහාට්ටුවාදී බයි ජනයාට මේවා රසමසවුළු ය. ‘හරි ඒකි දෙමළනේ, කමක් නෑ’ යි ඔවුන් හුරේ දමනු ඇති.

    හෙට බයියාද කියා වෙනසක් නැත..
    අද දෙමළ රාජකාන්තන් වැනි වෛද්‍යවරියන්ට ද, මුස්ලිම් හිජාස් වැනි නීතිඥවරුන්ට ද එල්ල වන විරුවාගේ හමුදා පොලිස් ජුන්ටාවේ තර්ජනය හෙට දවසේ සිංහලයා ද, බෞද්ධයා ද, කොල්ලා ද, බල්ලා ද, පමණක් නොව බයියා ද, කියා වෙනසක් නොමැතිව විරුවාගේ හමුදා පොලිස් ජුන්ටාවට විරුද්ධ නම් ඒ සියළු දෙනාටම එල්ල වනු නිසැක ය. මේ සත්‍යය පසක් වීමට ඇත්තේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි.

    චන්ද්‍රප්‍රදීප්