Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවාහයට පෙර ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්න 10 ක&#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විවාහයට පෙර ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්න 10 ක&#

විවාහය කියන්නේ බොහෝ දෙනෙක්ගේ ජීවිතේ සුන්දර සිහිනයක්. ඒ සුන්දර සිහිනය සම්බන්ධයෙන් අපිට මුල්ම හැඟීම ඇතිවුණු දිනයේ ඉඳලම ඒ හීනයට දින ගණින්න, ඒ හීනය වෙනුවෙන් මහන්සි වෙන්න අපි කටයුතු කරනවා.

ඒ විදිහට හීන දකින විවාහ ජිවිතය සුන්දර වෙන්නනම් අපි විවාහයට පෙර ගන්න විවාහය සම්බන්ධ තීරණ දැඩිලෙසම බලපානවා. ඒ කියන්නේ අපි කසාද බඳිනවා කියලා අවබෝධයක් නැතිව ගන්න තීරණ, ආවට ගියාට කරන දේවල් නිසා අපේ සුන්දර විවාහ ජීවිත හීනය බොහොම කෙටිකාලයකින් අළු දූවිලි වෙලා ගිහින් ජීවිත කාලය පුරාම විඳන්න හේතුවෙන සිදුවීම් මාලාවක් විතරක් අපිට ඉතිරිවේවි.

අන්න ඒ කාරණය නිසා විවාහය ගැන හීන මවන වගේම කසාද බඳින්න සූදානම් වෙලා ඉන්න හැමෝටම තමන්ගෙන්ම අහන්න ඕන ප්‍රශ්න 10ක් තියනවා. මේ ප්‍රශ්න වලට ඔබ ඔබටම අවංක වෙලා උත්තර දීලා බලන්න.

මම ඇත්තටම කසාද බඳින්න සූදානම්ද?

මේක බොහොම වැදගත් වගේම තීරණාත්මක ප්‍රශ්නයක්. විවාහයකට ඔබ මානසිකව, ආර්ථික වශයෙන් වගේම දෙන්නෙක් එකතුවෙලා ගතකරන ජීවිතයකට අවශ්‍ය සුදුසුකම් ඔබට තියනවද කියලා ඔබ ඔබෙන්ම අහලා බලන්න. කල් වැඩියි වගේ කියලා හිතෙනවනම් හරි මේ ප්‍රශ්නයට උත්තරේ ‘නැහැ’ කියන එකනම් දැන්ම විවාහයට පෙළඹෙන්න එපා.

මම තෝරගෙන ඉන්නේ මට ගැලපෙනම කෙනාද?

කලින් ප්‍රශ්නයට උත්තරේ ‘ඔව්’ කියලානම් විතරක් මේ ප්රශ්නය තමන්ගෙන් අහන්න. නැත්නම් මේ ප්රශ්නය අහන එකේ තේරුමක් නෑ. ඔබ සහ ඔබ විවාහ වෙන්න ඉන්න කෙනා අතර නිතරම රණ්ඩු නම්, වාද විවාද වල කෙළවර දෙන්නා අපහාස කරගන්න මට්ටමට දුරදිග යනවනම් ඔබ තෝරාගෙන ඉන්නේ ඔබට ගැලපෙනම කෙනාද කියන එක ගැටළුවක්. විවාහයක් ඇතුලේ දෙන්නාගේ අදහස් ගැලපීම ඉතාම වැදගත්. සල්ලි,පවුල් පසුබිම, අධ්‍යාපනය

පෙනුම කොච්චර නොගැලපුනත් අදහස් ගැලපීම ඉතාම වැදගත්. ඒ නිසා මේ ප්‍රශ්නයට උත්තරේ ‘නැහැ’ කියන එකනම් ඔබ විවාහයට ඉක්මන් වෙන එක සහ මේ තෝරාගෙන ඉන්න කෙනා එක්ක විවාහයට පෙළඹෙන එක ඒතරම් සුභදායක නෑ.

විවාහයට කොච්චර වියදමක් යාවිද?

කලින් ප්‍රශ්නයට උත්තරේ ‘ඔව්’ නම් මේ ප්රශ්නය ඔබ ඔබෙන්ම අහන්න. විවාහයට අනවශ්‍ය වියදම් කරන එක කොහොමත් තේරුමක් නෑ. ඒ වගේම විවාහයට වියදම් කරන්න තරම් සහ විවාහයෙන් පස්සේ ස්වාධීනව ජීවත්වෙන්න තරම් ආර්ථික ශක්තියක් දැන් ඔබට තියනවද කියලා ඔබෙන් විමසන්න. එහෙම නැත්නම් විවාහයකට පෙළඹෙන එක ටිකක් කල් දාන්න පසුබට වෙන්න එපා.මොකද නැත්නම් ඔබ වැටෙන්නේ අලි අමාරුවක.

විවාහයෙන් පස්සේ ජීවිතය ගැන තියන එකඟතාවයන්ට මම කැමතිද?

සමහර විට විවාහයට ලංවෙද්දි හරි නැත්නම් කාලයක ඉඳන් හරි ඔබ විවාහයෙන් පස්සේ ජීවත්වෙන විදිහ සැලසුම් කරන්න පුළුවන්. මේ සැලසුම්වලට ඔබේ අදහස් වගේම ඔබේ සහකරුවා හෝ සහකාරියගේ අදහස් එකතුවෙලා සම්මිශ්‍රණයක් විදිහට සැලසුම් වෙන්න ඕන. එහෙම නැතිව ඔබ අකමැත්තෙන් වුනත් ඔබේ අනිකාගේ අදහස් වලට එකඟවෙලා විවාහයෙන් පස්සේ ජීවිතය ගැන තීරණය කරලා ඉන්නවනම් විවාහයෙන් පස්සේ ඔබේ ජීවිතයට ඒක යම්කිසි බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම තැනකදි විවාහයට ඉක්මණ් වෙන එකෙන් ඔබට යම්කිසි පශ්චාත්තාපයක් ඉතිරිවෙන්න පුළුවන්.

අපි දෙන්නා දරුවෝ කීයක් හදනවද? මොන කාලෙද?

විවාහයකින් පස්සේ දරුවෝ හදන තීරණය දෙන්නාගේම පොදු තීරණයක්. ඒක ඒකාධිපති තීරණයක් වෙන්න බෑ. ඒ වගේම දරුවන් කී දෙනෙක් හදනවාද සහ දරුවන් අතර පරතරය ගැන දෙදෙනාම එකඟවෙන්න ඕන. ඒත් විවාහයට ලංවෙද්දිවත් ඔබට ඒ ගැන එකඟතාවයකට එන්න බැරිනම් හරි එක්කෙනෙක් දරුවන් හදන්න කැමති වීම සහ අනෙකා අකමැතිවීම කියන්නේ විවාහයෙන් පස්සේ ලිංගික ජීවිතයට සහ පොදු ජීවිතයට බලපෑම් වෙන්න පුළුවන් කාරණයක්. ඒක නිසා මේ ගැන විවාහයට පෙර එකඟතාවයකට එන්නම ඕන. ඒ වගේම විවාහයෙන් පස්සේ පවුල් සැලසුම් ක්‍රමයක් එහෙම අනුගමනය කරනවද කියන තිරණය ගැනත් හිතලා බලන්න ඕන.

මගේ බැඳීමට දරුවන් කොයිවිදිහට බලපාවිද?

බොහෝ වෙලාවට විවාහයට කලින් කුරුළු ජෝඩුව වගේ ඉන්න යුවල දරුවෝ එහෙම ලැබුනට පස්සේ ඇඳන් දෙකක නිදාගන්න තත්වයට, බිරිඳ සැමියාට තමන්ගේ ඇඟට අත තියන්න වත් නොදෙන්නට හේතුව වෙන්නේ මේ කාරණය ගැන විවාහට කලින් හිතලා සාකච්ඡා කරලා තිරණය නොකිරීම එක්ක. ඒ වගේම දරුවන් ඉන්න කාලෙක දරුවන් වෙනුවෙන් කැපවීම, රැකියාවේ වගකීම් එක්ක දරුවන්ගේ කටයුතු කළමණාකරණය වගේ දේ ගැන විවාහයට බොහොම කලින් කල්පනා කරන්න ඕන දේවල්.

මගේ ලිංගික ආශාවන් සම්පූර්ණ වේවිද?

මානවයාගේ මූලික අවශ්‍යතාවන් අතරේ ලිංගිකත්වය සම්බන්ධ අවශ්‍යතාවය කියන්නෙත් ප්රමුඛ තැනක් හිමිවෙන එකක්. ඒ නිසා විවාහ දිවියක් ඇතුලේ ලිංගික බැඳීම සහ ඒ මගින් වර්ගයා බිහිවීම කියන සංකල්පය නිර්මාණයවී තිබෙනවා. කොහොම වුනත් ඔබට ඔබේ ලිංගික ජීවිතය ගැන බලාපොරොත්තුවක්, ආසාවක් හිතේ නොතිබෙනවා කියන්න කාටවත් බෑ. ඒ බලාපොරොත්තු විවාහ ජීවිතය තුලින් සම්පූර්ණ නොවීම තමයි බොහෝවිට විවාහයෙන් පසුව අනියම් ඇසුරුකිරීම් සහ සමාජ විරෝධි ක්‍රියාවන්ට මූලික වෙන්නේ. එහෙම නොවෙන්නනම් ඔබ තෝරාගෙන තිබෙන සහකරුවා හෝ සහකාරිය ලිංගික වශයෙන් ඔබට ගැලපිය යුතුමයි. එසේ නොවෙනවානම් දෙපාරක් හිතන්න එපා විවාහයට අඩිය නොතබා ඉන්න එක ඇඟට ගුණයි.

අපි අපේ රැකියාවන් සහ ඒවායේ වගකීම් තේරුම් අරගෙනද?

විවාහයෙන් පස්සේ වගේම විවාහය කාලෙත් දෙදෙනාගේ රැකියාවන්වල ස්වභාවය සහ ඒවායේ වගකීම් ගැන දෙන්නම තේරුම් අරගෙන නැත්නම් බරපතල ගැටළු ඇතිවේවි. විශේෂයෙන්ම දුර රාජකාරී ගමන්, රාත්‍රී වැඩ වගේ අවස්ථාවලදි ගැටළු ඇතිවෙන්න පුළුවන්. හිතන්න රාත්‍රී සංගීත ප්‍රසංගවලට යන වාදකයෙක් සහ දහවල් රාජකාරී කරන කාර්යාල සේවිකාවකගේ විවාහය මොනවගේ වේවිද කියලා. ඒ නිසා මේ දේ තේරුම්ගෙන නැත්නම් විවාහයට පෙළඹෙන එක ටිකක් අවදානම්.

මම මගේ බැඳීමට සහ විවාහයට ගරු කරනවාද?

ඔබ මුලින්ම ඔබේ බැඳීමට ගරු කල යුතුයි, ඒ බැඳීමේ වටිනාකම ගැන ඔබට තක්සේරුවක් සහ ඇගයීමක් තිබිය යුතුයි. එහෙම තිබෙන තාක්කල් ඔබ ඒ බැඳීම රැකගන්න, ලස්සන කරගන්න වගේම ඒ බැඳීමෙන් සතුටුවෙන්න පුරුදු වෙනවා. මෙන්න මේ බැඳීමම තමයි විවාහය කියලා නම වෙනස් වෙලා නීතිමයභාවයක් එකතුවෙන්නේ. එතනදිත් ඔබ විවාහයට ගරුකිරීම, එහි වටිනාකමට ඇගයීම, එය ලස්සනට පවත්වාගෙන යන්න උත්සහ කිරීම කළ යුතුමයි. ඔබට හමුවෙලා ඉන්නේ ඔබට වගේම ඔබේ බැඳීමටත් අගයක් නැති, අගය කරන්නත් අකමැති සහ විවිධ ආකල්පමය සහ ඥානය පිළිබඳ ගැටළු එක්ක බැඳීමක වටිනාකම තේරුම්ගන්න බැරි කෙනෙක්නම් විවාහයට ටිකක් පස්සට යන්න කියලා සම්බන්ධකමට බායි කියන්න ඔබට වෙන එක සහතිකයි.

මම සතුටින්ද?

මෙන්න මේක තමයි වැදගත්ම ප්රශ්නය. කලින් කියපු ප්‍රශ්න 9ට ම උත්තරේ ‘ඔව්’ කියලා ඔබ කිව්වත් මේ ප්‍රශ්නයට ටිකක් කල්පනා කරලා ඔබ උත්තර දෙන්න. රාජකාරී, ඔබේ වෙනත් මිතුරන් සමග ගැටළු, වෙනත් ලෙඩ රෝග සහ ඔබේ බැඳීමට බාහිර අනිත් හැමදේම පැත්තකින් තියලා ඔබ දැන් විවාහයට සැරසෙන හෝ සම්බන්ධකමක් පවත්වගෙන යන කෙනෙක් විදිහට ඔබේ බැඳීම දිහා බලන්න, යෝජිත විවාහයක් නම් දැන් කතාබහ කරලා විවාහයට පෙළඹෙන ඔබ දෙන්නාගේ එකතුව දිහා බලන්න. බලලා අවංකව හිතෙන් කීපපාරක් අහන්න මම ඉන්නේ සතුටින්ද කියලා? ඒ සතුට කෙටි කාලීන එකක්ද නැත්නම් දිර්ගකාලීනව මට සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා. මේකට උත්තරේ ‘නැහැ’ කියන එකනම් සත්තයි ඔබ විවාහයට ‘ඔව්’ කියන්න එපා.

මේ ප්‍රශ්න 10 විවාහ වෙන්න කලින් ඔබ ඔබෙන්ම අහලා බැලුවට කිසිම පාඩුවක් නෑ. මොකද ඔබ මේ හිතන්නේ, මේ සලකා බලන්නේ ඔබේ ජීවිතය ගැන නිසා. මිනිසාගේ මූලික වුවමනාව සතුටයි. ඒ නිසා සතුට වෙනුවෙන් ජීවත්වෙන්න නම් ඔබට ඔබෙන්ම ප්‍රශ්න කරලා නිවැරදි කරගන්න බොහෝ දේවල් තියනවා කියලා අමතක කරන්න එපා.

උපුටාගැනීම - www.her.lk

[QUOTE="wijaindu, post: 23493401, member: 421102"] [b]විවාහයට පෙර ඔබ ඔබෙන්ම ඇසිය යුතු ප්‍රශ්න 10 ක&#[/b] [SIZE="4"]විවාහය කියන්නේ බොහෝ දෙනෙක්ගේ ජීවිතේ සුන්දර සිහිනයක්. ඒ සුන්දර සිහිනය සම්බන්ධයෙන් අපිට මුල්ම හැඟීම ඇතිවුණු දිනයේ ඉඳලම ඒ හීනයට දින ගණින්න, ඒ හීනය වෙනුවෙන් මහන්සි වෙන්න අපි කටයුතු කරනවා. ඒ විදිහට හීන දකින විවාහ ජිවිතය සුන්දර වෙන්නනම් අපි විවාහයට පෙර ගන්න විවාහය සම්බන්ධ තීරණ දැඩිලෙසම බලපානවා. ඒ කියන්නේ අපි කසාද බඳිනවා කියලා අවබෝධයක් නැතිව ගන්න තීරණ, ආවට ගියාට කරන දේවල් නිසා අපේ සුන්දර විවාහ ජීවිත හීනය බොහොම කෙටිකාලයකින් අළු දූවිලි වෙලා ගිහින් ජීවිත කාලය පුරාම විඳන්න හේතුවෙන සිදුවීම් මාලාවක් විතරක් අපිට ඉතිරිවේවි. අන්න ඒ කාරණය නිසා විවාහය ගැන හීන මවන වගේම කසාද බඳින්න සූදානම් වෙලා ඉන්න හැමෝටම තමන්ගෙන්ම අහන්න ඕන ප්‍රශ්න 10ක් තියනවා. මේ ප්‍රශ්න වලට ඔබ ඔබටම අවංක වෙලා උත්තර දීලා බලන්න. මම ඇත්තටම කසාද බඳින්න සූදානම්ද? මේක බොහොම වැදගත් වගේම තීරණාත්මක ප්‍රශ්නයක්. විවාහයකට ඔබ මානසිකව, ආර්ථික වශයෙන් වගේම දෙන්නෙක් එකතුවෙලා ගතකරන ජීවිතයකට අවශ්‍ය සුදුසුකම් ඔබට තියනවද කියලා ඔබ ඔබෙන්ම අහලා බලන්න. කල් වැඩියි වගේ කියලා හිතෙනවනම් හරි මේ ප්‍රශ්නයට උත්තරේ ‘නැහැ’ කියන එකනම් දැන්ම විවාහයට පෙළඹෙන්න එපා. මම තෝරගෙන ඉන්නේ මට ගැලපෙනම කෙනාද? කලින් ප්‍රශ්නයට උත්තරේ ‘ඔව්’ කියලානම් විතරක් මේ ප්රශ්නය තමන්ගෙන් අහන්න. නැත්නම් මේ ප්රශ්නය අහන එකේ තේරුමක් නෑ. ඔබ සහ ඔබ විවාහ වෙන්න ඉන්න කෙනා අතර නිතරම රණ්ඩු නම්, වාද විවාද වල කෙළවර දෙන්නා අපහාස කරගන්න මට්ටමට දුරදිග යනවනම් ඔබ තෝරාගෙන ඉන්නේ ඔබට ගැලපෙනම කෙනාද කියන එක ගැටළුවක්. විවාහයක් ඇතුලේ දෙන්නාගේ අදහස් ගැලපීම ඉතාම වැදගත්. සල්ලි,පවුල් පසුබිම, අධ්‍යාපනය පෙනුම කොච්චර නොගැලපුනත් අදහස් ගැලපීම ඉතාම වැදගත්. ඒ නිසා මේ ප්‍රශ්නයට උත්තරේ ‘නැහැ’ කියන එකනම් ඔබ විවාහයට ඉක්මන් වෙන එක සහ මේ තෝරාගෙන ඉන්න කෙනා එක්ක විවාහයට පෙළඹෙන එක ඒතරම් සුභදායක නෑ. විවාහයට කොච්චර වියදමක් යාවිද? කලින් ප්‍රශ්නයට උත්තරේ ‘ඔව්’ නම් මේ ප්රශ්නය ඔබ ඔබෙන්ම අහන්න. විවාහයට අනවශ්‍ය වියදම් කරන එක කොහොමත් තේරුමක් නෑ. ඒ වගේම විවාහයට වියදම් කරන්න තරම් සහ විවාහයෙන් පස්සේ ස්වාධීනව ජීවත්වෙන්න තරම් ආර්ථික ශක්තියක් දැන් ඔබට තියනවද කියලා ඔබෙන් විමසන්න. එහෙම නැත්නම් විවාහයකට පෙළඹෙන එක ටිකක් කල් දාන්න පසුබට වෙන්න එපා.මොකද නැත්නම් ඔබ වැටෙන්නේ අලි අමාරුවක. විවාහයෙන් පස්සේ ජීවිතය ගැන තියන එකඟතාවයන්ට මම කැමතිද? සමහර විට විවාහයට ලංවෙද්දි හරි නැත්නම් කාලයක ඉඳන් හරි ඔබ විවාහයෙන් පස්සේ ජීවත්වෙන විදිහ සැලසුම් කරන්න පුළුවන්. මේ සැලසුම්වලට ඔබේ අදහස් වගේම ඔබේ සහකරුවා හෝ සහකාරියගේ අදහස් එකතුවෙලා සම්මිශ්‍රණයක් විදිහට සැලසුම් වෙන්න ඕන. එහෙම නැතිව ඔබ අකමැත්තෙන් වුනත් ඔබේ අනිකාගේ අදහස් වලට එකඟවෙලා විවාහයෙන් පස්සේ ජීවිතය ගැන තීරණය කරලා ඉන්නවනම් විවාහයෙන් පස්සේ ඔබේ ජීවිතයට ඒක යම්කිසි බාධාවක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම තැනකදි විවාහයට ඉක්මණ් වෙන එකෙන් ඔබට යම්කිසි පශ්චාත්තාපයක් ඉතිරිවෙන්න පුළුවන්. අපි දෙන්නා දරුවෝ කීයක් හදනවද? මොන කාලෙද? විවාහයකින් පස්සේ දරුවෝ හදන තීරණය දෙන්නාගේම පොදු තීරණයක්. ඒක ඒකාධිපති තීරණයක් වෙන්න බෑ. ඒ වගේම දරුවන් කී දෙනෙක් හදනවාද සහ දරුවන් අතර පරතරය ගැන දෙදෙනාම එකඟවෙන්න ඕන. ඒත් විවාහයට ලංවෙද්දිවත් ඔබට ඒ ගැන එකඟතාවයකට එන්න බැරිනම් හරි එක්කෙනෙක් දරුවන් හදන්න කැමති වීම සහ අනෙකා අකමැතිවීම කියන්නේ විවාහයෙන් පස්සේ ලිංගික ජීවිතයට සහ පොදු ජීවිතයට බලපෑම් වෙන්න පුළුවන් කාරණයක්. ඒක නිසා මේ ගැන විවාහයට පෙර එකඟතාවයකට එන්නම ඕන. ඒ වගේම විවාහයෙන් පස්සේ පවුල් සැලසුම් ක්‍රමයක් එහෙම අනුගමනය කරනවද කියන තිරණය ගැනත් හිතලා බලන්න ඕන. මගේ බැඳීමට දරුවන් කොයිවිදිහට බලපාවිද? බොහෝ වෙලාවට විවාහයට කලින් කුරුළු ජෝඩුව වගේ ඉන්න යුවල දරුවෝ එහෙම ලැබුනට පස්සේ ඇඳන් දෙකක නිදාගන්න තත්වයට, බිරිඳ සැමියාට තමන්ගේ ඇඟට අත තියන්න වත් නොදෙන්නට හේතුව වෙන්නේ මේ කාරණය ගැන විවාහට කලින් හිතලා සාකච්ඡා කරලා තිරණය නොකිරීම එක්ක. ඒ වගේම දරුවන් ඉන්න කාලෙක දරුවන් වෙනුවෙන් කැපවීම, රැකියාවේ වගකීම් එක්ක දරුවන්ගේ කටයුතු කළමණාකරණය වගේ දේ ගැන විවාහයට බොහොම කලින් කල්පනා කරන්න ඕන දේවල්. මගේ ලිංගික ආශාවන් සම්පූර්ණ වේවිද? මානවයාගේ මූලික අවශ්‍යතාවන් අතරේ ලිංගිකත්වය සම්බන්ධ අවශ්‍යතාවය කියන්නෙත් ප්රමුඛ තැනක් හිමිවෙන එකක්. ඒ නිසා විවාහ දිවියක් ඇතුලේ ලිංගික බැඳීම සහ ඒ මගින් වර්ගයා බිහිවීම කියන සංකල්පය නිර්මාණයවී තිබෙනවා. කොහොම වුනත් ඔබට ඔබේ ලිංගික ජීවිතය ගැන බලාපොරොත්තුවක්, ආසාවක් හිතේ නොතිබෙනවා කියන්න කාටවත් බෑ. ඒ බලාපොරොත්තු විවාහ ජීවිතය තුලින් සම්පූර්ණ නොවීම තමයි බොහෝවිට විවාහයෙන් පසුව අනියම් ඇසුරුකිරීම් සහ සමාජ විරෝධි ක්‍රියාවන්ට මූලික වෙන්නේ. එහෙම නොවෙන්නනම් ඔබ තෝරාගෙන තිබෙන සහකරුවා හෝ සහකාරිය ලිංගික වශයෙන් ඔබට ගැලපිය යුතුමයි. එසේ නොවෙනවානම් දෙපාරක් හිතන්න එපා විවාහයට අඩිය නොතබා ඉන්න එක ඇඟට ගුණයි. අපි අපේ රැකියාවන් සහ ඒවායේ වගකීම් තේරුම් අරගෙනද? විවාහයෙන් පස්සේ වගේම විවාහය කාලෙත් දෙදෙනාගේ රැකියාවන්වල ස්වභාවය සහ ඒවායේ වගකීම් ගැන දෙන්නම තේරුම් අරගෙන නැත්නම් බරපතල ගැටළු ඇතිවේවි. විශේෂයෙන්ම දුර රාජකාරී ගමන්, රාත්‍රී වැඩ වගේ අවස්ථාවලදි ගැටළු ඇතිවෙන්න පුළුවන්. හිතන්න රාත්‍රී සංගීත ප්‍රසංගවලට යන වාදකයෙක් සහ දහවල් රාජකාරී කරන කාර්යාල සේවිකාවකගේ විවාහය මොනවගේ වේවිද කියලා. ඒ නිසා මේ දේ තේරුම්ගෙන නැත්නම් විවාහයට පෙළඹෙන එක ටිකක් අවදානම්. මම මගේ බැඳීමට සහ විවාහයට ගරු කරනවාද? ඔබ මුලින්ම ඔබේ බැඳීමට ගරු කල යුතුයි, ඒ බැඳීමේ වටිනාකම ගැන ඔබට තක්සේරුවක් සහ ඇගයීමක් තිබිය යුතුයි. එහෙම තිබෙන තාක්කල් ඔබ ඒ බැඳීම රැකගන්න, ලස්සන කරගන්න වගේම ඒ බැඳීමෙන් සතුටුවෙන්න පුරුදු වෙනවා. මෙන්න මේ බැඳීමම තමයි විවාහය කියලා නම වෙනස් වෙලා නීතිමයභාවයක් එකතුවෙන්නේ. එතනදිත් ඔබ විවාහයට ගරුකිරීම, එහි වටිනාකමට ඇගයීම, එය ලස්සනට පවත්වාගෙන යන්න උත්සහ කිරීම කළ යුතුමයි. ඔබට හමුවෙලා ඉන්නේ ඔබට වගේම ඔබේ බැඳීමටත් අගයක් නැති, අගය කරන්නත් අකමැති සහ විවිධ ආකල්පමය සහ ඥානය පිළිබඳ ගැටළු එක්ක බැඳීමක වටිනාකම තේරුම්ගන්න බැරි කෙනෙක්නම් විවාහයට ටිකක් පස්සට යන්න කියලා සම්බන්ධකමට බායි කියන්න ඔබට වෙන එක සහතිකයි. මම සතුටින්ද? මෙන්න මේක තමයි වැදගත්ම ප්රශ්නය. කලින් කියපු ප්‍රශ්න 9ට ම උත්තරේ ‘ඔව්’ කියලා ඔබ කිව්වත් මේ ප්‍රශ්නයට ටිකක් කල්පනා කරලා ඔබ උත්තර දෙන්න. රාජකාරී, ඔබේ වෙනත් මිතුරන් සමග ගැටළු, වෙනත් ලෙඩ රෝග සහ ඔබේ බැඳීමට බාහිර අනිත් හැමදේම පැත්තකින් තියලා ඔබ දැන් විවාහයට සැරසෙන හෝ සම්බන්ධකමක් පවත්වගෙන යන කෙනෙක් විදිහට ඔබේ බැඳීම දිහා බලන්න, යෝජිත විවාහයක් නම් දැන් කතාබහ කරලා විවාහයට පෙළඹෙන ඔබ දෙන්නාගේ එකතුව දිහා බලන්න. බලලා අවංකව හිතෙන් කීපපාරක් අහන්න මම ඉන්නේ සතුටින්ද කියලා? ඒ සතුට කෙටි කාලීන එකක්ද නැත්නම් දිර්ගකාලීනව මට සතුටින් ඉන්න පුළුවන් වෙයිද කියලා. මේකට උත්තරේ ‘නැහැ’ කියන එකනම් සත්තයි ඔබ විවාහයට ‘ඔව්’ කියන්න එපා. මේ ප්‍රශ්න 10 විවාහ වෙන්න කලින් ඔබ ඔබෙන්ම අහලා බැලුවට කිසිම පාඩුවක් නෑ. මොකද ඔබ මේ හිතන්නේ, මේ සලකා බලන්නේ ඔබේ ජීවිතය ගැන නිසා. මිනිසාගේ මූලික වුවමනාව සතුටයි. ඒ නිසා සතුට වෙනුවෙන් ජීවත්වෙන්න නම් ඔබට ඔබෙන්ම ප්‍රශ්න කරලා නිවැරදි කරගන්න බොහෝ දේවල් තියනවා කියලා අමතක කරන්න එපා. උපුටාගැනීම - [url]www.her.lk[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom