Questions විවාහ දෙක අතර වෙනස මොකක්ද?

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සමාජවාදී,

    ගෙයි ඔප්පුවයි, රත්තරං බඩු ටිකයි බැංකුවෙ තියල,
    ලෝකෙට පේන්න තුන් හාරසීයකට මගුල කියල
    බජට් හෝල් එකක, මැනේජර්ගෙ කැමැත්තට අනුව කෑම දීල, මැනේජර්ගෙ අයියගෙ පුතාගෙ ත්‍රී පීස් බෑන්ඩ් එක ගස්සල, ඉස්තරම්ම බීම වර්ග බයිට් වර්ග දීල, බලෙන් රැග් වෙලා, මාස ගානක් තිස්සෙ ජෝඩුවම වියදම්කරල දෙවෙනි මනමාල මනමාලියන්ට පුරුදු කරපු ඩාන්ස් එකට සප්රයිස් වෙලා, කලින් කියපු මැනේජර්ගෙ මස්සිනා කරන බීච් සයිඩ් එකේ හොටෙල් එකකට අඬාගෙන, එක රෑකට හනිමූන් ගිහින්, පහුවදා ඉඳන් මනමාලිගෙ මහගෙදර බින්න බහින එක.

    ධනවාදී කුම්මැහි,

    පවුල් දෙකේ උන් එකතු වෙලා කොවිඩ් පිටින් දාල ගෙදර ඉඳන් අත්සන් කරල අමුත්තන්ට කේක් කෑල්ලක් එක්ක තේ එකක් දීල ගෙවල් වලට යන එක.

    ධනවාදී ලෝස් නැති,

    හොඳම හොටෙල් එකක හිතවතුන් 50ක් විතර එකතු වෙලා
    ඩිනර් එක අරගෙන,
    හනිමූන් වලට මෝල්ඩීවුස් වල කපල් එකටම වෙන්කරපු අයිලන්ඩ් එකක සුමානයක්.
    ඔය බින්න බහින එක තමයි, නව ලිබරල් වාදයේ ජනප්‍රියම, හැබැයි කෙල්ලගේ තාත්තා මැරෙන්න ඕනේ වෙඩින් එකට කලින්, අපේ ගෙවල් ගාව රෝයල් එකේ ඉගෙනගත්තු ඒ ජාතියේ පොරක් බින්න බැස්සා, වෘත්තියෙන් නීතීඥයෙක්. කෙල්ලගේ තාත්තා නැතිඋනාම ඔක්කොම බඩු ඉල්ලගෙන ගියේ අපේ ගෙදරින්, මිටිය එහෙම කඩලා ගෙනත්දුන්නේ, දානේ දවසේ අපේ ගෙදරින් ඇවිත් කාලා ගියා.