Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විවේචනය නම් උපරිමයි, හැබැයි Solution එකක් ඇහුවම "No Signal" ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ උබත් එක්ක කතා කරලා වැඩක් නෑ බං. මම ඒකයි කියන්නේ පොඩ්ඩක් තව ඉගෙන ගන්න කියලා. නිකන්ම තර්ක කරන්නන් වාලේ තර්ක කරලා වැඩක් නෑ.

1980 ඉදන් ඇමෙරිකාවේ ආර්ථික අර්බුධයක් තිබ්බේ. ඒකෙන් ගොඩ එන්න තමා රොනල්ඩ් රේගන් ඔය ප්රතිසංස්කරන ගෙනාවේ. පොඩ්ඩක් ඔය වගේ දේවල් ඔහේ කියලා දාන් නැතුව අඩු ගානේ ඉන්ටනෙට් එකේ හොයලා බලලාවත් දාපන්.

අනික ෆිච් එකෙනුයි මූඩි එකෙනුයි කරන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති හරි රටේ මූල්‍ය තත්වේ උඩ හරි කරන විශ්ලේශනයක් නෙවෙයි. උන් කරන්නේ ඔය වගේ රිෆෝම් එකක් අදුන්වලා දුන්නාම ඒකේ බලපෑම අනුව රටේ ආදායම අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන එක. උන්ට අනුව ආදායම අඩු වෙනවා නම් ණය ගෙවන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා තමා ඔය රේටින්ග් එක පහල දාන්නේ. එහෙම රේටින් අඩු කලාම උබ කියන විදියට බය වෙන්නේ ආයෝජකයෝ නෙවෙයි. ණය දෙන උන් සහ දැනටමත් ණය දීලා තියෙන උන්. ඔය කට්ටිය කියන විදියට විදේශ ආයෝජන ආපහු යනවා කියලා ඒවා ආයෝජන නෙවෙයි. ඒවා භාණ්ඩාගාර බිල්පත් විදියට රජයට දීලා තියෙන විදේශ සල්ලි. රජය ඒ බිල්පත් ඩොලර් වලින් විකුණන්නේ යම් කාලයකට පස්සෙ පොලියත් එක්ක මෙච්චර ඩොලර් ප්‍රමාණයක් ආපහු ගෙවනවා කියන පදනම මත. (දේශීය භාණ්ඩාගාර බිල්පත් වගේම තමා. වෙනස මූල්‍ය ඒකකයේ.) සමහර අය ඔය මුදල් ආපහු ගත්තා රිස්ක් එක වැඩියි කියලා. එහෙම නැතුව ලංකාවේ ආයෝජනය කරපු කම්පැනීස් අකුලගෙන යන්න පටන් ගත්තේ සෑහෙන්න කාලෙකට පස්සේ. එහෙම අකුලගෙන යෑම් ඉතින් මේ රජය යටතේත් වෙලා තියෙනවා.

මට තේරෙන් නෑ මිලියන 30ක ජනගහනයක් ඉන්න එක එයාර්පොර්ට් එක හදන එකට බලපාන්නේ කොහොමද කියලා. උබ හිතන් ඉන්නේ ඔය ලඟ පාත ඉන්න මිලියන් 30ම ඔය එයාර්පෝට් එකෙන් ගුවන් ගමන් වල යෙදෙනවා කියලාද? අනික උබ දන් නැති උනාට 2017දී ප්ලෑන් කරලා අක්කර 15000ක් වෙන් කරලා තිබ්බේ ආර්ථික කලාපෙකට.

යම් කිසි ව්‍යාපෘතියකින් ලාභ ලබනවා කියන්නේ ඒ ලාබය ආයි යන්නේ මහ භාණ්ඩාගාරෙට. ඒ සල්ලි ආපහු යොදවලා ඩොලර් හරි රත්තරන් හරි ගන්න එක මහ බැංකුවේ වැඩක්. එතකොට ඒ ඩොලර් තමයි ආපහු ණය ගෙවනවා කියලා ආපහු ගෙවන්නේ. උබ කියන විදියට බැලුවොත් කිසිම රටක කිසිම ව්‍යාපෘතියක් ලාභ ලබන එකෙන් වැඩක් නෑ.

රනිල් තාවකාලිකව ස්ටේබලයිස් කලා නම් ඇයි අනුරත් ඒ පාරෙම යන්නේ? අපිට දැන ගන්නත් එක්ක අනුර කරපු බදු වෙනස් කම් ටික පහලින් දාගෙන යන්න මල්ලි.

දූෂණෙයි නාස්තියෙයි රෙදි නම් ගැලවිලා වැටුනා බබෝ ගල් අඟුරු කේස් එකෙන්ම.

අනික ඔය සාමාන්‍යය මිනිහාගේ ඇගට බදු බර වැටුනා කියන එකේ තේරුම මොකද්ද? ඒක පොඩ්ඩක් පැහැධිලි කරලා කියපන්. මොකද බදු ක්‍රම කියන්නේ වෙනම පාඩමක්. උබ අදහස් කරන්නේ මොකද්ද කියලා හරියටම දන් නැතුව අදහසක් දක්වන්න අමාරුයි.

2019 ටැක්ස් අඩු කලේ නෑ. 2019 අන්තිමනේ ගෝඨාභය පත් උනෙත්. හැබැයි 2019 ගෙනාපු බජට් එකෙන් තමා ටැක්ස් අඩු කලේ. ඒ කියන්නේ 2020 ඉදන්. හැබැයි 2020 ජනවාරි ඉදලාමා කොරෝනා වසංගත තත්වෙට පත් වෙන්න ගත්තා. මට හොදට මතකයි ජනවාරි වල තමා පලවෙනි කොරෝනා රෝගියා වාර්ථා උනේ චීනේ ඉඳලා ආපු ගෑනු කෙනෙක්. මාර්තු 11 හරි 21 හරි පලවෙනි ලාංකික ලෙඩා වාර්ථා උනේ. පුතානෝ රට වහන්න කිය කිය හිටියේ පෙබරවවාරි ඉදලාමයි. මගේ මතකය හරි නම් මාර්තු 20 හෝ 21 ඉදලා රට වැහුවා. එතනින් එහාට ඉතින් නිශ්පාදන ආර්ථිකයේ බිඳ වැටීමයි, අපනයන ආදායම අහිමිවීම්, විදේශ සම්ප්‍රේශන අහිමි වීම් ගැන කලින් පැහැදි කලානේ.

ගුවන් සමාගම් වලට ආරාධනා කරලා වැඩක් නෑ ගුවන් තොටුපොලට එන්න කියලා. ගුවන් තොටුපොල තීරණය කරන්නේ ගුවන් ගමනේ නිරත වෙන මගීන්. මගීන් ගුවන් ගමන තීරණය කරන්නේ තමන්ගේ ගමන් පහසුවත් එක්ක. ඔය ගුවන් සමාගම් කියලා කියන්නේ ලෝකයේ ප්‍රධාන සංචාරක සමාගම්. ටී.යූ.අයි. වර්ජින් ට්‍රැවල් වගේ කොම්පනීස් වලට උන්ගෙම ප්ලේන් ෆ්ලීට් තුත් තියෙනවා. ඔය කොම්පනීස් රටවල් වලට චාටර් ෆ්ලයිට් කියලා අවුරුද්දේ මාස කීපයකට විතරක් ස්පෙශල් ටුවරිස්ට්ලා ගෙන්නන ප්‍රොග්‍රම් එකක් තියෙනවා. උදාහරණෙකට ටී.යූ. අයි. කියන කොම්පනියෙන් පෝලන්තෙ ඉදලා මාස හතරකට ලංකාවට ෆ්ලයිට් එකක් ඔපරේට් කරනවා ටුවරිස්ට්ලාගෙන් විතරක්. ඒ ෆ්ලයිට් එකේ එන උන් ලන්කාව වටේ ඇවිදලා ආයි ඒ ෆ්ලයිට් එකකම පිට වෙලා යනවා. ආන් ඒ වගේ චාටර් ෆ්ලයිට් කරන කොම්පනීස් වලට ආරාධනා කරලා තිබ්බා මත්තලට එන්න කියලා. මොකද ලංකාවේ ලොකුම ඇට්‍රැක්ශන් 4න් එකක් තියෙන්නේ හම්බන්තොට යාල පාර්ක් එක. ඊළඟට හම්බන්තොට ඉදලා ඇල්ලට ලගයි. අනිත් පැත්තෙන් ගාල්ලට හයිවේ එක නිසා පැය එක හමාරයි. කොළඹ ඉදලා ට්‍රැෆික් එකේ නුවර හරි කුරුණෑගල හරහා සීගිරි යනවාට වඩා ඇල්ලෙන් නුවර එලිය, නුවර එතනින් සීගිරියන එක ටිකක් ලේසී. අනික ප්‍රමෝශන් එක. ඕකෙන් පටන් ගත්තාම තම්යි අනිත් එයාර් ලයින්ස්තුත් මත්තලට බහින්නේ. ඊළඟට මත්තලින් ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්. මැලේසියා, තායිලන්ඩ්, සින්ගප්පුරුව, චීනේ කියන සයිඩ් එකේම රටවල් විවෘත වෙනවා. එතනින් තමා එයාර් ලයින් හබ් එක හැදෙන්නේ. ඩුබායි එයාර්ලයින් හබ් එක හදනකොට එයාර්පොට් එක ගහපු දවසේ ඉදලා ෆ්ලයිට් බහින්න ගත්තේ නෑ. ටික කාලයක් එක්ක තමා හැම දේම වෙන්නේ.

දැන් ඊයේ අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා සහන පැකේජ් එකක් දුන්නේ නිකංද? නෑ. මිණිස්සු ඉල්ලුවා. ඒක දුන්නා. නොදී හිටියා නම් ගෝඨාභයට වගේම ගහලා පන්නවා. අනික ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙන්නේ අපෙ රටෙ හිටපු අපේ අතරම ඉදලා ඉගෙන ගත්ත අපේම මනුස්සයෙක්. ඌ අපිට වඩා වෙනස් වෙන් නෑ. අපිට ඕනේ දේ මොකද්ද කියලා ඌ දන්න නිසා තමා රටෙන් භාගෙකට වඩා රවට්ටලා ඌ පාලකයා වෙන්නේ.

මේ දීපු උත්තරත් සෑහෙන්න දිගයි. උබම පොඩ්ඩක් හොයලා බලපන් ඇයි රටවල් පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් කරන්නේ කියලා. හොදම උදාහරණෙ තියෙන්නේ ඩුබයි වල.

ඔය අන්තිමට කියලා තියෙන කතාවෙ කොටසක් නම් මාර වටිනවා. දේශපාලන දෘශ්ටිකෝණයකින් තොරව බලන්න. මම නම් කොහොමත් එහෙම තමා බලන්නේ. එකම ත්‍රෙඩ් එකක මේකේ ඉන්න බයියෝ ටික මාව ඩෝබියෙකුත් කරලා ඩෝබිලා ටික මාව බයියෙක් කියලත් හංවඩු ගැහුවා. ඔබට පුළුවන්ද එහෙම බලන්න. උදාහරණෙකට ඊයේ අනුර ඇවිල්ලා දීපු සහන පැකෙජෙට මම කැමතියි. හැබැයි ගල් අඟුරු වංචාව, කියපු සහ කියන බොරු වලට මම විරුද්ධයි.

මම මෙච්චර ටයිප් කරලා උබට පැහැදිලි කරන්නේ උබව දේශපාලනිකව මගේ පැත්තට ගන්නවත් ඩෝබි කමෙන් අයින් කරගන්නවත් නෙවෙයි. උබට යමක් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා කියලා පේන නිසා. හැබැයි උබ තව ඉගෙන ගන්න ඕනේ. පුළුවන් නම් උපාධියක් කරපන් ආර්ථික විද්‍යාව එහෙම තියෙන. ඔය ප්‍රයිවට් රෙද්දවල් වලින් නැතුව පුළුවන්නම් විවෘත විශ්වවිද්‍යාලේ වගේ එකක කරපන්. උබ තාම ඒ/ ලෙවල් කරලා නැත්තන් කැම්පස් යන්න බලාගෙන වැඩ කරපන්.

[QUOTE="U.N.C.L.E, post: 31338075, member: 578190"] අනේ උබත් එක්ක කතා කරලා වැඩක් නෑ බං. මම ඒකයි කියන්නේ පොඩ්ඩක් තව ඉගෙන ගන්න කියලා. නිකන්ම තර්ක කරන්නන් වාලේ තර්ක කරලා වැඩක් නෑ. 1980 ඉදන් ඇමෙරිකාවේ ආර්ථික අර්බුධයක් තිබ්බේ. ඒකෙන් ගොඩ එන්න තමා රොනල්ඩ් රේගන් ඔය ප්රතිසංස්කරන ගෙනාවේ. පොඩ්ඩක් ඔය වගේ දේවල් ඔහේ කියලා දාන් නැතුව අඩු ගානේ ඉන්ටනෙට් එකේ හොයලා බලලාවත් දාපන්. අනික ෆිච් එකෙනුයි මූඩි එකෙනුයි කරන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්ති හරි රටේ මූල්‍ය තත්වේ උඩ හරි කරන විශ්ලේශනයක් නෙවෙයි. උන් කරන්නේ ඔය වගේ රිෆෝම් එකක් අදුන්වලා දුන්නාම ඒකේ බලපෑම අනුව රටේ ආදායම අඩු වෙනවාද වැඩි වෙනවාද කියලා බලන එක. උන්ට අනුව ආදායම අඩු වෙනවා නම් ණය ගෙවන්න තියෙන හැකියාව අඩු වෙනවා කියලා තමා ඔය රේටින්ග් එක පහල දාන්නේ. එහෙම රේටින් අඩු කලාම උබ කියන විදියට බය වෙන්නේ ආයෝජකයෝ නෙවෙයි. ණය දෙන උන් සහ දැනටමත් ණය දීලා තියෙන උන්. ඔය කට්ටිය කියන විදියට විදේශ ආයෝජන ආපහු යනවා කියලා ඒවා ආයෝජන නෙවෙයි. ඒවා භාණ්ඩාගාර බිල්පත් විදියට රජයට දීලා තියෙන විදේශ සල්ලි. රජය ඒ බිල්පත් ඩොලර් වලින් විකුණන්නේ යම් කාලයකට පස්සෙ පොලියත් එක්ක මෙච්චර ඩොලර් ප්‍රමාණයක් ආපහු ගෙවනවා කියන පදනම මත. (දේශීය භාණ්ඩාගාර බිල්පත් වගේම තමා. වෙනස මූල්‍ය ඒකකයේ.) සමහර අය ඔය මුදල් ආපහු ගත්තා රිස්ක් එක වැඩියි කියලා. එහෙම නැතුව ලංකාවේ ආයෝජනය කරපු කම්පැනීස් අකුලගෙන යන්න පටන් ගත්තේ සෑහෙන්න කාලෙකට පස්සේ. එහෙම අකුලගෙන යෑම් ඉතින් මේ රජය යටතේත් වෙලා තියෙනවා. මට තේරෙන් නෑ මිලියන 30ක ජනගහනයක් ඉන්න එක එයාර්පොර්ට් එක හදන එකට බලපාන්නේ කොහොමද කියලා. උබ හිතන් ඉන්නේ ඔය ලඟ පාත ඉන්න මිලියන් 30ම ඔය එයාර්පෝට් එකෙන් ගුවන් ගමන් වල යෙදෙනවා කියලාද? අනික උබ දන් නැති උනාට 2017දී ප්ලෑන් කරලා අක්කර 15000ක් වෙන් කරලා තිබ්බේ ආර්ථික කලාපෙකට. යම් කිසි ව්‍යාපෘතියකින් ලාභ ලබනවා කියන්නේ ඒ ලාබය ආයි යන්නේ මහ භාණ්ඩාගාරෙට. ඒ සල්ලි ආපහු යොදවලා ඩොලර් හරි රත්තරන් හරි ගන්න එක මහ බැංකුවේ වැඩක්. එතකොට ඒ ඩොලර් තමයි ආපහු ණය ගෙවනවා කියලා ආපහු ගෙවන්නේ. උබ කියන විදියට බැලුවොත් කිසිම රටක කිසිම ව්‍යාපෘතියක් ලාභ ලබන එකෙන් වැඩක් නෑ. රනිල් තාවකාලිකව ස්ටේබලයිස් කලා නම් ඇයි අනුරත් ඒ පාරෙම යන්නේ? අපිට දැන ගන්නත් එක්ක අනුර කරපු බදු වෙනස් කම් ටික පහලින් දාගෙන යන්න මල්ලි. දූෂණෙයි නාස්තියෙයි රෙදි නම් ගැලවිලා වැටුනා බබෝ ගල් අඟුරු කේස් එකෙන්ම. අනික ඔය සාමාන්‍යය මිනිහාගේ ඇගට බදු බර වැටුනා කියන එකේ තේරුම මොකද්ද? ඒක පොඩ්ඩක් පැහැධිලි කරලා කියපන්. මොකද බදු ක්‍රම කියන්නේ වෙනම පාඩමක්. උබ අදහස් කරන්නේ මොකද්ද කියලා හරියටම දන් නැතුව අදහසක් දක්වන්න අමාරුයි. 2019 ටැක්ස් අඩු කලේ නෑ. 2019 අන්තිමනේ ගෝඨාභය පත් උනෙත්. හැබැයි 2019 ගෙනාපු බජට් එකෙන් තමා ටැක්ස් අඩු කලේ. ඒ කියන්නේ 2020 ඉදන්. හැබැයි 2020 ජනවාරි ඉදලාමා කොරෝනා වසංගත තත්වෙට පත් වෙන්න ගත්තා. මට හොදට මතකයි ජනවාරි වල තමා පලවෙනි කොරෝනා රෝගියා වාර්ථා උනේ චීනේ ඉඳලා ආපු ගෑනු කෙනෙක්. මාර්තු 11 හරි 21 හරි පලවෙනි ලාංකික ලෙඩා වාර්ථා උනේ. පුතානෝ රට වහන්න කිය කිය හිටියේ පෙබරවවාරි ඉදලාමයි. මගේ මතකය හරි නම් මාර්තු 20 හෝ 21 ඉදලා රට වැහුවා. එතනින් එහාට ඉතින් නිශ්පාදන ආර්ථිකයේ බිඳ වැටීමයි, අපනයන ආදායම අහිමිවීම්, විදේශ සම්ප්‍රේශන අහිමි වීම් ගැන කලින් පැහැදි කලානේ. ගුවන් සමාගම් වලට ආරාධනා කරලා වැඩක් නෑ ගුවන් තොටුපොලට එන්න කියලා. ගුවන් තොටුපොල තීරණය කරන්නේ ගුවන් ගමනේ නිරත වෙන මගීන්. මගීන් ගුවන් ගමන තීරණය කරන්නේ තමන්ගේ ගමන් පහසුවත් එක්ක. ඔය ගුවන් සමාගම් කියලා කියන්නේ ලෝකයේ ප්‍රධාන සංචාරක සමාගම්. ටී.යූ.අයි. වර්ජින් ට්‍රැවල් වගේ කොම්පනීස් වලට උන්ගෙම ප්ලේන් ෆ්ලීට් තුත් තියෙනවා. ඔය කොම්පනීස් රටවල් වලට චාටර් ෆ්ලයිට් කියලා අවුරුද්දේ මාස කීපයකට විතරක් ස්පෙශල් ටුවරිස්ට්ලා ගෙන්නන ප්‍රොග්‍රම් එකක් තියෙනවා. උදාහරණෙකට ටී.යූ. අයි. කියන කොම්පනියෙන් පෝලන්තෙ ඉදලා මාස හතරකට ලංකාවට ෆ්ලයිට් එකක් ඔපරේට් කරනවා ටුවරිස්ට්ලාගෙන් විතරක්. ඒ ෆ්ලයිට් එකේ එන උන් ලන්කාව වටේ ඇවිදලා ආයි ඒ ෆ්ලයිට් එකකම පිට වෙලා යනවා. ආන් ඒ වගේ චාටර් ෆ්ලයිට් කරන කොම්පනීස් වලට ආරාධනා කරලා තිබ්බා මත්තලට එන්න කියලා. මොකද ලංකාවේ ලොකුම ඇට්‍රැක්ශන් 4න් එකක් තියෙන්නේ හම්බන්තොට යාල පාර්ක් එක. ඊළඟට හම්බන්තොට ඉදලා ඇල්ලට ලගයි. අනිත් පැත්තෙන් ගාල්ලට හයිවේ එක නිසා පැය එක හමාරයි. කොළඹ ඉදලා ට්‍රැෆික් එකේ නුවර හරි කුරුණෑගල හරහා සීගිරි යනවාට වඩා ඇල්ලෙන් නුවර එලිය, නුවර එතනින් සීගිරියන එක ටිකක් ලේසී. අනික ප්‍රමෝශන් එක. ඕකෙන් පටන් ගත්තාම තම්යි අනිත් එයාර් ලයින්ස්තුත් මත්තලට බහින්නේ. ඊළඟට මත්තලින් ඕස්ට්‍රේලියා, නිව්සීලන්ඩ්. මැලේසියා, තායිලන්ඩ්, සින්ගප්පුරුව, චීනේ කියන සයිඩ් එකේම රටවල් විවෘත වෙනවා. එතනින් තමා එයාර් ලයින් හබ් එක හැදෙන්නේ. ඩුබායි එයාර්ලයින් හබ් එක හදනකොට එයාර්පොට් එක ගහපු දවසේ ඉදලා ෆ්ලයිට් බහින්න ගත්තේ නෑ. ටික කාලයක් එක්ක තමා හැම දේම වෙන්නේ. දැන් ඊයේ අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා සහන පැකේජ් එකක් දුන්නේ නිකංද? නෑ. මිණිස්සු ඉල්ලුවා. ඒක දුන්නා. නොදී හිටියා නම් ගෝඨාභයට වගේම ගහලා පන්නවා. අනික ප්‍රජාතන්ත්‍රවාදීව පත්වෙන්නේ අපෙ රටෙ හිටපු අපේ අතරම ඉදලා ඉගෙන ගත්ත අපේම මනුස්සයෙක්. ඌ අපිට වඩා වෙනස් වෙන් නෑ. අපිට ඕනේ දේ මොකද්ද කියලා ඌ දන්න නිසා තමා රටෙන් භාගෙකට වඩා රවට්ටලා ඌ පාලකයා වෙන්නේ. මේ දීපු උත්තරත් සෑහෙන්න දිගයි. උබම පොඩ්ඩක් හොයලා බලපන් ඇයි රටවල් පෝට් සිටි වගේ ප්‍රොජෙක්ට් කරන්නේ කියලා. හොදම උදාහරණෙ තියෙන්නේ ඩුබයි වල. ඔය අන්තිමට කියලා තියෙන කතාවෙ කොටසක් නම් මාර වටිනවා. දේශපාලන දෘශ්ටිකෝණයකින් තොරව බලන්න. මම නම් කොහොමත් එහෙම තමා බලන්නේ. එකම ත්‍රෙඩ් එකක මේකේ ඉන්න බයියෝ ටික මාව ඩෝබියෙකුත් කරලා ඩෝබිලා ටික මාව බයියෙක් කියලත් හංවඩු ගැහුවා. ඔබට පුළුවන්ද එහෙම බලන්න. උදාහරණෙකට ඊයේ අනුර ඇවිල්ලා දීපු සහන පැකෙජෙට මම කැමතියි. හැබැයි ගල් අඟුරු වංචාව, කියපු සහ කියන බොරු වලට මම විරුද්ධයි. මම මෙච්චර ටයිප් කරලා උබට පැහැදිලි කරන්නේ උබව දේශපාලනිකව මගේ පැත්තට ගන්නවත් ඩෝබි කමෙන් අයින් කරගන්නවත් නෙවෙයි. උබට යමක් තේරුම් ගන්න හැකියාවක් තියෙනවා කියලා පේන නිසා. හැබැයි උබ තව ඉගෙන ගන්න ඕනේ. පුළුවන් නම් උපාධියක් කරපන් ආර්ථික විද්‍යාව එහෙම තියෙන. ඔය ප්‍රයිවට් රෙද්දවල් වලින් නැතුව පුළුවන්නම් විවෘත විශ්වවිද්‍යාලේ වගේ එකක කරපන්. උබ තාම ඒ/ ලෙවල් කරලා නැත්තන් කැම්පස් යන්න බලාගෙන වැඩ කරපන්. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom