විශ්වාසයේ තරම - Power of belief

kk97

Active member
  • Dec 12, 2014
    376
    136
    43
    විශ්වාසයේ තරම - Power of belief



    cat-sees-lion-mirror.jpg


    දැන්කාලේ අපට නිතරම අසන්න ලැබෙන දෙයක් තමයි "පොඩි විෂබීජයක් ගිහිල්ල". විෂබීජය පොඩි උනාට බොහෝ දෙනෙකු නවතින්නේ ඉහළපෙලේ රෝහල්වලය. විෂබීජය ඉවත්කිරීමට ඇතැම්විට ලක්ෂ ගණන් වියදම් කිරීමට සිදුවේ. ඉතිං මේ විෂබීජ යන්නේ ඔබේ ශරීරයට විතරද? ශරියයට මෙවැනි විෂබීජ ඇතුළුවීම වැළැක්වීමට අපේ ශරීරය සහ අප අවට පරිසරය පිරිසිඳුව තබාගැනීම, අපේ හැසිරීම් සහ යහපැවැත්ම වැදගත්වේ. අපේ ශරීරයට මෙන්ම සිතටද විෂබීජ ඇතුල්වේ.
    මේවා නොයෙක් සංඥා ලෙස අපේ පසිඳුරන් (ඇස, කණ, නාසය, දිව, ශරීරය) ගෙන් ගෙන එය විශ්ලේෂණය කර එය සිතුවිල්ලක් බවට පත්කර එයට යම් වටිනාකමක්ද ලබාදෙයි. එපමණක්ද නොව ඒ අනුව ක්‍රියාත්මක වීමද සිදුවේ. එක්කෝ ඔබ ඒගැන තව තවත් මනසින් මෙනෙහිකරමින් පසුතැවෙමින් හෝ සිනාසෙමින් මානසිකව ක්‍රියාත්මකවේ නැත්නම් ශාරීරික ව ක්‍රියාත්මකවේ. උදා හරණයක් ලෙස " සුවකළ නොහැකි දරුණු රෝගී තත්වයක් ඇති පුද්ගලයෙක්ව ඔබට රූපවාහිනියෙන් පෙන්වයි. මෙම රෝගය නිසා ඔහු ජීවත්වන්නේ ඉතා සුළු කාලයක් බව එහිදී තවදුරටත් කියවේ " ඔබට ඔහුගැන යම් අනුකම්පාවක් ඇතිවුවත් එය එතරම්ම වැදගත් නොවනු ඇත. "ඔබේ අසල්වසියෙකුට එම රෝගය ඇතිබව ඔබට ආරංචිවේ " දැන් තත්වය ටික ක් වෙනස්ය. කලින්ට වඩා තරමක් ප්‍රබලව ඔබට එය සිතට දැනෙනවා වියහැක. "ඔබ වෛද්‍යවරයෙකු හමුවීමට යයි. එහිදී ඔබටත් එම රෝගය ඇතිබව එම වෛද්‍ය පර්යේෂණ මගින් තහවුරුවේ" දැන් මොකද කියන්නේ? දැන්නම් ටිකක් පපුව ඩිග් ඩිග් ගානවා. ටිකක් නොවෙයි හොඳටම. ඉතින් ලෙඩේ එක උනාට ඒක හැදුනු පුද්ගලයා මට කෙතරම් වැදගත්ද යන්න මත මගේ හිතට එය බලපාන ආකාරය වෙනස් වී ඇත.

    තවත් උදාහරණයක්: ඔබ සිගරට් බොනවද? හොඳයි සිගරට් පැකට්ටුවේ ලියල තියෙනවා "දුම්පානය පිළිකා ඇතිකරයි " කියල. ඒත් ඔබ බොනවා.ඔබේ බිරිඳ හෝ පෙම්වතිය ඔබට කියනවා "සිගරැට් බොන්න එපා. මම කැමති නැහැ. ඕවට පිළිකා හැදෙනවා. ඔය කොච්චරවත් ටීවී රේඩියෝ වල කියන්නේ". ඔබේ සිගරට් බිම ටිකක් අඩු උනත් ඔබ බිරිඳට හොරෙන් සිගරට්ටුවක් බොනවා. ඔබ වෛද්‍ය පර්යේෂණයකට යොමුවෙනවා. එහිදී වෛද්‍ය වරයා ඔබට කියනවා "ඔයාගේ පෙනහැල්ලේ පිළිකා තත්වයක් පෙනහැල්ල පුරාම පැතිරෙමින් පවතිනවා " කිය. ඉතිං ජෝන් දැන් මොකද කියන්නේ? සිගරට් පැකට්ටුවේ තිබිච්ච දේමයි ඔබේ බිරිඳ ඔබට කිව්වේ. ඔබේ බිරිඳ කියපු දේමයි වෛද්‍ය වරයා ඔබට කිව්වේ. නමුත් ඔබ සිගරට් පැකට්ටුවේ අවවාදය, බිරිඳගේ ඉල්ලීම සහ වෛද්‍යවරයාගේ අවවාදයට ලබාදුන්නේ විවිද වටිනාකම්. ඉතින් මේවගේ අපි අපේ සිතට ඇතුළුවන දේවලට ලබාදෙන වටිනාකම සහ එය අපි විශ්වාසකරන තරම අනුව එය අපේ හිතට දැඩිසේ බලපානවා. ඇතැම්විට මානසික මෙන්ම බොහොමයක් ශාරීරික රෝගී තත්වයන්ද මෙනිසා හටගන්නවා. අපි යම්දෙයක් විශ්වාස කරන තරමට එහි බලපෑම වැඩිවෙනවා. මම දැන් ඔබට කියන්නට යන්නේ සිතට ඇතුල් කල සිතුවිලක් විශ්වාස කිරීමට සැලැස්වීම නිසා එයට ශරීරය ප්‍රතිචාර දැක්වූ ආකාරය කියවෙන පරීක්ෂණ කිසිපයක් ගැනයි.

    සිත සහ ශරීරය අතර සම්බන්දතාවය කෙතරම් තියුණුද යන්න පැහැදිලි කරගැනීමට තවමත් විද්‍යාත්මකව හරිහැටි පැහැදිලි කිරීමට නොහැකිවූ උදාහරණ කීපයක් ගැන අපේ අවධානය යොමුකරමු. මෙම පර්යේෂණ සඳහා සජීවී මිනිසුන් යොදාගැනීම සදාචාර විරෝදී මෙන්ම ඒසඳහා කිසිවෙකු කැමැත්තෙන් ඉදිරිපත් නොවීමද මෙම පර්යේෂකයන්ට මහත් ගැටලුවක්විය. එකල බොහෝවිට මෙම පර්යේෂණ සඳහා යොදාගත්තේ මරණ දණ්ඩනය නියමවී දින කිහිපයකින් ඒසඳහා යොමුවීමට සිටි සිරකරුවන් බව පැවසේ. "Something is better than nothing" මැරෙනවා හැර කිසිම විකල්පයක් නැති මට මෙය දිවිගලවා ගැනීමට යම් අවස්ථාවක් " යැයි සිතු ඔවුන් මෙම පර්යේෂණ සඳහා යොමුවන්නට ඇත. මෙහිදී සිදුකල එක පර්යේෂණයක් වුයේ හිස් කාමරයක මැද තිබු ඇඳක නිරෝගී පුද්ගලයෙක්ව රැයක් පුරා නිදාගැනීමට සැලැස්වීමය. එහෙත් නිදාගැනීමට පෙර එම පර්යේෂකයන් ඔහුට මෙසේ කියාසිටියේය "ඔය කාමරයේ ඊයේ රාත්‍රියේ සිටියේ වසුරිය (small pox) රෝගියෙක්, ඔබට හෙට උදේ වෙනවිට වසුරිය වැළඳී නොසිටියහොත් ඔබට සම්පුර්ණයෙන් නිදහස ලැබෙනවා". පර්යේෂකයන් මෙසේ කීවද එම කාමරයතුල හෝ එම ප්‍රදේශයේ කිසිම වසුරිය රෝගියෙකු අවුරුදු ගානකින් සිට නැත. එහෙත් පසුදා උදෑසන අවදිවී බලනවිට එම කාමරයේ නිදාගෙන සිටි පුද්ගලයාට වසුරිය වැළඳී තිබුණි. ඔහුට වසුරිය වැලඳුනේ කෙසේද? ඔහුගේ මනසට ඇතුල්කල සිතුවිල්ලකට මෙවැනි දෙයක් කළහැකිද? පුදුමයනම් එය එසේ වී තිබීමය.

    මෙවැනි තවත් පර්යේෂණයක් සිදුකෙරිණ. එල්ලා මැරීම සඳහා නියමවූ පුද්ගලයෙකුව කාමරයකට ගෙන ගොස් ඔහුට ඇඳක් මත හාන්සිවිමට කියා පර්යේෂකයන් මෙසේ පවසා ඇත "ඔබගේ මරණය සිදුකරන්නේ ඔබේ ශරීරයේ ලේ ඉවත් කිරීමෙන්, දැන් අපි ඔබේ ලේ ඉවත්කිරීම සිදුකරනවා" මෙසේ කියමින් එම පර්යේෂකයන් රුධිරය ගැනීම සඳහා ඔහුගේ සම තුලට කටුවක් ඇතුළුකර අදාළ උපකරණ ඔහු අසලට ගෙනවිත් ඔහුගේ රුධිරය ඉවත්කරන බව ඔහුට දැනෙන්නට සැලැස්විය. ටික වෙලාවකින් එම පුද්ගලයා මියගියේය. එහෙත් එම පර්යේෂකයන් ඔහුගෙන් ලේ බිඳක්වත් ලබාගෙන නොතිබුණි. කොහොමද මෙහෙම උනේ? සිතට ඇතුලුකල සිතුවිල්ලක් මෙතරම් ප්‍රබල ආකාරයෙන් ක්‍රියාත්මක වෙන්න පුලුවන්ද?

    මේ ආකාරයටම මෝහනය කල පුද්ගලයෙකුගේ අත ලඟට පැන්සලක් ලංකරමින් වෛද්‍යවරයා කියාසිටියේ "දැන් ඔබේ අත ලඟට දැල්වූ සිගරැට්ටුවක් ලංකරන බවය " එවිට මෝහනයට පත්වී සිටි තැනැත්තා තම අතේ සම පිළිස්සෙන ආකාරයට ප්‍රතිචාර දක්වන්නට වූ අතර ඔහුගේ සමේ දිය බුබුලක්ද ආවේය. එය වුයේ කෙසේද? සිගරට්ටුව සහ එය සමට ලංකලවිට සිදුවන දෙය දැඩිසේ සිතට කාවැදුනුවිට එම පැන්සල ඔහුට සැබෑ සිගරැට්ටුවක් විය. මෙලෙසම සැබෑ සිගරට්ටුවක් ඔහුට පැන්සලක් බව හඟවා ලං කලවිට ඔහු කිසිම ප්‍රතිචාරයක් දක්වා නොමැත. මෙනිසා නවීන වෛද්‍ය විද්‍යාවේ දී නොයෙක් සැත්කම් වලදී නිර්වින්දක ලබාදීම වෙනුවට මෙන්ම දරු ප්‍රසුතියේදීද මෝහන ප්‍රතිකාර යොදාගැනීමට යොමුවී ඇත.

    ඉතින් ඔබේ මනසට ඇතුළුවන සිතුවිලි හෝ ඔබ සිතන දෙය විශ්වාසකරන තරම අනුව එමගින් ඔබේ ගතට සහ සිතට වන බලපෑම ගැන ඔබට යම් අවභෝදයක් ඇතිවන්නට ඇති මම සිතමි. ඔබේ මනසට ඇතුළුවන සිතුවිලි ගැන හොඳ සෝදිසියෙන් සිටින්න. නිතරම යහපත් දෙය සිතට ඇතුළු කරගන්න, යහපත් දෙය සිතන්න,යහපත් ක්‍රියාවන්වලම නිරතවන්න. ඔබට යහපත සහ සතුට උදාවනු ඇත.


    ..................ඔබට සුවදායක කායික සහ මානසික සුවතාවයක් ප්‍රර්ථනා කරමි......................

    http://www.madurahewage.com/
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සුවදායක කායික සහ මානසික සුවතාවයක් :cool: