Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
විශ්‍රාම ගිය කමාන්ඩෝ නිලධාරියෙකුගේ සටහනක්……
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වසර 28යි මාස 5යි දින 11 කට පසු මා බෙහෙවින් ආදරය කල මාගේ නිල ඇදුම් සදාකාලිකවම ගලවා නවා තබුවෙමි. එක් නිල ඇදුමක් පමනක් මතු යම් දිනක එක් වතාවකදී පමනක් ප්‍රයොජනයට ගනු පිනිස හැගරයක දමා පසුගිය වසර 28 හමාර තුලම මා දැඩි මහන්සියෙන් හා කපවීමෙන් ලබාගත් සියලුම නිල ලාංචන හා දිවිහිමියෙන් උරුම කරගත් පදක්කම්ද සවිකර පරිස්සමට එල්ලා තබූයෙමි. කොමාන්ඩො නිල ලාංචනයෙන් සැරසුන කැප් තොප්පියද මෙරෑන් බද පටියද පරිස්සමට පෙට්ටියක බහා ආරක්ශිතව ස්ථානගත කලෙමි. 1997 දෙසම්බර් මස 20 වන දින දියතලාව ආරක්ෂක විද්‍යා පීථයේදී මා ජනාධිපති අධිකාරියට පත් කල මාගේ අසිපතද පිසදමා ආවරනය කර ගෞරවාන්විතව පසෙකින් තබූයෙමි. යම් කිසි දිනකදී කවුරුන් විසින් හෝ මෙම නිල ඇදුම එලියට ගෙන මා හට අන්දවා අවැසි ගෞරවය දක්වනු ඇත.

වසර 30 කට අධික කාලයක් පුරා නොවිසදුනු, පැවතුනු රජය මගින් ලද අනුග්‍රහය සහ ආරක්ෂක අංශයන්හි පුදුමාකර කැපවීමෙන් මෙන්ම සමස්ත ජනතාවගෙන් ලද අප්‍රමාන ආශිර්වාදයෙන් මුලිනුපුටා දැමූ කෲරතර යුද්දයෙන් ලද හිමිකමක් මත අද මා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගෙන යුද්ධ හමුදාවට ආයුබෝවන් කීවද පසුගිය කාල වකවානුව පුරා මා ලද අත්දැකීම් සමුදාය ජීවත්වන තුරාවට මා හට අත් වැලක් වනු ඇත.

යුද්ධ හමුදාව මා හට බොහෝ දේ ලබා දී තිබුනි. අර්ධ ශතකයකට නොඅඩු විදෙස් අටවල් ගනණාවක සංචාරය කිරිමට සහ එම අත්දැකීම තුලින් ලෝකය දකීමට මට අවස්තාව ලබා දී තිබුනි. දේශීය මෙන්ම විදේශීය කීර්තිමත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අසුරු කිරීමටත් ඔවුන්ගෙන් ලබා ගත් ගුරුහරුකම් තුලින් පන්නරය ලබීමටත් වාසනාව ලැබීමි. පසුගිය කාලවකවානුව පුරා මා යුද්ධ හමුදාව තුලින් ලද බොහෝ අත්දැකීම් මෙන්ම හිත් වේදනාවන් මා තවත් මුවහත් කල බව සැබෑවකි.

විවිධාකාර වු නිළ තලයන් තුල ලත්, විවිධාකාර පදවියන් තුල ලත්, විවිධාකාර අත්දැකීම් මා වෙන වෘත්තියක නියලුනේනම් ලබා ගැනීමට නොහකි බව මා හොදාකරවම දනිමි. පරිපූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමට යුද්ධ හමුදාවට හැර මිහිපිට වෙන කිසිම ආයතනයකට නොහැකි බව මා උදම් අනමින් කියමි. මිනිසුන් බොහෝ භාධා දුශ්කරතා ඇත්තේය. ඔවුනට කාලගුණය බලපායි, දේශගුණය බලපායි, අව්ව වස්ස මෙන්ම රාත්රියද බලපායි, ශීතල මෙන්න රශ්ණය වැනි පාරිසරික සාධකද බලපායි, විවිධාකාර වු සාමාජයීය තත්වටන්ද බලපායි, ඔවුනට රැකීමට බොහෝ දේ ඇත්තේය. අපට ඒ කිසිවක් නොමැති බව යුද්ධ හමුදාව මා හට උගන්වා ඇත.

මාගේ මුළු තරුණ දිවියම යුද්ධ හමුදාවට කැපකල බව හරියටම දන්නේ මගේ ආදරණීය මව සහ බිරිද පමනි. විශේෂයෙන්ම පසුගිය යුද සමයෙහි ඔවුන් මා වෙනුවෙන් අනේකවිධ දුක් වේදනාවන් වින්දේය. මා නොපෙනෙන බලවේගයන් විශ්වාස නොකලද ඔවුන් මා වෙනුවෙන් මාගෙ කරේ එල්ලු සුරයන් ආදරයෙන් සුරකීමි. වරෙක යපන අර්ධද්වීපයෙහි පුතූර් ප්‍රදේශය ත්රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ සටනේදී මා වෙත හබා ආ ත්‍රස්තවාදී වෙඩි උන්ඩයක් මා පැලැද සිටි බොඩි ආමරය පසාරැ කොට ගොස් මීට කලින් නිවාඩුවේදී මාගෙ මව පැලැන්දූ සුරයෙහි වැදී මගක් බැස නතර වී තිබුනි. යුද්දය නිමා වූ යම් දිනෙක එසේ කැබලි වූ බොඩි ආමරය මාගෙ මවට පෙන්වීම පිනිස මා සුරක්ශිතව තබාගෙන සිටියද අලිමංකඩ ප්‍රදේශය ත්රස්තවාදීන් විසින් නැවත අල්ලා ගැනීමේදි සිදුකල උපක්‍රමශීලී පසුබැසීමේදී එය අස්ථානගතව ඇත.

එසේ තැලී පොඩිවී ගිය සුරය පසු කලකදී අනුරාධපුර රණවිරු නමින් ඉදිවූ රණවිරුවන් විසින් ඉදිකල සදහිරු සෑ රදුන්ගේ ධාතු තැන්පතුවේදී එක් විශේෂ අවස්ථාවකදී මාගේ බිරිද විසින් මා හට පැලැන්දූ රන් මාලයද සමගින් මවිසින් පූජා කරන ලද්දේය.

තවත් විටෙක යාපන අර්ධද්වීපයෙහි මුහමාලෙයි ප්‍රදේශයේදී සතුරාට එරෙහිව සිදුකල කුඩා කන්ඩායම් ක්රියාන්විතයකදී මා වෙත හබා ආ වෙඩි උන්ඩ දෙකකට මුහුන දුන් මාගේ ආදරණීය හෙල්මටයද යුද්ධය අවසන් වූ පසු සිහිවටනයක් ලෙස නිර්මාණය කිරීමට මා විසින් සුරැකිව තබාගත් අතර පසුකලකදී එකල අහිගුන්ඨික ජීවිතයක් ගතකල මා අතින් අස්ථානගතව ඇත.

යුද්ධය මා හට බොහෝ දේ කියාදී තිබුනි. විටෙක අස්ථිර ජීවිතයේ යතාර්ථයද, විටෙක මරණ බියද, විටෙක බුදුන් වහන්සේ පෙන්වා දුන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාවද මනාව පසක් කොට දී තිබුනි.

2001 වසර මුල්භාගයේදී සතුරා විසින් අත්පත් කරගත් මුහමාලෙයි ඉදිරි ආරක්ෂක වලල්ල නැවත අත්පත් කර ගැනීමේ ක්‍රියාන්විතය මාගේ ජීවිතයේ යලි ඉපදුනු සන්ධිස්ථානයකි.

සියඵ යුධ උපක්‍රම යොදමින් සතුරු බංකර් විනාශ කරමින් මුහුනට මුහුනලා සිදුකල සටනකදී තස්තවාදින් විසින් එල්ල කල ආර්පීජී (RPG) ප්‍රහරයක් කන අසල තල් කොටයක වැදී පුපුරා යාමෙන් බංකරය තුල සිටි මා සහ මාගේ සගයන් සියලුම දෙනා දෙරන සිප ගැනීමත් සමගම අත්බෝම්බ (Grenade) ප්‍රහාරයක් සමගින් බංකරය තුලට කඩාපිනූ ත්රස්තයන්ගේ වෙඩි උන්ඩ කන පසෙකින් ගමන් ගත් ශබ්දය සමගම ලත් අසරනභාවය කෙබදු දැයි යුද්ධය මට පසක් කොට දුනි. මා සිටි බංකරයට දකුනු දෙසින් පිහිටි බංකරයෙහි සිටි කොප්රල් සුමනසේකර අපට දැනුණු සංවේදනාව දෙගුන තෙගුන කරමින් මාගේ බංකරයට පිනූ ත්රස්තයන්ට ලබා දී ඇති බැවි මා දැන ගන්නා විට ඔහුද ජීවිතය අතැර ගොස් තිබුනේ මාගේ තුති පූර්වක වැලද ගැනීමද අවහිර කරමිනි. අප සියළු දෙනා තුවාල ලබුවද ඔහුට පින්සිදුවන්නට අදද ජීවත් වෙමු.

තුවාල සුවවී නැවත පැමිනි පසු එම ආරක්ෂක වලල්ලෙහිදීම මා නැවත වරක් අසරන කිරීමට ත්රස්තවාදීන්ට හැකිවීම මාගේ දෛවයෙහි තවත් සරදමකි.

“4 for all station, සුරංගගේ team එක ඉවරයි, ටෙරා over run කරලා, අනිත් teams ඔක්කොම ඉක්මනට පසුබසින්න over" ….. එක්ක පාර්ශිකව පමනක් අසෙන cougar radio set එකෙන් කෑ ගසන OC ගේ හඩ reinforcement එකක් බලාපොරොත්තුව සිටි මට දෙන දුන්නේ ශුන්‍ය හැගීමකි. ඔහු කියූ පරිදි මා හට ඉතිරිව සිටියේ මාගේ buddy සහ radio operator පමනකි. දෙපස බංකර් සියල්ල සතුරා සතු වෙද්දී කල හැකි එකම මරාගෙන මරෙන ක්‍රියාන්විතය අප තිදෙනා ඇරඹුවෙමු. Cougar set එකෙහි secure යවා එයට වෙඩි තබා අක්‍රිය කර සියලුම බඩු බාහිරාදිය ගලවා දමා අත ඉතිරි එකම බාගෙට ඉවර වූ මැගසිනය සහ අවිය සමග ජීවත් වීමේ සටන ඇරඹුවෙමු. අප තිදෙනා අතුරින් මටත් මාගේ buddy ටත් පමනක් ජීවත් වීමේ වාසනාව හිමිවිය.

පසුගිය නිවාඩුවේ මාගේ මව විසින් තෙවන වරටත් පැලදූ සුරය පිලිබද අහේතුක විශ්වාසයක් මිත්‍යාදෘෂ්ටිකව මාගේ හිතේ ඇතිවිය. එම සුරය අදටත් මාගේ මුදල් පසුම්බියෙහි සුරැකිව ඇත.

තෙවන ඊලාම් යුද්ධයෙහි පලමු වෙඩි මුරය මාවිල් ආරු සොරොව්ව අභියස පත්තු කිරීමටත් අවසාන වෙඩි මුරය නන්දිකඩාල් කලපුවෙහි පත්තු කිරීමටත් දායක වීම භග්‍යයක් නොවුවද ඒ පිලිබදව මා සිත ජනිත වන්නේ මහත්වු අභිමානයකි.

[QUOTE="todd2231048, post: 29887169, member: 96568"] වසර 28යි මාස 5යි දින 11 කට පසු මා බෙහෙවින් ආදරය කල මාගේ නිල ඇදුම් සදාකාලිකවම ගලවා නවා තබුවෙමි. එක් නිල ඇදුමක් පමනක් මතු යම් දිනක එක් වතාවකදී පමනක් ප්‍රයොජනයට ගනු පිනිස හැගරයක දමා පසුගිය වසර 28 හමාර තුලම මා දැඩි මහන්සියෙන් හා කපවීමෙන් ලබාගත් සියලුම නිල ලාංචන හා දිවිහිමියෙන් උරුම කරගත් පදක්කම්ද සවිකර පරිස්සමට එල්ලා තබූයෙමි. කොමාන්ඩො නිල ලාංචනයෙන් සැරසුන කැප් තොප්පියද මෙරෑන් බද පටියද පරිස්සමට පෙට්ටියක බහා ආරක්ශිතව ස්ථානගත කලෙමි. 1997 දෙසම්බර් මස 20 වන දින දියතලාව ආරක්ෂක විද්‍යා පීථයේදී මා ජනාධිපති අධිකාරියට පත් කල මාගේ අසිපතද පිසදමා ආවරනය කර ගෞරවාන්විතව පසෙකින් තබූයෙමි. යම් කිසි දිනකදී කවුරුන් විසින් හෝ මෙම නිල ඇදුම එලියට ගෙන මා හට අන්දවා අවැසි ගෞරවය දක්වනු ඇත. වසර 30 කට අධික කාලයක් පුරා නොවිසදුනු, පැවතුනු රජය මගින් ලද අනුග්‍රහය සහ ආරක්ෂක අංශයන්හි පුදුමාකර කැපවීමෙන් මෙන්ම සමස්ත ජනතාවගෙන් ලද අප්‍රමාන ආශිර්වාදයෙන් මුලිනුපුටා දැමූ කෲරතර යුද්දයෙන් ලද හිමිකමක් මත අද මා වෛද්‍ය හේතූන් මත විශ්‍රාම ගෙන යුද්ධ හමුදාවට ආයුබෝවන් කීවද පසුගිය කාල වකවානුව පුරා මා ලද අත්දැකීම් සමුදාය ජීවත්වන තුරාවට මා හට අත් වැලක් වනු ඇත. යුද්ධ හමුදාව මා හට බොහෝ දේ ලබා දී තිබුනි. අර්ධ ශතකයකට නොඅඩු විදෙස් අටවල් ගනණාවක සංචාරය කිරිමට සහ එම අත්දැකීම තුලින් ලෝකය දකීමට මට අවස්තාව ලබා දී තිබුනි. දේශීය මෙන්ම විදේශීය කීර්තිමත් පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් අසුරු කිරීමටත් ඔවුන්ගෙන් ලබා ගත් ගුරුහරුකම් තුලින් පන්නරය ලබීමටත් වාසනාව ලැබීමි. පසුගිය කාලවකවානුව පුරා මා යුද්ධ හමුදාව තුලින් ලද බොහෝ අත්දැකීම් මෙන්ම හිත් වේදනාවන් මා තවත් මුවහත් කල බව සැබෑවකි. විවිධාකාර වු නිළ තලයන් තුල ලත්, විවිධාකාර පදවියන් තුල ලත්, විවිධාකාර අත්දැකීම් මා වෙන වෘත්තියක නියලුනේනම් ලබා ගැනීමට නොහකි බව මා හොදාකරවම දනිමි. පරිපූර්ණ මිනිසෙකු නිර්මාණය කිරීමට යුද්ධ හමුදාවට හැර මිහිපිට වෙන කිසිම ආයතනයකට නොහැකි බව මා උදම් අනමින් කියමි. මිනිසුන් බොහෝ භාධා දුශ්කරතා ඇත්තේය. ඔවුනට කාලගුණය බලපායි, දේශගුණය බලපායි, අව්ව වස්ස මෙන්ම රාත්රියද බලපායි, ශීතල මෙන්න රශ්ණය වැනි පාරිසරික සාධකද බලපායි, විවිධාකාර වු සාමාජයීය තත්වටන්ද බලපායි, ඔවුනට රැකීමට බොහෝ දේ ඇත්තේය. අපට ඒ කිසිවක් නොමැති බව යුද්ධ හමුදාව මා හට උගන්වා ඇත. මාගේ මුළු තරුණ දිවියම යුද්ධ හමුදාවට කැපකල බව හරියටම දන්නේ මගේ ආදරණීය මව සහ බිරිද පමනි. විශේෂයෙන්ම පසුගිය යුද සමයෙහි ඔවුන් මා වෙනුවෙන් අනේකවිධ දුක් වේදනාවන් වින්දේය. මා නොපෙනෙන බලවේගයන් විශ්වාස නොකලද ඔවුන් මා වෙනුවෙන් මාගෙ කරේ එල්ලු සුරයන් ආදරයෙන් සුරකීමි. වරෙක යපන අර්ධද්වීපයෙහි පුතූර් ප්‍රදේශය ත්රස්තවාදීන්ගෙන් මුදවා ගැනීමේ සටනේදී මා වෙත හබා ආ ත්‍රස්තවාදී වෙඩි උන්ඩයක් මා පැලැද සිටි බොඩි ආමරය පසාරැ කොට ගොස් මීට කලින් නිවාඩුවේදී මාගෙ මව පැලැන්දූ සුරයෙහි වැදී මගක් බැස නතර වී තිබුනි. යුද්දය නිමා වූ යම් දිනෙක එසේ කැබලි වූ බොඩි ආමරය මාගෙ මවට පෙන්වීම පිනිස මා සුරක්ශිතව තබාගෙන සිටියද අලිමංකඩ ප්‍රදේශය ත්රස්තවාදීන් විසින් නැවත අල්ලා ගැනීමේදි සිදුකල උපක්‍රමශීලී පසුබැසීමේදී එය අස්ථානගතව ඇත. එසේ තැලී පොඩිවී ගිය සුරය පසු කලකදී අනුරාධපුර රණවිරු නමින් ඉදිවූ රණවිරුවන් විසින් ඉදිකල සදහිරු සෑ රදුන්ගේ ධාතු තැන්පතුවේදී එක් විශේෂ අවස්ථාවකදී මාගේ බිරිද විසින් මා හට පැලැන්දූ රන් මාලයද සමගින් මවිසින් පූජා කරන ලද්දේය. තවත් විටෙක යාපන අර්ධද්වීපයෙහි මුහමාලෙයි ප්‍රදේශයේදී සතුරාට එරෙහිව සිදුකල කුඩා කන්ඩායම් ක්රියාන්විතයකදී මා වෙත හබා ආ වෙඩි උන්ඩ දෙකකට මුහුන දුන් මාගේ ආදරණීය හෙල්මටයද යුද්ධය අවසන් වූ පසු සිහිවටනයක් ලෙස නිර්මාණය කිරීමට මා විසින් සුරැකිව තබාගත් අතර පසුකලකදී එකල අහිගුන්ඨික ජීවිතයක් ගතකල මා අතින් අස්ථානගතව ඇත. යුද්ධය මා හට බොහෝ දේ කියාදී තිබුනි. විටෙක අස්ථිර ජීවිතයේ යතාර්ථයද, විටෙක මරණ බියද, විටෙක බුදුන් වහන්සේ පෙන්වා දුන් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාවද මනාව පසක් කොට දී තිබුනි. 2001 වසර මුල්භාගයේදී සතුරා විසින් අත්පත් කරගත් මුහමාලෙයි ඉදිරි ආරක්ෂක වලල්ල නැවත අත්පත් කර ගැනීමේ ක්‍රියාන්විතය මාගේ ජීවිතයේ යලි ඉපදුනු සන්ධිස්ථානයකි. සියඵ යුධ උපක්‍රම යොදමින් සතුරු බංකර් විනාශ කරමින් මුහුනට මුහුනලා සිදුකල සටනකදී තස්තවාදින් විසින් එල්ල කල ආර්පීජී (RPG) ප්‍රහරයක් කන අසල තල් කොටයක වැදී පුපුරා යාමෙන් බංකරය තුල සිටි මා සහ මාගේ සගයන් සියලුම දෙනා දෙරන සිප ගැනීමත් සමගම අත්බෝම්බ (Grenade) ප්‍රහාරයක් සමගින් බංකරය තුලට කඩාපිනූ ත්රස්තයන්ගේ වෙඩි උන්ඩ කන පසෙකින් ගමන් ගත් ශබ්දය සමගම ලත් අසරනභාවය කෙබදු දැයි යුද්ධය මට පසක් කොට දුනි. මා සිටි බංකරයට දකුනු දෙසින් පිහිටි බංකරයෙහි සිටි කොප්රල් සුමනසේකර අපට දැනුණු සංවේදනාව දෙගුන තෙගුන කරමින් මාගේ බංකරයට පිනූ ත්රස්තයන්ට ලබා දී ඇති බැවි මා දැන ගන්නා විට ඔහුද ජීවිතය අතැර ගොස් තිබුනේ මාගේ තුති පූර්වක වැලද ගැනීමද අවහිර කරමිනි. අප සියළු දෙනා තුවාල ලබුවද ඔහුට පින්සිදුවන්නට අදද ජීවත් වෙමු. තුවාල සුවවී නැවත පැමිනි පසු එම ආරක්ෂක වලල්ලෙහිදීම මා නැවත වරක් අසරන කිරීමට ත්රස්තවාදීන්ට හැකිවීම මාගේ දෛවයෙහි තවත් සරදමකි. “4 for all station, සුරංගගේ team එක ඉවරයි, ටෙරා over run කරලා, අනිත් teams ඔක්කොම ඉක්මනට පසුබසින්න over" ….. එක්ක පාර්ශිකව පමනක් අසෙන cougar radio set එකෙන් කෑ ගසන OC ගේ හඩ reinforcement එකක් බලාපොරොත්තුව සිටි මට දෙන දුන්නේ ශුන්‍ය හැගීමකි. ඔහු කියූ පරිදි මා හට ඉතිරිව සිටියේ මාගේ buddy සහ radio operator පමනකි. දෙපස බංකර් සියල්ල සතුරා සතු වෙද්දී කල හැකි එකම මරාගෙන මරෙන ක්‍රියාන්විතය අප තිදෙනා ඇරඹුවෙමු. Cougar set එකෙහි secure යවා එයට වෙඩි තබා අක්‍රිය කර සියලුම බඩු බාහිරාදිය ගලවා දමා අත ඉතිරි එකම බාගෙට ඉවර වූ මැගසිනය සහ අවිය සමග ජීවත් වීමේ සටන ඇරඹුවෙමු. අප තිදෙනා අතුරින් මටත් මාගේ buddy ටත් පමනක් ජීවත් වීමේ වාසනාව හිමිවිය. පසුගිය නිවාඩුවේ මාගේ මව විසින් තෙවන වරටත් පැලදූ සුරය පිලිබද අහේතුක විශ්වාසයක් මිත්‍යාදෘෂ්ටිකව මාගේ හිතේ ඇතිවිය. එම සුරය අදටත් මාගේ මුදල් පසුම්බියෙහි සුරැකිව ඇත. තෙවන ඊලාම් යුද්ධයෙහි පලමු වෙඩි මුරය මාවිල් ආරු සොරොව්ව අභියස පත්තු කිරීමටත් අවසාන වෙඩි මුරය නන්දිකඩාල් කලපුවෙහි පත්තු කිරීමටත් දායක වීම භග්‍යයක් නොවුවද ඒ පිලිබදව මා සිත ජනිත වන්නේ මහත්වු අභිමානයකි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom