Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
History
විශ්‍රාම ගිය කමාන්ඩෝ නිලධාරියෙකුගේ සටහනක්……
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මා යුද්ධය පිළිබද ප්රායෝගිකවම හදාරන අවදියේ මාගේ මග පෙන්වන්නන් වූ Capt Chinthaka Dissanayake, Lt Lalith Weerakoon, Lt Jagath Imaduwawithana, Lt Bandula Dharmasooriya, Lt Chaminda Karunaratne මට අමතක කල නොහැකි චරිතයන් වේ. මෙම කාල වකවානුවේ මාගේ නිළධාරී අණදෙන වූ Capt Chinthaka Dissanayake " චමින්ද මූව හදල ගනින්" යැයි පවසමින් මා Lt Chaminda Karunarathna ගේ ඛන්ඩයට අතුලත් කල අතර ඔහුගෙන් එකල කන පලා නොගත් එකම නිළධාරියා වීමේ භාග්‍යද මම ලදිමි. නමුදු මම ඔහු වෙතින් බොහෝ දෑ ඉගෙන ගතිමි.

එකල මා හට අමතක කල නොහැකි තවත් එක් චරිතයක් වූයේ Lt Parackrama Weerakoon නොහොත් “සුකී” (nick name) ය. වරෙක සතුරා විසින් අත්පත් කරගත් යාපන අර්ධද්වීපයේ පුතූර් east ප්‍රදේශය නැවත අප අතට ගැනීමට සැලසුම් කල ක්රියාන්විතයකදී ඔහු අපගේ ජීවිත බේරා ගත්තේ අමුතුම ආකාරයකටය. හොර රහසේම රාත්‍රි කාලයේදී සතුරු ආරක්ෂක වලල්ලෙන් රිංගා සතුරු ප්‍රදේශයට අවතීර්ණ වූ අපගේ surprice loss කිරීමට කොප්රල් හාට්මන් හා මෝල්ගස් පෙරේරා තම RPG හා MPMG අවි වලින් ඉලක්ක කර තිබුනේ සතුරු Land Rover රථයක ගමන් ගත් ත්‍රස්තවාදී නායකයෙකැයි සැලකිය හැකි අයෙකි. ඉදින් පසු සතුරු භූමිය තුල surprice loss වීමේ ආදිනව අප මනාව වින්දෙමු. මිට මාස කිහිපයකට පෙර යුගදිවියට පා තබා පැමිණි අපගේ නිළධාරී අණදෙන Capt Edirimanna ගේ හිස හරහා වෙඩි උන්ඩයක් ගමන් කිරීමත් සමගම අප තවත් අසරන වීමු. හාට්මන් සහ මෝල්ගස් පෙරේරාට පින්සිදු වන්නට අප දැන් හතර වටින්ම වටවී කිසිදු reinforcement එකක් නොමැතිව සීමිත උන්ඩ ප්‍රමාණයක් හා විශාල තුවාලකරුවන් පිරිසක් සමග ජීවිතය බේරගැනීමේ සටනේ යෙදී ඇත.

යුද්ධයකදී ground support නැති තැන අපගේ එකම පිහිට air support වේ. අපගේ own air support එක 81 mm mortar support එක වේ. එය භාරව සිටියේ මා ඉහත කී Lt Parackrama Weerakoon ය. ඔහුගෙන් ලද නොමද 81 mm mortar සහාය නිසා සතුරා යම්තාක් දුරට pin down කිරීමට අපට හැකිවිය. නමුදු ඔවුනගේ භූමිය තුල ඔවුනගේ බලය පෙන්වමින් අප අභිබවා නැගී සිටීමට සතුරාට වැඩි වේලාවක් නොගියේය. අසීරැ අවස්ථාවල යොදා ගන්න maximum use of fire power යන සිද්ධාන්තය අපගේ සීමිත උන්ඩ ප්‍රමාණය හරහා බිද වැටී තිබේ. කලින් ඈතින් දුන් mortar grid location අප ලගටම ගැනීමට සිදුව තිබේ. දැන් අපේම mortar රස අපටම දැනේ. අත ලග සිටින සතුරාට දැනෙන්නට ලංකර ගන්නා අපේම mortar බලය දන් අප මතය. අපගේම ප්‍රහාරයට වඩා සතුරු ප්‍රහාරයට මුහුන දීම යෙහෙකැයි සිතූ මා mortar ප්‍රහාර නවත්වන ලෙස cougar set එකෙන් මොරගෑවේය. අනිත් කොනින් ඇසුනු බිදුනු 'සුකී' ගේ කටහඩ මට තවත් මතකය. “4A නවත්වන්න බෑ mortar 18 ක් උඩ". ඉදින් මා කුමක් කරන්නද? අප බේරා ගැනීම උදෙසා ‘සුකී’ තම උපරිමය කර ඇත. තවමත් mortar බෝම්බ 18 ක් උඩු ගුවනේ සිට අප වෙත හඹා එමින් සිටියි. හැකි උපරිමයෙන් කෑ ගසා මාගේ සගයන් down දමනවාත් සමගම අප බේරාගැනීමට ‘සුකී’ මුදා හල සියලුම mortar පතිත වූයේ සතුරාද අපවද surprice කරමිනි. නමුත් එම ප්‍රහාරය නිසා තුවාල වුවද අප විශාල ප්‍රමාණයක් දිවි බේර ගතිමු.

යුද්ධ හමුදාව තුල මා හට හමු වූ විවිධාකාර වූ චරිත බොහෝය. ඔවුනගෙන් මා උගත් දෑ බොහෝය. යුද්ධ හමුදාව තුල මා අප්‍රිය කල චරිත නොවීය. මාගේ ගමන් මග සාර්ථක කල ඔවුනටද මාගේ ප්‍රනාමය පුද කරමි. මා වැටුනු අවස්තා වලදී මෙන්ම මා හට අවැසි වූ ඕනෑම අවස්තාවකදී මා දෙපස සිට මා දිරිගැන්වූ මගේ ආදරණීය අක්කා සහ නංගී මෙන්ම ඔවුනගේ දයාබර සහකරුවන්ද ආදරයෙන් මතක් කිරීමට කැමැත්තෙමි. එමෙන්ම මා මෙතෙක් පැමිනි ගමනේ කොටස් කරුවන් වූ සියලුම දෙනාට ප්‍රණාමය පුද කරමි.

මා හට යුද්ධ හමුදාවෙහි ‘අ’ යන්න ඉගැන්වූ එවකට දියතලාව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කීර්තිමත් උපදේශක කපිතාන්වරු වූ දැනට විශ්‍රාම සුවයෙන් කල් ගෙවන Maj Gen Kithsiri Liyanage, Maj Gen Crishantha Ghanaratne හා Maj Gen Sanjeewa Fernando යන නිළධාරීන් අප වෙනුවෙන් කල කැපකිරීම අදදු මම සෙනෙහසින් සිහිපත් කරමි.

කෲරතර යුද්දයකින් දිවිගලවා ගැනීමේ හා සතුරා අභිමුව නිර්භයව සටන් කිරීමේ පන්නරය මා හට ලබා දුන්නේ මාගේ රෙජිමේන්තුව වන කොමාන්ඩෝ රෙජිමේන්තුවයි. මාගේ මුළුමහත් තරුණ දිවියම මා කැපකලේ කොමාන්ඩො රෙජිමේන්තුව තුලය. මා ලද දෙස් විදෙස් විශාල පාඨමාලා ගනණාවක් තුලින් මාගේ හැකියාවන් තවත් මුවහත් විය. අද මා මෙසේ ජීවත් වන්නේ එසේ ලබාගත් අත්දකීම් හා පන්නරය මතය. යුධමය සමයේ මා සමග දේශය වෙනුවෙන් තස්තවාදීන් සමග සටන් වැද දිවි පූජා කල හා රණක්ෂිතයට පත් මාගේ සගයන් මෙන්ම දැනටද රෙජිමේන්තුව තුල සේවය කරන හා විශ්‍රාම ගත සියලුම දෙනා ඉතා ආදරයෙන් සිහිපත් කරමි.1996 ජනවාරි මස 3 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදයාපීඨයේ කැඩෙට් නිළධාරි පාඨමාලා අංක 44 සමග මෙතෙක් එක්ව ගමන් කරන මාගේ සහෘද කැලද ඉතා ආදරයෙන් සිහිපත් කරමි. යුද්ධය නිසාවෙන් දිවි අහිමි වූ සහෘදයන් 14 දෙනාද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. තවද මා සමග අනේකවිද දුක් විද කොමන්ඩෝ පාඨමාලාව හදාරා එයිනුදු නොනැවතී දේශයේ ඒකීය භාවය උදෙසා සටන් වැද මෙලොවෙන් සමුගත්, රණක්ශිතයට පත් හා දැනට විශ්‍රාම සුවයෙන් පසුවන කොමාන්ඩො ඉදුරාම බදවා ගැනීම් අංක 15 හි සහෝදරයන්ද ඉතා ආදරයෙන් සිහිපත් කරමි.

මා විශ්‍රාම යාමට ප්‍රථම දෑවුරැද්ද රාජකාරින් සිදුකල ආරක්ෂක අමාත්‍යංශය මාගේ ජීවිතයේ තවත් එක් වැදගත් සන්දිස්ථානයකි. එහිදී මා දැන හදුනාගත් පිරිස් බොහෝය. අනෙකුත් සහෝදර හමුදාවන්ට අයත් සහෝදර සහෝදරියන් මෙන්ම විවිධ තරාතිරම් වල සිවිල් අයවළුන්ද හදුනාගැනීමට හැකිවිය. අප අතර ඇතිවූ තද සහෝදර බැදීම සදාකාලික වනු ඇතැයි මම සිතමි.

මා මෙම නිළ ඇදුමට ආදරය කල තරම හොදින්ම හදුනන්නේ මාගේ බිරිදය. මා එය සදාකාලිකවම ගලවා දමීමේ සංතාපයද ඇයට එලෙසින්ම දනෙන බව මම දනිමි. “තාත්ති ඔයාට දුකයි නේද?” දවසට දෙතුන් වරක් වත් ඇය අසයි. අවුරුදු 29 කට ආසන්න කාලයක් මා පැළදි නිළ ඇදුම ගලවා දමා මා අද නිවසට ගොඩවනවිට ඇය කදුලු පිරි දෙනෙතින් මා පිලි ගන්නා බවද මා දනිමි. මා අද පැමිනියේ කිසිවක් අහිමි කරගෙන නොවන බව මම ඇයට පවසමි. මා ලබාගත් අත්දැකීම් සමුදාය මත ඔවුන් සියලු දෙනාගේම අනාගතය ගොඩනගන බව මම ඇයට පවසමි. අදින් පසු මා හට මග හැරී ගිය සියලුම දෑ ඉටු කිරීමට කාලය එලඹ ඇත. පවුලේ අයවලුන් සමග මගුල් ගෙවල් වල මෙන්ම අවමගුල් ගෙවල් වල යා හැක. නෑදෑයනගේ පින්කම් ගෙවල් වල මෙන්ම සාමාජයීය කටයුතු වලද නියලිය හැක. දරැවනගේ ඉගෙනීම් කටයුතු වලට ඉදුරාම මැදිහත් විය හැක. විශේෂයෙන්ම මාගේ මව මෙන්ම බිරිද උසුලන ජීවන බරෙහි වැඩි කොටසකට උරදිය හැක.

මා විසින් මා උපන් දේශයට කල යුතු යුතුකම් හැකි පරිදි ඉටුකර ඇතැයි මම සිතමි. යුද්ධ හමුදාව විසින් මා වෙත ලබාදුන් සියලූම පහසුකම් හා සේවාවන් වෙනුවෙන් මා උපරිමයෙන් ප්‍රතිචාර දක්වා අතැයි මම සිතමි. යුද්ධ හමුදා නීති රෙගුලාසි මාලාවන් අභිබවා නොයමින් යුද්ධ හමුදා වචනයෙන්ම 'clean sheet' තත්වය ආරක්ෂා කර ගත්තෙමි. මා යුද්ධ හමුදාව සතු කිසිවක් අවභාවිතා කර නැත. ඉතින් මා හට පසුතැවීමට කිසිවක් නැත.

Colonel Suranga Manatunga (Retd) RWP RSP USP MSc

[QUOTE="todd2231048, post: 29887173, member: 96568"] මා යුද්ධය පිළිබද ප්රායෝගිකවම හදාරන අවදියේ මාගේ මග පෙන්වන්නන් වූ Capt Chinthaka Dissanayake, Lt Lalith Weerakoon, Lt Jagath Imaduwawithana, Lt Bandula Dharmasooriya, Lt Chaminda Karunaratne මට අමතක කල නොහැකි චරිතයන් වේ. මෙම කාල වකවානුවේ මාගේ නිළධාරී අණදෙන වූ Capt Chinthaka Dissanayake " චමින්ද මූව හදල ගනින්" යැයි පවසමින් මා Lt Chaminda Karunarathna ගේ ඛන්ඩයට අතුලත් කල අතර ඔහුගෙන් එකල කන පලා නොගත් එකම නිළධාරියා වීමේ භාග්‍යද මම ලදිමි. නමුදු මම ඔහු වෙතින් බොහෝ දෑ ඉගෙන ගතිමි. එකල මා හට අමතක කල නොහැකි තවත් එක් චරිතයක් වූයේ Lt Parackrama Weerakoon නොහොත් “සුකී” (nick name) ය. වරෙක සතුරා විසින් අත්පත් කරගත් යාපන අර්ධද්වීපයේ පුතූර් east ප්‍රදේශය නැවත අප අතට ගැනීමට සැලසුම් කල ක්රියාන්විතයකදී ඔහු අපගේ ජීවිත බේරා ගත්තේ අමුතුම ආකාරයකටය. හොර රහසේම රාත්‍රි කාලයේදී සතුරු ආරක්ෂක වලල්ලෙන් රිංගා සතුරු ප්‍රදේශයට අවතීර්ණ වූ අපගේ surprice loss කිරීමට කොප්රල් හාට්මන් හා මෝල්ගස් පෙරේරා තම RPG හා MPMG අවි වලින් ඉලක්ක කර තිබුනේ සතුරු Land Rover රථයක ගමන් ගත් ත්‍රස්තවාදී නායකයෙකැයි සැලකිය හැකි අයෙකි. ඉදින් පසු සතුරු භූමිය තුල surprice loss වීමේ ආදිනව අප මනාව වින්දෙමු. මිට මාස කිහිපයකට පෙර යුගදිවියට පා තබා පැමිණි අපගේ නිළධාරී අණදෙන Capt Edirimanna ගේ හිස හරහා වෙඩි උන්ඩයක් ගමන් කිරීමත් සමගම අප තවත් අසරන වීමු. හාට්මන් සහ මෝල්ගස් පෙරේරාට පින්සිදු වන්නට අප දැන් හතර වටින්ම වටවී කිසිදු reinforcement එකක් නොමැතිව සීමිත උන්ඩ ප්‍රමාණයක් හා විශාල තුවාලකරුවන් පිරිසක් සමග ජීවිතය බේරගැනීමේ සටනේ යෙදී ඇත. යුද්ධයකදී ground support නැති තැන අපගේ එකම පිහිට air support වේ. අපගේ own air support එක 81 mm mortar support එක වේ. එය භාරව සිටියේ මා ඉහත කී Lt Parackrama Weerakoon ය. ඔහුගෙන් ලද නොමද 81 mm mortar සහාය නිසා සතුරා යම්තාක් දුරට pin down කිරීමට අපට හැකිවිය. නමුදු ඔවුනගේ භූමිය තුල ඔවුනගේ බලය පෙන්වමින් අප අභිබවා නැගී සිටීමට සතුරාට වැඩි වේලාවක් නොගියේය. අසීරැ අවස්ථාවල යොදා ගන්න maximum use of fire power යන සිද්ධාන්තය අපගේ සීමිත උන්ඩ ප්‍රමාණය හරහා බිද වැටී තිබේ. කලින් ඈතින් දුන් mortar grid location අප ලගටම ගැනීමට සිදුව තිබේ. දැන් අපේම mortar රස අපටම දැනේ. අත ලග සිටින සතුරාට දැනෙන්නට ලංකර ගන්නා අපේම mortar බලය දන් අප මතය. අපගේම ප්‍රහාරයට වඩා සතුරු ප්‍රහාරයට මුහුන දීම යෙහෙකැයි සිතූ මා mortar ප්‍රහාර නවත්වන ලෙස cougar set එකෙන් මොරගෑවේය. අනිත් කොනින් ඇසුනු බිදුනු 'සුකී' ගේ කටහඩ මට තවත් මතකය. “4A නවත්වන්න බෑ mortar 18 ක් උඩ". ඉදින් මා කුමක් කරන්නද? අප බේරා ගැනීම උදෙසා ‘සුකී’ තම උපරිමය කර ඇත. තවමත් mortar බෝම්බ 18 ක් උඩු ගුවනේ සිට අප වෙත හඹා එමින් සිටියි. හැකි උපරිමයෙන් කෑ ගසා මාගේ සගයන් down දමනවාත් සමගම අප බේරාගැනීමට ‘සුකී’ මුදා හල සියලුම mortar පතිත වූයේ සතුරාද අපවද surprice කරමිනි. නමුත් එම ප්‍රහාරය නිසා තුවාල වුවද අප විශාල ප්‍රමාණයක් දිවි බේර ගතිමු. යුද්ධ හමුදාව තුල මා හට හමු වූ විවිධාකාර වූ චරිත බොහෝය. ඔවුනගෙන් මා උගත් දෑ බොහෝය. යුද්ධ හමුදාව තුල මා අප්‍රිය කල චරිත නොවීය. මාගේ ගමන් මග සාර්ථක කල ඔවුනටද මාගේ ප්‍රනාමය පුද කරමි. මා වැටුනු අවස්තා වලදී මෙන්ම මා හට අවැසි වූ ඕනෑම අවස්තාවකදී මා දෙපස සිට මා දිරිගැන්වූ මගේ ආදරණීය අක්කා සහ නංගී මෙන්ම ඔවුනගේ දයාබර සහකරුවන්ද ආදරයෙන් මතක් කිරීමට කැමැත්තෙමි. එමෙන්ම මා මෙතෙක් පැමිනි ගමනේ කොටස් කරුවන් වූ සියලුම දෙනාට ප්‍රණාමය පුද කරමි. මා හට යුද්ධ හමුදාවෙහි ‘අ’ යන්න ඉගැන්වූ එවකට දියතලාව ශ්‍රි ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කීර්තිමත් උපදේශක කපිතාන්වරු වූ දැනට විශ්‍රාම සුවයෙන් කල් ගෙවන Maj Gen Kithsiri Liyanage, Maj Gen Crishantha Ghanaratne හා Maj Gen Sanjeewa Fernando යන නිළධාරීන් අප වෙනුවෙන් කල කැපකිරීම අදදු මම සෙනෙහසින් සිහිපත් කරමි. කෲරතර යුද්දයකින් දිවිගලවා ගැනීමේ හා සතුරා අභිමුව නිර්භයව සටන් කිරීමේ පන්නරය මා හට ලබා දුන්නේ මාගේ රෙජිමේන්තුව වන කොමාන්ඩෝ රෙජිමේන්තුවයි. මාගේ මුළුමහත් තරුණ දිවියම මා කැපකලේ කොමාන්ඩො රෙජිමේන්තුව තුලය. මා ලද දෙස් විදෙස් විශාල පාඨමාලා ගනණාවක් තුලින් මාගේ හැකියාවන් තවත් මුවහත් විය. අද මා මෙසේ ජීවත් වන්නේ එසේ ලබාගත් අත්දකීම් හා පන්නරය මතය. යුධමය සමයේ මා සමග දේශය වෙනුවෙන් තස්තවාදීන් සමග සටන් වැද දිවි පූජා කල හා රණක්ෂිතයට පත් මාගේ සගයන් මෙන්ම දැනටද රෙජිමේන්තුව තුල සේවය කරන හා විශ්‍රාම ගත සියලුම දෙනා ඉතා ආදරයෙන් සිහිපත් කරමි.1996 ජනවාරි මස 3 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදයාපීඨයේ කැඩෙට් නිළධාරි පාඨමාලා අංක 44 සමග මෙතෙක් එක්ව ගමන් කරන මාගේ සහෘද කැලද ඉතා ආදරයෙන් සිහිපත් කරමි. යුද්ධය නිසාවෙන් දිවි අහිමි වූ සහෘදයන් 14 දෙනාද ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. තවද මා සමග අනේකවිද දුක් විද කොමන්ඩෝ පාඨමාලාව හදාරා එයිනුදු නොනැවතී දේශයේ ඒකීය භාවය උදෙසා සටන් වැද මෙලොවෙන් සමුගත්, රණක්ශිතයට පත් හා දැනට විශ්‍රාම සුවයෙන් පසුවන කොමාන්ඩො ඉදුරාම බදවා ගැනීම් අංක 15 හි සහෝදරයන්ද ඉතා ආදරයෙන් සිහිපත් කරමි. මා විශ්‍රාම යාමට ප්‍රථම දෑවුරැද්ද රාජකාරින් සිදුකල ආරක්ෂක අමාත්‍යංශය මාගේ ජීවිතයේ තවත් එක් වැදගත් සන්දිස්ථානයකි. එහිදී මා දැන හදුනාගත් පිරිස් බොහෝය. අනෙකුත් සහෝදර හමුදාවන්ට අයත් සහෝදර සහෝදරියන් මෙන්ම විවිධ තරාතිරම් වල සිවිල් අයවළුන්ද හදුනාගැනීමට හැකිවිය. අප අතර ඇතිවූ තද සහෝදර බැදීම සදාකාලික වනු ඇතැයි මම සිතමි. මා මෙම නිළ ඇදුමට ආදරය කල තරම හොදින්ම හදුනන්නේ මාගේ බිරිදය. මා එය සදාකාලිකවම ගලවා දමීමේ සංතාපයද ඇයට එලෙසින්ම දනෙන බව මම දනිමි. “තාත්ති ඔයාට දුකයි නේද?” දවසට දෙතුන් වරක් වත් ඇය අසයි. අවුරුදු 29 කට ආසන්න කාලයක් මා පැළදි නිළ ඇදුම ගලවා දමා මා අද නිවසට ගොඩවනවිට ඇය කදුලු පිරි දෙනෙතින් මා පිලි ගන්නා බවද මා දනිමි. මා අද පැමිනියේ කිසිවක් අහිමි කරගෙන නොවන බව මම ඇයට පවසමි. මා ලබාගත් අත්දැකීම් සමුදාය මත ඔවුන් සියලු දෙනාගේම අනාගතය ගොඩනගන බව මම ඇයට පවසමි. අදින් පසු මා හට මග හැරී ගිය සියලුම දෑ ඉටු කිරීමට කාලය එලඹ ඇත. පවුලේ අයවලුන් සමග මගුල් ගෙවල් වල මෙන්ම අවමගුල් ගෙවල් වල යා හැක. නෑදෑයනගේ පින්කම් ගෙවල් වල මෙන්ම සාමාජයීය කටයුතු වලද නියලිය හැක. දරැවනගේ ඉගෙනීම් කටයුතු වලට ඉදුරාම මැදිහත් විය හැක. විශේෂයෙන්ම මාගේ මව මෙන්ම බිරිද උසුලන ජීවන බරෙහි වැඩි කොටසකට උරදිය හැක. මා විසින් මා උපන් දේශයට කල යුතු යුතුකම් හැකි පරිදි ඉටුකර ඇතැයි මම සිතමි. යුද්ධ හමුදාව විසින් මා වෙත ලබාදුන් සියලූම පහසුකම් හා සේවාවන් වෙනුවෙන් මා උපරිමයෙන් ප්‍රතිචාර දක්වා අතැයි මම සිතමි. යුද්ධ හමුදා නීති රෙගුලාසි මාලාවන් අභිබවා නොයමින් යුද්ධ හමුදා වචනයෙන්ම 'clean sheet' තත්වය ආරක්ෂා කර ගත්තෙමි. මා යුද්ධ හමුදාව සතු කිසිවක් අවභාවිතා කර නැත. ඉතින් මා හට පසුතැවීමට කිසිවක් නැත. Colonel Suranga Manatunga (Retd) RWP RSP USP MSc [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom