Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
38 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ

විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ ලාංකික මහාචාර්යවරයා රංග ඩයස්

අභියෝග ජයගත් මිනිස්සු

මහාචාර්ය රංග ප්‍රභාෂ්වර ඩයස් (රංග ඩයස්)

අපි පදිංචි වෙලා හිටියෙ කොට්ටාවේ. ළමා විය ගත කළ විදිය මට හොඳට මතකයි. ඒ කාලය ඇත්තටම හරිම සුන්දරයි. මහා ලොකු දිය ඇලි, ගංගා ඒ පළාතේ තිබුණෙ නැහැ. පුංචි ඇළ, දොළ, වතුර පාරවල් ගලා යන තැන් තමයි තිබුණෙ. යාළුවෝ එක්ක මම ඒ පුංචි දිය පාරවල් මත ඇවිද ගිහින්, දුව පැන සෙල්ලම් කළා.

පාසල හමාර වී ගෙදර ආ හැටියෙ මම කළේ ඇළේ දොළේ දුව පැන ඇවිද ගිය එකයි. පිට්ටනියට ගිහිල්ලා සරුංගල් ඇරපු එකයි. සහතිකෙන්ම සරුංගල් යවන්න මම හරිම ආසා කළා. බොහොම සාමාන්‍ය පවුලක දරුවකු ලෙස පොඩි තැනකින් ඇවිත්, ලෝකයට මෙහෙම දෙයක් සොයා ගැනීමට දායක වීමට ලැබීම ගැන මට තියෙන්නෙ බොහොම නිහතමානී සතුටක්. මේ සතුට අද මා ලබන්නේ තනිවම ආ ගමනක් ලෙස නෙවෙයි. අම්මා, තාත්තා, ගුරුවරු, යාළුවෝ, නංගි, මල්ලි මෙන්ම සරසවියේ ගුරුවරු, ආචාර්ය, මහාචාර්යවරු ඇතුළු තවත් බොහෝ දෙනා මට මේ ගමන ඒමට උදව් කළා.

මෙලෙසින් අද ඔහු තාරුණ්‍යයේ සිටියදීම ජීවිතය වින්දනය කරන්නේය. සැබෑ ලෙසම ආශිර්වාදය කරන්නේය. සැබැවින්ම ඔහු ජීවිතයට මහා අරුතක් ගෙන දුන් විශිෂ්ටයෙකි. මේ සියවසේ දී භෞතික විද්‍යාව වෙනුවෙන් විශිෂ්ටතම සොයා ගැනීම සිදුකළ මහා චරිතය ඔහුම වෙයි. මහාචාර්ය රංග ඩයස් යනු ඔහුගේ නාමයයි. මේ අභිමානවත් ශ්‍රී ලාංකීය චරිතය අද ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය.

මේ මහාචාර්ය රංග ඩයස් යනු කවුද? ලෝ ප්‍රකට චරිතයක් වූවේ කුමක් නිසාද?

හයිඩ්රජන් රසායන මූලද්‍රව්‍ය ලෝහයක් බවට පත් කළ හැකිය යන්න පසුගිය වසර 80 ක හෙවත් දශක අටක පමණ කාලය පුරාවට සිද්ධාන්තයක් පමණක්ව තිබිණි. ඒ සිද්ධාන්තය ප්‍රායෝගික කරගැනීම උදෙසා ලෝකයේ බොහෝ විද්වත්හු නිරන්තරයෙන් පර්යේෂණ සහ පරික්ෂණ සිදුකළහ. නමුත් කිසිවකුට එය ප්‍රායෝගික කරගැනීමට නොහැකි වූ සිද්ධාන්තයක්ම විය. මේ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයා ද නිරන්තරයෙන් ඒ වෙනුවෙන් පරික්ෂණ, නිරීක්ෂණ සහ නිගමන ආදී සියල්ල කළේය. අවසන මුළු ලොවටම සිද්ධාන්තයක් පමණක් වී තිබූ මෙය එසේ නොවූ ප්‍රායෝගික වීමක් බවට හෙළිදරව් කරමින් හයිඩ්රජන් නමැති රසායන මූලද්‍රව්‍යය ලෝහයක් බවට පත්කළ හැකිය යන්න ලෝකයට සොයා දීමට මේ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයාට හැකි විණි.

දැන් මේ නිසා අනාගත ප්‍රවාහන ක්ෂේත්රයට මෙන්ම විදුලි නිෂ්පාදන කටයුතුවලට වගේම විද්‍යුත් මෙන්ම තාක්ෂණික ක්ෂේත්රයේ කටයුතු උදෙසා ද වැය කළ පිරිවැය බිලියන ගණනකින් ඉතිරි කර ගැනීමට මිනිසාට හැකිව තිබේ. වෙසෙසින්ම අභ්‍යවකාශයට ගොසින් එහි ඇති දෑ ගැන සොයා බැලීමට නොතිත් ආසාවකින් පසුවන මිනිසාට රොකට් අභ්‍යවකාශ ගත කිරීමට යන කාලය පවා අවම කර ගත හැකිව තිබේ. මෙය සැබැවින්ම විශිෂ්ටතම සොයා ගැනීමකි.

ඇල්පෙනෙති තුඩක් තරම් වූ ජීවිතයේ මුහුණ දීමට නොහැකි වූ සමහර අභියෝග හමුවේ බොහෝ දෙනා ජීවිතයෙන් පලා යන සමාජයක මේ තුරුණු මහාචාර්යවරයා විශ්වීය අභියෝගයක් ජයගත් විශ්වීය මානවයෙකි. ඒ මිනිසාගේ අභියෝග ජයගත් කතාවේ රසවත්ම ඉතිරිය මෙතැන් සිට කියවමු.

රංග ප්‍රභාෂ්වර ඩයස් මේ විශිෂ්ටයාගේ සම්පූර්ණ නාමය වේ. කොට්ටාව ඔහුගේ උපන් ගම් පළාතය. නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයටත් ඉන්පසුව මහරගම ජනාධිපති විද්‍යාලයටත් ගිය ඔහු පාසල් ගමනට සමුදුන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සමාජයට දායාද වූ දීප්තිමත් සිසුවකු ලෙසිනි.

රංගගේ තාත්තා චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළ අතර අම්මා රැකියාවක නිරත නොවූවාය. මල්ලි කොළඹ සරසවියේ විද්‍යාපීඨ සිසුවකුව සිට දැන් ආචාර්ය උපාධිය සඳහා ඇමෙරිකාවට ගොස් සිටී. නැගණිය මේ වසෙර් උසස් පෙළට මුහුණ දීමට සූදානමින් සිටින්නීය. තාත්තා මියගියේ 2013 වසරේ දීය. රංග අදට ද එය සිහිපත් කරන්නේ මහත් වූ ශෝකයෙන් වග පෙනේ.

‘අපේ තාත්තා චිත්‍ර ශිල්පියකු වුණත් එයාට තිබුණෙ හොඳ ඉංජිනේරු දැනුමක්. සරලවම කිව්වොත් විද්‍යාත්මක ඥානයක්. ගෙදරට අවශ්‍ය බොහෝ ආම්පන්න කඩෙන් මිලදී ගත්තේ නැහැ. තාත්තා තමයි ඒ ඔක්කොම නිර්මාණය කළේ. මල්ලියි මායි ඒවාට උදව් කළා. ඒ නිසාම අපි දෙන්නත් ඒ කුසලතාව හුරුකර ගත්තා. කුඩා කාලයේ දී මං හරි ක්‍රියාශීලි චරිතයක්. වැඩියෙන්ම මම ආසා කළේ සරුංගල් යවන්න. ඒ අතරේ පොඩි පොඩි දේ ගැන අත්හදා බැලීම් කරන්නත් පුරුදු වී සිටියා. මට මතකයි ඒ දිනවල මං දුනු ඊතල පවා හදා ගත්තා. ඊතලය කෙතරම් දුරකට යැවිය හැකි ද යන නිගමනවල යෙදුණා. මේ එක් දෙයක් පමණයි. තවත් බොහෝ අත්හදා බැලීම් කළා.’

පුංචි රංගට ඒ අත්හදා බැලීම්, පරික්ෂණ, නිගමන කිරීමට ගෙදරින් බාධාවක් නොවීය. තාත්තා සතු වූ කලාත්මක හැඩකාර බව සහ විද්‍යාත්මක ආභාසය ඔස්සේ හැදී වැඩුණු රංග පවුලේ වැඩිමලා ලෙස නැගණියට සහ මල්ලිට ආදර්ශවත් චරිතයක් වෙමින් කටයුතු කළේය. පොත පතේ වැඩ ටික ද ඔහු හොඳින් කළ ශිෂ්‍යයෙකු විය. දහවල් කාලයේ දී සරුංගල් යැවීමට මෙන්ම, රාත්‍රී කාලයේ දී අහස දිහා බලා සිටීමට ඔහු බෙහෙවින් ප්‍රිය කළේය.

දිලිසෙන තරු, හිනැහෙන තරු, පාවෙන තරු, කඩා වැටෙන තරු ආදී තරු වළල්ලේ සිදුවන දේ ඔහු නිරික්ෂණය සහ නිගමනය කිරීමට පෙළඹ සිටියේය. තාරකා විද්‍යාව ඔහුගේ ප්‍රියතම විෂයක් විය.

1986 දී පෑයූ හේලිගේ ධූම කේතුව බැලීම නරක යැයි බොහෝ දෙනා කියා තිබියදී පුංචි රංග හේලිගේ ධූම කේතුව නිරික්ෂණය කළේය. එවකට පිළියන්දල සුබෝධි මධ්‍යස්ථානයෙහි තාරකා විද්‍යා සංගමයක් ස්ථාපිතව තිබිණි. මේ තාරකා සමාජයට සරසවි සිසුන් පාසල් සිසුන් මෙන්ම ඊට උනන්දු වූ බොහෝ දෙනා රොද බැඳ සිටියහ. එතැනට යාමට පුරුදු වූ පුංචි රංග එහි සිදුවන දේ දිහා බලා සිටියේ තේරුම්කමක් ඇතිව නොවේ. නමුත් ඊට සහභාගි වීම නිසා ඔහුගේ ජීවිතයට බොහෝ දැනුම ලැබිණි. එලෙසින් ළමා වියේ දී කටයුතු කළ රංග බාහිර වැඩකටයුතුවලට ද දායක වූ බව සිහිගන්වයි.

‘පහ වසරට එන විට මගේ ලොකුම අරමුණ වුණේ කෙටි දුර ධාවන ශූරයකු වීමටයි. මහරගම ජනාධිපති විද්‍යාලයේ සිටි සමස්ත කණ්ඩයමම වඩා දක්ෂයින්. ඒ දක්ෂයින් අතරට ගිහිල්ලා මටත් සමස්ත ලංකා තරග නියෝජනයට ඇත්නම් කියන අභියෝගය තමයි මට ජීවිතේ දැනුණ පළමු අභියෝගය. පසුව මා කණ්ඩායමට ඇතුළත් වුණා. තරගත් දිනුවා.’

කෙටි දුර ධාවනය කෙරෙහි එදා එලෙසින් උනන්දු වූ රංග ජයග්‍රහණ ද ලබා ගත්තේය. නමුත් ඔහුට හති වැටුණේ නැත. විෂය කටයුතුවලදී පන්තියේ පළවැනියා වීමට නිරන්තරයෙන් හැකි විය. මේ සියල්ල කරද්දී ඔහු පිටුපසින් සිටි හෙවණැල්ල වූයේ ආදරණීය අම්මාය. තාත්තාට ආදරේ නමුත් රංග වඩා සමීපව සිටියේ අම්මා වෙතය.

රංග කොහේ කොතැන ගියත් අම්මා ඒ පිටුපස සිටියාය. සමහර දිනවල තාරකා විද්‍යා කටයුතු නිරික්ෂණය සඳහා රංග රාත්‍රී කඳවුරුවලට ද එක්විය. පුතා කොහේ ගියත්, හරි දේ කරන බවට වූ විශ්වාසය ගෙදර අයට තිබිණි. ඔහු ඒ විශ්වාසය බිඳ දැමූ දරුවකු නොවීය. විද්‍යාඥයකු වීම ඔහුගේ සිහිනයක් මෙන් වුවද නිකම්ම විද්‍යාඥයකු වීමට වඩා ඔහුගේ අරමුණ වූයේ ලෝකයට අලුත් දෙයක් සොයා ගැනීමය.

හාවඩ් සරසවියේ මහාචාර්යවරයා සමඟ

‘රංග තමයි මේ දේ සොයා ගත්තේ.’ කියන නොතිත් ආසාව උනන්දුව ඔහුට තිබිණි. ඒ උනන්දුව ඇතිව සිටි ඔහු සාමාන්‍ය පෙළ විශිෂ්ට සමාර්ථ 7 ක් (D-7) සහ එක් සමාර්ථයක් C-1) සහිතව එතෙර විණි. සී (C) සමාර්ථය ගත්තේ ලලිතකලා සෞන්දර්ය විෂය වෙතය. තාත්තාට නම් ඒ නිසා ටිකක් දුක හිතෙන්නට ඇති. ඒත් උසස් පෙළට අරමුණු කරගෙන සිටි සියලු විෂයයන් විශිෂ්ට ලෙස සමත්ව උසස් පෙළ කඩඉමට ඉතා සාර්ථකව මුහුණ දුන් ඔහුට ඊළඟට සිදුවූයේ නොසිතූ අන්දමේ කඩඉමක් ජයගැනීමේ අභියෝගයට මුහුණ දීමටය.

ප්‍රථම වසරේ දී ළමුන් 400 ක් විද්‍යා පීඨයට ඇතුළත්ව තිබුණා. එයින් එක් එක් අයගේ විෂයය තෝරා ගැනීම් මත වර්ග වුණා. පළමු වසරේදී මම සාර්ථකව මුල් කඩඉම පසු කළා. ඊළඟට විද්‍යාඥයකු වීමට නම් ව්‍යවහාරික ගණිතයට සහ භෞතික විද්‍යාවට වැඩිම ලකුණු ලබා ගැනීම අනිවාර්යය වීමක්. එය මට ගෙන දුන්නේ එක්තරා විදියක පීඩනයක්. භෞතික විද්‍යාව හැදෑරීමට සිසුන් 10 දෙනෙක් පමණයි කාණ්ඩයෙන් තෝරා ගත්තේ. එසේ තේරීමට නම් ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාවට වැඩිම ලකුණු ලබාගත යුතු වුණා. ඒ අංශ දෙකටම මම දක්ෂ වීම සහ කැපවීම නිසා ඒ අභියෝගයත් ජයගත්තා.’

සැබැවින්ම රංග පසුකළ ඒ කඩඉම ලෙහෙසි පහසු එකක් නම් නොවීය. භෞතික විද්‍යාව සඳහා තෝරා ගන්නා වූ සිසුන් 10 දෙනා අතරට යාම වෙනුවෙන් ඔහු විශේෂ කැපකිරීමක් කළේය. කොළඹ මහජන පුස්තකාලය ඔහුගේ මහගෙදර කරගෙන තම විෂයයට අදාළව දිවා රාත්‍රී නොබලා පොත පත පරිශීලනය කිරීමට පෙළැඹිණි.

පුස්තකාලය මට මගේ සදාතනික නවාතැන්පළ වගේ වුණා. පොත්පත්වලින් මා ගත් දැනුම බොහෝමයි.’ රංග කියයි.

එකම විෂය සඳහා වූ පොත්, ඔහු පරිශීලනය කළේ එකක් නොවේ. එකම විෂය සඳහා වූ වර්ගීකරණය යටතේ පොත් හතරක් පහක්ම කියැවීය.

‘මම කටපාඩම් කළේ නැහැ. ඒත් සිද්ධාන්ත තේරුම් ගන්න ඉගෙන ගත්තා. අර්ථකථන දැනගන්න, ඒ වගේම අවබෝධ කරගන්න, වගේම ඒවා ඔප්පු කර පෙන්වන්න මේ නිසා මට පුළුවන් වුණා.’

එක අතකට විද්‍යාව යනු සොයා යෑමක් මිස අතරමග නැවතීමක් නොවේ. රංග තමාටම හුරුවූ ක්‍රමයක් හදාගෙන ගිය ඒ පාඩම් ආභාෂයෙහි යෙදුණු ගමන වත්මනෙහි ඔහු වගේ වෙන්නට සිහින මවන සිසුනට මහඟු ආදර්ශයක්ම වෙයි.

රංග කොහේ කොතැන ගියත් අම්මා ඒ පිටුපස සිටියාය. සමහර දිනවල තාරකා විද්‍යා කටයුතු නිරික්ෂණය සඳහා රංග රාත්‍රී කඳවුරුවලට ද එක්විය. පුතා කොහේ ගියත්, හරි දේ කරන බවට වූ විශ්වාසය ගෙදර අයට තිබිණි. ඔහු ඒ විශ්වාසය බිඳ දැමූ දරුවකු නොවීය. විද්‍යාඥයකු වීම ඔහුගේ සිහිනයක් මෙන් වුවද නිකම්ම විද්‍යාඥයකු වීමට වඩා ඔහුගේ අරමුණ වූයේ ලෝකයට අලුත් දෙයක් සොයා ගැනීමය.

රංග ගේ ජීවිතය වෙතින් උකහා ගත හැකි දේ නම් බොහෝමය. විද්‍යාඥයකු වීමේ අරමුණ කරා යන ගමනේ දී ඔබ පොත පතේ විතර ද නිරතව සිටියේ? අපි ඔහුගෙන් විමසීමු?

‘මම පොතේම හිටියේ නැහැ. යාළුවෝ එක්ක කඳු නැගීම වගේම වනාන්තරයේ සංචාරයට බෙහෙවින් ප්‍රිය කළා. අවුරුද්දකට දෙපාරක් විතර ශ්‍රීපාදය නමස්කාර කළ අවස්ථා තිබුණා. අවාරේ ඒ විදියට ගිහින් පාර සොයාගත නොහැකිව වන අලින්ට මැදිවූ අවස්ථාවකට අපි මුහුණ දුන්නා. එදා අපේ ජීවිත බේරුණේ හාස්කමකට වගෙයි.’

මිත්‍යාව ගැන විශ්වාස නොකළත් රංග ඒ බිහිසුණු අවස්ථාව සිහිපත් කළේ එලෙසිනි. එවැනි ත්‍රාසජනක අවස්ථා මෙන්ම රසමුසු තැන් ද එකී සංචාර පුරා තිබුණ දේය.

‘ඒ විදියට සංචාරයේ ගියාම අපි කූඩාරම් අටවා ගෙන වනාන්තරයේ, ඒ වගේම කඳු මත රාත්‍රිය ගත කළා. ඒවා හරි සුන්දර අත්දැකීම්’

සරසවිය යනු පාසල නොවේ. ඊළඟට එයින් පිටව යන්නේ රටේ අනාගතය භාර ගැනීම වෙනුවෙනි. ඒ හැරත් සරසවි සිසුවෝ වැඩිහිටියෝය. ඒ නිසා ආදරයට තහංචි ද නොවේ. සරසවියේ දී බැඳෙන ප්‍රේමය යනු සිද්ධාන්ත, මූලධර්ම, තර්ක ආදිය මත පදනම් වූවක්ම නොවේ.

‘රංග ඔබ කඳු විතර ද නැග්ගේ? එතකොට සමච්ඡේදනය කරලා බෙදන්නට බැරි වූ ප්‍රේමයක් එහෙම තිබුණේ නැද්ද?

ගැහැනු ළමයෙක් නම් හිටියා. හැබැයි පොරොන්දු දීම්, දිවුරීම් එහෙම නොවේ. එයා මගේ යන ගමනට බාධාවක් කරගත්තෙ නැහැ. අනේ මන්දා මම ආත්මාර්ථකාමී ද කියලා? සරසවියේ දී ආදරය වර්ග කරලා, ප්‍රභේද කරලා ඡේද කරලා අත්හදා බලා ප්‍රායෝගික කරනවාට වඩා මම මගේ අධ්‍යාපනයෙහි අරමුණටයි මුල් තැන දුන්නේ.

අධ්‍යාපනයෙහි අනන්තය කරා ගමනාන්තයෙහි යෙදෙන්නන්ගේ හැටි කොහොමත් එහෙමය. ඒත් රංග යනු හොඳ හදවතක් ඇති, විනයක්, ගුණයක්, හරයක් තිබූ සරසවි සිසුවකු විය. ඊටත් එහා ගිය ගවේෂකයකු කිව්වොත් වඩාත් නිවැරදිය. සරසවියේ තෙවැනි වසරේ සිසුවකුව සිටියදී, විද්‍යාඥයකු වීම කරා යන ගමන සඳහා පශ්චාත් උපාධිය වෙනුවෙන් විදෙස්ගත වීම අනිවාර්යය වේ. ඔහු ඒ වෙනුවෙන් කොහේටද යන්නේ? යනුවෙන් පුද්ගලිකව සොයා බලා කටයුතු සම්පාදනය කර ගත්තේය. අවසන එක්සත් ජනපදය ඔහුගේ සංක්‍රමණික ගමනාන්තය වූවේය.

ඒ වෙනුවෙන් අවැසිව තිබූ විභාග ප්‍රවේශ සියල්ලටම මුහුණ දුන් ඔහු කොළඹ සරසවියෙන් පිටව යන්නේ උපාධිය ද සමග ශිෂ්‍යත්වයකට උරුමකම් කියමිනි. බෙහෝ විද්‍යාඥයින් ලොවට දායාද කළ වොෂින්ටන් සරසවියට ඔහු ඇතුළත් වුණි. බෙහෙවින් පවුලට ළැදිව සිටි මේ තරුණයාට පවුලෙන් ඈත්ව යාමට සිදුවීම ගෙන දුන්නේ මොන වගේ හැඟීමක්ද?

‘මම කිව්වේ මම අම්මාට බෙහෙවින් ළැදිව සමීපව සිටියාය කියලා. ඉතින් එයාලගෙන් සමුගෙන යාම හිතට ගෙන දුන්නෙ ලොකු දුකක්. ඒත් එයාලා දැනගෙන හිටියා. ඒ නිසා හිත හදාගෙන ඒ ගමන පිටත්වුණා.’

ඇමෙරිකාවට ගොස් පශ්චාත් උපාධිය සඳහා ඉගෙනීම ඔහුට ලෙහෙසි, පහසු කටයුත්තක් නම් නොවුණි. වෙසෙසින්ම දෙවැනි වසරේදී එහි ඇති අසීරුතාව නිසා එතෙක් ආ පිරිසෙන් අඩක්ම අසමත් වෙති. එසේ නොවී ඉදිරියටම යාමට නම් ලංකාවේදී මෙන් නොවී ඊටත් වඩා පස්ගුණයකට වඩා වැඩි වෙහෙසක් දරා ඉගෙනීමට ඔහුට සිදුවිය.

තමා ඉගෙන ගත් දේ අලුත් දෙයක් වෙනුවෙන් යොමු කරන්නේ කෙසේද යන්න විසඳුම් සෙවීම අතිශය බැරෑරුම් කටයුත්තක්ම විය. නමුත් ඊටත් වඩා ඔහුට අසීරු වූවේ ශීත සමයට මුහුණ දීමට සිදුවීමයි. ශීත සමය යනු දවසම වුවද නිද්‍රාගත වීමට සුදුසු පරිසරයක් ඇති කාලගුණික තත්ත්වයකි. එහෙත් ඔහු කළේ ඒ ශීතල විඳ දරා ගෙන දවසේ වැඩි පැය ගණනක් තම විෂයෙහි නිරතවීමය.

ශීත කාලයේ දී උපරිමයෙන් ඔහුට නිදා ගැනීමට ලැබුණේ පැය පහක පමණ කාලයක් පමණි. එලෙසින් දිගටම කටයුතු කළ ඔහු ඉඳහිට මිතුරන් සමග එක්ව ක්‍රිකට් ක්‍රීඩා කළේය. බොහෝ අවස්ථාවලදී ප්‍රියසාද වැනි අවස්ථා මෙන්ම සරසවියෙන් එහා නිදහස් ලෝකයේ සැරිසරා විනෝද වීම සමහර සිසුන්ගේ පුරුද්දක් නම් රංග ඒ සියල්ල පාලනය කරගත්තේ තමාගේ අරමුණ කරා යාමේ නිරවුල් දැක්ම තිබූ නිසාවෙනි.

මම කවදාවත් මත්පැන්, දුම්පානය කළේ නැහැ. අපේ මල්ලිත් නැහැ. අපට ගෙදර ඒ වගේ පරිසරයක් තිබුණෙත් නැහැ. අදටත් මම ඒවාට ඇබ්බැහිවෙලා නැහැ.

එසේ පවසන රංග හට ආචාර්ය උපාධිය කරා යන ගමනේ දී ඊළඟට මුහුණ දීමට සිදුවූ ලොකුම අභියෝගය වූයේ නව ව්‍යාපෘතියක් සොයා ගැනීමය. එහිදී ‘සුපිරි සන්නායකයක්’ සොයා ගැනීම සඳහා දැරූ ප්රයන්තය සාර්ථක විය.

‘පශ්චාත් උපාධිය යනු එකතකට මැරතන් එකක් වගෙයි. නමුත් කෙතරම් දුරට පාලනය කර ගන්නවාද යන්න ඉතා ඉවසීමෙන් කළයුතු දෙයක්.’

එකී සංයමය ඇතිව රංග සුපිරි සන්නායකයක් සොයා ගැනීමේ නොතිත් අරමුණ කරා දිවා රාත්‍රී නොබලා වෙහෙස වී ක්‍රියා කළේය. අඩු උෂ්ණත්වයකදී එහි උපත සඳහා වූ පරිසරය තිබේ. කාමර උෂ්ණත්වයේ දී හයිඩ්රජන් අධික පීඩනයකට අසුවුණොත් ඊළඟට එය ලෝහයක් බවට පත් වේ. එහි ගුණය වන්නේ සුපිරි සන්නායකයක් බිහිවීමයි. එසේ කටයුතු පරික්ෂණ කරමින් සිටිය දී මේ නුවණක්කාරයාගේ තරම දැන සිටි ලෝ ප්‍රකට හාවඩ් සරසවියේ මහාචාර්යවරයකු වෙතින් ‘එහි ඇවිත් අධ්‍යයන කටයුතුවල නියැළෙන්න.’ යැයි ඔහුට ආරාධනයක් ලැබිණි.

බිරිඳ සමඟ

ප්‍රථම වතාවේ දී රංග හට එහි යා නොහැකි වූයේ ආදරණීය තාත්තාගේ වියෝව නිසා මෙරටට ඒමට සිදුවීම නිසාය. පවුලේ ලොකු පුතා තාත්තාගේ මළගමට ඇවිත් පපුව ඇතුළේ ගැලූ ශෝකයේ කඳුළු ගංගාව දෙනෙතින් මුදා නොහැරීය. තාත්තාගේ අවසන් කටයුතු සිදුකෙරෙන මොහොතේ දී ඔහුට සිහිපත් වූයේ එදා තාත්තා සමග බොහෝ නිර්මාණ කරමින් ගෙවූ නිර්මානශීලී ගමනේ සේයාවන්ය.

‘තාත්තා තමයි මට හිතන්න පුරුදු කළේ. අම්මා තමයි මාව හැදුවේ’ ඔහු තනිවම මිමිණුවේය. ඊළඟට ශක්තිමත් හුස්මක් ගත්තේ පවුලේ ලොක්කා ලෙස කළයුතු වගකීම් භාරගැනීම වෙනුවෙනි. ඔහු එය අකුරටම ඉටු කළේය. දැන් අම්මාද, නැගණියද, මල්ලිද සිටින්නේ ඇමෙරිකාවේය.

තාත්තාගේ වියෝව නිසා තම උපාධිය තවත් මසකින් දිගු විය. දෙවැනි වරටත් හාවඩ් මහාචාර්යවරයා වෙතින් ඔහුට ඇරයුම් ලැබිණි. ඒත් වොෂින්ටනයේ තමා සිටි සරසවියට වචනයක් දී තිබූ නිසා ඒ අවස්ථාව ද ඔහුට මග හැරිණි. වචනයක් දුන්නොත් දුන්නාමය. එය වෙනස් කිරීම ඔහුගේ සිරිත නොවීය. නමුත් තෙවැනි වතාවේදී ලැබුණු ඇරයුම ඔහු ප්‍රතික්ෂේප නොකළේය.

මහා පොතක් බඳු දීර්ඝ වූ මේ කතාවේ ස්වර්ණමය මොහොත සඳහන් පිටුව ඊළඟට අපි කියවමු. එක්තරා රාත්‍රියක ස්වකීය අරමුණ කරා යන ගමනේ පරික්ෂණ අතරවාරයේදී රාත්‍රී 11 ට පමණ ඔහු දිලිසෙන යමක් දුටුවේය. ඒ වෙන කිසිවක් නොවේ. හයිඩ්රජන් ලෝහයක් කරගත් මොහොතය. රංග මේ තාක් දුටු සිහිනය යථාර්ථයක් වී තිබේ. ඔහු වහා තම මහාචාර්යවරයාට කතා කළේය. මධ්‍යම රාත්‍රියට ළඟා වී තිබුණ ද ඔහු එතැනට පියඹා ආයේය. ලෝකයට ඒ ගැන කීමට පෙර ඒ සරසවියේ විද්‍යාඥයන්ට එය පෙන්වා පැහැදිලි කර දීමට අමතරව එහි නිරවද්‍ය බව සනාථ කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිට විද්‍යාඥ මඩුල්ල වෙත එය යොමුකළ යුතු වේ.

ඒ සියල්ල පැහැදිලි සත්‍යයක්ම විණි. රංග ලෝකයට අලුත් දෙයක් සොයා දුන් මිනිසෙකි. එ් අපූරු සොයා ගැනීම 2018 ජනවාරියේ දී ලෝකයට ප්‍රකාශ කෙරුණි. ලෝ ප්‍රකට අංක එකේ විද්‍යා සඟරාව වන ‘සයන්ස්’ එය සනිටුහන් කළේය. භෞතික විද්‍යාවේ සියවසේ මිනිසාට ඒ අංශය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු යැයි ද දැන් යෝජනා වී තිබේ.

‘ජීවිතය හරි සතුටුයි. පොඩි කාලයේ ඉඳලාම දුටු සිහිනයක් සැබෑ කරගන්න පුළුවන් වුණා.’ මෙසේ පවසන රංග මෙන් තවත් කෙනෙකුට මෙලෙස අලුත් දෙයක් සොයා ගත හැකිද? එසේ නම් ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? අපි විමසීමු.

'Don't give up always a way'

ජීවිතය අත්හරින්න එපා. මාර්ගයක් තිබෙනවාමයි. ඔහු කියයි. මේ අපූරු මිනිසාගෙන් තරුණ පරපුරට මෙන්ම සරසවි සිසුනට ගත හැකි පරමාදර්ශ ගණනාවක්ම වෙයි. ආචාර්ය උපාධිය හදාරන අවධියේ දී ඔහු ඇමෙරිකා ජාතික සරසවි සිසුවියක සමග පෙමින් බැඳුණේය. 2016 දී ඒ විවාහය සිදුවිය.

‘ඇය මට වෙනස් ජාතියක වෙනස් රටක කෙනෙක් කියලා හිතුණෙ නැහැ. ඇය ඉතාම සරලයි, සිතිවිලි ඉතා සමානයි. මගේ විදියමයි. මම ඇයට මැරෙන තුරා ආදරෙයි.’

නැගණිය, මල්ලී සහ අමිමා සමඟ

රංග විවාහ වූයේ Louren Koelbl සමගය. දැන් ඇය Louren Koelbl Dias ය. මේ දෙපළට පුතෙක්ද සිටී. ඒ සිඟිති සුරතලා Julian Dias ය.

‘ලෝකෙට මොන දේ සොයා ගත්ත ද පවුලට ළැදි නැත්නම් එය සාර්ථක නැහැ.’

එසේ පවසන රංග ඩයස් මහාචාර්යවරයා පියෙකු ලෙස දරුවාට සෙනෙහස දෙන බිරිඳට ආදරය, ගෞරවය දක්වන යුතුකම් ඉටුකරන අපූරු සැමියෙකි. ඔහුගේ බිරිඳගේ තාත්තා එරට ප්‍රකට නීතිඥවරයෙකි. බිරිඳගේ සහෝදරයින් උපාධිධාරි වෘත්තීයවේදීන්ය.

‘මට ඒ පවුලත් හරියට මෙග් අම්මා තාත්තා, නංගී, මල්ලී වගේ. එයාලත් එහෙමයි.’

ඒ බැඳීම ඒ ගැළපීම එකඅතකට වාසනාවක්ම නොවේද? ‘පිරිමියකු වූ පසු ගසක් වවන්න, පොතක් ලියන්න, පුතෙක් හදන්න’ යැයි කියමනක් තිබේ. රංග ප්‍රභාෂ්වර ඩයස්, එතැනින් එහාට ගොස් ලෝකයට අලුත් දෙයක් දායාද කර තිබේ.

මහාචාර්යතුමනි ඔබ කවුද? අවසන අපි ඔහුගෙන් විමසීමු?

මම සාමාන්‍ය මිනිසෙක්. අරමුණක් ජීවිතේ තිබුණා. මොන බාධක ආවත් ඒ ගමන ගියා. නමුත් උපන්නේ කොතැනද යන්න කාටවත් වැදගත් නැහැ. අරමුණ තමයි වැදගත්. හැකි විදියට හැමෝටම උදව් කරගෙන නිහතමානීව ජීවිතය යාමේ මම කැමැතියි. මේ මගේ සොයා ගැනීමේ අවසානය නෙවෙයි, ආරම්භයයි.

සටහන : සඳුන් ගමගේ

[QUOTE="araki, post: 23390772, member: 360239"] [b]විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ[/b] [B][SIZE=5]විශිෂ්ටතම භෞතික විද්‍යා සොයා ගැනීමක් කළ ලාංකික මහාචාර්යවරයා රංග ඩයස්[/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][COLOR=#B22222][/COLOR][/B][COLOR=#B22222][B][SIZE=5]අභියෝග ජයගත් මිනිස්සු[/SIZE][/B][/COLOR] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_632656bf62.jpg[/IMG][/SIZE] [B][SIZE=5]මහාචාර්ය රංග ප්‍රභාෂ්වර ඩයස් (රංග ඩයස්)[/SIZE][/B] [SIZE=5] [/SIZE] [B][SIZE=5][COLOR=#B22222]අපි[/COLOR] පදිංචි වෙලා හිටියෙ කොට්ටාවේ. ළමා විය ගත කළ විදිය මට හොඳට මතකයි. ඒ කාලය ඇත්තටම හරිම සුන්දරයි. මහා ලොකු දිය ඇලි, ගංගා ඒ පළාතේ තිබුණෙ නැහැ. පුංචි ඇළ, දොළ, වතුර පාරවල් ගලා යන තැන් තමයි තිබුණෙ. යාළුවෝ එක්ක මම ඒ පුංචි දිය පාරවල් මත ඇවිද ගිහින්, දුව පැන සෙල්ලම් කළා. [/SIZE][/B] [SIZE=5]පාසල හමාර වී ගෙදර ආ හැටියෙ මම කළේ ඇළේ දොළේ දුව පැන ඇවිද ගිය එකයි. පිට්ටනියට ගිහිල්ලා සරුංගල් ඇරපු එකයි. සහතිකෙන්ම සරුංගල් යවන්න මම හරිම ආසා කළා. බොහොම සාමාන්‍ය පවුලක දරුවකු ලෙස පොඩි තැනකින් ඇවිත්, ලෝකයට මෙහෙම දෙයක් සොයා ගැනීමට දායක වීමට ලැබීම ගැන මට තියෙන්නෙ බොහොම නිහතමානී සතුටක්. මේ සතුට අද මා ලබන්නේ තනිවම ආ ගමනක් ලෙස නෙවෙයි. අම්මා, තාත්තා, ගුරුවරු, යාළුවෝ, නංගි, මල්ලි මෙන්ම සරසවියේ ගුරුවරු, ආචාර්ය, මහාචාර්යවරු ඇතුළු තවත් බොහෝ දෙනා මට මේ ගමන ඒමට උදව් කළා. [/SIZE] [SIZE=5]මෙලෙසින් අද ඔහු තාරුණ්‍යයේ සිටියදීම ජීවිතය වින්දනය කරන්නේය. සැබෑ ලෙසම ආශිර්වාදය කරන්නේය. සැබැවින්ම ඔහු ජීවිතයට මහා අරුතක් ගෙන දුන් විශිෂ්ටයෙකි. මේ සියවසේ දී භෞතික විද්‍යාව වෙනුවෙන් විශිෂ්ටතම සොයා ගැනීම සිදුකළ මහා චරිතය ඔහුම වෙයි. මහාචාර්ය රංග ඩයස් යනු ඔහුගේ නාමයයි. මේ අභිමානවත් ශ්‍රී ලාංකීය චරිතය අද ජීවත් වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය. [/SIZE] [SIZE=5]මේ මහාචාර්ය රංග ඩයස් යනු කවුද? ලෝ ප්‍රකට චරිතයක් වූවේ කුමක් නිසාද? [/SIZE] [SIZE=5]හයිඩ්රජන් රසායන මූලද්‍රව්‍ය ලෝහයක් බවට පත් කළ හැකිය යන්න පසුගිය වසර 80 ක හෙවත් දශක අටක පමණ කාලය පුරාවට සිද්ධාන්තයක් පමණක්ව තිබිණි. ඒ සිද්ධාන්තය ප්‍රායෝගික කරගැනීම උදෙසා ලෝකයේ බොහෝ විද්වත්හු නිරන්තරයෙන් පර්යේෂණ සහ පරික්ෂණ සිදුකළහ. නමුත් කිසිවකුට එය ප්‍රායෝගික කරගැනීමට නොහැකි වූ සිද්ධාන්තයක්ම විය. මේ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයා ද නිරන්තරයෙන් ඒ වෙනුවෙන් පරික්ෂණ, නිරීක්ෂණ සහ නිගමන ආදී සියල්ල කළේය. අවසන මුළු ලොවටම සිද්ධාන්තයක් පමණක් වී තිබූ මෙය එසේ නොවූ ප්‍රායෝගික වීමක් බවට හෙළිදරව් කරමින් හයිඩ්රජන් නමැති රසායන මූලද්‍රව්‍යය ලෝහයක් බවට පත්කළ හැකිය යන්න ලෝකයට සොයා දීමට මේ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයාට හැකි විණි. [/SIZE] [SIZE=5]දැන් මේ නිසා අනාගත ප්‍රවාහන ක්ෂේත්රයට මෙන්ම විදුලි නිෂ්පාදන කටයුතුවලට වගේම විද්‍යුත් මෙන්ම තාක්ෂණික ක්ෂේත්රයේ කටයුතු උදෙසා ද වැය කළ පිරිවැය බිලියන ගණනකින් ඉතිරි කර ගැනීමට මිනිසාට හැකිව තිබේ. වෙසෙසින්ම අභ්‍යවකාශයට ගොසින් එහි ඇති දෑ ගැන සොයා බැලීමට නොතිත් ආසාවකින් පසුවන මිනිසාට රොකට් අභ්‍යවකාශ ගත කිරීමට යන කාලය පවා අවම කර ගත හැකිව තිබේ. මෙය සැබැවින්ම විශිෂ්ටතම සොයා ගැනීමකි. [/SIZE] [SIZE=5]ඇල්පෙනෙති තුඩක් තරම් වූ ජීවිතයේ මුහුණ දීමට නොහැකි වූ සමහර අභියෝග හමුවේ බොහෝ දෙනා ජීවිතයෙන් පලා යන සමාජයක මේ තුරුණු මහාචාර්යවරයා විශ්වීය අභියෝගයක් ජයගත් විශ්වීය මානවයෙකි. ඒ මිනිසාගේ අභියෝග ජයගත් කතාවේ රසවත්ම ඉතිරිය මෙතැන් සිට කියවමු. [/SIZE] [SIZE=5]රංග ප්‍රභාෂ්වර ඩයස් මේ විශිෂ්ටයාගේ සම්පූර්ණ නාමය වේ. කොට්ටාව ඔහුගේ උපන් ගම් පළාතය. නුගේගොඩ ශාන්ත ජෝශප් විද්‍යාලයටත් ඉන්පසුව මහරගම ජනාධිපති විද්‍යාලයටත් ගිය ඔහු පාසල් ගමනට සමුදුන්නේ කොළඹ රාජකීය විද්‍යාලයෙන් සමාජයට දායාද වූ දීප්තිමත් සිසුවකු ලෙසිනි. [/SIZE] [SIZE=5]රංගගේ තාත්තා චිත්‍ර ශිල්පියකු ලෙස කටයුතු කළ අතර අම්මා රැකියාවක නිරත නොවූවාය. මල්ලි කොළඹ සරසවියේ විද්‍යාපීඨ සිසුවකුව සිට දැන් ආචාර්ය උපාධිය සඳහා ඇමෙරිකාවට ගොස් සිටී. නැගණිය මේ වසෙර් උසස් පෙළට මුහුණ දීමට සූදානමින් සිටින්නීය. තාත්තා මියගියේ 2013 වසරේ දීය. රංග අදට ද එය සිහිපත් කරන්නේ මහත් වූ ශෝකයෙන් වග පෙනේ. [/SIZE] [SIZE=5]‘අපේ තාත්තා චිත්‍ර ශිල්පියකු වුණත් එයාට තිබුණෙ හොඳ ඉංජිනේරු දැනුමක්. සරලවම කිව්වොත් විද්‍යාත්මක ඥානයක්. ගෙදරට අවශ්‍ය බොහෝ ආම්පන්න කඩෙන් මිලදී ගත්තේ නැහැ. තාත්තා තමයි ඒ ඔක්කොම නිර්මාණය කළේ. මල්ලියි මායි ඒවාට උදව් කළා. ඒ නිසාම අපි දෙන්නත් ඒ කුසලතාව හුරුකර ගත්තා. කුඩා කාලයේ දී මං හරි ක්‍රියාශීලි චරිතයක්. වැඩියෙන්ම මම ආසා කළේ සරුංගල් යවන්න. ඒ අතරේ පොඩි පොඩි දේ ගැන අත්හදා බැලීම් කරන්නත් පුරුදු වී සිටියා. මට මතකයි ඒ දිනවල මං දුනු ඊතල පවා හදා ගත්තා. ඊතලය කෙතරම් දුරකට යැවිය හැකි ද යන නිගමනවල යෙදුණා. මේ එක් දෙයක් පමණයි. තවත් බොහෝ අත්හදා බැලීම් කළා.’ [/SIZE] [SIZE=5]පුංචි රංගට ඒ අත්හදා බැලීම්, පරික්ෂණ, නිගමන කිරීමට ගෙදරින් බාධාවක් නොවීය. තාත්තා සතු වූ කලාත්මක හැඩකාර බව සහ විද්‍යාත්මක ආභාසය ඔස්සේ හැදී වැඩුණු රංග පවුලේ වැඩිමලා ලෙස නැගණියට සහ මල්ලිට ආදර්ශවත් චරිතයක් වෙමින් කටයුතු කළේය. පොත පතේ වැඩ ටික ද ඔහු හොඳින් කළ ශිෂ්‍යයෙකු විය. දහවල් කාලයේ දී සරුංගල් යැවීමට මෙන්ම, රාත්‍රී කාලයේ දී අහස දිහා බලා සිටීමට ඔහු බෙහෙවින් ප්‍රිය කළේය. දිලිසෙන තරු, හිනැහෙන තරු, පාවෙන තරු, කඩා වැටෙන තරු ආදී තරු වළල්ලේ සිදුවන දේ ඔහු නිරික්ෂණය සහ නිගමනය කිරීමට පෙළඹ සිටියේය. තාරකා විද්‍යාව ඔහුගේ ප්‍රියතම විෂයක් විය. [/SIZE] [SIZE=5]1986 දී පෑයූ හේලිගේ ධූම කේතුව බැලීම නරක යැයි බොහෝ දෙනා කියා තිබියදී පුංචි රංග හේලිගේ ධූම කේතුව නිරික්ෂණය කළේය. එවකට පිළියන්දල සුබෝධි මධ්‍යස්ථානයෙහි තාරකා විද්‍යා සංගමයක් ස්ථාපිතව තිබිණි. මේ තාරකා සමාජයට සරසවි සිසුන් පාසල් සිසුන් මෙන්ම ඊට උනන්දු වූ බොහෝ දෙනා රොද බැඳ සිටියහ. එතැනට යාමට පුරුදු වූ පුංචි රංග එහි සිදුවන දේ දිහා බලා සිටියේ තේරුම්කමක් ඇතිව නොවේ. නමුත් ඊට සහභාගි වීම නිසා ඔහුගේ ජීවිතයට බොහෝ දැනුම ලැබිණි. එලෙසින් ළමා වියේ දී කටයුතු කළ රංග බාහිර වැඩකටයුතුවලට ද දායක වූ බව සිහිගන්වයි. [/SIZE] [SIZE=5]‘පහ වසරට එන විට මගේ ලොකුම අරමුණ වුණේ කෙටි දුර ධාවන ශූරයකු වීමටයි. මහරගම ජනාධිපති විද්‍යාලයේ සිටි සමස්ත කණ්ඩයමම වඩා දක්ෂයින්. ඒ දක්ෂයින් අතරට ගිහිල්ලා මටත් සමස්ත ලංකා තරග නියෝජනයට ඇත්නම් කියන අභියෝගය තමයි මට ජීවිතේ දැනුණ පළමු අභියෝගය. පසුව මා කණ්ඩායමට ඇතුළත් වුණා. තරගත් දිනුවා.’ [/SIZE] [SIZE=5]කෙටි දුර ධාවනය කෙරෙහි එදා එලෙසින් උනන්දු වූ රංග ජයග්‍රහණ ද ලබා ගත්තේය. නමුත් ඔහුට හති වැටුණේ නැත. විෂය කටයුතුවලදී පන්තියේ පළවැනියා වීමට නිරන්තරයෙන් හැකි විය. මේ සියල්ල කරද්දී ඔහු පිටුපසින් සිටි හෙවණැල්ල වූයේ ආදරණීය අම්මාය. තාත්තාට ආදරේ නමුත් රංග වඩා සමීපව සිටියේ අම්මා වෙතය. [/SIZE] [SIZE=5]රංග කොහේ කොතැන ගියත් අම්මා ඒ පිටුපස සිටියාය. සමහර දිනවල තාරකා විද්‍යා කටයුතු නිරික්ෂණය සඳහා රංග රාත්‍රී කඳවුරුවලට ද එක්විය. පුතා කොහේ ගියත්, හරි දේ කරන බවට වූ විශ්වාසය ගෙදර අයට තිබිණි. ඔහු ඒ විශ්වාසය බිඳ දැමූ දරුවකු නොවීය. විද්‍යාඥයකු වීම ඔහුගේ සිහිනයක් මෙන් වුවද නිකම්ම විද්‍යාඥයකු වීමට වඩා ඔහුගේ අරමුණ වූයේ ලෝකයට අලුත් දෙයක් සොයා ගැනීමය. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_86775f6016.jpg[/IMG][/SIZE] [B][SIZE=5]හාවඩ් සරසවියේ මහාචාර්යවරයා සමඟ[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]‘රංග තමයි මේ දේ සොයා ගත්තේ.’ කියන නොතිත් ආසාව උනන්දුව ඔහුට තිබිණි. ඒ උනන්දුව ඇතිව සිටි ඔහු සාමාන්‍ය පෙළ විශිෂ්ට සමාර්ථ 7 ක් (D-7) සහ එක් සමාර්ථයක් C-1) සහිතව එතෙර විණි. සී (C) සමාර්ථය ගත්තේ ලලිතකලා සෞන්දර්ය විෂය වෙතය. තාත්තාට නම් ඒ නිසා ටිකක් දුක හිතෙන්නට ඇති. ඒත් උසස් පෙළට අරමුණු කරගෙන සිටි සියලු විෂයයන් විශිෂ්ට ලෙස සමත්ව උසස් පෙළ කඩඉමට ඉතා සාර්ථකව මුහුණ දුන් ඔහුට ඊළඟට සිදුවූයේ නොසිතූ අන්දමේ කඩඉමක් ජයගැනීමේ අභියෝගයට මුහුණ දීමටය. [/SIZE] [SIZE=5]ප්‍රථම වසරේ දී ළමුන් 400 ක් විද්‍යා පීඨයට ඇතුළත්ව තිබුණා. එයින් එක් එක් අයගේ විෂයය තෝරා ගැනීම් මත වර්ග වුණා. පළමු වසරේදී මම සාර්ථකව මුල් කඩඉම පසු කළා. ඊළඟට විද්‍යාඥයකු වීමට නම් ව්‍යවහාරික ගණිතයට සහ භෞතික විද්‍යාවට වැඩිම ලකුණු ලබා ගැනීම අනිවාර්යය වීමක්. එය මට ගෙන දුන්නේ එක්තරා විදියක පීඩනයක්. භෞතික විද්‍යාව හැදෑරීමට සිසුන් 10 දෙනෙක් පමණයි කාණ්ඩයෙන් තෝරා ගත්තේ. එසේ තේරීමට නම් ව්‍යවහාරික ගණිතය සහ භෞතික විද්‍යාවට වැඩිම ලකුණු ලබාගත යුතු වුණා. ඒ අංශ දෙකටම මම දක්ෂ වීම සහ කැපවීම නිසා ඒ අභියෝගයත් ජයගත්තා.’ [/SIZE] [SIZE=5]සැබැවින්ම රංග පසුකළ ඒ කඩඉම ලෙහෙසි පහසු එකක් නම් නොවීය. භෞතික විද්‍යාව සඳහා තෝරා ගන්නා වූ සිසුන් 10 දෙනා අතරට යාම වෙනුවෙන් ඔහු විශේෂ කැපකිරීමක් කළේය. කොළඹ මහජන පුස්තකාලය ඔහුගේ මහගෙදර කරගෙන තම විෂයයට අදාළව දිවා රාත්‍රී නොබලා පොත පත පරිශීලනය කිරීමට පෙළැඹිණි. [/SIZE] [SIZE=5]පුස්තකාලය මට මගේ සදාතනික නවාතැන්පළ වගේ වුණා. පොත්පත්වලින් මා ගත් දැනුම බොහෝමයි.’ රංග කියයි. [/SIZE] [SIZE=5]එකම විෂය සඳහා වූ පොත්, ඔහු පරිශීලනය කළේ එකක් නොවේ. එකම විෂය සඳහා වූ වර්ගීකරණය යටතේ පොත් හතරක් පහක්ම කියැවීය. [/SIZE] [SIZE=5]‘මම කටපාඩම් කළේ නැහැ. ඒත් සිද්ධාන්ත තේරුම් ගන්න ඉගෙන ගත්තා. අර්ථකථන දැනගන්න, ඒ වගේම අවබෝධ කරගන්න, වගේම ඒවා ඔප්පු කර පෙන්වන්න මේ නිසා මට පුළුවන් වුණා.’ [/SIZE] [SIZE=5]එක අතකට විද්‍යාව යනු සොයා යෑමක් මිස අතරමග නැවතීමක් නොවේ. රංග තමාටම හුරුවූ ක්‍රමයක් හදාගෙන ගිය ඒ පාඩම් ආභාෂයෙහි යෙදුණු ගමන වත්මනෙහි ඔහු වගේ වෙන්නට සිහින මවන සිසුනට මහඟු ආදර්ශයක්ම වෙයි. [/SIZE] [SIZE=5] [/SIZE] [INDENT] [COLOR=#B22222][B][SIZE=5]රංග කොහේ කොතැන ගියත් අම්මා ඒ පිටුපස සිටියාය. සමහර දිනවල තාරකා විද්‍යා කටයුතු නිරික්ෂණය සඳහා රංග රාත්‍රී කඳවුරුවලට ද එක්විය. පුතා කොහේ ගියත්, හරි දේ කරන බවට වූ විශ්වාසය ගෙදර අයට තිබිණි. ඔහු ඒ විශ්වාසය බිඳ දැමූ දරුවකු නොවීය. විද්‍යාඥයකු වීම ඔහුගේ සිහිනයක් මෙන් වුවද නිකම්ම විද්‍යාඥයකු වීමට වඩා ඔහුගේ අරමුණ වූයේ ලෝකයට අලුත් දෙයක් සොයා ගැනීමය.[/SIZE][/B][/COLOR] [/INDENT] [SIZE=5] [/SIZE] [SIZE=5]රංග ගේ ජීවිතය වෙතින් උකහා ගත හැකි දේ නම් බොහෝමය. විද්‍යාඥයකු වීමේ අරමුණ කරා යන ගමනේ දී ඔබ පොත පතේ විතර ද නිරතව සිටියේ? අපි ඔහුගෙන් විමසීමු? [/SIZE] [SIZE=5]‘මම පොතේම හිටියේ නැහැ. යාළුවෝ එක්ක කඳු නැගීම වගේම වනාන්තරයේ සංචාරයට බෙහෙවින් ප්‍රිය කළා. අවුරුද්දකට දෙපාරක් විතර ශ්‍රීපාදය නමස්කාර කළ අවස්ථා තිබුණා. අවාරේ ඒ විදියට ගිහින් පාර සොයාගත නොහැකිව වන අලින්ට මැදිවූ අවස්ථාවකට අපි මුහුණ දුන්නා. එදා අපේ ජීවිත බේරුණේ හාස්කමකට වගෙයි.’ [/SIZE] [SIZE=5]මිත්‍යාව ගැන විශ්වාස නොකළත් රංග ඒ බිහිසුණු අවස්ථාව සිහිපත් කළේ එලෙසිනි. එවැනි ත්‍රාසජනක අවස්ථා මෙන්ම රසමුසු තැන් ද එකී සංචාර පුරා තිබුණ දේය. [/SIZE] [SIZE=5]‘ඒ විදියට සංචාරයේ ගියාම අපි කූඩාරම් අටවා ගෙන වනාන්තරයේ, ඒ වගේම කඳු මත රාත්‍රිය ගත කළා. ඒවා හරි සුන්දර අත්දැකීම්’ [/SIZE] [SIZE=5]සරසවිය යනු පාසල නොවේ. ඊළඟට එයින් පිටව යන්නේ රටේ අනාගතය භාර ගැනීම වෙනුවෙනි. ඒ හැරත් සරසවි සිසුවෝ වැඩිහිටියෝය. ඒ නිසා ආදරයට තහංචි ද නොවේ. සරසවියේ දී බැඳෙන ප්‍රේමය යනු සිද්ධාන්ත, මූලධර්ම, තර්ක ආදිය මත පදනම් වූවක්ම නොවේ. [/SIZE] [SIZE=5]‘රංග ඔබ කඳු විතර ද නැග්ගේ? එතකොට සමච්ඡේදනය කරලා බෙදන්නට බැරි වූ ප්‍රේමයක් එහෙම තිබුණේ නැද්ද? [/SIZE] [SIZE=5]ගැහැනු ළමයෙක් නම් හිටියා. හැබැයි පොරොන්දු දීම්, දිවුරීම් එහෙම නොවේ. එයා මගේ යන ගමනට බාධාවක් කරගත්තෙ නැහැ. අනේ මන්දා මම ආත්මාර්ථකාමී ද කියලා? සරසවියේ දී ආදරය වර්ග කරලා, ප්‍රභේද කරලා ඡේද කරලා අත්හදා බලා ප්‍රායෝගික කරනවාට වඩා මම මගේ අධ්‍යාපනයෙහි අරමුණටයි මුල් තැන දුන්නේ. [/SIZE] [SIZE=5]අධ්‍යාපනයෙහි අනන්තය කරා ගමනාන්තයෙහි යෙදෙන්නන්ගේ හැටි කොහොමත් එහෙමය. ඒත් රංග යනු හොඳ හදවතක් ඇති, විනයක්, ගුණයක්, හරයක් තිබූ සරසවි සිසුවකු විය. ඊටත් එහා ගිය ගවේෂකයකු කිව්වොත් වඩාත් නිවැරදිය. සරසවියේ තෙවැනි වසරේ සිසුවකුව සිටියදී, විද්‍යාඥයකු වීම කරා යන ගමන සඳහා පශ්චාත් උපාධිය වෙනුවෙන් විදෙස්ගත වීම අනිවාර්යය වේ. ඔහු ඒ වෙනුවෙන් කොහේටද යන්නේ? යනුවෙන් පුද්ගලිකව සොයා බලා කටයුතු සම්පාදනය කර ගත්තේය. අවසන එක්සත් ජනපදය ඔහුගේ සංක්‍රමණික ගමනාන්තය වූවේය. [/SIZE] [SIZE=5]ඒ වෙනුවෙන් අවැසිව තිබූ විභාග ප්‍රවේශ සියල්ලටම මුහුණ දුන් ඔහු කොළඹ සරසවියෙන් පිටව යන්නේ උපාධිය ද සමග ශිෂ්‍යත්වයකට උරුමකම් කියමිනි. බෙහෝ විද්‍යාඥයින් ලොවට දායාද කළ වොෂින්ටන් සරසවියට ඔහු ඇතුළත් වුණි. බෙහෙවින් පවුලට ළැදිව සිටි මේ තරුණයාට පවුලෙන් ඈත්ව යාමට සිදුවීම ගෙන දුන්නේ මොන වගේ හැඟීමක්ද? [/SIZE] [SIZE=5]‘මම කිව්වේ මම අම්මාට බෙහෙවින් ළැදිව සමීපව සිටියාය කියලා. ඉතින් එයාලගෙන් සමුගෙන යාම හිතට ගෙන දුන්නෙ ලොකු දුකක්. ඒත් එයාලා දැනගෙන හිටියා. ඒ නිසා හිත හදාගෙන ඒ ගමන පිටත්වුණා.’ ඇමෙරිකාවට ගොස් පශ්චාත් උපාධිය සඳහා ඉගෙනීම ඔහුට ලෙහෙසි, පහසු කටයුත්තක් නම් නොවුණි. වෙසෙසින්ම දෙවැනි වසරේදී එහි ඇති අසීරුතාව නිසා එතෙක් ආ පිරිසෙන් අඩක්ම අසමත් වෙති. එසේ නොවී ඉදිරියටම යාමට නම් ලංකාවේදී මෙන් නොවී ඊටත් වඩා පස්ගුණයකට වඩා වැඩි වෙහෙසක් දරා ඉගෙනීමට ඔහුට සිදුවිය. [/SIZE] [SIZE=5]තමා ඉගෙන ගත් දේ අලුත් දෙයක් වෙනුවෙන් යොමු කරන්නේ කෙසේද යන්න විසඳුම් සෙවීම අතිශය බැරෑරුම් කටයුත්තක්ම විය. නමුත් ඊටත් වඩා ඔහුට අසීරු වූවේ ශීත සමයට මුහුණ දීමට සිදුවීමයි. ශීත සමය යනු දවසම වුවද නිද්‍රාගත වීමට සුදුසු පරිසරයක් ඇති කාලගුණික තත්ත්වයකි. එහෙත් ඔහු කළේ ඒ ශීතල විඳ දරා ගෙන දවසේ වැඩි පැය ගණනක් තම විෂයෙහි නිරතවීමය. [/SIZE] [SIZE=5]ශීත කාලයේ දී උපරිමයෙන් ඔහුට නිදා ගැනීමට ලැබුණේ පැය පහක පමණ කාලයක් පමණි. එලෙසින් දිගටම කටයුතු කළ ඔහු ඉඳහිට මිතුරන් සමග එක්ව ක්‍රිකට් ක්‍රීඩා කළේය. බොහෝ අවස්ථාවලදී ප්‍රියසාද වැනි අවස්ථා මෙන්ම සරසවියෙන් එහා නිදහස් ලෝකයේ සැරිසරා විනෝද වීම සමහර සිසුන්ගේ පුරුද්දක් නම් රංග ඒ සියල්ල පාලනය කරගත්තේ තමාගේ අරමුණ කරා යාමේ නිරවුල් දැක්ම තිබූ නිසාවෙනි. [/SIZE] [SIZE=5]මම කවදාවත් මත්පැන්, දුම්පානය කළේ නැහැ. අපේ මල්ලිත් නැහැ. අපට ගෙදර ඒ වගේ පරිසරයක් තිබුණෙත් නැහැ. අදටත් මම ඒවාට ඇබ්බැහිවෙලා නැහැ. [/SIZE] [SIZE=5]එසේ පවසන රංග හට ආචාර්ය උපාධිය කරා යන ගමනේ දී ඊළඟට මුහුණ දීමට සිදුවූ ලොකුම අභියෝගය වූයේ නව ව්‍යාපෘතියක් සොයා ගැනීමය. එහිදී ‘සුපිරි සන්නායකයක්’ සොයා ගැනීම සඳහා දැරූ ප්රයන්තය සාර්ථක විය. [/SIZE] [SIZE=5]‘පශ්චාත් උපාධිය යනු එකතකට මැරතන් එකක් වගෙයි. නමුත් කෙතරම් දුරට පාලනය කර ගන්නවාද යන්න ඉතා ඉවසීමෙන් කළයුතු දෙයක්.’ [/SIZE] [SIZE=5]එකී සංයමය ඇතිව රංග සුපිරි සන්නායකයක් සොයා ගැනීමේ නොතිත් අරමුණ කරා දිවා රාත්‍රී නොබලා වෙහෙස වී ක්‍රියා කළේය. අඩු උෂ්ණත්වයකදී එහි උපත සඳහා වූ පරිසරය තිබේ. කාමර උෂ්ණත්වයේ දී හයිඩ්රජන් අධික පීඩනයකට අසුවුණොත් ඊළඟට එය ලෝහයක් බවට පත් වේ. එහි ගුණය වන්නේ සුපිරි සන්නායකයක් බිහිවීමයි. එසේ කටයුතු පරික්ෂණ කරමින් සිටිය දී මේ නුවණක්කාරයාගේ තරම දැන සිටි ලෝ ප්‍රකට හාවඩ් සරසවියේ මහාචාර්යවරයකු වෙතින් ‘එහි ඇවිත් අධ්‍යයන කටයුතුවල නියැළෙන්න.’ යැයි ඔහුට ආරාධනයක් ලැබිණි. [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_6e25a31f32.jpg[/IMG][/SIZE] [B][SIZE=5]බිරිඳ සමඟ[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]ප්‍රථම වතාවේ දී රංග හට එහි යා නොහැකි වූයේ ආදරණීය තාත්තාගේ වියෝව නිසා මෙරටට ඒමට සිදුවීම නිසාය. පවුලේ ලොකු පුතා තාත්තාගේ මළගමට ඇවිත් පපුව ඇතුළේ ගැලූ ශෝකයේ කඳුළු ගංගාව දෙනෙතින් මුදා නොහැරීය. තාත්තාගේ අවසන් කටයුතු සිදුකෙරෙන මොහොතේ දී ඔහුට සිහිපත් වූයේ එදා තාත්තා සමග බොහෝ නිර්මාණ කරමින් ගෙවූ නිර්මානශීලී ගමනේ සේයාවන්ය. [/SIZE] [SIZE=5] ‘තාත්තා තමයි මට හිතන්න පුරුදු කළේ. අම්මා තමයි මාව හැදුවේ’ ඔහු තනිවම මිමිණුවේය. ඊළඟට ශක්තිමත් හුස්මක් ගත්තේ පවුලේ ලොක්කා ලෙස කළයුතු වගකීම් භාරගැනීම වෙනුවෙනි. ඔහු එය අකුරටම ඉටු කළේය. දැන් අම්මාද, නැගණියද, මල්ලිද සිටින්නේ ඇමෙරිකාවේය. [/SIZE] [SIZE=5]තාත්තාගේ වියෝව නිසා තම උපාධිය තවත් මසකින් දිගු විය. දෙවැනි වරටත් හාවඩ් මහාචාර්යවරයා වෙතින් ඔහුට ඇරයුම් ලැබිණි. ඒත් වොෂින්ටනයේ තමා සිටි සරසවියට වචනයක් දී තිබූ නිසා ඒ අවස්ථාව ද ඔහුට මග හැරිණි. වචනයක් දුන්නොත් දුන්නාමය. එය වෙනස් කිරීම ඔහුගේ සිරිත නොවීය. නමුත් තෙවැනි වතාවේදී ලැබුණු ඇරයුම ඔහු ප්‍රතික්ෂේප නොකළේය. [/SIZE] [SIZE=5]මහා පොතක් බඳු දීර්ඝ වූ මේ කතාවේ ස්වර්ණමය මොහොත සඳහන් පිටුව ඊළඟට අපි කියවමු. එක්තරා රාත්‍රියක ස්වකීය අරමුණ කරා යන ගමනේ පරික්ෂණ අතරවාරයේදී රාත්‍රී 11 ට පමණ ඔහු දිලිසෙන යමක් දුටුවේය. ඒ වෙන කිසිවක් නොවේ. හයිඩ්රජන් ලෝහයක් කරගත් මොහොතය. රංග මේ තාක් දුටු සිහිනය යථාර්ථයක් වී තිබේ. ඔහු වහා තම මහාචාර්යවරයාට කතා කළේය. මධ්‍යම රාත්‍රියට ළඟා වී තිබුණ ද ඔහු එතැනට පියඹා ආයේය. ලෝකයට ඒ ගැන කීමට පෙර ඒ සරසවියේ විද්‍යාඥයන්ට එය පෙන්වා පැහැදිලි කර දීමට අමතරව එහි නිරවද්‍ය බව සනාථ කිරීම වෙනුවෙන් සැදී පැහැදී සිට විද්‍යාඥ මඩුල්ල වෙත එය යොමුකළ යුතු වේ. [/SIZE] [SIZE=5]ඒ සියල්ල පැහැදිලි සත්‍යයක්ම විණි. රංග ලෝකයට අලුත් දෙයක් සොයා දුන් මිනිසෙකි. එ් අපූරු සොයා ගැනීම 2018 ජනවාරියේ දී ලෝකයට ප්‍රකාශ කෙරුණි. ලෝ ප්‍රකට අංක එකේ විද්‍යා සඟරාව වන ‘සයන්ස්’ එය සනිටුහන් කළේය. භෞතික විද්‍යාවේ සියවසේ මිනිසාට ඒ අංශය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු යැයි ද දැන් යෝජනා වී තිබේ. [/SIZE] [SIZE=5]‘ජීවිතය හරි සතුටුයි. පොඩි කාලයේ ඉඳලාම දුටු සිහිනයක් සැබෑ කරගන්න පුළුවන් වුණා.’ මෙසේ පවසන රංග මෙන් තවත් කෙනෙකුට මෙලෙස අලුත් දෙයක් සොයා ගත හැකිද? එසේ නම් ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? අපි විමසීමු. [/SIZE] [SIZE=5]'Don't give up always a way' [/SIZE] [SIZE=5]ජීවිතය අත්හරින්න එපා. මාර්ගයක් තිබෙනවාමයි. ඔහු කියයි. මේ අපූරු මිනිසාගෙන් තරුණ පරපුරට මෙන්ම සරසවි සිසුනට ගත හැකි පරමාදර්ශ ගණනාවක්ම වෙයි. ආචාර්ය උපාධිය හදාරන අවධියේ දී ඔහු ඇමෙරිකා ජාතික සරසවි සිසුවියක සමග පෙමින් බැඳුණේය. 2016 දී ඒ විවාහය සිදුවිය. [/SIZE] [SIZE=5]‘ඇය මට වෙනස් ජාතියක වෙනස් රටක කෙනෙක් කියලා හිතුණෙ නැහැ. ඇය ඉතාම සරලයි, සිතිවිලි ඉතා සමානයි. මගේ විදියමයි. මම ඇයට මැරෙන තුරා ආදරෙයි.’ [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_e34e7c3bd5.jpg[/IMG][/SIZE] [B][SIZE=5]නැගණිය, මල්ලී සහ අමිමා සමඟ[/SIZE][/B] [SIZE=5] [/SIZE] [SIZE=5]රංග විවාහ වූයේ Louren Koelbl සමගය. දැන් ඇය Louren Koelbl Dias ය. මේ දෙපළට පුතෙක්ද සිටී. ඒ සිඟිති සුරතලා Julian Dias ය. [/SIZE] [SIZE=5]‘ලෝකෙට මොන දේ සොයා ගත්ත ද පවුලට ළැදි නැත්නම් එය සාර්ථක නැහැ.’ [/SIZE] [SIZE=5]එසේ පවසන රංග ඩයස් මහාචාර්යවරයා පියෙකු ලෙස දරුවාට සෙනෙහස දෙන බිරිඳට ආදරය, ගෞරවය දක්වන යුතුකම් ඉටුකරන අපූරු සැමියෙකි. ඔහුගේ බිරිඳගේ තාත්තා එරට ප්‍රකට නීතිඥවරයෙකි. බිරිඳගේ සහෝදරයින් උපාධිධාරි වෘත්තීයවේදීන්ය. [/SIZE] [SIZE=5]‘මට ඒ පවුලත් හරියට මෙග් අම්මා තාත්තා, නංගී, මල්ලී වගේ. එයාලත් එහෙමයි.’ [/SIZE] [SIZE=5]ඒ බැඳීම ඒ ගැළපීම එකඅතකට වාසනාවක්ම නොවේද? ‘පිරිමියකු වූ පසු ගසක් වවන්න, පොතක් ලියන්න, පුතෙක් හදන්න’ යැයි කියමනක් තිබේ. රංග ප්‍රභාෂ්වර ඩයස්, එතැනින් එහාට ගොස් ලෝකයට අලුත් දෙයක් දායාද කර තිබේ. [/SIZE] [SIZE=5]මහාචාර්යතුමනි ඔබ කවුද? අවසන අපි ඔහුගෙන් විමසීමු? [/SIZE] [SIZE=5]මම සාමාන්‍ය මිනිසෙක්. අරමුණක් ජීවිතේ තිබුණා. මොන බාධක ආවත් ඒ ගමන ගියා. නමුත් උපන්නේ කොතැනද යන්න කාටවත් වැදගත් නැහැ. අරමුණ තමයි වැදගත්. හැකි විදියට හැමෝටම උදව් කරගෙන නිහතමානීව ජීවිතය යාමේ මම කැමැතියි. මේ මගේ සොයා ගැනීමේ අවසානය නෙවෙයි, ආරම්භයයි.[/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5] [/SIZE] [B][SIZE=5]සටහන : සඳුන් ගමගේ[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom