Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශිෂ්ඨයෙකු වගේ පුහුණුවෙන්න Train like a champion
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

21/90 රීතිය - 21/90 Rule

"අම්මයි, තාත්තයි කියන ප්‍රතිඵලේ ගන්නනම් මම වැඩ කරන්න ඕන බව මම දන්නවා. ඒත් මම වැඩ කරන්න පටන්ගත්තට ඒක එකදිගට කරගෙන යන්න බැහැ. මම ඒක අතෑරලා දානවා. පන්තියෙ අනිත් හැමෝම මේ කාලේ වැඩ කරනවා. මේ කාලේ වැඩ කලාම විභාගයේදී හොඳ ප්‍රැක්ටිස් එක තියෙනවනෙ. ඒත් මට එක දිගට කරන්න බැරි නිසා results අඩුවෙයි කියලා බයයි."

මීට මාස කීපයකට කලින්, දුරකථනයෙන් මා සමඟ සම්බන්ධ වෙන උසස් පෙල සිසුවෙක් තමන්ගේ පුහුණුව ගැන මැසිවිලි නගන්නේ එහෙමයි. ඇත්තටම ඔහුට තිබුණේ පුහුණුවේ වැදගත් බව නොදන්නාකමක් නෙමෙයි. පුහුණුවේ වටිනාකම නොතේරුම්කම නෙමෙයි. පුහුණුවට, අභ්‍යාසයට අඛණ්ඩව ඇලී නොසිටින්නට බැරි ප්‍රශ්නයක්. පුහුණුවීම දෛනිකව, අඛණ්ඩව, උග්‍රව ක්‍රියාත්මක කරන්න බැරි ගැටළුවක්.

පුහුණුව විතරක් නෙමෙයි, ඕනෑම කටයුත්තක් එකපාරක්, දෙපාරක් කල පමණින් ඔබේවත්, මගේවත් ඇඟට, මනසට, ඇට, ලේ, මස්, නහරවලට එන්නත් වෙන්නේ නැහැ. පදම් වෙන්නේ නෑ. අඛණ්ඩව, වුවමනාවෙන්, අභිප්‍රේරණයෙන් අදාල කටයුත්ත දිගටම ක්‍රියාත්මක කරන්න නම්, ඇඟට, මනසට, ඇට, ලේ, මස් නහර වලටම අදාල කටයුත්ත පදම් වෙන්නනම්, එන්නත් වෙන්නනම් ඒ කටයුත්ත තමන්ගේ පුරුද්දක් බවට පත් කරගැනීම අනිවාර්යයි. නැතිනම් ජීවන රටාවේ කොටසක් බවට පත්කරගැනීම අනිවාර්යයි.

අපි හැම උදෑසනකම මුහුණ සෝදනවා. මුහුණ සෝදන්න අපි විශේෂයෙන් පරිශ්‍රමයක් දරන්න ඕන නැහැ. විශේෂ උත්සහයක් දරන්න ඕන නැහැ. අපි එය කුඩා කාලයේ ඉඳලා අඛණ්ඩව කරලා, දෛනිකව කරලා පුරුද්දක් බවට පත් කරගෙන සිටිනවා. අපේ ජීවන රටාවේ කොටසක් බවට පත් කරගෙන සිටිනවා. බැරි වෙලාවත් අපිට මුහුණ සෝදන්න බැරි වුනොත් තමයි අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම නැතුව මුහුණ සෝදන එක ජීවිතයේම කොටසක් නිසා අපිට කිසිවිටක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබේ විභාගයට අදාල අභ්‍යාසයත්, ඔබේ වෘත්තියේ, ව්‍යාපාරයේ සාර්ථකත්වයට අදාල පුහුණුවත් ඒ වගේ තමයි. දෛනිකව කරනවානම්, අඛණ්ඩව කරනවානම් එය පුරුද්දක් බවට පත්වෙනවා. ජීවන රටාවේ කොටසක් බවට පත්වෙනවා. එතකොට පුහුණුවීම, අභ්‍යාස කිරීම කියන්නේ ඔබට ගැටළුවක් නෙමෙයි. එය පුරුද්දක් බවට පත් වුණාම ගැටළුව ඇතිවෙන්නේ ඔබ දවසක් හෝ පුහුණුව මගහැරියොත්, අභ්‍යාසය මගහැරියොත්.

මනෝවිද්යායින්ට අනුව යම්කිසි කාර්යයක් අඛණ්ඩව දින විසි එකක් ක්‍රියාත්මක කිරීම, එය අදාල පුද්ගලයාගේ පුරුද්දක් බවට පත් කරනවා. විභාගයට සූදානම් වීම සඳහා දෛනිකව පැය 5 ක් අඛණ්ඩව දින විසි එකක් ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන්නම්, 22 වන දිනයේ ඉඳලා එය ඔබේ පුරුද්දක් බවට පත්වෙනවා. හිතලා, වුවමනාවෙන් කරනවා වෙනුවට මෙය කල යුතු බව දැනගෙන ඔබේ මනසත්, ශරීරයත් ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා.

ඒ වගේම තමයි දින 90 ක අඛණ්ඩ ක්‍රියාත්මක වීම, ඔබට ජීවන රටාවක් නිර්මාණය කර දෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් අඛණ්ඩව මාස 3 ක්, පැය 3 බැගින් දෛනිකව තමන්ගේ පුහුණුවට කැප කරනවානම් ඒ පුහුණුවීම ඔහුගේ ජීවිතයේම කොටසක් බවට පත්වෙනවා. දත් මදිනවා, මූණ සෝදනවා, දහවල් ආහාරය ගන්නවා, නිදාගන්නවා වගේ අත්‍යාවශ්‍ය, පැහැර හැරිය නොහැකි කාර්යයක් බවට පුහුණුව පත්වෙනවා. දින 21 සහ දින 90 ඉලක්කය අපහසුවෙන්, අමාරුවෙන් හෝ සම්පූර්ණ කරන කෙනෙකුට එතනින් පස්සේ පුහුණුව කියන්නේ ඒ තරම් බැරෑරුම් සහගත, නාභිගත වෙන්න අපහසු ඉලක්කයක් නෙමෙයි. දින 21 සහ දින 90 ප්‍රායෝගික ඉලක්කය, ඔබව පුහුණුවට ගැලපෙන ස්වංක්‍රීය රිද්මයකට හැඩගස්වනවා.

විශිෂ්ඨත්වයේ පුහුණුව - The champion training

සාර්ථක වෙන්න, විශිෂ්ඨයෙක් වෙන්න උග්‍ර, අඛණ්ඩ පුහුණුව, අභ්‍යාසය අත්‍යාවශ්‍යයි කියන දේ වටහා ගත්තත්, විශිෂ්ඨත්වයට පත්වෙන්න කොපමණ කාලයක්, කොපමණ ප්‍රමාණයක් පුහුණුවීම් කලයුතුද කියන දේ බොහෝ දෙනෙකුට ගැටළු සහගත වෙන්න පුළුවන්. දහ දෙනෙකුට මේ ප්රශ්නය යොමු කලොත් ඔබට එකිනෙකට වෙනස් පිලිතුරු දහයක් ලැබෙන්න පුළුවන්. අවුරුද්දක් පුහුණුවෙන්න ඕන. අවුරුදු 3 ක් පුහුණුවෙන්න ඕන. අවුරුදු 5 ක් පුහුණුවෙන්න ඕන ආදී වශයෙන් ඔවුන් පිලිතුරු දෙන්න පුළුවන්. ඒ අතර ඔබට ලැබෙන ජනප්‍රියම පිලිතුරක් වෙන්නේ පැය 10,000 ක පුහුණුවක් විශිෂ්ඨයෙක් වෙන්න අවශ්‍යයි කියන එක. මිනිත්තු වලින් ගත්තොත් මිනිත්තු 600,000 ක් පුහුණුවිය යුතුයි කියන පිළිතුර. කලමණාකරණ ක්ෂේත්රයේදී "10,000 hour rule" ලෙස බොහෝ අය මේ සංකල්පය හඳුන්වනවා. නමුත් ඒ පිලිතුර නියත වශයෙන්ම සාර්ථක පිළිතුරක්, නිවැරදි ක්‍රමවේදයක් බව මෙතෙක් කොහෙවත්, මොන විදියෙන්වත් ඔප්පු කරලා නැහැ. ස්ථීර කරලා නැහැ.

ඔලිම්පික් තරඟ බිමේදී ජයග්‍රාහයකයන් බවට පත්වෙන සියල්ලන්ම නියත වශයෙන්ම උග්‍ර, අඛණ්ඩ පුහුණුව සම්පූර්ණ කල අය වෙනවා. නමුත් ඔවුන්ගේ ඇතමෙක් පැය දස දහසේ පුහුණු සීමාව සම්පූර්ණ කල අයවෙද්දි තවත් පිරිසක් ඉතා කෙටි කලක් පුහුණු වූ අය වෙනවා. පිරිසක් වරක්, දෙවරක් නෙමෙයි තෙවරක්, සිව්වරක් ඔලිම්පික් ඇවිල්ලා පදක්කමක් දිනද්දි ඇතමුන් පලමු අවස්ථාවෙන්ම රන් පදක්කමකට හිමිකම් කියනවා. එතනදි බලපෑම් සහගත වෙන්නෙ ඔවුන්ගේ පුහුණු කාලය කියන සාධකය නෙමෙයි. ඔවුන් පුහුණුවට යොදපු ප්‍රමාණය කියන සාධකය. ඒ සාධකය අතිශය තීරණාත්මකයි. ඔබ පැය දස දහසේ සංකල්පය විශ්වාස කරලා දීර්ඝ පුහුණුවක් ලබන එක වැරැද්දක් නෙමෙයි. නමුත් ඒ පැය දස දහසටම ඔබ යොදන ඔබේ ශක්ති ප්‍රමාණය හරි කුඩා එකක් වුණොත්, ඔබට විශිෂ්ඨත්වය සිහිනයක් පමණක් වෙනවා. පැය 1000 ක් පුහුණු වුණත්, ඔබ ඒ පැය දහසට දෙන ඔබේ ශක්ති ප්‍රමාණය ඉහළ නම්, වැඩි නම් ඔබ විශිෂ්ඨත්වයට පත්වෙනවා. ක්‍රීඩා බිමේ, ජීවන තරඟ බිමේ වගේම ව්‍යාපාරික තරඟ බිමේත් විශිෂ්ඨයෙක් බවට පත්වෙනවා. මෙතරම් කාලයක්, මේ තරම් ප්‍රමාණයක් පුහුණුවිය යුතුයි කියලා අනුමත, නිශ්චිත නියමයක් නැතත් ඔබ පුහුණුවන කාලසීමාව තුළ, ඔබ ඔබේ උපරිමය ඒ සඳහා යොදනවනානම් සාර්ථකත්වයේ විස්මිත ප්‍රතිඵල ඔබට අත්විඳින්නට හැකිවෙනවා.

ව්‍යාපාරික වැඩසටහන් වලට සම්බන්ධ වෙද්දි, පුද්ගල සංවර්ධන සැසිවලට එක්වෙද්දි, බිස්නස් ෆේල් වෙනවා, අපිට බිස්නස් කරන්න අමාරුයි කියන පුද්ගලයින් ඕනෑ තරම් මට හමුවෙනවා. නමුත් සැබෑ ලෙසම ගැටළුව වෙන්නේ ඔවුන්ට බිස්නස් බැරිකම නෙමෙයි. බිස්නස් කරන්න අවශ්‍ය පුහුණුව ඔවුන් සතුව නැතිකම. අනික් සියළු ක්ෂේත්රවල අයට වගේ ව්‍යාපාර ක්ෂේත්රයේ ජයග්‍රහණය සඳහාත් අවශ්‍ය වෙන උග්‍ර, අඛණ්ඩ පුහුණුව, අභ්‍යාසය ලබාගෙන නොමැතිකම. නැතිනම් තමන්ගේ පුහුණුව සඳහා තමන්ගේ උපරිමය යොදා නොමැතිකම.

අපි ගඟකට, මුහුදකට, ඇලකට, දොලකට පනින්න කලින් පිහිනන්න ඉගෙන ගන්නවා. අත් පා ගසමින් වතුරේ පාවෙන හැටි, පිහිනන හැටි ප්‍රගුණ කරනවා. එහෙම පිහිනන්න ඉගෙන ගන්න පලමු අවස්ථාවේදී වතුරේ පෙවිලා ඇතැම්විට මරණීය අත්දැකීමකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් කාලයක් යද්දි අපි ඊට ඔරොත්තු දෙනවා. හැඩගැහෙනවා. බැරි වෙලාවත් පිහිනන්න පුරුදු නොවී වතුරට පැන්නොත් අපිට ගිලිලා මැරෙන්න වෙනවා. පුහුණුවක් නැති කමින් විනාශ වෙන්න සිද්ධ වෙනවා. උග්‍රව අඛණ්ඩව පුහුණු වූ අයෙකුටනම් එහෙම අවදානමක් නෑ. ඔහුට තමන් ගැන විශ්වාසය තියනවා. පිහිනීම තමන්ගේ පුරුද්දක් බවට ඔහු පත්කරගෙන සිටිනවා. පුහුණුවේදී තමන්ගේ උපරිමය යොදලා ඔහු වතුර එක්ක ගණුදෙණු කරන්න ඉගෙන ගෙන තියනවා.

බිස්නස් කියන ගැඹුරු, දීර්ඝ ජලාශයට පනින්න කලිනුත්, ඒ තුළ සාර්ථකව පිහිනන්න අවශ්‍ය පුහුණුව, අභ්‍යාසය ලබාගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. දැඩි, රිදුමක්, වේදනාවක්, පීඩනයක් යටතේ ඔබ ඒ පුහුණුව ලබාගන්න අකමැතිනම් ඔබට ගිලිලා මැරෙන්න සිද්ධවෙනවා. නිරපරාදේ විනාශ වෙන්න වෙනවා.

උග්‍රව, අඛණ්ඩව පුහුණු වෙනවද? ගිලී මියගොස් විනාශ වෙනවාද? විශිෂ්ඨයෙක් වෙන්න සිහින දකින ඔබට නැවතත් සිතා බලන්නට වෙනවා.

ප්‍රමේෂ් වික්‍රමසිංහ

[QUOTE="kavindu84, post: 25450163, member: 561840"] 21/90 රීතිය - 21/90 Rule "අම්මයි, තාත්තයි කියන ප්‍රතිඵලේ ගන්නනම් මම වැඩ කරන්න ඕන බව මම දන්නවා. ඒත් මම වැඩ කරන්න පටන්ගත්තට ඒක එකදිගට කරගෙන යන්න බැහැ. මම ඒක අතෑරලා දානවා. පන්තියෙ අනිත් හැමෝම මේ කාලේ වැඩ කරනවා. මේ කාලේ වැඩ කලාම විභාගයේදී හොඳ ප්‍රැක්ටිස් එක තියෙනවනෙ. ඒත් මට එක දිගට කරන්න බැරි නිසා results අඩුවෙයි කියලා බයයි." මීට මාස කීපයකට කලින්, දුරකථනයෙන් මා සමඟ සම්බන්ධ වෙන උසස් පෙල සිසුවෙක් තමන්ගේ පුහුණුව ගැන මැසිවිලි නගන්නේ එහෙමයි. ඇත්තටම ඔහුට තිබුණේ පුහුණුවේ වැදගත් බව නොදන්නාකමක් නෙමෙයි. පුහුණුවේ වටිනාකම නොතේරුම්කම නෙමෙයි. පුහුණුවට, අභ්‍යාසයට අඛණ්ඩව ඇලී නොසිටින්නට බැරි ප්‍රශ්නයක්. පුහුණුවීම දෛනිකව, අඛණ්ඩව, උග්‍රව ක්‍රියාත්මක කරන්න බැරි ගැටළුවක්. පුහුණුව විතරක් නෙමෙයි, ඕනෑම කටයුත්තක් එකපාරක්, දෙපාරක් කල පමණින් ඔබේවත්, මගේවත් ඇඟට, මනසට, ඇට, ලේ, මස්, නහරවලට එන්නත් වෙන්නේ නැහැ. පදම් වෙන්නේ නෑ. අඛණ්ඩව, වුවමනාවෙන්, අභිප්‍රේරණයෙන් අදාල කටයුත්ත දිගටම ක්‍රියාත්මක කරන්න නම්, ඇඟට, මනසට, ඇට, ලේ, මස් නහර වලටම අදාල කටයුත්ත පදම් වෙන්නනම්, එන්නත් වෙන්නනම් ඒ කටයුත්ත තමන්ගේ පුරුද්දක් බවට පත් කරගැනීම අනිවාර්යයි. නැතිනම් ජීවන රටාවේ කොටසක් බවට පත්කරගැනීම අනිවාර්යයි. අපි හැම උදෑසනකම මුහුණ සෝදනවා. මුහුණ සෝදන්න අපි විශේෂයෙන් පරිශ්‍රමයක් දරන්න ඕන නැහැ. විශේෂ උත්සහයක් දරන්න ඕන නැහැ. අපි එය කුඩා කාලයේ ඉඳලා අඛණ්ඩව කරලා, දෛනිකව කරලා පුරුද්දක් බවට පත් කරගෙන සිටිනවා. අපේ ජීවන රටාවේ කොටසක් බවට පත් කරගෙන සිටිනවා. බැරි වෙලාවත් අපිට මුහුණ සෝදන්න බැරි වුනොත් තමයි අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ. එහෙම නැතුව මුහුණ සෝදන එක ජීවිතයේම කොටසක් නිසා අපිට කිසිවිටක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔබේ විභාගයට අදාල අභ්‍යාසයත්, ඔබේ වෘත්තියේ, ව්‍යාපාරයේ සාර්ථකත්වයට අදාල පුහුණුවත් ඒ වගේ තමයි. දෛනිකව කරනවානම්, අඛණ්ඩව කරනවානම් එය පුරුද්දක් බවට පත්වෙනවා. ජීවන රටාවේ කොටසක් බවට පත්වෙනවා. එතකොට පුහුණුවීම, අභ්‍යාස කිරීම කියන්නේ ඔබට ගැටළුවක් නෙමෙයි. එය පුරුද්දක් බවට පත් වුණාම ගැටළුව ඇතිවෙන්නේ ඔබ දවසක් හෝ පුහුණුව මගහැරියොත්, අභ්‍යාසය මගහැරියොත්. මනෝවිද්යායින්ට අනුව යම්කිසි කාර්යයක් අඛණ්ඩව දින විසි එකක් ක්‍රියාත්මක කිරීම, එය අදාල පුද්ගලයාගේ පුරුද්දක් බවට පත් කරනවා. විභාගයට සූදානම් වීම සඳහා දෛනිකව පැය 5 ක් අඛණ්ඩව දින විසි එකක් ඔබට ක්‍රියාත්මක කරන්න පුළුවන්නම්, 22 වන දිනයේ ඉඳලා එය ඔබේ පුරුද්දක් බවට පත්වෙනවා. හිතලා, වුවමනාවෙන් කරනවා වෙනුවට මෙය කල යුතු බව දැනගෙන ඔබේ මනසත්, ශරීරයත් ස්වංක්‍රීයව ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තමයි දින 90 ක අඛණ්ඩ ක්‍රියාත්මක වීම, ඔබට ජීවන රටාවක් නිර්මාණය කර දෙනවා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් අඛණ්ඩව මාස 3 ක්, පැය 3 බැගින් දෛනිකව තමන්ගේ පුහුණුවට කැප කරනවානම් ඒ පුහුණුවීම ඔහුගේ ජීවිතයේම කොටසක් බවට පත්වෙනවා. දත් මදිනවා, මූණ සෝදනවා, දහවල් ආහාරය ගන්නවා, නිදාගන්නවා වගේ අත්‍යාවශ්‍ය, පැහැර හැරිය නොහැකි කාර්යයක් බවට පුහුණුව පත්වෙනවා. දින 21 සහ දින 90 ඉලක්කය අපහසුවෙන්, අමාරුවෙන් හෝ සම්පූර්ණ කරන කෙනෙකුට එතනින් පස්සේ පුහුණුව කියන්නේ ඒ තරම් බැරෑරුම් සහගත, නාභිගත වෙන්න අපහසු ඉලක්කයක් නෙමෙයි. දින 21 සහ දින 90 ප්‍රායෝගික ඉලක්කය, ඔබව පුහුණුවට ගැලපෙන ස්වංක්‍රීය රිද්මයකට හැඩගස්වනවා. විශිෂ්ඨත්වයේ පුහුණුව - The champion training සාර්ථක වෙන්න, විශිෂ්ඨයෙක් වෙන්න උග්‍ර, අඛණ්ඩ පුහුණුව, අභ්‍යාසය අත්‍යාවශ්‍යයි කියන දේ වටහා ගත්තත්, විශිෂ්ඨත්වයට පත්වෙන්න කොපමණ කාලයක්, කොපමණ ප්‍රමාණයක් පුහුණුවීම් කලයුතුද කියන දේ බොහෝ දෙනෙකුට ගැටළු සහගත වෙන්න පුළුවන්. දහ දෙනෙකුට මේ ප්රශ්නය යොමු කලොත් ඔබට එකිනෙකට වෙනස් පිලිතුරු දහයක් ලැබෙන්න පුළුවන්. අවුරුද්දක් පුහුණුවෙන්න ඕන. අවුරුදු 3 ක් පුහුණුවෙන්න ඕන. අවුරුදු 5 ක් පුහුණුවෙන්න ඕන ආදී වශයෙන් ඔවුන් පිලිතුරු දෙන්න පුළුවන්. ඒ අතර ඔබට ලැබෙන ජනප්‍රියම පිලිතුරක් වෙන්නේ පැය 10,000 ක පුහුණුවක් විශිෂ්ඨයෙක් වෙන්න අවශ්‍යයි කියන එක. මිනිත්තු වලින් ගත්තොත් මිනිත්තු 600,000 ක් පුහුණුවිය යුතුයි කියන පිළිතුර. කලමණාකරණ ක්ෂේත්රයේදී "10,000 hour rule" ලෙස බොහෝ අය මේ සංකල්පය හඳුන්වනවා. නමුත් ඒ පිලිතුර නියත වශයෙන්ම සාර්ථක පිළිතුරක්, නිවැරදි ක්‍රමවේදයක් බව මෙතෙක් කොහෙවත්, මොන විදියෙන්වත් ඔප්පු කරලා නැහැ. ස්ථීර කරලා නැහැ. ඔලිම්පික් තරඟ බිමේදී ජයග්‍රාහයකයන් බවට පත්වෙන සියල්ලන්ම නියත වශයෙන්ම උග්‍ර, අඛණ්ඩ පුහුණුව සම්පූර්ණ කල අය වෙනවා. නමුත් ඔවුන්ගේ ඇතමෙක් පැය දස දහසේ පුහුණු සීමාව සම්පූර්ණ කල අයවෙද්දි තවත් පිරිසක් ඉතා කෙටි කලක් පුහුණු වූ අය වෙනවා. පිරිසක් වරක්, දෙවරක් නෙමෙයි තෙවරක්, සිව්වරක් ඔලිම්පික් ඇවිල්ලා පදක්කමක් දිනද්දි ඇතමුන් පලමු අවස්ථාවෙන්ම රන් පදක්කමකට හිමිකම් කියනවා. එතනදි බලපෑම් සහගත වෙන්නෙ ඔවුන්ගේ පුහුණු කාලය කියන සාධකය නෙමෙයි. ඔවුන් පුහුණුවට යොදපු ප්‍රමාණය කියන සාධකය. ඒ සාධකය අතිශය තීරණාත්මකයි. ඔබ පැය දස දහසේ සංකල්පය විශ්වාස කරලා දීර්ඝ පුහුණුවක් ලබන එක වැරැද්දක් නෙමෙයි. නමුත් ඒ පැය දස දහසටම ඔබ යොදන ඔබේ ශක්ති ප්‍රමාණය හරි කුඩා එකක් වුණොත්, ඔබට විශිෂ්ඨත්වය සිහිනයක් පමණක් වෙනවා. පැය 1000 ක් පුහුණු වුණත්, ඔබ ඒ පැය දහසට දෙන ඔබේ ශක්ති ප්‍රමාණය ඉහළ නම්, වැඩි නම් ඔබ විශිෂ්ඨත්වයට පත්වෙනවා. ක්‍රීඩා බිමේ, ජීවන තරඟ බිමේ වගේම ව්‍යාපාරික තරඟ බිමේත් විශිෂ්ඨයෙක් බවට පත්වෙනවා. මෙතරම් කාලයක්, මේ තරම් ප්‍රමාණයක් පුහුණුවිය යුතුයි කියලා අනුමත, නිශ්චිත නියමයක් නැතත් ඔබ පුහුණුවන කාලසීමාව තුළ, ඔබ ඔබේ උපරිමය ඒ සඳහා යොදනවනානම් සාර්ථකත්වයේ විස්මිත ප්‍රතිඵල ඔබට අත්විඳින්නට හැකිවෙනවා. ව්‍යාපාරික වැඩසටහන් වලට සම්බන්ධ වෙද්දි, පුද්ගල සංවර්ධන සැසිවලට එක්වෙද්දි, බිස්නස් ෆේල් වෙනවා, අපිට බිස්නස් කරන්න අමාරුයි කියන පුද්ගලයින් ඕනෑ තරම් මට හමුවෙනවා. නමුත් සැබෑ ලෙසම ගැටළුව වෙන්නේ ඔවුන්ට බිස්නස් බැරිකම නෙමෙයි. බිස්නස් කරන්න අවශ්‍ය පුහුණුව ඔවුන් සතුව නැතිකම. අනික් සියළු ක්ෂේත්රවල අයට වගේ ව්‍යාපාර ක්ෂේත්රයේ ජයග්‍රහණය සඳහාත් අවශ්‍ය වෙන උග්‍ර, අඛණ්ඩ පුහුණුව, අභ්‍යාසය ලබාගෙන නොමැතිකම. නැතිනම් තමන්ගේ පුහුණුව සඳහා තමන්ගේ උපරිමය යොදා නොමැතිකම. අපි ගඟකට, මුහුදකට, ඇලකට, දොලකට පනින්න කලින් පිහිනන්න ඉගෙන ගන්නවා. අත් පා ගසමින් වතුරේ පාවෙන හැටි, පිහිනන හැටි ප්‍රගුණ කරනවා. එහෙම පිහිනන්න ඉගෙන ගන්න පලමු අවස්ථාවේදී වතුරේ පෙවිලා ඇතැම්විට මරණීය අත්දැකීමකට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙන්න පුළුවන්. නමුත් කාලයක් යද්දි අපි ඊට ඔරොත්තු දෙනවා. හැඩගැහෙනවා. බැරි වෙලාවත් පිහිනන්න පුරුදු නොවී වතුරට පැන්නොත් අපිට ගිලිලා මැරෙන්න වෙනවා. පුහුණුවක් නැති කමින් විනාශ වෙන්න සිද්ධ වෙනවා. උග්‍රව අඛණ්ඩව පුහුණු වූ අයෙකුටනම් එහෙම අවදානමක් නෑ. ඔහුට තමන් ගැන විශ්වාසය තියනවා. පිහිනීම තමන්ගේ පුරුද්දක් බවට ඔහු පත්කරගෙන සිටිනවා. පුහුණුවේදී තමන්ගේ උපරිමය යොදලා ඔහු වතුර එක්ක ගණුදෙණු කරන්න ඉගෙන ගෙන තියනවා. බිස්නස් කියන ගැඹුරු, දීර්ඝ ජලාශයට පනින්න කලිනුත්, ඒ තුළ සාර්ථකව පිහිනන්න අවශ්‍ය පුහුණුව, අභ්‍යාසය ලබාගැනීම අත්‍යාවශ්‍ය වෙනවා. දැඩි, රිදුමක්, වේදනාවක්, පීඩනයක් යටතේ ඔබ ඒ පුහුණුව ලබාගන්න අකමැතිනම් ඔබට ගිලිලා මැරෙන්න සිද්ධවෙනවා. නිරපරාදේ විනාශ වෙන්න වෙනවා. උග්‍රව, අඛණ්ඩව පුහුණු වෙනවද? ගිලී මියගොස් විනාශ වෙනවාද? විශිෂ්ඨයෙක් වෙන්න සිහින දකින ඔබට නැවතත් සිතා බලන්නට වෙනවා. ප්‍රමේෂ් වික්‍රමසිංහ [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom