Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විශේෂඥ වෛද්‍යවරයෙකුගේ ජීවිතය - අනිවා කියවන්න.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් භාග්‍යාත් කසාද බැන්දේ අවුරුදු විසි පහ පැන්න ගමන්ය...

ඒ විශ්ව විද්‍යාලයෙන් එළියට පැමිණ වසරක් ගත වෙනවාත් සමග 2011 වසරේදීය......

හදිස්සියට විවාහ වූයේ වෙන කිසිවක් නිසා නොව දෙනාට එක තැනක සීමාවාසික කාලය වැඩ කරන්නටය.....

සීමාවසිකය පටන් ගන්නට පෙර මාසයක් අපි පේරාදෙණියේ ජීවත් උනෙමු. ඒ අපි දෙදෙනාම පේරාදෙණියේ තාවකාලික කථිකාචාර්ය තනතුරු දැරූ නිසාවෙන්ය.

සීමාවාසික අවුරුද්දේ වෙනත් සෑම පොඩි දොස්තරලා වගේම එළිවුනාම රෑ වෙනතුරුත් රෑ උනාම එලිවෙනතුරුත් අපි වැඩ කළෙමු.

අපේ කරුමයට ඔහොම වැඩ කරද්දී ලැබිය යුතු නේවාසික පහසුකමද මාස තුනක් යනකල් ලැබුනේ නැත.

ඉන් අනතුරුව මාස නමයක කාලයක් උදෙසා ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයේ තිබූ ඉතා කුඩා කාමරයකින් සමන්විත "බංගලාව" අපි දෙන්නාගේ නිවහන විය. කාමර දෙකක් අපි දෙන්නාට තැන් දෙකකින් ලැබුණද කාමරයක් නොලැබූ අපේම එකෙක්ට ඒ කාමරය ඉතා සතුටින් අපි පූජා කළෙමු.

සීමාවාසික වසර අවසන මාස හයක කාලයකට ජයවර්ධනපුර පන්සල පාරේ ඇනෙක්සියක අපි දෙන්නා මාස හයක් ගත කළෙමු.

ඒ කාලයේ සති අන්තයේ උදේ දෙකට ඇහැරී පේරාදෙණියේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලික පන්ති වලට සහභාගී වීමි.

ඉන් අනතුරුව පසු සීමාවාසික පත්වීම් ලබා පොලොන්නරුවේ නිර්වින්දන වෛද්‍යවරු ලෙස ගියේ භාග්‍යාගේ ගම පොලොන්නරුව වූ නිසාය.

එහි ගත කළ මාස 14 ක කාලය භාග්‍යාගේ ගෙදර සිට ආවෙමු ගියෙමු.

අවුරුදු නවයකට පසු පිළිවෙලකට කෑමක් බීමක් රහ බැලීමට හැකිවූයේ අපේ තැනක සිට වැඩට ගිය නිසාය.

2013 ඔක්තෝම්බර් මාසයේ පශ්චාත් උපාධි විභාගය සමත් වී මම පේරාදෙණියටම ආවේ භාග්‍යාට සති දෙකකට වතාවක්වත් මම බලන්නට එන්නට පහසු කරවීම උදෙසාමය.

එදින සිට අවුරුදු එකහමාරක් පේරාදෙණියෙ එළි උනාම රෑවෙන කලුත් රෑ වුනාම එළිවෙනකලුත් වැඩ කළෙමි.

සති දෙකකට ගමනක් පේරාදෙණියේ ආ භාග්‍යා තනි කාමරේ "බංගලාවේ" තනිවම පැය දහසයක් දහ අටක් හිඳ මගේ රෙදි සෝදා මැද තබා නැවතත් පොළොන්නරු ගියාය.

සති තුනකට දවස් එක හමාරක් මට ඒ දිනවල නිවාඩු තිබුණේය.

ඉන් අනතුරුව ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව සහ විකලාංග ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට මහනුවර මහ රෝහලට මාරු වී ගියෙමි.

එහිදී හන්තාන අධිකාරි uncle ගේ ගෙදර ඇනෙක්සිය අපේ නිවහන විය. අපිට අලුත් අම්මෙකුත් තාත්තෙකුත් ඒ ගෙදරදී හමුවිය. මාස 10න් මාස අටක් භාග්‍යාට සුපුරුදු ඉරණමම අත් විය.

ඉන් අනතුරුව ජාතික රෝහලටත්, කළුතර මහ රෝහලටත්, වැලිසර ළය රෝහලටත් පුහුණුව සඳහා වරින් වර මාරු වුණෙමි. ඒ කාලයේ භාග්‍යා පොළොන්නරුවේ සිට කොළඹ බලා මා සොයා සති දෙකකට වරක් පැමිණියාය.

ජීවිතයේ එකවරක් පමණක් ලැබෙන විශේෂ ස්ථාන මාරුව ලබා ගන්නට අමාත්‍යාංශයේත්, පොළොන්නරුව මහ රෝහලේත් මට යුද්ධ කරන්නට සිදු උනේ වෙන කරන්නට කිසිත් නැති තැනය.

අවසානයේ 2016 අවුරුදු හතරකට එහා සේවාවකින් පසුව භාග්‍යා කොළඹ ආවාය.

දරුවා ලැබෙන්නට පෙර තැන් තුනක සිටියේ බත්තරමුල්ල - කොළඹ මාර්ග තද බදයෙන් මිදී ජාතික රෝහලේ සේවයට යාම පහසු කර ගැනීමටත් මගේ පශ්චාත් උපාධියේ අවසාන විභාගයට සූදානම් වීම පහසු කිරීමටත්ය.

ලොක්කී ලැබුණ පසු ඉඩකඩ ඇති තැනක් අවශ්‍ය වූ නිසා තවත් වතාවක් ඉන්න තැන මාරු කරන්නට සිදු විය.

අවුරුදු තුනක් එකට ජීවත් වූ අපේ ජීවිතය නැවතත් වෙනස් වූයේ 2019 වැඩ බලන විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ලෙස බදුල්ලට ලැබූ පත් වීම නිසාය.

එතැන් සිට සිට මගේ නිවහන වූයේ බදුල්ල මහ රෝහලේ තනි කාමරයේ "බංගලාවක්" ය. අවුරුදු දෙකකට වැඩි කාලයක් 57ත් වතාවක් කොළඹ සිට බදුල්ලේ ගියෙමි. බදුල්ලේ සිට කොළඹ ආවෙමි. ලොක්කී සති දෙකකට වතාවක් ලොකු වෙනවා දැක්කෙමි.

අවසානයේ දරු ගැබට සති තිස් දෙකක් පමණක් වී හදිස්සියේ පොඩ්ඩා ලැබෙන්නට යද්දී පැයට කිලෝමීටර් 150ක වේගයෙන් බදුල්ලේ සිට කොළඹ අධිවේගී මාර්ගයේ ආවෙමි.

ඉන් අනතුරුව දීප ව්‍යාප්ත සේවාවටද, වාර්ෂික ස්ථාන මාරු වලට ද පින්සිද්ධ වන්නට කොළඹ සිට කිලෝ මීටර් 400 කට එහා කල්මුනේ මූලික රෝහලට මාස තුනක් වැඩට ආවෙමි. ගියෙමි.......

කලුමුණේ නිල නිවාසය ඒ ටිකට මගේ නිවස වූයේය.

මේ කාලයේ භාග්‍යා කොළඹ සිට වැඩ කරන ගමන් පොඩි එවුන් බලා ගත්තාය.

මේ අයුරින් මගේ පශ්චාත් උපාධි පුහුණුවට, අපේ රස්සාවට පින් සිද්ධ වන්නට පළාත් හයක රෝහල් නවයක වැඩ කළෙමි.

ගිරුවාපත්තුවේ ගෙදරකින් ආ මමත් පුලතිසිපුරයේ භාග්‍යාත් ගත වූ අවුරුදු දහයකට නවාතැන් දොළහකට එහා තැන් වල ජීවත්වීමි.

ඉන් අනතුරුව විදේශ පුහුණුවට පැමිණ අවුරුදු දෙකට තැන් දෙකක පවුලක් විදියට එකට ජීවත් වන්නෙමු.

ගමන අවසන් නැත. නැවතත් ලංකාවට පැමිණි පසු අවුරුදු හතරකට වතාවක් එන අනිවාර්ය වාර්ෂික ස්ථාන මාරු හරහා දීප ව්‍යාප්ත සේවාවටද මගේ අවුරුදු හයක් ගත වූ වෛද්‍ය උපාධියටද අවුරුදු අටකට වඩා ගත වුණු පශ්චාත් උපාධියටද පින්සිද්ධ වන්නට ඈත කොනෙන් පටන් ගෙන පලාත් නමයේම වැඩ කරන්නට මම වාසනාවන්ත වනවා නොඅනුමානය.

භාග්‍යාට බොහෝ විට විශේෂඥ වෛද්‍යවරයකු නොවන නිසා එක පළාතක රෝහල් කිහිපයක වැඩ කිරීමේ වාසනාව ලැබෙනු ඇත. ඇය දරුවන් බලාගෙන වැඩ කරන කාර්යයේ නියැලෙනු ඇත.

බොහෝ විට මම සති දෙකකට වතාවක්, විශ්‍රාම යන්නට ඔන්න මෙන්න දකින තාක් දරුවන් බලන්නට එනු ඇත. තව දුරටත් දරුවන්ගෙන් බිරිදගෙන් ඈත් වූ තනි කාමරයේ ඉස්පිරිතාල බංගලාවක් මගේ නිවස වනු ඇත.

මේ දුෂ්කරතාවයන්ට සියල්ල අපි අතින් සුවපත් වන ලෙඩුන්ගේ සිනාවෙන්, ඔවුන්ගේ නිර්ව්‍යාජ ආශීර්වාදයෙන් සහ දවස නිම කර ලැබෙන ආත්ම තෘප්තියෙන් පෙර පරිදිම යටපත් වනු ඇත.

ගත වන දිනය අවසන ගතින් හෙම්බත් උවත් සිතේ තෘප්තියෙන් අපි දෙන්නාම නිදනු ඇත.

අපේ දරුවෝ අපි දෙන්නා පිලිබඳ අභිමානයෙන් අනාගතයේ දිනක ගතින් නැති මුත් හිතින් වඩ වඩාත් අපිට ලං වනු ඇත.

මේ මගේ පමණක් නොව රටේ සීයට අනූ නවයක් පමණ විශේෂඥ වෛද්‍යවරුන් සහ උන්ගේ පවුල් වල කතාවයි..

ඉතිරිය තම තම නැණ පමණින් ගලපා ගැනීම සබුද්ධික ඔබ සැමටම භාරයි.

"උන් මාලිගා වල ඉන්නේ, උන් කෝටි ගණනින් හම්බු කරන්නේ, යන උන්ට යන්නම කියන්න ඕනෙ, ගියාම ඉන්දියාවෙන් ගෙන්නලා බෙහෙත් ගන්නවා, නිදහස් අධ්‍යාපනයෙන් අපේ බදු වලින් ඉගන ගනිපු මළ පෙරේතයෝ, මිනී කාක්කෝ, ඕකුන්ගේ වාහන පමීට් එකත් නවත්තන්න ඕනෙ " අද මුහුණු එක පොස්ට් එකකට ලියලා තිබුණ comment ගොඩෙන් කීපයක්.

මුහුණු පොතේ ඔය වගේ කොටන්න බැරි, හඬ නගන්නට අවැසි මුත් කිසිත් හඬක් නැති ආදරණීය ශ්‍රී ලාංකිකයෝ අනන්තයි.

උන් දකින්න වාට්ටුවකට, සායනයකට යන්න ඕනේ..

ඔක්කොටම තෙරුවන් සරණයි........

(දීප ව්‍යාප්ත සේවා හරහා රටේ බොහෝ තැන් වල දරුවන්, අඹු සැමියන් තනිකර ජාතියේ අනෙක් දරු මුණුපුරන් වෙනුවෙන් තැනින් තැන ගොස් ආදරයෙන් වැඩ කරන සියළුම රාජ්‍ය සේවකයන්ට උපහාර වේවා.........)

විකලාංග වෛද්‍ය චතුරංග විදාන ගමගේ.......

[QUOTE="Phone Hora, post: 29060803, member: 557363"] [CENTER] [/CENTER] [SIZE=5]මමත් භාග්‍යාත් කසාද බැන්දේ අවුරුදු විසි පහ පැන්න ගමන්ය... ඒ විශ්ව විද්‍යාලයෙන් එළියට පැමිණ වසරක් ගත වෙනවාත් සමග 2011 වසරේදීය...... හදිස්සියට විවාහ වූයේ වෙන කිසිවක් නිසා නොව දෙනාට එක තැනක සීමාවාසික කාලය වැඩ කරන්නටය..... සීමාවසිකය පටන් ගන්නට පෙර මාසයක් අපි පේරාදෙණියේ ජීවත් උනෙමු. ඒ අපි දෙදෙනාම පේරාදෙණියේ තාවකාලික කථිකාචාර්ය තනතුරු දැරූ නිසාවෙන්ය. සීමාවාසික අවුරුද්දේ වෙනත් සෑම පොඩි දොස්තරලා වගේම එළිවුනාම රෑ වෙනතුරුත් රෑ උනාම එලිවෙනතුරුත් අපි වැඩ කළෙමු. අපේ කරුමයට ඔහොම වැඩ කරද්දී ලැබිය යුතු නේවාසික පහසුකමද මාස තුනක් යනකල් ලැබුනේ නැත. ඉන් අනතුරුව මාස නමයක කාලයක් උදෙසා ජයවර්ධනපුර රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයේ තිබූ ඉතා කුඩා කාමරයකින් සමන්විත "බංගලාව" අපි දෙන්නාගේ නිවහන විය. කාමර දෙකක් අපි දෙන්නාට තැන් දෙකකින් ලැබුණද කාමරයක් නොලැබූ අපේම එකෙක්ට ඒ කාමරය ඉතා සතුටින් අපි පූජා කළෙමු. සීමාවාසික වසර අවසන මාස හයක කාලයකට ජයවර්ධනපුර පන්සල පාරේ ඇනෙක්සියක අපි දෙන්නා මාස හයක් ගත කළෙමු. ඒ කාලයේ සති අන්තයේ උදේ දෙකට ඇහැරී පේරාදෙණියේ ශල්‍ය වෛද්‍ය විද්‍යාවේ මූලික පන්ති වලට සහභාගී වීමි. ඉන් අනතුරුව පසු සීමාවාසික පත්වීම් ලබා පොලොන්නරුවේ නිර්වින්දන වෛද්‍යවරු ලෙස ගියේ භාග්‍යාගේ ගම පොලොන්නරුව වූ නිසාය. එහි ගත කළ මාස 14 ක කාලය භාග්‍යාගේ ගෙදර සිට ආවෙමු ගියෙමු. අවුරුදු නවයකට පසු පිළිවෙලකට කෑමක් බීමක් රහ බැලීමට හැකිවූයේ අපේ තැනක සිට වැඩට ගිය නිසාය. 2013 ඔක්තෝම්බර් මාසයේ පශ්චාත් උපාධි විභාගය සමත් වී මම පේරාදෙණියටම ආවේ භාග්‍යාට සති දෙකකට වතාවක්වත් මම බලන්නට එන්නට පහසු කරවීම උදෙසාමය. එදින සිට අවුරුදු එකහමාරක් පේරාදෙණියෙ එළි උනාම රෑවෙන කලුත් රෑ වුනාම එළිවෙනකලුත් වැඩ කළෙමි. සති දෙකකට ගමනක් පේරාදෙණියේ ආ භාග්‍යා තනි කාමරේ "බංගලාවේ" තනිවම පැය දහසයක් දහ අටක් හිඳ මගේ රෙදි සෝදා මැද තබා නැවතත් පොළොන්නරු ගියාය. සති තුනකට දවස් එක හමාරක් මට ඒ දිනවල නිවාඩු තිබුණේය. ඉන් අනතුරුව ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍ය විද්‍යාව සහ විකලාංග ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉගෙනීමට මහනුවර මහ රෝහලට මාරු වී ගියෙමි. එහිදී හන්තාන අධිකාරි uncle ගේ ගෙදර ඇනෙක්සිය අපේ නිවහන විය. අපිට අලුත් අම්මෙකුත් තාත්තෙකුත් ඒ ගෙදරදී හමුවිය. මාස 10න් මාස අටක් භාග්‍යාට සුපුරුදු ඉරණමම අත් විය. ඉන් අනතුරුව ජාතික රෝහලටත්, කළුතර මහ රෝහලටත්, වැලිසර ළය රෝහලටත් පුහුණුව සඳහා වරින් වර මාරු වුණෙමි. ඒ කාලයේ භාග්‍යා පොළොන්නරුවේ සිට කොළඹ බලා මා සොයා සති දෙකකට වරක් පැමිණියාය. ජීවිතයේ එකවරක් පමණක් ලැබෙන විශේෂ ස්ථාන මාරුව ලබා ගන්නට අමාත්‍යාංශයේත්, පොළොන්නරුව මහ රෝහලේත් මට යුද්ධ කරන්නට සිදු උනේ වෙන කරන්නට කිසිත් නැති තැනය. අවසානයේ 2016 අවුරුදු හතරකට එහා සේවාවකින් පසුව භාග්‍යා කොළඹ ආවාය. දරුවා ලැබෙන්නට පෙර තැන් තුනක සිටියේ බත්තරමුල්ල - කොළඹ මාර්ග තද බදයෙන් මිදී ජාතික රෝහලේ සේවයට යාම පහසු කර ගැනීමටත් මගේ පශ්චාත් උපාධියේ අවසාන විභාගයට සූදානම් වීම පහසු කිරීමටත්ය. ලොක්කී ලැබුණ පසු ඉඩකඩ ඇති තැනක් අවශ්‍ය වූ නිසා තවත් වතාවක් ඉන්න තැන මාරු කරන්නට සිදු විය. අවුරුදු තුනක් එකට ජීවත් වූ අපේ ජීවිතය නැවතත් වෙනස් වූයේ 2019 වැඩ බලන විකලාංග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයා ලෙස බදුල්ලට ලැබූ පත් වීම නිසාය. එතැන් සිට සිට මගේ නිවහන වූයේ බදුල්ල මහ රෝහලේ තනි කාමරයේ "බංගලාවක්" ය. අවුරුදු දෙකකට වැඩි කාලයක් 57ත් වතාවක් කොළඹ සිට බදුල්ලේ ගියෙමි. බදුල්ලේ සිට කොළඹ ආවෙමි. ලොක්කී සති දෙකකට වතාවක් ලොකු වෙනවා දැක්කෙමි. අවසානයේ දරු ගැබට සති තිස් දෙකක් පමණක් වී හදිස්සියේ පොඩ්ඩා ලැබෙන්නට යද්දී පැයට කිලෝමීටර් 150ක වේගයෙන් බදුල්ලේ සිට කොළඹ අධිවේගී මාර්ගයේ ආවෙමි. ඉන් අනතුරුව දීප ව්‍යාප්ත සේවාවටද, වාර්ෂික ස්ථාන මාරු වලට ද පින්සිද්ධ වන්නට කොළඹ සිට කිලෝ මීටර් 400 කට එහා කල්මුනේ මූලික රෝහලට මාස තුනක් වැඩට ආවෙමි. ගියෙමි....... කලුමුණේ නිල නිවාසය ඒ ටිකට මගේ නිවස වූයේය. මේ කාලයේ භාග්‍යා කොළඹ සිට වැඩ කරන ගමන් පොඩි එවුන් බලා ගත්තාය. මේ අයුරින් මගේ පශ්චාත් උපාධි පුහුණුවට, අපේ රස්සාවට පින් සිද්ධ වන්නට පළාත් හයක රෝහල් නවයක වැඩ කළෙමි. ගිරුවාපත්තුවේ ගෙදරකින් ආ මමත් පුලතිසිපුරයේ භාග්‍යාත් ගත වූ අවුරුදු දහයකට නවාතැන් දොළහකට එහා තැන් වල ජීවත්වීමි. ඉන් අනතුරුව විදේශ පුහුණුවට පැමිණ අවුරුදු දෙකට තැන් දෙකක පවුලක් විදියට එකට ජීවත් වන්නෙමු. ගමන අවසන් නැත. නැවතත් ලංකාවට පැමිණි පසු අවුරුදු හතරකට වතාවක් එන අනිවාර්ය වාර්ෂික ස්ථාන මාරු හරහා දීප ව්‍යාප්ත සේවාවටද මගේ අවුරුදු හයක් ගත වූ වෛද්‍ය උපාධියටද අවුරුදු අටකට වඩා ගත වුණු පශ්චාත් උපාධියටද පින්සිද්ධ වන්නට ඈත කොනෙන් පටන් ගෙන පලාත් නමයේම වැඩ කරන්නට මම වාසනාවන්ත වනවා නොඅනුමානය. භාග්‍යාට බොහෝ විට විශේෂඥ වෛද්‍යවරයකු නොවන නිසා එක පළාතක රෝහල් කිහිපයක වැඩ කිරීමේ වාසනාව ලැබෙනු ඇත. ඇය දරුවන් බලාගෙන වැඩ කරන කාර්යයේ නියැලෙනු ඇත. බොහෝ විට මම සති දෙකකට වතාවක්, විශ්‍රාම යන්නට ඔන්න මෙන්න දකින තාක් දරුවන් බලන්නට එනු ඇත. තව දුරටත් දරුවන්ගෙන් බිරිදගෙන් ඈත් වූ තනි කාමරයේ ඉස්පිරිතාල බංගලාවක් මගේ නිවස වනු ඇත. මේ දුෂ්කරතාවයන්ට සියල්ල අපි අතින් සුවපත් වන ලෙඩුන්ගේ සිනාවෙන්, ඔවුන්ගේ නිර්ව්‍යාජ ආශීර්වාදයෙන් සහ දවස නිම කර ලැබෙන ආත්ම තෘප්තියෙන් පෙර පරිදිම යටපත් වනු ඇත. ගත වන දිනය අවසන ගතින් හෙම්බත් උවත් සිතේ තෘප්තියෙන් අපි දෙන්නාම නිදනු ඇත. අපේ දරුවෝ අපි දෙන්නා පිලිබඳ අභිමානයෙන් අනාගතයේ දිනක ගතින් නැති මුත් හිතින් වඩ වඩාත් අපිට ලං වනු ඇත. [B]මේ මගේ පමණක් නොව රටේ සීයට අනූ නවයක් පමණ විශේෂඥ වෛද්‍යවරුන් සහ උන්ගේ පවුල් වල කතාවයි..[/B] ඉතිරිය තම තම නැණ පමණින් ගලපා ගැනීම සබුද්ධික ඔබ සැමටම භාරයි. [I][B]"උන් මාලිගා වල ඉන්නේ, උන් කෝටි ගණනින් හම්බු කරන්නේ, යන උන්ට යන්නම කියන්න ඕනෙ, ගියාම ඉන්දියාවෙන් ගෙන්නලා බෙහෙත් ගන්නවා, නිදහස් අධ්‍යාපනයෙන් අපේ බදු වලින් ඉගන ගනිපු මළ පෙරේතයෝ, මිනී කාක්කෝ, ඕකුන්ගේ වාහන පමීට් එකත් නවත්තන්න ඕනෙ " [/B][/I]අද මුහුණු එක පොස්ට් එකකට ලියලා තිබුණ comment ගොඩෙන් කීපයක්. මුහුණු පොතේ ඔය වගේ කොටන්න බැරි, හඬ නගන්නට අවැසි මුත් කිසිත් හඬක් නැති ආදරණීය ශ්‍රී ලාංකිකයෝ අනන්තයි. උන් දකින්න වාට්ටුවකට, සායනයකට යන්න ඕනේ.. ඔක්කොටම තෙරුවන් සරණයි........ [B](දීප ව්‍යාප්ත සේවා හරහා රටේ බොහෝ තැන් වල දරුවන්, අඹු සැමියන් තනිකර ජාතියේ අනෙක් දරු මුණුපුරන් වෙනුවෙන් තැනින් තැන ගොස් ආදරයෙන් වැඩ කරන සියළුම රාජ්‍ය සේවකයන්ට උපහාර වේවා.........)[/B][/SIZE] [CENTER][SIZE=5][B][COLOR=rgb(41, 105, 176)]විකලාංග වෛද්‍ය චතුරංග විදාන ගමගේ.......[/COLOR][/B][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom