Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විෂ ඝෝර සර්පයා නොමරන්න දුටු වහා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විෂ ඝෝර සර්පයා නොමරන්න දුටු වහා

විෂ නැසිය යුත්තේ විෂෙන්මය යැයි පැරණි කියමනක් තිබේ. සර්ප දෂ්ටනයකදී නම් දිවි ගලවා ගැනීමට මෙම කතාවේ සරණ යෑම අත්‍යවශ්‍යය. සර්ප විෂ ශරීරගතවූ විට එම විෂ නැසීම සදහා අදාළ සර්පයාගේම විෂ උපයෝගි කර ගනිමින් සකස් කළ ප්‍රති විෂ උපයෝගි කර ගැනීමට සිදුවෙයි. මෙලෙස ප්‍රතිවිෂ ලබාදිය යුතු වන්නේ උග්‍ර විෂ ඇති සර්පයකු සපා කෑ හෝ දෂ්ට කළ විටය. ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ ඇති සර්පයන් හත් දෙනකු ජීවත් වන බව හඳුනාගෙන තිබේ. නයා (Cobra), වැලි පොළඟා (Saw scale viper), මූදු කරවලා (Sri lanka krait), තෙල් කරවලා (Common krait), තිත් පොළඟා (Russells viper), පොළොං තෙලිස්සා (කුණකටුවා) (hump nose viper) හා පලා පොළඟා (Green pit viper) එම සතුන්ය. මේ අතරින් පොළොං තෙළිස්සා, මුදු කරවලා හා පලා පොළඟා සඳහා ප්‍රතිවිෂ මෙතෙක් නිර්මාණය වී නොමැති වීම නිසා එම සතුන්ගේ ප්රහාරයන්ට ලක්වන පුද්ගලයන්ට බොහෝ විට සිදුවන්නේ මරණය වැලඳගන්නටය. මරණයෙන් ගැලවුණත් ඔවුන්ට ජීවිත කාලයම විඳවන්නට තරම්වූ දරුණු රෝගාබාධ වැලඳීමේ වැඩි ඉඩක් පවතින අතර වකුගඩු අකර්මණ්‍ය වීම ඉන් ප්‍රධානය.

ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ අනූ හතරක් පමණ වාසය කරයි. ඔවුන් උග්‍ර විෂ,සාමාන්‍ය විෂ හා විෂ රහිත වශයෙන් කාණ්ඩ තුනකට බෙදා වෙන්කර තිබේ. මෙම කාණ්ඩ තුනට අනුව මෙරට මාරාන්තික විෂ සහිත නොඑසේනම් උග්‍ර විෂ සහිත සර්පයන් 20 දෙනකු සිටින අතර ඉන් 13 න් දෙනකුම වාස භූමිය වී තිබෙන්නේ මහ මුහුදය. ඒ අනුව ගොඩබිමේ වාසය කරන්නේ උග්‍ර විෂ සහිත සර්පයන් අතරින් හත් දෙනකු පමණි.සාමාන්‍ය විෂ සහිත සර්පයන් 35 දෙනකුද විෂ රහිත සර්පයන් 59 දෙනකුද මෙරට හමුවන බව සර්ප විශේෂඥයෝ පවසති. වාර්ෂිකව සර්ප සපාකෑම් හෝ දෂ්ඨ කිරීම්වලට 40000 ක පමණ පිරිසක් ලක්වන නමුත් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගන්නේ දස දහසක් පමණ බව සෞඛ්‍යා අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.මෙමඟින් පැහැදිලි වන්නේ සර්ප සපාකෑම් හෝ දෂ්ඨ කිරීම් වැඩි ප්‍රමාණයක් සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන බවයි.එසේ වන්නේ මඳ විෂ හෝ විෂ රහිත සර්පයන්ගේ සපාකෑම් බහුලව මෙරට තුළ සිදුවන බැවිනි. එලෙසම උග්‍ර විෂ ඇති සර්පයන්ද සපා කන සෑම අවස්ථාවකම විෂ මුදා නොහරින බව පශු වෛද්‍යවරු පවසති.ගොදුරක් අල්ලා ගැනීමට විෂ මුදාහැරි ආසන්න වෙලාවක මෙම සර්පයකු සපා කෑවද එතරම් ප්‍රබල විෂක් ශරීර ගතනොවන බව පර්යේෂණ මඟින් තහවුරුව තිබේ.

නමුත් උග්‍ර විෂ සහිත සර්පයන් හත්දෙනාගේ ප්රහාරයන්ට ලක්වුවහොත් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොවුණහොත් සියල්ල මරණයෙන් කෙළවර වීම සඳහා ඇති අවස්ථාව වැඩිය.මේ සියලු කාරණා කතා කරන්නට හේතුවක් තිබේ. ඒ මෙම දිනවල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හුදකලා ප්‍රදේශයක කුඩාවට තැනූ ගොඩනැඟිල්ලක උග්‍ර විෂ ඇති සර්පයන්ගේ විෂ එකතු කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බැවිනි. සර්ප සපාකෑම්වලට ලක්ව මියයන හා ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන්ට හානි සිදුව ජීවිතයත් මරණයත් සමඟ පොර බදන මිනිසුන් ඉන් මුදවා ගැනීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට ජීවය දෙන්නට විෂඝෝර සර්පයන් 400 ක් පමණ අවශ්‍යය වූවත් තාමත් මෙහි ඇත්තේ අසූවක පමණ සර්ප ගහණයකි. ඉන්ද වැඩිහරියක් සිටිනුයේ නයින්ය. දෛනිකව මොවුන්ගෙන් විෂ ලබා ගැනීම සිදු කෙරෙයි. එක් සර්පයකුගෙන් වරකට විෂ ලබා ගත හැක්කේ මිලි ලීටර 10 කටත් අඩු ප්රමාණයකි.ශ්‍රී ලංකාවට ආවේනික මුදු කරවලා උග්‍ර විෂ ඇති සර්ප ලැයිස්තුවේ මුලින්ම නම ලියැවෙන සර්පයෙකි.උගෙන් වරකට ගත හැක්කේ මිලි ලීටර 05 කටත් අඩු විෂ ප්රමාණයකි. උග්‍ර විෂ ඇති සර්පයන් හත් දෙනාගේ විෂ රැස්කර ඒවා එකට එකතු කර සියලු සර්පයන්ගේ විෂට ඔරොත්තු දෙන ප්‍රතිවිෂක් නිර්මාණය කිරීම මෙම වැඩ පිළිවෙළේ අරමුණයි.

පශු වෛද්‍ය පීඨයේ සිට කිලෝ මීටර පහක පමණ දුරින් හුදෙකලා ප්‍රදේශයක සර්ප විෂ එකතු කර ගන්නා මධ්‍යස්ථානය පිහිටා තිබේ.අවම පහසුකම් මධ්‍යයේ වුවත් ඉතා පිළිවෙළකට සකස්කර තිබූ එහි ලාච්චු ගණනාවක් දක්නට ලැබිණි. ලච්චුවක් විවෘත කළ විටම පෙණය පුප්පාගත් නාගයෙක් පිටතට පැමිණියේ එම ස්ථානයට ආධුනික අප අඩි කිහිපයක් පස්සට තල්ලු කරමිනි. සර්පයන් සමඟ ගනුදෙනු කර හොඳ පළපුරුද්දක් ඇති එහි සිටි තරුණයෝ දෙපොළ උග්‍ර විෂ ඇති සර්පයින් එකින් එකා පිටතට ගෙන විෂ එකතු කළහ.මෙලෙස වෙන් වෙන්ව එකතු කර ගන්නා සර්ප විෂ පශු වෛද්‍ය පීඨයේ විද්‍යාගාරය තුළදී එකට එක්කර වියළා ගැනීමෙන් පසු කුඩා වීදුරු කැබලි තත්ත්වයට පත්කර ගනී. පර්යේෂණ භාරව කටයුතු කරන පශු වෛද්‍ය පීඨයේ මහචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පැවසුවේ ඒ එක් වීදුරු කැටයක් වන් පුංචි කැබැල්ලකට ක්ෂණයෙන් ජීවිතයක් උදුරාගත හැකි බවයි.

වර්ෂිකව සර්ප සපාකෑම් හෝ දෂ්ට කිරීම් හේතුවෙන් රෝහල් ගතවන 10000 ක් පමණ වන පිරිස අතරින් 100 දෙනකු පමණ මරු වැලඳ ගනිති. ලෝකයේ සර්ප ප්රහාරයන්ට ලක්ව වෙනත් රටවල මියයන සංඛ්‍යාව හා සැසඳීමේදී මෙය ඉතා ඉහළ අගයකි. වර්ෂයකට මේ අකාරයේ මරණ 8000 ක් පමණ ලෝකයේ වාර්තා වන අතර බහුතරයක් ආසියානු කලාපීය රටවලින් වාර්තාවීම සුවිශේෂීය. සර්ප වාසය සඳහා සුදුසු කාලගුණික දේශගුණික තත්ත්වයක් මෙම කලාපයේ පැවතීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.උග්‍ර විෂ සහිත සර්පයකු සපා කෑ විට ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබාදීම අදාළ පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි.ඒ ඉතා සුළු වේලාවක් තුළ සර්ප විෂ ශරීරය පුරා ගමන් කර වකුගඩු ඇතුළු ඉන්ද්‍රීයන්ට බරපතළ හානි සිදුකරන බැවිනි. සර්ප ප්රහාරයන්ට ලක්ව මියයන පිරිස වැඩිවෙත්ම සර්ප විෂම යොදා ගනිමින් ප්‍රතිවිෂ නිර්මාණය කැර ජීවිත බේරා ගැනීම් සිදුවූ අතර ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ භාවිත කරන ප්‍රතිවිෂ ඉන්දියාවේ නිෂ්පාදනයන්ය.

ඉන්දියානු සර්පයන්ගේ විෂ යොදා ගනිමින් නිර්මාණය කළ ප්‍රතිවිෂ ශ්‍රී ලංකාවේ සර්ප සපාකෑම් වලට ලක්වූවන්ට ලබා දීමේදී එය 100 % ක ගැලපීමක් සිදු නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය මගින් සිදුකළ පරීක්ෂණ මගින් තහවුරුව තිබේ. අනෙක් විශේෂම කරුණ වන්නේ මෙරට වාසය කරන උග්‍ර විෂ සහිත සර්පයන් හත් දෙනා අතරින් ඉන්දියානු ප්‍රතිවිෂ ලබාදිය හැක්කේ සර්පයන් සිවු දෙනකුගේ සපා කෑම් වලට පමණක් වීමය. නාගයා,වැලි පොළඟා,තෙල්කරවලා හා තිත් පොළඟා සපා කෑ විට අදාළ එන්නත් ලබාදිය හැකි වුවත් මෙතෙක් පොළොං තෙලිස්සා,මුදු කරවලා හා පලා පොළඟා යන සර්පයන්ගේ විෂ සඳහා ප්‍රතිවිෂක් නිර්මාණය කර නොමැත. ඊට හේතුව එම සතුන් ඉන්දියාවේ නොමැති වීම බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි.

මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ රුපියල් මිලියන 50 ක මූල්‍යය ප්‍රතිපාදන මත සිවු වරසක සැලැස්මක් සකස්කර තිබෙන අතර ඒ යටතේ සිදුකළ පර්යේෂණ මගින් ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. විශේෂයෙන් කවුරුත් දන්නා නාගයාගේ වුවත් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ නාගයා වෙන් වෙන්ව ගත්කල විෂ මට්ටම්වල පැහැදිලි වෙනස්කම් පවතින බවත් ශ්‍රී ලංකාවේ පළාත් වශයෙන් ගත්තත් මෙම තත්ත්වය දැකිය හැකි බවත් මහචාර්යවරයා ප්‍රකාශ කරයි. මේ නිසා ඉන්දියාවේ නිපදවෙන ප්‍රතිවිෂ මෙරට උග්‍ර විෂ සහිත පර්පයන්ගේ සපා කෑමට ලක්වන පුද්ගලයන්ට හරියටම නොගැළපෙන බව පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ සර්පයන්ගේ විෂට 100 % ක්ම ගැළපෙන ප්‍රතිවිෂ නිපදවීම නව වැඩපිළිවෙළේ අරමුණ බව කීය.මෙතෙක් ප්‍රති විෂක් නිර්මාණය කර නොමැති ශ්‍රී ලංකාවේ සර්පයන් තිදෙනා සඳහා ද මෙමඟින් ප්‍රතිවිෂ නිර්මාණය කිරිමේ හැකියාව පවතින බවද හෙතෙම පවසයි.

එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා එම පර්යේෂණවල වර්තමාන තත්ත්වය වැඩිදුරටත් පැහැදිලි කළේ මෙසේය.

'අපි දැනට සර්ප සපාකෑම් හෝ දෂ්ට කිරීම් වලට ලක්වූවන් සඳහා ලබාදීමට ප්‍රතිවිෂ ආනයනය කරන්නේ ඉන්දියාවෙන්.ඉන්දියාවේ ඉන්න සර්පයන් හතර දෙනකු වන නාගයා,වැලි පොළඟා,තිත් පොළඟා හා තෙල් කරවලා යන සතුන්ගේ විෂ අරගෙන ඒවා අශ්වයන්ට එන්නත් කර ඊට එරෙහිව අශ්වයාගේ ශරීරයේ නිපදවෙන ප්‍රතිවිෂ උපයෝගී කරගෙන නිපදවූ ඖෂධයක් තමයි අපි මේ රටේදී අදාළ පුද්ගලයන්ට ලබා දෙන්නේ.අපේ රටේ තාමත් උග්‍රම විෂ තියෙන සර්පයන් තිදෙනකුට ප්‍රතිවිෂක් නිර්මණය කර නැහැ.මේ නිසා තමයි සර්ප සපා කෑමක් සිදුවූ විට අදාළ සර්පයා රැගෙන එන්නේ නම් ප්‍රතිකාර කිරීම වඩා පහසු බව වෛද්‍යවරු පවසන්නේ. මොකද ඉන්දියාවෙන් ආනයනය කරන බෙහෙත දෙන්න පුළුවන් සර්පයෙක්ද කාලා තිබෙන්නේ කියන එක දැන ගැනීම වෛද්‍යවරයාට ඉතා වැදගත්.

අනෙක් සර්පයන් තිදෙනා ගෙන් කෙනෙක් සපා කා තිබෙනවා නම් අදාළ ප්‍රතිවිෂ ලබාදීමෙන් පලක් නැහැ. එම අවස්ථාවල බොහෝ විට සිදු කෙරෙන්නේ සේලයින් ලබා දී රෝගියාට මූලික ප්‍රතිකාර ලබාදීම පමණයි. සර්ප සපා කෑමකදී අපි රෝගියාගේ ශරීරයට ඇතුළු කරන්නේ තවත් සර්ප විෂ අනුසාරයෙන් සකසා ගත් ප්‍රෝටීනයක් බව අමතක නොකළ යුතුයි. එයද අනවශ්‍යය ප්‍රමාණයක් ශරීර ගතවීම හරහා රෝගියාට අහිතකර බලපෑමක් ඇති විය හැකියි.

'මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලෙස අපි අපේ රටේ සර්පයන්ට ගැළපෙන ප්‍රතිවිෂ නිර්මාණය කිරීම කෙරෙහි අදාළ ව්‍යාපෘතිය යටතේ අවධානය යොමු කළා. මෙය කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් ව්‍යාපෘති දෙකක් යටතේ ක්‍රියාත්මකයි.කෙටිකාලීන සැලසුම යටතේ අපි ලංකාවේ ඉන්න සියලුම උග්‍ර විෂ සහිත සර්පයන්ගේ විෂ එකට එක්කර ඒ සියල්ලටම ගැළපෙන ප්‍රතිවිෂක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා.අදාළ විෂ එක්රැස් කර ඒවා ඉන්දියාවට යවා එහිදී ප්‍රතිවිෂ නිර්මාණය කිරීමට සැලැසුම්කර තිබෙනවා.මේ කාර්යය ලංකාව තුළ සිදු කිරීම එතරම් ප්‍රායෝගික නැහැ.මේ සඳහා පර්යේෂණාගාර ඇති කිරීම ඇතුළු කටයුතු සඳහා වැයවන මූලික ප්රාග්ධනය හා සැසඳීමේදී ඒවා ඉන්දියාවේ නිෂ්පාදනය කර ආනයනය කිරීම ඉතා ලාභ දායකයි. දියරයක් ලෙස පවතින සර්ප විෂ යන්ත්‍ර මඟින් වියළා කුඩු ලෙස ඉන්දියාවට යවා එහි පිළිගත් ආයතනයක අධාර ඇතිව ප්‍රතිවිෂ නිපදවීම අපේ සැලසුමයි.මෙම කුඩු ග්‍රෑම් 02 ක් හදන්න විෂ මිලි ලීටර 15ක් පමණ අවශ්‍යයයි. අදාළ ව්‍යාපෘතිය සඳහා විෂ ලබා ගැනීමට ලංකාවේ උග්‍ර විෂ සහිත සියලු සර්ප කාණ්ඩවල සර්පයන් 400 ක් පමණ අවශ්‍යයි.දැනට අපිට සිටින්නේ සර්පයන් 80 ක් පමණයි.ඒ අතරත් වැඩිපුර ඉන්නේ නාගයන්.නාගයා එක්වරම හඳුනා ගන්න පුළුවන් නිසා මිනිස්සු මරන්නේ නැහැ.ඒත් අනිත් සර්පයන් බොහෝ අවස්ථාවල මරා දමනවා.ඒ අතරින් ගොඩක් සර්පයන් විෂ නැති සතුන්.මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ජලයෙන් යටවන ප්‍රදේශවලින් බේරා ගන්නා සර්පයනුත් අපිට ගෙනත් දෙනවා.උග්‍ර විෂ ගණයට ගැනෙන සර්පයෙක් සිටියහොත් අපිට ගෙනත් දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.අපට වගේම සතුන්ට පරිසරයේ ජීවත් වීමේ අයිතිය තිබෙනවා.ඒ නිසා සර්පයන් දැක්කාම මරන්න එපා.සර්ප දෂ්ඨනයකට ලක්වූ පුද්ගලයකුගේ ජීවිතය බේරා ගන්න ඒ සර්පයා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.'

සර්පයන් සපා කෑමේදී ලබාදෙන ප්‍රතිවිෂ නිර්මාණය කිරීම සඳහා සැලසුම් කර තිබෙන දීර්ඝ කාලීන වැඩසටහන අමුතුම එකකි. ලෝකයේ දැනට භාවිත කරන දියුණුම ක්‍රමයක් මේ සඳහා භාවිත කරන බව මහචාර්ය රාජපක්ෂ මහතා පවසයි.එහිදී මුලින්ම සිදු කෙරෙන්නේ උග්‍ර විෂ නිකුත් කරන සර්පයන්ගේ විෂ ග්‍රන්ථි විශ්ලේෂණය මඟින් විෂ නිකුත් කිරීමට උපයෝගී කරගන්නා ජාන හඳුනා ගැනීමයි.සර්ප විෂ ප්‍රෝටීන් අඩංගු ජලීය මිශ්‍රණයකි. එහි ප්‍රෝටීන් වර්ග අතිවිශාල සංඛ්‍යාවක් පවතින අතර ඉන් අධිවිෂක් ඇත්තේ කිහිපයක පමණි. එම විෂ හා ඒවා නිකුත් කෙරෙන ජාන වෙන්කර නිශ්චිතව හඳුනා ගැනීම භාරදූර කාර්යයකි.එය වෙන්කර හඳුනාගැනීමෙන් පසු සාමාන්‍යයෙන් වර්ධනය වන සෛලයකට ඇතුළත් කර එමඟින් අදාළ ප්‍රෝටීනය උපද්දවා ගත හැකිය. මෙය සර්පයන් නොමැතිව සර්ප විෂ නිපදවා ගත හැකි ක්‍රමයක් බවත් මෙම විද්‍යාත්මක ක්‍රියාවලිය උපයෝගි කර ගනිමින් මේවන විට ඉන්සියුලින් නිපදවෙන බවත් මහචාර්යවරයා ප්‍රකාශ කළේය.

මෙම වැඩපිළිවෙළ සඳහා ඉන්දියාවේ මයිසූර් විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යලයේ පශු වෛද්‍ය පීඨය අතර ගිවිසුමක් ක්‍රියාත්මකය. අදාළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පිණිස ඔබටද සහාය විය හැකිය.ඒ උග්‍ර විෂ සහිත සර්පයකු දුටු විට ඌ මරා නොදමා පේරාදේණිය පශු වෛද්‍ය පීඨයට භාර දීමෙනි.ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටද ඔවුන් සූදානම්ය.සර්පයෙක් අල්ලාගත හොත් වහාම 071-1406861 අංකයට දැනුම් දෙන ලෙස මහචාර්ය රජපක්ෂ ඉල්ලීමක් කරයි.ඔබ අල්ලා ගෙනවිත් දෙන සර්පයා හෙට දවසේ සර්ප විෂෙන් මියයන පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට දායක යන බව අමතක නොකරන්න...

අසේල කුරුළුවංශ

[QUOTE="Shaiman, post: 21382585, member: 501607"] [b]විෂ ඝෝර සර්පයා නොමරන්න දුටු වහා[/b] [SIZE="4"][COLOR="Blue"] විෂ නැසිය යුත්තේ විෂෙන්මය යැයි පැරණි කියමනක් තිබේ. සර්ප දෂ්ටනයකදී නම් දිවි ගලවා ගැනීමට මෙම කතාවේ සරණ යෑම අත්‍යවශ්‍යය. සර්ප විෂ ශරීරගතවූ විට එම විෂ නැසීම සදහා අදාළ සර්පයාගේම විෂ උපයෝගි කර ගනිමින් සකස් කළ ප්‍රති විෂ උපයෝගි කර ගැනීමට සිදුවෙයි. මෙලෙස ප්‍රතිවිෂ ලබාදිය යුතු වන්නේ උග්‍ර විෂ ඇති සර්පයකු සපා කෑ හෝ දෂ්ට කළ විටය. ශ්‍රී ලංකාවේ උග්‍ර විෂ ඇති සර්පයන් හත් දෙනකු ජීවත් වන බව හඳුනාගෙන තිබේ. නයා (Cobra), වැලි පොළඟා (Saw scale viper), මූදු කරවලා (Sri lanka krait), තෙල් කරවලා (Common krait), තිත් පොළඟා (Russells viper), පොළොං තෙලිස්සා (කුණකටුවා) (hump nose viper) හා පලා පොළඟා (Green pit viper) එම සතුන්ය. මේ අතරින් පොළොං තෙළිස්සා, මුදු කරවලා හා පලා පොළඟා සඳහා ප්‍රතිවිෂ මෙතෙක් නිර්මාණය වී නොමැති වීම නිසා එම සතුන්ගේ ප්රහාරයන්ට ලක්වන පුද්ගලයන්ට බොහෝ විට සිදුවන්නේ මරණය වැලඳගන්නටය. මරණයෙන් ගැලවුණත් ඔවුන්ට ජීවිත කාලයම විඳවන්නට තරම්වූ දරුණු රෝගාබාධ වැලඳීමේ වැඩි ඉඩක් පවතින අතර වකුගඩු අකර්මණ්‍ය වීම ඉන් ප්‍රධානය. ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ අනූ හතරක් පමණ වාසය කරයි. ඔවුන් උග්‍ර විෂ,සාමාන්‍ය විෂ හා විෂ රහිත වශයෙන් කාණ්ඩ තුනකට බෙදා වෙන්කර තිබේ. මෙම කාණ්ඩ තුනට අනුව මෙරට මාරාන්තික විෂ සහිත නොඑසේනම් උග්‍ර විෂ සහිත සර්පයන් 20 දෙනකු සිටින අතර ඉන් 13 න් දෙනකුම වාස භූමිය වී තිබෙන්නේ මහ මුහුදය. ඒ අනුව ගොඩබිමේ වාසය කරන්නේ උග්‍ර විෂ සහිත සර්පයන් අතරින් හත් දෙනකු පමණි.සාමාන්‍ය විෂ සහිත සර්පයන් 35 දෙනකුද විෂ රහිත සර්පයන් 59 දෙනකුද මෙරට හමුවන බව සර්ප විශේෂඥයෝ පවසති. වාර්ෂිකව සර්ප සපාකෑම් හෝ දෂ්ඨ කිරීම්වලට 40000 ක පමණ පිරිසක් ලක්වන නමුත් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගන්නේ දස දහසක් පමණ බව සෞඛ්‍යා අමාත්‍යාංශ වාර්තා පෙන්වා දෙයි.මෙමඟින් පැහැදිලි වන්නේ සර්ප සපාකෑම් හෝ දෂ්ඨ කිරීම් වැඩි ප්‍රමාණයක් සඳහා ප්‍රතිකාර අවශ්‍ය නොවන බවයි.එසේ වන්නේ මඳ විෂ හෝ විෂ රහිත සර්පයන්ගේ සපාකෑම් බහුලව මෙරට තුළ සිදුවන බැවිනි. එලෙසම උග්‍ර විෂ ඇති සර්පයන්ද සපා කන සෑම අවස්ථාවකම විෂ මුදා නොහරින බව පශු වෛද්‍යවරු පවසති.ගොදුරක් අල්ලා ගැනීමට විෂ මුදාහැරි ආසන්න වෙලාවක මෙම සර්පයකු සපා කෑවද එතරම් ප්‍රබල විෂක් ශරීර ගතනොවන බව පර්යේෂණ මඟින් තහවුරුව තිබේ. නමුත් උග්‍ර විෂ සහිත සර්පයන් හත්දෙනාගේ ප්රහාරයන්ට ලක්වුවහොත් රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය වන අතර එසේ නොවුණහොත් සියල්ල මරණයෙන් කෙළවර වීම සඳහා ඇති අවස්ථාව වැඩිය.මේ සියලු කාරණා කතා කරන්නට හේතුවක් තිබේ. ඒ මෙම දිනවල පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හුදකලා ප්‍රදේශයක කුඩාවට තැනූ ගොඩනැඟිල්ලක උග්‍ර විෂ ඇති සර්පයන්ගේ විෂ එකතු කිරීමේ ක්‍රියාවලියක් සිදුවෙමින් පවතින බැවිනි. සර්ප සපාකෑම්වලට ලක්ව මියයන හා ශරීරයේ වැදගත් ඉන්ද්‍රියන්ට හානි සිදුව ජීවිතයත් මරණයත් සමඟ පොර බදන මිනිසුන් ඉන් මුදවා ගැනීමේ අරමුණ පෙරදැරිව ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළට ජීවය දෙන්නට විෂඝෝර සර්පයන් 400 ක් පමණ අවශ්‍යය වූවත් තාමත් මෙහි ඇත්තේ අසූවක පමණ සර්ප ගහණයකි. ඉන්ද වැඩිහරියක් සිටිනුයේ නයින්ය. දෛනිකව මොවුන්ගෙන් විෂ ලබා ගැනීම සිදු කෙරෙයි. එක් සර්පයකුගෙන් වරකට විෂ ලබා ගත හැක්කේ මිලි ලීටර 10 කටත් අඩු ප්රමාණයකි.ශ්‍රී ලංකාවට ආවේනික මුදු කරවලා උග්‍ර විෂ ඇති සර්ප ලැයිස්තුවේ මුලින්ම නම ලියැවෙන සර්පයෙකි.උගෙන් වරකට ගත හැක්කේ මිලි ලීටර 05 කටත් අඩු විෂ ප්රමාණයකි. උග්‍ර විෂ ඇති සර්පයන් හත් දෙනාගේ විෂ රැස්කර ඒවා එකට එකතු කර සියලු සර්පයන්ගේ විෂට ඔරොත්තු දෙන ප්‍රතිවිෂක් නිර්මාණය කිරීම මෙම වැඩ පිළිවෙළේ අරමුණයි. පශු වෛද්‍ය පීඨයේ සිට කිලෝ මීටර පහක පමණ දුරින් හුදෙකලා ප්‍රදේශයක සර්ප විෂ එකතු කර ගන්නා මධ්‍යස්ථානය පිහිටා තිබේ.අවම පහසුකම් මධ්‍යයේ වුවත් ඉතා පිළිවෙළකට සකස්කර තිබූ එහි ලාච්චු ගණනාවක් දක්නට ලැබිණි. ලච්චුවක් විවෘත කළ විටම පෙණය පුප්පාගත් නාගයෙක් පිටතට පැමිණියේ එම ස්ථානයට ආධුනික අප අඩි කිහිපයක් පස්සට තල්ලු කරමිනි. සර්පයන් සමඟ ගනුදෙනු කර හොඳ පළපුරුද්දක් ඇති එහි සිටි තරුණයෝ දෙපොළ උග්‍ර විෂ ඇති සර්පයින් එකින් එකා පිටතට ගෙන විෂ එකතු කළහ.මෙලෙස වෙන් වෙන්ව එකතු කර ගන්නා සර්ප විෂ පශු වෛද්‍ය පීඨයේ විද්‍යාගාරය තුළදී එකට එක්කර වියළා ගැනීමෙන් පසු කුඩා වීදුරු කැබලි තත්ත්වයට පත්කර ගනී. පර්යේෂණ භාරව කටයුතු කරන පශු වෛද්‍ය පීඨයේ මහචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පැවසුවේ ඒ එක් වීදුරු කැටයක් වන් පුංචි කැබැල්ලකට ක්ෂණයෙන් ජීවිතයක් උදුරාගත හැකි බවයි. වර්ෂිකව සර්ප සපාකෑම් හෝ දෂ්ට කිරීම් හේතුවෙන් රෝහල් ගතවන 10000 ක් පමණ වන පිරිස අතරින් 100 දෙනකු පමණ මරු වැලඳ ගනිති. ලෝකයේ සර්ප ප්රහාරයන්ට ලක්ව වෙනත් රටවල මියයන සංඛ්‍යාව හා සැසඳීමේදී මෙය ඉතා ඉහළ අගයකි. වර්ෂයකට මේ අකාරයේ මරණ 8000 ක් පමණ ලෝකයේ වාර්තා වන අතර බහුතරයක් ආසියානු කලාපීය රටවලින් වාර්තාවීම සුවිශේෂීය. සර්ප වාසය සඳහා සුදුසු කාලගුණික දේශගුණික තත්ත්වයක් මෙම කලාපයේ පැවතීම මෙයට ප්‍රධාන හේතුව වී තිබේ.උග්‍ර විෂ සහිත සර්පයකු සපා කෑ විට ඉතා ඉක්මනින් ප්‍රතිකාර ලබාදීම අදාළ පුද්ගලයාගේ ජීවිතය බේරා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි.ඒ ඉතා සුළු වේලාවක් තුළ සර්ප විෂ ශරීරය පුරා ගමන් කර වකුගඩු ඇතුළු ඉන්ද්‍රීයන්ට බරපතළ හානි සිදුකරන බැවිනි. සර්ප ප්රහාරයන්ට ලක්ව මියයන පිරිස වැඩිවෙත්ම සර්ප විෂම යොදා ගනිමින් ප්‍රතිවිෂ නිර්මාණය කැර ජීවිත බේරා ගැනීම් සිදුවූ අතර ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ භාවිත කරන ප්‍රතිවිෂ ඉන්දියාවේ නිෂ්පාදනයන්ය. ඉන්දියානු සර්පයන්ගේ විෂ යොදා ගනිමින් නිර්මාණය කළ ප්‍රතිවිෂ ශ්‍රී ලංකාවේ සර්ප සපාකෑම් වලට ලක්වූවන්ට ලබා දීමේදී එය 100 % ක ගැලපීමක් සිදු නොවන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨය මගින් සිදුකළ පරීක්ෂණ මගින් තහවුරුව තිබේ. අනෙක් විශේෂම කරුණ වන්නේ මෙරට වාසය කරන උග්‍ර විෂ සහිත සර්පයන් හත් දෙනා අතරින් ඉන්දියානු ප්‍රතිවිෂ ලබාදිය හැක්කේ සර්පයන් සිවු දෙනකුගේ සපා කෑම් වලට පමණක් වීමය. නාගයා,වැලි පොළඟා,තෙල්කරවලා හා තිත් පොළඟා සපා කෑ විට අදාළ එන්නත් ලබාදිය හැකි වුවත් මෙතෙක් පොළොං තෙලිස්සා,මුදු කරවලා හා පලා පොළඟා යන සර්පයන්ගේ විෂ සඳහා ප්‍රතිවිෂක් නිර්මාණය කර නොමැත. ඊට හේතුව එම සතුන් ඉන්දියාවේ නොමැති වීම බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා පවසයි. මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ රුපියල් මිලියන 50 ක මූල්‍යය ප්‍රතිපාදන මත සිවු වරසක සැලැස්මක් සකස්කර තිබෙන අතර ඒ යටතේ සිදුකළ පර්යේෂණ මගින් ශ්‍රී ලංකාවේ සර්ප විශේෂ සම්බන්ධ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී ඇත. විශේෂයෙන් කවුරුත් දන්නා නාගයාගේ වුවත් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ නාගයා වෙන් වෙන්ව ගත්කල විෂ මට්ටම්වල පැහැදිලි වෙනස්කම් පවතින බවත් ශ්‍රී ලංකාවේ පළාත් වශයෙන් ගත්තත් මෙම තත්ත්වය දැකිය හැකි බවත් මහචාර්යවරයා ප්‍රකාශ කරයි. මේ නිසා ඉන්දියාවේ නිපදවෙන ප්‍රතිවිෂ මෙරට උග්‍ර විෂ සහිත පර්පයන්ගේ සපා කෑමට ලක්වන පුද්ගලයන්ට හරියටම නොගැළපෙන බව පෙන්වා දෙන ඒ මහතා ශ්‍රී ලංකාවේ සර්පයන්ගේ විෂට 100 % ක්ම ගැළපෙන ප්‍රතිවිෂ නිපදවීම නව වැඩපිළිවෙළේ අරමුණ බව කීය.මෙතෙක් ප්‍රති විෂක් නිර්මාණය කර නොමැති ශ්‍රී ලංකාවේ සර්පයන් තිදෙනා සඳහා ද මෙමඟින් ප්‍රතිවිෂ නිර්මාණය කිරිමේ හැකියාව පවතින බවද හෙතෙම පවසයි. එහි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජයන්ත රාජපක්ෂ මහතා එම පර්යේෂණවල වර්තමාන තත්ත්වය වැඩිදුරටත් පැහැදිලි කළේ මෙසේය. 'අපි දැනට සර්ප සපාකෑම් හෝ දෂ්ට කිරීම් වලට ලක්වූවන් සඳහා ලබාදීමට ප්‍රතිවිෂ ආනයනය කරන්නේ ඉන්දියාවෙන්.ඉන්දියාවේ ඉන්න සර්පයන් හතර දෙනකු වන නාගයා,වැලි පොළඟා,තිත් පොළඟා හා තෙල් කරවලා යන සතුන්ගේ විෂ අරගෙන ඒවා අශ්වයන්ට එන්නත් කර ඊට එරෙහිව අශ්වයාගේ ශරීරයේ නිපදවෙන ප්‍රතිවිෂ උපයෝගී කරගෙන නිපදවූ ඖෂධයක් තමයි අපි මේ රටේදී අදාළ පුද්ගලයන්ට ලබා දෙන්නේ.අපේ රටේ තාමත් උග්‍රම විෂ තියෙන සර්පයන් තිදෙනකුට ප්‍රතිවිෂක් නිර්මණය කර නැහැ.මේ නිසා තමයි සර්ප සපා කෑමක් සිදුවූ විට අදාළ සර්පයා රැගෙන එන්නේ නම් ප්‍රතිකාර කිරීම වඩා පහසු බව වෛද්‍යවරු පවසන්නේ. මොකද ඉන්දියාවෙන් ආනයනය කරන බෙහෙත දෙන්න පුළුවන් සර්පයෙක්ද කාලා තිබෙන්නේ කියන එක දැන ගැනීම වෛද්‍යවරයාට ඉතා වැදගත්. අනෙක් සර්පයන් තිදෙනා ගෙන් කෙනෙක් සපා කා තිබෙනවා නම් අදාළ ප්‍රතිවිෂ ලබාදීමෙන් පලක් නැහැ. එම අවස්ථාවල බොහෝ විට සිදු කෙරෙන්නේ සේලයින් ලබා දී රෝගියාට මූලික ප්‍රතිකාර ලබාදීම පමණයි. සර්ප සපා කෑමකදී අපි රෝගියාගේ ශරීරයට ඇතුළු කරන්නේ තවත් සර්ප විෂ අනුසාරයෙන් සකසා ගත් ප්‍රෝටීනයක් බව අමතක නොකළ යුතුයි. එයද අනවශ්‍යය ප්‍රමාණයක් ශරීර ගතවීම හරහා රෝගියාට අහිතකර බලපෑමක් ඇති විය හැකියි. 'මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් ලෙස අපි අපේ රටේ සර්පයන්ට ගැළපෙන ප්‍රතිවිෂ නිර්මාණය කිරීම කෙරෙහි අදාළ ව්‍යාපෘතිය යටතේ අවධානය යොමු කළා. මෙය කෙටි කාලීන හා දිගු කාලීන වශයෙන් ව්‍යාපෘති දෙකක් යටතේ ක්‍රියාත්මකයි.කෙටිකාලීන සැලසුම යටතේ අපි ලංකාවේ ඉන්න සියලුම උග්‍ර විෂ සහිත සර්පයන්ගේ විෂ එකට එක්කර ඒ සියල්ලටම ගැළපෙන ප්‍රතිවිෂක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටිනවා.අදාළ විෂ එක්රැස් කර ඒවා ඉන්දියාවට යවා එහිදී ප්‍රතිවිෂ නිර්මාණය කිරීමට සැලැසුම්කර තිබෙනවා.මේ කාර්යය ලංකාව තුළ සිදු කිරීම එතරම් ප්‍රායෝගික නැහැ.මේ සඳහා පර්යේෂණාගාර ඇති කිරීම ඇතුළු කටයුතු සඳහා වැයවන මූලික ප්රාග්ධනය හා සැසඳීමේදී ඒවා ඉන්දියාවේ නිෂ්පාදනය කර ආනයනය කිරීම ඉතා ලාභ දායකයි. දියරයක් ලෙස පවතින සර්ප විෂ යන්ත්‍ර මඟින් වියළා කුඩු ලෙස ඉන්දියාවට යවා එහි පිළිගත් ආයතනයක අධාර ඇතිව ප්‍රතිවිෂ නිපදවීම අපේ සැලසුමයි.මෙම කුඩු ග්‍රෑම් 02 ක් හදන්න විෂ මිලි ලීටර 15ක් පමණ අවශ්‍යයයි. අදාළ ව්‍යාපෘතිය සඳහා විෂ ලබා ගැනීමට ලංකාවේ උග්‍ර විෂ සහිත සියලු සර්ප කාණ්ඩවල සර්පයන් 400 ක් පමණ අවශ්‍යයි.දැනට අපිට සිටින්නේ සර්පයන් 80 ක් පමණයි.ඒ අතරත් වැඩිපුර ඉන්නේ නාගයන්.නාගයා එක්වරම හඳුනා ගන්න පුළුවන් නිසා මිනිස්සු මරන්නේ නැහැ.ඒත් අනිත් සර්පයන් බොහෝ අවස්ථාවල මරා දමනවා.ඒ අතරින් ගොඩක් සර්පයන් විෂ නැති සතුන්.මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ජලයෙන් යටවන ප්‍රදේශවලින් බේරා ගන්නා සර්පයනුත් අපිට ගෙනත් දෙනවා.උග්‍ර විෂ ගණයට ගැනෙන සර්පයෙක් සිටියහොත් අපිට ගෙනත් දෙන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.අපට වගේම සතුන්ට පරිසරයේ ජීවත් වීමේ අයිතිය තිබෙනවා.ඒ නිසා සර්පයන් දැක්කාම මරන්න එපා.සර්ප දෂ්ඨනයකට ලක්වූ පුද්ගලයකුගේ ජීවිතය බේරා ගන්න ඒ සර්පයා ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්.' සර්පයන් සපා කෑමේදී ලබාදෙන ප්‍රතිවිෂ නිර්මාණය කිරීම සඳහා සැලසුම් කර තිබෙන දීර්ඝ කාලීන වැඩසටහන අමුතුම එකකි. ලෝකයේ දැනට භාවිත කරන දියුණුම ක්‍රමයක් මේ සඳහා භාවිත කරන බව මහචාර්ය රාජපක්ෂ මහතා පවසයි.එහිදී මුලින්ම සිදු කෙරෙන්නේ උග්‍ර විෂ නිකුත් කරන සර්පයන්ගේ විෂ ග්‍රන්ථි විශ්ලේෂණය මඟින් විෂ නිකුත් කිරීමට උපයෝගී කරගන්නා ජාන හඳුනා ගැනීමයි.සර්ප විෂ ප්‍රෝටීන් අඩංගු ජලීය මිශ්‍රණයකි. එහි ප්‍රෝටීන් වර්ග අතිවිශාල සංඛ්‍යාවක් පවතින අතර ඉන් අධිවිෂක් ඇත්තේ කිහිපයක පමණි. එම විෂ හා ඒවා නිකුත් කෙරෙන ජාන වෙන්කර නිශ්චිතව හඳුනා ගැනීම භාරදූර කාර්යයකි.එය වෙන්කර හඳුනාගැනීමෙන් පසු සාමාන්‍යයෙන් වර්ධනය වන සෛලයකට ඇතුළත් කර එමඟින් අදාළ ප්‍රෝටීනය උපද්දවා ගත හැකිය. මෙය සර්පයන් නොමැතිව සර්ප විෂ නිපදවා ගත හැකි ක්‍රමයක් බවත් මෙම විද්‍යාත්මක ක්‍රියාවලිය උපයෝගි කර ගනිමින් මේවන විට ඉන්සියුලින් නිපදවෙන බවත් මහචාර්යවරයා ප්‍රකාශ කළේය. මෙම වැඩපිළිවෙළ සඳහා ඉන්දියාවේ මයිසූර් විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය විශ්ව විද්‍යලයේ පශු වෛද්‍ය පීඨය අතර ගිවිසුමක් ක්‍රියාත්මකය. අදාළ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම පිණිස ඔබටද සහාය විය හැකිය.ඒ උග්‍ර විෂ සහිත සර්පයකු දුටු විට ඌ මරා නොදමා පේරාදේණිය පශු වෛද්‍ය පීඨයට භාර දීමෙනි.ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමටද ඔවුන් සූදානම්ය.සර්පයෙක් අල්ලාගත හොත් වහාම 071-1406861 අංකයට දැනුම් දෙන ලෙස මහචාර්ය රජපක්ෂ ඉල්ලීමක් කරයි.ඔබ අල්ලා ගෙනවිත් දෙන සර්පයා හෙට දවසේ සර්ප විෂෙන් මියයන පුද්ගලයකුගේ ජීවිතය බේරා ගැනීමට දායක යන බව අමතක නොකරන්න... අසේල කුරුළුවංශ [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom