Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විෂ යොදා මිනී මැරූ වෛද්‍යවරුන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විෂ යොදා මිනී මැරූ වෛද්‍යවරුන්

සර් ආතර් කොනන් ඩොයිලි තමන් විසින් රචනා කරන ලද තිත් වැටුණු පටිය නම් ෂර්ලොක් හෝම්ස් කතාවේ එසේ සඳහන් කරනවා. නමුත් ඔහු සඳහන් කරන මේ “පාමර් සහ ප්‍රිචාර්ඩ්” නම් ඔහු විසින් රචිත චරිත දෙකක් නෙවෙයි. පාමර් සහ ප්‍රිචාර්ඩ් 19වන ශතවර්ෂයේ දී එංගලන්තයේ වාසය කළ, විෂ යොදා මිනීමැරීම සම්බන්ධයෙන් කුප්‍රකට වෛද්‍යවරුන් දෙදෙනෙක්. පාමර් සහ ප්රිචාඩ් මොකද කළේ? මේ ලිපිය ඔවුන් දෙදෙනා ගැනයි.

පාමර්ගේ කතාව

වෛද්‍ය විලියම් පාමර් (Wikimedia)

විලියම් පාමර්ව හඳුන්වන්නේ “විෂ යොදන්නන්ගේ ඔටුණු පලන් කුමරු” ලෙසයි. 19 වන සියවසේ එංගලන්තයේ සිදු වූ දරුණුතම අපරාධයන්ගෙන් එකකට වරදකරු වුණේ “රූජ්ලි මිනීමරුවා” ලෙසින් ද නම් ලද වෛද්‍ය පාමරුයි.

පාමර් සූදුවට ඇබ්බැහි වී සිටියා. ඔහු විසින් ඝාතනය කරන ලදැයි චෝදනා කෙරුණේ ඔහු මෙන්ම රේස් අශ්වයින්ට ඔට්ටු තැබීමට ඇබ්බැහිව සිටි ඔහුගේ මිතුරෙකු වන ජෝන් පාර්සන්ස් කුක්වයි.

පවුලෙන් උරුම වූ මුදල් සහිත වූ කුක් තරමක පොහොසතෙක්. 1855 නොවැම්බර් මස 14 වන දා තැබූ ඔට්ටුවකින් කුක් ජයග්‍රහණය කර පවුම් 3000ක මුදලක් දිනාගත්තා. නමුත් පාමර් ඔට්ටු ඇල්ලූ අශ්වයා පරාජයට පත්වුණා. එදින පාමර් සමඟ බ්‍රැන්ඩි පානයකට හවුල් වූ කුක් එයින් පසු දරුණු ලෙස රෝගී වූ නමුත්, දින කීපයකින් සුව අතට හැරුණා. ඒ අතරේ, පාමර් විසින් ණය ලබාගත් පුද්ගලයින් ඔහුගෙන් මුදල් ඉල්ලා ඔහුට තර්ජනය කළ බව කියැවෙනවා. ඉතින් පාමර්ට මුදල් අවශ්‍යව තිබුණා.

පාමර්ගේ මරණ දඬුවම මහ ජනයාට නිවේදනය කළ පත්‍රිකාව. මෙම සිදුවීම නැරඹීමට ලක්ෂයකට කිට්ටු පිරිසක් පැමිණි බව වාර්තා වෙනවා (Pinterest)

දින කීපයකට පසු පාමර් සමඟ කෝපි පානය කළ කුක් නැවතත් රෝගී තත්ත්වයට පත්වෙනවා. කුක්ගේ නීතීඥයා විසින් ඔහුගේ රෝගී තත්ත්වය අසා ඔහු වෙනුවෙන් එවූ සුප් පානයත් “උණුසුම් කරවීම” සඳහා පාමර් විසින් කුස්සියට යවනවා. එය පානය කළ කුක්ගේ වමනය තවත් දරුණු වෙනවා (මේ සුප් පානයෙන් හැඳි දෙකක් රස බැලූ කුස්සියේ සේවිකාව ද අසනීප වූ බව සඳහන්). මේ අතරේ, කුක් විසින් ඔට්ටු ඇල්ලූ තැන් වලට යන පාමර් කුක් ජයග්‍රහණය කළ මුදල් එකතු කරගන්නේ ඒ සඳහා කුක්ගේ අවසරය තමාට ලැබුණු බව කියමිනුයි.

18 වන දා පාමර් විසින් ස්ට්‍රික්නීන් නම් විෂ වර්ගයෙන් ග්‍රේන් තුනක ප්‍රමාණයක් මිළට ගෙන එයින් පෙති කීපයක් සෑදූ බවයි කියැවෙන්නේ. ඉන් දින 2කට පසු රාත්‍රියක ඔහු විසින් කුක් ට “ඇමෝනියා පෙති” 2ක් ලබාදීමෙන් අනතුරුව දැඩි ලෙස රෝගී වන ඔහු 21 වන දා පාන්දර 1ට පමණ මියයන්නේ තමාගේ හුස්ම හිරවෙන බව පවසමින්, දැඩි වේදනාවකිනුයි.

පාමර්ගේ නඩු විභාගය පිළිබඳව 1856 දී නිකුත් කළ වාර්තාව (National Library of Medicine)

කුක්ගේ මරණයෙන් පසු එහි පැමිණි ඔහුගේ සුළුපියා ඉල්ලුම් කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි. නමුත් ඒ අතරේ පාමර් විසින් කුක් මියගියේ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා බව කියැවෙන මරණ සහතිකයක් ලබාගෙන තිබුණා. කෙසේ නමුත් මරණය සිදුව ඇත්තේ විෂ වර්ගයක් නිසා බව තීරණය කෙරුණු අතර පාමර්ව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කෙරුනා. ඔහුගේ කලකට පෙර මියැදුණු බිරියගේ සහ කුඩා පුතුගේ මරණයන් සැක සහිත බව තීරණය කිරීමෙන් පසු ඒ සිරුරු ද ගොඩගැනුනා.

මරණ පරීක්ෂණයක් සඳහා නොසුදුසු ලෙස පුතුගේ සිරුර දැඩිසේ දිරාගොස් තිබුණත්, හොඳ තත්ත්වයෙන් තිබූ ඔහුගේ බිරිඳගේ සිරුරේ තිබී ඇන්ටිමනි නම් විෂ වර්ගය විශාල ප්‍රමාණයන්ගෙන් සොයාගැනුනා. පාමර් විසින් ඇයගේ ජීවිතය පවුම් 13 000කට රක්ෂණය කර, පසුව ඒ රක්ෂණ මුදල් ලබාගැනීම සඳහා ඇයව විෂ යොදා ඝාතනය කර තිබුණා.

මේ සියළු ඝාතනයන්ට වැරදිකරු කරන ලද, එවකට 31හැවිරිදිව සිටි පාමර් 1856 වසරේ ස්ටැෆර්ඩ් බන්ධනාගාරයේ දී එල්ලා මරා දමනු ලැබුවා.

ප්රිචාඩ්ගේ කතාව

වෛද්‍ය එඩ්වර්ඩ් විලියම් ප්රිචාඩ් (Murderpedia)

වෛද්‍ය එඩ්වර්ඩ් ප්රිචාඩ් 1846 දී එංගලන්තයේ නාවික හමුදා ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අයෙක්. වසර කීපයකට පසු එයින් විශ්‍රාම ගත් ඔහු මේරි ජේන් ටේලර් නම් කාන්තාවක් හා විවාහ වී, යෝක්ෂයරයේ පුද්ගලික වෙදකමක් ඇරඹූ නමුත්, 1960 දී පමණ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරට සංක්‍රමණය කරනවා. එහිදී 1864 පමණ වන විට මේරි ප්රිචාඩ් දරුණු ලෙස රෝගී වෙනවා. කෙසේ නමුත් වෛද්‍ය සැමියෙකු සිටීම ඇගේ වාසනාවට හේතු වුණේ නෑ. ප්රිචාඩ් මිනීමරුවෙකු මෙන්ම, වෙනත් ගැහැණුන් හා සම්බන්ධකම් පවත්වන්නෙක් බව ද ඈ නොදැන සිටියා.

මෙම සිදුවීමට මද කලකට පෙර ප්රිචාඩ්ගේ නිවසේ සිටි 15හැවිරිදි මෙහෙකාරිය ඔහු අතින් ගැබ්ගත්තා. සිය බිරිය මියයාමෙන් පසුව ඇයව විවාහ කරගන්නා බවට මෙහෙකාරියට පොරොන්දු වූ ප්රිචාඩ්, ගබ්සාවක් සඳහා ඇයව කැමති කරවාගත්තා. මේරි ප්රිචාඩ් රෝගී වන්නේ මෙම සිදුවීමෙන් පසුවයි.

1865 පෙබරවාරි 1වන දා මේරිගේ මව එහි පැමිණෙන්නේ ඇයට සාත්තු කිරීමටයි. නමුත් පසුදිනයේම රෝගී බවට පත්වන ඇයත් ඉන් දින 24කට පසු මියයනවා. මේරිගේ රෝගී තත්ත්වය දරුණු වන අතර, ඇය ද මාර්තු 18 වන දා මරණයට පත්වෙනවා.

ප්රිචාඩ්, ඔහුගේ බිරිඳ, බිරිඳගේ මව, සහ පවුල (National Museums Scotland Blog)

ඉන් දින දෙකකට පසුව රාජ චෝදකතැනට නිර්නාමික ලියුමක් ලැබෙන්නේ ප්රිචාඩ් විසින් මෙම මරණයන් දෙක සිදුකළ බවට සැකයක් ඇති බවටයි. මෙම ලිපිය එවන ලද්දේ වෛද්‍ය පේටර්සන් නැමැත්තෙකු විසින් බව සැලකෙනවා (ප්රිචාඩ් විසින් මරණ සහතික ලබාගැනීම සඳහා ඔහු වෙත ගියත්, ඒවා ලබාදීම මෙම වෛද්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා). ඒ අනුව ගොඩගන්නා ලද සිරුරු වල තිබී ඇන්ටිමනි විශාල ප්‍රමාණයක් සොයාගත් අතර, ඒ මරණයන්ට වරදකරු බවට තීරණය වුණු ප්රිචාඩ් ග්ලාස්ගෝහි දී එල්ලා මරණයට පත්කෙරෙනවා. 1865 දී මරණ දඬුවමට මුහුණ පෑ, එවකට 40හැවිරිදිව සිටි ප්රිචාඩ්, ග්ලාස්ගෝහි දී ප්‍රසිද්ධියේ එල්ලා මරාදැමූ අවසන් පුද්ගලයා යි.

ප්රිචාඩ්ගේ නඩු විභාගයේ සම්පූර්ණ වාර්තාව – 1865 දී නිකුත් කර ඇත. (John Drury Rare Books)

ඊට වසර 2කට පෙර, 1863 දී ප්රිචාඩ් සිටි නිවෙස ගිනිගෙන තරුණ සේවිකාවක මරණයට පත්වුණා. ගින්න ආරම්භ වුණේ ඇගේ කාමරයෙන් බව සිතුවත්, ඈ එයින් බේරීමට තැත් නොකළ බව අනාවරණය වුණා. ඇය ද ප්රිචාඩ් සමඟ සම්බන්ධතාවක් පැවැත්වූ බවට උපකල්පනය කළ හැකි අතර, කුමක් හෝ හේතුවක් නිසා ප්රිචාඩ් ඇයව මත්කර හෝ මරාදමා, ඈ සමඟම සිය නිවෙසට ද ගිනි අවුලවන්නට ඇති බව සැකයක් තිබුණත් ඒ සිදුවීම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ නැහැ.

Source Roar

[QUOTE="Idias, post: 23433858, member: 556682"] [b]විෂ යොදා මිනී මැරූ වෛද්‍යවරුන්[/b] [SIZE=4]සර් ආතර් කොනන් ඩොයිලි තමන් විසින් රචනා කරන ලද තිත් වැටුණු පටිය නම් ෂර්ලොක් හෝම්ස් කතාවේ එසේ සඳහන් කරනවා. නමුත් ඔහු සඳහන් කරන මේ “පාමර් සහ ප්‍රිචාර්ඩ්” නම් ඔහු විසින් රචිත චරිත දෙකක් නෙවෙයි. පාමර් සහ ප්‍රිචාර්ඩ් 19වන ශතවර්ෂයේ දී එංගලන්තයේ වාසය කළ, විෂ යොදා මිනීමැරීම සම්බන්ධයෙන් කුප්‍රකට වෛද්‍යවරුන් දෙදෙනෙක්. පාමර් සහ ප්රිචාඩ් මොකද කළේ? මේ ලිපිය ඔවුන් දෙදෙනා ගැනයි.[/SIZE] [B][SIZE=4]පාමර්ගේ කතාව[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/William_palmer.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]වෛද්‍ය විලියම් පාමර් (Wikimedia)[/SIZE] [SIZE=4]විලියම් පාමර්ව හඳුන්වන්නේ “විෂ යොදන්නන්ගේ ඔටුණු පලන් කුමරු” ලෙසයි. 19 වන සියවසේ එංගලන්තයේ සිදු වූ දරුණුතම අපරාධයන්ගෙන් එකකට වරදකරු වුණේ “රූජ්ලි මිනීමරුවා” ලෙසින් ද නම් ලද වෛද්‍ය පාමරුයි.[/SIZE] [SIZE=4]පාමර් සූදුවට ඇබ්බැහි වී සිටියා. ඔහු විසින් ඝාතනය කරන ලදැයි චෝදනා කෙරුණේ ඔහු මෙන්ම රේස් අශ්වයින්ට ඔට්ටු තැබීමට ඇබ්බැහිව සිටි ඔහුගේ මිතුරෙකු වන ජෝන් පාර්සන්ස් කුක්වයි.[/SIZE] [SIZE=4]පවුලෙන් උරුම වූ මුදල් සහිත වූ කුක් තරමක පොහොසතෙක්. 1855 නොවැම්බර් මස 14 වන දා තැබූ ඔට්ටුවකින් කුක් ජයග්‍රහණය කර පවුම් 3000ක මුදලක් දිනාගත්තා. නමුත් පාමර් ඔට්ටු ඇල්ලූ අශ්වයා පරාජයට පත්වුණා. එදින පාමර් සමඟ බ්‍රැන්ඩි පානයකට හවුල් වූ කුක් එයින් පසු දරුණු ලෙස රෝගී වූ නමුත්, දින කීපයකින් සුව අතට හැරුණා. ඒ අතරේ, පාමර් විසින් ණය ලබාගත් පුද්ගලයින් ඔහුගෙන් මුදල් ඉල්ලා ඔහුට තර්ජනය කළ බව කියැවෙනවා. ඉතින් පාමර්ට මුදල් අවශ්‍යව තිබුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/85e6773655396f9ba28e14970dc56bd3.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පාමර්ගේ මරණ දඬුවම මහ ජනයාට නිවේදනය කළ පත්‍රිකාව. මෙම සිදුවීම නැරඹීමට ලක්ෂයකට කිට්ටු පිරිසක් පැමිණි බව වාර්තා වෙනවා (Pinterest)[/SIZE] [SIZE=4]දින කීපයකට පසු පාමර් සමඟ කෝපි පානය කළ කුක් නැවතත් රෝගී තත්ත්වයට පත්වෙනවා. කුක්ගේ නීතීඥයා විසින් ඔහුගේ රෝගී තත්ත්වය අසා ඔහු වෙනුවෙන් එවූ සුප් පානයත් “උණුසුම් කරවීම” සඳහා පාමර් විසින් කුස්සියට යවනවා. එය පානය කළ කුක්ගේ වමනය තවත් දරුණු වෙනවා (මේ සුප් පානයෙන් හැඳි දෙකක් රස බැලූ කුස්සියේ සේවිකාව ද අසනීප වූ බව සඳහන්). මේ අතරේ, කුක් විසින් ඔට්ටු ඇල්ලූ තැන් වලට යන පාමර් කුක් ජයග්‍රහණය කළ මුදල් එකතු කරගන්නේ ඒ සඳහා කුක්ගේ අවසරය තමාට ලැබුණු බව කියමිනුයි.[/SIZE] [SIZE=4]18 වන දා පාමර් විසින් ස්ට්‍රික්නීන් නම් විෂ වර්ගයෙන් ග්‍රේන් තුනක ප්‍රමාණයක් මිළට ගෙන එයින් පෙති කීපයක් සෑදූ බවයි කියැවෙන්නේ. ඉන් දින 2කට පසු රාත්‍රියක ඔහු විසින් කුක් ට “ඇමෝනියා පෙති” 2ක් ලබාදීමෙන් අනතුරුව දැඩි ලෙස රෝගී වන ඔහු 21 වන දා පාන්දර 1ට පමණ මියයන්නේ තමාගේ හුස්ම හිරවෙන බව පවසමින්, දැඩි වේදනාවකිනුයි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/palmer10-701x1087.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]පාමර්ගේ නඩු විභාගය පිළිබඳව 1856 දී නිකුත් කළ වාර්තාව (National Library of Medicine)[/SIZE] [SIZE=4]කුක්ගේ මරණයෙන් පසු එහි පැමිණි ඔහුගේ සුළුපියා ඉල්ලුම් කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන ලෙසයි. නමුත් ඒ අතරේ පාමර් විසින් කුක් මියගියේ අභ්‍යන්තර රුධිර වහනයක් නිසා බව කියැවෙන මරණ සහතිකයක් ලබාගෙන තිබුණා. කෙසේ නමුත් මරණය සිදුව ඇත්තේ විෂ වර්ගයක් නිසා බව තීරණය කෙරුණු අතර පාමර්ව අත්අඩංගුවට ගෙන, අධිකරණයට ඉදිරිපත් කෙරුනා. ඔහුගේ කලකට පෙර මියැදුණු බිරියගේ සහ කුඩා පුතුගේ මරණයන් සැක සහිත බව තීරණය කිරීමෙන් පසු ඒ සිරුරු ද ගොඩගැනුනා.[/SIZE] [SIZE=4]මරණ පරීක්ෂණයක් සඳහා නොසුදුසු ලෙස පුතුගේ සිරුර දැඩිසේ දිරාගොස් තිබුණත්, හොඳ තත්ත්වයෙන් තිබූ ඔහුගේ බිරිඳගේ සිරුරේ තිබී ඇන්ටිමනි නම් විෂ වර්ගය විශාල ප්‍රමාණයන්ගෙන් සොයාගැනුනා. පාමර් විසින් ඇයගේ ජීවිතය පවුම් 13 000කට රක්ෂණය කර, පසුව ඒ රක්ෂණ මුදල් ලබාගැනීම සඳහා ඇයව විෂ යොදා ඝාතනය කර තිබුණා.[/SIZE] [SIZE=4]මේ සියළු ඝාතනයන්ට වැරදිකරු කරන ලද, එවකට 31හැවිරිදිව සිටි පාමර් 1856 වසරේ ස්ටැෆර්ඩ් බන්ධනාගාරයේ දී එල්ලා මරා දමනු ලැබුවා.[/SIZE] [B][SIZE=4]ප්රිචාඩ්ගේ කතාව[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/pritchard.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]වෛද්‍ය එඩ්වර්ඩ් විලියම් ප්රිචාඩ් (Murderpedia)[/SIZE] [SIZE=4]වෛද්‍ය එඩ්වර්ඩ් ප්රිචාඩ් 1846 දී එංගලන්තයේ නාවික හමුදා ශෛල්‍ය වෛද්‍යවරයෙකු ලෙස සේවය කළ අයෙක්. වසර කීපයකට පසු එයින් විශ්‍රාම ගත් ඔහු මේරි ජේන් ටේලර් නම් කාන්තාවක් හා විවාහ වී, යෝක්ෂයරයේ පුද්ගලික වෙදකමක් ඇරඹූ නමුත්, 1960 දී පමණ ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවරට සංක්‍රමණය කරනවා. එහිදී 1864 පමණ වන විට මේරි ප්රිචාඩ් දරුණු ලෙස රෝගී වෙනවා. කෙසේ නමුත් වෛද්‍ය සැමියෙකු සිටීම ඇගේ වාසනාවට හේතු වුණේ නෑ. ප්රිචාඩ් මිනීමරුවෙකු මෙන්ම, වෙනත් ගැහැණුන් හා සම්බන්ධකම් පවත්වන්නෙක් බව ද ඈ නොදැන සිටියා.[/SIZE] [SIZE=4]මෙම සිදුවීමට මද කලකට පෙර ප්රිචාඩ්ගේ නිවසේ සිටි 15හැවිරිදි මෙහෙකාරිය ඔහු අතින් ගැබ්ගත්තා. සිය බිරිය මියයාමෙන් පසුව ඇයව විවාහ කරගන්නා බවට මෙහෙකාරියට පොරොන්දු වූ ප්රිචාඩ්, ගබ්සාවක් සඳහා ඇයව කැමති කරවාගත්තා. මේරි ප්රිචාඩ් රෝගී වන්නේ මෙම සිදුවීමෙන් පසුවයි.[/SIZE] [SIZE=4]1865 පෙබරවාරි 1වන දා මේරිගේ මව එහි පැමිණෙන්නේ ඇයට සාත්තු කිරීමටයි. නමුත් පසුදිනයේම රෝගී බවට පත්වන ඇයත් ඉන් දින 24කට පසු මියයනවා. මේරිගේ රෝගී තත්ත්වය දරුණු වන අතර, ඇය ද මාර්තු 18 වන දා මරණයට පත්වෙනවා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/pritchard-family.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ප්රිචාඩ්, ඔහුගේ බිරිඳ, බිරිඳගේ මව, සහ පවුල (National Museums Scotland Blog)[/SIZE] [SIZE=4]ඉන් දින දෙකකට පසුව රාජ චෝදකතැනට නිර්නාමික ලියුමක් ලැබෙන්නේ ප්රිචාඩ් විසින් මෙම මරණයන් දෙක සිදුකළ බවට සැකයක් ඇති බවටයි. මෙම ලිපිය එවන ලද්දේ වෛද්‍ය පේටර්සන් නැමැත්තෙකු විසින් බව සැලකෙනවා (ප්රිචාඩ් විසින් මරණ සහතික ලබාගැනීම සඳහා ඔහු වෙත ගියත්, ඒවා ලබාදීම මෙම වෛද්‍යවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබුණා). ඒ අනුව ගොඩගන්නා ලද සිරුරු වල තිබී ඇන්ටිමනි විශාල ප්‍රමාණයක් සොයාගත් අතර, ඒ මරණයන්ට වරදකරු බවට තීරණය වුණු ප්රිචාඩ් ග්ලාස්ගෝහි දී එල්ලා මරණයට පත්කෙරෙනවා. 1865 දී මරණ දඬුවමට මුහුණ පෑ, එවකට 40හැවිරිදිව සිටි ප්රිචාඩ්, ග්ලාස්ගෝහි දී ප්‍රසිද්ධියේ එල්ලා මරාදැමූ අවසන් පුද්ගලයා යි.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/01/21751-1.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]ප්රිචාඩ්ගේ නඩු විභාගයේ සම්පූර්ණ වාර්තාව – 1865 දී නිකුත් කර ඇත. (John Drury Rare Books)[/SIZE] [SIZE=4]ඊට වසර 2කට පෙර, 1863 දී ප්රිචාඩ් සිටි නිවෙස ගිනිගෙන තරුණ සේවිකාවක මරණයට පත්වුණා. ගින්න ආරම්භ වුණේ ඇගේ කාමරයෙන් බව සිතුවත්, ඈ එයින් බේරීමට තැත් නොකළ බව අනාවරණය වුණා. ඇය ද ප්රිචාඩ් සමඟ සම්බන්ධතාවක් පැවැත්වූ බවට උපකල්පනය කළ හැකි අතර, කුමක් හෝ හේතුවක් නිසා ප්රිචාඩ් ඇයව මත්කර හෝ මරාදමා, ඈ සමඟම සිය නිවෙසට ද ගිනි අවුලවන්නට ඇති බව සැකයක් තිබුණත් ඒ සිදුවීම අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණේ නැහැ.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source Roar :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom