Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විස්කි බෝතලයක් තියෙනවා එළියට එන්න දෙන්නම්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි පුද්ගලයකු පසුගිය 24 වැනිදා ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි වෙත යෑම සදහා සූදානමින් සිටියදීය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වෙඩි තබා මිනිස් ඝාතන 09ක්ම සිදුකිරීම ඇතුළු අපරාධ ගණනාවක සැකකරුවෙකි. ඔහු නමින් රවිදු සංඛ නොහොත් 'බූරු මූණා' ය.

බූරු මූණාගේ හැඳුනුම්පතට අනුව ඔහුගේ පදිංචිය පෝද්දල, බෝපේය. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සම්බන්ධකම් පවත්වන බවට ඔහුට චෝදනා එල්ල වේ. බූරු මූණා වැඩිම අපරාධ ගණනක් සිදුකර ඇත්තේ දැනට ඉතාලියේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවලට බව පොලිසිය පවසයි. බූරු මූණා තනිවම මිනිස් ඝාතන 09ක් සහ තවත් අපරාධකරුවන් හා එක්ව ඝාතන 10ක් සිදුකර තිබෙන බව පොලිස් විමර්ශන මගින් හෙළිවී ඇත. මේ ඝාතන දාමයේ ඔහු අතින් සිදුවූ අවසාන ඝාතනය වූයේ පසුගිය දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල, මුස්ලිම් පල්ලිය පාරේ පිහිටි ආපනශාලාවක හිමිකරුවකු වූ මොහොමඩ් ෆර්හාන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමය.

එදින රාත්‍රී 10ට පමණ තවත් පුද්ගලයකු හා යතුරු පැදියකින් පැමිණ අඩක් වසා දමා තිබූ ෆර්හාන්ගේ වෙළඳසැලට පැමිණි මෙම සැකකරු මුදල් කවුන්ටරයේදීම ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කර තිබුණි. මෙම අපරාධය සම්බන්ධයෙන් වන විමර්ශන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සිදුකළේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයය.

මෙම අපරාධයට සම්බන්ධ යතුරු පැදිය පැදවූ පුද්ගලයා මීට මාසයකට පමණ ඉහතදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූයේ ඔහු පොලිසියට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය. මෙම සිදුවීමේ වෙඩි තැබීමේ සැකකරු ගැනද පොලිසිය අනාවරණය කරගෙන තිබුණත් ඔහු තැනින් තැන වෙස් වලාගෙන සැඟවී සිටි නිසා සැකකරු සෙවීමේ කාර්ය අසීරු වී තිබුණි.

මෙම විමර්ශන අතරතුර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වෙනත් අපරාධයකට අදාළවය. එම සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී හංවැල්ලේ ඝාතකයා බවට හඳුනාගෙන සිටි බූරු මූණා නැමැත්තාගේ ඡායාරූපය සඳහන් විදෙස් ගමන් බලපත්‍රයක් හමුවී ඇත. එහි තිබුණේ කෝරලේ කංකානම්ලාගේ රවිදු වර්ණ රංග යන නාමයය. එහි ලිපිනය ලෙස සඳහන්ව තිබුණේ දූව පංසල පාර, පානදුර දකුණ යන ලිපිනයකි. මෙය ව්‍යාජ ගමන් බලපත්‍රයක් බව හෙළිකරගත් විමර්ශන නිලධාරීන් දුරකතනයේ හිමිකරු වූ සැකකරුට රහසේ මෙම තොරතුරු ලබාගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිටියේ හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනයේ ප්‍රධාන සැකකරු විදෙස් ගතවීමේ උත්සහායක් පවතින හෙයින් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලමිනි.

ඉතාමත් රහසිගත අන්දමින් ලබාගත් එම විදෙස් ගමන් තහනම පොලිසිය හා මහේස්ත්‍රාත්වරයා හැර අන් කවරෙකු හෝ දැන සිටියේ නැත. ඒ අතරතුර සැකකරු සෙවීමේ මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මක විය. බූරු මූණාගේ සමීපතම පාතාල සගයින්ද සිය අපරාධවලට සක්‍රිය දායකත්වයක් දුන් මොහුව එතෙරට ගැනීමේ දැඩි උත්සහායක නිරතව තිබේ. සැකකරුට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ඇත්තේද ඒ අනුවය. නමුත් මේ එකදු අපරාධකරුවකු හෝ මේ ගැන පොලිසිය හෙළිදරව්කරගෙන ඇති බව දැන සිටියේ නැත.

පසුගිය 24 වැනිදා සවස 06.30ට ඩුබායි බලා යන ගුවන් යානයෙන් එතෙරට පැන ගැනීමේ අපේක්ෂාවෙන් බූරු මූණා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියේය. ඔහු මෙදින අත්අඩංගුවට පත්වන්නේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කර විදෙස්ගත වීමට උත්සාහ කළ නිසාය. අත්අඩංගුවට ගත් සැකකරු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට බාරදුන් අතර ඔහු පොලිස් සිරමැදිරියේ දැමීමට පොලිසිය පියවර ගෙන තිබුණි. එමෙන්ම පොලිසිය සැකකරු ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔහු ගැන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට දැනුම් දෙනු ලැබීය.

පොලිස් සිර මැදිරියේ සිටි මෙම සැකකරු බැලීමට හෙට්ටිපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් තිදෙනෙක් මෙදින රාත්‍රියේ පැමිණ තිබුණි. මෙම භික්ෂූන් තිදෙනා අතරින් එක් අයෙකු පතාලය සමග සබදතා පවත්වන්නකු බව පොලිස් විමර්ෂණවලදී අනාවරණය වී ඇත. භික්ෂූන් තිදෙනා සැකකරුට ඇප ලබාගැනීමට හෝ නිදහස් කරගැනීම වෙනුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත. එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා සිරමැදිරිය බාර කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන්වරයාට සැකකරු මැදිරියෙන් ඉවතට ගන්නා ලෙසට උපදෙස් දී ඇත. ඒ අනුව පොලිස් සිරමැදිරියෙන් පිටතට ආ සැකකරු තමා බැලීමට පැමිණි භික්ෂූන් සමග කතාබහ කර ඇත්තේ පොලිසියේ ලිහිල් අවධානය මැදය. අත් විලංගුද ගලවා තිබූ මෙම සැකකරු ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පොලිස් ස්ථානයෙන් පිටතට පැන ගොස් මාර්ගයේ ගමන් ගත් කහ පැහැති මෝටර් රථයකට නැග මීගමුව දෙසට පැනගොස් තිබුණි. ඒ 26 වැනිදා අලුයම 12.10ට පමණය.

සැකකරුගේ පැන යෑමත් පොලිසියේ ක්‍රියාකලාපයත් පසුපස රුපියල් කෝටි එකහමාරක පමණ ගනුදෙනුවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇත. එම ගනුදෙනුව පිටුපස මීගමුව කොට්ඨාසයේ ඉහළ නිලධාරියකු සිටින බවටද චෝදනා එල්ල වේ.

මෙම සිද්ධියට අදාළව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර, කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන්වරයකු සහ ආරක්ෂාවට යොදවා සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකරුට පලායාමට ආධාර අනුබල දීමේ චෝදනාව මතය. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 25 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන්වරයා පමණක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි. ස්ථානාධිපතිවරයා හා කොස්තාපල්වරුන් දෙදෙනා ඇප මත මුදාහරිනු ලැබීය.

පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු පලා යාම ගැන මීගමුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ අධීක්ෂණයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත. සැකකරුට පැන යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

රටින් පැන යෑම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් මිනීමැරුම් 19කට සම්බන්ධ පාතාල සාමාජිකයකුට පලායෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන කටුනායක ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක්කරන බවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය.

කෝරළේකම්කානම්ලාගේ රවිදු වර්ණසිංහ හෙවත් බූරු මූණා නමැති මෙම සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම පසුපස රුපියල් කෝටි එකහමාරක පමණ ගනුදෙනුවක් සිදුව ඇතැයිද තොරතුරු ලැබී ඇත.

ගුවන් ගමන් තහනමක් තිබියදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වීමට ගිය මෙම සැකකරු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර දී තිබුණේ පසුගිය (24) වැනිදා සවස 06 ට පමණය.

පොලිසිය වෙත භාර දුන් මෙම සැකකරු මෙදින රාත්‍රිය වනතෙක්ම පොලිස් සිරමැදිරියේ රඳවා තබාගෙන ඇති අතර චීවරධාරීන් තෙනමක් වශයෙන් පැමිණි පුද්ගලයන් තිදෙනකු මොහු නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා සමගින් සාකච්ඡා කර ඇත. ඔවුන් ස්ථානාධිපතිවරයාට පවසා ඇත්තේ මෙම සැකකරුට ආහාර ගැනීම සඳහා අත්විලංගු ඉවත් කරදෙන ලෙසය.

පසුව ස්ථානාධිපතිවරයා පොලිසියේ සිර මැදිරිය භාර කාර්යභාර සැරයන්වරයාට උපදෙස් දී ඇත්තේ සැකකරුගේ අත්විලංගු ඉවත් කර මැදිරියෙන් ඉවතට ගන්නා ලෙසය.

එහිදී සැකකරුට අවශ්‍ය ආහාර පිටතින් රැගෙන ආ යුතු බව කියමින් හිමිවරුන් පොලිස් ස්ථානයෙන් බැහැර වී ඇති අතර ඒ අවස්ථාවේදීත් සැකකරු සිට ඇත්තේ අත්විලංගු නොමැතිවය. එමෙන්ම එක් හිමිනමක් විස්කි බෝතලයක් තියෙනවා එළියට එන්න දෙන්නම් යැයි කාර්ය භාර සැරයන්වරයාට පවසා ඇතැයි කියැවේ.

මේ අනුව ආහාර ගෙන ඒමට කියා ගිය හිමිවරුන් පැමිණ විස්කි බෝතලය ලබාගැනීම සඳහා පොලිස් සැරයන්වරයාට පිටතට ආරාධනා කර ඇති අතර එය අවස්ථාවක් කරගත් සැකකරු පොලිස් ස්ථානයෙන් පිටතට පැන පොලිස් නිලධාරීන්ද තල්ලු කරමින් පලාගොස් ඇත.

මෙම සැකකරු කහ පැහැ ඇක්වා වර්ගයේ මෝටර් රියකින් හලාවත දෙසට පලාගොස් ඇති අතර සැකකරු හලාවත හරහා බෝට්ටු මගින් ඉන්දියාවට පැනගොස් ඇති බවට සැකකෙරේ.

මෙම සැකකරු පලායාම හා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවත් මෙය පිටුපස රුපියල් කෝටි එකහමාරක මුදල් ගනුදෙනුවක්ද පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය.

බූරු මූණා නමැති මෙම සැකකරු පසුගිය දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල මුස්ලිම් පල්ලිය පාරේ පිහිටි ආපනශාලා හිමිකරුවකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටද හඳුනාගෙන ඇත.

මෙම ඝාතනය ගැන විමර්ශන සිදුකළ නිලධාරීන්ට වෙනත් වරදකට ගෙන ආ සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබී හමුවූ බූරු මූණා නමැති මෙම අපරාධකරුගේ රුව ඇතුළත් විදෙස් ගමන් බලපත්‍රයක ඡායාරූපයක් හමුවී තිබේ. එම ඡායාරූපය රහසිගත අන්දමින් ලබාගෙන වැඩිදුර විමර්ශන සහිතව සැකකරුගේ නමින් ගුවන් ගමන් තහනමක් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන තිබිණි. සැකකරු පසුගියදා (24) වැනිදා අත්අඩංගුවට පත්ව තිබුණේ තමාට එරෙහිව ගුවන් ගමන් තහනමක් ගෙන ඇති බව නොදැන පැමිණ සිටියදීය.

කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවකු පලායාමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කටුනායක පොලිස් ස්ථානාධිපති ජානක සේනාධීර, කාර්යභාර සැරයන් සේනාරත්න, ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක සහ කුමාර යන සිවුදෙනා අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු තිදනෙකු ඇප මත මුදාහැරිණි.

පොලිස් සිරමැදිරිය භාරව සිටි කාර්ය භාර නිලධාරි සැරයන්වරයා පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එමෙන්ම සිදුකරන ලද විමර්ශන මගින් මෙම පාතාල සාමාජිකයා බේරාගැනීමට පැමිණි බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් එක් නමක් හෙට්ටිපොල විහාරස්ථානයක වැඩවසන පාතාලයෙන් උදවු උපකාර ලබන හිමිනමක් බවද හෙළිවී ඇත.

සටහන - හේමන්ත ලියණපතිරණ හා එෆ්. අස්ලම්

[QUOTE="hichchiputha, post: 28641804, member: 565736"] කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණි පුද්ගලයකු පසුගිය 24 වැනිදා ආගමන හා විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූයේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් ඩුබායි වෙත යෑම සදහා සූදානමින් සිටියදීය. එලෙස අත්අඩංගුවට ගත් සැකකරු වෙඩි තබා මිනිස් ඝාතන 09ක්ම සිදුකිරීම ඇතුළු අපරාධ ගණනාවක සැකකරුවෙකි. ඔහු නමින් රවිදු සංඛ නොහොත් 'බූරු මූණා' ය. බූරු මූණාගේ හැඳුනුම්පතට අනුව ඔහුගේ පදිංචිය පෝද්දල, බෝපේය. ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ මහා පරිමාණ සංවිධානාත්මක අපරාධකරුවන් සමග සමීප සම්බන්ධකම් පවත්වන බවට ඔහුට චෝදනා එල්ල වේ. බූරු මූණා වැඩිම අපරාධ ගණනක් සිදුකර ඇත්තේ දැනට ඉතාලියේ සැඟවී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන රත්ගම විදුරගේ කොන්ත්‍රාත්තුවලට බව පොලිසිය පවසයි. බූරු මූණා තනිවම මිනිස් ඝාතන 09ක් සහ තවත් අපරාධකරුවන් හා එක්ව ඝාතන 10ක් සිදුකර තිබෙන බව පොලිස් විමර්ශන මගින් හෙළිවී ඇත. මේ ඝාතන දාමයේ ඔහු අතින් සිදුවූ අවසාන ඝාතනය වූයේ පසුගිය දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල, මුස්ලිම් පල්ලිය පාරේ පිහිටි ආපනශාලාවක හිමිකරුවකු වූ මොහොමඩ් ෆර්හාන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමය. එදින රාත්‍රී 10ට පමණ තවත් පුද්ගලයකු හා යතුරු පැදියකින් පැමිණ අඩක් වසා දමා තිබූ ෆර්හාන්ගේ වෙළඳසැලට පැමිණි මෙම සැකකරු මුදල් කවුන්ටරයේදීම ව්‍යාපාරිකයා වෙඩි තබා ඝාතනය කර තිබුණි. මෙම අපරාධය සම්බන්ධයෙන් වන විමර්ශන බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත සිදුකළේ බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයය. මෙම අපරාධයට සම්බන්ධ යතුරු පැදිය පැදවූ පුද්ගලයා මීට මාසයකට පමණ ඉහතදී පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්වූයේ ඔහු පොලිසියට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වූ අවස්ථාවේදීය. මෙම සිදුවීමේ වෙඩි තැබීමේ සැකකරු ගැනද පොලිසිය අනාවරණය කරගෙන තිබුණත් ඔහු තැනින් තැන වෙස් වලාගෙන සැඟවී සිටි නිසා සැකකරු සෙවීමේ කාර්ය අසීරු වී තිබුණි. මෙම විමර්ශන අතරතුර බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගනු ලැබීය. ඒ වෙනත් අපරාධයකට අදාළවය. එම සැකකරුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමේදී හංවැල්ලේ ඝාතකයා බවට හඳුනාගෙන සිටි බූරු මූණා නැමැත්තාගේ ඡායාරූපය සඳහන් විදෙස් ගමන් බලපත්‍රයක් හමුවී ඇත. එහි තිබුණේ කෝරලේ කංකානම්ලාගේ රවිදු වර්ණ රංග යන නාමයය. එහි ලිපිනය ලෙස සඳහන්ව තිබුණේ දූව පංසල පාර, පානදුර දකුණ යන ලිපිනයකි. මෙය ව්‍යාජ ගමන් බලපත්‍රයක් බව හෙළිකරගත් විමර්ශන නිලධාරීන් දුරකතනයේ හිමිකරු වූ සැකකරුට රහසේ මෙම තොරතුරු ලබාගෙන අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර සිටියේ හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනයේ ප්‍රධාන සැකකරු විදෙස් ගතවීමේ උත්සහායක් පවතින හෙයින් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස ඉල්ලමිනි. ඉතාමත් රහසිගත අන්දමින් ලබාගත් එම විදෙස් ගමන් තහනම පොලිසිය හා මහේස්ත්‍රාත්වරයා හැර අන් කවරෙකු හෝ දැන සිටියේ නැත. ඒ අතරතුර සැකකරු සෙවීමේ මෙහෙයුම්ද අඛණ්ඩව ක්‍රියාත්මක විය. බූරු මූණාගේ සමීපතම පාතාල සගයින්ද සිය අපරාධවලට සක්‍රිය දායකත්වයක් දුන් මොහුව එතෙරට ගැනීමේ දැඩි උත්සහායක නිරතව තිබේ. සැකකරුට ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර ඇත්තේද ඒ අනුවය. නමුත් මේ එකදු අපරාධකරුවකු හෝ මේ ගැන පොලිසිය හෙළිදරව්කරගෙන ඇති බව දැන සිටියේ නැත. පසුගිය 24 වැනිදා සවස 06.30ට ඩුබායි බලා යන ගුවන් යානයෙන් එතෙරට පැන ගැනීමේ අපේක්ෂාවෙන් බූරු මූණා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණ සිටියේය. ඔහු මෙදින අත්අඩංගුවට පත්වන්නේ ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් භාවිත කර විදෙස්ගත වීමට උත්සාහ කළ නිසාය. අත්අඩංගුවට ගත් සැකකරු කටුනායක ගුවන් තොටුපොළ පොලිසියට බාරදුන් අතර ඔහු පොලිස් සිරමැදිරියේ දැමීමට පොලිසිය පියවර ගෙන තිබුණි. එමෙන්ම පොලිසිය සැකකරු ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඔහු ගැන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට දැනුම් දෙනු ලැබීය. පොලිස් සිර මැදිරියේ සිටි මෙම සැකකරු බැලීමට හෙට්ටිපොළ ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂුන් තිදෙනෙක් මෙදින රාත්‍රියේ පැමිණ තිබුණි. මෙම භික්ෂූන් තිදෙනා අතරින් එක් අයෙකු පතාලය සමග සබදතා පවත්වන්නකු බව පොලිස් විමර්ෂණවලදී අනාවරණය වී ඇත. භික්ෂූන් තිදෙනා සැකකරුට ඇප ලබාගැනීමට හෝ නිදහස් කරගැනීම වෙනුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඇත. එම අවස්ථාවේදී පොලිස් ස්ථානාධිපතිවරයා සිරමැදිරිය බාර කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන්වරයාට සැකකරු මැදිරියෙන් ඉවතට ගන්නා ලෙසට උපදෙස් දී ඇත. ඒ අනුව පොලිස් සිරමැදිරියෙන් පිටතට ආ සැකකරු තමා බැලීමට පැමිණි භික්ෂූන් සමග කතාබහ කර ඇත්තේ පොලිසියේ ලිහිල් අවධානය මැදය. අත් විලංගුද ගලවා තිබූ මෙම සැකකරු ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් පොලිස් ස්ථානයෙන් පිටතට පැන ගොස් මාර්ගයේ ගමන් ගත් කහ පැහැති මෝටර් රථයකට නැග මීගමුව දෙසට පැනගොස් තිබුණි. ඒ 26 වැනිදා අලුයම 12.10ට පමණය. සැකකරුගේ පැන යෑමත් පොලිසියේ ක්‍රියාකලාපයත් පසුපස රුපියල් කෝටි එකහමාරක පමණ ගනුදෙනුවක් සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇත. එම ගනුදෙනුව පිටුපස මීගමුව කොට්ඨාසයේ ඉහළ නිලධාරියකු සිටින බවටද චෝදනා එල්ල වේ. මෙම සිද්ධියට අදාළව කටුනායක ගුවන් තොටුපොළ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක සේනාධීර, කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන්වරයකු සහ ආරක්ෂාවට යොදවා සිටි කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණේ සැකකරුට පලායාමට ආධාර අනුබල දීමේ චෝදනාව මතය. අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් 25 වැනිදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු කාර්යභාර නිලධාරී ලෙස කටයුතු කළ සැරයන්වරයා පමණක් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කෙරිණි. ස්ථානාධිපතිවරයා හා කොස්තාපල්වරුන් දෙදෙනා ඇප මත මුදාහරිනු ලැබීය. පොලිස් අත්අඩංගුවේ සිටි සැකකරු පලා යාම ගැන මීගමුව සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ අධීක්ෂණයෙන් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇත. සැකකරුට පැන යෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන පොලිස් නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි. රටින් පැන යෑම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණ සිටියදී අත්අඩංගුවට ගත් මිනීමැරුම් 19කට සම්බන්ධ පාතාල සාමාජිකයකුට පලායෑමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වන කටුනායක ගුවන්තොටුපොළ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක්කරන බවද බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසීය. කෝරළේකම්කානම්ලාගේ රවිදු වර්ණසිංහ හෙවත් බූරු මූණා නමැති මෙම සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මුදාගැනීම පසුපස රුපියල් කෝටි එකහමාරක පමණ ගනුදෙනුවක් සිදුව ඇතැයිද තොරතුරු ලැබී ඇත. ගුවන් ගමන් තහනමක් තිබියදී ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයකින් විදෙස්ගත වීමට ගිය මෙම සැකකරු කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපළේදී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ගුවන්තොටුපළ පොලිසිය වෙත භාර දී තිබුණේ පසුගිය (24) වැනිදා සවස 06 ට පමණය. පොලිසිය වෙත භාර දුන් මෙම සැකකරු මෙදින රාත්‍රිය වනතෙක්ම පොලිස් සිරමැදිරියේ රඳවා තබාගෙන ඇති අතර චීවරධාරීන් තෙනමක් වශයෙන් පැමිණි පුද්ගලයන් තිදෙනකු මොහු නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා සමගින් සාකච්ඡා කර ඇත. ඔවුන් ස්ථානාධිපතිවරයාට පවසා ඇත්තේ මෙම සැකකරුට ආහාර ගැනීම සඳහා අත්විලංගු ඉවත් කරදෙන ලෙසය. පසුව ස්ථානාධිපතිවරයා පොලිසියේ සිර මැදිරිය භාර කාර්යභාර සැරයන්වරයාට උපදෙස් දී ඇත්තේ සැකකරුගේ අත්විලංගු ඉවත් කර මැදිරියෙන් ඉවතට ගන්නා ලෙසය. එහිදී සැකකරුට අවශ්‍ය ආහාර පිටතින් රැගෙන ආ යුතු බව කියමින් හිමිවරුන් පොලිස් ස්ථානයෙන් බැහැර වී ඇති අතර ඒ අවස්ථාවේදීත් සැකකරු සිට ඇත්තේ අත්විලංගු නොමැතිවය. එමෙන්ම එක් හිමිනමක් විස්කි බෝතලයක් තියෙනවා එළියට එන්න දෙන්නම් යැයි කාර්ය භාර සැරයන්වරයාට පවසා ඇතැයි කියැවේ. මේ අනුව ආහාර ගෙන ඒමට කියා ගිය හිමිවරුන් පැමිණ විස්කි බෝතලය ලබාගැනීම සඳහා පොලිස් සැරයන්වරයාට පිටතට ආරාධනා කර ඇති අතර එය අවස්ථාවක් කරගත් සැකකරු පොලිස් ස්ථානයෙන් පිටතට පැන පොලිස් නිලධාරීන්ද තල්ලු කරමින් පලාගොස් ඇත. මෙම සැකකරු කහ පැහැ ඇක්වා වර්ගයේ මෝටර් රියකින් හලාවත දෙසට පලාගොස් ඇති අතර සැකකරු හලාවත හරහා බෝට්ටු මගින් ඉන්දියාවට පැනගොස් ඇති බවට සැකකෙරේ. මෙම සැකකරු පලායාම හා පොලිසියේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් බරපතළ සැකයක් පවතින බවත් මෙය පිටුපස රුපියල් කෝටි එකහමාරක මුදල් ගනුදෙනුවක්ද පවතින බවට තොරතුරු ලැබී තිබෙන බවත් උසස් පොලිස් නිලධාරියකු පැවසීය. බූරු මූණා නමැති මෙම සැකකරු පසුගිය දෙසැම්බර් 18 වැනිදා හංවැල්ල මුස්ලිම් පල්ලිය පාරේ පිහිටි ආපනශාලා හිමිකරුවකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු බවටද හඳුනාගෙන ඇත. මෙම ඝාතනය ගැන විමර්ශන සිදුකළ නිලධාරීන්ට වෙනත් වරදකට ගෙන ආ සැකකරුවකුගේ ජංගම දුරකතනයේ තිබී හමුවූ බූරු මූණා නමැති මෙම අපරාධකරුගේ රුව ඇතුළත් විදෙස් ගමන් බලපත්‍රයක ඡායාරූපයක් හමුවී තිබේ. එම ඡායාරූපය රහසිගත අන්දමින් ලබාගෙන වැඩිදුර විමර්ශන සහිතව සැකකරුගේ නමින් ගුවන් ගමන් තහනමක් අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගෙන තිබිණි. සැකකරු පසුගියදා (24) වැනිදා අත්අඩංගුවට පත්ව තිබුණේ තමාට එරෙහිව ගුවන් ගමන් තහනමක් ගෙන ඇති බව නොදැන පැමිණ සිටියදීය. කෙසේ වෙතත් පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවකු පලායාමට ආධාර අනුබල දීමේ චෝදනාව මත කටුනායක පොලිස් ස්ථානාධිපති ජානක සේනාධීර, කාර්යභාර සැරයන් සේනාරත්න, ආරක්ෂාවට සිටි පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක සහ කුමාර යන සිවුදෙනා අත්අඩංගුවට ගෙන මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු තිදනෙකු ඇප මත මුදාහැරිණි. පොලිස් සිරමැදිරිය භාරව සිටි කාර්ය භාර නිලධාරි සැරයන්වරයා පමණක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. එමෙන්ම සිදුකරන ලද විමර්ශන මගින් මෙම පාතාල සාමාජිකයා බේරාගැනීමට පැමිණි බෞද්ධ භික්ෂුන් වහන්සේලාගෙන් එක් නමක් හෙට්ටිපොල විහාරස්ථානයක වැඩවසන පාතාලයෙන් උදවු උපකාර ලබන හිමිනමක් බවද හෙළිවී ඇත. සටහන - හේමන්ත ලියණපතිරණ හා එෆ්. අස්ලම් [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom