Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
විස්මිත හෙල විකලාංග චිකිත්සාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්මිත හෙල විකලාංග චිකිත්සාව

තම කුළුඳුල් දරු සිඟිත්තා දෙස සොනාලි අප්‍රමාණ සෙනෙහසින් බලා සිටියාය. රෝස පැහැයෙන් දිදුලන මේ සිඟිත්තාගෙන් නික්මුන කිරි සුවඳ කාමරය පුරා පැතිර යද්දී තව තවත් ළයට තුරුළු කර ගත් ඇය සිඟිත්තාගේ සුසිනිඳු කෙහෙ අතර සිය ඇඟිලි තුඩු යවමින් හඬන්නට පටන් ගත්තාය.

"අපි ඉක්මනින් ඩොක්ටර් කෙනෙකුට පෙන්වමු සොනාලි. කළ යුතු ප්‍රතිකාරයක් ඉක්මනට කරනව විනා අඬල දොඩල වැඩක් නැහැ."

සුවහස් සිය බිරිඳගේ සිත සනසන්නට ගත් වෙහෙස අප්‍රමාණය. පෑරී ඇති ඇයගේ සිත සැනසීම එතරම් පහසු කාර්යයක් නොවීය.

"මට දරුව දිහා මේ විදිහට බලාගෙන ඉන්න බැහැ සුවහස්. බලන්න මේ පැටියගෙ හැටි. මෙයා ලොකු වුණහම එයාට ඇතිවන හැඟීම මොකක්ද? අනික මේ සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද? මේව මතක් වෙනකොට මට ඉවසන්න බැහැ සුවහස්."

සොනාලි තව තවත් ඉකි ගසන්නට පටන් ගනිද්දී සුවහස්ට ද දැනුනේ අසීමිත දුකකි.

උපතින්ම ශරීරාංගයන්ගේ විකෘතියක් දක්නට ලැබුණු මේ සිඟිත්තාගේ හිස කෙසෙල් මලක හැඩයක් ගෙන තිබියදී දැත් දෙපා ඇඹරී වක ගැසී තිබිණි.

තම කුළුඳුල් දරුවා මෙතරම් අංගවිකලව උපදීවි යෑයි ඔවුන් කිසි විටෙක සිතුවේ නැත. එහෙත් කුළුඳුල් ආදරය විවාහය නමැති මහා වෘක්ෂයක් වෙද්දී එහි ඵල නිසරු වීම ඔවුන්ට දරාගත නොහැකි දුකක් ම විය.

"අඬල දොඩල වැඩක් නෑ. කලබල වෙලා වැඩක් නෑ. දේශීය වෙදකමේ විකලාංග චිකිත්සාවෙන් මේ දරුවා ප්‍රකෘති තත්ත්වයට ගන්න පුළුවන්."

සිය දරුවා සුවපත් කර ගැනීමට දැඩි උනන්දුවකින් ක්‍රියා කළ සුවහස් ට තම මිතුරු වැඩිහිටියකුගෙන් උපදෙස් ලැබුණේ වෛද්‍යාචාරිනී හේවා මුදියන්සේලාගේ අමරා රාජපක්ෂ මැණිකේ ගැන තොරතුරුත් සමගය.

මේ සුබ ආරංචිය සමඟ උද්දාමයට පත් සුවහස් සිය බිරිඳ සමඟ දරුවා රැගෙන ගියේ කඳානේ වෙද අසපුවෙහි රාජපක්ෂ වෙද හාමිනේ වෙතය.

"කලබල වෙන්න එපා අපි දරුවව සනීප කරමු." මේ වගේ ළමයි මෙතෙන්ට ඕන තරම් අරගෙන එනවා. ඒත් මෙතෙන්ට එක්ක එන ළමය නොවෙයි මාස කිහිපයකින් එක්ක යන්නෙ. හොඳ නිරෝගී දරුවෙක්."

ළගන්නා සුළු සිනහවක් පාමින් දරුවාගේ දෙමාපියන්ට කියද්දී ඔවුන්ගේ දෙනෙතින් සතුටු කඳුළු දෙකොපුල් හරහා ගලා යන්නට විය.

එතැන් සිට ගත වූයේ මාස කිහිපයකි. දරුවා සාමාන්‍ය නිරෝගී දරුවකු බවට පත්වීම සුවහස් සොනාලිගේ ලෝකයට පහන් තරුවක් පෑව්වාක් මෙනි..

දිනපතා පෙරවරුවේ අංග විකල දරුවන්ට ප්‍රතිකාර කරන අමරා රාජපක්ෂ වෛද්‍යවරිය මුදල් අයකිරීමක් කරන්නේ නැත. සිය කාලයත් ශ්‍රමයත් වැය කරමින් තමන්ගේ දැතින් අංග විකල දරුවන්ට කරන ප්‍රතිකාරය තුළින් ලබන ආත්ම තෘප්තිය හා ආධ්‍යාත්මික සුවය අප්‍රමාණය. පසුගිය දිනෙක මෙම වෙද හාමිනේ මුණගැසීමට අපට අවස්ථාවක් උදා වූයේ තවත් රෝගී දරුවකුගේ පියකු මාර්ගයෙනි. "මගේ දරුවා දෙපයින් ඇවිද්දවන්නට තවත් අම්මා කෙනකු ලැබුණේ යෑයි උද්දාමයට පත් ඔහු සියලු තොරතුරු කීවේ ලෝකයක් දිනා ගත්තාක් මෙනි.

"අපේ එකම දරුවා ආබාධිත වුණාම අපට අපේ ජීවිත පවා එපා වුණා. මගේත් බිරිඳගේත් දෛනික කටයුතු දරුවා නිසා ටික ටික අඩපණ වෙද්දී ලෝකයට මුහුණ දීමට තරම්වත් නොහැකිව ආත්ම ශක්තිය පිsරිහුණේ සෙනසුරු දසාව ලැබුවා වගේ.

දරුව ටික ටික වැඩෙද්දී එයා ගැන බලා ඉන්න බැරි තරමටම අපට අපහසුවක් දැනුණා. සමහර වෙලාවට බිරිඳ දරුවා තුරුළු කරගෙන අඬන වෙලාවල් අනන්තයි. ඒත් පුංචි එකාට මේවයෙ හැඟීමක් නැතිව අම්මගෙ කඳුළු පිස දැම්මෙ හිනාවෙවී.

"අන්තිමේදී අපි ආගම්වල පිහිට පතාගෙන පන්සල්වලට, කෝවිල්වලට, දේවාලවලට ගියා. කොහොම වුණත් ඒවයෙ පිහිටෙන්ද කියල අපට කියන්න දන්නෙ නැති වුණාට මේ වෙද හාමිනේ හමුවුණාට පස්සෙ අපට ආයෙත් ජීවත්වීමේ ආශාව ඇති වුණා."

මේ සියල්ල සැලකිල්ලට ගත් අපට අමරා රාජපක්ෂ මැණිකේ වෛද්‍යාචාරිනිය හා දොඩමළු වෙමින් විකලාංග චිකිත්සාව ගැන තොරතුරු බිඳක් විමසීමි.

"මාතෘ දාරකාභිවෘද්ධිය වෙනුවෙන් අප කරන කැපවීම ආත්ම තෘප්තියක්, ආධ්‍යාත්මික සුවයක් ලබන්න මහෝපකාරී වෙනවා. මෙයින් මම ලබන සතුට අනන්තයි අප්‍රමාණයි."

"ඇයි ඔබතුමිය එහෙම කියන්නේ." මම අතුරු ප්‍රශ්නයක් වෛද්‍යවරියගෙන් විමසීමි.

දරුවො කියන්නේ සම්පතක්නේ. අනිත් සෑම සම්පතකටම වඩා දරු සම්පත වටිනවා. ඉතිං මගේ දරුවා වගේම මට අනෙක් අයගේ දරුවොත් වටිනවා. ඊටත් වඩා මට වටින්නේ අංග විකල දරුවො."

අව්‍යාජ කතාවත් නිර්මල සිනහවත් මේ වෙද හාමිනේගේ ප්රතිකාරයෙහි ගුණාගුණ කියාපාන්නට තවත් සාක්ෂි නොවේ යෑයි මට සිතිනි.

"අපි නිකමට හිතල බලමු නිරෝගී දරුවන් දහදෙනෙක් ඉන්න තැනක ඔබේ දරුවා හරි මගේ දරුවා හරි අංග විකල වෙලා ඉන්නව දැක්කොත් හිතෙන්නෙ ඇයි දෙයියනේ අපට විතරක් මෙහෙම වෙන්නෙ කියල නේද?"

"සමහර වෙලාවට පුංචි කාලෙදී මේක දරුවාට තේරෙන්නෙ නැති වුණාට බහ තෝරන්න තෝරන්න දරුවටත් දැනෙන වේදනාවත් එක්ක සමාජයෙන් ටික ටික තල්ලු වෙන එක නවතන්න කොහොමවත් බැහැ. අන්න ඒක හොඳට තේරුම් ගත්ත මම මගේ මුළු ජීවිත කාලයම කැප කරන්න හිතාගෙන ඉන්නෙ ඒ වගේ දරුවො සුපවත් කරන්න."

"විශේෂයෙන් මේ රෝග සහජ රෝග, ජානගත රෝග කර්ම රෝග කියලා හඳුන්වන්න පුළුවන්. මේව විකලාංග චිකිත්සාවෙන් සුවපත් කළාට තවත් සමහර රෝග සුවපත් කරන්න අපහසුයි. ඒවා සංසාරේ කරපු අකුසල කර්මත් එක්ක එන කර්ම රෝග.

1960 වර්ෂයට පෙර අපේ දෙමාපියන්ගෙන් වැඩි පිරිසක් තම තමන්ගෙ දරුවො දීගතල දෙනකොට කුල මල සහ පරපුර බලන්නෙ ඒවයෙ යම් යම් නොගැලපීම් තියෙනව නම් මේවාගේ දරු උපත් සිදුවීම වළක්වන්න.

"අනිත් කාරණය තමයි ගර්භනී අවධියෙදී නොසැලකිලිමත් භාවය හා අනවබෝධය. දරුවකුගේ අංගවිකල බවට හොඳින්ම බලපානවා. විශේෂයෙන් ගැබිනි මවකගේ වටපිටාව හා පෝෂණ තත්ත්වය ගැන හොඳ වැටහීමක් නොතිබුණොත් දරුවකුට ඒක හොඳින්ම බලපාන සාධකයක්."

"වර්තමාන සමාජයෙ මේ කියන කරුණ තරුණ තරුණියන්ගෙ සිත්වලින් බැහැර වීම හරිම ෙ€දවාචකයක්. ගොඩක් අය තමන්ගෙ හිතුවක්කාරකමට කරගන්න දේවල්වලින් ලෝකෙට බිහිවන දරුවා මේ වගේ අවාසනාවට පත්වෙන එක කාටවත් වළක්වන්න බැහැ."

වත්මන් සමාජයෙන් ගිලිහී යන සිරිත් විරිත් හා ගුණධර්ම හේතුවෙන් සමාජයට අත්වන ඉරණම ද වැඩි ප්‍රවණතාවක් ගන්නා බව අපි දනිමු. එහෙත් ඒවා ආරක්ෂා කරමින් එහි සංවර්ධනයක් ඇති කරන්නට සැබෑ ඕනෑකමක් ඇත්තෝ විරල බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ.

"මේ රටේ ඉන්න ඕනෑම බාල වියේ විකලාංග දරුවෙකුට හැමවිටම අපි කැප වෙලා ඉන්නවා ප්‍රතිකාර කරල සුවපත් කරන්න. මේක අපේ වෘත්තිය වුණාට ජීවත්වීමේ මාර්ගයක් නොවෙයි."

හැම විටම යථාර්ථයට මුහුණදෙමින් අමරා රාජපක්ෂ වෛද්‍යාචාරිනිය කළ ප්‍රතිකාර තුළින් සුවපත් වූ දරුවෝ බොහෝය. අමිල සේවයකින් පසු නිමල ජීවිතයකට අවතීර්ණ වෙමින් යහපත් දරුවකු සමාජයට බිහි කිරීම එම දරුවන්ගේ දෙමාපියන් මෙන්ම ඇයගේත් අභිප්‍රායයි.

මානව දයාවෙන් පිරි මෙම වෙද හාමිනේ අප සමඟ කතාවට අවතීර්ණ වෙද්දීත් එවැනි කුඩා දරුවන් කිහිපදෙනකුට ප්‍රතිකාර කරමින් සිටියාය. තම අසපුවේ විකලාංග සායනයෙහි රෝගී දරුවන් අසල සැබෑ මාපියන් නිතරම නොසිටියත්, ඒ වගකීම භාරගෙන සැබෑ මවක් ලෙස වෙද හාමිනේ නිතර සිටියාය.

නිරෝගී දරුවන් වැදූ මව්වරු තම දරුවන් මහමඟ හෝ කුණු කසළ ගොඩවල් වලට විසිකර ඇඟ බේරා ගැනීමට වෙර දරද්දී රෝගී දරුවන් සුවපත් කර සමාජයට යහපත් පුරවැසියන් බිහිකර සිත නිවා ගැනීමට කාලයත් ශ්‍රමයත් කැප කරන මේ වෙද අම්මලා ගැන තවත් මොන කතාද?

විමලසිරි අගලකඩ - දිවයින

බොහො අයගෙ ප්‍රයොජනය තකා මෙය bump කරන්න..

[QUOTE="jaya91, post: 16388958, member: 500565"] [b]විස්මිත හෙල විකලාංග චිකිත්සාව[/b] [SIZE="3"]තම කුළුඳුල් දරු සිඟිත්තා දෙස සොනාලි අප්‍රමාණ සෙනෙහසින් බලා සිටියාය. රෝස පැහැයෙන් දිදුලන මේ සිඟිත්තාගෙන් නික්මුන කිරි සුවඳ කාමරය පුරා පැතිර යද්දී තව තවත් ළයට තුරුළු කර ගත් ඇය සිඟිත්තාගේ සුසිනිඳු කෙහෙ අතර සිය ඇඟිලි තුඩු යවමින් හඬන්නට පටන් ගත්තාය. "අපි ඉක්මනින් ඩොක්ටර් කෙනෙකුට පෙන්වමු සොනාලි. කළ යුතු ප්‍රතිකාරයක් ඉක්මනට කරනව විනා අඬල දොඩල වැඩක් නැහැ." සුවහස් සිය බිරිඳගේ සිත සනසන්නට ගත් වෙහෙස අප්‍රමාණය. පෑරී ඇති ඇයගේ සිත සැනසීම එතරම් පහසු කාර්යයක් නොවීය. "මට දරුව දිහා මේ විදිහට බලාගෙන ඉන්න බැහැ සුවහස්. බලන්න මේ පැටියගෙ හැටි. මෙයා ලොකු වුණහම එයාට ඇතිවන හැඟීම මොකක්ද? අනික මේ සමාජයට මුහුණ දෙන්නෙ කොහොමද? මේව මතක් වෙනකොට මට ඉවසන්න බැහැ සුවහස්." සොනාලි තව තවත් ඉකි ගසන්නට පටන් ගනිද්දී සුවහස්ට ද දැනුනේ අසීමිත දුකකි. උපතින්ම ශරීරාංගයන්ගේ විකෘතියක් දක්නට ලැබුණු මේ සිඟිත්තාගේ හිස කෙසෙල් මලක හැඩයක් ගෙන තිබියදී දැත් දෙපා ඇඹරී වක ගැසී තිබිණි. තම කුළුඳුල් දරුවා මෙතරම් අංගවිකලව උපදීවි යෑයි ඔවුන් කිසි විටෙක සිතුවේ නැත. එහෙත් කුළුඳුල් ආදරය විවාහය නමැති මහා වෘක්ෂයක් වෙද්දී එහි ඵල නිසරු වීම ඔවුන්ට දරාගත නොහැකි දුකක් ම විය. "අඬල දොඩල වැඩක් නෑ. කලබල වෙලා වැඩක් නෑ. දේශීය වෙදකමේ විකලාංග චිකිත්සාවෙන් මේ දරුවා ප්‍රකෘති තත්ත්වයට ගන්න පුළුවන්." සිය දරුවා සුවපත් කර ගැනීමට දැඩි උනන්දුවකින් ක්‍රියා කළ සුවහස් ට තම මිතුරු වැඩිහිටියකුගෙන් උපදෙස් ලැබුණේ වෛද්‍යාචාරිනී හේවා මුදියන්සේලාගේ අමරා රාජපක්ෂ මැණිකේ ගැන තොරතුරුත් සමගය. මේ සුබ ආරංචිය සමඟ උද්දාමයට පත් සුවහස් සිය බිරිඳ සමඟ දරුවා රැගෙන ගියේ කඳානේ වෙද අසපුවෙහි රාජපක්ෂ වෙද හාමිනේ වෙතය. "කලබල වෙන්න එපා අපි දරුවව සනීප කරමු." මේ වගේ ළමයි මෙතෙන්ට ඕන තරම් අරගෙන එනවා. ඒත් මෙතෙන්ට එක්ක එන ළමය නොවෙයි මාස කිහිපයකින් එක්ක යන්නෙ. හොඳ නිරෝගී දරුවෙක්." ළගන්නා සුළු සිනහවක් පාමින් දරුවාගේ දෙමාපියන්ට කියද්දී ඔවුන්ගේ දෙනෙතින් සතුටු කඳුළු දෙකොපුල් හරහා ගලා යන්නට විය. එතැන් සිට ගත වූයේ මාස කිහිපයකි. දරුවා සාමාන්‍ය නිරෝගී දරුවකු බවට පත්වීම සුවහස් සොනාලිගේ ලෝකයට පහන් තරුවක් පෑව්වාක් මෙනි.. දිනපතා පෙරවරුවේ අංග විකල දරුවන්ට ප්‍රතිකාර කරන අමරා රාජපක්ෂ වෛද්‍යවරිය මුදල් අයකිරීමක් කරන්නේ නැත. සිය කාලයත් ශ්‍රමයත් වැය කරමින් තමන්ගේ දැතින් අංග විකල දරුවන්ට කරන ප්‍රතිකාරය තුළින් ලබන ආත්ම තෘප්තිය හා ආධ්‍යාත්මික සුවය අප්‍රමාණය. පසුගිය දිනෙක මෙම වෙද හාමිනේ මුණගැසීමට අපට අවස්ථාවක් උදා වූයේ තවත් රෝගී දරුවකුගේ පියකු මාර්ගයෙනි. "මගේ දරුවා දෙපයින් ඇවිද්දවන්නට තවත් අම්මා කෙනකු ලැබුණේ යෑයි උද්දාමයට පත් ඔහු සියලු තොරතුරු කීවේ ලෝකයක් දිනා ගත්තාක් මෙනි. "අපේ එකම දරුවා ආබාධිත වුණාම අපට අපේ ජීවිත පවා එපා වුණා. මගේත් බිරිඳගේත් දෛනික කටයුතු දරුවා නිසා ටික ටික අඩපණ වෙද්දී ලෝකයට මුහුණ දීමට තරම්වත් නොහැකිව ආත්ම ශක්තිය පිsරිහුණේ සෙනසුරු දසාව ලැබුවා වගේ. දරුව ටික ටික වැඩෙද්දී එයා ගැන බලා ඉන්න බැරි තරමටම අපට අපහසුවක් දැනුණා. සමහර වෙලාවට බිරිඳ දරුවා තුරුළු කරගෙන අඬන වෙලාවල් අනන්තයි. ඒත් පුංචි එකාට මේවයෙ හැඟීමක් නැතිව අම්මගෙ කඳුළු පිස දැම්මෙ හිනාවෙවී. "අන්තිමේදී අපි ආගම්වල පිහිට පතාගෙන පන්සල්වලට, කෝවිල්වලට, දේවාලවලට ගියා. කොහොම වුණත් ඒවයෙ පිහිටෙන්ද කියල අපට කියන්න දන්නෙ නැති වුණාට මේ වෙද හාමිනේ හමුවුණාට පස්සෙ අපට ආයෙත් ජීවත්වීමේ ආශාව ඇති වුණා." මේ සියල්ල සැලකිල්ලට ගත් අපට අමරා රාජපක්ෂ මැණිකේ වෛද්‍යාචාරිනිය හා දොඩමළු වෙමින් විකලාංග චිකිත්සාව ගැන තොරතුරු බිඳක් විමසීමි. "මාතෘ දාරකාභිවෘද්ධිය වෙනුවෙන් අප කරන කැපවීම ආත්ම තෘප්තියක්, ආධ්‍යාත්මික සුවයක් ලබන්න මහෝපකාරී වෙනවා. මෙයින් මම ලබන සතුට අනන්තයි අප්‍රමාණයි." "ඇයි ඔබතුමිය එහෙම කියන්නේ." මම අතුරු ප්‍රශ්නයක් වෛද්‍යවරියගෙන් විමසීමි. දරුවො කියන්නේ සම්පතක්නේ. අනිත් සෑම සම්පතකටම වඩා දරු සම්පත වටිනවා. ඉතිං මගේ දරුවා වගේම මට අනෙක් අයගේ දරුවොත් වටිනවා. ඊටත් වඩා මට වටින්නේ අංග විකල දරුවො." අව්‍යාජ කතාවත් නිර්මල සිනහවත් මේ වෙද හාමිනේගේ ප්රතිකාරයෙහි ගුණාගුණ කියාපාන්නට තවත් සාක්ෂි නොවේ යෑයි මට සිතිනි. "අපි නිකමට හිතල බලමු නිරෝගී දරුවන් දහදෙනෙක් ඉන්න තැනක ඔබේ දරුවා හරි මගේ දරුවා හරි අංග විකල වෙලා ඉන්නව දැක්කොත් හිතෙන්නෙ ඇයි දෙයියනේ අපට විතරක් මෙහෙම වෙන්නෙ කියල නේද?" "සමහර වෙලාවට පුංචි කාලෙදී මේක දරුවාට තේරෙන්නෙ නැති වුණාට බහ තෝරන්න තෝරන්න දරුවටත් දැනෙන වේදනාවත් එක්ක සමාජයෙන් ටික ටික තල්ලු වෙන එක නවතන්න කොහොමවත් බැහැ. අන්න ඒක හොඳට තේරුම් ගත්ත මම මගේ මුළු ජීවිත කාලයම කැප කරන්න හිතාගෙන ඉන්නෙ ඒ වගේ දරුවො සුපවත් කරන්න." "විශේෂයෙන් මේ රෝග සහජ රෝග, ජානගත රෝග කර්ම රෝග කියලා හඳුන්වන්න පුළුවන්. මේව විකලාංග චිකිත්සාවෙන් සුවපත් කළාට තවත් සමහර රෝග සුවපත් කරන්න අපහසුයි. ඒවා සංසාරේ කරපු අකුසල කර්මත් එක්ක එන කර්ම රෝග. 1960 වර්ෂයට පෙර අපේ දෙමාපියන්ගෙන් වැඩි පිරිසක් තම තමන්ගෙ දරුවො දීගතල දෙනකොට කුල මල සහ පරපුර බලන්නෙ ඒවයෙ යම් යම් නොගැලපීම් තියෙනව නම් මේවාගේ දරු උපත් සිදුවීම වළක්වන්න. "අනිත් කාරණය තමයි ගර්භනී අවධියෙදී නොසැලකිලිමත් භාවය හා අනවබෝධය. දරුවකුගේ අංගවිකල බවට හොඳින්ම බලපානවා. විශේෂයෙන් ගැබිනි මවකගේ වටපිටාව හා පෝෂණ තත්ත්වය ගැන හොඳ වැටහීමක් නොතිබුණොත් දරුවකුට ඒක හොඳින්ම බලපාන සාධකයක්." "වර්තමාන සමාජයෙ මේ කියන කරුණ තරුණ තරුණියන්ගෙ සිත්වලින් බැහැර වීම හරිම ෙ€දවාචකයක්. ගොඩක් අය තමන්ගෙ හිතුවක්කාරකමට කරගන්න දේවල්වලින් ලෝකෙට බිහිවන දරුවා මේ වගේ අවාසනාවට පත්වෙන එක කාටවත් වළක්වන්න බැහැ." වත්මන් සමාජයෙන් ගිලිහී යන සිරිත් විරිත් හා ගුණධර්ම හේතුවෙන් සමාජයට අත්වන ඉරණම ද වැඩි ප්‍රවණතාවක් ගන්නා බව අපි දනිමු. එහෙත් ඒවා ආරක්ෂා කරමින් එහි සංවර්ධනයක් ඇති කරන්නට සැබෑ ඕනෑකමක් ඇත්තෝ විරල බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. "මේ රටේ ඉන්න ඕනෑම බාල වියේ විකලාංග දරුවෙකුට හැමවිටම අපි කැප වෙලා ඉන්නවා ප්‍රතිකාර කරල සුවපත් කරන්න. මේක අපේ වෘත්තිය වුණාට ජීවත්වීමේ මාර්ගයක් නොවෙයි." හැම විටම යථාර්ථයට මුහුණදෙමින් අමරා රාජපක්ෂ වෛද්‍යාචාරිනිය කළ ප්‍රතිකාර තුළින් සුවපත් වූ දරුවෝ බොහෝය. අමිල සේවයකින් පසු නිමල ජීවිතයකට අවතීර්ණ වෙමින් යහපත් දරුවකු සමාජයට බිහි කිරීම එම දරුවන්ගේ දෙමාපියන් මෙන්ම ඇයගේත් අභිප්‍රායයි. මානව දයාවෙන් පිරි මෙම වෙද හාමිනේ අප සමඟ කතාවට අවතීර්ණ වෙද්දීත් එවැනි කුඩා දරුවන් කිහිපදෙනකුට ප්‍රතිකාර කරමින් සිටියාය. තම අසපුවේ විකලාංග සායනයෙහි රෝගී දරුවන් අසල සැබෑ මාපියන් නිතරම නොසිටියත්, ඒ වගකීම භාරගෙන සැබෑ මවක් ලෙස වෙද හාමිනේ නිතර සිටියාය. නිරෝගී දරුවන් වැදූ මව්වරු තම දරුවන් මහමඟ හෝ කුණු කසළ ගොඩවල් වලට විසිකර ඇඟ බේරා ගැනීමට වෙර දරද්දී රෝගී දරුවන් සුවපත් කර සමාජයට යහපත් පුරවැසියන් බිහිකර සිත නිවා ගැනීමට කාලයත් ශ්‍රමයත් කැප කරන මේ වෙද අම්මලා ගැන තවත් මොන කතාද? විමලසිරි අගලකඩ - දිවයින[/SIZE] [COLOR="Red"]බොහො අයගෙ ප්‍රයොජනය තකා මෙය bump කරන්න.. [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom