Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
විස්මයජනක දේශීය ඖෂධීය ශාක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විස්මයජනක දේශීය ඖෂධීය ශාක

අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක් වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක් නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක් ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක් හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක් වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්ලියා විස්වනාදන් ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්.

ශාකවල කෘත්‍යාත්මක ගුණ අතරින් ශරීරයේ ලෙඩ රෝග පාලනයට ඉතා වැදගත් ගුණයක් වන එම ශාකවල දක්නට ලැබන ප්‍රතිඔක්සිකාරක ගුණ ලැබෙන්නේ එම ශාකවල නිපදවන ද්වීතීයික පරිවෘත්තීය සංඝටක (Secondary metabolites)වලින්. ඒ අතරින් ෆීනෝලික (Phenolic) සහ ෆ්ලෙවනොයිඩ් (Flavonoid) රසායනික සංඝටක ප්‍රධානයි. අපේ ශරිරය තුළ විවිධ අහිතකර හේතු නිසා (වැරදි ජීවන රටා, නරක ආහාර පුරුදු සහ මානසික ආතතිය) නිපදවන සහ ශරීරයට බාහිරින් ඇතුළු වන මුක්ත ඛණ්ඩක (Free radicals) නිසා ඔක්සිකරණ ආතතියක් (Oxidative stress) ශරීරයේ ඇති වනවා. ඔක්සිකරණ ආතතිය නිසා ශරීරයේ ඉන්ද්‍රියන්වල, පටකවල ඩී එන්. ඒ., ප්‍රොaටීන් සහ ලිපිඩවලට හානි වනවා. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි සාමාන්‍ය රෝගවල දී වගේ ම දියවැඩියාව, හෘද රෝග, පිළිකා වැනි දරුණු රෝගවලටත් මූලික හේතුවක් වන්නේ මේ ඔක්සිකරණ ආතතිය මගින් සෛලවලට සිදු වන හානිය. අප ගන්නා දේශීය ඖෂධ වර්ගවල පොදුවේ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලයි. මේ ප්‍රතිඔක්සිකාරක ගුණවලට ශරීරයේ ඇති වී තිබෙන ඔක්සිකරණ ආතතිය මර්දනය කර ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව තිබෙනවා. පර්යේෂණ කණ්ඩායම පළමුව සිදු කළේ තෝරාගත් දේශීය ඖෂධ වර්ගවල ප්‍රතිඔක්සිකාරක හැකියාව අධ්‍යයනය කිරීම.

මෙහි දී පර්යේෂණ කණ්ඩායම විශ්ලේෂණ සඳහා දේශීය ඖෂධ වර්ගවල නිස්සාරණ (Extracts) පිළියෙල කළේ සාම්ප්‍රදායිකව ඖෂධීය පානයන් පිළියෙල කරන ආකාරයට ම වියළි ඖෂධ වර්ග ජලය සමග උණු කිරීමෙන්. පසුව ක්‍රම 3කට එම ඖෂධ වර්ගවල ප්‍රතිඔක්සිකාරක හැකියාව විශ්ලේෂණය කරනු ලැබුවා. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව පිළිවෙළින් නෙල්ලි, රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි ඉහළ ප්‍රතිඔක්සිකාරක හැකියාවකින් යුක්ත වුණා. මේ පරීක්ෂණයේ සුවිශේෂී ප්‍රතිඵලයක් වුණේ නෙල්ලිවල තියෙන ප්‍රතිඔක්සිකාරක හැකියාව. නෙල්ලිවල තිබෙන ප්‍රතිඔක්සිකාරක හැකියාව පර්යේෂණයට ලක් කළ අනෙකුත් ඖෂධ වර්ගවල ප්‍රතිඔක්සිකාරක හැකියාවට වඩා ඉතා ඉහළ අගයක් ගනු ලැබුවා.

මින් නො නැවතුණු පර්යේෂණ කණ්ඩායම් ඉහත සඳහන් ඖෂධ වර්ගවල ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක (α−amylase inhibitory activity) ගුණය ද අධ්‍යයනය කළා. ඇල්ෆා ඇමයිලේස් කියන්නේ අප ගන්නා ආහාරවල තිබෙන පිෂ්ටය මෝල්ටෝස්, මෝල්ටොට්‍රයොස් වැනි ඩයිසැකරයිඩවලට බිඳහෙළන එන්සයිමයක්. දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට මේ එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරගැනීම පහසු වනවා. ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක ගුණය තිබෙන ඖෂධ වර්ගවලට පුළුවන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම සඳහා උපකාරී වීමට. විශ්ලේෂණයෙන් ලැබුණ ප්‍රතිඵල අනුව නෙල්ලි සහ රණවරාවල ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක ගුණය ඉහළ අගයක් ගෙන තිබුණා.

මේ පරීක්ෂණවලින්, පුරාතනයේ සිට පාරම්පරික වෙදකමේ දී භාවිත කරන ඖෂධ වර්ගවල තිබෙන රසායනික සංඝටක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය විද්‍යාත්මක ක්‍රම මගින් දේශීයව හඳුනාගැනීමට හැකි වී තිබෙනවා. විශේෂයෙන් ම නෙල්ලිවල තිබෙන ඉතා ඉහළ ප්‍රති ඔක්සිකාරක ගුණය සහ ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක ගුණය හඳුනාගැනීම වටිනා නිධානයක් හමු වීමක් හා සමානයි. ලෝකයේ අනෙකුත් රටවල වගේ ම ශ්‍රී ලංකාව තුළත් දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නො වන රෝග වේගයෙන් පැතිරෙනවා. ඒවාට හේතු වන ඔක්සිකරණ ආතතිය මැඩලන්නට වගේ ම රුධිරයේ සීනි මට්ටම යාමනය කිරීමටත් මේ නෙල්ලි වැදගත් විය හැකි බව පෙනී යනවා. මේ වැනි වටිනා ඖෂධීය වටිනාකමක් තිබෙන දේශීය ඖෂධ වර්ග වර්තමානයේ දී අප ප්‍රයෝජනයට ගන්නේ ඉතා අඩුවෙන්. එක් දවසකට එක නෙල්ලි ගෙඩියක් කෑවොත් එයින් මුළු දවසට ම සරිලන ප්‍රතිඔක්සිකාරක හැකියාව ශරීරයට ලැබනවා. නෙල්ලි වගේ ම රණවරා. බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලිත් ප්‍රතිඔක්සිකාරක හැකියාවෙන් සහ ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක ගුණයෙන් අනූනයි. රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි වැනි ඖෂධවලින් සාදන පානයන් අතීතයේ මිනිසුන් සුලබව පානය කළා. ඒ අතීතයේ සිට ම අත්දැකීමෙන් ඒවායේ ගුණ ඔවුන් දැන සිටි නිසා. වර්තමානයේ පර්යේෂණ තුළින් නැවත විද්‍යාත්මක ක්‍රමයට එම ගුණ මතු කිරීමේ අභිප්‍රාය වන්නේ ජනතාවට මේ වටිනා දේශීය ඖෂධවලින් නිසි ප්‍රයෝජන ලබාගෙන නිරෝගීමත් ජීවිත ගත කිරීමට ඉන් පිටිවහලක් ලබා දීමයි.

මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධාන, ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි.

ප්‍රදීප් පියතිලක

සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී,

විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ත අංශය,

ජාතික මූලික අධ්‍යයන ආයතනය, මහනුවර

http://www.vidusara.com/2016/02/10/feature1.html

[QUOTE="GayanFX2015, post: 20657045, member: 555728"] [b]විස්මයජනක දේශීය ඖෂධීය ශාක[/b] [SIZE="4"]අපට වැළඳෙන සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි රෝගවල දී අප පුරුද්දක් වශයෙන් නිවසේ දී ම දේශීය ඖෂධ වර්ගවලින් කසාය වර්ග තම්බා පානය කිරීම සිදු කරනවා. එවැනි කසාය වර්ගවලින් අතුරු ආබාධයක් නැති ව ම අපේ අසනීප හොඳ වන බව අත්දැකීමෙන් ම අපි දන්නවා. ඇත්තට ම මේ දේශීය බෙහෙත් වර්ගවල තියන ලෙඩ හොඳ කිරීමේ හැකියාව කුමක් ද? ඒ හැකියාව වෙනත් ලෙඩ රෝග පාලනය කිරීමට යොදාගැනීමට නොහැකි ද? මේ ප්රශ්නය පැනනගින්නේ දේශීය ඖෂධවල වටිනාකම යම්තාක් හෝ වැටහුණු පුද්ගලයන් හට. ශ්‍රී ලංකාවේ ඉතා වටිනා සම්පතක් වන මේ දේශීය බෙහෙත් වර්ගවල ලෙඩ සුව කිරීමේ ගුණ ගැන අධ්‍යයනය කිරීමට මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය (Nutritional biochemistry) පිළිබඳ පර්යේෂණ ඒකකයේ ආචාර්ය රුවිනි ලියනගේ, පර්යේෂණ සහකාර චතුනි ජයතිලක සහ රිස්ලියා විස්වනාදන් ප්රමුඛ පර්යේෂණ කණ්ඩායම දේශීය වෛද්‍ය විද්‍යාවේ දී නිතර භාවිත වන ඖෂධ වර්ග 10ක කෘත්‍යාත්මක ගුණ (Functional properties) අධ්‍යයනය ආරම්භ කළා මීට අයත් වුණේ බෙලි මල්, ඉරමුසු, රණවරා, වල් කොත්තමල්ලි, නෙල්ලි, රසකිඳ, පොල්පළා, බැබිල, බෙලි ගැට සහ වෙනිවැල්. [/SIZE] [IMG]http://wikigoviya.goviya.lk/images/f/fe/7.jpg[/IMG] [IMG]http://archives.dinamina.lk/arogya/2013/04/10/a-7.jpg[/IMG] [SIZE="4"]ශාකවල කෘත්‍යාත්මක ගුණ අතරින් ශරීරයේ ලෙඩ රෝග පාලනයට ඉතා වැදගත් ගුණයක් වන එම ශාකවල දක්නට ලැබන [COLOR="Red"]ප්‍රතිඔක්සිකාරක ගුණ[/COLOR] ලැබෙන්නේ එම ශාකවල නිපදවන ද්වීතීයික පරිවෘත්තීය සංඝටක (Secondary metabolites)වලින්. ඒ අතරින් ෆීනෝලික (Phenolic) සහ ෆ්ලෙවනොයිඩ් (Flavonoid) රසායනික සංඝටක ප්‍රධානයි. අපේ ශරිරය තුළ විවිධ අහිතකර හේතු නිසා (වැරදි ජීවන රටා, නරක ආහාර පුරුදු සහ මානසික ආතතිය) නිපදවන සහ ශරීරයට බාහිරින් ඇතුළු වන මුක්ත ඛණ්ඩක (Free radicals) නිසා ඔක්සිකරණ ආතතියක් (Oxidative stress) ශරීරයේ ඇති වනවා. ඔක්සිකරණ ආතතිය නිසා ශරීරයේ ඉන්ද්‍රියන්වල, පටකවල ඩී එන්. ඒ., ප්‍රොaටීන් සහ ලිපිඩවලට හානි වනවා. සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස, උණ වැනි සාමාන්‍ය රෝගවල දී වගේ ම[COLOR="Red"] දියවැඩියාව, හෘද රෝග, පිළිකා වැනි දරුණු රෝගවලටත් මූලික හේතුවක් වන්නේ මේ ඔක්සිකරණ ආතතිය මගින් සෛලවලට සිදු වන හානිය.[/COLOR] අප ගන්නා [COLOR="Red"]දේශීය ඖෂධ වර්ගවල පොදුවේ ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලයි. මේ ප්‍රතිඔක්සිකාරක ගුණවලට ශරීරයේ ඇති වී තිබෙන ඔක්සිකරණ ආතතිය මර්දනය කර ශරීරය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ හැකියාව තිබෙනවා[/COLOR]. පර්යේෂණ කණ්ඩායම පළමුව සිදු කළේ තෝරාගත් දේශීය ඖෂධ වර්ගවල ප්‍රතිඔක්සිකාරක හැකියාව අධ්‍යයනය කිරීම. මෙහි දී පර්යේෂණ කණ්ඩායම විශ්ලේෂණ සඳහා දේශීය ඖෂධ වර්ගවල නිස්සාරණ (Extracts) පිළියෙල කළේ සාම්ප්‍රදායිකව ඖෂධීය පානයන් පිළියෙල කරන ආකාරයට ම වියළි ඖෂධ වර්ග ජලය සමග උණු කිරීමෙන්. පසුව ක්‍රම 3කට එම ඖෂධ වර්ගවල ප්‍රතිඔක්සිකාරක හැකියාව විශ්ලේෂණය කරනු ලැබුවා. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුව පිළිවෙළින් [COLOR="Magenta"]නෙල්ලි, රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි ඉහළ ප්‍රතිඔක්සිකාරක හැකියාවකින් යුක්ත වුණා.[/COLOR] මේ පරීක්ෂණයේ සුවිශේෂී ප්‍රතිඵලයක් වුණේ නෙල්ලිවල තියෙන ප්‍රතිඔක්සිකාරක හැකියාව. නෙල්ලිවල තිබෙන ප්‍රතිඔක්සිකාරක හැකියාව පර්යේෂණයට ලක් කළ අනෙකුත් ඖෂධ වර්ගවල ප්‍රතිඔක්සිකාරක හැකියාවට වඩා ඉතා ඉහළ අගයක් ගනු ලැබුවා. මින් නො නැවතුණු පර්යේෂණ කණ්ඩායම් ඉහත සඳහන් ඖෂධ වර්ගවල ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක (α−amylase inhibitory activity) ගුණය ද අධ්‍යයනය කළා. ඇල්ෆා ඇමයිලේස් කියන්නේ අප ගන්නා ආහාරවල තිබෙන පිෂ්ටය මෝල්ටෝස්, මෝල්ටොට්‍රයොස් වැනි ඩයිසැකරයිඩවලට බිඳහෙළන එන්සයිමයක්. දෙවැනි වර්ගයේ දියවැඩියාවෙන් පෙළෙන රෝගීන්ට මේ එන්සයිමයේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීම මගින් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පාලනය කරගැනීම පහසු වනවා. ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක ගුණය තිබෙන ඖෂධ වර්ගවලට පුළුවන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම සඳහා උපකාරී වීමට. විශ්ලේෂණයෙන් ලැබුණ ප්‍රතිඵල අනුව නෙල්ලි සහ රණවරාවල ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක ගුණය ඉහළ අගයක් ගෙන තිබුණා. මේ පරීක්ෂණවලින්, පුරාතනයේ සිට පාරම්පරික වෙදකමේ දී භාවිත කරන ඖෂධ වර්ගවල තිබෙන රසායනික සංඝටක සහ ඒවායේ ක්‍රියාකාරීත්වය විද්‍යාත්මක ක්‍රම මගින් දේශීයව හඳුනාගැනීමට හැකි වී තිබෙනවා. විශේෂයෙන් ම නෙල්ලිවල තිබෙන ඉතා ඉහළ ප්‍රති ඔක්සිකාරක ගුණය සහ ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක ගුණය හඳුනාගැනීම වටිනා නිධානයක් හමු වීමක් හා සමානයි. ලෝකයේ අනෙකුත් රටවල වගේ ම ශ්‍රී ලංකාව තුළත් දියවැඩියාව, අධි රුධිර පීඩනය, පිළිකා සහ හෘද රෝග වැනි බෝ නො වන රෝග වේගයෙන් පැතිරෙනවා. ඒවාට හේතු වන ඔක්සිකරණ ආතතිය මැඩලන්නට වගේ ම රුධිරයේ සීනි මට්ටම යාමනය කිරීමටත් මේ නෙල්ලි වැදගත් විය හැකි බව පෙනී යනවා. මේ වැනි වටිනා ඖෂධීය වටිනාකමක් තිබෙන දේශීය ඖෂධ වර්ග වර්තමානයේ දී අප ප්‍රයෝජනයට ගන්නේ ඉතා අඩුවෙන්. [COLOR="Red"]එක් දවසකට එක නෙල්ලි ගෙඩියක් කෑවොත් එයින් මුළු දවසට ම සරිලන ප්‍රතිඔක්සිකාරක හැකියාව ශරීරයට ලැබනවා. නෙල්ලි වගේ ම රණවරා. බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලිත් ප්‍රතිඔක්සිකාරක හැකියාවෙන් සහ ඇල්ෆා ඇමයිලේස් නිෂේධාත්මක ගුණයෙන් අනූනයි. [/COLOR]රණවරා, බෙලි මල්, බෙලි ගැට සහ වල් කොත්තමල්ලි වැනි ඖෂධවලින් සාදන පානයන් අතීතයේ මිනිසුන් සුලබව පානය කළා. ඒ අතීතයේ සිට ම අත්දැකීමෙන් ඒවායේ ගුණ ඔවුන් දැන සිටි නිසා. වර්තමානයේ පර්යේෂණ තුළින් නැවත විද්‍යාත්මක ක්‍රමයට එම ගුණ මතු කිරීමේ අභිප්‍රාය වන්නේ ජනතාවට මේ වටිනා දේශීය ඖෂධවලින් නිසි ප්‍රයෝජන ලබාගෙන නිරෝගීමත් ජීවිත ගත කිරීමට ඉන් පිටිවහලක් ලබා දීමයි. [/SIZE] මහනුවර ජාතික මූලික අධ්‍යයන ආයතනයේ පෝෂණ ජෛව රසායනය පිළිබඳ පර්යේෂණ ඒකකයේ අංශ ප්‍රධාන, ආචාර්ය රුවිනි ලියනගේ මහත්මිය සමග සාකච්ඡා කර සැකසූ ලිපියකි. ප්‍රදීප් පියතිලක සන්නිවේදන සහ මාධ්‍ය නිලධාරී, විද්‍යා අධ්‍යාපන සහ ව්‍යාප්ත අංශය, ජාතික මූලික අධ්‍යයන ආයතනය, මහනුවර [URL="http://www.vidusara.com/2016/02/10/feature1.html"]http://www.vidusara.com/2016/02/10/feature1.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom