විසි හතර පැයේ කවි මඩුව මාලබේදී

wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43
    KAVI MADUWA විසි හතර පැයේ කවි මඩුව මාලබේදී

    සිංහල තරුණ කවි සමාජය මගින් සංවිධානය කරනු ලබන ඓතිහාසික 24 පැයේ රජ කවි මඩුව 6 වැනි වරටත් මෙවර ඔක්. 25 - 26 දෙදින මාලබේ නගරයේදී පැවැත්වේ.

    More details http://www.silumina.lk/2008/10/19/_art.asp?fn=as0810194
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    විසි හතර පැයේ කවි මඩුව මාලබේදී

    සිංහල තරුණ කවි සමාජය මගින් සංවිධානය කරනු ලබන ඓතිහාසික 24 පැයේ රජ කවි මඩුව 6 වැනි වරටත් මෙවර ඔක්. 25 - 26 දෙදින මාලබේ නගරයේදී පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

    අපේ සාම්ප*්*රදායික ජාතික උරුමයන් අතරින් ජන කවියට ලැබෙන්නේ සුවිශේෂි ස්ථානයකි. හිටිවනම කවිය ද ජන කවියේ ම කොටසකි. එය වඩාත් ජනප*්*රිය වූයේ කොළඹ යුගයේ කවීන්ගෙනි.

    කාලයෙන් කාලයට වෙනස් වෙමින් හිටිවනම කවියට පණ පොවන විවිධ කිවීහු අපට හමුවෙති. මෙයට දශක කිහිපයකට පෙර වඩාත් ප*්*රබල මාධ්*යයක් වූයේ ගුවන් විදුලිය පමණි. එයින් ද එෆ්.එම්. නාලිකා තිබුණේ නැත.

    එවකට කවියට ද තිබුණේ විශාල ප*්*රචාරයකි. ජනප*්*රිය කවි කිවිඳියෝ පොදු ජනතාවගේ ආදරය දිනාගත්හ. සෑම උත්සවයක් අවසානයේ ම පාහේ කවි මඩුවක් පැවැත්වීම සාම්ප*්*රදායයක් විය.සිංහල තරුණ කවි සමාජය සෑම විටම අලුත් අත්හදා බැලීම්වලට පෙළඹෙයි.

    24 පැයේ රජ කවි මඩුව ද එවැන්නකි. මෙවර ඔක්. 25 – 26 දෙදින මාලබේ දී පවත්වනු ලබන්නේ 6 වැනි වතාවටයි.

    මෙතෙක් 24 පැයක් එක දිගටම පැවැත්වුණු කවි මඩුවේ කිසියම් වෙනසක් ඇති කිරීමට සිදු වී ඇත. වර්තමානයේ බලපැවැත්වෙන ශබ්ද විකාශන යන්ත*්*ර නීතිරීති අනුව රාතී*්*ර කාලයේ කවි මඩුව පැවැත්වීමට අවසරය නැත.

    පවතින නීතියට යටත්ව, ඔක්. 25 උදේ 10.00 සිට රාති*්*ර 10.00 දක්වාත් ඔක්. 26 උදේ 10.00 සිට රාතී*්*ර 10.00 දක්වාත් වශයෙන් 24 පැයක කවි මඬුවක් පැවැත්වේ. මූලාසන 10 කින් සමන්විත කවි මඩුව විවිධ සිරස්තල යටතේ නම් කර ඇත.

    ප*්*රථම දිනයේ දී සමාරම්භක උත්සවය පවත්වනු ලබන්නේ ප*්*රවීණ කිවිවරයකු, විශ*්*රාමලත් අධ්*යාපන විශේෂඥයකු වන පියසේන සමරසිංහ සූරීන් ය. සි.ත.ක.ස සභාපති පැල්පිට උබයවර්ධන කවියා දෙවැනි කවි මඩුවේ මුලසුන මෙහෙයවයි.

    එය සාම්ප*්*රදායේ රිද්ම රටාව නමින් හැඳින්වේ. හිටිවනම කවි ලොවට අලුත් පරපුරක සංයෝගය අවශ්*යම බැවින් තාරුණ්*යයේ කාව්*ය ජවය නමින් මාලබේ සුචිත*්*ර කොළඹගේ කවියා තුන් වැනි මූලාසනය මෙහෙයවයි.

    ගජමන් පරපුරේ කිවිඳියෝ අදත් අප අතර වෙති. හිටිවනම කවියට උපන් හපන්කම් පාන ශ*්*රියා හිඳුරංගල කිවිඳිය කවි කරළියේ පෙරළිය නම් වූ කවි මඩුව මෙහෙයවන්නීය. සි.ත.ක. සේ සාභිමානය එහි ප*්*රධාන ලේකම් ජී.ඇම්. අජිත් කවියා විසින් මෙහෙයවනු ලබන අතර කොළඹ යුගයේ ප*්*රවීණ ම හිටිවනම කවියකු වන ගුණවංශ අල්ගම කවියාගෙන් දෙවැනි දිනයේ ප*්*රථම කවි මඩුවේ මුලසුන විචිත*්*රවත් කැරේ.

    එය අත්දැකීමේ මිහිරි රාවය නමින් නම් කර තිබේ. ප*්*රාදේශීය කවීන් රාශියක් පිරිවරාගෙන මූලාසනය මෙහෙයවන්නේ කොස්ඇටදෙනියේ සිරිසේන කවියායි. එම කවි මඩුව කැළෑ මල් වල සුවඳ නම් වේ.

    සබරගමු පළාතේ දීප්තිමත් කවියකු වන ගබ්බෙල පියදාස කවියා මැණික් මැවෙන හිටිවනම ඉල්ලම නම් වූ අට වැනි කවි මඩුවේ මුලසුන දරයි. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ ප*්*රධාන සභාපති, ප*්*රවීණ කිවි යතිවරයාණන් වහන්සේ නමක් වන දමුණුපොල සුමනසිරි හිමිපාණන් වහන්සේ 9 වැනි කවි මඩුවේ මුලසුන වැඩම කරවති.

    එය නම් කෙරෙන්නේ බුද්ධ චීවරයේ කාව්*ය ප*්*රභාව නමිනි. කවි මඩුවේ අවසානය ගෞරවණීය සමාප්තිය නම් වේ. එම කවි මඩුවේ මුලසුන ද ප*්*රධාන ලේකම් අජිත් කවියා විසින් මෙහෙයව යි.

    මේ සඳහා කිවි ස්වාමීන් වහන්සේ ලා හා කවි කිවිඳියෝ 200 ට ආසන්න පිරිසක් සහභාගි වෙති.

    මාලබේ ප*්*රදේශයේ බොහෝ තරුණ පිරිස් කවි මඩුව අවස්ථාවේ දන්සල් පැවැත්වීමට පෙළඹී සිටීම හිටිවන කවි රස විඳීමට තරුණ පිරිස් නැඹුරුව සිටීම මනාව පිළිබිඹු වන අවස්ථාවකි.

    කොළඹ යුගයේ කවි මඩුවලට එල්ල වූ විශාලම චෝදනාව වූයේ මත්පැන් පානය කර කවි කීම නිසා මොනවා හෝ පද හතරක් කියා බොළඳ ආස්ථානයකට මෙම කලාව ඇද දැමුවා යන්නයි.

    ඉතා අල්ප ප*්*රමාණයක් මෙය සත්*ය වුවද එය ම ඊට හේතුවක් නොවුණු වග අපේ පිළිගැනීමයි.
    යුගයේ ජාතික ප*්*රශ්න කොටි බලපෑම්, විද්*යුත් මාධ්*ය අභියෝග, බඩු මිල, සංස්කෘතිකසෝදා පාළුව, මත්පැන් හා මත් ද්*රව්*ය, ළමා අපචාර ආදී විවිධ සමාජ කථනයන් කවි මඩුවේ මාතෘකා සඳහා පාදක කොට ගැනේ.

    ඒ නිසා එක් අතකින් සමාජයට යහපත් පණිවිඩයක් ගෙන දෙන දැවැන්ත වේදිකාවක් බවට මෙය පත්වේ.

    කවි මඩුවල දී කියැවෙන්නේ හුදෙක් විනෝදය සඳහා ම යැයි පවතින බොළඳ මතය මෙ මගින් පුස්සක් බවට පත්වේ.

    විච්චූරණ පහත් පෙළේ රසයට හුරු වි ඇති වත්මන් සමාජය විවේකී මනසකින් රස විඳීමේ ප*්*රවණතාවය ඇති කිරීම අපේ අරමුණයි. එය මෙතෙක් බොහෝ දුරට සාර්ථක වූ බව අභිමානයෙන් යුතුව සිහිපත් කරමු.

    මෙම වෑයම සාර්ථක කරගැනීමෙහි ලා මාධ්*යන්ට විශාල වගකීමක් පැවරී ඇත. අඩුම වශයෙන් විද්*යුත් මාධ්*යයන් තුළින් මසකට දෙතුන් වතාවක්වත් කවි මඩුවක් ප*්*රචාරය වන්නේ නම් අලුත් ළමා පරපුර අපේ පැරණි කලාංගයක සැබෑ මුහුණුවර හඳුනා ගන්නා බව අපේ විශ්වාසයයි.

    දිවයිනේ ඕනෑ ම අයකුට මෙම කවි මඩුව නොමිලේ නැරඹීමේ අවස්ථාව උදාවී ඇත. එහෙයින් ඔක්. 25 - 26 දෙදින උදේ 10.00 සිට රාති*්*ර 10.00 දක්වා මාලබේ බස් නැවතුම්පොළට පැමිණෙන මෙන් රසික ජනතාවට ආරාධනා කරමු.



    ජී.ඇම්. අජිත්
    ප*්*රධාන ලේකම්
    සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය හා සිංහල තරුණ කවි සමාජය