වීරවංශ පීච්චං වූ හැටි
එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ගිවිසුම් ගතව ඇත්තේ පක්ෂ 3 ක් පමණක් බව පසුගියදා දිණමින පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් ශ්රී ලංකා නිදහස් පක්ෂ ලේකම් දුමින්ද දිසානායක මහතා පවසා තිබිණ. එම පක්ෂ 3 නම් දිනේෂ් ගුණවර්ධනගේ මහජන එක්සත් පෙරමුණ, මහජන පක්ෂය සහ දේශවිමුක්ති ජනතා පක්ෂය බවයි දුමින්ද දිසානායක පවසා තිබුනේ. ඒ අනුව දැනට පාර්ලිමේන්තුවේ සිටින විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ හෝ වාසුගේ පක්ෂය හෝ ගම්මන්පිලගේ පිවිතුරු හෙල උරුමය හෝ එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස ගිවිසුම් ගතව නැත. පිවිතුරු හෙළ උරුමය ලංකාවේ ලියාපදිංචි පක්ෂයක් ද නොවේ. ඔවුන් හුදෙක් බුලත් කොලය ලකුණින් ඡන්දය ඉල්ලූ හුදකලා පුද්ගලයන් පමණි. අනෙක් අතට පාර්ලිමේන්තුව පක්ෂ ලෙස පිලිගත යුත්තේ ඡන්දය ඉල්ලූ පක්ෂ පමණි. මේ කිසිවක් නොදන්නා විමල් වීරවංශ අද විපක්ෂ නායකයා තේරීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තමාට විපක්ෂ නායකයා සම්බන්ධයෙන් කිසිදු ඉල්ලීමක් කර නැතැයි කතානායක කරු ජයසූරිය මහතා පැවසූ විට එය අභියෝගයට ලක් කෙළේ තමා ඇතුලු මන්ත්රීවරුන් පනස් ගණනක් විපක්ෂ නායකයෙක් ලෙස මන්ත්රීවරයෙක් නම් කර ලිපියක් බාර දී ඇති බවයි. එවිට අගමැතිවරයා කීවේ එවන් ලිපියක් එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයාට බාර දුන්නා විය හැකි වුවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කතානායක වරයාට ලිපියක් බාර දී නැති බවයි. මෙහිදී මෝඩයෙක් සේ කතා කිරීමට ගිය විමල් වීරවංශට වඳුරෙක් වගේ කෑ ගහන්නේ නැතිව වාඩි වන්නැයි අගමැති කියා සිටියේ ය.