වී ඉහපු හැටි

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,253
    26,706
    113
    Kandy
    වී ඉහපු හැටි

    මහදැන මුත්තයි එයාගේ ගෝලයෝ යි එකතු වෙලා කුඹුරක් වගා කරන්න සූදානම් කළා .ඔන්න වී ඉහින්න කාලය ආවා .හරියටම වැඩේ කරන්න නම් කුඹුර පාගන්නේ නැතුව වී ටික ඉහින්න ඕනේ. එතකොට අස්වැන්න සරු සාර වෙනවා . මහදැන මුත්තා ඉතින් කුඹුරු නොපාගා වී ඉහින ක්‍රමයක් කල්පනා කළා .එයාට හොඳ අදහසක් ආවා .
    ඉක්මනින්ම මැස්සක් හදන්න කියලා එයා ගෝලයින්ට කිව්වා .ගෝලයෝ ලහි ලහියේ මැස්සක් හැදුවා .මහදැනමුත්තා වී භාජනය සමග මැස්සට නැග්ගා .ගෝලයෝ එයාව කර ගහගෙන කුඹුර වටන ගහගෙන කුඹුර වටේ ඇවිද්දා ඔන්න ඔහොම තමයි මහදැනමුත්තා කුඹුර පාගන්නේ නැතුව වී ඉස්සේ

    යුරියා ගේන්න ඩොලර් නැති නිසා යුරියා තහනම් කරලා ඊට පස්සේ ඊට වඩා වැඩි ගානක් දීලා නැනෝ පොහොර කියලා එකක් ගෙනත් ඒකෙනුත් ගසා කෑවා.පස්සේ එක ඩින්ගක් බෑවේ නති චීන ගූ නැවකට ගෙව්වා.
    රුපියල් සීයක් බේර ගන්න රුපියල් ලක්ශයක් නැති කර ගත්තා වගේ වැඩක්
    නන්දේ පොහොර ගෙනාවා වගේ