වූහාන් ගිය කණ්ඩායම මාරක වසංගතයේ මුල සොයා ගනී ද?

Roma1

Well-known member
  • Dec 3, 2020
    160
    440
    63
    වූහාන් ගිය කණ්ඩායම මාරක වසංගතයේ මුල සොයා ගනී ද?

    වූහාන් ගිය කණ්ඩායම මාරක වසංගතයේ මුල සොයා ගනී ද?​

    කර්තෘ Sagarika Chathumali

    COLOMBO (News 1st) : 2019 වසරේ චීනයේ වූහාන් නගරයෙන් ව්‍යාප්තිය ආරම්භ වූ COVID – 19 වෛසරය කිසිවෙකුත් නොසිතූ පරිදි ඉතා කෙටි කාලයක් තුළ ගෝලීය වසංගතයක් බවට පත්ව තවදුරටත් ලෝකවාසී ජීවිත බිලි ගනිමින් සිටී.

    වසරක් ඉක්ම යද්දී වසංගත ව්‍යාප්තියට ගොදුරු වී ඇති ලොව පුරා පුද්ගලයින් සංඛ්‍යාව ද 95,000,000 ඉක්මවා ගොස් තිබේ.
    ලොවට අහිමිවූ මිනිස් ජීවිත ගණන ලක්ෂ 20 ඉක්මවා ගොස් ඇති අතර මේ මොහොත වනවිටත් ආසාදනයට ගොදුරුව ලෙඩ ඇඳේ සිටින පිරිස කෝටි දෙකකට අධික ය.
    ලොවම පිළිගත් 100%ක් සාර්ථක එක් එන්නතක් නොමැති වුවත් බොහෝ රටවල් මේ විට එන්නත්කරණ වැඩසටහන් සඳහා යොමු වී ඇති අතර මුළු ලෝකයේ ම ප්‍රාර්ථනාව ඉතා ඉක්මනින් මාරක වසංගතය ලෝකයෙන් තුරන් වේවා..! යන්නයි.
    කෙසේ වෙතත් වෛරසයේ මූලාරම්භය කුමක් ද? පැනයට කිසිවෙකු ළඟත් පිළිතුරක් නොමැති සේම වෛරසයේ අවසානය කවදා ද? යන්නට ද කිසිවෙකුට නිශ්චිත පිළිතුරක් ලබා දීමට හැකියාවක් මේ වන තෙක් ලැබී නොමැත.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්‍යාඥයින් කණ්ඩායමකට කොරෝනා වසංගතයේ මුල සෙවීමේ විමර්ශන ආරම්භ කිරීම සඳහා පසුගිය සතියේ චීනයේ වූහාන් වෙත යාමට අවසර හිමි වන්නේ, එවැනි පසුබිමක් තුළදී ය.
    ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම විමර්ශනය සඳහා දීර්ඝ කාලයක් තිසසේ අවසර ඉල්ලා තිබුණ ද චීන බලධාරීන් ඒ සඳහා අවසර ලබා දුන්නේ පසුගිය සතියේ ය.
    ඒ දීර්ඝ සාකච්ඡාවලින් අනතුරුවයි.
    ඒ අනුව 10 දෙනෙකුගෙන් සමන්විත විද්‍යාඥයින් කණ්ඩායමක් චීනය බලා පිටත්ව ගියේ ය.

    පර්යේෂණය ආරම්භ කිරීමට පෙර විඥ්‍යාඥයින් පිරිස දින 14ක කාලයක් නිරෝධායන කාලයකට යටත්වන අතර පර්යේෂණය ඇරඹීමට ඔවුන්ට අවසර හිමිවන්නේ, ඉන් අනතුරුවයි.
    පර්යේෂණයේදී වංසගතයේ ව්‍යාප්තිය මූලිකවම ආරම්භ වූ ප්‍රදේශ ප්‍රදේශයන්හි පිහිටි පර්යේෂණ ආයතන, රෝහල් සහ ආහාර අලෙවිසල්වල සේවය කරනන්නන් සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමටය නියමිතයි.
    මධ්‍යම චීනයේ වූහාන් නගරයෙන් නව කොරෝනා කෝවිඩ් – 19 වෛරසය මූලිකවම හඳුනා ගැනුණේ,2019 අගභාගයේදී ය.
    වසංගතයේ සත්ත්ව සම්භවයක් පිළිබඳ විවිධ මත පළ වූ අතර ඒ ඔස්සේ යමින් වංසගතයේ මූලාරම්භය පිළිබඳව විමර්ශනය කිරීම ද අරමුණකි.
    මේ අතර වංසගත ව්‍යාප්තිය ආරම්භයේ සිටම අමෙරිකා එක්සත් ජනපදය චීනයට චෝදනා කළ අතර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටියේ, ලෝක වසංගතයේ වගකීම චීනය භාරගත යුතු බවයි.
    විවිධ එන්නත් වර්ග හඳුන්වා දෙමින් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට ප්‍රයත්න දරන වටපිටාවක් තුළ ලෝකයම සිය අනසකට නතු කර ගත් වසංගතයේ මූලාරම්භය සොයා ගැනීම ලෝකවාසී සියලු දෙනාට ම අත්‍යන්තයෙන් ම වැදගත් වනු නිසැක ය.

    චීනයෙන් වාර්තා වූ පළමු මරණය….

    පසුගිය 2019 වසරේ අවසන් කාලයේදී වෙනස් ආකාරයේ වෛරසයක් පිළිබඳ චීනයෙන් වාර්තා වන්නට වූ අතර ජනවාරි 11 වැනි දා චීනයෙන් පළමු කොරෝනා මරණය වාර්තා විය.
    චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ, වෛරසය ආසාදිත 61 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ජීවිතක්ෂයට පත්වූ බවයි.
    පසුව චීන විශේෂඥයින් රෝගී තත්ත්වය කොරෝනා ගනයේ වෛරසයක් ලෙස හඳුනා ගත් අතර වෛරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවට ද තොරුතුරු වාර්තා වන්නට විය.
    චීන වැසියන් ලහි ලහියේ අලුත් අවුරුදු උදාවට සූදානම් වූ අතර වෛරසය පිළිබඳ වැඩි අවධානයක් යොමු නොවී ය.
    සිතූ පරිදි අවුරුදු සමරන්නට COVID – 19 වෛරසය චීන වැසියන්ට අවස්ථාව ලබා නොදුන් අතර මෙම කාලය තුළ වෛරසය ශීඝ්‍රයෙන් පැතිරී යන්නට විය.
    රෝගය පැතිරෙන්නේ කෙසේ ද යන්න පිළිබඳව පැහැදිලි නොවූ අතර මුල් අවස්ථාවේ චීන සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ, මිනිසාගෙන් මිනිසාට වෛරසය බෝ වන බවට සාධක නොමැති බවයි.
    එහෙත් දින කිහිපයක් ඇතුළත ලෝක සෞඛ්‍ය සංවිධානය චීන දෙසට අවධානය යොමු කරමින් තත්ත්වය ඉතා සමීපව නිරික්ෂණය කරන්නට වූ අතර වෛරසය එක් අයෙකුගෙන් තවත් අයෙකුට බෝ වන බව තහවුරු විය.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    They will find nothing... Hopefully they can possibly check on how the Chinese P4 facilities are running now. Very hard to find any evidence after an year had passed by, and also some records related to Wuhan research has been obliterated forever.

    China never learns any lessons. Politicians take precedence over scientists. Policies are set by them. The only thing they are quite successful is NOT disease control but INFORMATION control. This factor contributes as the major failure in China in disease prevention & control.
    They are endemic liars and will hide anything. Since history began it's being referred to as "The Empire of Lies".
    This time as well, what they did was exactly a repeat performance as they did with the initial SARS epidemic in November 2002. Unfortunately unlike SARS this virus created a bigger disaster for the entire world.
    As I did mention earlier, they did two changes immediately as the virus started running around in Wuhan. Wuhan lab security was handed over to the military and within a week a new White Paper on Bio Security was issued by the Chinese MOH.
    Unless China changes it;s ways, which might never happen in the foreseeable future, the next epidemic that could start from there will be yet another repeat. :(