Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනස් විය යුත්තේ ඇයි ? - ගල්කන්දේ ධම්මානන්ද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෙනස් විය යුත්තේ ඇයි ? - ගල්කන්දේ ධම්මානන්ද &#

පසුගිය දා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති පොත් 10ක් එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් කළ දේශනය පහතින් දැක්වේ. විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා සහ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා විසින් ද එම අවස්ථාවේ දේශන පවත්වනු ලැබිණි.

ග්‍රැෆිකෙයා ආයතනය මගින් නව පොත් 10ක් ජනගත කරන මෙම වැඩසටහනේ තේමාව ලෙස යොදාගෙන ඇත්තේ 'වෙනස් වෙමු' යන්නයි. ඒ අනුව යෝජනා කෙරෙන්නේ පොදුවේ අපි සියලු දෙනා සාමුහිකව වෙනස් වෙමු යන්න මිස 'ඔබලා වෙනස් විය යුතුයි' කියා හෝ සමාජයයේ සිටින කිසියම් කණ්ඩායමක් වෙනස් විය යුතුයි කියා නොවේ.

සමාජයේ පිරිහීම ගැන හෝ යුද්ධයක් ඇතිවීම ගැන හෝ වෙනත් කවර පිරිහීමක් ගැන හෝ කතා කරන විට අප එය සාකච්චා කරන්නේ අන් අයගේ වරද නිසා අදාල දේ සිදුවුණාය යන අදහසිනි. උදාහරණයකට රටේ පිරිහීමක් නම් එයට වැරදි දේශපාලකයින්ය. ආයතනයක පිරිහීමක් නම් එයට වැරදි එහි පාලකයින්ය. පාලකයාට අනුව එයට වැරදි සේවකයින්ය. දරුවන්ගේ වරදක් නම් එයට වැරදි දෙමාපියන්ය.

මෙම ප්‍රවේශය තුළ අප වක්‍රව කියා සිටින පණිවිඩයක්වේ. එනම් මෙකී වරදට 'මාගේ සම්බන්ධයක් නොමැත' යන්නයි. මා හැර අන් අය අතරින් කවුරුන් හෝ පෙර කී පිරිහීමට වගකිව යුතු බවය.

නමුත් වෙනස් වෙමු කියා යෝජනා කරන විට එයින් උක්ත වන්නේ 'අපි' යන්නයි. ඒ අනුව සාමුහිකව වගකීම ගැනීමටත් එසේ වගකීම ගෙන සාමූහිකව ප්‍රතිකර්ම යෙදීමටත් මෙම එළඹුම මගින් අපට යෝජනා කෙරෙයි.

බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ලොව ඇති සියළු දේ සම්බන්ධව පොදු නියමයන් 3ක් වේ. එයින් පළමුවැන්න වන්නේ අනිත්‍යතාවය හෙවත් වෙනස් වීමයි. නිරන්තරයෙන් සියල්ල වෙනස් වන්නේ නම් අමුතුවෙන් වෙනස්වීමක් ගැන නැවත යෝජනා කළ යුතුද ?

බුදු දහමේ විස්තර වන අනිත්‍යතාවය යනු ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියකි.විවිධ හේතු ප්‍රත්‍ය ධර්මයන් එක් වෙමින්, මුහු වෙමින් නව ඵල නිපදවමින් අඛණ්ඩව සිදුවන වෙනස් වීම මෙහි අදහසයි. මේ ආකාරයට ඔහේ ගලායන වෙනස්වීම එකකි. බුද්ධිය මෙහෙයවා සවිඥානිකව කරන මැදිහත් වීමකින් මිනිසාට ඔහේ ගලාගෙන යන මෙම වෙනස් වීමට මැදිහත් විය හැක. අප ඉතිහාසය ලෙස හඳුන්වන්නේ මෙසේ මිනිසා සවිඥානිකව කරන ලද මැදිහත් වීම් මගින් කරන ලද වෙනස් වීම් සමුදායයි. දඩයමෙන් ජීවත් වූ මිනිසා වගා කිරීමට තීරණය කිරීමද එතැන් පටන් ස්ථිර ජනාවාස ඇතිකර ගැනීමේ සිට ශිෂ්ටාචාරවත් වීම දක්වා ද ප්‍රකාශ වන්නේ මෙසේ මිනිසා විසින් කරන ලද මැදිහත්වීම් වල කතාවයි.

ඒ අනුව වසර මිලියන 3ක් පමණ වන මානවයාගේ සම්පූර්ණ කතාවේ සාර්ථකත්වය රඳා පැවතී ඇත්තේ අන් ජීවීන්ට වඩා සවිඥානිකව වෙනස් වීමට මානවයාට තිබෙන සුවිශේෂ හැකියාව නිසාය. මීළඟට සලකා බැලිය යුතු වැදගත් ප්රශ්නය වන්නේ පොදුවේ මානවයා ඉතාම පහසුවෙන් වෙනස් වීමට එකඟ වන ජීවියෙකුද යන්නයි. මෙයට දිය හැකි පිළිතුර නම් 'නැත' යන්නය. පොදුවේ මිනිසුන් වෙනස් වීමට අකමැතිය. හේතුව තමන් ජීවත් වන පරිසරය කොතරම් අසතුටුදායක වුවත් ඒ අසතුටුදායක තත්වය තමන්ට හොදීන් හුරු පුරුදු හොඳින් දන්නා තත්වයක් වීමයි. අඩු තරමින් එහි පවත්නා සතුටුදායක සීමාවන් ගැන හෝ තමන්ට අවබෝධයක් ඇත. එහෙත් වෙනස් වුවහොත් කුමක් සිදුවෙයිද ? දැනට තිබෙනවාටත් වඩා තත්වය නපුරු වෙයිද ? මෙබඳු සැක නිසා මිනිසා පොදුවේ වෙනස් වීමට අකමැතිය. පවත්නා තත්වයන් දිගටම පවත්වා ගැනීමට කැමතිය. එසේ නම් ඉතිහාසය වෙනස් වූයේ කෙසේද ? පිළිතුර වන්නේ සමාජයේ බිහිවන වඩා බුද්ධිමත්, දුරදක්නා නුවණින් යුතු එඩිතර මිනිසුන්ගේ මැදිහත් වීමෙන් මිනිස් ශිෂ්ටාචාරය වෙනස් වන බවයි. එවන් මිනිසුන් පොදු සමාජය තුළ ගොඩනඟා ගන්නා විස්වාසය මත මෙබඳු වෙනස් වීම් සාර්ථක වන බවය.

අප කාටත් හුරු බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේගේ මැදිහත්වීම් මේ කරුණට උදාහරණ ලෙස සලකා බලමු. මේ දෙදෙනාම බරපතළ චින්තන වෙනසකට ආරම්භය සැපයූ අයයි. 'රැස් කිරීම' වෙනුවට 'අත් හැරීම', 'වෛර කිරීම' වෙනුවට 'මෛත්‍රිය' සහ 'ප්‍රේම කිරීම' මේ දෙදෙනා විසින්ම ලොවට හඳුන්වා දෙන ලදී. මේ දෙදෙනාගේම පුද්ගලික ජීවන චර්යාව තමන් විසින් දේශනා කරන ලද දහමට සම්පූර්ණයෙන් ම එකඟ වූ ඒවා විය. බුදුන් වහන්සේට තම පණිවිඩය හඳුන්වාදීමේදී මුහුණ දෙන්නට වූ නින්දා අපහාස සහ දුෂ්කරතාවයන් අපි දනිමු. ජේසුස් වහන්සේට මුහුණ දෙන්නට වූ තත්වය බුදුන් වහන්සේට මුහුණ දෙන්නට වූ තත්වයට වඩා බරපතළය. ඉතා තරුණ වයසේදීම උන් වහන්සේට ජීවිතය අහිමි වූයේ සමාජයට 'වෙනස් වීමක්' යෝජනා කළ බැවිනි.

බුදුන් වහන්සේ පිරිණිවන් පෑමෙන් නොබෝ කලකින් පැවති පළමු වෙනි ධර්ම සංගායනාවෙදීම මෙතෙක් නොපැණවූ ශික්ෂා පද නොපැණවීමටත් තිබෙන ශික්ෂාපද වෙනස් නොකර පවත්වා ගැනීමටත් ගත් තීරණය ලොව සියල්ල අනිත්‍යය, වෙනස් වන සුළුය යන මූලික පදනමට පටහැනිව ගත් තීරණයකි. වෙනස් ලෙසකින් ගතහොත් බුදුන් වහන්සේ විසින් හඳුන්වා දුන් නිදහස් චින්තනය නැවත වරක් කොටුකර තැබීම මෙම තීරණයත් සමගම සිදුවිය. දෙවැනි සංගායනාවේදී මතුවූ දස වස්තුව අතර සානුකම්පිතව සලකා බැලිය යුතු වූ ඉල්ලීම් ගණනාවක් ම දකින්නට තිබිණි. බුදුන් වහන්සේගේ මෛත්‍රී සහගත පණිවුඩය මත පිහිටා එකී ඉල්ලීම් පහසුවෙන් ම පිළිගැනීමට සංගායනාවට නායකත්වය දුන් භික්ෂූන්ට හැකියාව තිබිණි. නමුත් පෙරකී සියළු ඉල්ලීම් විනය විරෝධී ඉල්ලීම් ලෙස සලකා ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙනී යන්නේ බුදුන් වහන්සේ විසින් හඳුන්වා දුන් නිදහස් චින්තනය එය ඉදිරියට ගෙන යන්නට නායකත්වය ගත් පුද්ගලයින් අතින්ම විනාශයට පත් වූ බවයි.

ජේසුස් වහන්සේගේ පණිවුඩයට සිදු වූයේද මෙම විපත්තිය මය. ක්‍රිස්තුස් වහන්සේගේ අභාවයෙන් සියවස් කිහිපයක් ගත වන විටම අවිහිංසාවාදී කිතු දහම රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් විය. රෝමයේ පිහිටු වතිකානුව එම ආගමේ මූලස්ථානය බවට පත්විය. එතැන් සිට බොහෝ කාලයක් යන තුරුම ප්‍රේමයේ පණිවුඩය නොව බල ව්‍යාප්තියේ පණිවුඩය මෙකී ආයතනයේ පණිවුඩය විය.

මේ උදාහරණ දෙක මගින් අප හට කියා දෙන පණිවුඩයක් වෙයි, එනම් වෙනස් වීම සඳහා වන උත්සාහය අඛණ්ඩව සහ නොනවත්වා පවත්වා ගත යුතු දෙයක් බවය. වෙනස්වීමක් සිදු වූ පසු 'දැන් ඉතිං ඔක්කොම හරි' කියා අත පොරවාගෙන නොසිටිය යුතු බවය.

මීළඟට අපි වෙනස් විය යුත්තේ ඇයිද යන්න සාකච්චා කරමු. මේ ගැන සාකච්චා කිරීමට මාගේ පුද්ගලික අත් දැකීම් කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නට කැමතියි. පැවිද්දෙකු වීමට තිබූ ආශාව විනා බුදුදහම යනු කුමදැයි කුඩා වයසේදී මම දැන නොසිටියෙමි. මාගේ ආශාවට දෙමව්පියන්ගෙන් ලැබුණු අවසරය මත වයස 13දී ගාල්ල, පරගොඩ විහාරයේදී මාගේ පැවිදිවීම සිදුවිය. හිංසාව පිළිබඳව බරපතළම අත්දැකීම් ලැබුවේ මා දකුණු පළාතේ ජීවත් වූ මේ කාලය තුළදීය.

1987 - 90 අතර කාලය තුළදී ලංකාවේ දකුණු පළාතේ ඇති වූ භීෂණකාරී වාතාවරණය තුළ මා සමඟ එකට පැවිදි වී සිටි භික්ෂූන් වහන්සේලා තුන් නමක් පැහැර ගැනීමට ලක් වූහ. උන් වහන්සේලා නැවත කිසිදාක සොයා ගැනීමට නොහැකි විය. එවකට ටයර් සෑය වල දැවුණු තරුණයින් අතර ඒ තිදෙනාද දැවී යන්නට ඇත. මේ තිදෙනාගෙන් එක් අයකු වූ බලහරුවේ විජිත හිමි මා සමඟ එකට උසස් පෙළ විභාගය සඳහා සූදානම් වූ මාගේ සමීපතම මිතුරා වූ අතර අප දෙදෙනාම විශ්ව විද්‍යාලයට තේරී ඇති බවට ලියුම් ලැබෙන විට උන්වහන්සේ මෙලොව හැරගොස් තිබිණි. මේ හැර මා දැන සිටි මිතුරන් බොහෝ දෙනෙක් මෙම කැරළිකාරී සමයේදී අතුරුදන් වීමට ලක් වූහ.

හිංසාව සම්බන්ධයෙන් දෙවැනි අත්දැකීම ආරක්ෂක අංශයේ සේවයෙහි නියුතුව සිටි මාගේ වැඩිමහල් සහෝදරයා මහඔය දී එල් ටී ටී ඊ ප්‍රහාරයකින් මිය යාමයි. මෙකී සම්පූර්ණ කාල පරිච්චේදය තුළ ටයර් සෑයවල් වශයෙන්ද, ද්‍රෝහීන් ලෙස හඳුන්වා කෙරුණු ඝාතන වශයෙන්ද මායිම් ගම්මාන වලට එල්ල වූ ප්‍රහාර වශයෙන්ද බිම් බෝම්බ සහ බස් බෝම්බ වලට හසුවීම් වශයෙන් ද මුහුණට මුහුණලා කෙරුණු සටන් වශයෙන්ද සිදුවුණු බිහිසුණු මරණවලට පාංශුකූලය දීමේ අභාග්‍ය සම්පන්න අත්දැකීම කුඩා වයසේදීම මට අත්විඳින්නට සිදුවිය. විවිධ ලේබල් ඇලවීම ඔස්සේ මේ මරණ වර්ගකොට දැක්වුවත් මේ සෑම අවස්ථාවක දීම මියගියේ මිනිසුන්මය.

1948 නිදහස ලැබීමේ සිට 2009 දක්වා ගත වූ වසර 61 තුළදී සිදු වූ අතිමහා පරිමාණ මිනිස් ඝාතන ප්‍රමාණය සලකා බලන විට බලවත් කම්පනයක් ඇති කරවයි. ලංකාවට නිදහස ලැබෙන්නේ 1948 දීය. එයින් වසර 08ක් ගතවන විට එනම් 1956 දී පළමු ප්රචණ්ඩත්වය පුපුරා යාම සිදුවිය. ඉන් පසුව වසර දෙකකින්, එනම් 1958 දීද එයින් වසර 12කට පසුව 1971 දීද එයින් වසර 6කට පසුව 1977 දීද තවත් වසර 6කින් එනම් 1983 දීද මහා පරිමාණ ප්රචණ්ඩත්වයන් ක්‍රියාත්මක විය. 1983 දී ඇරඹුණු ප්‍රචණ්ඩක්‍රියා රැල්ල 2009 දක්වාම නොනැවතී ක්‍රියාත්මක විය. අවසානයේ සඳහන් කළ ප්රචණ්ඩ කාල වකවානුව අතරතුර දීම 1987 දී ඇරඹිණි. එය 1990 දක්වා ක්‍රියාත්මක විය.

මෙම දත්ත සලකා බලන විට පෙනීයන්නේ 1948 නිදහස ලැබූ තැන් සිට අද දක්වා ගැටුමක් නොමැතිව අප පසුකර ඇති උපරිම කාලය වසර 12ක් පමණක් බවය. ගැටුම් දෙකක් අතර කාලයේ සාමාන්‍ය අගය වසර 7ක් පමණ වෙයි. වෙනත් ලෙසකින් පැවසුවහොත් අප ජීවත් වන්නේ සෑම වසර 7කට ම වරක් ලේ වැගිරීම් සිදුවනා රටක ය. පුද්ගලික අත්දැකීම් මෙන්ම පොත පත කියවා ලත් දැනුම අනුවද පෙනී යන්නේ අප ජීවත් වන්නේ කොතරම් බිහිසුණු අවාසනාවන්ත සමාජයකද යන්නය.

1956 - 58 වසර වල දී ද 1983 දීද මියගිය සංඛ්‍යාවන් පිළිබඳව පැහැදිලි අදහසක් ඇතිකර ගැනීමට නොහැකිය. එහෙත් 1971 දී මියගිය තරුණයින්ගේ සංඛ්‍යාව විසි දහසක් යැයි කියනු ලැබේ. එසේම 1987 - 90 අතර කාලයේ දී හැට දහසක් පමණ තරුණයින් මියගිය බව කියවෙයි. 1982 සිට 2009 දක්වා යුද්ධයේදී මියගිය පිරිස ලක්ෂ එකහමාරකට වැඩිය.

කිසියම් රටක වසර හතෙන් හතට මහා පරිමාණයෙන් මිනිසුන් එකිනෙකා ඝාතනය කර ගන්නවා නම් එය බරපතළ තත්වයක් නොවන්නේද ? මේ ආකාරයෙන් මිනිසුන් මිය යද්දී කිසිත් සිදු නොවුණා සේ නිහඬව ඉදිරියට යා හැකිද ?

මේ සියලු දත්ත ඔබ ඉදිරියෙහි තැබූ විට මා මුලින් නැඟූ ප්‍රශ්නයට එනම්, 'වෙනස් විය යුත්තේ ඇයි ?' යන්නට ඔබට පිළිතුරු ලැබෙනවා ඇත.

[QUOTE="asksajee, post: 20619564, member: 10848"] [b]වෙනස් විය යුත්තේ ඇයි ? - ගල්කන්දේ ධම්මානන්ද &#[/b] [SIZE="3"]පසුගිය දා මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති පොත් 10ක් එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමින් ගල්කන්දේ ධම්මානන්ද හිමියන් විසින් කළ දේශනය පහතින් දැක්වේ. විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා සහ සාහිත්‍යවේදී චූලානන්ද සමරනායක මහතා විසින් ද එම අවස්ථාවේ දේශන පවත්වනු ලැබිණි. ග්‍රැෆිකෙයා ආයතනය මගින් නව පොත් 10ක් ජනගත කරන මෙම වැඩසටහනේ තේමාව ලෙස යොදාගෙන ඇත්තේ 'වෙනස් වෙමු' යන්නයි. ඒ අනුව යෝජනා කෙරෙන්නේ පොදුවේ අපි සියලු දෙනා සාමුහිකව වෙනස් වෙමු යන්න මිස 'ඔබලා වෙනස් විය යුතුයි' කියා හෝ සමාජයයේ සිටින කිසියම් කණ්ඩායමක් වෙනස් විය යුතුයි කියා නොවේ. [IMG]http://sinhala.lankanewsweb.net/media/k2/items/cache/624945b8e5d25aaf8740b7d79680dbec_XL.jpg[/IMG] සමාජයේ පිරිහීම ගැන හෝ යුද්ධයක් ඇතිවීම ගැන හෝ වෙනත් කවර පිරිහීමක් ගැන හෝ කතා කරන විට අප එය සාකච්චා කරන්නේ අන් අයගේ වරද නිසා අදාල දේ සිදුවුණාය යන අදහසිනි. උදාහරණයකට රටේ පිරිහීමක් නම් එයට වැරදි දේශපාලකයින්ය. ආයතනයක පිරිහීමක් නම් එයට වැරදි එහි පාලකයින්ය. පාලකයාට අනුව එයට වැරදි සේවකයින්ය. දරුවන්ගේ වරදක් නම් එයට වැරදි දෙමාපියන්ය. මෙම ප්‍රවේශය තුළ අප වක්‍රව කියා සිටින පණිවිඩයක්වේ. එනම් මෙකී වරදට 'මාගේ සම්බන්ධයක් නොමැත' යන්නයි. මා හැර අන් අය අතරින් කවුරුන් හෝ පෙර කී පිරිහීමට වගකිව යුතු බවය. නමුත් වෙනස් වෙමු කියා යෝජනා කරන විට එයින් උක්ත වන්නේ 'අපි' යන්නයි. ඒ අනුව සාමුහිකව වගකීම ගැනීමටත් එසේ වගකීම ගෙන සාමූහිකව ප්‍රතිකර්ම යෙදීමටත් මෙම එළඹුම මගින් අපට යෝජනා කෙරෙයි. බුදුන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ලොව ඇති සියළු දේ සම්බන්ධව පොදු නියමයන් 3ක් වේ. එයින් පළමුවැන්න වන්නේ අනිත්‍යතාවය හෙවත් වෙනස් වීමයි. නිරන්තරයෙන් සියල්ල වෙනස් වන්නේ නම් අමුතුවෙන් වෙනස්වීමක් ගැන නැවත යෝජනා කළ යුතුද ? බුදු දහමේ විස්තර වන අනිත්‍යතාවය යනු ස්වභාවිකව සිදුවන ක්‍රියාවලියකි.විවිධ හේතු ප්‍රත්‍ය ධර්මයන් එක් වෙමින්, මුහු වෙමින් නව ඵල නිපදවමින් අඛණ්ඩව සිදුවන වෙනස් වීම මෙහි අදහසයි. මේ ආකාරයට ඔහේ ගලායන වෙනස්වීම එකකි. බුද්ධිය මෙහෙයවා සවිඥානිකව කරන මැදිහත් වීමකින් මිනිසාට ඔහේ ගලාගෙන යන මෙම වෙනස් වීමට මැදිහත් විය හැක. අප ඉතිහාසය ලෙස හඳුන්වන්නේ මෙසේ මිනිසා සවිඥානිකව කරන ලද මැදිහත් වීම් මගින් කරන ලද වෙනස් වීම් සමුදායයි. දඩයමෙන් ජීවත් වූ මිනිසා වගා කිරීමට තීරණය කිරීමද එතැන් පටන් ස්ථිර ජනාවාස ඇතිකර ගැනීමේ සිට ශිෂ්ටාචාරවත් වීම දක්වා ද ප්‍රකාශ වන්නේ මෙසේ මිනිසා විසින් කරන ලද මැදිහත්වීම් වල කතාවයි. ඒ අනුව වසර මිලියන 3ක් පමණ වන මානවයාගේ සම්පූර්ණ කතාවේ සාර්ථකත්වය රඳා පැවතී ඇත්තේ අන් ජීවීන්ට වඩා සවිඥානිකව වෙනස් වීමට මානවයාට තිබෙන සුවිශේෂ හැකියාව නිසාය. මීළඟට සලකා බැලිය යුතු වැදගත් ප්රශ්නය වන්නේ පොදුවේ මානවයා ඉතාම පහසුවෙන් වෙනස් වීමට එකඟ වන ජීවියෙකුද යන්නයි. මෙයට දිය හැකි පිළිතුර නම් 'නැත' යන්නය. පොදුවේ මිනිසුන් වෙනස් වීමට අකමැතිය. හේතුව තමන් ජීවත් වන පරිසරය කොතරම් අසතුටුදායක වුවත් ඒ අසතුටුදායක තත්වය තමන්ට හොදීන් හුරු පුරුදු හොඳින් දන්නා තත්වයක් වීමයි. අඩු තරමින් එහි පවත්නා සතුටුදායක සීමාවන් ගැන හෝ තමන්ට අවබෝධයක් ඇත. එහෙත් වෙනස් වුවහොත් කුමක් සිදුවෙයිද ? දැනට තිබෙනවාටත් වඩා තත්වය නපුරු වෙයිද ? මෙබඳු සැක නිසා මිනිසා පොදුවේ වෙනස් වීමට අකමැතිය. පවත්නා තත්වයන් දිගටම පවත්වා ගැනීමට කැමතිය. එසේ නම් ඉතිහාසය වෙනස් වූයේ කෙසේද ? පිළිතුර වන්නේ සමාජයේ බිහිවන වඩා බුද්ධිමත්, දුරදක්නා නුවණින් යුතු එඩිතර මිනිසුන්ගේ මැදිහත් වීමෙන් මිනිස් ශිෂ්ටාචාරය වෙනස් වන බවයි. එවන් මිනිසුන් පොදු සමාජය තුළ ගොඩනඟා ගන්නා විස්වාසය මත මෙබඳු වෙනස් වීම් සාර්ථක වන බවය. අප කාටත් හුරු බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේගේ මැදිහත්වීම් මේ කරුණට උදාහරණ ලෙස සලකා බලමු. මේ දෙදෙනාම බරපතළ චින්තන වෙනසකට ආරම්භය සැපයූ අයයි. 'රැස් කිරීම' වෙනුවට 'අත් හැරීම', 'වෛර කිරීම' වෙනුවට 'මෛත්‍රිය' සහ 'ප්‍රේම කිරීම' මේ දෙදෙනා විසින්ම ලොවට හඳුන්වා දෙන ලදී. මේ දෙදෙනාගේම පුද්ගලික ජීවන චර්යාව තමන් විසින් දේශනා කරන ලද දහමට සම්පූර්ණයෙන් ම එකඟ වූ ඒවා විය. බුදුන් වහන්සේට තම පණිවිඩය හඳුන්වාදීමේදී මුහුණ දෙන්නට වූ නින්දා අපහාස සහ දුෂ්කරතාවයන් අපි දනිමු. ජේසුස් වහන්සේට මුහුණ දෙන්නට වූ තත්වය බුදුන් වහන්සේට මුහුණ දෙන්නට වූ තත්වයට වඩා බරපතළය. ඉතා තරුණ වයසේදීම උන් වහන්සේට ජීවිතය අහිමි වූයේ සමාජයට 'වෙනස් වීමක්' යෝජනා කළ බැවිනි. බුදුන් වහන්සේ පිරිණිවන් පෑමෙන් නොබෝ කලකින් පැවති පළමු වෙනි ධර්ම සංගායනාවෙදීම මෙතෙක් නොපැණවූ ශික්ෂා පද නොපැණවීමටත් තිබෙන ශික්ෂාපද වෙනස් නොකර පවත්වා ගැනීමටත් ගත් තීරණය ලොව සියල්ල අනිත්‍යය, වෙනස් වන සුළුය යන මූලික පදනමට පටහැනිව ගත් තීරණයකි. වෙනස් ලෙසකින් ගතහොත් බුදුන් වහන්සේ විසින් හඳුන්වා දුන් නිදහස් චින්තනය නැවත වරක් කොටුකර තැබීම මෙම තීරණයත් සමගම සිදුවිය. දෙවැනි සංගායනාවේදී මතුවූ දස වස්තුව අතර සානුකම්පිතව සලකා බැලිය යුතු වූ ඉල්ලීම් ගණනාවක් ම දකින්නට තිබිණි. බුදුන් වහන්සේගේ මෛත්‍රී සහගත පණිවුඩය මත පිහිටා එකී ඉල්ලීම් පහසුවෙන් ම පිළිගැනීමට සංගායනාවට නායකත්වය දුන් භික්ෂූන්ට හැකියාව තිබිණි. නමුත් පෙරකී සියළු ඉල්ලීම් විනය විරෝධී ඉල්ලීම් ලෙස සලකා ප්‍රතික්ෂේප කිරීම තුළින් පෙනී යන්නේ බුදුන් වහන්සේ විසින් හඳුන්වා දුන් නිදහස් චින්තනය එය ඉදිරියට ගෙන යන්නට නායකත්වය ගත් පුද්ගලයින් අතින්ම විනාශයට පත් වූ බවයි. ජේසුස් වහන්සේගේ පණිවුඩයට සිදු වූයේද මෙම විපත්තිය මය. ක්‍රිස්තුස් වහන්සේගේ අභාවයෙන් සියවස් කිහිපයක් ගත වන විටම අවිහිංසාවාදී කිතු දහම රෝම අධිරාජ්‍යයේ නිල ආගම බවට පත් විය. රෝමයේ පිහිටු වතිකානුව එම ආගමේ මූලස්ථානය බවට පත්විය. එතැන් සිට බොහෝ කාලයක් යන තුරුම ප්‍රේමයේ පණිවුඩය නොව බල ව්‍යාප්තියේ පණිවුඩය මෙකී ආයතනයේ පණිවුඩය විය. මේ උදාහරණ දෙක මගින් අප හට කියා දෙන පණිවුඩයක් වෙයි, එනම් වෙනස් වීම සඳහා වන උත්සාහය අඛණ්ඩව සහ නොනවත්වා පවත්වා ගත යුතු දෙයක් බවය. වෙනස්වීමක් සිදු වූ පසු 'දැන් ඉතිං ඔක්කොම හරි' කියා අත පොරවාගෙන නොසිටිය යුතු බවය. මීළඟට අපි වෙනස් විය යුත්තේ ඇයිද යන්න සාකච්චා කරමු. මේ ගැන සාකච්චා කිරීමට මාගේ පුද්ගලික අත් දැකීම් කිහිපයක් ඔබ සමඟ බෙදාගන්නට කැමතියි. පැවිද්දෙකු වීමට තිබූ ආශාව විනා බුදුදහම යනු කුමදැයි කුඩා වයසේදී මම දැන නොසිටියෙමි. මාගේ ආශාවට දෙමව්පියන්ගෙන් ලැබුණු අවසරය මත වයස 13දී ගාල්ල, පරගොඩ විහාරයේදී මාගේ පැවිදිවීම සිදුවිය. හිංසාව පිළිබඳව බරපතළම අත්දැකීම් ලැබුවේ මා දකුණු පළාතේ ජීවත් වූ මේ කාලය තුළදීය. 1987 - 90 අතර කාලය තුළදී ලංකාවේ දකුණු පළාතේ ඇති වූ භීෂණකාරී වාතාවරණය තුළ මා සමඟ එකට පැවිදි වී සිටි භික්ෂූන් වහන්සේලා තුන් නමක් පැහැර ගැනීමට ලක් වූහ. උන් වහන්සේලා නැවත කිසිදාක සොයා ගැනීමට නොහැකි විය. එවකට ටයර් සෑය වල දැවුණු තරුණයින් අතර ඒ තිදෙනාද දැවී යන්නට ඇත. මේ තිදෙනාගෙන් එක් අයකු වූ බලහරුවේ විජිත හිමි මා සමඟ එකට උසස් පෙළ විභාගය සඳහා සූදානම් වූ මාගේ සමීපතම මිතුරා වූ අතර අප දෙදෙනාම විශ්ව විද්‍යාලයට තේරී ඇති බවට ලියුම් ලැබෙන විට උන්වහන්සේ මෙලොව හැරගොස් තිබිණි. මේ හැර මා දැන සිටි මිතුරන් බොහෝ දෙනෙක් මෙම කැරළිකාරී සමයේදී අතුරුදන් වීමට ලක් වූහ. හිංසාව සම්බන්ධයෙන් දෙවැනි අත්දැකීම ආරක්ෂක අංශයේ සේවයෙහි නියුතුව සිටි මාගේ වැඩිමහල් සහෝදරයා මහඔය දී එල් ටී ටී ඊ ප්‍රහාරයකින් මිය යාමයි. මෙකී සම්පූර්ණ කාල පරිච්චේදය තුළ ටයර් සෑයවල් වශයෙන්ද, ද්‍රෝහීන් ලෙස හඳුන්වා කෙරුණු ඝාතන වශයෙන්ද මායිම් ගම්මාන වලට එල්ල වූ ප්‍රහාර වශයෙන්ද බිම් බෝම්බ සහ බස් බෝම්බ වලට හසුවීම් වශයෙන් ද මුහුණට මුහුණලා කෙරුණු සටන් වශයෙන්ද සිදුවුණු බිහිසුණු මරණවලට පාංශුකූලය දීමේ අභාග්‍ය සම්පන්න අත්දැකීම කුඩා වයසේදීම මට අත්විඳින්නට සිදුවිය. විවිධ ලේබල් ඇලවීම ඔස්සේ මේ මරණ වර්ගකොට දැක්වුවත් මේ සෑම අවස්ථාවක දීම මියගියේ මිනිසුන්මය. 1948 නිදහස ලැබීමේ සිට 2009 දක්වා ගත වූ වසර 61 තුළදී සිදු වූ අතිමහා පරිමාණ මිනිස් ඝාතන ප්‍රමාණය සලකා බලන විට බලවත් කම්පනයක් ඇති කරවයි. ලංකාවට නිදහස ලැබෙන්නේ 1948 දීය. එයින් වසර 08ක් ගතවන විට එනම් 1956 දී පළමු ප්රචණ්ඩත්වය පුපුරා යාම සිදුවිය. ඉන් පසුව වසර දෙකකින්, එනම් 1958 දීද එයින් වසර 12කට පසුව 1971 දීද එයින් වසර 6කට පසුව 1977 දීද තවත් වසර 6කින් එනම් 1983 දීද මහා පරිමාණ ප්රචණ්ඩත්වයන් ක්‍රියාත්මක විය. 1983 දී ඇරඹුණු ප්‍රචණ්ඩක්‍රියා රැල්ල 2009 දක්වාම නොනැවතී ක්‍රියාත්මක විය. අවසානයේ සඳහන් කළ ප්රචණ්ඩ කාල වකවානුව අතරතුර දීම 1987 දී ඇරඹිණි. එය 1990 දක්වා ක්‍රියාත්මක විය. මෙම දත්ත සලකා බලන විට පෙනීයන්නේ 1948 නිදහස ලැබූ තැන් සිට අද දක්වා ගැටුමක් නොමැතිව අප පසුකර ඇති උපරිම කාලය වසර 12ක් පමණක් බවය. ගැටුම් දෙකක් අතර කාලයේ සාමාන්‍ය අගය වසර 7ක් පමණ වෙයි. වෙනත් ලෙසකින් පැවසුවහොත් අප ජීවත් වන්නේ සෑම වසර 7කට ම වරක් ලේ වැගිරීම් සිදුවනා රටක ය. පුද්ගලික අත්දැකීම් මෙන්ම පොත පත කියවා ලත් දැනුම අනුවද පෙනී යන්නේ අප ජීවත් වන්නේ කොතරම් බිහිසුණු අවාසනාවන්ත සමාජයකද යන්නය. 1956 - 58 වසර වල දී ද 1983 දීද මියගිය සංඛ්‍යාවන් පිළිබඳව පැහැදිලි අදහසක් ඇතිකර ගැනීමට නොහැකිය. එහෙත් 1971 දී මියගිය තරුණයින්ගේ සංඛ්‍යාව විසි දහසක් යැයි කියනු ලැබේ. එසේම 1987 - 90 අතර කාලයේ දී හැට දහසක් පමණ තරුණයින් මියගිය බව කියවෙයි. 1982 සිට 2009 දක්වා යුද්ධයේදී මියගිය පිරිස ලක්ෂ එකහමාරකට වැඩිය. කිසියම් රටක වසර හතෙන් හතට මහා පරිමාණයෙන් මිනිසුන් එකිනෙකා ඝාතනය කර ගන්නවා නම් එය බරපතළ තත්වයක් නොවන්නේද ? මේ ආකාරයෙන් මිනිසුන් මිය යද්දී කිසිත් සිදු නොවුණා සේ නිහඬව ඉදිරියට යා හැකිද ? මේ සියලු දත්ත ඔබ ඉදිරියෙහි තැබූ විට මා මුලින් නැඟූ ප්‍රශ්නයට එනම්, 'වෙනස් විය යුත්තේ ඇයි ?' යන්නට ඔබට පිළිතුරු ලැබෙනවා ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom