Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෙනිසියුලාවෙ කෙල්ලො පට්ට නේද..❤️
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝක බලවතුන්ගේ ලතින් අමෙරිකානු දඩබිම වෙනිසියුලාව

මේ දිනවල වඩාත් පුළුල් අන්දමින් ගෝලීය දේශපාලනික හා මාධ්‍ය ක්ෂේත්‍ර තුළ සාකච්ඡාවට බඳුන් වන මාතෘකාව වන්නේ වෙනිසියුලාව මුහුණ දී ඇති දේශපාලනික අර්බුදයයි. සමෘද්ධිමත් ජීවිත ගත කිරීමේ සෑම ප්රවණතාවක්ම සහිත එහෙත් දේශීය හා ගෝලීය දේශපාලනික සන්දර්භයන් පාදක කොටගෙන ඉතා පසුගාමී හා අවම වශයෙන් දෛනික අවශ්‍යතා සපුරාලීමට වත් නොහැකි මට්ටමක සිටින වෙනිසියුලා ජනතාව වත්මන් අර්බුදය නිසා කබලෙන් ළිපට වැටෙනු ඇත්ද යන්න ගැන බියක් ඉස්මතු වී තිබේ.

එමෙන්ම සිරියාවෙන් පටන් ගෙන මේ දක්වා අන් බොහෝ රටවල අර්බුද හටගත් විට එම දේශීය අර්බුදවල අභ්‍යන්තර පාර්ශ්වකරුවන් වටා කදවුරු බඳින ලෝක බලවතුන් නිසා වෙනිසියුලා දේශපාලනික ගැටලුව ද පුළුල් අන්තර්ජාතික බල අරගලයක් වන ලකුණු පෙන්නුම් කරයි. වඩාත්ම සංකීර්ණ මුහුණුවරක් ගන්නේ මේ ප්‍රතිවාදී ගෝලීය මැදිහත්වීමයි.

වර්තමාන අර්බුදයට ප්‍රවිෂ්ට වීමට පෙර වෙනිසියුලාව නමැති රාජ්‍යයේ ස්වභාවය පිළිබදව සලකා බැලීමෙන් වඩාත් පැහැදිලි අවබෝධයක් අත් කරගත හැකි වේ. වෙනිසියුලාව යනු ලතින් අමෙරිකාව පමණක් නොව සමස්ත ලෝකයේම ඛනිජ තෙල් සම්පත බහුල රාජ්‍යය ලෙස පිළිගැනේ. එය ඇතැම් විට සවුදි අරාබි තෙල් නිධිවලටත් වඩා විශාල බවට පිළිගැනේ. එහෙත් එය සංවර්ධිත රටක් නොවන වෙනිසියුලාවට ශාපයක් වී ඇත්තේ අන්තර්ජාතික අතපෙවීම්වලට මූල සාධකය වන්නේ තෙල් සම්පත වීමයි. අකාර්යක්ෂම පාලනය එම අනතුරුදායක තත්වය තවදුරටත් වර්ධනය කරයි.

අන් බොහෝ ලතින් අමෙරිකානු රටවල් මෙන්ම වෙනිසියුලාව ද සිය ඉතිහාසය පුරා අධිරාජ්‍යවාදී , ඒකාධිපති, අධිකාරිවාදී හා අන්තවාදී පාලනයන්ට නතු වී තිබුණකි. එම පාලනයන්ට නිරවි යුධ සමයේ ලෝක සුපිරි බලවතුන්ගේ ආශිර්වාද ලැබුණු බව නොරහසකි. විවිධ යුගවල කුමන්ත්‍රණ සිදු වී තිබේ. එහෙත් මෑත කාලීනව වෙනිසියුලා පමණක් නොව සමස්ත ලතින් අමෙරිකානු ගමන් මඟ වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍ය වුයේ හියුගෝ චාවේස් පාලන සමයයි. සොල්දාදුවකු වූ චාවේස් වෙනිසියුලාව සමාජවාදී පාලන රටාවක් කරා යොමු කළා පමණක් නොව ලතින් අමෙරිකානු වාමාංශික රැල්ල එසේත් නැත්තම් පින්ක් ටයිඩ් හෙවත් රෝස රැල්ල ඇති කිරීමට මූලික වූ නායකයෙකි.

ඔහු අමෙරිකානු තෙල් සමාගම්වලට වාසිදායකව පැවති වෙනිසියුලා තෙල් සම්පත ජනසතු කර එහි ප්රතිලාභ සමාජ සුබසාධන වැඩසටහන් කරා යොමු කළේය. ඔහුගේ පාලනය පැවති 1999-2013 වසර 14ක කාලය තුළ ලතින් අමෙරිකාව තුළ වාමවාදි රාජ්‍ය සංධානයක් ගොඩනැඟීමට ඔහු උත්සුක විය. ඒ වන විට මැදපෙරදිග යුද්ධ සදහා යොමු වී සිටි අමෙරිකා එක්සත් ජනපදය තම එළිපත්තේ බිහිවූ වාම සංධානයය ගැන පියවරගැනීම පසුවට කල් තැබූ බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් බොහෝ සාධනීය ක්‍රියාමාර්ග අනුගමනය කළ චාවේස් තම අනුප්‍රාප්තිකයා තේරීෙම් දී පොට වරද්දා ගත් බව පෙනේ. චාවේස්ගේ අභාවයෙන් පසු බලයට පැමිණි නිකලස් මදුරෝ චාවේස් මෙන් දක්ෂයෙක් නොවේ. ඔහු උත්සුක වුයේ චාවේස්ගේ සෙවණැල්ල යට රඳා පැවතීමටයි. එමෙන්ම චාවේස් තරම් වාසනාවන්තයෙක්ද නොවේ.

චාවේස් යුගයේ ඉහළ පැවති තෙල් මිල මදුරෝ යුගයේදී බරපතළ ලෙස පහත වැටිණි. ඉන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූ අතර චාවේස්ගේ සමාජ සුබසාධක වැඩසටහන් එම හානිය තවත් වැඩි කළේය. ආර්ථිකය කළමනාකරණය සඳහා නිසි දැක්මක් මදුරෝ සතු නොවීය. ඔහු ශීඝ්‍රයෙන් අප්‍රසාදයට පත් වූ අතර, අත්‍යවශ්‍ය ආහාර හිඟය ජනතාව හැඳින්වූයේ මදුරෝ ඩයට් යනුවෙනි.

සියල්ලටම වඩා එතෙක් ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුදවදිමින් සිටි අමෙරිකාව වාමාංශික රෝස රැල්ල නවතාලීම සදහා නැවතත් ලතින් අමෙරිකාවට අවතීර්ණ විය. එහි ප්‍රතිඵලය මදුරෝ තවත් පීඩනයට ලක් වීමයි. චාවේස් බලයෙන් පහ කිරීමට අසාර්ථක කුමන්ත්‍රණ දෙකක් කළ අමෙරිකාව මදුරෝ සම්බන්ධයෙන් අනුගමනය කළේ වෙනත් උපායකි. ඒ අමෙරිකාව සතු දරුණුතම අවිය වන ආර්ථික සම්බාධකයි. පස් අවුුරුදු සම්බාධක මඟින්, මදුරෝගේ ඇල්මැරුණු අකාර්යක්ෂම පිළිවෙත් නිසා රෝගී වී තිබු වෙනිසියුලා ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ ඝාතනය කිරීමට අමෙරිකාව සමත් විය.

මදුරෝට එරෙහි ජනතා විරෝධය උතුරා යද්දී විපක්ෂ අනුප්‍රාප්තිකයා පහළ විය. ඒ පාර්ලිමේන්තු කථානායක ජුවාන් ගුඅයිඩෝය. අමෙරිකාව ඔහු වෙනිසියුලා සැබෑ ජනාධිපතිවරයා ලෙස බෞතීස්ම කළේය. බටහිර බලවත්තු හා දක්ෂිණාංශික ලතින් අමෙරිකානු රටවල් ගුඅයිඩෝ වටා රොක්වී සිටිති. විකල්ප බලවතුන් වන රැසියාව, චීනය මෙක්සිකෝව හා තුර්කිය මෙන්ම ලතින් අමෙරිකාවේ වාම රාජ්‍ය අතළොස්ස මදුරෝ වටා රොක්වී සිටිති. රෙජිම් චේන්ජය සදහා සියල්ල දැන් සූදානම්ය. අවශ්‍ය ව ඇත්තේ "ජනතා විප්ලවීය" ලේ වැගිරීම් මාලාවක් හා වෙනිසියුලා හමුදාව තුළ බෙදීමක් පමණි. එය රඳා පවතින්නේ මදුරෝට ලැබෙන අන්තර්ජාතික සහයෝගිතාවයේ ප්‍රබලත්වය මතයි. එමෙන්ම අමෙරිකානු සහය ලබන ගුඅයිඩෝ බලයට පැමිණීම සියලු ප්‍රශ්න වලට විසඳුම නොවේ. ඒ මන්ද අන්තර්ජාතික මැදිහත් වීමක බලපෑම ඉතා ඉක්මනින් අවසන් නොවන බැවිනි. එමෙන්ම බලයට පත්වන්නාට "මැදිහත් වීමේ මිල" ගෙවීමටද සිදු වන බැවිනි. ඒනිසා වෙනිසියුලාව අද පවතින්නේ "මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වැනි තත්ත්වයකයි.

[QUOTE="Truth Hurts, post: 28045852, member: 477372"] [HEADING=2]ලෝක බලවතුන්ගේ ලතින් අමෙරිකානු දඩබිම වෙනිසියුලාව[/HEADING] [IMG]https://www.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/02/01/pg14-1.jpg?itok=d7onA_rn[/IMG] [SIZE=5]මේ දිනවල වඩාත් පුළුල් අන්දමින් ගෝලීය දේශපාලනික හා මාධ්‍ය ක්ෂේත්‍ර තුළ සාකච්ඡාවට බඳුන් වන මාතෘකාව වන්නේ වෙනිසියුලාව මුහුණ දී ඇති දේශපාලනික අර්බුදයයි. සමෘද්ධිමත් ජීවිත ගත කිරීමේ සෑම ප්රවණතාවක්ම සහිත එහෙත් දේශීය හා ගෝලීය දේශපාලනික සන්දර්භයන් පාදක කොටගෙන ඉතා පසුගාමී හා අවම වශයෙන් දෛනික අවශ්‍යතා සපුරාලීමට වත් නොහැකි මට්ටමක සිටින වෙනිසියුලා ජනතාව වත්මන් අර්බුදය නිසා කබලෙන් ළිපට වැටෙනු ඇත්ද යන්න ගැන බියක් ඉස්මතු වී තිබේ. එමෙන්ම සිරියාවෙන් පටන් ගෙන මේ දක්වා අන් බොහෝ රටවල අර්බුද හටගත් විට එම දේශීය අර්බුදවල අභ්‍යන්තර පාර්ශ්වකරුවන් වටා කදවුරු බඳින ලෝක බලවතුන් නිසා වෙනිසියුලා දේශපාලනික ගැටලුව ද පුළුල් අන්තර්ජාතික බල අරගලයක් වන ලකුණු පෙන්නුම් කරයි. වඩාත්ම සංකීර්ණ මුහුණුවරක් ගන්නේ මේ ප්‍රතිවාදී ගෝලීය මැදිහත්වීමයි. වර්තමාන අර්බුදයට ප්‍රවිෂ්ට වීමට පෙර වෙනිසියුලාව නමැති රාජ්‍යයේ ස්වභාවය පිළිබදව සලකා බැලීමෙන් වඩාත් පැහැදිලි අවබෝධයක් අත් කරගත හැකි වේ. වෙනිසියුලාව යනු ලතින් අමෙරිකාව පමණක් නොව සමස්ත ලෝකයේම ඛනිජ තෙල් සම්පත බහුල රාජ්‍යය ලෙස පිළිගැනේ. එය ඇතැම් විට සවුදි අරාබි තෙල් නිධිවලටත් වඩා විශාල බවට පිළිගැනේ. එහෙත් එය සංවර්ධිත රටක් නොවන වෙනිසියුලාවට ශාපයක් වී ඇත්තේ අන්තර්ජාතික අතපෙවීම්වලට මූල සාධකය වන්නේ තෙල් සම්පත වීමයි. අකාර්යක්ෂම පාලනය එම අනතුරුදායක තත්වය තවදුරටත් වර්ධනය කරයි. අන් බොහෝ ලතින් අමෙරිකානු රටවල් මෙන්ම වෙනිසියුලාව ද සිය ඉතිහාසය පුරා අධිරාජ්‍යවාදී , ඒකාධිපති, අධිකාරිවාදී හා අන්තවාදී පාලනයන්ට නතු වී තිබුණකි. එම පාලනයන්ට නිරවි යුධ සමයේ ලෝක සුපිරි බලවතුන්ගේ ආශිර්වාද ලැබුණු බව නොරහසකි. විවිධ යුගවල කුමන්ත්‍රණ සිදු වී තිබේ. එහෙත් මෑත කාලීනව වෙනිසියුලා පමණක් නොව සමස්ත ලතින් අමෙරිකානු ගමන් මඟ වෙනස් කළ හැරවුම් ලක්ෂ්‍ය වුයේ හියුගෝ චාවේස් පාලන සමයයි. සොල්දාදුවකු වූ චාවේස් වෙනිසියුලාව සමාජවාදී පාලන රටාවක් කරා යොමු කළා පමණක් නොව ලතින් අමෙරිකානු වාමාංශික රැල්ල එසේත් නැත්තම් පින්ක් ටයිඩ් හෙවත් රෝස රැල්ල ඇති කිරීමට මූලික වූ නායකයෙකි. ඔහු අමෙරිකානු තෙල් සමාගම්වලට වාසිදායකව පැවති වෙනිසියුලා තෙල් සම්පත ජනසතු කර එහි ප්රතිලාභ සමාජ සුබසාධන වැඩසටහන් කරා යොමු කළේය. ඔහුගේ පාලනය පැවති 1999-2013 වසර 14ක කාලය තුළ ලතින් අමෙරිකාව තුළ වාමවාදි රාජ්‍ය සංධානයක් ගොඩනැඟීමට ඔහු උත්සුක විය. ඒ වන විට මැදපෙරදිග යුද්ධ සදහා යොමු වී සිටි අමෙරිකා එක්සත් ජනපදය තම එළිපත්තේ බිහිවූ වාම සංධානයය ගැන පියවරගැනීම පසුවට කල් තැබූ බවක් පෙනෙන්නට තිබිණි. එහෙත් බොහෝ සාධනීය ක්‍රියාමාර්ග අනුගමනය කළ චාවේස් තම අනුප්‍රාප්තිකයා තේරීෙම් දී පොට වරද්දා ගත් බව පෙනේ. චාවේස්ගේ අභාවයෙන් පසු බලයට පැමිණි නිකලස් මදුරෝ චාවේස් මෙන් දක්ෂයෙක් නොවේ. ඔහු උත්සුක වුයේ චාවේස්ගේ සෙවණැල්ල යට රඳා පැවතීමටයි. එමෙන්ම චාවේස් තරම් වාසනාවන්තයෙක්ද නොවේ. චාවේස් යුගයේ ඉහළ පැවති තෙල් මිල මදුරෝ යුගයේදී බරපතළ ලෙස පහත වැටිණි. ඉන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වූ අතර චාවේස්ගේ සමාජ සුබසාධක වැඩසටහන් එම හානිය තවත් වැඩි කළේය. ආර්ථිකය කළමනාකරණය සඳහා නිසි දැක්මක් මදුරෝ සතු නොවීය. ඔහු ශීඝ්‍රයෙන් අප්‍රසාදයට පත් වූ අතර, අත්‍යවශ්‍ය ආහාර හිඟය ජනතාව හැඳින්වූයේ මදුරෝ ඩයට් යනුවෙනි. සියල්ලටම වඩා එතෙක් ඉරාකයේ හා ඇෆ්ගනිස්තානයේ යුදවදිමින් සිටි අමෙරිකාව වාමාංශික රෝස රැල්ල නවතාලීම සදහා නැවතත් ලතින් අමෙරිකාවට අවතීර්ණ විය. එහි ප්‍රතිඵලය මදුරෝ තවත් පීඩනයට ලක් වීමයි. චාවේස් බලයෙන් පහ කිරීමට අසාර්ථක කුමන්ත්‍රණ දෙකක් කළ අමෙරිකාව මදුරෝ සම්බන්ධයෙන් අනුගමනය කළේ වෙනත් උපායකි. ඒ අමෙරිකාව සතු දරුණුතම අවිය වන ආර්ථික සම්බාධකයි. පස් අවුුරුදු සම්බාධක මඟින්, මදුරෝගේ ඇල්මැරුණු අකාර්යක්ෂම පිළිවෙත් නිසා රෝගී වී තිබු වෙනිසියුලා ආර්ථිකය සම්පූර්ණයෙන්ම පාහේ ඝාතනය කිරීමට අමෙරිකාව සමත් විය. මදුරෝට එරෙහි ජනතා විරෝධය උතුරා යද්දී විපක්ෂ අනුප්‍රාප්තිකයා පහළ විය. ඒ පාර්ලිමේන්තු කථානායක ජුවාන් ගුඅයිඩෝය. අමෙරිකාව ඔහු වෙනිසියුලා සැබෑ ජනාධිපතිවරයා ලෙස බෞතීස්ම කළේය. බටහිර බලවත්තු හා දක්ෂිණාංශික ලතින් අමෙරිකානු රටවල් ගුඅයිඩෝ වටා රොක්වී සිටිති. විකල්ප බලවතුන් වන රැසියාව, චීනය මෙක්සිකෝව හා තුර්කිය මෙන්ම ලතින් අමෙරිකාවේ වාම රාජ්‍ය අතළොස්ස මදුරෝ වටා රොක්වී සිටිති. රෙජිම් චේන්ජය සදහා සියල්ල දැන් සූදානම්ය. අවශ්‍ය ව ඇත්තේ "ජනතා විප්ලවීය" ලේ වැගිරීම් මාලාවක් හා වෙනිසියුලා හමුදාව තුළ බෙදීමක් පමණි. එය රඳා පවතින්නේ මදුරෝට ලැබෙන අන්තර්ජාතික සහයෝගිතාවයේ ප්‍රබලත්වය මතයි. එමෙන්ම අමෙරිකානු සහය ලබන ගුඅයිඩෝ බලයට පැමිණීම සියලු ප්‍රශ්න වලට විසඳුම නොවේ. ඒ මන්ද අන්තර්ජාතික මැදිහත් වීමක බලපෑම ඉතා ඉක්මනින් අවසන් නොවන බැවිනි. එමෙන්ම බලයට පත්වන්නාට "මැදිහත් වීමේ මිල" ගෙවීමටද සිදු වන බැවිනි. ඒනිසා වෙනිසියුලාව අද පවතින්නේ "මඟ සිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී" වැනි තත්ත්වයකයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom