වෙන රටවලට චාන්ස් නැ දැන්

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,949
    11,390
    113
    පොඩි බෙට්ට රටෙන් කිව්වුවාම අනිත් එවුන් අහයි. වෙන එවුන් ට උපදෙස් දෙන්න කලින් කොච්චර දෙවල් තියේනවාද හදා ගන්න. අර නිකම් සින්හලයො කරනම් ගගහ අපරාද කරන ගමන් තම්බින්ට හැදෙන්න කිව්වුවා වගෙ

    1740888306921.jpeg


    ශ්‍රී ලංකාව අභ්‍යවකාශයේ සාමයට අත වනමින් කෘත්‍රිම බුද්ධියෙන් හදන ආයුධවලට විරුද්ධ වෙයි

    කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් ස්වයංක්‍රීය අවි තහනම් නිර්මාණය කිරීමේ උත්සාහයන් පරාජය කිරීමට ශ්‍රී ලංකාව සහාය ලබාදෙන බව විදේශ අමාත්‍ය විජිත හේරත් එක්සත් ජාතීන්ගේ සමුළුවක් අමතමින් ප්‍රකාශ කළේය.

    “ආයුධ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය යෙදීම ඇතුළු තාක්‍ෂණයේ ශීඝ්‍ර දියුණුව හේතුවෙන් අද ගෝලීය නිරායුධකරණ ක්‍රියාවලිය පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටී,” නිරායුධකරණය පිළිබඳ සමුළුවේ ප්‍රධාන සැසියක් අමතමින් අමාත්‍ය විජිත හේරත් පැවසීය.

    “අන්තර්ජාතික මානුෂීය නීතියේ මූලධර්ම ආරක්ෂා කිරීම ලෝක සාමයේ සහ ස්ථාවරත්වයේ මුල්ගල බවට වන අපගේ ස්ථාවරයට අනුව, මාරාන්තික ස්වයංක්‍රීය ආයුධ පද්ධති තහනම් කිරීම සඳහා නීත්‍යානුකූලව බැඳී ඇති මෙවලමක් පිළිබඳ සාකච්ඡා ඉක්මණින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහාය දක්වයි. ඒ සඳහා ශ්‍රී ලංකාව 2023 දී අතිමහත් බහුතරයක් විසින් සම්මත කරන ලද නීති පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පළමු කමිටු යෝජනාවේ ප්‍රධාන අනුග්‍රාහකයකු බවටද ශ්‍රී ලංකාව පත්විය.” අමාත්‍යවරයා පැවසුවේය.

    එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ, අභ්‍යවකාශ තාක්‍ෂණයේ ශීඝ්‍ර දියුණුව නිසා වාණිජ සහ යුද ක්‍රියාකාරකම් අතර රේඛාව බොඳකිරීම හේතුවෙන් අභ්‍යවකාශයේ සාමයට එරෙහිව වර්ධනය වන තර්ජන පිළිබඳව ශ්‍රී ලංකාව ද කනස්සල්ල පළකරන බවයි.
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,416
    5,935
    113
    “ආයුධ පද්ධතිවල කෘත්‍රිම බුද්ධිය යෙදීම ඇතුළු තාක්‍ෂණයේ ශීඝ්‍ර දියුණුව හේතුවෙන් අද ගෝලීය නිරායුධකරණ ක්‍රියාවලිය පෙර නොවූ විරූ අභියෝගවලට මුහුණ දී සිටී,” නිරායුධකරණය පිළිබඳ සමුළුවේ ප්‍රධාන සැසියක් අමතමින් අමාත්‍ය විජිත හේරත් පැවසීය.

    “අන්තර්ජාතික මානුෂීය නීතියේ මූලධර්ම ආරක්ෂා කිරීම ලෝක සාමයේ සහ ස්ථාවරත්වයේ මුල්ගල බවට වන අපගේ ස්ථාවරයට අනුව, මාරාන්තික ස්වයංක්‍රීය ආයුධ පද්ධති තහනම් කිරීම සඳහා නීත්‍යානුකූලව බැඳී ඇති මෙවලමක් පිළිබඳ සාකච්ඡා ඉක්මණින් ආරම්භ කිරීමට ශ්‍රී ලංකාව දැඩි ලෙස සහාය දක්වයි.


    මේ ක මොන අභිප්ය‍රාකින් කිවුවද? කියල පැහැදිලි මදි.පක්ෂවෙන්න හෝ විරුද්ධවෙන්න ප්‍රධාන සාදකය පැහැදිලි වෙන්න ඕනා.