Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
වෛද්‍යවරුන්ගේ වැඩ වර්ජන...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Pulasthi Wanniarachchi - පුලස්ති වන්නිආරච්චි -

අද වෛද්‍යවරුන් වැඩ වර්ජනයකලු - ඉතින් අපි ඔවුන්ට ශාප කරමුද.

වෛද්‍යවරුන් ගැන අප්‍රසාදයෙන් යුතුව කතා කරන අය මුහුණු පොතේ දුටුවෙමි. මට වෛද්‍යවරුන් ගැන යමක් ලියන්නට සිතුනි. මගේ හොදම මිතුරන් කිහිපදෙනකු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබපු හෙයින් මටද නිතර ඔවුන්ගේ වෛද්‍ය පීඨවල ඔවුන් විදි දුක් ගැහැට දැකගන්නට ලැබුණි. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන බොහෝ දෙනා වෛද්‍යවරුන් වසර 5කට අධික කාලයක් අධ්‍යාපනයේදී විදින්නාවූ දුක් ගැහැට නොදනති. සමහර වෛද්‍ය ශිෂ්‍යයින් තම මහපොළ ශිෂ්‍යාධාරයෙන් සහ අන් අයගේ උපකාරයෙන් ඉතා අසීරුවෙන් තම අවුරුදු 5 අධ්‍යාපන කඩයිම පසුකල අය වෙති.

බොහෝ අවස්ථාවල බදුල්ල මහරෝහලේ සේවයේ නියතු මගේ මිත්‍ර වෛද්‍යවරුන් මුණ ගැසීමට ඔවුනගේ නිල නිවාස වලට යෑමට මට අවස්ථාව ඇත. කියන්නට කණගාටුය බදුල්ල මහ රෝහලේ වෛද්‍ය නිල නිවාස ඉතා අබලන් තත්වයේ ඇත. එහි නිසි නඩත්තුවක් නොමැත. මම මේ කතා කරන්නේ ඌව පළාතේ පළාත් මහ රෝහල ගැන මිසක් ග්‍රාමීය රෝහලක් ගැන නොවේ. සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහලම නිලතලය වන වෛද්‍යවරුන්ට ලබාදී ඇති යටිතල පහසුකම් ගැන මට දුකක් ඇති විය. එමෙන්ම ඔවුන් ඒ පිළිබඳව කිසිදු මැසිවිල්ලක් නොනගා තම සේවය දිවා රාත්‍රී රෝගීන් වෙත ලබාදෙයි.

මා මීට මාස දෙදකට පෙර දිනක් බදුල්ලේ සිට කි.මී.60ක් ඈතින් පිහිටි මැටිගහතැන්න දිසා රෝහල වෙත ගියෙමි. එහි වෛද්‍යවරයා වූ මගේ මිත්‍රයා සිටින නිල නිවාසය දුටු මට ඉතා කණගාටුවක් ඇති විය. එහි රෝගීන්ට දෙන ඇදක් ඔහු භාවිතා කරන්නට විය. නිල නිවාසය බාගෙට ගරාවැටී ඇති අතර එක් කොටසක් එම හේතුවෙන් වසා දමා ඇත. නානකාමරය පවා ඉතා අබලන් තත්වයේ තිබුණි. මම ඔහුගෙන් මෙසේ විමසුවෙමි ‘‘මචං ඇයි මෙහෙට ආවේ?“ ඔහුගේ පිලිතුර “ඉල්ලල ආව බං, මෙහෙත් මිනිස්සුනේ ඉන්නේ“. මට ඔහු ගැන සිතට ආඩම්බරයක් දැනුනි. කතාව ඇත්තය ඉතා අසාධ්‍ය රොගියෙක් එම මාර්ගයේ බදුල්ලට රැගෙන ආවොත් කිලෝ මීටර් කිහිපයකදී ඔහු මිය යනවා නියතය. තමන්ට තම පවුලේ සාමාජිකයන්ගේ දුෂ්කරතා විදගෙන සේවය කරන මෙවැනි වෛද්‍යවරුන් ඇගයිය යුතුමය.

ඔබ ඔවුන් විවේචනය කරන්නට ප්‍රථම මේ ගැනත් සිතන්න. ඔබට මට සිටින්නට නොහැකි ස්ථානයක රෝගීන් අතපත ගා ඔවුන් කෙතරම් අප්‍රසන්න වුවත් බේත් දී සුව කරති. අධිකරණ වෛද්‍ය ඒකක වල තිබනෙ දුෂ්කරතා මට අත්විදින්නට ලැබුණි. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂීත උපකරණද නොමැත. මදක් සිතන්න ඔබ කුණු වූ මල කදක් පරීක්ෂා කිරීමට තබා එහි අහලකටවත් යන්නට කැමතිද? ඒඩ්ස් වැනි මාරාන්තික රෝග, ක්ෂය රෝග වැනි රෝග වැලදුණු රෝගීන් විච්ඡේදනය කොට එහි මරණ පරීක්ෂණය කිරීමට ඔවුන්ට සිදුවේ. සතියකට කුණු වූ මළ සිරුරු කිහිපයක් පරීක්ෂා කිරීමට ඔවුනට අනිවාර්්‍යයෙන් සිදුවේ.

වරක් මා කොළඹ ජාතික රෝහලේ මගේ පියාණන් සමඟ සිටින විට ඔහුට මහත් සේ අසාධ්‍ය විය. එතුමාට ප්‍රතිකාර කල වෛද්‍යවරයා මා පුද්ගලිකව නොහදුනන්නෙමි. නමුත් ඔහු සමඟ මා මිත්‍ර විය. එහිදි වරක් මගේ පියාණන්ට හදිසි සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය විය. නමුත් රෝහලේ ශෛල්‍යාගාරයේ යන්ත්‍ර ක්‍රියා විරහිත වීම නිසා දින කිහිපයක් නිරාහාරව සිටින්නට සිදු වූ නමුත් ශෛල්‍යකර්මය සිදුකරගැනීමට මගේ පියාණනන්ට නොහැකි විය. අවසානයේ වෛද්‍යවරයා මට පවසන ලද්දේ ‘‘පුලස්ති මට මගේ ඩොක්ටර්ස්ලගේ පේමට් එක එපා, තාත්තව ප්‍රයිවට් හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා ඔපරේෂන් එක කරමු. ඊට පස්සේ එදාම අයෙත් මෙහෙට ගේමූ. ඔපරේෂන් තියෙටර් එකට ෆී එක ගෙවන්න ඔයාට පුළුවන් නම්“ එතුමාට මගේ පියාණන්ගේ ජීවිතය වැදගත් විය. කොතෙක් අපුහසුතා රෝහලේ තිබුණත් මුදල් ගැන නොතකා එතුමා මගේ පියාණන්ගේ ජීවිතය බේරීමට වෙර දැරීය. පියාණන්ගේ අභහවය දක්වා මාස 6ක් බදුල්ලේ සිටි පැමිණි අප දෙදෙනාට පෙර යහළු මිත්‍රකමක් නොමැතිව උදව් උපකාර කල විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු මට අද මෙන් මතකය.

දැන් මට කියන්නට ඇත්තේ ඔවුන්ගේ රථවාහන බලපත්‍රය ලබාදීම රජය විසින් නොකල යුතු දෙයක්ද? මගේ හැගීම නම් එක් වරක් හෝ අන්සතු කල නොහැකි බලපත්‍රයක් ලබාදිය යුතුය. එය ඔවුනට රජයෙන් ලබාදෙන දිරිගැන්වීමකි සේවය අගය කිරීමකි. එමෙන්ම ඔවුන්ගේ දුෂ්කරතා නොපිරිහෙලා ඉෂ්ඨ කරදිය යුතුව ඇත. එමගින් වඩාත් කාර්්යක්ෂම සෞඛ්‍ය සේවාවක් රටේ ජනතාවට ලබාදිය හැකිය යන්න මගේ විශ්වාසයයි. සුළුපිරිසක් වෛද්‍යවරු රට අතහැර යති. ඒ ඔවුනට ලංකාවේ වැටුපට වඩා කිහිපගුණයක වැඩි වැටුපක් ලබාගත හැකි හෙයිනි. මුදල් මතම ජීවත් වන කිහිපදෙනෙක් හැම ක්ෂේත්රයකම දකින්නට ලැබේ. දුෂ්ඨ මිනිසුන් නැත්තේ කොතනකද? ඔවුනට මනුස්සකම නැති බවද සැබෑය. රට ගැනද තැකීමක් නැති බවද සැබෑය. නමුදු සම්ස්ථයම එසේ ලඝුකොට දැක්වීම ශ්‍රී ලාංකික අප අතින් සිදු නොවිය යුත්තක් සේ මම දකිමි. එසේ නොකර වෛද්‍යවරු වරියන් විශාල සංඛ්‍යාවක් මේ රටේ සිටිති. මේ කියන මම වෛද්‍යවරයෙක් නොවේ. මා ඇසුරු කල බොහෝ වෛද්‍යවරුන් ඔවුන්ගේ රාජකාරිය නිසියාකාරව රෝගීන්ගේ හිතසුව පිණිසම කැපවූ ජීවකයන් වෙති. ඔවුන් ගැන මට ඇත්තටම ඇත්තේ අභිමානකි.

පරිපාලන සහ අනික් රජයේ සේවය ප්‍රශ්ණ ගැන මා ඉතා ගැඹුරින් අධ්‍යයන කර නොමැති හෙයින් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්ණය ගැන දැක ඇති සහ අත්විද ඇති නිසා ලියන්නට සිතුවෙමි. එමෙන්ම මම ගරු ඇමතිතුමන්ලාට යෝජනාවක් කරමි තමන්ගේ විශය පතයේ ක්ෂේත්‍ර චාරිකා කරන්නේ නම් එහි වෘත්තිකයන් සමඟ සාකච්ඡා කරන්නේ නම් ඉතා ශීග්‍ර සංවර්ධනයක් අමාත්‍යාංශ මට්ටමින් ලගා කරගත හැකි බවය.

[QUOTE="pathmake, post: 19375917, member: 43226"] Pulasthi Wanniarachchi - පුලස්ති වන්නිආරච්චි - අද වෛද්‍යවරුන් වැඩ වර්ජනයකලු - ඉතින් අපි ඔවුන්ට ශාප කරමුද. වෛද්‍යවරුන් ගැන අප්‍රසාදයෙන් යුතුව කතා කරන අය මුහුණු පොතේ දුටුවෙමි. මට වෛද්‍යවරුන් ගැන යමක් ලියන්නට සිතුනි. මගේ හොදම මිතුරන් කිහිපදෙනකු වෛද්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබපු හෙයින් මටද නිතර ඔවුන්ගේ වෛද්‍ය පීඨවල ඔවුන් විදි දුක් ගැහැට දැකගන්නට ලැබුණි. නිදහස් අධ්‍යාපනය ගැන කතා කරන බොහෝ දෙනා වෛද්‍යවරුන් වසර 5කට අධික කාලයක් අධ්‍යාපනයේදී විදින්නාවූ දුක් ගැහැට නොදනති. සමහර වෛද්‍ය ශිෂ්‍යයින් තම මහපොළ ශිෂ්‍යාධාරයෙන් සහ අන් අයගේ උපකාරයෙන් ඉතා අසීරුවෙන් තම අවුරුදු 5 අධ්‍යාපන කඩයිම පසුකල අය වෙති. බොහෝ අවස්ථාවල බදුල්ල මහරෝහලේ සේවයේ නියතු මගේ මිත්‍ර වෛද්‍යවරුන් මුණ ගැසීමට ඔවුනගේ නිල නිවාස වලට යෑමට මට අවස්ථාව ඇත. කියන්නට කණගාටුය බදුල්ල මහ රෝහලේ වෛද්‍ය නිල නිවාස ඉතා අබලන් තත්වයේ ඇත. එහි නිසි නඩත්තුවක් නොමැත. මම මේ කතා කරන්නේ ඌව පළාතේ පළාත් මහ රෝහල ගැන මිසක් ග්‍රාමීය රෝහලක් ගැන නොවේ. සෞඛ්‍ය ක්ෂේත්රයේ ඉහලම නිලතලය වන වෛද්‍යවරුන්ට ලබාදී ඇති යටිතල පහසුකම් ගැන මට දුකක් ඇති විය. එමෙන්ම ඔවුන් ඒ පිළිබඳව කිසිදු මැසිවිල්ලක් නොනගා තම සේවය දිවා රාත්‍රී රෝගීන් වෙත ලබාදෙයි. මා මීට මාස දෙදකට පෙර දිනක් බදුල්ලේ සිට කි.මී.60ක් ඈතින් පිහිටි මැටිගහතැන්න දිසා රෝහල වෙත ගියෙමි. එහි වෛද්‍යවරයා වූ මගේ මිත්‍රයා සිටින නිල නිවාසය දුටු මට ඉතා කණගාටුවක් ඇති විය. එහි රෝගීන්ට දෙන ඇදක් ඔහු භාවිතා කරන්නට විය. නිල නිවාසය බාගෙට ගරාවැටී ඇති අතර එක් කොටසක් එම හේතුවෙන් වසා දමා ඇත. නානකාමරය පවා ඉතා අබලන් තත්වයේ තිබුණි. මම ඔහුගෙන් මෙසේ විමසුවෙමි ‘‘මචං ඇයි මෙහෙට ආවේ?“ ඔහුගේ පිලිතුර “ඉල්ලල ආව බං, මෙහෙත් මිනිස්සුනේ ඉන්නේ“. මට ඔහු ගැන සිතට ආඩම්බරයක් දැනුනි. කතාව ඇත්තය ඉතා අසාධ්‍ය රොගියෙක් එම මාර්ගයේ බදුල්ලට රැගෙන ආවොත් කිලෝ මීටර් කිහිපයකදී ඔහු මිය යනවා නියතය. තමන්ට තම පවුලේ සාමාජිකයන්ගේ දුෂ්කරතා විදගෙන සේවය කරන මෙවැනි වෛද්‍යවරුන් ඇගයිය යුතුමය. ඔබ ඔවුන් විවේචනය කරන්නට ප්‍රථම මේ ගැනත් සිතන්න. ඔබට මට සිටින්නට නොහැකි ස්ථානයක රෝගීන් අතපත ගා ඔවුන් කෙතරම් අප්‍රසන්න වුවත් බේත් දී සුව කරති. අධිකරණ වෛද්‍ය ඒකක වල තිබනෙ දුෂ්කරතා මට අත්විදින්නට ලැබුණි. ඔවුන් සෞඛ්‍ය ආරක්ෂීත උපකරණද නොමැත. මදක් සිතන්න ඔබ කුණු වූ මල කදක් පරීක්ෂා කිරීමට තබා එහි අහලකටවත් යන්නට කැමතිද? ඒඩ්ස් වැනි මාරාන්තික රෝග, ක්ෂය රෝග වැනි රෝග වැලදුණු රෝගීන් විච්ඡේදනය කොට එහි මරණ පරීක්ෂණය කිරීමට ඔවුන්ට සිදුවේ. සතියකට කුණු වූ මළ සිරුරු කිහිපයක් පරීක්ෂා කිරීමට ඔවුනට අනිවාර්්‍යයෙන් සිදුවේ. වරක් මා කොළඹ ජාතික රෝහලේ මගේ පියාණන් සමඟ සිටින විට ඔහුට මහත් සේ අසාධ්‍ය විය. එතුමාට ප්‍රතිකාර කල වෛද්‍යවරයා මා පුද්ගලිකව නොහදුනන්නෙමි. නමුත් ඔහු සමඟ මා මිත්‍ර විය. එහිදි වරක් මගේ පියාණන්ට හදිසි සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය විය. නමුත් රෝහලේ ශෛල්‍යාගාරයේ යන්ත්‍ර ක්‍රියා විරහිත වීම නිසා දින කිහිපයක් නිරාහාරව සිටින්නට සිදු වූ නමුත් ශෛල්‍යකර්මය සිදුකරගැනීමට මගේ පියාණනන්ට නොහැකි විය. අවසානයේ වෛද්‍යවරයා මට පවසන ලද්දේ ‘‘පුලස්ති මට මගේ ඩොක්ටර්ස්ලගේ පේමට් එක එපා, තාත්තව ප්‍රයිවට් හොස්පිටල් එකට ඇඩ්මිට් කරලා ඔපරේෂන් එක කරමු. ඊට පස්සේ එදාම අයෙත් මෙහෙට ගේමූ. ඔපරේෂන් තියෙටර් එකට ෆී එක ගෙවන්න ඔයාට පුළුවන් නම්“ එතුමාට මගේ පියාණන්ගේ ජීවිතය වැදගත් විය. කොතෙක් අපුහසුතා රෝහලේ තිබුණත් මුදල් ගැන නොතකා එතුමා මගේ පියාණන්ගේ ජීවිතය බේරීමට වෙර දැරීය. පියාණන්ගේ අභහවය දක්වා මාස 6ක් බදුල්ලේ සිටි පැමිණි අප දෙදෙනාට පෙර යහළු මිත්‍රකමක් නොමැතිව උදව් උපකාර කල විශේෂඥ වෛද්‍යවරු වෛද්‍යවරු මට අද මෙන් මතකය. දැන් මට කියන්නට ඇත්තේ ඔවුන්ගේ රථවාහන බලපත්‍රය ලබාදීම රජය විසින් නොකල යුතු දෙයක්ද? මගේ හැගීම නම් එක් වරක් හෝ අන්සතු කල නොහැකි බලපත්‍රයක් ලබාදිය යුතුය. එය ඔවුනට රජයෙන් ලබාදෙන දිරිගැන්වීමකි සේවය අගය කිරීමකි. එමෙන්ම ඔවුන්ගේ දුෂ්කරතා නොපිරිහෙලා ඉෂ්ඨ කරදිය යුතුව ඇත. එමගින් වඩාත් කාර්්යක්ෂම සෞඛ්‍ය සේවාවක් රටේ ජනතාවට ලබාදිය හැකිය යන්න මගේ විශ්වාසයයි. සුළුපිරිසක් වෛද්‍යවරු රට අතහැර යති. ඒ ඔවුනට ලංකාවේ වැටුපට වඩා කිහිපගුණයක වැඩි වැටුපක් ලබාගත හැකි හෙයිනි. මුදල් මතම ජීවත් වන කිහිපදෙනෙක් හැම ක්ෂේත්රයකම දකින්නට ලැබේ. දුෂ්ඨ මිනිසුන් නැත්තේ කොතනකද? ඔවුනට මනුස්සකම නැති බවද සැබෑය. රට ගැනද තැකීමක් නැති බවද සැබෑය. නමුදු සම්ස්ථයම එසේ ලඝුකොට දැක්වීම ශ්‍රී ලාංකික අප අතින් සිදු නොවිය යුත්තක් සේ මම දකිමි. එසේ නොකර වෛද්‍යවරු වරියන් විශාල සංඛ්‍යාවක් මේ රටේ සිටිති. මේ කියන මම වෛද්‍යවරයෙක් නොවේ. මා ඇසුරු කල බොහෝ වෛද්‍යවරුන් ඔවුන්ගේ රාජකාරිය නිසියාකාරව රෝගීන්ගේ හිතසුව පිණිසම කැපවූ ජීවකයන් වෙති. ඔවුන් ගැන මට ඇත්තටම ඇත්තේ අභිමානකි. පරිපාලන සහ අනික් රජයේ සේවය ප්‍රශ්ණ ගැන මා ඉතා ගැඹුරින් අධ්‍යයන කර නොමැති හෙයින් වෛද්‍යවරුන්ගේ ප්‍රශ්ණය ගැන දැක ඇති සහ අත්විද ඇති නිසා ලියන්නට සිතුවෙමි. එමෙන්ම මම ගරු ඇමතිතුමන්ලාට යෝජනාවක් කරමි තමන්ගේ විශය පතයේ ක්ෂේත්‍ර චාරිකා කරන්නේ නම් එහි වෘත්තිකයන් සමඟ සාකච්ඡා කරන්නේ නම් ඉතා ශීග්‍ර සංවර්ධනයක් අමාත්‍යාංශ මට්ටමින් ලගා කරගත හැකි බවය. [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom