Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
වෛශාලී
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වෛශාලී

බුදුරජාණන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී පාඨලීපුත්ර නුවර ගැන විස්තර කර තිබේ. එවකට අජාසත් රජුගේ සෙනෙවියන් දෙදෙනකු පාඨලීපුත්ර නුවර නිර්මාණය සඳහා යොදවා තිබිණි. ඒ සුනීධ සහ වස්සාකාරයි. පාඨලීපුත්‍රය, පසුව අජාසත් රජු විසින් මගධ රාජ්‍යයේ මුල් තැන බවට පත්කරන ලදි. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී ම බුදුරජාණන්වහන්සේ විසින් වජ්ජින් ගැන සඳහන් කරයි. වජ්ජීන් රාජ්‍ය කළේ විශාලා නුවර ය. අජාසත් රජු විසින් විශාලාව ද මගධ රාජ්‍යයට ඈඳා ගන්නා ලදි.

බුද්ධ කාලයේ දී විශාලා නුවර මෙන්ම පැළලුප් නුවර ද බොහෝ භික්ෂූන් වහන්සේලා වාසය කළ බව පෙනී යයි. අට්ඨකනාගර සූත්‍රයේදී මෙසේ දැක් වේ.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා වෙනුවෙන් විශාලාවේ ද චෛත්‍යයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳව මහා පරිනිර්වාණ සූත්‍රයේ දැක් වේ.

විනය පිටකයේ බොහෝ අවස්ථාවලදී විශාලාවේ පිහිටි ‘කූටාගාර‘ ශාලාව ගැන කියැ වේ. මේ අනුව කූටාගාර ශාලාව ද විශාලාවේ පිහිටා තිබී ඇත.

වජ්ජීන් පරාජය කිරීම සඳහා බුදරජාණන්වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට අජාසත් රජු උත්සුක වූ බව කියයි (වස්සාකාර සූත්‍රය). ඊට හේතුව වූයේ ඔවුන්ව පරාජය කිරීම ඉතා අපහසු කාර්යයක් වීම නිසාවෙනි. බුද්ධ කාලය වන විටත් වෛශාලිය මුල් කරගත් ප්රජාතාන්ත්රවාදී සමූහාණ්ඩුවක් පිහිටා තිබී ඇති අතර එවැනි පැරණිම ආණ්ඩුක්රමය එය ලෙසින් සැලකීමේ වරදක් ද නැත.

වර්තමාන බිහාරයේ වෛශාලිය පිහිටා තිබේ. ඉන්දියාවේ දක්නට ලැබෙන වඩාත් හොඳින් ම ආරක්ෂා වී ඇති අශෝක ස්ථම්භය දක්නට ඇත්තේ මෙහි ය. ඒ අසල ආනන්ද ස්ථූපය ද තිබේ. අභිෂේක පොකුණ ද දක්නට ලැබේ. එපමණක් නොව ධාතූන්වහන්සේලා නිධන් කළ ස්ථූපයේ පාදම ද දක්නට ලැබේ. අද එය වහලකින් ආවරණය කර ඇත්තේ ආරක්ෂාව සඳහා ය.

සමහරු සොළොස් මහජනපද ඔස්සේ යමින් විශාලා නුවර ඇත්තේ ලංකාවේ බව කියති. තමුන් කැමැති මතයක් දැරීමට තමුන්ට අයිතිය ඇති නිසා ඒ පිළිබඳව අපි වැඩිදුර කථා කිරීමේ අවශ්‍යතාවක් නැත.

කෙසේවෙතත් ලංකාවේ විශාලාව පෙන්වද්දී බුදුරජාණන්වහන්සේගේ සමකාලීනයකු වූ මහාවීර ශාස්තෘවරයා ගැනත් කථා කිරීමට සිදු වේ. මන්දයත් විශාලාව මහාවීරට ද නැත්නම් ජෛන දහමට සම්බන්ධ වන නිසාවෙනි. මහාවීරගේ උපත විශාලාවේ සිදුව තිබේ (https://timesofindia.indiatimes.com/travel/destinations/more-about-vaishali-the-worlds-first-republic/as67686085.cms).

විශාලා යන නම විශාලි රජු ගේ නමින් හැදී ඇති බවට විශ්වාස කරයි. බුදුදහම නැත්නම් ජෛන දහම පැතිරීයාමට පෙර සිට විශාලාව සමූහාණ්ඩුවක් ලෙසින් ක්‍රියාත්මක වී තිබේ. ග්‍රීසියේ සමූහාණ්ඩුව ඇරඹෙන්නේ මින් පසුව ය. ඒ විශාලාව මිථිලාවට සම්බන්ධ වේ.

මිථිලා නම විදේහ රාජ්‍යයත් සමඟ බැඳී පවතී. ඒ අනුව විශාලාවේ ඉතිහාසය වෛදික යුගයට දිවයයි. මයිකල් විට්සෙල්ගේ Tracing the Vedic dialects in Dialectes dans les litteratures Indo-Aryennes කෘතියට අනුව ඉන්දු ආර්යන් විසින් මිථිලාව ප්‍රසිද්ධ කර ඇත්තේ විදේහ රාජ්‍යය ඇති කිරීමටත් සමඟ ය. ක්‍රි.පූ.1100 – 500 අතර කාලයේ දී කුරු, පංචාල ආදී රාජ්‍යයන් සමඟ විදේහ රාජ්‍යය අතීත ඉන්දියාවේ ප්‍රභල රාජ්‍යයක් බවට පත් වෙයි. විදේහයේ රජුන් හඳුන්වා ඇත්තේ ‘ජනක‘ යන නාමයෙනි. ආර් හේමචන්ද්‍රගේ Political History of Ancient India කෘතියට අනුව විදේහ රාජ්‍යය වජ්ජි සමූහාණ්ඩුවට එකතු වන්නේ විශාලා අගනගරය බවට පත් කරමිනි. ඒ අනුව අතීත මිථිලාව විශාලාව හා බැඳේ.

ඉතින් ලාංකිකයන්ට කෙතරම් ආඩම්බරයක් ද? මිථිලාවත් ලංකාවේ වූ විට.

මිථිලාවේ රජුන් ජනක ලෙසින් හැඳින් වූ බව ඉහතින් සඳහන් කළෙමි. විදේහ රාජ්‍යය සිය ගමනේ සංධිෂ්ඨානයක් ලබා ගන්නේ ජනක රජුගේ කාලයේ ය. එය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 800 පමණ ලෙසින් සැල කේ. බ්‍රාහ්මණ ග්රන්ථ සහ බ්‍රිහදරන්‍යක උපනිෂද් ග්රන්ථ මේ ජනක රජු, දාර්ශනික රජකු ලෙසින් නම් කරයි.

දැන් මදකට රාවණ රජුටත් යොමු වෙමු. රාවණ රජු ගැන කථා කරද්දී රාමචන්ද්‍ර ගැන කථා නොකර බැරිය. ලංකාවේ රාවණ රජු ගැන කථා කරන්නෝත් රාමචන්ද්‍ර ගැන කථා කරති. සීතා චරිතය ලංකාවේ රාවණ රජු ගැන කථා කරන්නොත් ප්‍රතික්ෂේප කරන චරිතයක් නොවේ. රාමායණයට අනුව සීතා, විදේහයේ ජනක රජුගේ දුව වේ. රාමායණයට අනුව ඇය රාමචන්ද්‍ර සමඟ විවාහ වීම නිසා විදේහ රාජ්‍යයත් කෝසල රාජ්‍යයත් අතර රාජතාන්ත්‍රික සබඳතා ඇති වේ.

විෂ්ණු පුරාණයට අනුව විශාලාව මුල් කරගත් රාජ නාම ලැයිස්තුවක් ඇත. එහිදී රජවරු 34 දෙනකු ගැන සඳහන් වේ. පෙර කී විශාලි රජු සිටි බව කියන්නේ මහාභාරත යුගයේ ය. ඔහුගේ කාලයේ දී මෙහි බලකොටුවක් තිබූ බව කියයි. විශාලි රජු ගැන කථාව https://www.wisdomlib.org/hinduism/book/the-garuda-purana/d/doc59317.html හරහා ඔබට කියවිය හැක. විශාලාව ලංකාවේ ඇති බවට වන මතය දරන්නන්ට මෙය ඉතා සතුටු විය හැකි අවස්ථාවකි. කෙසේවෙතත් විශාලාව ඉන්දියාවේ බවට වන මතය ද ඇති නිසා ඊට අදාළ ගූගල් සිතියම ද මේ ලිපියට අමුණා ඇත්තේ ය.

එසේම අද වන විට විශාලා රජුගේ මාළිගය ලෙසින් ඉන්දියාවේ සලකන ස්ථානයේ ඡායාරූප දෙකක් ද මේ සමඟ වේ.

හෙළ බුදුන් නැත්නම් බුදුරජාණන්වහන්සේ ලංකාවේ බවට වන මතය දරන්නෝ ද සිටිති. ඔවුන් සමඟ මගේ ගැටීමක් නැත. එය ඔවුන් විසින් සනාථ කර ඇත. බෞද්ධ සාහිත්‍ය තුළ ලිච්ඡවි රජුන් 7707 ගැන සඳහන් වේ. ලංකාවේ එවැනි රාජ පරම්පරාවක් සිටි බවට පිළිගත හැකි සාක්ෂි නැතත් හෙළ බුදු මතය දරන්නන්ට අනුව සිතිය හැක්කේ ලංකාවේ ප්‍රාදේශික රජ පරම්පරාවක් ලෙසිනි. ඉන්දියාව තුළදී ත් මේ සම්බන්ධයෙන් ප්‍රභල සාක්ෂි නැති අතර ඇත්තේ පෙර කී සාහිත්‍යමය සටහන් පමණි. නමුත් ඉහත තැනකදී සඳහන් කළ රජ ලැයිස්තුවක් ද ඇත. එවැන්නක් ලංකාවේ සොයා ගැනීමට මෙතෙක් නොහැකි විණි.

පෙර දී මහාවීර ගැන සඳහන් කළෙමි. මහාවීර ගැන කියද්දී ඔහුගේ පියා ලෙසින් හැඳින්වෙන්නේ සිද්ධාර්ත රජු ය. මව, ත්‍රිෂාලා වේ. මේ ත්‍රිෂාලා, විශාලාවේ රජු වූ චේතකගේ සහෝදරිය ලෙසින් දක්වා තිබේ. මොහුට වර්ධමාන නම් නම ලැබී ඇත්තේ මව්කුසයේ සිටින කාලයේ දී රාජ්‍යය සමෘද්ධිමත් වීම නිසාවෙන් බව කියයි. කෙසේවෙතත් ඔහුට අවුරුදු 30 දී ඔහුගේ දෙමාපියන් අහිමි වී ඇති අතර ඒ වන විට මහාවීර නමින් හඳුන්වා ද තිබේ. අවුරුදු 30 දී මහාවීර, රජ සැප අතහැර යයි. වර්ධමාන කුමාරයාගේ මුද්‍රාව මෙහි දැක් වේ.

බෞද්ධ සාහිත්‍යයේදී හමුවන තවත් ප්‍රසිද්ධ චරිතයක් වන්නේ අම්බපාලී යි. ඇය ද විශාලාවට සම්බන්ධ ය.

ආපසු බුදුරජාණන්වහන්සේගේ කාලයට යොමුවුවහොත් පෙර දී ද දැක්වූ පරිදි අජාසත් රජු විසින් විශාලාවත් තමුන්ගේ මගධ රාජ්‍යයට ඈඳා ගනී. ඉන් පසු විශාලාව ගැන එතරම් කථා වන්නේ නැත. ඔහු විසින් පාටලීපුත්රයට මුල් තැන දෙයි. නමුත් නැවතත් විශාලාව ගැන බෞද්ධ සාහිත්‍යයේදී කාලාශෝක කාලයේදී කථා වෙයි. ඒ එය දෙවැනි ධර්ම සංගායනාව පැවැත්වූ ස්ථානය නිසාවෙනි.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය තුළ විශාලාව ඇති බව කියයි. එහි අද දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ පෙන්වන ඡායාරූප කීපයක් මේ සමඟ අමුණා තිබේ.

පසු ලිපියකදී ඉන්දියාවේ විශාලාවට අදාළ තවත් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි.

ඡායාරූප සඳහා ඇවිලෙන ගින්නට පිදුරු [8] ලිපියට යොමුවන්න.

[QUOTE="hpalpola, post: 26939289, member: 321413"] [CENTER][U][B]වෛශාලී[/B][/U][/CENTER] [SIZE=4]බුදුරජාණන්වහන්සේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී පාඨලීපුත්ර නුවර ගැන විස්තර කර තිබේ. එවකට අජාසත් රජුගේ සෙනෙවියන් දෙදෙනකු පාඨලීපුත්ර නුවර නිර්මාණය සඳහා යොදවා තිබිණි. ඒ සුනීධ සහ වස්සාකාරයි. පාඨලීපුත්‍රය, පසුව අජාසත් රජු විසින් මගධ රාජ්‍යයේ මුල් තැන බවට පත්කරන ලදි. මේ මහා පරිනිර්වාණ සූත්‍රයේදී ම බුදුරජාණන්වහන්සේ විසින් වජ්ජින් ගැන සඳහන් කරයි. වජ්ජීන් රාජ්‍ය කළේ විශාලා නුවර ය. අජාසත් රජු විසින් විශාලාව ද මගධ රාජ්‍යයට ඈඳා ගන්නා ලදි. බුද්ධ කාලයේ දී විශාලා නුවර මෙන්ම පැළලුප් නුවර ද බොහෝ භික්ෂූන් වහන්සේලා වාසය කළ බව පෙනී යයි. [B][URL='http://www.thripitakaya.org/tipitakaya/Index/59?s=151']අට්ඨකනාගර[/URL] [/B]සූත්‍රයේදී මෙසේ දැක් වේ. [/SIZE] [SIZE=4]බුද්ධ පරිනිර්වාණයෙන් පසුව ධාතූන්වහන්සේලා වෙනුවෙන් විශාලාවේ ද චෛත්‍යයක් නිර්මාණය වී තිබේ. ඒ පිළිබඳව [B]මහා පරිනිර්වාණ [/B]සූත්‍රයේ දැක් වේ. විනය පිටකයේ බොහෝ අවස්ථාවලදී විශාලාවේ පිහිටි ‘කූටාගාර‘ ශාලාව ගැන කියැ වේ. මේ අනුව කූටාගාර ශාලාව ද විශාලාවේ පිහිටා තිබී ඇත. වජ්ජීන් පරාජය කිරීම සඳහා බුදරජාණන්වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට අජාසත් රජු උත්සුක වූ බව කියයි ([I]වස්සාකාර සූත්‍රය[/I]). ඊට හේතුව වූයේ ඔවුන්ව පරාජය කිරීම ඉතා අපහසු කාර්යයක් වීම නිසාවෙනි. බුද්ධ කාලය වන විටත් වෛශාලිය මුල් කරගත් ප්රජාතාන්ත්රවාදී සමූහාණ්ඩුවක් පිහිටා තිබී ඇති අතර එවැනි පැරණිම ආණ්ඩුක්රමය එය ලෙසින් සැලකීමේ වරදක් ද නැත. [/SIZE] [SIZE=4]වර්තමාන බිහාරයේ වෛශාලිය පිහිටා තිබේ. ඉන්දියාවේ දක්නට ලැබෙන වඩාත් හොඳින් ම ආරක්ෂා වී ඇති අශෝක ස්ථම්භය දක්නට ඇත්තේ මෙහි ය. ඒ අසල ආනන්ද ස්ථූපය ද තිබේ. අභිෂේක පොකුණ ද දක්නට ලැබේ. එපමණක් නොව ධාතූන්වහන්සේලා නිධන් කළ ස්ථූපයේ පාදම ද දක්නට ලැබේ. අද එය වහලකින් ආවරණය කර ඇත්තේ ආරක්ෂාව සඳහා ය. සමහරු සොළොස් මහජනපද ඔස්සේ යමින් විශාලා නුවර ඇත්තේ ලංකාවේ බව කියති. තමුන් කැමැති මතයක් දැරීමට තමුන්ට අයිතිය ඇති නිසා ඒ පිළිබඳව අපි වැඩිදුර කථා කිරීමේ අවශ්‍යතාවක් නැත. කෙසේවෙතත් ලංකාවේ විශාලාව පෙන්වද්දී බුදුරජාණන්වහන්සේගේ සමකාලීනයකු වූ මහාවීර ශාස්තෘවරයා ගැනත් කථා කිරීමට සිදු වේ. මන්දයත් විශාලාව මහාවීරට ද නැත්නම් ජෛන දහමට සම්බන්ධ වන නිසාවෙනි. මහාවීරගේ උපත විශාලාවේ සිදුව තිබේ ([URL]https://timesofindia.indiatimes.com/travel/destinations/more-about-vaishali-the-worlds-first-republic/as67686085.cms[/URL]). විශාලා යන නම විශාලි රජු ගේ නමින් හැදී ඇති බවට විශ්වාස කරයි. බුදුදහම නැත්නම් ජෛන දහම පැතිරීයාමට පෙර සිට විශාලාව සමූහාණ්ඩුවක් ලෙසින් ක්‍රියාත්මක වී තිබේ. ග්‍රීසියේ සමූහාණ්ඩුව ඇරඹෙන්නේ මින් පසුව ය. ඒ විශාලාව මිථිලාවට සම්බන්ධ වේ. මිථිලා නම විදේහ රාජ්‍යයත් සමඟ බැඳී පවතී. ඒ අනුව විශාලාවේ ඉතිහාසය වෛදික යුගයට දිවයයි. මයිකල් විට්සෙල්ගේ [I]Tracing the Vedic dialects in Dialectes dans les litteratures Indo-Aryennes කෘතියට [/I]අනුව ඉන්දු ආර්යන් විසින් මිථිලාව ප්‍රසිද්ධ කර ඇත්තේ විදේහ රාජ්‍යය ඇති කිරීමටත් සමඟ ය. ක්‍රි.පූ.1100 – 500 අතර කාලයේ දී කුරු, පංචාල ආදී රාජ්‍යයන් සමඟ විදේහ රාජ්‍යය අතීත ඉන්දියාවේ ප්‍රභල රාජ්‍යයක් බවට පත් වෙයි. විදේහයේ රජුන් හඳුන්වා ඇත්තේ ‘ජනක‘ යන නාමයෙනි. ආර් හේමචන්ද්‍රගේ [I]Political History of Ancient India කෘතියට [/I]අනුව විදේහ රාජ්‍යය වජ්ජි සමූහාණ්ඩුවට එකතු වන්නේ විශාලා අගනගරය බවට පත් කරමිනි. ඒ අනුව අතීත මිථිලාව විශාලාව හා බැඳේ. ඉතින් ලාංකිකයන්ට කෙතරම් ආඩම්බරයක් ද? මිථිලාවත් ලංකාවේ වූ විට. මිථිලාවේ රජුන් ජනක ලෙසින් හැඳින් වූ බව ඉහතින් සඳහන් කළෙමි. විදේහ රාජ්‍යය සිය ගමනේ සංධිෂ්ඨානයක් ලබා ගන්නේ ජනක රජුගේ කාලයේ ය. එය සාමාන්‍යයෙන් ක්‍රි.පූ. 800 පමණ ලෙසින් සැල කේ. බ්‍රාහ්මණ ග්රන්ථ සහ බ්‍රිහදරන්‍යක උපනිෂද් ග්රන්ථ මේ ජනක රජු, දාර්ශනික රජකු ලෙසින් නම් කරයි. දැන් මදකට රාවණ රජුටත් යොමු වෙමු. රාවණ රජු ගැන කථා කරද්දී රාමචන්ද්‍ර ගැන කථා නොකර බැරිය. ලංකාවේ රාවණ රජු ගැන කථා කරන්නෝත් රාමචන්ද්‍ර ගැන කථා කරති. සීතා චරිතය ලංකාවේ රාවණ රජු ගැන කථා කරන්නොත් ප්‍රතික්ෂේප කරන චරිතයක් නොවේ. රාමායණයට අනුව සීතා, විදේහයේ ජනක රජුගේ දුව වේ. රාමායණයට අනුව ඇය රාමචන්ද්‍ර සමඟ විවාහ වීම නිසා විදේහ රාජ්‍යයත් කෝසල රාජ්‍යයත් අතර රාජතාන්ත්‍රික සබඳතා ඇති වේ. විෂ්ණු පුරාණයට අනුව විශාලාව මුල් කරගත් රාජ නාම ලැයිස්තුවක් ඇත. එහිදී රජවරු 34 දෙනකු ගැන සඳහන් වේ. පෙර කී විශාලි රජු සිටි බව කියන්නේ මහාභාරත යුගයේ ය. ඔහුගේ කාලයේ දී මෙහි බලකොටුවක් තිබූ බව කියයි. විශාලි රජු ගැන කථාව [URL]https://www.wisdomlib.org/hinduism/book/the-garuda-purana/d/doc59317.html[/URL] හරහා ඔබට කියවිය හැක. විශාලාව ලංකාවේ ඇති බවට වන මතය දරන්නන්ට මෙය ඉතා සතුටු විය හැකි අවස්ථාවකි. කෙසේවෙතත් විශාලාව ඉන්දියාවේ බවට වන මතය ද ඇති නිසා ඊට අදාළ ගූගල් සිතියම ද මේ ලිපියට අමුණා ඇත්තේ ය. එසේම අද වන විට විශාලා රජුගේ මාළිගය ලෙසින් ඉන්දියාවේ සලකන ස්ථානයේ ඡායාරූප දෙකක් ද මේ සමඟ වේ. හෙළ බුදුන් නැත්නම් බුදුරජාණන්වහන්සේ ලංකාවේ බවට වන මතය දරන්නෝ ද සිටිති. ඔවුන් සමඟ මගේ ගැටීමක් නැත. එය ඔවුන් විසින් සනාථ කර ඇත. බෞද්ධ සාහිත්‍ය තුළ ලිච්ඡවි රජුන් 7707 ගැන සඳහන් වේ. ලංකාවේ එවැනි රාජ පරම්පරාවක් සිටි බවට පිළිගත හැකි සාක්ෂි නැතත් හෙළ බුදු මතය දරන්නන්ට අනුව සිතිය හැක්කේ ලංකාවේ ප්‍රාදේශික රජ පරම්පරාවක් ලෙසිනි. ඉන්දියාව තුළදී ත් මේ සම්බන්ධයෙන් ප්‍රභල සාක්ෂි නැති අතර ඇත්තේ පෙර කී සාහිත්‍යමය සටහන් පමණි. නමුත් ඉහත තැනකදී සඳහන් කළ රජ ලැයිස්තුවක් ද ඇත. එවැන්නක් ලංකාවේ සොයා ගැනීමට මෙතෙක් නොහැකි විණි. පෙර දී මහාවීර ගැන සඳහන් කළෙමි. මහාවීර ගැන කියද්දී ඔහුගේ පියා ලෙසින් හැඳින්වෙන්නේ සිද්ධාර්ත රජු ය. මව, ත්‍රිෂාලා වේ. මේ ත්‍රිෂාලා, විශාලාවේ රජු වූ චේතකගේ සහෝදරිය ලෙසින් දක්වා තිබේ. මොහුට වර්ධමාන නම් නම ලැබී ඇත්තේ මව්කුසයේ සිටින කාලයේ දී රාජ්‍යය සමෘද්ධිමත් වීම නිසාවෙන් බව කියයි. කෙසේවෙතත් ඔහුට අවුරුදු 30 දී ඔහුගේ දෙමාපියන් අහිමි වී ඇති අතර ඒ වන විට මහාවීර නමින් හඳුන්වා ද තිබේ. අවුරුදු 30 දී මහාවීර, රජ සැප අතහැර යයි. වර්ධමාන කුමාරයාගේ මුද්‍රාව මෙහි දැක් වේ. බෞද්ධ සාහිත්‍යයේදී හමුවන තවත් ප්‍රසිද්ධ චරිතයක් වන්නේ අම්බපාලී යි. ඇය ද විශාලාවට සම්බන්ධ ය. [/SIZE] [SIZE=4]ආපසු බුදුරජාණන්වහන්සේගේ කාලයට යොමුවුවහොත් පෙර දී ද දැක්වූ පරිදි අජාසත් රජු විසින් විශාලාවත් තමුන්ගේ මගධ රාජ්‍යයට ඈඳා ගනී. ඉන් පසු විශාලාව ගැන එතරම් කථා වන්නේ නැත. ඔහු විසින් පාටලීපුත්රයට මුල් තැන දෙයි. නමුත් නැවතත් විශාලාව ගැන බෞද්ධ සාහිත්‍යයේදී කාලාශෝක කාලයේදී කථා වෙයි. ඒ එය දෙවැනි ධර්ම සංගායනාව පැවැත්වූ ස්ථානය නිසාවෙනි. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය තුළ විශාලාව ඇති බව කියයි. එහි අද දක්නට ලැබෙන පුරාවිද්‍යාත්මක නෂ්ටාවශේෂ පෙන්වන ඡායාරූප කීපයක් මේ සමඟ අමුණා තිබේ. පසු ලිපියකදී ඉන්දියාවේ විශාලාවට අදාළ තවත් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. ඡායාරූප සඳහා [URL='https://obasamata.blogspot.com/2021/09/8.html?m=1']ඇවිලෙන ගින්නට පිදුරු [8] [/URL]ලිපියට යොමුවන්න.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom