Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ ප
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ &#3508

ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ පාර්සිවරු

ආයුබෝවන් එළකිරි සාමාජිකයන් ඔක්කොටම. ආගමික ඉතිහාසයක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සංක්ෂිප්තව ගොනු කරපු නූලක් තමා අද මම ඔබට ගෙන එන්නේ.

ශරතුස්ත්‍රාගම ( Zoroastrianism ) ගැන ඔබ කොයියම් තැනකදී හෝ අසා ඇතිද ? එසේ නම් පුරාන පර්සියාව ?

අපි බොහෝ දෙනෙක්ට ශරතුස්ත්‍රාගම යන්න ආගන්තුක වචනයක් වූවාට, පර්සියාව ගැන අපි බොහෝ දෙනෙක් අසා ඇති.

නාට්‍යය,චිත්‍රපට, ඉතිහාස කතා ආදී බොහෝ තැන් වලින් අපි පර්සියාව ගැන අසා ඇත.

පුරාන පර්සියාව යනු වර්තමානයේ ඉරානය හෙවත් ඈත අතීතයේ මෙසපොතේමියානු ශිෂ්ඨාචාර ගොඩනැගී භූමියයි.

ක්‍රි:පූ 3000 තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය බිඳ වැටුනේ පර්සියානු අධිරාජ්‍යයේ නැගී සිටීමත් සමගය.

පර්සියානු ඉතිහාසයේ එන ''සයිරස්'' නම් අධිරාජ්‍යයා විසින් යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න දෙක මැදිව ගොඩනැගුනු මේ සාරවත් භුමිය අත් පත් කරගනු ලැබුවේ ක්‍රි:පූ 5 වන සියවසේදීය.

ඉතිහාසයේ භූගෝලීය වශයෙන් මානව සංක්‍රමණය

පෘථිවියේ ඉතිහාසයේ පටන් අනවරත ජීවන ගමනක නිරත මිනිස් වර්ගයා වර්තමාන දියුණු මානව ශිෂ්ඨාචාරයක් තෙක් විකාශනය වූ ගමන් මග සුළුවෙන් විස්තර කිරීම අතිශයින් අපහසුය.

කෙසේ වෙතත් දල වශයෙන් මානවයා ගොවිතැන හා සත්ව පාලනය දියුණු වූ දා පටන් පෘථිවි තලයේ සාරවත් භුමි වල ශිෂ්ඨාචාර ගත වන්නටත්,

ඉන් නොනැවතී ප්‍රෞඩ සහ අද්විතීය අධිරාජයන් නිර්මාණය කරන්නටත් විය.

මුලිකවම පෘතුවියේ ජනවර්ග පැවත එන්නේ කොට්ටාශ 03 කි.

ආර්යය වර්ගයා ( මධ්‍යම, බටහිර, දකුණු ආසියානු සහ යුරෝපයේ )

නිග්‍රෝ වර්ගයා ( ප්‍රධාන වශයෙන් අප්‍රිකානු ජනවර්ගය)

මොන්ගොලයිඩ් වර්ගයා ( නැගෙනහිර ආසියානු සහ උප ලතින් ඇමෙරිකානු ගෝත්‍රික වර්ගයා)

පොළව අන්තර්මහද්වීපික වශයෙන් බෙදී වෙන්වීම සමගින් මානව වර්ගයා ඒ ඒ භූගෝලීය සාධක සහ දේශගුණික තත්වයන් මත මෙසේ ස්වරුපය වෙනස් වූ බව සැලකිය හැක.

ආර්යයන්

මනුෂ්‍ය වර්ගයා පොලවේ පැතිරීමත් සමග මධ්‍යම ආසියානු ( පුරාණ බැක්ට්‍රියාව ) භුමියේ සිටි ජනයා ක්‍රමයෙන් තම ජනගහනය වර්ධනය වීමත් සමග වඩාත් සාරවත් සහ විශාල භුමි සොයා දීර්ඝ සංචාර සිදු කළේය.

එහි ප්‍රතිපලයක් ලෙස එක් කොට්ටාශයක් මධ්‍යම යුරෝපා සහ සයිබිරියන් ප්‍රදේශ වලත්, තවත් කොට්ටාශයක් හින්දුකුෂ් කඳු වැටියෙන් එපිට සාරවත් ඉන්දියානු භූමියටත්,

තවත් කොටසක් හින්දුකුෂ් කඳුවැටියෙන් වඩාත් බටහිරට වන්නට ඉරාන භූමියටත් සංක්‍රමණය විය.මෙසේ සංක්‍රමණය වූ මිනිසුන් ආර්යන් නොහොත් ඉන්දු - ඉරානීය මිනිසුන් වෙති.

ලොව පුරා වඩාත් පිළිගත් මතය මෙය වුවත් ආර්ය යනු ජන කොට්ටාශයක් නොව එක භාෂාවක විකාශනයක් බව ලොව භාෂා විශාරදයන්ගේ මතයයි.

මෙය මෑත ඉතිහාසය පුරාම විවාදයට තුඩු දුන් මතයකි.

ඔවුන්ට අනුව මධ්‍යම ආසියාව මුල් කොටගත් එක භාෂාවක් කතා කල ජන කොට්ටාශයක් තුලින් පැතිරුණු අනන්‍ය භාෂාවකට උරුමකම් කියූ

ජන කොට්ටාශයක් බවයි.ඔවුන්ගේ බස ආර්ය බසයි.

භාෂා විශාරදයන්ට අනුව ග්‍රීක් - ලතින් - ජර්මන් - පර්සියා - සංස්කෘත යන භාෂා සියල්ලගේම මූලය ආර්ය භාෂාව විය.

ආර්ය භාෂාව කතා කල මිනිසුන් මේ එක් එක් භූමියන් හි පදිංචි වීමෙන් පසු කාලයත් සමග ඒවා වර්තමාන ස්වභාවයට අනුවර්තනය වූ බවයි.

කෙසේ වෙතත් කරුණු සැලකිල්ලට ගැනීමේදී ආර්යන් යනු එක් ජන මූලයකින් පැවත ඒ ඒ භුමි වලට සංක්‍රමණය වීමෙන් පසු විකාශනය වූ ජන කොට්ටාශයක් බව පිළිගත හැක.

ආර්යන් පිලිබඳ වඩාත් ගැඹුරින් කතා කිරීම මගේ බලාපොරොත්තුව නොවන අතර,

මේ නූල අවසානයේදී ආර්යන් පිලිබඳ වඩාත් සවිස්තරව ඇති වෙබ් අඩවි කිහිපයක් මෙහි පල කොට ඇත.

පර්සියාව සහ ආර්යන්

මෙසේ ආර්ය කොට්ටාශයන් හින්දුකුෂ් කඳුවැටියෙන් බටහිරට වෙන්නට පිහිටි කර්කශ භුමිය වෙත සංක්‍රමණය වූ වා යයි සැලකෙන්නේ ක්‍රි:පු 2000 - 1500 අතර කාල සීමාවේදීය.

ඉන්දියාවට හෝ යුරෝපයට ගිය ජනයා මෙන් නොව වඩාත් කර්කශ භූමියක කෙමෙන් කෙමෙන් ගොඩනැගුනු මේ ශිෂ්ඨාචාරය ක්‍රි:පු 550 පමණ වන විට එහි උච්ඡ් ස්ථානයකට පැමිණිනි.

ඒ යුගය හඳුන්වන්නේ පළමු පර්සියානු අධිරාජ්‍ය හෙවත් ''ආකෙමෙනිඩ් අධිරාජ්‍ය '' ලෙසයි.

ඉන්දු ගංගාවට බටහිරින් කාශ්මීරයේ සිට වර්තමාන ඉරාන භුමිය දක්වා පැතිරුණු සුවිශාල භුමි ප්‍රදේශයක් පුරා මේ ශිෂ්ඨාචාරය ව්‍යාප්ත විනි.

පළමු පර්සියානු අධිරාජ්‍ය හෙවත් ''ආකෙමෙනිඩ් අධිරාජ්‍ය '' ව්‍යාප්තිය

මේ යුගයේ පර්සියානු අධිරාජ්‍යයේ පාලකයාව සිටි '' මහා සයිරස් අධිරාජ්‍යයා '' විසින් පුරාන අ'නාර්ය ශිෂ්ටාචාරයක් වුනු මෙසපොතේමියාව, බැබිලෝනියාව සහ සුමේරියන් ශිෂ්ඨාචාරය

ආක්‍රමණය කොට පර්සියානු අධිරාජ්‍යය එහි බිහි කරනවා.

සයිරස් නම් බලවත් පාලකයෙකු පිලිබඳ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ '' එස්රා '' නම් ජුදා නායකයාගේ පොතේ සහ '' යෙසායා '' නම් අනාගත වක්තෘ වරයාගේ පොත් වල සඳහන් වේ

එස්රා 01 : 1 - 11

යෙසායා 45 : 1 - 08

මහා සයිරස් අධිරාජ්‍යයා

ප්‍රසිද්ධ ගායක කණ්ඩායමක් වන Boney M. - Rivers of Babylon නම් ගීතයේ සඳහන් වන බැබිලෝනියානු විප්‍රවාස කාලය තුල,

බැබිලෝනියාවේ වහල්කම් කල ඊශ්‍රායෙල් ජාතිකයන් වහල් බාවයෙන් මුදා නැවත ජුදා දේශයට නිදහස් කරනු ලැබුවේ මහා සයිරස් පාලකයා විසිනි.

සයිරස් අධිරාජ්‍යයාගේ සොහොන

මෙසේ ශිෂ්ඨාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වූ යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න භුමියද ඇතුළුව සුවිශාල භුමි ප්‍රමාණයක් වසා පැතිරෙන මේ අධිරාජ්‍යයේ ප්‍රධාන නගර වන්නේ,

බැබිලෝනියාව (වර්තමාන බෑග්ඩැග් ) Pasargadae ( වර්තමාන ශිරාස් නගරය ආසනයේ පිහිටා තිබිණි ) Susa සහ Ecbatana නම් නගරයි.

යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න භුමිය

මහා සයිරස් විසින් ගොඩනැගු මේ අධිරාජ්‍යය මුල් වරට ආක්‍රමණයට ලක් වන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ ග්‍රීක් ආක්රමනයන්ටය.ඒ ක්‍රි:පු 330 පමණ කාලෙදීය

එතැන් පටන් විවිධ ආක්රමනයන්ට සහ වෙනස්කම් වලට භාජනය වන පර්සියානු අධිරාජ්‍යය ක්‍රි:ව 224 දී ආක්‍රමණ සහ යුද්ධ වලින් පසු සැසේනියන් අධිරාජ්යත්වය කරා යොමු වෙනවා.

මහා ඇලෙක්සැන්ඩර් ගෙන් පසු කාලීනව පර්සියානු අධිරාජ්‍ය වඩා සමෘදිමත් යුගයක් කරා එළඹියේ 01 වන ඩෙරියස් අධිරාජ්‍යයා ගේ පාලන කාලය තුලදීය.

මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා

01 වන ඩෙරියස් අධිරාජ්‍යයා

නමුත් ශතවර්ෂ 4 පමණ පසු ( ක්‍රි:ව 654 ) සැසේනියන් අධිරාජ්‍යය බිඳ වැටි,

මැදපෙරදිග බලවන්ත වූ ඉස්ලාම් - අරාබි අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කොට ෂියා ඉස්ලාම් ධර්මය මුලික පාලන ක්‍රමයක් ස්ථාපිත කරනු ලබනවා.

වර්තමාන ස්වභාවයට වෙනස් වීමට මුලිකවම හේතු වන්නේ අරාබි - මුස්ලිම් ආක්රමණයන්ට ලක් වීම නිසාය.ඒ ක්‍රි: ව 06 වන සියවසේදීය.

අරාබි - මුස්ලිම් ආක්රමණයන්ට ලක් වීම

ඉන්පසු ශතවර්ෂ 5 අධික කාලයක් පර්සියානු අධිරාජ්‍යය ඉස්ලාම් කලීෆා වරයෙකු යටතේ පාලනය වන අතර ක්‍රි:ව 1221 මොන්ගෝලියානු අධිරාජ්‍යය විසින් යටත් කරගනු ලබනවා.

( ගෙන්ගිස් ඛාන් යටතේ බිහිවූ මොන්ගොලයිඩ් අධිරාජ්‍යය සැලකෙනුයේ එකම තනි භූමියකට යටත් වූ ලොව විශාලතම අධිරාජ්‍යය ලෙසයි )

මොන්ගොල් අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමග නැවත අරාබි - ඉස්ලාම් පාලනයට යටත් වුනු පර්සියානු අධිරාජ්‍යයේ ඊළඟ යුගය හැඳින්වෙන්නේ Safavids era ලෙසයි.

එම යුගයේ සිටි පර්සියානු අධිරාජ්‍යයේ සිටි වඩාත් සාර්ථක සහ බලවන්තම පාලකයා වන්නේ Ismail I පාලකයායි.

Shah Ismail I පාලකයා

සැසේනියන් අධිරාජ්යත්වය තෙක් පර්සියානු අධිරාජ්‍යයේ මුලික ආගම, ඇදහිල්ල වනුයේ '' ශරතුස්ත්‍ර '' දහමයි.

මෙසේ මධ්‍යම ආසියානු භුමියේ සිට පැමිණි ආර්ය ජනයා ගෙන් උරුම කරගත් ශරතුස්ත්‍ර දහම සැලකෙන්නේ ලොව ඉපැරණිම ඒක දේව වාදී ආගමක් ලෙසයි.

ශරතුස්ත්‍ර තුමා

ක්‍රි: පු 2 සහශ්රකය මුල් භාගයේදී හෝ මැද භාගයේදී මධ්‍යම ආසියානු භූමියෙන් බෙදී වෙන්වී යාමට ප්‍රථම ආර්යයන් ( මෙහිදී මා ඔවුන් එක් ජන කොට්ටාශයක් ලෙස සලකා ඇත )

එකම භාෂාවක් සහ එකම ඇදහිලි ක්‍රමයක් ඇදහීය.මේ මුල් ආර්යන් ගේ ඇදහිලි පොදුවේ ඕනෑම ප්‍රාථමික ජන කණ්ඩායමක මෙන්

ඉර සඳ,තාරකා, අහස, පොලව, ගින්දර, සුළඟ යන ස්වාභාවික බලවේග නියෝජනය කළේය.

1907 දී සුළු ආසියානු කැනීම් වලිඉන් හමුවූ බෝඝස්කොයි ශිලා ලිපි ( boghazkoi tablets ) වලට අනුව පුරාන ඉරාන ආර්යන්ගේ ඇදහිලි සහ

ඉන්දීය වේද ඇදහිලි අතර බොහෝ සමානකම් මතු විය. මේ අනුව එකම භූමියක සිටි ජනවර්ග එකම ඇදහිලි ක්‍රමයක් භාවිතා කරනු ලැබූ බව සාක්ෂාත් වේ.

බෝඝස්කොයි ශිලා ලිපි

ඔවුන්ගේ ප්‍රධාන දෙවියා '' මිථ්‍ර '' නොහොත් මිථ්රාශසිල් නම් විය. මේ ඉන්දීය වේද පුරාණයේ එන මිථ්‍ර දෙවියාමය.ඔහු සැලකුවේ සුර්යයා ට අධිපත දෙවි ලෙසයි.

මෙසේ ප්‍රාථමික ඇදහිලි වල සිට කෙමෙන් පරිනාමයට ලක්වූ පාර්සියන් ජනතාව කෙමෙන් කෙමෙන් ඇදහිලි, පුජා විදි, ආගමික උත්සව වැනි ඊළඟ මට්ටමේ

සංවර්ධිත ඇදහිලි යුගයකට එළඹෙන විට '' ශරතුස්ත්‍ර '' නම් ශාස්තෘ වරයාගේ පහළවීම සිදු විය.

ශරතුස්ත්‍ර නම් ශාස්තෘ වරයා

ශරතුස්ත්‍ර තුමන්ගේ උත්පත්තිය පිලිබඳ බොහෝ කරුණු විවාදාත්මකය.

සමහර මතවාදයන්ට අනුව එතුමන්ගේ උත්පත්තිය සිදු වුයේ ක්‍රි:පූ 1000 - 1500 අතර කාලයක වන අතර සමහරුන් එය ක්‍රි:පු 900 - 650 අතර කාලයක යයි තර්ක කරනු ලබයි.

නමුත් වර්තමානයේ බොහෝ දෙනෙකුගේ පිළිගනිම නම් ක්‍රි:පූ 1000 - 1500 අතර ශරතුස්ත්‍ර තුමන් උපත ලබන්නට ඇති බවයි.

කෙසේ වෙතත් එතුමන්ගේ උත්පත්තිය සිදු වූ ස්ථානය අදටත් විවාදිතය.එය වයඹ දිග හෝ ඊසාන පර්සියාවේ වන්නට ඇති බවයි.

මේ උත්පත්තිය පිලිබඳ පැහැදිලි සාක්ෂි අනාවරණය වී නැත.

Pourušaspa යනු එතුමාගේ පියා බව මධ්‍ය පර්සියානු Pahlavi ලේඛන වල සඳහන් වේ.

වයස අවුරුදු 07 තරම් කාලයේදී ශිල්ප හැදෑරීම සඳහා පිටතට ගිය ශරතුස්ත්‍ර තුරුණු වියේදී 03 වරක් විවාපත් වූ බවත්,

ඔහුගේ අවසන් බිරිඳ '' හවොව් ''නම් කාන්තාවක් බවත්, ඇය ශරතුස්ත්‍ර ආගමේ අධ්‍යාත්මික මාතාව ලෙස අදටත් ශරතුස්ත්‍ර ලබ්ධිකයෝ සලකයි.

වයස අවුරුදු 30 තරම් කාලයේදී නිවසින් පිටව යන ශරතුස්ත්‍ර කඳුකරයේ තපස් දම් රකිමින් සිටියදී සර්වබලධාරී දෙවියන් විසින් ඔහුගේ ප්‍රධාන දුතයා ලවා ශරතුස්ත්‍ර ඇමතු බව,

ඉපැරණි '' මස්දා ලේඛන '' වල සඳහන්ය.

මේ සර්වබලධාරී දෙවියා නමින් '' අහුරමස්දා '' ( Ahura Mazda ) නම් වේ. ඔහුගේ ධර්මය මස්දා ධර්මයයි.

මෙය සිදුවූ අවුරුද්ද '' භක්තියේ වසර '' ලෙස අදටත් ශරතුස්ත්‍ර ලබ්ධිකයෝ හඳුන්වයි.

ශරතුස්ත්‍ර ධර්මයේ එන ප්‍රාථමික සංඛේතයක්.

කෙසේ වෙතත් ශරතුස්ත්‍ර හට දේව අනාවරණය වීමෙන් පසු වසර ගණනාවක් යනතුරු පාර්සි වරු එය පිළිගැනීමට මැලි විය.

ඊට මුලිකම හේතුව නම් රාජ්‍ය අනුග්‍රහය නොලැබීමයි.ඒ කාලවකවානුවේදී පාර්සි බහුදේවවාදී පුජකයින් විසින් ශරතුස්ත්‍ර අල්ලා සිරගත කල බවත් සඳහන්ය.

නමුත් මෙසේ සිරගතව සිටියදී ඔහුගේ ක්‍රියා දුටු විශ්තාස්ප ( Vishtaspa ), ඒ සමයේදී පාර්සි වරුන්ගේ පාලකයා විසින් ඔහු නිදහස්කොට

ඔහුගේ ධර්මය ගැන පැහැදී ශරතුස්ත්‍ර ධර්මය හෙවත් මස්දා ලබ්ධිය වැළඳ ගන්නා ලදී.

ඉන්පසු ශීඝ්‍රයෙන් ශරතුස්ත්‍ර ධර්මය පර්සියාව පුරා පැතිර ගියේය.

Pahlavi ලේඛන වලට අනුව ශරතුස්ත්‍ර ගේ මරණය සිදුවුයේ කඳුකරයේ අහුරමස්දා දෙවි සමග හමුවෙන් වසර 47 ට පසුව බවයි.

ශරතුස්ත්‍ර ධර්මය හෙවත් මස්දා ලබ්ධිය

බහුදේවවාදී සංකල්ප බැහැර කරමින් සර්වබලධාරී එකම දෙවියන් කෙනෙක් ඇති බවත්, ඒ අහුරමස්දා බවත්

තමන් අවබෝධ කර ගත බව ශරතුස්ත්‍ර තුමන් කියයි.ඒ බව ඔහුට සැලකලේ අහුරමස්දා දෙවියන්ගේ ප්‍රධාන දුතයා වන '' වොහුමාන් ''ය.

මස්දා ලබ්ධියේ සර්වබලධාරී දෙවියන්ට අමතරව ඇත්තේ දේව දූත පංතියකි.

වොහුමාන් යනු ප්‍රධාන දෙවදුතයා වන අතර පාරිශුද්ධියේ දුතයායි.

ශ්රෝෂා යනු අවනත භාවය පිලිබඳ දේව දුතයායි.

අහුරමස්දා දෙවියන්ගේ පුතණුවන් වන ආශා , අථර් සහ දියණියන අර්මයිතී ද මේ දේවදූත පංතියටම අයත් ය.

පිලිවෙලින් අශා ධර්මිෂ්ඨ කමෙත්,

අථර් ගින්න හෙවත් අග්නියට අධිපතිවත්,

අර්මයිතී භක්තියේ දෙවඟන ලෙසත් හඳුන්වනු ලබයි.

මීට අමතරව අශි දෙවඟන නොකැළැල් බව සහ සත්‍යයේ දෙවඟනයි.

මස්දා ලබ්ධියේ පාපයේ දුතයා අන්ග්ර මන්යු ( Angra Mainyu ) සියලුම නපුරට අධිපතියා ඔහුය.

එමෙන්ම මස්දා ලබ්ධියේ ශික්ෂාවන් සටහන් කොට ඇත්තේ '' ගාථා '' සහ '' ආවෙස්ථා '' ලේඛන වලය.

ධර්මයෙහි පළමු යුගය ගාථා යුගය ලෙසත් දෙවන යුගය ආවේස්ථා යුගය ලෙසත් හඳුන්වනු ලබයි.

ඉන්පසු කාලපරිඡේදය '' පහ්ලව් '' යුගය ලෙස හැඳින්වේ.

මස්දා ලබ්ධියේ ශික්ෂාවන් ඉතා සරළ සහ දේවත්වය ආරෝපණය වුවක් වේ.කෙටියෙන් මෙසේය.

අහුරමස්දා යනු,

සියල්ලේ නිර්මාණ කරු ඔහුය.

යහපතේ සහ සන්තුෂ්ටියේ උල්පතයි.

ඔහු සියල්ල දනී.

ඔහුගේ බලපරාක්‍රමය සැමතැනම පිහිටයි.

මනුෂ්‍යයාට ඔහු හා සමවිය නොහැකියි.

එසේම,

අහුරමස්දාට ප්‍රේම කල යුතුය.ගෞරව කල යුතුය.

මංගල්‍යය දිනයන් පුජනීය සේ සලකා කටයුතු කල යුතුය.

තමන්ට අයත් නොවන කිසිම දේකට අයිතිවාසිකම් නොකිය යුතුය. සොරකම් නොකල යුතුය.

මුසා බස් නොදෙඩිය යුතුය.

අන් අයට ඊර්ෂ්‍යා නොවී කඩිසරව වැඩකළ යුතුය.

කිසිවෙකුගේ අගුණ ඔහු/ඇය නොමැති තැන පැවසිය නොයුතුය.

ලේ නෑකම් ඇති ස්ත්‍රියක සරණපාවා නොගත යුතුය.

ස්වකීය මවට සහ පියාට ප්‍රේම කල යුතුය. ගෞරව කල යුතුය.

දරුවන් තැනිය යුත්තේ මුළු මහත් සමාජයේම යහපත උදෙසාය.

මරණින් මතු ජීවිතය ගැන මස්දා ලබ්ධියේ ඉගැන්වීම් බොහෝ සෙයින් යුදෙව් සංකල්ප වලට සමානකමක් දක්වයි.

එනම්, දිවය ලෝකය ( මාන්හ් ලෙස හැඳින්වේ ) සහ පොළව ( අස්ත්වන්ත් නම් වේ) යි.

පව්කරුවන් යැවෙනුයේ අපාය හෙවත් දෘජෝදේමාන ටය.එහෙත් යමෙකු කරනු ලැබූ පව් සහ යහපත සලකා බලා අතරමැදි අන්තරා ලොවක් ගැන මස්දා ලබ්ධියේ සඳහන් වේ.

කෙසේ වෙතත් ශරතුස්ත්‍ර තුමන් දේශනා කල මස්දා ලබ්ධිය සම්පුර්ණයෙන්ම මිනිසුන් වෙත අවශෝෂණය වුයේ නැත.

ශතවර්ෂ ගණනක් තිස්සේ ඉන්දු - ඉරානීය දේව පංතියට අයත් බොහෝ දෙවිවරුන් වැඳුම් පිදුම් කිරීම පාර්සි වරුන් බොහෝදෙනෙක් අත්හළේ නැත.

යුගයෙන් යුගයට විවිධ වෙනස්කම් සහ මුහුණුවරයන් ආරෝපණය වුවත්, සංකල්පයක් වශයෙන් පර්සියන් වරු ඒක දේවත්වයක් ලෙස අහුරමස්දා දෙවියන්

මුල් කරගත් පුජා සහ ආගමික උත්සව වලින් සමන්විත ශරතුස්ත්‍ර ධර්මය ඉදිරියට ගෙන ගියේය.

ශරතුස්ත්‍ර ධර්මයේ ප්‍රධානතම පුජා ක්‍රමය වන්නේ ගිනි පූජාවයි.ඒ වෙනුවෙන්ම සැකසු සුවිශේෂී ගිනි පුජා යාග සහ ගිනි දේවාල පර්සියාව පුරා බිහි විනි.

ශරතුස්ත්‍ර දවන පූජා යාගයක්.

ශරතුස්ත්‍ර ධර්මයේ එන චාරිත්‍ර විදි සහ මංගල්‍යයන්

පර්සියානු දින දර්ශනය මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ මෙන් මාස 12න් සමන්විත වන අතර,

සියවස් ගණනාවක් තිස්සේ සිදුවූ සංක්රමන, ආක්‍රමණ සහ වෙනත් සම්බන්ධතා නිසා දැනට ශරතුස්ත්‍ර ලබ්ධිකයන් ප්‍රධාන දින දර්ශන 03 භාවිතා කරයි.

ඒවා නම් Fasli, Shahanshahi, and Qadimi යන ත්‍රිත්වයයි.

Noruz / Nowruz හෙවත් නව අවුරුදු මංගල්‍යය උත්සවාකාරයෙන් සමරනු ලබන අතර මෙය සිංහල හින්දු ක්රමයේ මෙන්ම නව අස්වැන්නක් දෙවියන් උදෙසා පූජා කිරීමේ සම්ප්රදාය මත ගොඩනැගුනකි.

එක්තරා අයුරකින් සූර්ය මංගල්ලයකි.මෙය අදටත් ඉරානීය සහ පාර්සිවරු උත්සවාකාරයෙන් සමරයි.

මෙය වර්ෂයේ මාර්තු මස 21 වනදා සමරනු ලබයි

Nowruz හෙවත් නව අවුරුදු මංගල්‍යය

Khordad Sal හෙවත් ශරතුස්ත්‍ර තුමන්ගේ උපන්දිනය. මෙය නිශ්චිත දිනවකවානු සඳහන් නොමැති නිසා,

අතීතයේ සිට නව අවුරුදු උත්සවයෙන් දින 06 පසු සමරනු ලබයි.

මේ දෙක ප්‍රධාන උත්සව වන අතර දෙවඟනන් සහ අනෙකුත් දෙවදුතයන් උදෙසාද විවධ උත්සව පවත්වනු ලබයි.

Navjote උත්සවය යනු ශරතුස්ත්‍ර ධර්මයේ දරුවෙකු sudreh and kusti වත්පිළිවෙත සඳහා ඇතුලත් කරගනු ලබන උත්සවයයි.

මෙය දරුවෙකු අවුරුදු 7 - 12 අතර කාලයේදී සමරනු ලබයි.එමෙන්ම ඉන්පසු ඒ දරුවා වැඩිහිටියන් සමගින් එක්ව යාග සහ පුජා සඳහා සහභාගී කරගනු ලබයි.

Navjote උත්සවය

සාම්ප්‍රදායානුකුල ශරතුස්ත්‍ර විවාහයක් දින 03 ත් 07 අතර කාලයක් සමරනු ලබයි. මෙය ඒ ඒ පුද්ගලයන්ගේ කැමැත්ත මත සිදුවේ.

පොදුවේ මනාලයා සහ මනාලිය සුදු ඇඳුමින් සැරසෙනු අතර අනෙකුත් විවාහක කාන්තාවන් විසින් මනාල ජෝඩුවට ඉහලින් සුදු උඩු වියනක් ඔසවාගෙන සිටින අතර,

සීනි කෝටු එකිනෙක පිරිමැදීමක් සිදු කරයි.ඒ තුලින් විවාහය මිහිරි, සෞභාග්‍ය වීමට ප්‍රාර්ථනා කරයි.

සාම්ප්‍රදායානුකුල ශරතුස්ත්‍ර විවාහයක්

වඩාත් අපුර්වතම චාරිත්‍රය වනුයේ ශර්තුස්ත්ර ලබ්ධිකයෙකුගේ අවමංගල්‍යය උත්සවයයි.

අතීතයේ පටන් පැවත එන නියම චාරිත්‍රය නම් මරණින් පසු දේහය උස් කුළුනක මුදුනේ රඳවා තබා පක්ෂීන්ට ආහාරය පිණිස තැබීමයි.

මේ කුලුන dokhma or 'Tower of Silence' ලෙස හැඳින්වේ.

නමුත් වර්තමානයේ මෙය ඉතාමත් සීමිත ආකාරයෙන් සිදුවේ.ඉන්දියාවේ ඉතා සීමිත අවමගුල් කුළුණු කිහිපයක් පමණක් අදටත් දක්නට ලැබේ.

මරණින් පසු දේහය උස් කුළුනක මුදුනේ රඳවා තබා පක්ෂීන්ට ආහාරය පිණිස තැබීමයි.

මේ කුලුන dokhma or 'Tower of Silence' ලෙස හැඳින්වේ.

[QUOTE="Dodo Mahaththaya, post: 24132287, member: 563080"] [b]ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ ප[/b] [B][SIZE="3"][COLOR="Purple"][COLOR="darkred"][SIZE="5"][B]ශරතුස්ත්‍රාගම, පර්සියානු අධිරාජ්‍යය සහ පාර්සිවරු [/B][/SIZE][/COLOR] ආයුබෝවන් එළකිරි සාමාජිකයන් ඔක්කොටම. ආගමික ඉතිහාසයක් සම්බන්ධයෙන් කරුණු කිහිපයක් සංක්ෂිප්තව ගොනු කරපු නූලක් තමා අද මම ඔබට ගෙන එන්නේ. [IMG]https://i.imgur.com/VzvRCT8.png[/IMG] ශරතුස්ත්‍රාගම ( Zoroastrianism ) ගැන ඔබ කොයියම් තැනකදී හෝ අසා ඇතිද ? එසේ නම් පුරාන පර්සියාව ? අපි බොහෝ දෙනෙක්ට ශරතුස්ත්‍රාගම යන්න ආගන්තුක වචනයක් වූවාට, පර්සියාව ගැන අපි බොහෝ දෙනෙක් අසා ඇති. නාට්‍යය,චිත්‍රපට, ඉතිහාස කතා ආදී බොහෝ තැන් වලින් අපි පර්සියාව ගැන අසා ඇත. පුරාන පර්සියාව යනු වර්තමානයේ ඉරානය හෙවත් ඈත අතීතයේ මෙසපොතේමියානු ශිෂ්ඨාචාර ගොඩනැගී භූමියයි. ක්‍රි:පූ 3000 තරම් ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙසපොතේමියානු ශිෂ්ඨාචාරය බිඳ වැටුනේ පර්සියානු අධිරාජ්‍යයේ නැගී සිටීමත් සමගය. පර්සියානු ඉතිහාසයේ එන ''සයිරස්'' නම් අධිරාජ්‍යයා විසින් යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න දෙක මැදිව ගොඩනැගුනු මේ සාරවත් භුමිය අත් පත් කරගනු ලැබුවේ ක්‍රි:පූ 5 වන සියවසේදීය. [IMG]https://i.imgur.com/xPPAeL0.jpg[/IMG] [B][SIZE="4"][COLOR="DarkRed"]ඉතිහාසයේ භූගෝලීය වශයෙන් මානව සංක්‍රමණය [/COLOR][/SIZE][/B] පෘථිවියේ ඉතිහාසයේ පටන් අනවරත ජීවන ගමනක නිරත මිනිස් වර්ගයා වර්තමාන දියුණු මානව ශිෂ්ඨාචාරයක් තෙක් විකාශනය වූ ගමන් මග සුළුවෙන් විස්තර කිරීම අතිශයින් අපහසුය. කෙසේ වෙතත් දල වශයෙන් මානවයා ගොවිතැන හා සත්ව පාලනය දියුණු වූ දා පටන් පෘථිවි තලයේ සාරවත් භුමි වල ශිෂ්ඨාචාර ගත වන්නටත්, ඉන් නොනැවතී ප්‍රෞඩ සහ අද්විතීය අධිරාජයන් නිර්මාණය කරන්නටත් විය. මුලිකවම පෘතුවියේ ජනවර්ග පැවත එන්නේ කොට්ටාශ 03 කි. ආර්යය වර්ගයා ( මධ්‍යම, බටහිර, දකුණු ආසියානු සහ යුරෝපයේ ) නිග්‍රෝ වර්ගයා ( ප්‍රධාන වශයෙන් අප්‍රිකානු ජනවර්ගය) මොන්ගොලයිඩ් වර්ගයා ( නැගෙනහිර ආසියානු සහ උප ලතින් ඇමෙරිකානු ගෝත්‍රික වර්ගයා) පොළව අන්තර්මහද්වීපික වශයෙන් බෙදී වෙන්වීම සමගින් මානව වර්ගයා ඒ ඒ භූගෝලීය සාධක සහ දේශගුණික තත්වයන් මත මෙසේ ස්වරුපය වෙනස් වූ බව සැලකිය හැක. [COLOR="darkred"][SIZE="4"][B]ආර්යයන් [/B][/SIZE][/COLOR] මනුෂ්‍ය වර්ගයා පොලවේ පැතිරීමත් සමග මධ්‍යම ආසියානු ( පුරාණ බැක්ට්‍රියාව ) භුමියේ සිටි ජනයා ක්‍රමයෙන් තම ජනගහනය වර්ධනය වීමත් සමග වඩාත් සාරවත් සහ විශාල භුමි සොයා දීර්ඝ සංචාර සිදු කළේය. එහි ප්‍රතිපලයක් ලෙස එක් කොට්ටාශයක් මධ්‍යම යුරෝපා සහ සයිබිරියන් ප්‍රදේශ වලත්, තවත් කොට්ටාශයක් හින්දුකුෂ් කඳු වැටියෙන් එපිට සාරවත් ඉන්දියානු භූමියටත්, තවත් කොටසක් හින්දුකුෂ් කඳුවැටියෙන් වඩාත් බටහිරට වන්නට ඉරාන භූමියටත් සංක්‍රමණය විය.මෙසේ සංක්‍රමණය වූ මිනිසුන් ආර්යන් නොහොත් ඉන්දු - ඉරානීය මිනිසුන් වෙති. ලොව පුරා වඩාත් පිළිගත් මතය මෙය වුවත් ආර්ය යනු ජන කොට්ටාශයක් නොව එක භාෂාවක විකාශනයක් බව ලොව භාෂා විශාරදයන්ගේ මතයයි. මෙය මෑත ඉතිහාසය පුරාම විවාදයට තුඩු දුන් මතයකි. ඔවුන්ට අනුව මධ්‍යම ආසියාව මුල් කොටගත් එක භාෂාවක් කතා කල ජන කොට්ටාශයක් තුලින් පැතිරුණු අනන්‍ය භාෂාවකට උරුමකම් කියූ ජන කොට්ටාශයක් බවයි.ඔවුන්ගේ බස ආර්ය බසයි. භාෂා විශාරදයන්ට අනුව ග්‍රීක් - ලතින් - ජර්මන් - පර්සියා - සංස්කෘත යන භාෂා සියල්ලගේම මූලය ආර්ය භාෂාව විය. ආර්ය භාෂාව කතා කල මිනිසුන් මේ එක් එක් භූමියන් හි පදිංචි වීමෙන් පසු කාලයත් සමග ඒවා වර්තමාන ස්වභාවයට අනුවර්තනය වූ බවයි. කෙසේ වෙතත් කරුණු සැලකිල්ලට ගැනීමේදී ආර්යන් යනු එක් ජන මූලයකින් පැවත ඒ ඒ භුමි වලට සංක්‍රමණය වීමෙන් පසු විකාශනය වූ ජන කොට්ටාශයක් බව පිළිගත හැක. ආර්යන් පිලිබඳ වඩාත් ගැඹුරින් කතා කිරීම මගේ බලාපොරොත්තුව නොවන අතර, මේ නූල අවසානයේදී ආර්යන් පිලිබඳ වඩාත් සවිස්තරව ඇති වෙබ් අඩවි කිහිපයක් මෙහි පල කොට ඇත. [B][COLOR="darkred"][SIZE="4"]පර්සියාව සහ ආර්යන් [/SIZE][/COLOR][/B] මෙසේ ආර්ය කොට්ටාශයන් හින්දුකුෂ් කඳුවැටියෙන් බටහිරට වෙන්නට පිහිටි කර්කශ භුමිය වෙත සංක්‍රමණය වූ වා යයි සැලකෙන්නේ ක්‍රි:පු 2000 - 1500 අතර කාල සීමාවේදීය. ඉන්දියාවට හෝ යුරෝපයට ගිය ජනයා මෙන් නොව වඩාත් කර්කශ භූමියක කෙමෙන් කෙමෙන් ගොඩනැගුනු මේ ශිෂ්ඨාචාරය ක්‍රි:පු 550 පමණ වන විට එහි උච්ඡ් ස්ථානයකට පැමිණිනි. ඒ යුගය හඳුන්වන්නේ පළමු පර්සියානු අධිරාජ්‍ය හෙවත් ''ආකෙමෙනිඩ් අධිරාජ්‍ය '' ලෙසයි. ඉන්දු ගංගාවට බටහිරින් කාශ්මීරයේ සිට වර්තමාන ඉරාන භුමිය දක්වා පැතිරුණු සුවිශාල භුමි ප්‍රදේශයක් පුරා මේ ශිෂ්ඨාචාරය ව්‍යාප්ත විනි. [IMG]https://i.imgur.com/BfdwRat.jpg[/IMG] [B][SIZE="3"][COLOR="Red"]පළමු පර්සියානු අධිරාජ්‍ය හෙවත් ''ආකෙමෙනිඩ් අධිරාජ්‍ය '' ව්‍යාප්තිය[/COLOR][/SIZE][/B] මේ යුගයේ පර්සියානු අධිරාජ්‍යයේ පාලකයාව සිටි '' මහා සයිරස් අධිරාජ්‍යයා '' විසින් පුරාන අ'නාර්ය ශිෂ්ටාචාරයක් වුනු මෙසපොතේමියාව, බැබිලෝනියාව සහ සුමේරියන් ශිෂ්ඨාචාරය ආක්‍රමණය කොට පර්සියානු අධිරාජ්‍යය එහි බිහි කරනවා. සයිරස් නම් බලවත් පාලකයෙකු පිලිබඳ බයිබලයේ පරණ තෙස්තමේන්තුවේ '' එස්රා '' නම් ජුදා නායකයාගේ පොතේ සහ '' යෙසායා '' නම් අනාගත වක්තෘ වරයාගේ පොත් වල සඳහන් වේ එස්රා 01 : 1 - 11 යෙසායා 45 : 1 - 08 [IMG]https://i.imgur.com/udcz3RS.jpg[/IMG] [IMG]https://i.imgur.com/Q3rS2aV.jpg[/IMG] [COLOR="red"][B][SIZE="3"]මහා සයිරස් අධිරාජ්‍යයා[/SIZE][/B][/COLOR] ප්‍රසිද්ධ ගායක කණ්ඩායමක් වන Boney M. - Rivers of Babylon නම් ගීතයේ සඳහන් වන බැබිලෝනියානු විප්‍රවාස කාලය තුල, බැබිලෝනියාවේ වහල්කම් කල ඊශ්‍රායෙල් ජාතිකයන් වහල් බාවයෙන් මුදා නැවත ජුදා දේශයට නිදහස් කරනු ලැබුවේ මහා සයිරස් පාලකයා විසිනි. [IMG]https://i.imgur.com/xKiCXWM.jpg[/IMG] [B][SIZE="3"][COLOR="red"]සයිරස් අධිරාජ්‍යයාගේ සොහොන [/COLOR][/SIZE][/B] මෙසේ ශිෂ්ඨාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වූ යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න භුමියද ඇතුළුව සුවිශාල භුමි ප්‍රමාණයක් වසා පැතිරෙන මේ අධිරාජ්‍යයේ ප්‍රධාන නගර වන්නේ, බැබිලෝනියාව (වර්තමාන බෑග්ඩැග් ) Pasargadae ( වර්තමාන ශිරාස් නගරය ආසනයේ පිහිටා තිබිණි ) Susa සහ Ecbatana නම් නගරයි. [IMG]https://i.imgur.com/5yrhwFI.jpg[/IMG] [COLOR="red"][SIZE="3"][B]යුප්‍රටීස් - ටයිග්‍රීස් ගංගා නිම්න භුමිය[/B][/SIZE][/COLOR] මහා සයිරස් විසින් ගොඩනැගු මේ අධිරාජ්‍යය මුල් වරට ආක්‍රමණයට ලක් වන්නේ මහා ඇලෙක්සැන්ඩර් රජු යටතේ ග්‍රීක් ආක්රමනයන්ටය.ඒ ක්‍රි:පු 330 පමණ කාලෙදීය එතැන් පටන් විවිධ ආක්රමනයන්ට සහ වෙනස්කම් වලට භාජනය වන පර්සියානු අධිරාජ්‍යය ක්‍රි:ව 224 දී ආක්‍රමණ සහ යුද්ධ වලින් පසු සැසේනියන් අධිරාජ්යත්වය කරා යොමු වෙනවා. මහා ඇලෙක්සැන්ඩර් ගෙන් පසු කාලීනව පර්සියානු අධිරාජ්‍ය වඩා සමෘදිමත් යුගයක් කරා එළඹියේ 01 වන ඩෙරියස් අධිරාජ්‍යයා ගේ පාලන කාලය තුලදීය. [IMG]https://i.imgur.com/voBZ3gL.jpg[/IMG] [B][SIZE="3"][COLOR="red"]මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යයා [/COLOR][/SIZE][/B] [IMG]https://i.imgur.com/4SBmV98.jpg[/IMG] [B][SIZE="3"][COLOR="red"] 01 වන ඩෙරියස් අධිරාජ්‍යයා [/COLOR][/SIZE][/B] නමුත් ශතවර්ෂ 4 පමණ පසු ( ක්‍රි:ව 654 ) සැසේනියන් අධිරාජ්‍යය බිඳ වැටි, මැදපෙරදිග බලවන්ත වූ ඉස්ලාම් - අරාබි අධිරාජ්‍යය විසින් ආක්‍රමණය කොට ෂියා ඉස්ලාම් ධර්මය මුලික පාලන ක්‍රමයක් ස්ථාපිත කරනු ලබනවා. වර්තමාන ස්වභාවයට වෙනස් වීමට මුලිකවම හේතු වන්නේ අරාබි - මුස්ලිම් ආක්රමණයන්ට ලක් වීම නිසාය.ඒ ක්‍රි: ව 06 වන සියවසේදීය. [IMG]https://i.imgur.com/b8qh80U.jpg[/IMG] [COLOR="red"][SIZE="3"][B]අරාබි - මුස්ලිම් ආක්රමණයන්ට ලක් වීම [/B][/SIZE][/COLOR] ඉන්පසු ශතවර්ෂ 5 අධික කාලයක් පර්සියානු අධිරාජ්‍යය ඉස්ලාම් කලීෆා වරයෙකු යටතේ පාලනය වන අතර ක්‍රි:ව 1221 මොන්ගෝලියානු අධිරාජ්‍යය විසින් යටත් කරගනු ලබනවා. ( ගෙන්ගිස් ඛාන් යටතේ බිහිවූ මොන්ගොලයිඩ් අධිරාජ්‍යය සැලකෙනුයේ එකම තනි භූමියකට යටත් වූ ලොව විශාලතම අධිරාජ්‍යය ලෙසයි ) මොන්ගොල් අධිරාජ්‍යයේ බිඳ වැටීමත් සමග නැවත අරාබි - ඉස්ලාම් පාලනයට යටත් වුනු පර්සියානු අධිරාජ්‍යයේ ඊළඟ යුගය හැඳින්වෙන්නේ Safavids era ලෙසයි. එම යුගයේ සිටි පර්සියානු අධිරාජ්‍යයේ සිටි වඩාත් සාර්ථක සහ බලවන්තම පාලකයා වන්නේ Ismail I පාලකයායි. [IMG]https://i.imgur.com/Im5P0CY.jpg[/IMG] [B][SIZE="3"][COLOR="red"]Shah Ismail I පාලකයා[/COLOR][/SIZE][/B] සැසේනියන් අධිරාජ්යත්වය තෙක් පර්සියානු අධිරාජ්‍යයේ මුලික ආගම, ඇදහිල්ල වනුයේ '' ශරතුස්ත්‍ර '' දහමයි. මෙසේ මධ්‍යම ආසියානු භුමියේ සිට පැමිණි ආර්ය ජනයා ගෙන් උරුම කරගත් ශරතුස්ත්‍ර දහම සැලකෙන්නේ ලොව ඉපැරණිම ඒක දේව වාදී ආගමක් ලෙසයි. [COLOR="DarkRed"][B][SIZE="4"]ශරතුස්ත්‍ර තුමා [/SIZE][/B][/COLOR] ක්‍රි: පු 2 සහශ්රකය මුල් භාගයේදී හෝ මැද භාගයේදී මධ්‍යම ආසියානු භූමියෙන් බෙදී වෙන්වී යාමට ප්‍රථම ආර්යයන් ( මෙහිදී මා ඔවුන් එක් ජන කොට්ටාශයක් ලෙස සලකා ඇත ) එකම භාෂාවක් සහ එකම ඇදහිලි ක්‍රමයක් ඇදහීය.මේ මුල් ආර්යන් ගේ ඇදහිලි පොදුවේ ඕනෑම ප්‍රාථමික ජන කණ්ඩායමක මෙන් ඉර සඳ,තාරකා, අහස, පොලව, ගින්දර, සුළඟ යන ස්වාභාවික බලවේග නියෝජනය කළේය. 1907 දී සුළු ආසියානු කැනීම් වලිඉන් හමුවූ බෝඝස්කොයි ශිලා ලිපි ( boghazkoi tablets ) වලට අනුව පුරාන ඉරාන ආර්යන්ගේ ඇදහිලි සහ ඉන්දීය වේද ඇදහිලි අතර බොහෝ සමානකම් මතු විය. මේ අනුව එකම භූමියක සිටි ජනවර්ග එකම ඇදහිලි ක්‍රමයක් භාවිතා කරනු ලැබූ බව සාක්ෂාත් වේ. [IMG]https://i.imgur.com/0ZZX3T5.jpg[/IMG] [IMG]https://i.imgur.com/snecX57.png[/IMG] [COLOR="Red"][SIZE="3"][B]බෝඝස්කොයි ශිලා ලිපි [/B][/SIZE][/COLOR] ඔවුන්ගේ ප්‍රධාන දෙවියා '' මිථ්‍ර '' නොහොත් මිථ්රාශසිල් නම් විය. මේ ඉන්දීය වේද පුරාණයේ එන මිථ්‍ර දෙවියාමය.ඔහු සැලකුවේ සුර්යයා ට අධිපත දෙවි ලෙසයි. මෙසේ ප්‍රාථමික ඇදහිලි වල සිට කෙමෙන් පරිනාමයට ලක්වූ පාර්සියන් ජනතාව කෙමෙන් කෙමෙන් ඇදහිලි, පුජා විදි, ආගමික උත්සව වැනි ඊළඟ මට්ටමේ සංවර්ධිත ඇදහිලි යුගයකට එළඹෙන විට '' ශරතුස්ත්‍ර '' නම් ශාස්තෘ වරයාගේ පහළවීම සිදු විය. [IMG]https://i.imgur.com/hOVyBIM.jpg[/IMG] [B][SIZE="3"][COLOR="red"] ශරතුස්ත්‍ර නම් ශාස්තෘ වරයා[/COLOR][/SIZE][/B] ශරතුස්ත්‍ර තුමන්ගේ උත්පත්තිය පිලිබඳ බොහෝ කරුණු විවාදාත්මකය. සමහර මතවාදයන්ට අනුව එතුමන්ගේ උත්පත්තිය සිදු වුයේ ක්‍රි:පූ 1000 - 1500 අතර කාලයක වන අතර සමහරුන් එය ක්‍රි:පු 900 - 650 අතර කාලයක යයි තර්ක කරනු ලබයි. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙකුගේ පිළිගනිම නම් ක්‍රි:පූ 1000 - 1500 අතර ශරතුස්ත්‍ර තුමන් උපත ලබන්නට ඇති බවයි. කෙසේ වෙතත් එතුමන්ගේ උත්පත්තිය සිදු වූ ස්ථානය අදටත් විවාදිතය.එය වයඹ දිග හෝ ඊසාන පර්සියාවේ වන්නට ඇති බවයි. මේ උත්පත්තිය පිලිබඳ පැහැදිලි සාක්ෂි අනාවරණය වී නැත. Pourušaspa යනු එතුමාගේ පියා බව මධ්‍ය පර්සියානු Pahlavi ලේඛන වල සඳහන් වේ. වයස අවුරුදු 07 තරම් කාලයේදී ශිල්ප හැදෑරීම සඳහා පිටතට ගිය ශරතුස්ත්‍ර තුරුණු වියේදී 03 වරක් විවාපත් වූ බවත්, ඔහුගේ අවසන් බිරිඳ '' හවොව් ''නම් කාන්තාවක් බවත්, ඇය ශරතුස්ත්‍ර ආගමේ අධ්‍යාත්මික මාතාව ලෙස අදටත් ශරතුස්ත්‍ර ලබ්ධිකයෝ සලකයි. වයස අවුරුදු 30 තරම් කාලයේදී නිවසින් පිටව යන ශරතුස්ත්‍ර කඳුකරයේ තපස් දම් රකිමින් සිටියදී සර්වබලධාරී දෙවියන් විසින් ඔහුගේ ප්‍රධාන දුතයා ලවා ශරතුස්ත්‍ර ඇමතු බව, ඉපැරණි '' මස්දා ලේඛන '' වල සඳහන්ය. මේ සර්වබලධාරී දෙවියා නමින් '' අහුරමස්දා '' ( Ahura Mazda ) නම් වේ. ඔහුගේ ධර්මය මස්දා ධර්මයයි. මෙය සිදුවූ අවුරුද්ද '' භක්තියේ වසර '' ලෙස අදටත් ශරතුස්ත්‍ර ලබ්ධිකයෝ හඳුන්වයි.[/COLOR][/SIZE][/B] [IMG]https://i.imgur.com/MCMVu5s.jpg[/IMG] [B][SIZE="3"][COLOR="Red"]ශරතුස්ත්‍ර ධර්මයේ එන ප්‍රාථමික සංඛේතයක්.[/COLOR][/SIZE][/B] [B][SIZE="3"][COLOR="purple"] කෙසේ වෙතත් ශරතුස්ත්‍ර හට දේව අනාවරණය වීමෙන් පසු වසර ගණනාවක් යනතුරු පාර්සි වරු එය පිළිගැනීමට මැලි විය. ඊට මුලිකම හේතුව නම් රාජ්‍ය අනුග්‍රහය නොලැබීමයි.ඒ කාලවකවානුවේදී පාර්සි බහුදේවවාදී පුජකයින් විසින් ශරතුස්ත්‍ර අල්ලා සිරගත කල බවත් සඳහන්ය. නමුත් මෙසේ සිරගතව සිටියදී ඔහුගේ ක්‍රියා දුටු විශ්තාස්ප ( Vishtaspa ), ඒ සමයේදී පාර්සි වරුන්ගේ පාලකයා විසින් ඔහු නිදහස්කොට ඔහුගේ ධර්මය ගැන පැහැදී ශරතුස්ත්‍ර ධර්මය හෙවත් මස්දා ලබ්ධිය වැළඳ ගන්නා ලදී. ඉන්පසු ශීඝ්‍රයෙන් ශරතුස්ත්‍ර ධර්මය පර්සියාව පුරා පැතිර ගියේය. Pahlavi ලේඛන වලට අනුව ශරතුස්ත්‍ර ගේ මරණය සිදුවුයේ කඳුකරයේ අහුරමස්දා දෙවි සමග හමුවෙන් වසර 47 ට පසුව බවයි. [B][SIZE="4"][COLOR="DarkRed"]ශරතුස්ත්‍ර ධර්මය හෙවත් මස්දා ලබ්ධිය [/COLOR][/SIZE][/B] බහුදේවවාදී සංකල්ප බැහැර කරමින් සර්වබලධාරී එකම දෙවියන් කෙනෙක් ඇති බවත්, ඒ අහුරමස්දා බවත් තමන් අවබෝධ කර ගත බව ශරතුස්ත්‍ර තුමන් කියයි.ඒ බව ඔහුට සැලකලේ අහුරමස්දා දෙවියන්ගේ ප්‍රධාන දුතයා වන '' වොහුමාන් ''ය. මස්දා ලබ්ධියේ සර්වබලධාරී දෙවියන්ට අමතරව ඇත්තේ දේව දූත පංතියකි. වොහුමාන් යනු ප්‍රධාන දෙවදුතයා වන අතර පාරිශුද්ධියේ දුතයායි. ශ්රෝෂා යනු අවනත භාවය පිලිබඳ දේව දුතයායි. අහුරමස්දා දෙවියන්ගේ පුතණුවන් වන ආශා , අථර් සහ දියණියන අර්මයිතී ද මේ දේවදූත පංතියටම අයත් ය. පිලිවෙලින් අශා ධර්මිෂ්ඨ කමෙත්, අථර් ගින්න හෙවත් අග්නියට අධිපතිවත්, අර්මයිතී භක්තියේ දෙවඟන ලෙසත් හඳුන්වනු ලබයි. මීට අමතරව අශි දෙවඟන නොකැළැල් බව සහ සත්‍යයේ දෙවඟනයි. මස්දා ලබ්ධියේ පාපයේ දුතයා අන්ග්ර මන්යු ( Angra Mainyu ) සියලුම නපුරට අධිපතියා ඔහුය. එමෙන්ම මස්දා ලබ්ධියේ ශික්ෂාවන් සටහන් කොට ඇත්තේ '' ගාථා '' සහ '' ආවෙස්ථා '' ලේඛන වලය. ධර්මයෙහි පළමු යුගය ගාථා යුගය ලෙසත් දෙවන යුගය ආවේස්ථා යුගය ලෙසත් හඳුන්වනු ලබයි. ඉන්පසු කාලපරිඡේදය '' පහ්ලව් '' යුගය ලෙස හැඳින්වේ. මස්දා ලබ්ධියේ ශික්ෂාවන් ඉතා සරළ සහ දේවත්වය ආරෝපණය වුවක් වේ.කෙටියෙන් මෙසේය. අහුරමස්දා යනු, සියල්ලේ නිර්මාණ කරු ඔහුය. යහපතේ සහ සන්තුෂ්ටියේ උල්පතයි. ඔහු සියල්ල දනී. ඔහුගේ බලපරාක්‍රමය සැමතැනම පිහිටයි. මනුෂ්‍යයාට ඔහු හා සමවිය නොහැකියි. එසේම, අහුරමස්දාට ප්‍රේම කල යුතුය.ගෞරව කල යුතුය. මංගල්‍යය දිනයන් පුජනීය සේ සලකා කටයුතු කල යුතුය. තමන්ට අයත් නොවන කිසිම දේකට අයිතිවාසිකම් නොකිය යුතුය. සොරකම් නොකල යුතුය. මුසා බස් නොදෙඩිය යුතුය. අන් අයට ඊර්ෂ්‍යා නොවී කඩිසරව වැඩකළ යුතුය. කිසිවෙකුගේ අගුණ ඔහු/ඇය නොමැති තැන පැවසිය නොයුතුය. ලේ නෑකම් ඇති ස්ත්‍රියක සරණපාවා නොගත යුතුය. ස්වකීය මවට සහ පියාට ප්‍රේම කල යුතුය. ගෞරව කල යුතුය. දරුවන් තැනිය යුත්තේ මුළු මහත් සමාජයේම යහපත උදෙසාය. මරණින් මතු ජීවිතය ගැන මස්දා ලබ්ධියේ ඉගැන්වීම් බොහෝ සෙයින් යුදෙව් සංකල්ප වලට සමානකමක් දක්වයි. එනම්, දිවය ලෝකය ( මාන්හ් ලෙස හැඳින්වේ ) සහ පොළව ( අස්ත්වන්ත් නම් වේ) යි. පව්කරුවන් යැවෙනුයේ අපාය හෙවත් දෘජෝදේමාන ටය.එහෙත් යමෙකු කරනු ලැබූ පව් සහ යහපත සලකා බලා අතරමැදි අන්තරා ලොවක් ගැන මස්දා ලබ්ධියේ සඳහන් වේ. කෙසේ වෙතත් ශරතුස්ත්‍ර තුමන් දේශනා කල මස්දා ලබ්ධිය සම්පුර්ණයෙන්ම මිනිසුන් වෙත අවශෝෂණය වුයේ නැත. ශතවර්ෂ ගණනක් තිස්සේ ඉන්දු - ඉරානීය දේව පංතියට අයත් බොහෝ දෙවිවරුන් වැඳුම් පිදුම් කිරීම පාර්සි වරුන් බොහෝදෙනෙක් අත්හළේ නැත. යුගයෙන් යුගයට විවිධ වෙනස්කම් සහ මුහුණුවරයන් ආරෝපණය වුවත්, සංකල්පයක් වශයෙන් පර්සියන් වරු ඒක දේවත්වයක් ලෙස අහුරමස්දා දෙවියන් මුල් කරගත් පුජා සහ ආගමික උත්සව වලින් සමන්විත ශරතුස්ත්‍ර ධර්මය ඉදිරියට ගෙන ගියේය. ශරතුස්ත්‍ර ධර්මයේ ප්‍රධානතම පුජා ක්‍රමය වන්නේ ගිනි පූජාවයි.ඒ වෙනුවෙන්ම සැකසු සුවිශේෂී ගිනි පුජා යාග සහ ගිනි දේවාල පර්සියාව පුරා බිහි විනි. [IMG]https://i.imgur.com/R8StV8Z.jpg[/IMG] [B][COLOR="Red"][SIZE="3"]ශරතුස්ත්‍ර දවන පූජා යාගයක්.[/SIZE][/COLOR][/B] [COLOR="DarkRed"][B][SIZE="4"]ශරතුස්ත්‍ර ධර්මයේ එන චාරිත්‍ර විදි සහ මංගල්‍යයන්[/SIZE][/B][/COLOR] පර්සියානු දින දර්ශනය මෙසපොතේමියානු ශිෂ්ඨාචාරයේ මෙන් මාස 12න් සමන්විත වන අතර, සියවස් ගණනාවක් තිස්සේ සිදුවූ සංක්රමන, ආක්‍රමණ සහ වෙනත් සම්බන්ධතා නිසා දැනට ශරතුස්ත්‍ර ලබ්ධිකයන් ප්‍රධාන දින දර්ශන 03 භාවිතා කරයි. ඒවා නම් Fasli, Shahanshahi, and Qadimi යන ත්‍රිත්වයයි. Noruz / Nowruz හෙවත් නව අවුරුදු මංගල්‍යය උත්සවාකාරයෙන් සමරනු ලබන අතර මෙය සිංහල හින්දු ක්රමයේ මෙන්ම නව අස්වැන්නක් දෙවියන් උදෙසා පූජා කිරීමේ සම්ප්රදාය මත ගොඩනැගුනකි. එක්තරා අයුරකින් සූර්ය මංගල්ලයකි.මෙය අදටත් ඉරානීය සහ පාර්සිවරු උත්සවාකාරයෙන් සමරයි. මෙය වර්ෂයේ මාර්තු මස 21 වනදා සමරනු ලබයි [IMG]https://i.imgur.com/EFDKU01.jpg[/IMG] [COLOR="Red"][B][SIZE="3"]Nowruz හෙවත් නව අවුරුදු මංගල්‍යය[/SIZE][/B][/COLOR] Khordad Sal හෙවත් ශරතුස්ත්‍ර තුමන්ගේ උපන්දිනය. මෙය නිශ්චිත දිනවකවානු සඳහන් නොමැති නිසා, අතීතයේ සිට නව අවුරුදු උත්සවයෙන් දින 06 පසු සමරනු ලබයි. මේ දෙක ප්‍රධාන උත්සව වන අතර දෙවඟනන් සහ අනෙකුත් දෙවදුතයන් උදෙසාද විවධ උත්සව පවත්වනු ලබයි. Navjote උත්සවය යනු ශරතුස්ත්‍ර ධර්මයේ දරුවෙකු sudreh and kusti වත්පිළිවෙත සඳහා ඇතුලත් කරගනු ලබන උත්සවයයි. මෙය දරුවෙකු අවුරුදු 7 - 12 අතර කාලයේදී සමරනු ලබයි.එමෙන්ම ඉන්පසු ඒ දරුවා වැඩිහිටියන් සමගින් එක්ව යාග සහ පුජා සඳහා සහභාගී කරගනු ලබයි. [IMG]https://i.imgur.com/5dT9VY6.jpg[/IMG] [B][SIZE="3"][COLOR="Red"]Navjote උත්සවය[/COLOR][/SIZE][/B] සාම්ප්‍රදායානුකුල ශරතුස්ත්‍ර විවාහයක් දින 03 ත් 07 අතර කාලයක් සමරනු ලබයි. මෙය ඒ ඒ පුද්ගලයන්ගේ කැමැත්ත මත සිදුවේ. පොදුවේ මනාලයා සහ මනාලිය සුදු ඇඳුමින් සැරසෙනු අතර අනෙකුත් විවාහක කාන්තාවන් විසින් මනාල ජෝඩුවට ඉහලින් සුදු උඩු වියනක් ඔසවාගෙන සිටින අතර, සීනි කෝටු එකිනෙක පිරිමැදීමක් සිදු කරයි.ඒ තුලින් විවාහය මිහිරි, සෞභාග්‍ය වීමට ප්‍රාර්ථනා කරයි. [IMG]https://i.imgur.com/EMbOJs6.jpg[/IMG] [COLOR="red"][B][SIZE="3"]සාම්ප්‍රදායානුකුල ශරතුස්ත්‍ර විවාහයක්[/SIZE][/B][/COLOR] වඩාත් අපුර්වතම චාරිත්‍රය වනුයේ ශර්තුස්ත්ර ලබ්ධිකයෙකුගේ අවමංගල්‍යය උත්සවයයි. අතීතයේ පටන් පැවත එන නියම චාරිත්‍රය නම් මරණින් පසු දේහය උස් කුළුනක මුදුනේ රඳවා තබා පක්ෂීන්ට ආහාරය පිණිස තැබීමයි. මේ කුලුන dokhma or 'Tower of Silence' ලෙස හැඳින්වේ. නමුත් වර්තමානයේ මෙය ඉතාමත් සීමිත ආකාරයෙන් සිදුවේ.ඉන්දියාවේ ඉතා සීමිත අවමගුල් කුළුණු කිහිපයක් පමණක් අදටත් දක්නට ලැබේ. [IMG]https://i.imgur.com/EKe3NT4.jpg[/IMG] [IMG]https://i.imgur.com/rQqGYbM.jpg[/IMG] [IMG]https://i.imgur.com/h3HmpIf.jpg[/IMG] [B][SIZE="3"][COLOR="red"]මරණින් පසු දේහය උස් කුළුනක මුදුනේ රඳවා තබා පක්ෂීන්ට ආහාරය පිණිස තැබීමයි. මේ කුලුන dokhma or 'Tower of Silence' ලෙස හැඳින්වේ.[/COLOR][/SIZE][/B] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom