Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශශීන්ද්‍ර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙන්න මේකයි ලංකාවේ ඇත්ත තත්වේ.. මොන පාළකයා ආවත් මේ වගේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන දෙයක් නෑ.. නිකන් බොරැවට කෝටි ගණන් වියදම් කරන එකේ අපේ රටේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ බඩ ගින්න නිවන්න දෙයක් කරන්න බැරි උන්ද දෙශපාලකයෝ කියන්නේ.. ආපදා කළමණාකරන අමාත්‍යංශය කියලා එකක් තියෙන්න අහවල් ලබ්බකටද මන්දා..

නියඟය නිසා කන්න නැතිව දිවුල් ගැටයි - මුරුංගා කොළයි කන කහටගස්දිගිලියේ ගම්මු

මලානික වී ඇත්තෝය. කොටින්ම කියනවා නම් මුළු රටටම බත සැපයූ රජරට දැන් කාන්තාරයක් බඳුය. පේන නොපෙනෙන මානයේ විහිදී තිබූ නිල්වන් කෙත්වතු වෙනුවට අද එහි ඇත්තේ ඉඩෝරයට හසුව අකාලයේ මියගිය ගොවිබිම්ය. සශ්‍රීකත්වයේ පැහැය වූ කොළ පාට වෙනුවට රජරට වෙළා ගනිමින් තියෙන්නේ ගුරු පැහැයය. රන්වන් කරළින් බර වූ කුඹුරු යායක් නියඟයට හසුවී පුරන් වී ගොසිනි.

අනුරාධපුර ත්‍රිකුණාමලය පාරේ පිහිටි කහටගස්දිගිලියටත් නියං රකුසාගෙන් බේරීමක් නැතිය. නියඟයෙන් පීඩා විඳින ජනතාවට රජය හා පෞද්ගලික ආයතන ලොරි පිටින් සහනාධාර දෙන බව කීවත් කහටගස්දිගිලියේ ජනතාවට ලුණු කැටයක්වත් නැති බව ගම්මු පවසති.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 212 තුලානේ ගොවි ජනතාව එසේ පීඩාවට පත්ව සිටින්නෝය.

කහටගස්දිගිලිය දෙමටවැව පාරේ පන්වැල්ල හන්දියෙන් හැරී කුඹුක්වැව පාර දිගේ කිලෝමීටර් දහයක් පමණ ගිය විට හමුවන අවසාන ගම්මානය කුඹුක්වැව වෙයි. හබරණ මින්නේරිය දක්වා විහිදෙන හුරුළු රක්ෂිතය කුඹුක්වැව ගම්මානයේ සිට ආරම්භ වෙයි. නගරයෙන් දුරස්ව පැවැතීම හේතුවෙන් කුඹුක්වැව ගම්මානයේ වතගොත ලෝකයාට නිරාවරණය වන්නේද කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නාක් මෙනැයි එම ගම්මු කියති.

කුඹුක්වැව ගමේ පදිංචි 52 හැවිරිදි එම්. කපිලරත්න නියං සායෙන් බැට කන අයුරු අපට විස්තර කළේ මෙසේය.

අපේ ගම නගරයෙන් ඈත පිහිටීම නිසා අපි විඳින දුක හුඟක් අයට පෙනෙන්නේ නැහැ. අවුරුදු තුනක් එක දිගටම නියඟයට අපේ හේන් කුඹුරු පාළු වුණා.

ජීවත්වෙන්න විදියක් නැහැ. වැහිගම්පල දෙයියෝ බිම බැලුවොත් විතරයි අපට බත. එහෙම නැතුව වෙනත් ජල පහසුකම් නැහැ. ගොවිතැන විතරයි අපිට තියෙන්නේ. ග්රාමාරක්ෂක පවුල් කීපයක් සාමාන්‍යයෙන් කාලා බිලා හිටියට ස්ථිර රස්සාවල් නැති පවුල් හුඟක් කෑම බිම නැතිව දුක් විඳිනවා.

ගමේ කුලී වැඩත් නැහැ ගමේ ඉඳල කහටගස්දිගිලිය ටවුමට යන්නත් බස් වියදම රුපියල් අනූවක්. යාමට ඒමට රුපියල් දෙසීයක් විතර. එහෙම ගියාට ඒ ටවුමේ රස්සාවල් නැහැ. එතැන ඉඳල මම ගිය මාස තුන හතරටම අනුරාධපුරේ කුලී වැඩ සොයාගෙන ගියා. අනුරාධපුර යන්න එන්න බස් එකට රුපියල් තුන්සිය පනහක් විතර ඕනෑ. ගමේ සමහර පිරිමි කොළඹ පැත්තට කුලී වැඩ සොයාගෙන ගිහිනුත් ආපහු එනවා.

කුලී වැඩක් කරගෙන කීයක් හරි හොයා ගත්තම හාල් සල්ලිවලට ගන්න හරි අමාරුයි. හාල් මිල වැඩියි. පාන්පිටි ටිකක්, හාල් ටිකක්, ලූනු මිරිස් ටිකක් ගෙනාවම දවසට එක වේලක් පිරිමහ ගන්නවා. ඒකත් බඩ පිරෙන්න කන්න නැහැ. සමහර විට තේ කොළ ටික ගන්න සල්ලි නැහැ. බෙලිකොළ තම්බලා බොනවා. කොත්තමල්ලි කුඩු තේ වගේ හදලා බොනවා.

පුවක් ගන්න සල්ලි නැතිවෙන කොට මයිලගහ පොතු ගලවලා වේලලා පුවක් වාගේ තලා කොළඑක්ක විට කනවා. සීනි වියදම වැඩි නිසා හකුරු ගෙනත් පුංචි කෑලි කපලා පිරිමහ ගන්නවා. නිකං ඉන්න නැහැ. හේන්පිටි, කුඹුරු සුද්ද කරනවා. ගිනි අව්වෙ වැඩ කරන්නේ. ගමේ හුඟක් ළිං හිඳිලා. අපිට වතුර බිමට දෙන්නේ මීමින්නාවල (අල්ලපු ගම) වැවේ කපාපු ළිඳකින්. ඒකේ වතුරත් හොඳටම අඩු නිසා අපිට ටැප් වතුර එන්නේ නැහැ. ඈත ළිඳකින් වතුර බිමට ගන්නවා. නාගන්න වැවේ වතුර ටිකක් තියෙනවා. කෑම තමයි හිඟේට තියෙන්නේ.

ගමේ ඉල්ලාගන්නත් කාටවත් නැහැ. හැමෝම මේ කරදරේට වැටිලා. හැම ගෙදරකම කෑම බිම හිඟේ.

කුඹුක්වැවේ 48 හැවිරිදි යූ. දිසානායක කියන්නේ ද ඒ කතාවය. කනබොන හැටි කියන්න ලැජ්ජාවෙ බෑ. මම විතරක් නොවෙයි හුඟදෙනෙක් කියන්නේ නැහැ. මේ දවස්වල සමහර වතුවල තියෙන මඤ්ඤාෙක්කා අලවත් තැම්බෙන්නෙ නැහැ. ඒත් අල පඳුරක් ගලවපුවම අහළ පහළ අයට බෙදලා දෙනවා. සමහරු ගිහිං ඉල්ලා ගන්නවා. අපේ ගම්වල මිනිස්සු බෙදා හදා ගන්නවා.

හැබැයි ඒ මඤ්ඤාෙක්කා අල තැම්බෙන්නෙ නැති වුණාට කවුරුවත්ම වීසි කරන්නෙ නැහැ. ළිපේ තියල තම්බලා හප හපා කනවා. මේ ළඟ ගෙදරක තරුණ ගෑනු කෙනෙක් දැනුත් බඩේ කැක්කුම වමනෙ දානවා කියල මගෙ බයිසිකලේ ඉල්ලුවා ඉස්පිරිතාලේ ගෙනියන්න. ඒත් බයිසිකලේ ගෙනියන්න බැරි තරමට අමාරුලු. බස් එකේ ගෙනියන්න බැරි තරමට අමාරුලු. බස් එකේ යන්න බස් කුලී නැතිලු. මම හොයලා බැලුවා කාලා තියෙන්නේ තැම්බෙන්නෙ නැති මඤ්ඤාෙක්කා අල.

අපේ වත්තේ දිවුල් ගහෙන් අමු දිවුල් කඩාගෙන හුඟක් අය ගෙනියනවා. අමු දිවුල් ඇල්වතුරට දාලා ලුණුමිරිස් දාලා හොඳි උයනවා. මුරුංගා කොළ මැල්ලුම වාගෙ උයාගෙන ඒ දෙක කනවා. බත් නැහැ. රොටි නැහැ. මැල්ලුමකට පොල් ටිකක්වත් නැහැ. අපේ ගෙවල්වල කෑම කන්නෙත් ඔහොම තමයි. හේන් කුඹුරු සුද්ද කරගෙන ගොවිතැන් කරන්න ඉන්නවා. ඒත් බිත්තර වී, බඩ ඉරිඟු, කුරක්කන් බිජ වර්ග අපි කාටවත්ම නැහැ. ගඩොල් කැපුවා. ඒවාත් විකුණ ගන්න නැහැ. හැම ගෙදරකම වාගෙ ගඩොල් කපාගෙන මග බලාගෙන ඉන්නවා. කවුරුවත් ගඩොල් ගන්න එන්නේ නැහැ.

ඉතින් රජයෙන් අපේ ගම්වල ජනතාව ගැන සොයා බලන්න එන්න. අපි බොරු කියනවද කියල ගෙවල්වලට ඇවිත් බලන්න. කුඩා ළමයි පවා දවසට කන්නෙ එක වතාවයි. අමු දිවුල්, අමු අඹ ගැට ලුණු දාලා අනලා අපි කනවා. ඉතින් පොඩි ළමයිනුත් ඒවා කාලා වතුර ටිකක් බිලා දවස ගත කරනවා.

ඉන්ද්‍රානි මහත්මිය වයස අවුරුදු 52යි.

අපි කනහැටි ළිපා දනී කිව්වා වාගේ. මේ දවස්වල ගස්වල මුරුංගා කොළ, මුරුංගා කරල් හැදෙනවා. (හැම ගෙදරකම නැහැ)

මුරුංගා ගසුත් වල් අලි කනවානේ. මේ නියඟයට හැදෙන්නේ මුරුංගා විතරයි. හාල් මිල වැඩියි. ගන්න අමාරුයි. කුලී වැඩක් කරලා හරි, ණයට හරි හාල් කිලෝ එකක් ගෙනාවොත් ඒක දිහා බල බලා තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ. මුරුංගා කරල් උයන වෙලාවෙ ඒවා වැඩියෙන් උයනවා. හාල් හුණ්ඩුවක් විතර උයනවා. බත් හැඳි බාගයක් දාගෙන මුරුංගා මාළුව වැඩියෙන් පිඟානට බෙදා ගන්න කොට හුඟක් දුක හිතෙනවා. මාවිල්ආරුවලටයි සුනාමියටයි ආධාර එකතු කරනකොට අපි ගෙවල්වල තිබුණු පොල් බෑය, පොල් අඩලය පවා හාල් ගෝනිවලට දාලා යැව්වා. එතකොට අපිට වී හාල් තිබුණා. දැන් අපිට නියං සාගතේ. අපේ දුක කාටවත් පේන්නෙ නැද්ද කියල හිතෙනවා.

දැන් ඉතිං මේ කන්නෙට වැස්ස ලැබුණොත් කරන ගොවිතැන් එළිබහිනකං වැහි හාර මාසෙට අපිට කවුදෑ පිහිට වෙන්නේ. අපේ අල්ලපු ගම මීමින්නාවල. ඒ ගමේ අයටත් මේ වාගෙම තමයි. සමෘද්ධි පවුල්වලටවත් රජයෙන් වියළි සලාක වැඩපිළිවෙළක්වත් යෙදුවොත් හොඳයි.

කුඹුක්වැව ගම්වාසීන්ගේ කුඹුරුවලට අහස් දියෙන් ජලය රැස්කර ගන්නා කුඩා ප්‍රමාණයේ වැව් වන කිරිමැටියාව, තිඹිරිවැව, පාළුවැව, මීමින්නාවල ආදි වැව් සියල්ලම සිදී ගොසිනි. කුඹුක්වැව වැවේ සාමාන්‍යයෙන් සෑම වසරකම පාහේ වැව් මහවලේ ජලය සාමාන්‍ය ප්‍රමාණයක් පවතින අතර මෙවරද ගම්මුන්ට දිය නෑමට, ගවයින් වන සතුන් ආදිනට ප්‍රමාණවත් තරමේ ජල ප්‍රමාණයක් පවතී. සියලුම වැව්වල රොන්මඩ පිරී ඇත. ඒවා ඉවත් කළ යුතු බව ගම්මු කියති.

ගම්මුන්ගේ පානීය ජල ගැටලුවට එකම ඉල්ලීම වන්නේ කුඹුක්වැව පාමුල විශාල ප්‍රමාණයේ ළිඳක් කපා ගමට පානීය ජලය දෙන ලෙසින් ඔවුහු ඉල්ලති. කුඹුක්වැවේ වැව ආශ්‍රිතව කුඹුක්ගස් පැවැතීම ජලය පිරිසිදුවීමට බලපාන බව ගම්මුන් කියති. එමෙන්ම ගම්මුන් යෝජනා කරන ස්ථානය අතීතයේ සිටම වැව් සිඳෙන කාලයට ළිං කැපූ ස්ථානය බවයි. එම ස්ථානයේ ජලය ලවණතාවයෙන් අඩු (කිවුල් රස නැති) ගුණාත්මක ජලය බවද ගම්මු කියති.

ශීලා බස්නායක

ලක්බිම

[QUOTE="welu_sumana, post: 17107738, member: 409371"] [SIZE="4"]මෙන්න මේකයි ලංකාවේ ඇත්ත තත්වේ.. මොන පාළකයා ආවත් මේ වගේ අහිංසක මිනිස්සු වෙනුවෙන් කරන දෙයක් නෑ.. නිකන් බොරැවට කෝටි ගණන් වියදම් කරන එකේ අපේ රටේ අසරණ වෙලා ඉන්න මිනිස්සුන්ගේ බඩ ගින්න නිවන්න දෙයක් කරන්න බැරි උන්ද දෙශපාලකයෝ කියන්නේ.. ආපදා කළමණාකරන අමාත්‍යංශය කියලා එකක් තියෙන්න අහවල් ලබ්බකටද මන්දා..:angry: [/SIZE] [COLOR="Red"]නියඟය නිසා කන්න නැතිව දිවුල් ගැටයි - මුරුංගා කොළයි කන කහටගස්දිගිලියේ ගම්මු[/COLOR] මලානික වී ඇත්තෝය. කොටින්ම කියනවා නම් මුළු රටටම බත සැපයූ රජරට දැන් කාන්තාරයක් බඳුය. පේන නොපෙනෙන මානයේ විහිදී තිබූ නිල්වන් කෙත්වතු වෙනුවට අද එහි ඇත්තේ ඉඩෝරයට හසුව අකාලයේ මියගිය ගොවිබිම්ය. සශ්‍රීකත්වයේ පැහැය වූ කොළ පාට වෙනුවට රජරට වෙළා ගනිමින් තියෙන්නේ ගුරු පැහැයය. රන්වන් කරළින් බර වූ කුඹුරු යායක් නියඟයට හසුවී පුරන් වී ගොසිනි. අනුරාධපුර ත්‍රිකුණාමලය පාරේ පිහිටි කහටගස්දිගිලියටත් නියං රකුසාගෙන් බේරීමක් නැතිය. නියඟයෙන් පීඩා විඳින ජනතාවට රජය හා පෞද්ගලික ආයතන ලොරි පිටින් සහනාධාර දෙන බව කීවත් කහටගස්දිගිලියේ ජනතාවට ලුණු කැටයක්වත් නැති බව ගම්මු පවසති. කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 212 තුලානේ ගොවි ජනතාව එසේ පීඩාවට පත්ව සිටින්නෝය. කහටගස්දිගිලිය දෙමටවැව පාරේ පන්වැල්ල හන්දියෙන් හැරී කුඹුක්වැව පාර දිගේ කිලෝමීටර් දහයක් පමණ ගිය විට හමුවන අවසාන ගම්මානය කුඹුක්වැව වෙයි. හබරණ මින්නේරිය දක්වා විහිදෙන හුරුළු රක්ෂිතය කුඹුක්වැව ගම්මානයේ සිට ආරම්භ වෙයි. නගරයෙන් දුරස්ව පැවැතීම හේතුවෙන් කුඹුක්වැව ගම්මානයේ වතගොත ලෝකයාට නිරාවරණය වන්නේද කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකින්නාක් මෙනැයි එම ගම්මු කියති. කුඹුක්වැව ගමේ පදිංචි 52 හැවිරිදි එම්. කපිලරත්න නියං සායෙන් බැට කන අයුරු අපට විස්තර කළේ මෙසේය. අපේ ගම නගරයෙන් ඈත පිහිටීම නිසා අපි විඳින දුක හුඟක් අයට පෙනෙන්නේ නැහැ. අවුරුදු තුනක් එක දිගටම නියඟයට අපේ හේන් කුඹුරු පාළු වුණා. ජීවත්වෙන්න විදියක් නැහැ. වැහිගම්පල දෙයියෝ බිම බැලුවොත් විතරයි අපට බත. එහෙම නැතුව වෙනත් ජල පහසුකම් නැහැ. ගොවිතැන විතරයි අපිට තියෙන්නේ. ග්රාමාරක්ෂක පවුල් කීපයක් සාමාන්‍යයෙන් කාලා බිලා හිටියට ස්ථිර රස්සාවල් නැති පවුල් හුඟක් කෑම බිම නැතිව දුක් විඳිනවා. ගමේ කුලී වැඩත් නැහැ ගමේ ඉඳල කහටගස්දිගිලිය ටවුමට යන්නත් බස් වියදම රුපියල් අනූවක්. යාමට ඒමට රුපියල් දෙසීයක් විතර. එහෙම ගියාට ඒ ටවුමේ රස්සාවල් නැහැ. එතැන ඉඳල මම ගිය මාස තුන හතරටම අනුරාධපුරේ කුලී වැඩ සොයාගෙන ගියා. අනුරාධපුර යන්න එන්න බස් එකට රුපියල් තුන්සිය පනහක් විතර ඕනෑ. ගමේ සමහර පිරිමි කොළඹ පැත්තට කුලී වැඩ සොයාගෙන ගිහිනුත් ආපහු එනවා. කුලී වැඩක් කරගෙන කීයක් හරි හොයා ගත්තම හාල් සල්ලිවලට ගන්න හරි අමාරුයි. හාල් මිල වැඩියි. පාන්පිටි ටිකක්, හාල් ටිකක්, ලූනු මිරිස් ටිකක් ගෙනාවම දවසට එක වේලක් පිරිමහ ගන්නවා. ඒකත් බඩ පිරෙන්න කන්න නැහැ. සමහර විට තේ කොළ ටික ගන්න සල්ලි නැහැ. බෙලිකොළ තම්බලා බොනවා. කොත්තමල්ලි කුඩු තේ වගේ හදලා බොනවා. පුවක් ගන්න සල්ලි නැතිවෙන කොට මයිලගහ පොතු ගලවලා වේලලා පුවක් වාගේ තලා කොළඑක්ක විට කනවා. සීනි වියදම වැඩි නිසා හකුරු ගෙනත් පුංචි කෑලි කපලා පිරිමහ ගන්නවා. නිකං ඉන්න නැහැ. හේන්පිටි, කුඹුරු සුද්ද කරනවා. ගිනි අව්වෙ වැඩ කරන්නේ. ගමේ හුඟක් ළිං හිඳිලා. අපිට වතුර බිමට දෙන්නේ මීමින්නාවල (අල්ලපු ගම) වැවේ කපාපු ළිඳකින්. ඒකේ වතුරත් හොඳටම අඩු නිසා අපිට ටැප් වතුර එන්නේ නැහැ. ඈත ළිඳකින් වතුර බිමට ගන්නවා. නාගන්න වැවේ වතුර ටිකක් තියෙනවා. කෑම තමයි හිඟේට තියෙන්නේ. ගමේ ඉල්ලාගන්නත් කාටවත් නැහැ. හැමෝම මේ කරදරේට වැටිලා. හැම ගෙදරකම කෑම බිම හිඟේ. කුඹුක්වැවේ 48 හැවිරිදි යූ. දිසානායක කියන්නේ ද ඒ කතාවය. කනබොන හැටි කියන්න ලැජ්ජාවෙ බෑ. මම විතරක් නොවෙයි හුඟදෙනෙක් කියන්නේ නැහැ. මේ දවස්වල සමහර වතුවල තියෙන මඤ්ඤාෙක්කා අලවත් තැම්බෙන්නෙ නැහැ. ඒත් අල පඳුරක් ගලවපුවම අහළ පහළ අයට බෙදලා දෙනවා. සමහරු ගිහිං ඉල්ලා ගන්නවා. අපේ ගම්වල මිනිස්සු බෙදා හදා ගන්නවා. හැබැයි ඒ මඤ්ඤාෙක්කා අල තැම්බෙන්නෙ නැති වුණාට කවුරුවත්ම වීසි කරන්නෙ නැහැ. ළිපේ තියල තම්බලා හප හපා කනවා. මේ ළඟ ගෙදරක තරුණ ගෑනු කෙනෙක් දැනුත් බඩේ කැක්කුම වමනෙ දානවා කියල මගෙ බයිසිකලේ ඉල්ලුවා ඉස්පිරිතාලේ ගෙනියන්න. ඒත් බයිසිකලේ ගෙනියන්න බැරි තරමට අමාරුලු. බස් එකේ ගෙනියන්න බැරි තරමට අමාරුලු. බස් එකේ යන්න බස් කුලී නැතිලු. මම හොයලා බැලුවා කාලා තියෙන්නේ තැම්බෙන්නෙ නැති මඤ්ඤාෙක්කා අල. අපේ වත්තේ දිවුල් ගහෙන් අමු දිවුල් කඩාගෙන හුඟක් අය ගෙනියනවා. අමු දිවුල් ඇල්වතුරට දාලා ලුණුමිරිස් දාලා හොඳි උයනවා. මුරුංගා කොළ මැල්ලුම වාගෙ උයාගෙන ඒ දෙක කනවා. බත් නැහැ. රොටි නැහැ. මැල්ලුමකට පොල් ටිකක්වත් නැහැ. අපේ ගෙවල්වල කෑම කන්නෙත් ඔහොම තමයි. හේන් කුඹුරු සුද්ද කරගෙන ගොවිතැන් කරන්න ඉන්නවා. ඒත් බිත්තර වී, බඩ ඉරිඟු, කුරක්කන් බිජ වර්ග අපි කාටවත්ම නැහැ. ගඩොල් කැපුවා. ඒවාත් විකුණ ගන්න නැහැ. හැම ගෙදරකම වාගෙ ගඩොල් කපාගෙන මග බලාගෙන ඉන්නවා. කවුරුවත් ගඩොල් ගන්න එන්නේ නැහැ. ඉතින් රජයෙන් අපේ ගම්වල ජනතාව ගැන සොයා බලන්න එන්න. අපි බොරු කියනවද කියල ගෙවල්වලට ඇවිත් බලන්න. කුඩා ළමයි පවා දවසට කන්නෙ එක වතාවයි. අමු දිවුල්, අමු අඹ ගැට ලුණු දාලා අනලා අපි කනවා. ඉතින් පොඩි ළමයිනුත් ඒවා කාලා වතුර ටිකක් බිලා දවස ගත කරනවා. ඉන්ද්‍රානි මහත්මිය වයස අවුරුදු 52යි. අපි කනහැටි ළිපා දනී කිව්වා වාගේ. මේ දවස්වල ගස්වල මුරුංගා කොළ, මුරුංගා කරල් හැදෙනවා. (හැම ගෙදරකම නැහැ) මුරුංගා ගසුත් වල් අලි කනවානේ. මේ නියඟයට හැදෙන්නේ මුරුංගා විතරයි. හාල් මිල වැඩියි. ගන්න අමාරුයි. කුලී වැඩක් කරලා හරි, ණයට හරි හාල් කිලෝ එකක් ගෙනාවොත් ඒක දිහා බල බලා තියාගෙන ඉන්න වෙලා තියෙන්නේ. මුරුංගා කරල් උයන වෙලාවෙ ඒවා වැඩියෙන් උයනවා. හාල් හුණ්ඩුවක් විතර උයනවා. බත් හැඳි බාගයක් දාගෙන මුරුංගා මාළුව වැඩියෙන් පිඟානට බෙදා ගන්න කොට හුඟක් දුක හිතෙනවා. මාවිල්ආරුවලටයි සුනාමියටයි ආධාර එකතු කරනකොට අපි ගෙවල්වල තිබුණු පොල් බෑය, පොල් අඩලය පවා හාල් ගෝනිවලට දාලා යැව්වා. එතකොට අපිට වී හාල් තිබුණා. දැන් අපිට නියං සාගතේ. අපේ දුක කාටවත් පේන්නෙ නැද්ද කියල හිතෙනවා. දැන් ඉතිං මේ කන්නෙට වැස්ස ලැබුණොත් කරන ගොවිතැන් එළිබහිනකං වැහි හාර මාසෙට අපිට කවුදෑ පිහිට වෙන්නේ. අපේ අල්ලපු ගම මීමින්නාවල. ඒ ගමේ අයටත් මේ වාගෙම තමයි. සමෘද්ධි පවුල්වලටවත් රජයෙන් වියළි සලාක වැඩපිළිවෙළක්වත් යෙදුවොත් හොඳයි. කුඹුක්වැව ගම්වාසීන්ගේ කුඹුරුවලට අහස් දියෙන් ජලය රැස්කර ගන්නා කුඩා ප්‍රමාණයේ වැව් වන කිරිමැටියාව, තිඹිරිවැව, පාළුවැව, මීමින්නාවල ආදි වැව් සියල්ලම සිදී ගොසිනි. කුඹුක්වැව වැවේ සාමාන්‍යයෙන් සෑම වසරකම පාහේ වැව් මහවලේ ජලය සාමාන්‍ය ප්‍රමාණයක් පවතින අතර මෙවරද ගම්මුන්ට දිය නෑමට, ගවයින් වන සතුන් ආදිනට ප්‍රමාණවත් තරමේ ජල ප්‍රමාණයක් පවතී. සියලුම වැව්වල රොන්මඩ පිරී ඇත. ඒවා ඉවත් කළ යුතු බව ගම්මු කියති. ගම්මුන්ගේ පානීය ජල ගැටලුවට එකම ඉල්ලීම වන්නේ කුඹුක්වැව පාමුල විශාල ප්‍රමාණයේ ළිඳක් කපා ගමට පානීය ජලය දෙන ලෙසින් ඔවුහු ඉල්ලති. කුඹුක්වැවේ වැව ආශ්‍රිතව කුඹුක්ගස් පැවැතීම ජලය පිරිසිදුවීමට බලපාන බව ගම්මුන් කියති. එමෙන්ම ගම්මුන් යෝජනා කරන ස්ථානය අතීතයේ සිටම වැව් සිඳෙන කාලයට ළිං කැපූ ස්ථානය බවයි. එම ස්ථානයේ ජලය ලවණතාවයෙන් අඩු (කිවුල් රස නැති) ගුණාත්මක ජලය බවද ගම්මු කියති. ශීලා බස්නායක [URL="http://lakbima.lk/index.php?option=com_content&view=article&id=39489:2014-09-07-07-03-19&catid=48:2012-04-02-08-50-52&Itemid=75"]ලක්බිම[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom