Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත

ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත

ධර්ම දේශකයන් වහන්සේලා සිය ධර්ම දේශනාව ආරම්භයේ දී "ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ පින්වතුනි" යනුවෙන් සඳහන් කරනු ඔබ බොහෝ විට අසා ඇත. මෙසේ සඳහන් කරන ශ්‍රද්ධාව යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන සෑම බෞද්ධයකු විසින් ම පැහැදිළි අවබෝධයක් ලබා තිබීම වැදගත් ය.

සප්ත ආර්ය ධනය සඳහන් කරන තැන්වල දී "ශ්‍රද්ධාව" බෞද්ධයා තුළ තිබිය යුතු ධනය ලෙස සඳහන් කර ඇත. එසේම පංච ඉන්ද්‍රීය අතරින් පළමුවැන්න, ශ්‍රද්ධාව ලෙස දැක්වීමෙනුත් එසේම පංචබල අතුරින් පළමුවැන්න ශ්‍රද්ධා බලය ලෙස පෙන්වා දීමෙන් ශ්රද්ධාවට මෙතරම් ප්රමුඛ ස්ථානයක් දීමෙන් ම බෞද්ධයාට එහි වැදගත්කම කියනු කිම, බුද්ධ, ධම්ම, සංඝ යන බුදු දහමේ දැක්වෙන ත්‍රිවිධ රත්නය විචිකිච්ඡාවෙන් හෙවත් සැකයකින් තොරව විශ්වාස කිරීමට සහ ප්‍රසාදයට ශ්‍රද්ධාව මුල් වේ. විචිකිච්ඡාව නිවන් දොර ආවරණය කරන ධර්ම පහෙන් එකක් වන අතර, සසර බැඳ තබන බැමි 10 න් එකක් ද වන බැවින් බලවත් අකුසලයක් වේ. ඒ නිසා මේ විචිකිච්ඡාව මුළුමනින් ම සිතින් ඉවත් නොකළහොත් සෝවාන් ආර්ය තත්ත්වයට පත් නොවේ.

ශ්‍රද්ධාව යන වචනය මඡ්Cධිම නිකායේ ගැටපද විවරණයේ පැහැදිළි කර ඇත්තේ මෙසේය. "බුද්ධාදී ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත්හි ඇතිවන පැහැදීම හා එහි ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතරින් ප්‍රධාන වශයෙන් අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධාව නමි. ශ්‍රද්ධාව පහළවත්ම සිත පහන් වේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනේ ප්‍රයෝජන සලසා ගත නොහැකිය. පළමුකොට බුදුසසුනට ඇතුළු වන්නේ, ශ්‍රාවකයකු වන්නේ ශ්‍රද්ධාවෙනි".

ශ්‍රද්ධාව යනු භක්තිය නොවේ. එය චල හා අචල වශයෙන් කොටස් කරනුයේ වරින් වර වෙනස් වන්නා වූ සහ වෙනස් නොවන්නා වූ වශයෙනි. අප සෝවාන් තත්ත්වයට පත්වන තෙක් අප තුළ පවතින ශ්‍රද්ධාව චල හෙවත් වෙනස් වේ. එය ලෞකික ශ්රද්ධාවයි. අප තුළ මුලින්ම ඇති වන මේ චල හෙවත් සෙලවෙන ශ්‍රද්ධාව තිර හෙවත් අචල තත්ත්වයට පත්වන තෙක් ආරක්ෂා කර ගත යුතු වේ.

සියලුම ආමිස පූජාවලදී ද, සියලුම ප්‍රතිපත්ති පූජාවලදී ද ශ්‍රද්ධාව තිබිය යුතුම ය. සෑම වෑංජනයකටම ලුණු අවශ්‍ය වන්නා සේ සෑම පුණ්‍ය කටයුත්තක දීම ශ්‍රද්ධාව මුල් තැන ගනී. ශ්‍රද්ධාව ශෝභන චෛතසිකයකි. එය කුසල් සිත් හි යෙදෙන විට අරමුණෙහි සිත පහදවයි. සතුට සොම්නස ඇතිවේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනින් ප්‍රයෝජන ලබාගත නොහැකි වන්නේ, ශ්‍රද්ධාවෙන් තොරව කරන කිසිම කුසල කර්මයක් කුසල විපාක දීමට සමත් නොවන බැවිනි. එහෙයින් බුදු දහමට අනුව වත් පිළිවෙත් පිරීම ශ්‍රද්ධාව පෙරමුණු කොටම ඇති විය යුත්තකි. ශ්‍රද්ධාවෙන් යුතු බෞද්ධයා ත්‍රිවිධරත්නය කෙරෙහි අහිතක්, ද්වේශයක්, මිථ්‍යාදෘෂ්ටියක්, සැකයක්, අවිශ්වාසයක් ඇති කර නොගනී.

ඒ ඒ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥ යන ශ්‍රේෂ්ඨ ගුණාංග කොතරම් දුරට මෝරා තිබේ ද යන්න දැන ගන්නා ඥනයක් තථාගතයන් වහන්සේට විය. එම ඥනයෙන් බලා උචිත දහම් දෙසූ සේක. වරක් සුරම්භට්ට නම් ගොවියෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ තිසරණගතව සෝවාන් වී ආපසු ගිය විට ඔහු පරීක්ෂා කරනු සඳහා මාරයා බුදුරදුන්ගේ වෙසක් මවාගෙන සුරම්භට්ටගේ නිවස ළඟට පැමිණ තමන්වහන්සේ මීට ප්‍රථම දේශනා කළ ධර්මය අසත්‍ය බව කීවේ ය. එහෙත් තමා සෝවාන් තත්ත්වයට පත්ව සිටි බැවින් මේ නියම බුදුරජාණන් වහන්සේ විය නොහැකි යෑයි මාරයාට පිටුපා සිටියේ ය. මාරයා ලඡ්ජා වී ආපසු ගියේ ය. ඒ අචල ශ්‍රද්ධාව නිසා ය.

"බුදුරජාණන්වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කර ගතහොත් සෝවාන් වෙයි" යනුවෙන් සංයුක්ත නිකායේ සහස්ස සූත්‍රයේ වදාරා ඇත.

සද්ධා යන වචනය මඡ්Cධිම නිකායේ පැහැදිලි කර ඇත්තේ මෙසේ ය. "බුද්ධාදී ත්‍රිවිධ රත්නය කෙරෙහි පවත්නා ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතරින් ප්‍රධාන වශයෙන් අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධා නම් වෙයි. "ශ්‍රද්ධාව පහළවත් ම සිත පහන් වේ. ශ්‍රද්ධාව නොමැති ව බුදු සසුනින් ප්‍රයෝජන සලසා ගත නොහැකිය. පළමුකොට බුදුසසුනට ඇතුළු වන්නේත් ශ්‍රාවකයෙකු වන්නේත් ශ්‍රද්ධාවෙනි".

ශ්‍රද්ධාව කෙතරම් බලවත් ඉන්ද්‍රියයක් ද යනු එයින් ම පැහැදිළි වන්නේ ය. සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ කසීභාරද්වාජ සූත්‍රයේ මෙසේ වදාරා ඇත. "ශ්‍රද්ධාව බීජයයි. තපස වැස්සයි. මාගේ වියදණ්ඩ හා නගුල නුවණයි. ලඡ්ජාව නගු ලිසය. සිත කෙතයි, සතිය හෙවත් සිහිය මගේ හී වැල හා කෙවිට යි." ශ්‍රද්ධාව බීජය යනුවෙන් දේශනා කීරීමෙන් පෙන්වා ඇත්තේ ශ්‍රද්ධාව නමැති බීජය නරක් වුවහොත් කෙතරම් මහන්සි වී කෙත සකස් කර වැපිරුව ද එයින් ඵලක් නොවන බව පැහැදිළි කිරීම සඳහා යි.

ආලවක යක්ෂයා දමනය කිරීම සඳහා ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ යෑයි වදාළ සේක. තවද එම සූත්රයේම ගිහිගෙයි වෙසෙනා යමෙකුට සත්‍යයත්, ධර්මයත්, දැක්මත්, ත්‍යාගයත් යන මේ ධර්ම සතර තිබේ නම් හෙතෙම පරලොවට පැමිණ ඒකාන්තයෙන් ම ශෝක නොකරයි යනුවෙන් වදාළහ.

බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක් දෙවියෙක් ශ්‍රද්ධාව, ශීලය, සිහිය, ත්‍යාගය, ප්රඥව සහිත වූ නිසා මරණින් මතු තමා තව්තිසා දෙව්ලොව උපන් බවත් අනෙකුත් දෙවියන්ට වඩා බලසම්පන්න වූ සිරුරක් ඇතිව උපන් බවත්, අනෙක් දෙවිවරු ඔහුට නින්දා කළ බවත් ප්‍රකාශ කළහ.

අනෙක් දෙවිවරු ඇමතූ සක්දෙවි රජු මොහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල වූ, මැනවින් පිහිටියා වූ ශ්‍රද්ධාව නිසා මෙසේ බැබළෙන බවත් ප්‍රකාශ කළ බව සංයුක්ත නිකායේ දලිද්ද සූත්‍රයේ දැක්වේ. ප්රඥවන්තයා බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද, ධර්මය දැකීම ද සිහිකරන්නේ අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ යෑයි එම සූත්‍රයේ තවදුරටත් පෙන්වා දෙයි.

මේ දේශනා අනුව පැහැදිලි වන්නේ අනෙක් සෑම ඉන්ද්රිය භාවනාවකටම ප්‍රධාන කොට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධා ඉන්ද්රිය බවයි.

ශ්‍රද්ධාව ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ ඔවුන්ට ධර්මය අවබෝධ වන ප්‍රමාණය අනුවයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම විස්තර කරන රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ මෙසේ පැහැදිළි කරති.

"බුද්ධා දී රත්නත්‍රයෙහි ගුණයක් ගෙන භාවනා වශයෙන් එය මෙනෙහි කරන්නට වන් කල්හි, ඒ අරමුණ තමාගේ හිතට මිහිරි වේ නම් එහි සිත පිහිටුවාගෙන එය මෙනෙහි කරමින් සිටීම සිතට ආශ්වාදයක් වේ නම්, ධ්‍යානයට සම වැදුණු කෙනෙකුට මෙන් කැමැතිතාක් කල් එය මෙනෙහි කරමින් සිටිය හැකි වේ නම්, එයින් ශ්‍රද්ධා ඉන්ද්රිය වැඩි දියුණු වේ. බුද්ධ ගුණය අවබෝධ නොවී භාවනා කිරීමෙන් ද ශ්‍රද්ධා ඉන්ද්රිය නොවැඩේ.

එම ග්රන්ථයේම "ලෝභා දී කෙළෙසුන්ට නොසෙල්විය හැකි පමණට කෙළෙස් පැරදවිය හැකි නැසිය හැකි පමණ ශක්තිමත් වූ ශ්‍රද්ධාව ශ්‍රද්ධා බලයයි."

"ශ්‍රද්ධාව මඳ තැනැත්තාට හෙවත් දුබල ශ්‍රද්ධාවක් ඇති තැනැත්තාට යෝග කර්ම අප්‍රිය දෙයකි. ඔහුට එහි ආශ්වාදයක් ප්‍රීතියක් නැත, එබැවින් යෝග ක්‍රියාව ජයගත්තේ ද, ඔහුගේ සිත එහි නොපිහිටා වෙනත් දැ දෙසට නැවත හැරෙන්නේය. සිතට යෝග කර්ම ප්‍රියවීමට යෝග කර්මයන්ගෙන්, ආශ්වාදයක් ප්‍රීතියක් ලැබිය හැකි වීමට බලවත් ශ්‍රද්ධාවක් තිබිය යුතු ය".

ශ්‍රද්ධාව චෛතසිකයකි. යෝග කර්ම වලින් ප්‍රතිඵල ලැබීමට සිත ශ්‍රද්ධාවේ පිහිටුවා ගත යුතු ය.

"මහණෙනි, මෙලොවෙහි විද්‍යමාන වූ පුද්ගලයෝ සත් දෙනෙක් ඇත. කවර සත් දෙනෙක් ද යත්, උභතොභාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, කායසක්‚, දිට්ඨප්පත්ත, සද්ධා විමුක්ත, ධම්මානුසාරී, සද්ධානුසාරී යන සත්දෙනා ය".

මෙහි එන සද්ධා විමුක්ත පුද්ගලයා තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව බැසගත් මුල් ඇතිව සිටී. ඔහු අප්‍රමාදව කටයුතු කළහොත් මේ ආත්මයේ දීම නිවන අවබෝධ වන්නේයි කට්ටගිරි සූත්‍රයේ දේශනා කර ඇත.

ඉහත සඳහන් පුද්ගලයන් සත්දෙනා අතුරින් සද්ධා විමුක්ත, කාය සක්‚ හා දිට්ඨප්පත්ත යන තිදෙනාගෙන් ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව පමණක් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය ය. සද්ධා විමුක්ති පුද්ගලයා ශ්‍රද්ධා ඉන්ද්රිය අධිමාත්‍රකොට වැඩූ පුද්ගලයා ය. කාය සක්‚ පුද්ගලයා සමාධි ඉන්ද්රිය අධිමාත්‍ර කොට වැඩූ පුද්ගලයාය. දිට්ඨප්පත්ත පුද්ගලයා ප්‍රඥ ඉන්ද්රිය අධිමාත්‍රකොට වැඩූ පුද්ගලයාය.

ශ්‍රද්ධාවේ වටිනාකම පැහැදිළි කිරීමක් පහත දැක්වෙයි.

සැරියුත් තෙරණුවෝත්, මහා කොට්ඨිත තෙරණුවෝත්, සවිට්ඨ තෙරණුවෝත් අතර ඇති වූ සාකච්ඡාවේදී සැරියුත් තෙරණුවන්ගේ අදහස වූයේ ප්‍රඥ ඉන්ද්රිය අධිකව වැඩූ දිට්ඨප්පත්ත පුද්ගලයා වඩා උසස් බවයි. මහා කොට්ඨිත තෙරණුවන්ගේ අදහස වූයේ සමාධි ඉන්ද්රිය ප්රමුඛව වඩන කාය සක්‚ පුද්ගලයා වඩා උසස් බවයි. සවිට්ඨ තෙරණුවන්ගේ අදහස වූයේ සද්ධා ඉන්ද්‍රියට ප්රමුඛ ස්ථානයක් දුන් ශ්‍රද්ධා විමුක්ත පුද්ගලයා උසස් බවයි.

මේ පිළිතුරු එකිනෙක වෙනස් වූයෙන් සැරියුත් තෙරණුවන්ගේ අදහස අනුව මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා තථාගතයන් වහන්සේ වෙතින් විමසූහ. උන්වහන්සේ මේ තිදෙනා අතුරින් කවරෙකු ශ්‍රේෂ්ඨ ද යන්න තීරණය කිරීම අපහසු බවත්, ඔවුන් තුළ පවතින ශ්‍රේෂ්ඨ ලක්ෂණ පිළිබඳවත් පැහැදිලි කළ සේක.

1. කාය සක්‚ හා දිට්ඨප්පත්ත යන පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්ථාවේ සිටියදී සද්ධා විමුක්ති පුද්ගලයා රහත් මඟට පිවිසෙන්නේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වේ. සද්ධා විමුක්ති හා දිට්ඨප්පත්ත පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්ථාවේ සිටිය දී කාය සක්‚ පුද්ගලයා රහත් මගට පිවිසියේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වන්නේ ය.

2. සද්ධා විමුක්ත හෝ කාය සක්‚ පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්ථාවේ දී සිටිය දී දිට්ඨප්පත්ත පුද්ගලයා රහත් මඟට පිවිසෙන්නේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වන්නේ ය.

මෙහිදී වැදගත් කරුණු කීපයක් අපට දක්නට ලැබේ. එනම්, ශ්රද්ධාවත්, සමාධියත්, ප්රඥවත් නිවන් මඟට අත්‍යවශ්‍ය බවයි. ඒ අනුවද ශ්‍රද්ධාව නිවනට පිවිසීමට ප්‍රධාන සාධකයක් වන බවයි.

නිවන් අවබෝධ කරනු කැමැත්තා විසින් පළමුවෙන්ම ඇතිකර ගත යුත්තේ ශ්රද්ධාවයි. කුමක් කෙරෙහි ශ්රද්ධාවද, බුද්ධ ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්රද්ධාවයි. නව අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධාවය. ශ්‍රද්ධාව පහළ වෙත්ම බුද්ධාදි අට තැනක ඇතිවෙන්නා වූ සැකය දුරු වන්නේ ශ්‍රද්ධාවෙනි. ඒ නිසා ශ්‍රද්ධාව ප්‍රථම අංකයයි, සප්ත ආර්ය ධනය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව එහි මුල්ම අංගය වශයෙන් වදාරා ඇත්තේ මේ නිසාය. අප තුළ පවත්නා ශ්‍රද්ධාව හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා ඇත.

හීන ශ්‍රද්ධාව වහා ඇති වී නැති වී යන්නේ ය. ස්ථිර බවක් නැත. එහෙත් මධ්‍යම ශ්‍රද්ධාව ඊට වඩා ප්‍රබලයි. නමුත් සිතේ අර්ජණා සමාධිය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. ප්‍රනීත ශ්‍රද්ධාව ලත් පුද්ගලයා තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවන්නා වූ චිත්ත ප්‍රීතිය භුක්ති විඳ එය නැවත නැවතත් උපදවාගනු සඳහා ශ්‍රද්ධාව වැඩිකර ගනී. ශ්‍රද්ධාව වැඩිවන ආකාරයේ පුණ්‍ය කටයුතු වල යෙදෙයි. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ සිහි කරයි. ඔහු අර්ජණා සමාධිය වහා ලබයි.

ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදේ.

ආගමන ශ්‍රද්ධා, අධිගමන ශ්‍රද්ධා, ඔකප්පන ශ්‍රද්ධා, ප්‍රසාද ශ්‍රද්ධා එකොළොස් ආකාරයකට ශ්‍රද්ධා ප්රදානය බෙදා හඳුන්වා ඇත.

1. සිල්වත් වීම සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මීමම, රැකීම, ශ්‍රද්ධා පදානයයි.

2. බහුශ්‍රැත වේ නම්, ප්‍රඥයෙන් සුප්රතිබද්ධ වේ නම් ශ්‍රද්ධායෙන් ශ්‍රද්ධාපදාන වෙයි.

3. කල්‍යාණ මිත්‍ර සේවනයෙන් ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

4. ධර්මානු ශාසනාව ප්රදක්ෂිණයෙන් ගෙන කීකරු වීම ශ්‍රද්ධාපදාන වෙයි.

5. සබ්බරුන්ගේ අවවාද අනුශාසනා අසන එහි අනලස්ව යෙදෙන ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාපදාන වෙයි.

6. ධර්මයට ඇත්තේ අභිධර්මයෙහි අභිවිනය ඇත්තේ උදාර ප්‍රමෝදය ඇත්තේ ශ්‍රද්ධාපදාන වෙයි.

7. අකුසල ප්රහානයටත් කුසල වර්ධනයටත් වීරිය වඩන්නේ ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

8. නිදුකින් අධිචිත්ත වූ ධ්‍යාන 4 ලබා කැමැති පරිදි වාසය කෙරේද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

9. ධ්‍යාන ලබා පූර්වයෙහි විසූ කඳ පිළිවෙළ සිහි කරයිද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

10. දිවැස් ලබා චුති උත්පත්ති බැලීමට සමත්වේද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි.

11. ආශ්‍රව ක්ෂය චෙතොවිමුක්ති පඤ්ඤා විමුක්ති මේ ආත්මයෙහි ඵල ලබාද ශ්රද්ධායාගේ ශ්‍රද්ධාපදාන වෙයි. (අ.නි. සුභූති සූත්‍රය) ආගමන ශ්‍රද්ධාව සර්වඥ, බෝධිසත්ත්වවරුන්ගේ පාරමිතා පිරීම පටන් ගත් බැවින් ආගමන ශ්‍රද්ධා නම්,

අධිගමන ශ්‍රද්ධාව - ආරිය ශ්‍රාවකයන් ප්‍රතිවේධයෙන් පැමිණි බැවින් ඔවුන්ගේ ශ්‍රද්ධාව අධිගමන ශ්‍රද්ධා නම්

ඔකප්පන ශ්‍රද්ධාව - බුදුන්, දහම්, සඟුන් කෙරෙහි ප්‍රසාදය ශ්‍රද්ධා - ප්‍රසාදයට හේතුවන බැවින් ප්‍රසාද ශ්‍රද්ධා නම්,

ආකාරවතී ශ්‍රද්ධා - පෘථග්ජනයා තුළ ඇති සැලෙන ශ්රද්ධාවයි.

අචල ප්‍රසාදය - නොසැලෙන, නොවෙනස්වන, පැහැදීම මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිවනුයේ මාර්ගඵල ලාභීන්ට පමණි.

මාර්ග සිත්වල යෙදෙන ශ්‍රද්ධා චෛතසික නිවන් අරමුණෙහි සිත පහදවන නිසා ලෝකෝත්තරයි. එය කිසිදු හේතුවක් නිසා නොසෙල් වේ.

අමූලිකා ශ්‍රද්ධා - ශාස්තෲන්වහන්සේට ඇති ගෞරවය නිසා ඇතිකර ගන්නා භක්තිය පෙරදැරි කරගත් ශ්‍රද්ධාව හඳුන්වනු ලබන්නේ අමූලික ශ්‍රද්ධා නමිනි. එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වී ඇත.

නිවන අවබෝධ කරනු කැමැත්තා විසින් පළමුවෙන් ම ඇතිකර ගත යුත්තේ අපගේ ශාස්තෲවරයාණන් වන බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් උන්වහන්සේ දේශනා කළ ආර්ය ධර්ම කෙරෙහීත් මහා සංඝරත්නය කෙරෙහිත් ශ්‍රද්ධාව, විශ්වාසය, ප්‍රසාදය. අචල ප්රසාදයයි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවලදී පැහැදිළි කර ඇත.

ශ්රද්ධාවද චල හා අචල වශයෙන් කොටස් දෙකකට වෙන් කෙරේ. චල ශ්‍රද්ධාව නම් වරින් වර වෙනස්වන ශ්රද්ධාවයි. උදා - දානයක් දෙනවිට, මල් පහන් පුදන විට සිතේ ශ්‍රද්ධාව ඇතිවේ. නමුත් එහිදී ඇතිවන පැහැදීම එම පුණ්‍ය කර්මයෙන් පසුව සිතින් ඉවත්ව යයි. අචල ශ්‍රද්ධාව අවේච්ච ප්‍රසාදය එසේ නොවේ. එය නිවන් දක්නා තෙක් සිතේ නොසෙල් වී පවතී. ඊට හේතුව තෙරුවන් ගුණ නුවණින් අවබෝධ වීමයි. ශ්‍රද්ධාව සිත තුළ පහළ වන රාග, ද්වේෂ, මෝහ ආදී කෙළෙස් ඉවත්කොට සිත ප්‍රභාෂ්වර තත්ත්වයට පත්කර දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වන්හි යෙදීමට පොළඹවයි. මෙය ශෝභන චෛතසිකයකි. අචල ශ්‍රද්ධාව ඇත්තා ත්‍රිවිධ රත්නය කෙරෙහි කිසිවිටෙකත් සැක නොකරයි. අචල ශ්‍රද්ධාව පිළිබඳ උදාහරණයක් දෙන බුදුරජාණන් වහන්සේ එය සතර දිගින් හමන සුළඟින් නොසෙල්වෙන ඉන්ද්‍ර ‚ලයක් හා සමානයෑයි වදාළහ.

මේ දේශනා අනුව පැහැදිළි වන්නේ ආර්ය ශ්රාවකයා සම්මා සමාධිය අපේක්ෂා කරන්නේ නම් ඔහු මුලින්ම ශ්‍රද්ධාව නමැති බීජය වපුරාගත යුතු බවයි. බීජය නරක් වුවහොත් පැළවීමක් නොමැත්තා සේ ශ්‍රද්ධාව අචල නොවුවහොත් ඉන් ඉදිරියට කිසි ප්‍රතිඵලයක් නොලැබෙන්නේ ය. මේ නිසා සත්තිස් බෝධි පක්ෂික ධර්මවල ශ්‍රද්ධාව ඉන්ද්‍රීය ලෙස දේශනා කර ඇත්තේ ය. ලෞකික සම්මා දිට්ඨිය පැහැදිළි කරන තැන බුද්ධාදී අට තැනක ඇතිවන සැකය දුරු වීම සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය බව වදාරා ඇත.

ශ්‍රද්ධාව චෛතසිකයකි. යෝග කර්ම වලින් හාස්කම් භුක්ති විඳීමට නම් අචල ශ්‍රද්ධාව අවශ්‍යමය. ශ්‍රද්ධාවෙන් තොරව බුදු දහමේ උගන්වන බුද්ධිය හෙවත් ප්රඥව උපදවා ගත නොහැකිය. පංචඉන්ද්‍රිය, පංචබල හා බෝධි පාක්ෂික ධර්ම අතුරින් මුල්වන්නේ සද්ධා ඉන්ද්රිය, ශ්‍රද්ධා බල යන ධර්මයි. විදර්ශනා ඥනය දියුණු වීම සඳහා ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් දියුණු කර ගත යුතුය.

ශ්‍රද්ධාව, අකුශලයන්ගෙන් සිත පිරිසිදු කරන ශෝභන ධර්මයන් අතරෙන් පළමුවැනි ශෝභන ධර්මයයි. සිත පිරිසිදුව කුශලධර්මයන් උපදින්නේ ශ්‍රද්ධාව උපන් කල්හියි.

ශාසන ප්‍රතිපදාවෙහි මුල සීලයයි. සීලයට මුල ශ්රද්ධාවයි. ශ්‍රද්ධාව නැත්තේ දුශ්ශීල වෙයි. ශ්‍රද්ධාව ඇත්තෝ සිල්වත් වෙයි. ගිහියා පන්සිල් නොරකින්නේ ශ්‍රද්ධාව නැති නිසා ය. ශ්‍රද්ධාව ඇති පුද්ගලයා සිල් රකියි. ශික්ෂාපද ආරක්ෂා කරයි (බුදු දහම හා සමාජය ආරියරත්න)

නිවන් අවබෝධ කරගනු කැමැත්තා විසින් පළමුවෙන් ඇතිකර ගත යුත්තේ ශ්රද්ධාවයි. කුමක් කෙරෙහි ශ්රද්ධාවද බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්රද්ධාවයි. නැතහොත් විශ්වාසයයි. පිළිගැනීමයි. එය සම්මා දිට්ඨිගත වීමට උපකාර වේ. එබැවිනි, ශ්‍රද්ධාව මුලින්ම ද ඊළඟට ශීලය ධනයක් ලෙස සප්ත ආරිය ධන පිළිබඳ දේශනයේදී වදාරා ඇත්තේ,

බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙචා ප්‍රසාදය ඇතිකර ගත්තකු සෝවාන් වෙයි. යනුවෙන් සංයුක්ත නිකායේ දැක්වේ. බුදුරජාණන් වහන්සේද දැක ශ්‍රද්ධාව ඇති වූ බැවින් තමා රහත් වූ බව වංගීස තෙරුන්වහන්සේ ප්‍රකාශ කළහ. යම් ශ්‍රද්ධාවකින් ගිහි ගෙයින් නික්ම පැවිදි වී නින්දට වසඟ නොවී ඒ ශ්‍රද්ධාව වඩන්න, ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ. යමෙකුට තථාගතයන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචලව මැනවින් පිහිටියේද යමෙකුගේ ශීලය ආරියකාන්ත වූයේ පසස්නා ලද්දේද, රත්නත්‍රය කෙරෙහි පැහැදීම ඇද්ද, ඤාණ දර්ශනයෙන් සෘජු වූයේද ඔහු දිළින්දෙක් නොවේ යෑයි බුද්ධාදී උතුමෝ කියති. එහෙයින් ප්‍රාඥ තෙමේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද ධර්මය දැකීමද අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේය.

බුද්ධරත්නය කෙරෙහි පවත්නා ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතුරින් ප්‍රධාන වශයෙන් නව අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධා නම් ශ්‍රද්ධාව පහළවත්ම සිත පහන් වේ. පිරිසිදු වේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනින් ප්‍රයෝජන ලබා ගත නොහැකි ය. පළමු කොට බුදු සසුනට ඇතුළු වන්නේ ශ්‍රද්ධාවෙනි. පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව පිළිබඳ සාථිමත්තිය රහතන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත.

"පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව අනිත්‍ය එකක්මයි. ඒ ශ්‍රද්ධාව මොහොතකින් වෙනස් වෙනවා. මං ඒක හොඳට දැකල තියෙනවා. වෙලාවකට ඒ උදවිය පැහැදිලා සතුටු වෙනවා. තවත් වේලාවකදී අපැහැදිලිව කලකිරෙනවා" (ථෙර ගාථා 247)

උපාලි රහතන් වහන්සේ සිය උදාන ගාථාවන්හි මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. 'ගිහිගෙය අතහැරලා ශ්‍රද්ධාවෙන්ම ශාසනයට පැමිණි එම නවක භික්ෂුව පිරිසිදු ජීවිතයක් ගෙවන්න ඕන. හොඳට ධර්ම විනය ඉගෙන ගන්ට ඕන. (ථෙර ගාථා 250)

ශ්‍රද්ධාව ඇතිවීම සඳහා උපකාර වන ධර්ම සත්‍යානුප්‍රාප්තියට කවර ධර්ම උපකාර වේද? මාර්ග ප්රදානය උපකාරීවේ මාර්ග ප්‍රදානයට කවර ධර්ම උපකාර වේද? කලාව බහුපකාරී වේ.

කලාවට උපකාර වන ධර්ම කවරේද? උත්සාහය උපකාර වේ.

උත්සාහයට උපකාර වන ධර්ම කවරේද? ඡන්දය උපකාර වේ.

ඡන්දයට උපකාර වන ධර්ම කවරේද? දහම් වැටහීම උපකාර වේ.

දහම් වැටහීමට උපකාර වන ධර්ම කවරේද? අනුන් විමසීම උපකාර වේ.

අනුන් විමසීමට උපකාර වන ධර්ම කවරේද? ධර්ම ධාරණය වේ.

ධර්ම ධාරණයට උපකාර වන ධර්ම කවරේද? ධර්ම ශ්‍රවණය උපකාර වේ.

ධර්ම ශ්‍රවණයට උපකාර වන ධර්ම කවරේද? කන් නතු කිරීම උපකාර වේ.

කන් නතු කිරීමට උපකාර වන ධර්ම කවරේද? ඇසුරු කිරීම උපකාර වේ.

ඇසුරු කිරීමට උපකාර වන ධර්ම කවරේද? පෙළඹවීම උපකාර වේ.

පෙළඹවීමට උපකාර වන ධර්ම කවරේද? ශ්‍රද්ධාව උපකාර වේ.

සත්පුරුෂයන් ශ්‍රද්ධාව උපකාර කරගෙන කලණ මිතුරන් සත් පුරුෂයන් ඇසුරු කෙරේ. අභි. ධ. ප්‍රදීපිකාව.

ශ්‍රද්ධාව ඇති වීමට

සීල සමාදන්ව ශික්ෂාපදවල හික්මීම, බහුශ්‍රැත වී නම් සුප්‍රතිවිද්ධ වීම, (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) කලණ මිතුරන් ඇතියේ කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වීම. සුවචභාවය ඇති කර ධර්මයන්ගෙන් සමන්වාගත වූයේ අනුශාසනාව පිළිගෙන සුවචයෙක් වීම, කාර්යයන්හි අනලස්ව, සංවිධානය කිරීම දක්ෂ වූයෙක් වීම.

දයාසේන සේනාරත්න

[QUOTE="Lewke, post: 17580915, member: 510552"] [b]ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත[/b] [CENTER][SIZE="4"]ශ්‍රද්ධාව නැති තැන නිවනට ඉඩ නැත[/SIZE][/CENTER] [SIZE="3"]ධර්ම දේශකයන් වහන්සේලා සිය ධර්ම දේශනාව ආරම්භයේ දී "ශ්‍රද්ධා බුද්ධි සම්පන්න බෞද්ධ පින්වතුනි" යනුවෙන් සඳහන් කරනු ඔබ බොහෝ විට අසා ඇත. මෙසේ සඳහන් කරන ශ්‍රද්ධාව යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන සෑම බෞද්ධයකු විසින් ම පැහැදිළි අවබෝධයක් ලබා තිබීම වැදගත් ය. සප්ත ආර්ය ධනය සඳහන් කරන තැන්වල දී "ශ්‍රද්ධාව" බෞද්ධයා තුළ තිබිය යුතු ධනය ලෙස සඳහන් කර ඇත. එසේම පංච ඉන්ද්‍රීය අතරින් පළමුවැන්න, ශ්‍රද්ධාව ලෙස දැක්වීමෙනුත් එසේම පංචබල අතුරින් පළමුවැන්න ශ්‍රද්ධා බලය ලෙස පෙන්වා දීමෙන් ශ්රද්ධාවට මෙතරම් ප්රමුඛ ස්ථානයක් දීමෙන් ම බෞද්ධයාට එහි වැදගත්කම කියනු කිම, බුද්ධ, ධම්ම, සංඝ යන බුදු දහමේ දැක්වෙන ත්‍රිවිධ රත්නය විචිකිච්ඡාවෙන් හෙවත් සැකයකින් තොරව විශ්වාස කිරීමට සහ ප්‍රසාදයට ශ්‍රද්ධාව මුල් වේ. විචිකිච්ඡාව නිවන් දොර ආවරණය කරන ධර්ම පහෙන් එකක් වන අතර, සසර බැඳ තබන බැමි 10 න් එකක් ද වන බැවින් බලවත් අකුසලයක් වේ. ඒ නිසා මේ විචිකිච්ඡාව මුළුමනින් ම සිතින් ඉවත් නොකළහොත් සෝවාන් ආර්ය තත්ත්වයට පත් නොවේ. ශ්‍රද්ධාව යන වචනය මඡ්Cධිම නිකායේ ගැටපද විවරණයේ පැහැදිළි කර ඇත්තේ මෙසේය. "බුද්ධාදී ත්‍රිවිධ රත්නය කෙරෙහි සිත්හි ඇතිවන පැහැදීම හා එහි ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතරින් ප්‍රධාන වශයෙන් අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධාව නමි. ශ්‍රද්ධාව පහළවත්ම සිත පහන් වේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනේ ප්‍රයෝජන සලසා ගත නොහැකිය. පළමුකොට බුදුසසුනට ඇතුළු වන්නේ, ශ්‍රාවකයකු වන්නේ ශ්‍රද්ධාවෙනි". ශ්‍රද්ධාව යනු භක්තිය නොවේ. එය චල හා අචල වශයෙන් කොටස් කරනුයේ වරින් වර වෙනස් වන්නා වූ සහ වෙනස් නොවන්නා වූ වශයෙනි. අප සෝවාන් තත්ත්වයට පත්වන තෙක් අප තුළ පවතින ශ්‍රද්ධාව චල හෙවත් වෙනස් වේ. එය ලෞකික ශ්රද්ධාවයි. අප තුළ මුලින්ම ඇති වන මේ චල හෙවත් සෙලවෙන ශ්‍රද්ධාව තිර හෙවත් අචල තත්ත්වයට පත්වන තෙක් ආරක්ෂා කර ගත යුතු වේ. සියලුම ආමිස පූජාවලදී ද, සියලුම ප්‍රතිපත්ති පූජාවලදී ද ශ්‍රද්ධාව තිබිය යුතුම ය. සෑම වෑංජනයකටම ලුණු අවශ්‍ය වන්නා සේ සෑම පුණ්‍ය කටයුත්තක දීම ශ්‍රද්ධාව මුල් තැන ගනී. ශ්‍රද්ධාව ශෝභන චෛතසිකයකි. එය කුසල් සිත් හි යෙදෙන විට අරමුණෙහි සිත පහදවයි. සතුට සොම්නස ඇතිවේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනින් ප්‍රයෝජන ලබාගත නොහැකි වන්නේ, ශ්‍රද්ධාවෙන් තොරව කරන කිසිම කුසල කර්මයක් කුසල විපාක දීමට සමත් නොවන බැවිනි. එහෙයින් බුදු දහමට අනුව වත් පිළිවෙත් පිරීම ශ්‍රද්ධාව පෙරමුණු කොටම ඇති විය යුත්තකි. ශ්‍රද්ධාවෙන් යුතු බෞද්ධයා ත්‍රිවිධරත්නය කෙරෙහි අහිතක්, ද්වේශයක්, මිථ්‍යාදෘෂ්ටියක්, සැකයක්, අවිශ්වාසයක් ඇති කර නොගනී. ඒ ඒ පුද්ගලයා තුළ ශ්‍රද්ධාව, වීරිය, සති, සමාධි, ප්‍රඥ යන ශ්‍රේෂ්ඨ ගුණාංග කොතරම් දුරට මෝරා තිබේ ද යන්න දැන ගන්නා ඥනයක් තථාගතයන් වහන්සේට විය. එම ඥනයෙන් බලා උචිත දහම් දෙසූ සේක. වරක් සුරම්භට්ට නම් ගොවියෙක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ තිසරණගතව සෝවාන් වී ආපසු ගිය විට ඔහු පරීක්ෂා කරනු සඳහා මාරයා බුදුරදුන්ගේ වෙසක් මවාගෙන සුරම්භට්ටගේ නිවස ළඟට පැමිණ තමන්වහන්සේ මීට ප්‍රථම දේශනා කළ ධර්මය අසත්‍ය බව කීවේ ය. එහෙත් තමා සෝවාන් තත්ත්වයට පත්ව සිටි බැවින් මේ නියම බුදුරජාණන් වහන්සේ විය නොහැකි යෑයි මාරයාට පිටුපා සිටියේ ය. මාරයා ලඡ්ජා වී ආපසු ගියේ ය. ඒ අචල ශ්‍රද්ධාව නිසා ය. "බුදුරජාණන්වහන්සේ කෙරෙහි අචල ප්‍රසාදය ඇති කර ගතහොත් සෝවාන් වෙයි" යනුවෙන් සංයුක්ත නිකායේ සහස්ස සූත්‍රයේ වදාරා ඇත. සද්ධා යන වචනය මඡ්Cධිම නිකායේ පැහැදිලි කර ඇත්තේ මෙසේ ය. "බුද්ධාදී ත්‍රිවිධ රත්නය කෙරෙහි පවත්නා ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතරින් ප්‍රධාන වශයෙන් අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධා නම් වෙයි. "ශ්‍රද්ධාව පහළවත් ම සිත පහන් වේ. ශ්‍රද්ධාව නොමැති ව බුදු සසුනින් ප්‍රයෝජන සලසා ගත නොහැකිය. පළමුකොට බුදුසසුනට ඇතුළු වන්නේත් ශ්‍රාවකයෙකු වන්නේත් ශ්‍රද්ධාවෙනි". ශ්‍රද්ධාව කෙතරම් බලවත් ඉන්ද්‍රියයක් ද යනු එයින් ම පැහැදිළි වන්නේ ය. සංයුක්ත නිකායේ බ්‍රාහ්මණ සංයුක්තයේ කසීභාරද්වාජ සූත්‍රයේ මෙසේ වදාරා ඇත. "ශ්‍රද්ධාව බීජයයි. තපස වැස්සයි. මාගේ වියදණ්ඩ හා නගුල නුවණයි. ලඡ්ජාව නගු ලිසය. සිත කෙතයි, සතිය හෙවත් සිහිය මගේ හී වැල හා කෙවිට යි." ශ්‍රද්ධාව බීජය යනුවෙන් දේශනා කීරීමෙන් පෙන්වා ඇත්තේ ශ්‍රද්ධාව නමැති බීජය නරක් වුවහොත් කෙතරම් මහන්සි වී කෙත සකස් කර වැපිරුව ද එයින් ඵලක් නොවන බව පැහැදිළි කිරීම සඳහා යි. ආලවක යක්ෂයා දමනය කිරීම සඳහා ඔහුගේ ප්‍රශ්න වලට පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ යෑයි වදාළ සේක. තවද එම සූත්රයේම ගිහිගෙයි වෙසෙනා යමෙකුට සත්‍යයත්, ධර්මයත්, දැක්මත්, ත්‍යාගයත් යන මේ ධර්ම සතර තිබේ නම් හෙතෙම පරලොවට පැමිණ ඒකාන්තයෙන් ම ශෝක නොකරයි යනුවෙන් වදාළහ. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි එක් දෙවියෙක් ශ්‍රද්ධාව, ශීලය, සිහිය, ත්‍යාගය, ප්රඥව සහිත වූ නිසා මරණින් මතු තමා තව්තිසා දෙව්ලොව උපන් බවත් අනෙකුත් දෙවියන්ට වඩා බලසම්පන්න වූ සිරුරක් ඇතිව උපන් බවත්, අනෙක් දෙවිවරු ඔහුට නින්දා කළ බවත් ප්‍රකාශ කළහ. අනෙක් දෙවිවරු ඇමතූ සක්දෙවි රජු මොහු බුදුරජාණන් වහන්සේ කෙරෙහි අචල වූ, මැනවින් පිහිටියා වූ ශ්‍රද්ධාව නිසා මෙසේ බැබළෙන බවත් ප්‍රකාශ කළ බව සංයුක්ත නිකායේ දලිද්ද සූත්‍රයේ දැක්වේ. ප්රඥවන්තයා බුද්ධ ශාසනයෙහි ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද, ධර්මය දැකීම ද සිහිකරන්නේ අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේ යෑයි එම සූත්‍රයේ තවදුරටත් පෙන්වා දෙයි. මේ දේශනා අනුව පැහැදිලි වන්නේ අනෙක් සෑම ඉන්ද්රිය භාවනාවකටම ප්‍රධාන කොට අවශ්‍ය වන්නේ ශ්‍රද්ධා ඉන්ද්රිය බවයි. ශ්‍රද්ධාව ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වේ. ඒ ඔවුන්ට ධර්මය අවබෝධ වන ප්‍රමාණය අනුවයි. සත්තිස් බෝධිපාක්ෂික ධර්ම විස්තර කරන රේරුකානේ චන්දවිමල මහ නා හිමියෝ මෙසේ පැහැදිළි කරති. "බුද්ධා දී රත්නත්‍රයෙහි ගුණයක් ගෙන භාවනා වශයෙන් එය මෙනෙහි කරන්නට වන් කල්හි, ඒ අරමුණ තමාගේ හිතට මිහිරි වේ නම් එහි සිත පිහිටුවාගෙන එය මෙනෙහි කරමින් සිටීම සිතට ආශ්වාදයක් වේ නම්, ධ්‍යානයට සම වැදුණු කෙනෙකුට මෙන් කැමැතිතාක් කල් එය මෙනෙහි කරමින් සිටිය හැකි වේ නම්, එයින් ශ්‍රද්ධා ඉන්ද්රිය වැඩි දියුණු වේ. බුද්ධ ගුණය අවබෝධ නොවී භාවනා කිරීමෙන් ද ශ්‍රද්ධා ඉන්ද්රිය නොවැඩේ. එම ග්රන්ථයේම "ලෝභා දී කෙළෙසුන්ට නොසෙල්විය හැකි පමණට කෙළෙස් පැරදවිය හැකි නැසිය හැකි පමණ ශක්තිමත් වූ ශ්‍රද්ධාව ශ්‍රද්ධා බලයයි." "ශ්‍රද්ධාව මඳ තැනැත්තාට හෙවත් දුබල ශ්‍රද්ධාවක් ඇති තැනැත්තාට යෝග කර්ම අප්‍රිය දෙයකි. ඔහුට එහි ආශ්වාදයක් ප්‍රීතියක් නැත, එබැවින් යෝග ක්‍රියාව ජයගත්තේ ද, ඔහුගේ සිත එහි නොපිහිටා වෙනත් දැ දෙසට නැවත හැරෙන්නේය. සිතට යෝග කර්ම ප්‍රියවීමට යෝග කර්මයන්ගෙන්, ආශ්වාදයක් ප්‍රීතියක් ලැබිය හැකි වීමට බලවත් ශ්‍රද්ධාවක් තිබිය යුතු ය". ශ්‍රද්ධාව චෛතසිකයකි. යෝග කර්ම වලින් ප්‍රතිඵල ලැබීමට සිත ශ්‍රද්ධාවේ පිහිටුවා ගත යුතු ය. "මහණෙනි, මෙලොවෙහි විද්‍යමාන වූ පුද්ගලයෝ සත් දෙනෙක් ඇත. කවර සත් දෙනෙක් ද යත්, උභතොභාග විමුක්ත, පඤ්ඤා විමුක්ත, කායසක්‚, දිට්ඨප්පත්ත, සද්ධා විමුක්ත, ධම්මානුසාරී, සද්ධානුසාරී යන සත්දෙනා ය". මෙහි එන සද්ධා විමුක්ත පුද්ගලයා තථාගතයන් වහන්සේ කෙරෙහි ඔහුගේ ශ්‍රද්ධාව බැසගත් මුල් ඇතිව සිටී. ඔහු අප්‍රමාදව කටයුතු කළහොත් මේ ආත්මයේ දීම නිවන අවබෝධ වන්නේයි කට්ටගිරි සූත්‍රයේ දේශනා කර ඇත. ඉහත සඳහන් පුද්ගලයන් සත්දෙනා අතුරින් සද්ධා විමුක්ත, කාය සක්‚ හා දිට්ඨප්පත්ත යන තිදෙනාගෙන් ශ්‍රේෂ්ඨත්වය පිළිබඳව පමණක් පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අවශ්‍ය ය. සද්ධා විමුක්ති පුද්ගලයා ශ්‍රද්ධා ඉන්ද්රිය අධිමාත්‍රකොට වැඩූ පුද්ගලයා ය. කාය සක්‚ පුද්ගලයා සමාධි ඉන්ද්රිය අධිමාත්‍ර කොට වැඩූ පුද්ගලයාය. දිට්ඨප්පත්ත පුද්ගලයා ප්‍රඥ ඉන්ද්රිය අධිමාත්‍රකොට වැඩූ පුද්ගලයාය. [B]ශ්‍රද්ධාවේ වටිනාකම පැහැදිළි කිරීමක් පහත දැක්වෙයි.[/B] සැරියුත් තෙරණුවෝත්, මහා කොට්ඨිත තෙරණුවෝත්, සවිට්ඨ තෙරණුවෝත් අතර ඇති වූ සාකච්ඡාවේදී සැරියුත් තෙරණුවන්ගේ අදහස වූයේ ප්‍රඥ ඉන්ද්රිය අධිකව වැඩූ දිට්ඨප්පත්ත පුද්ගලයා වඩා උසස් බවයි. මහා කොට්ඨිත තෙරණුවන්ගේ අදහස වූයේ සමාධි ඉන්ද්රිය ප්රමුඛව වඩන කාය සක්‚ පුද්ගලයා වඩා උසස් බවයි. සවිට්ඨ තෙරණුවන්ගේ අදහස වූයේ සද්ධා ඉන්ද්‍රියට ප්රමුඛ ස්ථානයක් දුන් ශ්‍රද්ධා විමුක්ත පුද්ගලයා උසස් බවයි. මේ පිළිතුරු එකිනෙක වෙනස් වූයෙන් සැරියුත් තෙරණුවන්ගේ අදහස අනුව මේ පිළිබඳ පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා තථාගතයන් වහන්සේ වෙතින් විමසූහ. උන්වහන්සේ මේ තිදෙනා අතුරින් කවරෙකු ශ්‍රේෂ්ඨ ද යන්න තීරණය කිරීම අපහසු බවත්, ඔවුන් තුළ පවතින ශ්‍රේෂ්ඨ ලක්ෂණ පිළිබඳවත් පැහැදිලි කළ සේක. 1. කාය සක්‚ හා දිට්ඨප්පත්ත යන පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්ථාවේ සිටියදී සද්ධා විමුක්ති පුද්ගලයා රහත් මඟට පිවිසෙන්නේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වේ. සද්ධා විමුක්ති හා දිට්ඨප්පත්ත පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්ථාවේ සිටිය දී කාය සක්‚ පුද්ගලයා රහත් මගට පිවිසියේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වන්නේ ය. 2. සද්ධා විමුක්ත හෝ කාය සක්‚ පුද්ගලයන් දෙදෙනා සකෘදාගාමී හෝ අනාගාමී අවස්ථාවේ දී සිටිය දී දිට්ඨප්පත්ත පුද්ගලයා රහත් මඟට පිවිසෙන්නේ හෝ රහත්ඵලයට පැමිණියේ හෝ වන්නේ ය. මෙහිදී වැදගත් කරුණු කීපයක් අපට දක්නට ලැබේ. එනම්, ශ්රද්ධාවත්, සමාධියත්, ප්රඥවත් නිවන් මඟට අත්‍යවශ්‍ය බවයි. ඒ අනුවද ශ්‍රද්ධාව නිවනට පිවිසීමට ප්‍රධාන සාධකයක් වන බවයි. නිවන් අවබෝධ කරනු කැමැත්තා විසින් පළමුවෙන්ම ඇතිකර ගත යුත්තේ ශ්රද්ධාවයි. කුමක් කෙරෙහි ශ්රද්ධාවද, බුද්ධ ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්රද්ධාවයි. නව අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධාවය. ශ්‍රද්ධාව පහළ වෙත්ම බුද්ධාදි අට තැනක ඇතිවෙන්නා වූ සැකය දුරු වන්නේ ශ්‍රද්ධාවෙනි. ඒ නිසා ශ්‍රද්ධාව ප්‍රථම අංකයයි, සප්ත ආර්ය ධනය දේශනා කරන බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව එහි මුල්ම අංගය වශයෙන් වදාරා ඇත්තේ මේ නිසාය. අප තුළ පවත්නා ශ්‍රද්ධාව හීන මධ්‍යම ප්‍රනීත වශයෙන් කොටස් තුනකට බෙදා දක්වා ඇත. හීන ශ්‍රද්ධාව වහා ඇති වී නැති වී යන්නේ ය. ස්ථිර බවක් නැත. එහෙත් මධ්‍යම ශ්‍රද්ධාව ඊට වඩා ප්‍රබලයි. නමුත් සිතේ අර්ජණා සමාධිය ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවේ. ප්‍රනීත ශ්‍රද්ධාව ලත් පුද්ගලයා තුළ ත්‍රිවිධ රත්නය කෙරෙහි ඇතිවන්නා වූ චිත්ත ප්‍රීතිය භුක්ති විඳ එය නැවත නැවතත් උපදවාගනු සඳහා ශ්‍රද්ධාව වැඩිකර ගනී. ශ්‍රද්ධාව වැඩිවන ආකාරයේ පුණ්‍ය කටයුතු වල යෙදෙයි. බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රයේ ගුණ සිහි කරයි. ඔහු අර්ජණා සමාධිය වහා ලබයි. [B]ශ්‍රද්ධාව ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදේ.[/B] ආගමන ශ්‍රද්ධා, අධිගමන ශ්‍රද්ධා, ඔකප්පන ශ්‍රද්ධා, ප්‍රසාද ශ්‍රද්ධා එකොළොස් ආකාරයකට ශ්‍රද්ධා ප්රදානය බෙදා හඳුන්වා ඇත. 1. සිල්වත් වීම සමාදන් වූ ශික්ෂාපදයන්හි හික්මීමම, රැකීම, ශ්‍රද්ධා පදානයයි. 2. බහුශ්‍රැත වේ නම්, ප්‍රඥයෙන් සුප්රතිබද්ධ වේ නම් ශ්‍රද්ධායෙන් ශ්‍රද්ධාපදාන වෙයි. 3. කල්‍යාණ මිත්‍ර සේවනයෙන් ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි. 4. ධර්මානු ශාසනාව ප්රදක්ෂිණයෙන් ගෙන කීකරු වීම ශ්‍රද්ධාපදාන වෙයි. 5. සබ්බරුන්ගේ අවවාද අනුශාසනා අසන එහි අනලස්ව යෙදෙන ශ්‍රද්ධාවෙන් ශ්‍රද්ධාපදාන වෙයි. 6. ධර්මයට ඇත්තේ අභිධර්මයෙහි අභිවිනය ඇත්තේ උදාර ප්‍රමෝදය ඇත්තේ ශ්‍රද්ධාපදාන වෙයි. 7. අකුසල ප්රහානයටත් කුසල වර්ධනයටත් වීරිය වඩන්නේ ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි. 8. නිදුකින් අධිචිත්ත වූ ධ්‍යාන 4 ලබා කැමැති පරිදි වාසය කෙරේද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි. 9. ධ්‍යාන ලබා පූර්වයෙහි විසූ කඳ පිළිවෙළ සිහි කරයිද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි. 10. දිවැස් ලබා චුති උත්පත්ති බැලීමට සමත්වේද ශ්‍රද්ධායයාගේ ශ්‍රද්ධාපදාන වෙයි. 11. ආශ්‍රව ක්ෂය චෙතොවිමුක්ති පඤ්ඤා විමුක්ති මේ ආත්මයෙහි ඵල ලබාද ශ්රද්ධායාගේ ශ්‍රද්ධාපදාන වෙයි. (අ.නි. සුභූති සූත්‍රය) ආගමන ශ්‍රද්ධාව සර්වඥ, බෝධිසත්ත්වවරුන්ගේ පාරමිතා පිරීම පටන් ගත් බැවින් ආගමන ශ්‍රද්ධා නම්, අධිගමන ශ්‍රද්ධාව - ආරිය ශ්‍රාවකයන් ප්‍රතිවේධයෙන් පැමිණි බැවින් ඔවුන්ගේ ශ්‍රද්ධාව අධිගමන ශ්‍රද්ධා නම් ඔකප්පන ශ්‍රද්ධාව - බුදුන්, දහම්, සඟුන් කෙරෙහි ප්‍රසාදය ශ්‍රද්ධා - ප්‍රසාදයට හේතුවන බැවින් ප්‍රසාද ශ්‍රද්ධා නම්, ආකාරවතී ශ්‍රද්ධා - පෘථග්ජනයා තුළ ඇති සැලෙන ශ්රද්ධාවයි. අචල ප්‍රසාදය - නොසැලෙන, නොවෙනස්වන, පැහැදීම මෙබඳු ශ්‍රද්ධාවක් ඇතිවනුයේ මාර්ගඵල ලාභීන්ට පමණි. මාර්ග සිත්වල යෙදෙන ශ්‍රද්ධා චෛතසික නිවන් අරමුණෙහි සිත පහදවන නිසා ලෝකෝත්තරයි. එය කිසිදු හේතුවක් නිසා නොසෙල් වේ. අමූලිකා ශ්‍රද්ධා - ශාස්තෲන්වහන්සේට ඇති ගෞරවය නිසා ඇතිකර ගන්නා භක්තිය පෙරදැරි කරගත් ශ්‍රද්ධාව හඳුන්වනු ලබන්නේ අමූලික ශ්‍රද්ධා නමිනි. එය බුදුරජාණන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වී ඇත. නිවන අවබෝධ කරනු කැමැත්තා විසින් පළමුවෙන් ම ඇතිකර ගත යුත්තේ අපගේ ශාස්තෲවරයාණන් වන බුදුරජාණන් වහන්සේ කෙරෙහිත් උන්වහන්සේ දේශනා කළ ආර්ය ධර්ම කෙරෙහීත් මහා සංඝරත්නය කෙරෙහිත් ශ්‍රද්ධාව, විශ්වාසය, ප්‍රසාදය. අචල ප්රසාදයයි. මෙය බුදුරජාණන් වහන්සේ විසින් බොහෝ සූත්‍ර දේශනාවලදී පැහැදිළි කර ඇත. ශ්රද්ධාවද චල හා අචල වශයෙන් කොටස් දෙකකට වෙන් කෙරේ. චල ශ්‍රද්ධාව නම් වරින් වර වෙනස්වන ශ්රද්ධාවයි. උදා - දානයක් දෙනවිට, මල් පහන් පුදන විට සිතේ ශ්‍රද්ධාව ඇතිවේ. නමුත් එහිදී ඇතිවන පැහැදීම එම පුණ්‍ය කර්මයෙන් පසුව සිතින් ඉවත්ව යයි. අචල ශ්‍රද්ධාව අවේච්ච ප්‍රසාදය එසේ නොවේ. එය නිවන් දක්නා තෙක් සිතේ නොසෙල් වී පවතී. ඊට හේතුව තෙරුවන් ගුණ නුවණින් අවබෝධ වීමයි. ශ්‍රද්ධාව සිත තුළ පහළ වන රාග, ද්වේෂ, මෝහ ආදී කෙළෙස් ඉවත්කොට සිත ප්‍රභාෂ්වර තත්ත්වයට පත්කර දාන, සීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා වන්හි යෙදීමට පොළඹවයි. මෙය ශෝභන චෛතසිකයකි. අචල ශ්‍රද්ධාව ඇත්තා ත්‍රිවිධ රත්නය කෙරෙහි කිසිවිටෙකත් සැක නොකරයි. අචල ශ්‍රද්ධාව පිළිබඳ උදාහරණයක් දෙන බුදුරජාණන් වහන්සේ එය සතර දිගින් හමන සුළඟින් නොසෙල්වෙන ඉන්ද්‍ර ‚ලයක් හා සමානයෑයි වදාළහ. මේ දේශනා අනුව පැහැදිළි වන්නේ ආර්ය ශ්රාවකයා සම්මා සමාධිය අපේක්ෂා කරන්නේ නම් ඔහු මුලින්ම ශ්‍රද්ධාව නමැති බීජය වපුරාගත යුතු බවයි. බීජය නරක් වුවහොත් පැළවීමක් නොමැත්තා සේ ශ්‍රද්ධාව අචල නොවුවහොත් ඉන් ඉදිරියට කිසි ප්‍රතිඵලයක් නොලැබෙන්නේ ය. මේ නිසා සත්තිස් බෝධි පක්ෂික ධර්මවල ශ්‍රද්ධාව ඉන්ද්‍රීය ලෙස දේශනා කර ඇත්තේ ය. ලෞකික සම්මා දිට්ඨිය පැහැදිළි කරන තැන බුද්ධාදී අට තැනක ඇතිවන සැකය දුරු වීම සඳහා ශ්‍රද්ධාව අවශ්‍ය බව වදාරා ඇත. ශ්‍රද්ධාව චෛතසිකයකි. යෝග කර්ම වලින් හාස්කම් භුක්ති විඳීමට නම් අචල ශ්‍රද්ධාව අවශ්‍යමය. ශ්‍රද්ධාවෙන් තොරව බුදු දහමේ උගන්වන බුද්ධිය හෙවත් ප්රඥව උපදවා ගත නොහැකිය. පංචඉන්ද්‍රිය, පංචබල හා බෝධි පාක්ෂික ධර්ම අතුරින් මුල්වන්නේ සද්ධා ඉන්ද්රිය, ශ්‍රද්ධා බල යන ධර්මයි. විදර්ශනා ඥනය දියුණු වීම සඳහා ශ්‍රද්ධාදී ඉන්ද්රියයන් දියුණු කර ගත යුතුය. ශ්‍රද්ධාව, අකුශලයන්ගෙන් සිත පිරිසිදු කරන ශෝභන ධර්මයන් අතරෙන් පළමුවැනි ශෝභන ධර්මයයි. සිත පිරිසිදුව කුශලධර්මයන් උපදින්නේ ශ්‍රද්ධාව උපන් කල්හියි. ශාසන ප්‍රතිපදාවෙහි මුල සීලයයි. සීලයට මුල ශ්රද්ධාවයි. ශ්‍රද්ධාව නැත්තේ දුශ්ශීල වෙයි. ශ්‍රද්ධාව ඇත්තෝ සිල්වත් වෙයි. ගිහියා පන්සිල් නොරකින්නේ ශ්‍රද්ධාව නැති නිසා ය. ශ්‍රද්ධාව ඇති පුද්ගලයා සිල් රකියි. ශික්ෂාපද ආරක්ෂා කරයි (බුදු දහම හා සමාජය ආරියරත්න) නිවන් අවබෝධ කරගනු කැමැත්තා විසින් පළමුවෙන් ඇතිකර ගත යුත්තේ ශ්රද්ධාවයි. කුමක් කෙරෙහි ශ්රද්ධාවද බුද්ධ, ධම්ම, සංඝ යන ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල ශ්රද්ධාවයි. නැතහොත් විශ්වාසයයි. පිළිගැනීමයි. එය සම්මා දිට්ඨිගත වීමට උපකාර වේ. එබැවිනි, ශ්‍රද්ධාව මුලින්ම ද ඊළඟට ශීලය ධනයක් ලෙස සප්ත ආරිය ධන පිළිබඳ දේශනයේදී වදාරා ඇත්තේ, බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවෙචා ප්‍රසාදය ඇතිකර ගත්තකු සෝවාන් වෙයි. යනුවෙන් සංයුක්ත නිකායේ දැක්වේ. බුදුරජාණන් වහන්සේද දැක ශ්‍රද්ධාව ඇති වූ බැවින් තමා රහත් වූ බව වංගීස තෙරුන්වහන්සේ ප්‍රකාශ කළහ. යම් ශ්‍රද්ධාවකින් ගිහි ගෙයින් නික්ම පැවිදි වී නින්දට වසඟ නොවී ඒ ශ්‍රද්ධාව වඩන්න, ශ්‍රද්ධාවෙන් ඕඝය තරණය කෙරේ. යමෙකුට තථාගතයන්වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව අචලව මැනවින් පිහිටියේද යමෙකුගේ ශීලය ආරියකාන්ත වූයේ පසස්නා ලද්දේද, රත්නත්‍රය කෙරෙහි පැහැදීම ඇද්ද, ඤාණ දර්ශනයෙන් සෘජු වූයේද ඔහු දිළින්දෙක් නොවේ යෑයි බුද්ධාදී උතුමෝ කියති. එහෙයින් ප්‍රාඥ තෙමේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රද්ධාව ද, ශීලය ද, පැහැදීම ද ධර්මය දැකීමද අනුයෝග වශයෙන් පිරිසිදු කරන්නේය. බුද්ධරත්නය කෙරෙහි පවත්නා ගුණ ගැන සැක නොකොට ඒ ගුණ අතුරින් ප්‍රධාන වශයෙන් නව අරහාදී ගුණ විශ්වාසය ශ්‍රද්ධා නම් ශ්‍රද්ධාව පහළවත්ම සිත පහන් වේ. පිරිසිදු වේ. ශ්‍රද්ධාව නොමැතිව බුදු සසුනින් ප්‍රයෝජන ලබා ගත නොහැකි ය. පළමු කොට බුදු සසුනට ඇතුළු වන්නේ ශ්‍රද්ධාවෙනි. පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව පිළිබඳ සාථිමත්තිය රහතන් වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත. "පෘථග්ජන උදවියගේ ශ්‍රද්ධාව අනිත්‍ය එකක්මයි. ඒ ශ්‍රද්ධාව මොහොතකින් වෙනස් වෙනවා. මං ඒක හොඳට දැකල තියෙනවා. වෙලාවකට ඒ උදවිය පැහැදිලා සතුටු වෙනවා. තවත් වේලාවකදී අපැහැදිලිව කලකිරෙනවා" (ථෙර ගාථා 247) උපාලි රහතන් වහන්සේ සිය උදාන ගාථාවන්හි මෙසේ ප්‍රකාශ කර තිබෙනවා. 'ගිහිගෙය අතහැරලා ශ්‍රද්ධාවෙන්ම ශාසනයට පැමිණි එම නවක භික්ෂුව පිරිසිදු ජීවිතයක් ගෙවන්න ඕන. හොඳට ධර්ම විනය ඉගෙන ගන්ට ඕන. (ථෙර ගාථා 250) ශ්‍රද්ධාව ඇතිවීම සඳහා උපකාර වන ධර්ම සත්‍යානුප්‍රාප්තියට කවර ධර්ම උපකාර වේද? මාර්ග ප්රදානය උපකාරීවේ මාර්ග ප්‍රදානයට කවර ධර්ම උපකාර වේද? කලාව බහුපකාරී වේ. කලාවට උපකාර වන ධර්ම කවරේද? උත්සාහය උපකාර වේ. උත්සාහයට උපකාර වන ධර්ම කවරේද? ඡන්දය උපකාර වේ. ඡන්දයට උපකාර වන ධර්ම කවරේද? දහම් වැටහීම උපකාර වේ. දහම් වැටහීමට උපකාර වන ධර්ම කවරේද? අනුන් විමසීම උපකාර වේ. අනුන් විමසීමට උපකාර වන ධර්ම කවරේද? ධර්ම ධාරණය වේ. ධර්ම ධාරණයට උපකාර වන ධර්ම කවරේද? ධර්ම ශ්‍රවණය උපකාර වේ. ධර්ම ශ්‍රවණයට උපකාර වන ධර්ම කවරේද? කන් නතු කිරීම උපකාර වේ. කන් නතු කිරීමට උපකාර වන ධර්ම කවරේද? ඇසුරු කිරීම උපකාර වේ. ඇසුරු කිරීමට උපකාර වන ධර්ම කවරේද? පෙළඹවීම උපකාර වේ. පෙළඹවීමට උපකාර වන ධර්ම කවරේද? ශ්‍රද්ධාව උපකාර වේ. සත්පුරුෂයන් ශ්‍රද්ධාව උපකාර කරගෙන කලණ මිතුරන් සත් පුරුෂයන් ඇසුරු කෙරේ. අභි. ධ. ප්‍රදීපිකාව. [B]ශ්‍රද්ධාව ඇති වීමට[/B] සීල සමාදන්ව ශික්ෂාපදවල හික්මීම, බහුශ්‍රැත වී නම් සුප්‍රතිවිද්ධ වීම, (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) කලණ මිතුරන් ඇතියේ කලණ මිතුරන් කෙරෙහි නැඹුරු වීම. සුවචභාවය ඇති කර ධර්මයන්ගෙන් සමන්වාගත වූයේ අනුශාසනාව පිළිගෙන සුවචයෙක් වීම, කාර්යයන්හි අනලස්ව, සංවිධානය කිරීම දක්ෂ වූයෙක් වීම.[/SIZE] [RIGHT]දයාසේන සේනාරත්න[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom