ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට තරුණයෙක් පනී….

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට තරුණයෙක් පනී….


    ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන අතුරුදහන් වි ඇති බව නල්ලතන්නිය පොලිසිය පැවසිය.

    මෙසේ ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන අතුරුදහන් වි ඇත්තේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි දිනේෂ් හේමන්ත නැමති (33) යන අයයි.

    මෙම තරුණයා සුරියවැව ප්‍රදේශයේ තවත් කාන්තාවන් දෙදෙනෙකු සමග (19) දින උදැසන ශ්‍රි පාද වන්දනාවේ පැමිණ ශ්‍රි පාද උඩ මළුවේ රත්නපුර මර්ගයෙන් පහලට බසිමින් සිටියදි එකවරම දිවගොස් ආරක්ෂිත වැටෙන් පහලට පනින අයුරු ශ්‍රි පාද උඩ මළුවේ සවි කර තිබු ආරක්ෂිත කැමරා දර්ශන වල පටිගත වි තිබුණි.


    ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන්න තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින් (20) දින උදැසන සිට ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් දියත් කර ඇත.


    ශ්‍රි පාද මළුවෙන් පහලට පැන ඇති තරුණයා මළුවෙන් පහලට පැනිමට ප්‍රථම සිහි විකල්වි සිටි බව එම තරුණයා සමග පැමිණි කාන්තාවන් දෙදෙනා නල්ලතන්නිය පොලිසිය වෙත පවසා ඇත.

    අතුරුදහන් වු තරුණයා සම්බන්ධයෙන් රත්නපුර ශ්‍රි පාද මාර්ගයේ පිහිටි සිරිපාගම පොලිසිය වෙත ඔහුගේ ඥාතින් විසින් පැමිණිල්ලක් කර ඇත.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,413
    113
    කෑගල්ල
    ලොල් පළවෙනි පාරට උඩට ගිහිල්ලා pump එකක් දාන්න මීයා හොයන්න ඇති උදේ පාන්දර සීතලේ.. :ROFLMAO: :ROFLMAO:
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    ඉතින් ඌට මොකක් වෙන්න ඇතිද?

    ඔතනින් පැනල මලොත් කෙලින්ම දිවියලෝකෙ යනව කියල කතාවක් හදන්න ඕනෙ
    ------ Post added on Apr 20, 2024 at 8:13 PM
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,235
    1
    61,654
    113
    Mother Earth
    ලිහිණි අක්කව බලන්න යන්න ඇති. 😔

    ලිහිණි අක්කේ...
    ------ Post added on Apr 20, 2024 at 8:14 PM