Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශ්‍රී පාදයේ ශිව බලය මැඬලූ හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී පාදයේ ශිව බලය මැඬලූ හැටි

නායක්කාර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජු බුදුසසුණේ දියුණුවට විශාල සේවයක් කළ රජෙකි. සීතාවක කල පටන් කීර්ති ශ්‍රී රජු දක්වා 1752 ඒ වනතුරු අවුරුදු 172 පැවති ශ්‍රී පාදයේ ශිව බලය ඔහු විසින් අවසාන කළේ ය.

කෝට්ටේට පසු ලංකාවේ අගනුවර වූයේ සීතාවකයි. සීතාවක රජ කළ රජුන් අතර වඩාත් ප්‍රබලයා සීතාවක රාජසිංහ රජු (ක්‍රි.ව. 1581 – 1592) විය. චූලවංසය ඇතුළු දේශීය වංසකතා අනුව සීතාවක රාජසිංහ පියා වූ මායාදුන්නේ රජු (ක්‍රි.ව. 1521 – 1581) මරා රජකමට පත්වූ බව කියයි. පසු කල තම පියා මැරීම ගැන පසුතැවිලි වූ රජු ඒ පාපය දුරලිය හැකි දැයි බෞද්ධ භික්ෂුන්ගෙන් විමසා ඇත. එසේ කළ නොහැකි බව හිමිවරුන්ගේ පිළිතුර විය. මේ ගැන පසුතැවිල්ලෙන් සිටි රජුට සීතාවකට පැමිණ සිටි අරිට්ට කී වෙණ්ඩු නම් ශිව ප්‍රධානියාගෙන් විමසා ඇත. කපටි අරිට්ට කී වෙණ්ඩු පියා මැරූ පාපය අහෝසි කළ හැකි බව පවසා රජු රවටා රජු බුදුදහම අත්හැර ශිව ආගමට හරවා ගත් බව දේශීය වංසකතා කියයි.

ශිව ආගම වැලඳගත් රජු ගැන දේශීය වංසකතා රජුට විරුද්ධව තොරතුරු ලියා ඇත. සීතාවක යුගය ගැන පර්යේෂණ කළ විද්වතුන් කියන්නේ රාජසිංහ රජුට පියා මැරීමට සාධාරණ හේතුවක් නොතිබූ බවයි. මායාදුන්නේ රජු මිය යෑමට පෙර ම රාජසිංහ කුමරුට හා රාජ බලය හා හමුදාව ක්‍රමයෙන් පවරා ඇත. පිය රජු මිය ගියේ 1581 මහලු වයසේදී ය.

අරිට්ට කී වෙණ්ඩු නිසා ශිව ආගමට බර වූ රාජසිංහ රජු තමාට විරුද්ධව කටයුතු කළ හිමිවරුන්ට හා ප්‍රධානීන්ට දඬුවම් කළේ ය. ශිවාගමේ එන දෙවි දේවතාවුන්ට දේවාල කරවා පුදා ඇත. සීතාවක දිගුකලක් ඉදිකළ භෛරව හෙවත් බැරැණ්ඩි කෝවිල ඉන් එකකි. මැදගම පත්තිනි දේවාලය තවත් එකකි. එමෙන් ම තමන්ට විරුද්ධව වැරැදි ප්‍රචාර කළ භික්ෂූන් මරවා විහාර - දේපළ - ඉඩම් ශිව හෙවත් ආඬි ජාතිකයන්ට පවරා ඇත. මේ ශිව පූජකවරුන් ආඬි ලෙස ජනවහරේ එයි.

ප්‍රස්තා පිරුළක ආඬි හත්දෙනා ගෙනා කැඳ හැළිය ගැන කියවෙයි. එකල ම ආඬීන්ට විරුද්ධ ව වීදිවල උපහාස කවි කිවු බව ‘රාජාවලිය’ කියයි. සීතාවක රාජසිංහ රජු ශ්‍රී පාදයේ බලය ආඬි හෙවත් ශිව ජාතිකයින්ට පැවරූ බව චූලවංස කියයි. චූලවංස හැර මන්දාරම්පුර පුවත නරේන්ද්‍ර චරිතාවලෝකන ප්‍රදීපිකාව කියයි. ශ්‍රී පාදයේ බැතිමතුන් පූජා කළ පඬුරු - මුදල් - ආඬීන් පොර කකා එකතු කරගත් බව ලංකාවේ සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් කියයි. සීතාවක රාජසිංහ රජු සමනල කන්ද ශිව පූජකයන්ට කළ පැවරීම 1752 දක්වා අවුරුදු 172 දිගටම තිබිණි.

මහනුවර පළමු විමලධර්මසූරිය රජු ශිව බලය මැඬීම

මහනුවර අල්ලාගෙන සිටි සීතාවක රාජසිංහ රජු බලන සටනේදී පරදවා පෘතුගීසීන්ගේ මුල් මිත්‍රයෙකු වූ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර බුදුදහම වැලඳගෙන පළමු විමලධර්මසූරිය (ක්‍රි.ව. 1592 – 1604) නමින් උඩරට රජ විය. මේ වනවිටත් ශිව ප්‍රධානියා වූ අරිට්ට කී වෙණ්ඩු 7 ජයවීර බණ්ඩාර නමින් පෙනී සිට යුද බලය ද තම අතට ගෙන සිටියේ ය.

සීතාවක ප්‍රබලයෙක් විය. අරිට්ට කී වෙණ්ඩු හා ඔහුගේ ප්‍රබල ශිව අය පළමු විමලධර්මසූරිය අතින් පරාජය විය. මේ වනවිට උඩරට මතුරට ප්‍රදේශය පාලනය කළේ ගිරි නමැති තවත් ප්‍රබල ශිව නායකයෙකි. පළමු විමලධර්මසූරිය රජු දිගු කලක්, ගිරි සමඟ සටන් කර ඔහු පණ පිටින් අල්ලා බෙලිහුල්ඔය ඉවුරේ දී ඔහුගේ කටට වැලි දමා මැරූ බව මන්දාරම්පුර පුවත කවි පොත කියයි. මේ යුද්ධයේදී ගිරි පැරදවීමට සටන් කළ ප්‍රධානීන්ට උඩරට අලුත් රජු ගම්බිම් තනතුරු දුන් බව මේ රජුට දී ඇති මතුරට තුඩපත විස්තර කරයි.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු ශ්‍රී පාදයේ ශිව බලය වනසයි

නායක්කාර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747 – 1782) සියම් රටින් උපසම්පදාව ගෙන්වා ලාංකික භික්ෂූන්ට උපසම්පදාව දී විනාශව තිබූ වෙහෙර විහාර අලුත්වැඩියා කොට පිරිවෙන් සාදවා සාමණේර අධ්‍යාපනය ඇති කර බුදුසසුණේ දියුණුවට විශාල සේවයක් කළ රජෙකි. සීතාවක කල පටන් කීර්ති ශ්‍රී රජු දක්වා 1752 ඒ වනතුරු අවුරුදු 172 පැවති ශ්‍රී පාදයේ ශිව බලය ඔවුන් නෙරපා අවසාන කළේ ය. ඒ බව කීර්ති ශ්‍රී රජු දී ඇති මඬගම්මන සන්නස කියයි. ශිවයන් යළි යළිත් රජුගෙන් ශ්‍රීපාද අයිතිය ඉල්ලා සිටියත් රජු ඊට එකඟ වූයේ නැත.

1752 යළි ශ්‍රී පාදය බෞද්ධයන්ට පැවරූ බව චූලවංසය මන්දාරම්පුර පුවත - සුළු රාජාවලිය - කුට්ටාපිටිය තඹ සන්නස ගම්මුල්ලේ රතනපාල හිමි ලියූ එළු විමාන - වත්ථුප්‍රකරණය අනුව මිථ්‍යාදෘෂ්ටිකයන් ශ්‍රී පාද ලාංඡනය ගල ගා නළලේ ආලේප කරන බැවින් රජු ශ්‍රී පා සටහන රන් පටකින් මස්වා වැලිවිට සරණංකර හිමි ලවා ශ්‍රීපාදය මුදුනේ එහි ආරක්ෂාවට භික්ෂූන් පදිංචි කරවීය.

කීර්ති ශ්‍රී රාජසිංහ රජු ශ්‍රීපාදය දියුණුවට කළ කටයුතු

1. ශ්‍රී පාද පද්මය රන් පටකින් වසා ශ්‍රී පාදය මුදුනේ ආරක්ෂාවට භික්ෂූන් පදිංචි කරවීම.

2. ශ්‍රී පාද ලාංඡනයේ ආරක්ෂාවට පාද ලාංඡනයට ඉහළින් ලී මඬුවක් කරවීම.

3. ආඬින් රජුට විශාල ඇත්දත් යුවළක් පුදා ශ්‍රී පාද අයිතිය යළි ඉල්ලූවද ඒ ඉල්ලීම ඉවතලීය. ‘සබරගමුවේ පැරැණි ලියවිලි’ ග්‍රන්ථය අනුව රජු ඒ ඇත් දත් යුවළ ශ්‍රී පාදයට පිදීම.

4. බුද්ධ වර්ෂ 2224 හෙවත් ක්‍රි.ව. 1752 කුට්ටාපිටිය ගමේ අමුණු 160 පැවරීම.

5. කුට්ටාපිටිය සන්නස අනුව ශ්‍රී පාදයේ අයිතිය වැලිවිට සරණංකර හිමිගේ පරපුරට පැවරීම.

6. ‘සබරගමුවේ පැරැණි ලියවිලි’ හා ‘සබරගමු දර්ශන’ ග්රන්ථ අනුව ශ්‍රී පාදයේ පළමු නායක පදවිය වේහැල්ලේ ධම්මදින්න හිමිට පැවරීය. ඒ බව ‘සංඝ සාධුචරියාව’ ග්‍රන්ථයේ දී කියයි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

නොදන්නා දෙයක් දෑන ගත්තානම් REP වලින් සලකන්න

[QUOTE="Sutin, post: 24129958, member: 559704"] [b]ශ්‍රී පාදයේ ශිව බලය මැඬලූ හැටි[/b] [SIZE="5"][SIZE="5"]නායක්කාර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජු බුදුසසුණේ දියුණුවට විශාල සේවයක් කළ රජෙකි. සීතාවක කල පටන් කීර්ති ශ්‍රී රජු දක්වා 1752 ඒ වනතුරු අවුරුදු 172 පැවති ශ්‍රී පාදයේ ශිව බලය ඔහු විසින් අවසාන කළේ ය. කෝට්ටේට පසු ලංකාවේ අගනුවර වූයේ සීතාවකයි. සීතාවක රජ කළ රජුන් අතර වඩාත් ප්‍රබලයා සීතාවක රාජසිංහ රජු (ක්‍රි.ව. 1581 – 1592) විය. චූලවංසය ඇතුළු දේශීය වංසකතා අනුව සීතාවක රාජසිංහ පියා වූ මායාදුන්නේ රජු (ක්‍රි.ව. 1521 – 1581) මරා රජකමට පත්වූ බව කියයි. පසු කල තම පියා මැරීම ගැන පසුතැවිලි වූ රජු ඒ පාපය දුරලිය හැකි දැයි බෞද්ධ භික්ෂුන්ගෙන් විමසා ඇත. එසේ කළ නොහැකි බව හිමිවරුන්ගේ පිළිතුර විය. මේ ගැන පසුතැවිල්ලෙන් සිටි රජුට සීතාවකට පැමිණ සිටි අරිට්ට කී වෙණ්ඩු නම් ශිව ප්‍රධානියාගෙන් විමසා ඇත. කපටි අරිට්ට කී වෙණ්ඩු පියා මැරූ පාපය අහෝසි කළ හැකි බව පවසා රජු රවටා රජු බුදුදහම අත්හැර ශිව ආගමට හරවා ගත් බව දේශීය වංසකතා කියයි. ශිව ආගම වැලඳගත් රජු ගැන දේශීය වංසකතා රජුට විරුද්ධව තොරතුරු ලියා ඇත. සීතාවක යුගය ගැන පර්යේෂණ කළ විද්වතුන් කියන්නේ රාජසිංහ රජුට පියා මැරීමට සාධාරණ හේතුවක් නොතිබූ බවයි. මායාදුන්නේ රජු මිය යෑමට පෙර ම රාජසිංහ කුමරුට හා රාජ බලය හා හමුදාව ක්‍රමයෙන් පවරා ඇත. පිය රජු මිය ගියේ 1581 මහලු වයසේදී ය. අරිට්ට කී වෙණ්ඩු නිසා ශිව ආගමට බර වූ රාජසිංහ රජු තමාට විරුද්ධව කටයුතු කළ හිමිවරුන්ට හා ප්‍රධානීන්ට දඬුවම් කළේ ය. ශිවාගමේ එන දෙවි දේවතාවුන්ට දේවාල කරවා පුදා ඇත. සීතාවක දිගුකලක් ඉදිකළ භෛරව හෙවත් බැරැණ්ඩි කෝවිල ඉන් එකකි. මැදගම පත්තිනි දේවාලය තවත් එකකි. එමෙන් ම තමන්ට විරුද්ධව වැරැදි ප්‍රචාර කළ භික්ෂූන් මරවා විහාර - දේපළ - ඉඩම් ශිව හෙවත් ආඬි ජාතිකයන්ට පවරා ඇත. මේ ශිව පූජකවරුන් ආඬි ලෙස ජනවහරේ එයි. ප්‍රස්තා පිරුළක ආඬි හත්දෙනා ගෙනා කැඳ හැළිය ගැන කියවෙයි. එකල ම ආඬීන්ට විරුද්ධ ව වීදිවල උපහාස කවි කිවු බව ‘රාජාවලිය’ කියයි. සීතාවක රාජසිංහ රජු ශ්‍රී පාදයේ බලය ආඬි හෙවත් ශිව ජාතිකයින්ට පැවරූ බව චූලවංස කියයි. චූලවංස හැර මන්දාරම්පුර පුවත නරේන්ද්‍ර චරිතාවලෝකන ප්‍රදීපිකාව කියයි. ශ්‍රී පාදයේ බැතිමතුන් පූජා කළ පඬුරු - මුදල් - ආඬීන් පොර කකා එකතු කරගත් බව ලංකාවේ සිරකරුවෙකුව සිටි රොබට් නොක්ස් කියයි. සීතාවක රාජසිංහ රජු සමනල කන්ද ශිව පූජකයන්ට කළ පැවරීම 1752 දක්වා අවුරුදු 172 දිගටම තිබිණි. මහනුවර පළමු විමලධර්මසූරිය රජු ශිව බලය මැඬීම මහනුවර අල්ලාගෙන සිටි සීතාවක රාජසිංහ රජු බලන සටනේදී පරදවා පෘතුගීසීන්ගේ මුල් මිත්‍රයෙකු වූ දොන් ජුවන් කොනප්පු බණ්ඩාර බුදුදහම වැලඳගෙන පළමු විමලධර්මසූරිය (ක්‍රි.ව. 1592 – 1604) නමින් උඩරට රජ විය. මේ වනවිටත් ශිව ප්‍රධානියා වූ අරිට්ට කී වෙණ්ඩු 7 ජයවීර බණ්ඩාර නමින් පෙනී සිට යුද බලය ද තම අතට ගෙන සිටියේ ය. සීතාවක ප්‍රබලයෙක් විය. අරිට්ට කී වෙණ්ඩු හා ඔහුගේ ප්‍රබල ශිව අය පළමු විමලධර්මසූරිය අතින් පරාජය විය. මේ වනවිට උඩරට මතුරට ප්‍රදේශය පාලනය කළේ ගිරි නමැති තවත් ප්‍රබල ශිව නායකයෙකි. පළමු විමලධර්මසූරිය රජු දිගු කලක්, ගිරි සමඟ සටන් කර ඔහු පණ පිටින් අල්ලා බෙලිහුල්ඔය ඉවුරේ දී ඔහුගේ කටට වැලි දමා මැරූ බව මන්දාරම්පුර පුවත කවි පොත කියයි. මේ යුද්ධයේදී ගිරි පැරදවීමට සටන් කළ ප්‍රධානීන්ට උඩරට අලුත් රජු ගම්බිම් තනතුරු දුන් බව මේ රජුට දී ඇති මතුරට තුඩපත විස්තර කරයි. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ශ්‍රී පාදයේ ශිව බලය වනසයි නායක්කාර් වංශික කීර්ති ශ්‍රී රාජසිංහ රජු (ක්‍රි.ව. 1747 – 1782) සියම් රටින් උපසම්පදාව ගෙන්වා ලාංකික භික්ෂූන්ට උපසම්පදාව දී විනාශව තිබූ වෙහෙර විහාර අලුත්වැඩියා කොට පිරිවෙන් සාදවා සාමණේර අධ්‍යාපනය ඇති කර බුදුසසුණේ දියුණුවට විශාල සේවයක් කළ රජෙකි. සීතාවක කල පටන් කීර්ති ශ්‍රී රජු දක්වා 1752 ඒ වනතුරු අවුරුදු 172 පැවති ශ්‍රී පාදයේ ශිව බලය ඔවුන් නෙරපා අවසාන කළේ ය. ඒ බව කීර්ති ශ්‍රී රජු දී ඇති මඬගම්මන සන්නස කියයි. ශිවයන් යළි යළිත් රජුගෙන් ශ්‍රීපාද අයිතිය ඉල්ලා සිටියත් රජු ඊට එකඟ වූයේ නැත. 1752 යළි ශ්‍රී පාදය බෞද්ධයන්ට පැවරූ බව චූලවංසය මන්දාරම්පුර පුවත - සුළු රාජාවලිය - කුට්ටාපිටිය තඹ සන්නස ගම්මුල්ලේ රතනපාල හිමි ලියූ එළු විමාන - වත්ථුප්‍රකරණය අනුව මිථ්‍යාදෘෂ්ටිකයන් ශ්‍රී පාද ලාංඡනය ගල ගා නළලේ ආලේප කරන බැවින් රජු ශ්‍රී පා සටහන රන් පටකින් මස්වා වැලිවිට සරණංකර හිමි ලවා ශ්‍රීපාදය මුදුනේ එහි ආරක්ෂාවට භික්ෂූන් පදිංචි කරවීය. කීර්ති ශ්‍රී රාජසිංහ රජු ශ්‍රීපාදය දියුණුවට කළ කටයුතු 1. ශ්‍රී පාද පද්මය රන් පටකින් වසා ශ්‍රී පාදය මුදුනේ ආරක්ෂාවට භික්ෂූන් පදිංචි කරවීම. 2. ශ්‍රී පාද ලාංඡනයේ ආරක්ෂාවට පාද ලාංඡනයට ඉහළින් ලී මඬුවක් කරවීම. 3. ආඬින් රජුට විශාල ඇත්දත් යුවළක් පුදා ශ්‍රී පාද අයිතිය යළි ඉල්ලූවද ඒ ඉල්ලීම ඉවතලීය. ‘සබරගමුවේ පැරැණි ලියවිලි’ ග්‍රන්ථය අනුව රජු ඒ ඇත් දත් යුවළ ශ්‍රී පාදයට පිදීම. 4. බුද්ධ වර්ෂ 2224 හෙවත් ක්‍රි.ව. 1752 කුට්ටාපිටිය ගමේ අමුණු 160 පැවරීම. 5. කුට්ටාපිටිය සන්නස අනුව ශ්‍රී පාදයේ අයිතිය වැලිවිට සරණංකර හිමිගේ පරපුරට පැවරීම. 6. ‘සබරගමුවේ පැරැණි ලියවිලි’ හා ‘සබරගමු දර්ශන’ ග්රන්ථ අනුව ශ්‍රී පාදයේ පළමු නායක පදවිය වේහැල්ලේ ධම්මදින්න හිමිට පැවරීය. ඒ බව ‘සංඝ සාධුචරියාව’ ග්‍රන්ථයේ දී කියයි. උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි නොදන්නා දෙයක් දෑන ගත්තානම් REP වලින් සලකන්න[/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom