අනවශ්‍ය ගමන් යන්න එපා කියන්න දාපු ත්‍රෙඩ් එකක් වෙන්න බැරි ද?
පෙබරවාරි අවසන් වනතුරු ශ්‍රීපාදය වඳින්න එන්න එපා
බැලුවෝ - 1004 අදහස් - 0
එළැඹෙන පෙබරවාරි මාසය අවසන් වනතුරු ශ්‍රී පාද වන්දනාවේ නොඑන ලෙස දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පවසයි.
දෙසැම්බර් උදුවප් පෝය දිනෙන් ආරම්භ වූ ශ්‍රී පාද වන්දනා වාරයට ජනවාරි මුල් සති කිහිපය වනතුරු ම බැතිමතුන්ගේ පැමිණීම අධික ය. කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය නුවරඑළිය, හැටන් වතු ආශ්‍රිතව පැතිරයාමේ වැඩි අවදානමක් පවතින බැවින් බැතිමතුන් වැඩිවශයෙන් පැමිණීම ඔවුන්ගේ ආරක්ෂාවට තර්ජනයක් බැවින් මෙම පියවර ගෙන තිබේ.
ශ්‍රීපාද වන්දනාවේදී බැතිමතුන් ගතයුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රියාමාර්ග සහ ඒ සඳහා සෞඛ්‍ය අංශ මැදිහත්විය යුතු .........................
මේ අතර, ජනවාරි 17 වැනිදින ශ්‍රීපාදවන්දනාවේ ගිය ගාල්ලේ පාසලක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 12 දෙනෙකු දෙමව්පියන් අතරින් ක්‍රීඩකයන් 4දෙනෙකුට සහ මවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද(21) තහවුරු වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි මහතා පැවසීය.