Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
ශ්‍රී ලංකාවේ කුල සංවිධානයේ යථාර්ථය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]181706[/ATTACH]

සෑම මනුෂ්‍යයෙකුම උප්පත්තියෙන් එක හා සමානය.ජන්මය යනු මිනිසුන් මනින මිම්මක් නොවේ.මානවයා යුගයෙන් යුගය පසුකොට ඇත්තේ සමාන ගමන් මගකය.එනයින් බලන කල මනුෂ්‍යාගේ ප්රවේණි උරුමය අප කාටත් සමවන අතර ඉපැරැණි පරපුරකින් පැවත එන අභිමානීය ජන්ම උරුමයක් අප කාහටත් ඇත.උඩරට රදල රාජකීය රුධිරයක් හෝ පහතරට හීනකුල වසල රුධිරයක් පැවතීමට නොහැකි බැව්ද ලංකාවේ සියළුම කුලිකයන් අප්පා, බාප්පාගෙ දරුවන් වැනි යයිද ඉහත තොරතුරු අධ්‍යයනය කරද්දී ඔබට වැටහෙනු ඇත.අප කාහටත් අපගේ පරම්පරාවන් ගැන දැනුමක් ඇත්තේ වසර සියයක් හෝ දෙසියයක් වැනි කාලයක් පමණි.එයද බොහෝවිට වැඩිහිටියන් විමසීමෙන් ලද තොරතුරුය.ඉන් එහා අපගේ මුතුන්මිත්තන් කුමන කුලයකට, ජාතියකට අයත්ද ඔවුන් කිනම් ආගමක් ඇදහුවේද යන්න සොයාගැනීමට අපහසු හෙයින් නිරවද්‍යතාවයෙන් තොර උපකල්පනයන් මත පිහිටා අප අන්‍යයන්ගෙන් උසස් ය වෙනස් ය යන්න කල්පනා කිරීම අණුවන කමකි. ඉහත පෙලපත් විස්තර අප දක්වා ඇත්තේ ඔවුන්ගේ අතීතය ගෙනහැර දක්වා කිසිවෙකුට නිගරු කිරීමට නොව යථාර්ථය පෙන්වා දීමටය.හීන යැයි උසස් යැයි සම්මත කුලයන්වල සාමාජිකයන් සහ පහත් යැයි සම්මත කුලවල සාමාජිකයන් අතර සමාජ පැවතුම්හී යම් වෙනස්කමක් දක්නට ඇත්තේ නම් එය උසස් කුලයන්හී රාජකීය රුධිරය නිසා ඇතිවූ වෙනස්කමක් නොව හීනකුල සාමාජිකයන්ට පාරම්පරිකව සම අයිතිවාසිකම් නොලැබීම හේතුවෙන් ඇතිවූ පෝෂණ,අධ්‍යාපන හෝ වෙනත් පෞරුෂ ඌනතාවයන් විය හැකිය.යුරෝපීය හෝ වෙනත් බටහිර රටවල දෙමාපියන් විසින් දරුකමට ලබාගන්නා ලංකාවේ දුගී පවුල්වල(බොහෝවිට හීන යැයි සම්මත කුලවලද විය හැකිය) දරුවන් උසස්,හීන කුල වෙනස්කමකින් තොරව එම රටවල් වල ඇති උසස් සමාජ අයිතිවාසිකම් වල සාරය උරාගනිමින් ලංකාවේ සමාජ ආර්ථික තත්වයන්ට සාපේක්ෂව උසස් ආකාරයෙන් හැදී වැඩීම මෙයට නිදසුනකි.

සිංහල බෞද්ධ සමාජයට මග පෙන්විය යුතු ගුරු දෙවියන් වන සංඝ සමාජයද කුලභේදය තදින්ම පැතිරී ඇති සංස්ථාවක් වේ.ගිහියන් තුළ නොපවතින සිංහල භික්ෂූන් අතරේ පමණක් පවතින මහා සහ කුඩා නිකාය, පාර්ශව,සංඝ සභා ආදී වශයෙන් වූ මේ කුලවාදී බෙදීම සංඝ සමාජයේ පතුලටම මුල් බැස ඇත්තේය. තමන් විශ්වාස කරන තම ශාස්තෘන් වහන්සේ වූ තිලෝගුරු බුදු පියාණන්ගේ ධර්මයට පරම විරුද්ධ වූ සිංහල සංඝ සමාජයේ මේ හැසිරීම ප්‍රශ්න නොකෙරී වසර සියගණනක් තිස්සේ යහතින් පවතින්නේය.බෞද්ධයන් වශයෙන් සංඝ රත්නය වන්දනා කරන කිසිවකුටත් එය ප්‍රශ්න කිරීමට ධෛර්යයක්,ආත්ම විශ්වාසයක් හෝ උවමනාවකුදු නැති බව කටුක සත්‍යයකි.උසස්ම යැයි සම්මත කුලයේ මහානායක ස්වාමීන් වහන්සේලා වැඩම කරන යම් උත්සවයකට අනෙකුත් කුලවත් නිකායවල මහානායක ස්වාමීන් වහන්සේලා වැඩමවත් නම් ඉහල කුල සංඝයාට උස් අසුන් පැනවීම සංවිධායක මණ්ඩලය විසින් සිදුකරනු ලබයි.

සිසිර කුමාර මාණික්කාරච්චි විසින් පද රචනය කොට හින්දි ගීත තනුවකට අනුව ඒ.ජේ කරීම් විසින් ගායනා කල මෙම ගීතය කුල භේදයේ යථාර්ථය මැනවින් හෙලිකරයි.

බලේ දැක මුදලේ කුලේ රිංගා යාද අකුලේ යන කියමන සනාථ කරමින් මුදල් ඉහතටම පැමිණ ඇති වර්තමාන සමාජයේ මුදලේ බලය නිසාම සම්ප්‍රදායික කුල වෙනස්කම් දියාරුවීයාම යම් ධනාත්මක ගතියකි.නමුත් සිරගෙදර සිටියයුතු අපරාධකරුවන් බොහොමයක් මහජන චන්දයෙන් පත්ව පාර්ලිමේන්තුවේ නීති සැකසීමට සම්බන්ධ වන වර්තමානයේ දේශපාලනය සහ මුදල් සංයෝගීවූ කුප්‍රකට නවතම කුල ක්‍රමයක් ඇත්තේය.පීඩිතයා විසින් පීඩකයා ඔසවා තබන නව වැඩවසම් ක්‍රමයක් යාවත්කාලීනව ඇත්තේය.

අපගේ තර්කයට අනුව මහජන මුදලින් යැපෙමින් මහජනයාවම පීඩනයට පත්කරන නව්‍ය බ්‍රාහ්මණ වංශික දේශපාලකයා වසලයෙකි.තම දෑතේ වීර්යෙන් කසල ශෝධනය කර රටටද සේවයක් කොට අඹුදරුවන් සුරකිනා සෞඛ්‍ය කම්කරු සැඬොලා රටට ණය නැති ශ්‍රේෂ්ඨයෙකි.

මෙම ලිපියට මූලාශ්රවූ ග්රන්ථ සහ වෙබ් අඩවි

ශ්‍රී ලංකාවේ කුල සංයුතිය - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර අභිනන්දන

තම්බි මුදලි සහ නීල පෙරුමාල් - ජේම්ස් ටී රත්නම්

ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

ලංකා දේශපාලනයේ කුල අභියෝග - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

කන්ද උඩරට සමාජ සංවිධානය සහ ප්රභූවරු - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර

බුදුන් වහන්සේ කියා ඇති විදියට අපි බ්‍රාහ්මණයෙක් වාසලයෙක් වෙන්නේ අපි ඉපදුණ තැනින් නෙමෙයි. අපේ ක්‍රියාවෙන්. අවාසනාවකට මේ කුල භේදය පෙර තරම්ම නොවුණත් අදටත් යම් පමණකින් හරි අපේ රටේ ජනතාව අතර දකින්න තියනවා. එය අනාගතයේදී නැත්තටම නැති වේවි කියලා අපි බලාපොරොත්තු තබාගනිමු.

FB එකෙන් උපුටා ගත්තේමී

[QUOTE="Bobmaly, post: 28071595, member: 579587"] [ATTACH type="full" alt="1.jpg"]181706[/ATTACH] සෑම මනුෂ්‍යයෙකුම උප්පත්තියෙන් එක හා සමානය.ජන්මය යනු මිනිසුන් මනින මිම්මක් නොවේ.මානවයා යුගයෙන් යුගය පසුකොට ඇත්තේ සමාන ගමන් මගකය.එනයින් බලන කල මනුෂ්‍යාගේ ප්රවේණි උරුමය අප කාටත් සමවන අතර ඉපැරැණි පරපුරකින් පැවත එන අභිමානීය ජන්ම උරුමයක් අප කාහටත් ඇත.උඩරට රදල රාජකීය රුධිරයක් හෝ පහතරට හීනකුල වසල රුධිරයක් පැවතීමට නොහැකි බැව්ද ලංකාවේ සියළුම කුලිකයන් අප්පා, බාප්පාගෙ දරුවන් වැනි යයිද ඉහත තොරතුරු අධ්‍යයනය කරද්දී ඔබට වැටහෙනු ඇත.අප කාහටත් අපගේ පරම්පරාවන් ගැන දැනුමක් ඇත්තේ වසර සියයක් හෝ දෙසියයක් වැනි කාලයක් පමණි.එයද බොහෝවිට වැඩිහිටියන් විමසීමෙන් ලද තොරතුරුය.ඉන් එහා අපගේ මුතුන්මිත්තන් කුමන කුලයකට, ජාතියකට අයත්ද ඔවුන් කිනම් ආගමක් ඇදහුවේද යන්න සොයාගැනීමට අපහසු හෙයින් නිරවද්‍යතාවයෙන් තොර උපකල්පනයන් මත පිහිටා අප අන්‍යයන්ගෙන් උසස් ය වෙනස් ය යන්න කල්පනා කිරීම අණුවන කමකි. ඉහත පෙලපත් විස්තර අප දක්වා ඇත්තේ ඔවුන්ගේ අතීතය ගෙනහැර දක්වා කිසිවෙකුට නිගරු කිරීමට නොව යථාර්ථය පෙන්වා දීමටය.හීන යැයි උසස් යැයි සම්මත කුලයන්වල සාමාජිකයන් සහ පහත් යැයි සම්මත කුලවල සාමාජිකයන් අතර සමාජ පැවතුම්හී යම් වෙනස්කමක් දක්නට ඇත්තේ නම් එය උසස් කුලයන්හී රාජකීය රුධිරය නිසා ඇතිවූ වෙනස්කමක් නොව හීනකුල සාමාජිකයන්ට පාරම්පරිකව සම අයිතිවාසිකම් නොලැබීම හේතුවෙන් ඇතිවූ පෝෂණ,අධ්‍යාපන හෝ වෙනත් පෞරුෂ ඌනතාවයන් විය හැකිය.යුරෝපීය හෝ වෙනත් බටහිර රටවල දෙමාපියන් විසින් දරුකමට ලබාගන්නා ලංකාවේ දුගී පවුල්වල(බොහෝවිට හීන යැයි සම්මත කුලවලද විය හැකිය) දරුවන් උසස්,හීන කුල වෙනස්කමකින් තොරව එම රටවල් වල ඇති උසස් සමාජ අයිතිවාසිකම් වල සාරය උරාගනිමින් ලංකාවේ සමාජ ආර්ථික තත්වයන්ට සාපේක්ෂව උසස් ආකාරයෙන් හැදී වැඩීම මෙයට නිදසුනකි. සිංහල බෞද්ධ සමාජයට මග පෙන්විය යුතු ගුරු දෙවියන් වන සංඝ සමාජයද කුලභේදය තදින්ම පැතිරී ඇති සංස්ථාවක් වේ.ගිහියන් තුළ නොපවතින සිංහල භික්ෂූන් අතරේ පමණක් පවතින මහා සහ කුඩා නිකාය, පාර්ශව,සංඝ සභා ආදී වශයෙන් වූ මේ කුලවාදී බෙදීම සංඝ සමාජයේ පතුලටම මුල් බැස ඇත්තේය. තමන් විශ්වාස කරන තම ශාස්තෘන් වහන්සේ වූ තිලෝගුරු බුදු පියාණන්ගේ ධර්මයට පරම විරුද්ධ වූ සිංහල සංඝ සමාජයේ මේ හැසිරීම ප්‍රශ්න නොකෙරී වසර සියගණනක් තිස්සේ යහතින් පවතින්නේය.බෞද්ධයන් වශයෙන් සංඝ රත්නය වන්දනා කරන කිසිවකුටත් එය ප්‍රශ්න කිරීමට ධෛර්යයක්,ආත්ම විශ්වාසයක් හෝ උවමනාවකුදු නැති බව කටුක සත්‍යයකි.උසස්ම යැයි සම්මත කුලයේ මහානායක ස්වාමීන් වහන්සේලා වැඩම කරන යම් උත්සවයකට අනෙකුත් කුලවත් නිකායවල මහානායක ස්වාමීන් වහන්සේලා වැඩමවත් නම් ඉහල කුල සංඝයාට උස් අසුන් පැනවීම සංවිධායක මණ්ඩලය විසින් සිදුකරනු ලබයි. සිසිර කුමාර මාණික්කාරච්චි විසින් පද රචනය කොට හින්දි ගීත තනුවකට අනුව ඒ.ජේ කරීම් විසින් ගායනා කල මෙම ගීතය කුල භේදයේ යථාර්ථය මැනවින් හෙලිකරයි. බලේ දැක මුදලේ කුලේ රිංගා යාද අකුලේ යන කියමන සනාථ කරමින් මුදල් ඉහතටම පැමිණ ඇති වර්තමාන සමාජයේ මුදලේ බලය නිසාම සම්ප්‍රදායික කුල වෙනස්කම් දියාරුවීයාම යම් ධනාත්මක ගතියකි.නමුත් සිරගෙදර සිටියයුතු අපරාධකරුවන් බොහොමයක් මහජන චන්දයෙන් පත්ව පාර්ලිමේන්තුවේ නීති සැකසීමට සම්බන්ධ වන වර්තමානයේ දේශපාලනය සහ මුදල් සංයෝගීවූ කුප්‍රකට නවතම කුල ක්‍රමයක් ඇත්තේය.පීඩිතයා විසින් පීඩකයා ඔසවා තබන නව වැඩවසම් ක්‍රමයක් යාවත්කාලීනව ඇත්තේය. අපගේ තර්කයට අනුව මහජන මුදලින් යැපෙමින් මහජනයාවම පීඩනයට පත්කරන නව්‍ය බ්‍රාහ්මණ වංශික දේශපාලකයා වසලයෙකි.තම දෑතේ වීර්යෙන් කසල ශෝධනය කර රටටද සේවයක් කොට අඹුදරුවන් සුරකිනා සෞඛ්‍ය කම්කරු සැඬොලා රටට ණය නැති ශ්‍රේෂ්ඨයෙකි. මෙම ලිපියට මූලාශ්රවූ ග්රන්ථ සහ වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ කුල සංයුතිය - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර අභිනන්දන තම්බි මුදලි සහ නීල පෙරුමාල් - ජේම්ස් ටී රත්නම් ශ්‍රී ලංකාවේ බ්‍රාහ්මණයෝ - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ලංකා දේශපාලනයේ කුල අභියෝග - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර කන්ද උඩරට සමාජ සංවිධානය සහ ප්රභූවරු - ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර [B]බුදුන් වහන්සේ කියා ඇති විදියට අපි බ්‍රාහ්මණයෙක් වාසලයෙක් වෙන්නේ අපි ඉපදුණ තැනින් නෙමෙයි. අපේ ක්‍රියාවෙන්. අවාසනාවකට මේ කුල භේදය පෙර තරම්ම නොවුණත් අදටත් යම් පමණකින් හරි අපේ රටේ ජනතාව අතර දකින්න තියනවා. එය අනාගතයේදී නැත්තටම නැති වේවි කියලා අපි බලාපොරොත්තු තබාගනිමු. [/B] [RIGHT]FB එකෙන් උපුටා ගත්තේමී[/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom