Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකාවේ ටජ්මහල : රිච්මන්ඩ් කාසල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ටජ්මහල : රිච්මන්ඩ් කාසල්

ටජ් මහල් කිව්වහම අපිට එක පාරටම මතක් වෙන්නේ ඉන්දියාව. ඉන්දියාවේ තියෙන ආදරයේ මාළිගාව කියලත් හඳුන්වන ටජ්මහල, මෙය ලෝක ප්‍රසිද්ධ වෙන්නේ එහි විස්මය ජනක ගෘහනිර්මාණ ශිල්පය සහ, ඒ සුවිසල් මන්දිරය හදන්න පසුබිම් වුනු අනුවේදනීය ප්‍රේම කතාව නිසයි.

එත් අද අපි කියන්න සූදානම් වෙන්නේ ඉන්දියාවේ ටජ්මහල් ගැන නම් නෙමෙයි. ගෘහනිර්මාණ ශිල්පය අතින් ඊට නොදෙවෙනි වෙන, ඊට සමාන පසුබිම් කතාවක් ඇති ලංකාවේ අති සුවිශේෂී මන්දිරයක් ගැනයි. නම කිව්ව සැනින් බොහෝ දෙනෙක් දන්නා මේ රිච්මන්ඩ් කාසල් මැදුර.

රිච්මන්ඩ් කාසල් මැදුර

රිච්මන්ඩ් කාසල් තියෙන්නේ කොහෙද?

අපි අද කතා කරන මේ මන්දිරය තියෙන්නේ කළුතර ප්‍රදේශයේ. කළුතර කියන්නේ, කළු ගඟෙන් සශ්‍රික වෙච්ච, යටත් විජිත සමයේ ඉඳන් බොහෝ ප්රභූන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුන ප්‍රදේශයක්. අතීතයේදී බොහෝ ධන්වතුන්, ප්‍රභූ වරුන්, වංශක්කාර වරුන් පදිංචී වෙලා හිටපු ප්‍රදේශයක් විධියට කළුතර ප්‍රසිද්ධයි.

කළුතර නගරයේ සිට කි.මි. 3 ක් පමණ රට තුළට වන්නට තමයි රිච්මන්ඩ් කාසල් මැදුර පිහිටා තියෙන්නේ. ඒ කියන්නේ, කළුතර නගරයේ සිට ඔබ යනවා නම් මුලින්ම ගඟබඩ පාරේ ගමන් කර, පලාතොට හන්දියෙන් පලාතොට – කෙත්හේන පාරේ ගමන් කරන්න ඕනි. එසේ ගමන් කරන කොට භික්ෂු විවේකාරාමය පසුකල විට මොසැක් කළාවට අනුව සැකසුණු දෑවැන්ත නාම පුවරුවක “රිච්මන්ඩ් කාසල්”යනුවෙන් නිර්මාණය කොට තිබෙනවා දැකගත හැකියි.

මෙතැන් සිට ආරම්භ වන විශාල තොරණක් සහිත පොල් වත්ත මැදින් මීටර් 500ක් පමණ ගමන් කලාම, කළු ගඟට මායිම්ව පිහිටි තරමක් උස් කඳු ගැටයක ඉඳිවුන මහා මන්දිරයක් හැටියට රිච්මන්ඩ් කාසල් මැදුර දකින්න පුළුවන්.

රිච්මන්ඩ් කාසල් මන්දිරය පිහිටලා තියෙන මුළු ඉඩම අක්කර 42 යි. මන්දිරය පිහිටි සීමාව අක්කරයක් පමණ විහිදී තියෙනවා. මේ සුවිසල් මැදුරට කාමර 16 ක්, උළුවහු 99 ක් සහ ජනේල 38 ක් අන්තර්ගත වෙනවා.

මහ මැදුර ඉඳිකලේ කවුද?

රිච්මන්ඩ් කාසල් මැදුර ඉඳීවෙන්නේ 1910 වර්ෂයේ. මේ අපූරු මැදුර, එවකට කළුතර දීසාව භාරව සිටි මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිර්මාණයක්. ආතර් ද සිල්වා පවුලේ දෙවෙනියා වන අතර ඔහුට හෙක්ටර් ද සිල්වා නමින් වැඩිමල් සොහොයුරෙක් සිටිනවා. මොවුන්ගේ පියා කොල්ලුපිටියේ නිවසක් තනා එහි පදිංචියට එන්නේ 19 වන සියවස අග භාගයේදී. නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පවුලිස් ද සිල්වා නම් වූ මේ පියතුමාගේ පරපුර මුහුදු බඩ වාසය කල අය උනත්, යටත් විජිත ආක්‍රමණ හමුවේ ඔවුන් දකුණට හා මධ්‍ය කඳුකරයට පලා ගොස් තිබුණා. ආතර් ද සිල්වා ගේ පියා අයත් වෙන්නේ එසේ දකුණට පලා ගිය සිංහල වංශක්කාර පවුලකට.

කෙසේ වෙතත් වංශාධිපති පවුලිස් ද සිල්වා තම දරුවන් දෙදෙනා යුරෝපයට යවා ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරනවා. වසර ගණනාවක් විදෙස් ගතව ඉගෙනුම හමාර කරන අපේ කතා නායකයා ආපසු මව් රටට පැමිණෙන්නේ උගත්, බුදිධිමත්, ධනවත් තරුණයෙක් හැටියටයි.

රිච්මන්ඩ් කාසල් ඉඳිවුනේ කොහොමද?

රිච්මන්ඩ් කාසල් මන්දිරය ඉඳි කිරීම ගැන ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඒවා අතරින් ප්රමුඛ සහ ජනප්‍රියම පුවත මෙහෙමයි :

අධ්‍යාපනය අවසන් කර ලංකාවට පැමිණි මේ තරුණයාට විවාහයක් කර දෙන්න පියා කටයුතු කරනවා. මේ සඳහා යෝජනා කෙරෙන්නේ බොහෝ පොහොසත්, වංශවත් පවුල් වලින් තෝරා ගත රූමත් තරුණියන්. මොවුන් අතුරින් එක තරුණියක් තමන්ගේ සිත් ගත නිසා, ඇය විවාහ කර ගන්න ආතර් ද සිල්වා තරුණයා කැමති වෙනවා. මේ තරුණිය, සූරිය බණ්ඩාර නම් කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර. එත් තරුණියගේ පාර්ශවය මෙයට අකමැති වෙන්නේ, තම දියණියට ආතර් ද සිල්වා ගේ වත් පොහොසත් කම ප්‍රමාණවත් නැහැ කියමින්.

මෙයින් අපේ කතා නායකයා සැලෙන්නේ නැහැ. තම සිත් ගත තරුණිය කෙසේ හෝ ලබා ගැනීමටත්, තමන්ගේ වත් පොහොසත් කම පෙන්වීමටත් ඔහු උපායක් කල්පනා කරනවා. ව්‍යාපර කටයුත්තක් සඳහා එරට සංචාරයට ඉන්දියාවේ මහා රාජා කෙනෙකුගෙන් ආතර් ද සිල්වා ට ආරාධනාවක් ලැබෙන්නේ මේ අවස්ථාවේදියි.

මේ සංචාරයේදී මහා රජා කෙනෙකුගේ මහා මන්දිරයක් නරඹන්න ආතර් ද සිල්වා තරුණයාට අවස්තාවක් උදා වෙනවා. එම මන්දිරයේ සැලැස්ම තමාට දෙන ලෙස මහා රජාගෙන් ඉල්ල සිටින්නේ, එවන් මන්දිරයක් සෑදිය යුතුයැයි ආතර් ට ඇල්මක් සහ සිතිවිල්ලක් පහල වෙන නිසා. එත් ලංකාවේ කෙනකුට ඒක දෙන්න මහාරාජා කැමැති වෙන්නේ නැහැ. “ලංකාවේ මිනිසසුන්ට ඕව කරන්න පුළුවන්ද” කියල අපහාසයෙන් තමයි මහරාජා කතාකරලා තියෙන්නේ. මහාරාජත් එක්ක ඒ වෙලාවෙම හිතෙන් ඔට්ටුවක් අල්ලපු ආතර්, “මමත් මේ විදියෙ මන්දිරයක් හදනවාමයි…” කියන ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුවයි නැවතත් ලංකාවට එන්නේ.

ලංකාවට ආපු ගමන් ආතර් කළේ ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියො දෙන්නක්ව ඉන්දියාවට යවල, මහාරාජා මන්දිරය බලාගෙන එන්න කියලා නියෝග කරපු එක. මේ විදියට බලාගෙන ඇවිත් තමයි රිච්මන්ඩ් කාසල් නමින් මහා මන්දිරයක් ආතර් ගොඩනගන්නේ.

තමන්ගේ මන්දිරය, මහාරාජා මැදුර විදියටම හදල සිංහලයන්ගේ ශක්තිය වගේම හැකියාව පෙන්නුම් කරපු ආතර්, “මෙන්න මටත් පුළුවන්…. මමත් හැදුවා” කියල මන්දිරය විවෘත කරන්න එන්න කියල මහාරාජට ආරාධනාවකුත් කළා. මන්දිරය විවෘත කරන්න ලංකාවට ආපු මහාරාජා අලුත් මන්දිරය දැකල දෑස් අදහගන්න බැරුව මාලිගාව දිහා බලාගෙන ඉන්න පින්තූර අදටත් මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය ඇතුළේ දකින්න පුළුවන්.

ආතර්ගේ මන්දිරය දැකලා සතුටටත් විස්මයටත් පත් වුණු සූරිය බණ්ඩාර, තම දියණිය ආතර්ට විවාහ කර දෙන්න කැමැත්ත පල කරලා තියෙනවා. ඉතින් මන්දිරයට ගෙවදිමයි, විවාහ මංගල්‍යයයි දෙකම එකම දවසේ තමයි සිදු වෙලා තියෙන්නේ.

මන්දිරයේ සුවිශේෂ ලක්ෂණ

මේ මන්දිරය අමුතුම කලාවකට අමුතුම වාස්තු නිර්මාණ ශෛලියකට අනුව නිමවූවක්. මන්දිරය හදන්න ලංකාවෙන් අරන් තියෙන්නේ හුනු, වැලි, කළු ගල් සහ තාක්ෂණය විතරයි. මන්දිරයට යොදා ගත්තු උඵ, ගඩොල් වගේම කිරිගරුඬ ඉතාලියෙන් සහ ස්කොට්ලන්තයෙනුයි ගෙන්වල තියෙන්නේ. රවුම් තරප්පු, සිවිලිම්වලට තහඩු ගෙනැල්ල තියෙන්නේ එංගලන්තයෙන්. බුරුමයේ රැන්ගුන් නුවරින් මන්දිරය සඳහාම තේක්ක ලී නැව් දෙකක් ගෙන්වලා තිබුණා. මේ සියලුම අමුද්‍රව්‍ය ගෙනත් තියෙන්නේ මුහුදු මාර්ගයෙන් කළු ගඟ හරහායි.

ඒ කාලයේ තාක්ෂණය, ගෘහ නිර්මාණ කලාව පිළිබිඹු කරන එක් අංගයක් තමයි මේ මන්දිරයේ පැත්තක තියෙන චීනච්චට්ටි තරප්පුව. මේක ගෙන්වල තියෙන්නේ එංගලන්තයෙන්. ඒ තරප්පුවෙන් උඩට නැග්ග කාටත් ප්‍රධාන ශාලාව ඉතාම හොඳින් බලාගන්න පුළුවන්.

මහනුවර යුගයේ ලී කැටයම් රාශියක්ම තිබෙන මේ මන්දිරයේ ශාලාව ඇතුළෙ ඉතා ශක්තිමත් ලී කණු 12 ක් තියෙනවා. මේ සේරම තනි තේක්ක ලීයෙන් කරල තියෙනවා වගේම එක ගහකින් එක කණුවක් වෙන්න කිසිම තැනක එකම මූට්ටුවක්වත් නැති වෙන්නයි හදල තියෙන්නෙ. මේ ලී කණුවලින් මන්දිරයට අපූරු ලස්සනක් විතරක් නෙවි අභිමානයකුත් ඇති කරනවා.

මේ මන්දිරයේ ගෘහ නිර්මාණ කලාව වර්තමානය සමඟවත් සසඳන්න බැරි විදියට ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මන්දිරය පිහිටි ඉඩම වටේට තිබෙන කළුගඟ පවා මන්දිරයේ සුවපහසුව වෙනුවෙන් යොදා ගන්න ආතර් ද සිල්වා අමතක කළේ නැහැ. මන්දිරයේ ප්‍රධාන ශාලාව පිහිටා තිබෙන ගඟට නිරාවරණය වුණු සීමාව ගොඩක් විශේෂයි. ගතට සිතට දැනෙන ප්රබෝධය මේ මන්දිරය අමතක කරන්න බැරි තරමට එතැනට යන්නන්ව ඇද බැඳ තබා ගන්නෙ ඒ නිසයි.

මන්දිරයේ තැන් තැන්වල පුංචි පුංචි කවුළු කිහිපයකින් මන්දිරය ඇතුළට ස්වාභාවික සිසිලස ගෙන්වන්න කටයුතු කරල තියෙනවා.

විශාල මැද මිදුලක් තියෙන මන්දිරයේ මේ මැද මිදුල ගරාදි බිත්තිවලින් වටවෙලයි තියෙන්නේ. මැද මිදුලෙ තියෙන සිංහ රූපයේ කටින් වතුර විහිදෙන්නත් මේ වතුරෙන් මන්දිරයේ ඇතුළු කාමරවලට ස්වාභාවික සීතලක් ලබා දෙන්නත් රිච්මන්ඩ් කාසල් මන්දිරය නිර්මාණය කරපු ගෘහ නිර්මාණ ශිල්පියා කටයුතු කරල තිබුණා. ඒ වගේම වහලයෙන් වැටෙන වැහි වතුරත් එක තැනකට එකතු වෙලා මන්දිරය යටින් බටවලින් එළියට යන්න සලස්වල තිබුණා. ඒකෙන් අරමුණ වෙලා තිබුණේ මන්දිරයට ස්වාභාවික සිසිලස ලබා ගැනීමයි.

මේ වගේ ඉතාම සුවිශේෂී ලක්ෂණ ගණනාවක් රිච්මන්ඩ් කාසල් මන්දිරය පුරාම දකින්න පුළුවන්.

රිච්මන්ඩ් කාසල් ශෝකාන්තය

මෙතරම් අපූරු විධියටත්, ගම්භිර විධියටත් කිර්මානය කරපු මේ සුවිසල් මන්දිරයේ කතාවේ අවසානයට කියන්න තියෙන්නේ හද සසල කරවන පුවතක්.

අවුරුදු තිස් ගාණක්ම ඉතාම සමඟියෙන් ජීවත් වුණු ආතර් ද සිල්වා මුදලිතුමාටයි, ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර මැතිනියටය් දරු වන් හිටියේ නැහැ. මේ නිසා මේ දෙමහල්ලෝ ඉඳල තියෙන්නේ ඉතාම සිත් වේදනාවෙන්. මෙන්න මේ කාලේදී තමයි ආතර් ද සිල්වා මුදලි තුමාගේ නරක කලේ උදා වෙන්නේ. තොරන් හතක් බැඳ මගුල් කා බැඳගත් ආදරණීය බිරිඳ මැදුරේ සේවකයකු සමඟ සම්බන්ධයක් තිබෙන බව මුදලිතුමාට දැනගන්නට ලැබෙන්නේ අහම්බෙන්. මේ නිසා ආතර් ද සිල්වා මුදලිතුමා බොහොම සිත් තැවුලට පත්වුණා කියල තමයි ජනප්රවාදයේ සඳහන් වෙන්නේ. වනවිට ආතර් ට වයස අවුරුදු 51ක්. සූරියබණ්ඩාර ළමාතැනීට අවුරුදු 50 ක්. මේක විශ්වාස කළ නොහැකි වුනත් මොවුන්ට දරුවන් නොමැති වීම, මේ කතාව අනියමින් සනාථ කරනවා.

අවසානයේදී මුදලිතුමා සියලු සම්පත් අතහැර දමා මන්දිරයටත් බිරිඳටත් සමුදී නුවර කුවින්ස් හෝටලයේ 75 වෙනි කාමරය කුළියට ගෙන එහි හුදකලාව ජිවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඊට කලින් ළමාතැනි මැදුරේ හිටපු සේවකයා එක්ක පැනලා ගිය පුවතක් ජනප්රවාදයේ අහන්න ලැබෙනවා.

කොහොම උනත් එකල වටිනාකමින් රු. 300 ක් හා පොල්ගෙඩි 250 ක් ඇය ජීවත්වනතුරා මාස්පතා යවන ලෙසත්, ඉතිරි දේපළ පිරිමි ළමයින් රැකබලාගැනීම සදහා යොදවන ලෙස අන්තිම කැමති පත්‍රය ලියා තබන්න ආතර් ද සිල්වා අමතක කලේ නැහැ.

අපේ කතා නායක දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා 1947 ජූලි 08 වැනිදා අවසන් හුස්ම හෙලන්නේ, අති සුඛෝපභෝගී මහා මන්දිරයකුත්, හද සසළ කරවන ශෝකාන්තයකුත් අපට ඉතිරි කරමින්.

අදටත් රිච්මන්ඩ් කාසල් මන්දිරය කළුතර පුරවරයේ සුබසිද්ධිය උදෙසා විරාජමානව පවතිනවා. චිත්‍රපට, ටෙලි නාට්‍ය ගණනාවකටමත් අපූරු පසුතලයකුත් වුණු රිච්මන්ඩ් මන්දිරය නරඹන ඕන කෙනෙක්ට ආයෙත් ඒ මන්දිරයට යන්න ඇති වෙන්නේ නොතිත් ආසාවක්. ඒ තරමටම මෙය සුවිශේෂයි…. අලංකාරයි….මේ මන්දිරය අද පාලනය කෙරෙන්නේ මහා භාණ්ඩාගාරය මගින්.

Photos

යාලුවනේ මම මේ තැනට ගියා ගිය සතියේ..අදහගන්න බැරි තරම් දියුණු තාක්ෂණයක් පාවිච්චි කරලා හදලා තියෙන්නේ.ඉතින් ආවායින් පස්සේ විස්තර හෙව්ව තවත් මේක ගැන.ඒකෙදි හම්බ උනේ මේ ලින්ක් එක.

තව තියෙනවා.කැමති නම් මේවත් බලන්න..

1http://dasathasarisara.blogspot.com/2015/07/blog-post_13.html

2http://sinhala.roar.lk/travel/richmond-castle-the-sri-lankan-taj-mahal/

3http://pastceylon.blogspot.com/2015/12/blog-post.html

4http://www.lankadeepa.lk/index.php/articles/21915

[QUOTE="priyanka_hdp, post: 20735731, member: 3689"] [b]ශ්‍රී ලංකාවේ ටජ්මහල : රිච්මන්ඩ් කාසල්[/b] [SIZE="4"][COLOR="Blue"]ටජ් මහල් කිව්වහම අපිට එක පාරටම මතක් වෙන්නේ ඉන්දියාව. ඉන්දියාවේ තියෙන ආදරයේ මාළිගාව කියලත් හඳුන්වන ටජ්මහල, මෙය ලෝක ප්‍රසිද්ධ වෙන්නේ එහි විස්මය ජනක ගෘහනිර්මාණ ශිල්පය සහ, ඒ සුවිසල් මන්දිරය හදන්න පසුබිම් වුනු අනුවේදනීය ප්‍රේම කතාව නිසයි. එත් අද අපි කියන්න සූදානම් වෙන්නේ ඉන්දියාවේ ටජ්මහල් ගැන නම් නෙමෙයි. ගෘහනිර්මාණ ශිල්පය අතින් ඊට නොදෙවෙනි වෙන, ඊට සමාන පසුබිම් කතාවක් ඇති ලංකාවේ අති සුවිශේෂී මන්දිරයක් ගැනයි. නම කිව්ව සැනින් බොහෝ දෙනෙක් දන්නා මේ රිච්මන්ඩ් කාසල් මැදුර. රිච්මන්ඩ් කාසල් මැදුර [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/09/Pic-1-%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B8%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%BB..jpg[/IMG] රිච්මන්ඩ් කාසල් තියෙන්නේ කොහෙද? අපි අද කතා කරන මේ මන්දිරය තියෙන්නේ කළුතර ප්‍රදේශයේ. කළුතර කියන්නේ, කළු ගඟෙන් සශ්‍රික වෙච්ච, යටත් විජිත සමයේ ඉඳන් බොහෝ ප්රභූන්ගේ ගෞරවාදරයට පාත්‍ර වුන ප්‍රදේශයක්. අතීතයේදී බොහෝ ධන්වතුන්, ප්‍රභූ වරුන්, වංශක්කාර වරුන් පදිංචී වෙලා හිටපු ප්‍රදේශයක් විධියට කළුතර ප්‍රසිද්ධයි. කළුතර නගරයේ සිට කි.මි. 3 ක් පමණ රට තුළට වන්නට තමයි රිච්මන්ඩ් කාසල් මැදුර පිහිටා තියෙන්නේ. ඒ කියන්නේ, කළුතර නගරයේ සිට ඔබ යනවා නම් මුලින්ම ගඟබඩ පාරේ ගමන් කර, පලාතොට හන්දියෙන් පලාතොට – කෙත්හේන පාරේ ගමන් කරන්න ඕනි. එසේ ගමන් කරන කොට භික්ෂු විවේකාරාමය පසුකල විට මොසැක් කළාවට අනුව සැකසුණු දෑවැන්ත නාම පුවරුවක “රිච්මන්ඩ් කාසල්”යනුවෙන් නිර්මාණය කොට තිබෙනවා දැකගත හැකියි. මෙතැන් සිට ආරම්භ වන විශාල තොරණක් සහිත පොල් වත්ත මැදින් මීටර් 500ක් පමණ ගමන් කලාම, කළු ගඟට මායිම්ව පිහිටි තරමක් උස් කඳු ගැටයක ඉඳිවුන මහා මන්දිරයක් හැටියට රිච්මන්ඩ් කාසල් මැදුර දකින්න පුළුවන්. රිච්මන්ඩ් කාසල් මන්දිරය පිහිටලා තියෙන මුළු ඉඩම අක්කර 42 යි. මන්දිරය පිහිටි සීමාව අක්කරයක් පමණ විහිදී තියෙනවා. මේ සුවිසල් මැදුරට කාමර 16 ක්, උළුවහු 99 ක් සහ ජනේල 38 ක් අන්තර්ගත වෙනවා. මහ මැදුර ඉඳිකලේ කවුද? රිච්මන්ඩ් කාසල් මැදුර ඉඳීවෙන්නේ 1910 වර්ෂයේ. මේ අපූරු මැදුර, එවකට කළුතර දීසාව භාරව සිටි මහ මුදලි දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමාගේ නිර්මාණයක්. ආතර් ද සිල්වා පවුලේ දෙවෙනියා වන අතර ඔහුට හෙක්ටර් ද සිල්වා නමින් වැඩිමල් සොහොයුරෙක් සිටිනවා. මොවුන්ගේ පියා කොල්ලුපිටියේ නිවසක් තනා එහි පදිංචියට එන්නේ 19 වන සියවස අග භාගයේදී. නානායක්කාර රජවාසල අප්පුහාමිලාගේ පවුලිස් ද සිල්වා නම් වූ මේ පියතුමාගේ පරපුර මුහුදු බඩ වාසය කල අය උනත්, යටත් විජිත ආක්‍රමණ හමුවේ ඔවුන් දකුණට හා මධ්‍ය කඳුකරයට පලා ගොස් තිබුණා. ආතර් ද සිල්වා ගේ පියා අයත් වෙන්නේ එසේ දකුණට පලා ගිය සිංහල වංශක්කාර පවුලකට. කෙසේ වෙතත් වංශාධිපති පවුලිස් ද සිල්වා තම දරුවන් දෙදෙනා යුරෝපයට යවා ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කරනවා. වසර ගණනාවක් විදෙස් ගතව ඉගෙනුම හමාර කරන අපේ කතා නායකයා ආපසු මව් රටට පැමිණෙන්නේ උගත්, බුදිධිමත්, ධනවත් තරුණයෙක් හැටියටයි. රිච්මන්ඩ් කාසල් ඉඳිවුනේ කොහොමද? රිච්මන්ඩ් කාසල් මන්දිරය ඉඳි කිරීම ගැන ජනප්‍රවාද ගොඩක් තියෙනවා. ඒවා අතරින් ප්රමුඛ සහ ජනප්‍රියම පුවත මෙහෙමයි : අධ්‍යාපනය අවසන් කර ලංකාවට පැමිණි මේ තරුණයාට විවාහයක් කර දෙන්න පියා කටයුතු කරනවා. මේ සඳහා යෝජනා කෙරෙන්නේ බොහෝ පොහොසත්, වංශවත් පවුල් වලින් තෝරා ගත රූමත් තරුණියන්. මොවුන් අතුරින් එක තරුණියක් තමන්ගේ සිත් ගත නිසා, ඇය විවාහ කර ගන්න ආතර් ද සිල්වා තරුණයා කැමති වෙනවා. මේ තරුණිය, සූරිය බණ්ඩාර නම් කළුතර දිසා විනිශ්චයකාරවරයාගේ දියණිය වූ ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර. එත් තරුණියගේ පාර්ශවය මෙයට අකමැති වෙන්නේ, තම දියණියට ආතර් ද සිල්වා ගේ වත් පොහොසත් කම ප්‍රමාණවත් නැහැ කියමින්. මෙයින් අපේ කතා නායකයා සැලෙන්නේ නැහැ. තම සිත් ගත තරුණිය කෙසේ හෝ ලබා ගැනීමටත්, තමන්ගේ වත් පොහොසත් කම පෙන්වීමටත් ඔහු උපායක් කල්පනා කරනවා. ව්‍යාපර කටයුත්තක් සඳහා එරට සංචාරයට ඉන්දියාවේ මහා රාජා කෙනෙකුගෙන් ආතර් ද සිල්වා ට ආරාධනාවක් ලැබෙන්නේ මේ අවස්ථාවේදියි. මේ සංචාරයේදී මහා රජා කෙනෙකුගේ මහා මන්දිරයක් නරඹන්න ආතර් ද සිල්වා තරුණයාට අවස්තාවක් උදා වෙනවා. එම මන්දිරයේ සැලැස්ම තමාට දෙන ලෙස මහා රජාගෙන් ඉල්ල සිටින්නේ, එවන් මන්දිරයක් සෑදිය යුතුයැයි ආතර් ට ඇල්මක් සහ සිතිවිල්ලක් පහල වෙන නිසා. එත් ලංකාවේ කෙනකුට ඒක දෙන්න මහාරාජා කැමැති වෙන්නේ නැහැ. “ලංකාවේ මිනිසසුන්ට ඕව කරන්න පුළුවන්ද” කියල අපහාසයෙන් තමයි මහරාජා කතාකරලා තියෙන්නේ. මහාරාජත් එක්ක ඒ වෙලාවෙම හිතෙන් ඔට්ටුවක් අල්ලපු ආතර්, “මමත් මේ විදියෙ මන්දිරයක් හදනවාමයි…” කියන ස්ථීර අධිෂ්ඨානයෙන් යුතුවයි නැවතත් ලංකාවට එන්නේ. ලංකාවට ආපු ගමන් ආතර් කළේ ලංකාවේ ගෘහ නිර්මාණ ශිල්පියො දෙන්නක්ව ඉන්දියාවට යවල, මහාරාජා මන්දිරය බලාගෙන එන්න කියලා නියෝග කරපු එක. මේ විදියට බලාගෙන ඇවිත් තමයි රිච්මන්ඩ් කාසල් නමින් මහා මන්දිරයක් ආතර් ගොඩනගන්නේ. තමන්ගේ මන්දිරය, මහාරාජා මැදුර විදියටම හදල සිංහලයන්ගේ ශක්තිය වගේම හැකියාව පෙන්නුම් කරපු ආතර්, “මෙන්න මටත් පුළුවන්…. මමත් හැදුවා” කියල මන්දිරය විවෘත කරන්න එන්න කියල මහාරාජට ආරාධනාවකුත් කළා. මන්දිරය විවෘත කරන්න ලංකාවට ආපු මහාරාජා අලුත් මන්දිරය දැකල දෑස් අදහගන්න බැරුව මාලිගාව දිහා බලාගෙන ඉන්න පින්තූර අදටත් මේ රිච්මන්ඩ් කාසල් මන්දිරය ඇතුළේ දකින්න පුළුවන්. ආතර්ගේ මන්දිරය දැකලා සතුටටත් විස්මයටත් පත් වුණු සූරිය බණ්ඩාර, තම දියණිය ආතර්ට විවාහ කර දෙන්න කැමැත්ත පල කරලා තියෙනවා. ඉතින් මන්දිරයට ගෙවදිමයි, විවාහ මංගල්‍යයයි දෙකම එකම දවසේ තමයි සිදු වෙලා තියෙන්නේ. මන්දිරයේ සුවිශේෂ ලක්ෂණ මේ මන්දිරය අමුතුම කලාවකට අමුතුම වාස්තු නිර්මාණ ශෛලියකට අනුව නිමවූවක්. මන්දිරය හදන්න ලංකාවෙන් අරන් තියෙන්නේ හුනු, වැලි, කළු ගල් සහ තාක්ෂණය විතරයි. මන්දිරයට යොදා ගත්තු උඵ, ගඩොල් වගේම කිරිගරුඬ ඉතාලියෙන් සහ ස්කොට්ලන්තයෙනුයි ගෙන්වල තියෙන්නේ. රවුම් තරප්පු, සිවිලිම්වලට තහඩු ගෙනැල්ල තියෙන්නේ එංගලන්තයෙන්. බුරුමයේ රැන්ගුන් නුවරින් මන්දිරය සඳහාම තේක්ක ලී නැව් දෙකක් ගෙන්වලා තිබුණා. මේ සියලුම අමුද්‍රව්‍ය ගෙනත් තියෙන්නේ මුහුදු මාර්ගයෙන් කළු ගඟ හරහායි. ඒ කාලයේ තාක්ෂණය, ගෘහ නිර්මාණ කලාව පිළිබිඹු කරන එක් අංගයක් තමයි මේ මන්දිරයේ පැත්තක තියෙන චීනච්චට්ටි තරප්පුව. මේක ගෙන්වල තියෙන්නේ එංගලන්තයෙන්. ඒ තරප්පුවෙන් උඩට නැග්ග කාටත් ප්‍රධාන ශාලාව ඉතාම හොඳින් බලාගන්න පුළුවන්. මහනුවර යුගයේ ලී කැටයම් රාශියක්ම තිබෙන මේ මන්දිරයේ ශාලාව ඇතුළෙ ඉතා ශක්තිමත් ලී කණු 12 ක් තියෙනවා. මේ සේරම තනි තේක්ක ලීයෙන් කරල තියෙනවා වගේම එක ගහකින් එක කණුවක් වෙන්න කිසිම තැනක එකම මූට්ටුවක්වත් නැති වෙන්නයි හදල තියෙන්නෙ. මේ ලී කණුවලින් මන්දිරයට අපූරු ලස්සනක් විතරක් නෙවි අභිමානයකුත් ඇති කරනවා. මේ මන්දිරයේ ගෘහ නිර්මාණ කලාව වර්තමානය සමඟවත් සසඳන්න බැරි විදියට ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. මන්දිරය පිහිටි ඉඩම වටේට තිබෙන කළුගඟ පවා මන්දිරයේ සුවපහසුව වෙනුවෙන් යොදා ගන්න ආතර් ද සිල්වා අමතක කළේ නැහැ. මන්දිරයේ ප්‍රධාන ශාලාව පිහිටා තිබෙන ගඟට නිරාවරණය වුණු සීමාව ගොඩක් විශේෂයි. ගතට සිතට දැනෙන ප්රබෝධය මේ මන්දිරය අමතක කරන්න බැරි තරමට එතැනට යන්නන්ව ඇද බැඳ තබා ගන්නෙ ඒ නිසයි. මන්දිරයේ තැන් තැන්වල පුංචි පුංචි කවුළු කිහිපයකින් මන්දිරය ඇතුළට ස්වාභාවික සිසිලස ගෙන්වන්න කටයුතු කරල තියෙනවා. විශාල මැද මිදුලක් තියෙන මන්දිරයේ මේ මැද මිදුල ගරාදි බිත්තිවලින් වටවෙලයි තියෙන්නේ. මැද මිදුලෙ තියෙන සිංහ රූපයේ කටින් වතුර විහිදෙන්නත් මේ වතුරෙන් මන්දිරයේ ඇතුළු කාමරවලට ස්වාභාවික සීතලක් ලබා දෙන්නත් රිච්මන්ඩ් කාසල් මන්දිරය නිර්මාණය කරපු ගෘහ නිර්මාණ ශිල්පියා කටයුතු කරල තිබුණා. ඒ වගේම වහලයෙන් වැටෙන වැහි වතුරත් එක තැනකට එකතු වෙලා මන්දිරය යටින් බටවලින් එළියට යන්න සලස්වල තිබුණා. ඒකෙන් අරමුණ වෙලා තිබුණේ මන්දිරයට ස්වාභාවික සිසිලස ලබා ගැනීමයි. මේ වගේ ඉතාම සුවිශේෂී ලක්ෂණ ගණනාවක් රිච්මන්ඩ් කාසල් මන්දිරය පුරාම දකින්න පුළුවන්. රිච්මන්ඩ් කාසල් ශෝකාන්තය මෙතරම් අපූරු විධියටත්, ගම්භිර විධියටත් කිර්මානය කරපු මේ සුවිසල් මන්දිරයේ කතාවේ අවසානයට කියන්න තියෙන්නේ හද සසල කරවන පුවතක්. අවුරුදු තිස් ගාණක්ම ඉතාම සමඟියෙන් ජීවත් වුණු ආතර් ද සිල්වා මුදලිතුමාටයි, ක්ලැරිස් මෝඩි මැටිල්ඩා සූරියබණ්ඩාර මැතිනියටය් දරු වන් හිටියේ නැහැ. මේ නිසා මේ දෙමහල්ලෝ ඉඳල තියෙන්නේ ඉතාම සිත් වේදනාවෙන්. මෙන්න මේ කාලේදී තමයි ආතර් ද සිල්වා මුදලි තුමාගේ නරක කලේ උදා වෙන්නේ. තොරන් හතක් බැඳ මගුල් කා බැඳගත් ආදරණීය බිරිඳ මැදුරේ සේවකයකු සමඟ සම්බන්ධයක් තිබෙන බව මුදලිතුමාට දැනගන්නට ලැබෙන්නේ අහම්බෙන්. මේ නිසා ආතර් ද සිල්වා මුදලිතුමා බොහොම සිත් තැවුලට පත්වුණා කියල තමයි ජනප්රවාදයේ සඳහන් වෙන්නේ. වනවිට ආතර් ට වයස අවුරුදු 51ක්. සූරියබණ්ඩාර ළමාතැනීට අවුරුදු 50 ක්. මේක විශ්වාස කළ නොහැකි වුනත් මොවුන්ට දරුවන් නොමැති වීම, මේ කතාව අනියමින් සනාථ කරනවා. අවසානයේදී මුදලිතුමා සියලු සම්පත් අතහැර දමා මන්දිරයටත් බිරිඳටත් සමුදී නුවර කුවින්ස් හෝටලයේ 75 වෙනි කාමරය කුළියට ගෙන එහි හුදකලාව ජිවත් වෙන්න තීරණය කරලා තියෙනවා. ඊට කලින් ළමාතැනි මැදුරේ හිටපු සේවකයා එක්ක පැනලා ගිය පුවතක් ජනප්රවාදයේ අහන්න ලැබෙනවා. කොහොම උනත් එකල වටිනාකමින් රු. 300 ක් හා පොල්ගෙඩි 250 ක් ඇය ජීවත්වනතුරා මාස්පතා යවන ලෙසත්, ඉතිරි දේපළ පිරිමි ළමයින් රැකබලාගැනීම සදහා යොදවන ලෙස අන්තිම කැමති පත්‍රය ලියා තබන්න ආතර් ද සිල්වා අමතක කලේ නැහැ. අපේ කතා නායක දොන් ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධන පඬිකාර මුදලිතුමා 1947 ජූලි 08 වැනිදා අවසන් හුස්ම හෙලන්නේ, අති සුඛෝපභෝගී මහා මන්දිරයකුත්, හද සසළ කරවන ශෝකාන්තයකුත් අපට ඉතිරි කරමින්. අදටත් රිච්මන්ඩ් කාසල් මන්දිරය කළුතර පුරවරයේ සුබසිද්ධිය උදෙසා විරාජමානව පවතිනවා. චිත්‍රපට, ටෙලි නාට්‍ය ගණනාවකටමත් අපූරු පසුතලයකුත් වුණු රිච්මන්ඩ් මන්දිරය නරඹන ඕන කෙනෙක්ට ආයෙත් ඒ මන්දිරයට යන්න ඇති වෙන්නේ නොතිත් ආසාවක්. ඒ තරමටම මෙය සුවිශේෂයි…. අලංකාරයි….මේ මන්දිරය අද පාලනය කෙරෙන්නේ මහා භාණ්ඩාගාරය මගින්. Photos [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/09/Pic-6-%E0%B6%BB%E0%B7%92%E0%B6%A0%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A-%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%8B%E0%B6%A9%E0%B7%94-%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B6%A7-%E0%B6%B4%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%B1-%E0%B6%85%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%94..jpeg[/IMG] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/09/Pic-5-%E0%B6%A0%E0%B7%92%E0%B6%B1%E0%B6%A0%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%92-%E0%B6%AD%E0%B6%BB%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94-%E0%B6%B4%E0%B7%99%E0%B7%85..jpg[/IMG] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/09/Pic-4-threeblindmen.photoshelter.com_-e1473083145913.jpg[/IMG] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/09/Pic-3-%E0%B6%86%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%AF-%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F-%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A-%E0%B6%B8%E0%B7%9D%E0%B6%A9%E0%B7%92-%E0%B6%B8%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F-%E0%B7%83%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B6%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BB-%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA..jpg[/IMG] [IMG]http://sinhala.roar.lk/wp-content/uploads/sites/2/2016/09/Pic-2-srilankatravelnotes.com_.jpg[/IMG] //================================ යාලුවනේ මම මේ තැනට ගියා ගිය සතියේ..අදහගන්න බැරි තරම් දියුණු තාක්ෂණයක් පාවිච්චි කරලා හදලා තියෙන්නේ.ඉතින් ආවායින් පස්සේ විස්තර හෙව්ව තවත් මේක ගැන.ඒකෙදි හම්බ උනේ මේ ලින්ක් එක. තව තියෙනවා.කැමති නම් මේවත් බලන්න.. 1[URL="http://dasathasarisara.blogspot.com/2015/07/blog-post_13.html"]http://dasathasarisara.blogspot.com/2015/07/blog-post_13.html[/URL] 2[URL="http://sinhala.roar.lk/travel/richmond-castle-the-sri-lankan-taj-mahal/"]http://sinhala.roar.lk/travel/richmond-castle-the-sri-lankan-taj-mahal/[/URL] 3[URL="http://pastceylon.blogspot.com/2015/12/blog-post.html"]http://pastceylon.blogspot.com/2015/12/blog-post.html[/URL] 4[URL="http://www.lankadeepa.lk/index.php/articles/21915"]http://www.lankadeepa.lk/index.php/articles/21915[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom