Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ශ්‍රී ලංකාවේ දේශපාලනය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

'චොකා මල්ලි' සහ මරණ දඬුවම : 'මගේ තාත්තා, තාත්තටම වෙඩි තියා ගත්තද?'

මරණයට පත් සිය සැමියාගේ ඡායාරුව අසල සිටින පුෂ්පා දොඩංගොඩ සහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර

"මම තාත්තා ළඟට යනකොට බඩවැල් එළියට ඇවිල්ලා. එතකොටත් තාත්තට සිහිය තිබුණා."

"තාත්තා මගේ අතින් අල්ලන් හිටියේ. මම ඇම්බියුලන්ස් එකට නගින්න හදනකොට තාත්තා කිව්වා, නෑ පුතේ ඔයා ගෙදර යන්න. මම ඉක්මනට එන්නම්. අම්මයි, අක්කලයි බලා ගන්න කියලා "

"තාත්තා ජීවිත කාලෙටම මගෙන් කිසිම ඉල්ලීමක් කරලා නැහැ. ජීවිතේ ඉල්ලපු එකම දේ එච්චරයි..."

ඉහත දැක්වෙන්නේ පියෙකුගේ අවසන් වචන කීපය සිහිපත් කරමින් දුක් සුසුම්ලන පුතෙකුගේ මතකයයි.

2015 ජනවාරි 05 වෙනිදා අලුයම කහවත්ත නගරයේ දී එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් සංවිධානය කෙරුණු ප්රචාරක රැළියක් සඳහා සැරසිලි කරමින් සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ශාන්ත දොඩංගොඩ හෙවත් ඩී.ජී සුනිල් පෙරේරා මරණයට පත් විය.

එම ඝාතනයට වරදකරු වී එල්ලුම් ගස නියම වුණු ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමත් සමග රටේත්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේත් අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය වැනි නෛතික කරුණු කෙරෙහිය. එහෙත් එකී සිදුවීමට අදාළ වින්දිතයන් සම්බන්ධයෙන් වාර්තා නොවන තරම්ය. බීබීසී සිංහල සේවය විසින් ශාන්ත දොඩංගොඩගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ පුතු සම්බන්ධ කර ගනු ලැබුවේ එවැනි පසුබිමක් තුළදීය.

ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්

ශාන්ත දොඩංගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන්

දේශපාලන උවමනා සහ දේශපාලන කණ්නාඩි පසෙකලා තමන්ට සිදු වූ ඛේදවාචකය දෙස සංවේදීව බලන ලෙස ඔවුහු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් සහ රත්නපුර ජනයා ඇතුළු සමස්ත රටවාසීන්ගෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම "ගුණමකු දේශපාලනඥයන්" වෙනුවෙන් තම ජීවිත අනතුරේ හෙළා නොගන්නා ලෙස ද දොඩංගොඩ පවුල ඉල්ලීමක් කරයි.

කහවත්ත නගරයේ දී ශාන්ත දොඩංගොඩ වෙඩි ප්‍රහාරයට ගොදුරු වන අවස්ථාවේ එහි සිටි ඔහුගේ පුත් සුමංග පස් වසරකට පෙර මතකය අවදි කළේ ඉකි බිඳිමිනි.

"තාත්තා රත්නපුරේ අරන් ගියාට පස්සේ මම ගෙදර ගියා. ගෙදට්ට යනකොට අම්මා ඇහුවා පුතේ... කහවත්තේ වෙඩි තියලා නේද? කෝ තාත්තා? කියලා... තාත්තට වෙඩි වැදුණා. තාත්තා හොස්පිටල් එකට ගෙනිච්චා, තාත්තට කරදරයක් නැහැ, අපි ඉක්මණට යමු කියලා මම අම්මවත් එක්කරගෙන බයිසිකලේ රත්නපුරේ ගියා..." සුමංග කඩින් කඩ කතාව නතර කරමින් අතීතය සිහිපත් කරයි.

"මම ඒ යන ගමන් පැල්මඩුල්ලේ ගනේගම පන්සල ළඟ නැවැත්තුවා. මගේ තාත්තව බේරලා දෙන්න කියල මම බුදුන්ගෙන් ඉල්ලුවා. මට වෙන කියන්න කෙනෙක් හිටියේ නැහැ. මම දැකපු දේවල් අම්මට කියන්නත් බැහැ. මම ඒ වෙලාවේ පුදුම විදිහට අසරණ වුණා,"

"මම ඉක්මණට එන්නම්" කී සුමංගගේ පියා 2015 ජනවාරි 07 වෙනි දින රත්නපුර මහ රෝහලේදී අවසන් හුස්ම හෙලීය.

ඊට පසුදා පසු එනම් 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණය මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර එම ධුරය සඳහා සිය ප්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝම්බර් 26 වෙනිදා පියවර ගත්තේය. 2019 ජනාධිපතිවරණය සඳහා දෙවනවර ඉදිරිපත් නොවී එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දුන් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා 2020 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කොට යළි පාර්ලිමේන්තුවට තේරී පත් විය.

සිය සැමියාගේ ඝාතනයෙන් පස් වසරකට පසු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, පොදු අපේක්ෂකයාව සිටියදී ඔහු වෙනුවෙන් මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදුණු ආධාරකරුවන්ට වෙඩි තැබූ ප්‍රේමලාල් ජයසේකරත් පාර්ලිමේන්තුවේ එකම පසෙක අසුන් ගෙන සිටුනු දැකීම තමන්ට පමණක් නොව සෙසු ශ්‍රී ලාංකිකයන්ට ද "හොඳ පාඩමක්" කියා දෙන බව ශාන්ත දොඩංගොඩගේ බිරිඳ පුෂ්පා දොඩංගොඩ පවසයි.

"මම මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙන් අහන්නේ, ඔය පුටුවේ වාඩිවෙලා ඒ අය එක්ක කනකොට බොනකොට අපේ මහත්තයා මැරුණ එක මතක් වුණේ නැද්ද කියලා,"

"මහත්තයාගේ මරණේ ඉස්පිරිතාලේ තියෙද්දී තමයි මායි ළමයි තුන් දෙනෙයි ඡන්ද පොළට ගිහින් හංසයාට කතිරේ ගැහුවේ. මේ මරණයත් එක්ක රත්නපුරේ වගේම ලංකාවේ ගොඩක් මිනිස්සු එදා පැවති පාලනේට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ඡන්දේ දුන්නා."

"හැබැයි මේ සැරේ මම ඡන්දේ දාන්න ගියේ නැහැ. මම මීට පස්සේ ආය කවදාවත් ඡන්දයක් දෙන්නෙත් නැහැ. මම විතරක් නෙමෙයි අපේ පවුලේ කවුරුත් ඡන්දේ දැම්මේ නැහැ. තමන් හොඳයි කියල හිතන පක්ෂයකට ඡන්දේ දෙන්න, හැබැයි දේශපාලනඥයෝ කියන මිනිස්සු වෙනුවෙන් නම් පාරට බැහැල වැඩ කරන්න යන්න එපා. අන්තිමට අපිට අපි විතරයි."

"අපි හදාගත්ත ගේ දොර හැමදේම අපට නැති වුණා. මහත්තයා කහවත්ත ප්ලාන්ටේෂන් එකේ ගබඩා පාලකවරයෙක් විදිහට රස්සාව කළේ. මහත්තයගේ පඩියෙන් තමයි අපි ජීවත් වුණේ. ඒත් අපි කාටත් අත පාන්නේ නැතුව බොහොම හොඳින් ජීවත් වුණු පවුලක්."

"ගමෙනුත් යන්න වුණා"

2015 පෙබරවාරි මස දොඩංගොඩ පවුලේ සාමාජිකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වූ අවස්ථාව (හිටපු ඇමතිනී තලතා අතුකෝරල ද එම අවස්ථාවට එක් විය)

පුෂ්පා පවසන පරිදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සැමියාගේ අවමංගල්‍යට සහභාගී වූවා හැර ඔහු හෝ ප්‍රදේශයේ එජාප දේශපාලනඥයන් ඔවුන් පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු කර නොමැත. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවක තමන් කැඳවා ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දුන් බව ඇය සඳහන් කළාය.

සිය සැමියාගේ මරණයෙන් පසු ගමේ ප්‍රතිවාදීන්ගේ අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදු වූ බවත් වරෙක ඔවුන් සිය පුතුට පහර දුන් බවත් පුෂ්පා කියා සිටී.

"මම කල්පනා කළා ගමෙන් යන්න ඕනි කියලා. එතකොට ලොකු දුව ගෙයක් කුලියට අරන් හිටියේ. මම කිව්වා පුතේ අපි යන්න යමු කොළඹ අක්කලා ගාවට. මෙහෙ හිටියොත් තාත්තා විතරක් නෙමෙයි මට පුතත් නැති වෙනවා කියලා. ඒ අතරේ අපේ ගේ නාය යාමේ අනතුරකටත් මුහුණ දුන්නා. මේ කරදරත් එක්ක සල්ලි හොයාගෙන පුතාව රට ඇරියා."

තමා පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත නොකළ ද ගෝඨාභය රාජපක්ෂ යටතේ රටේ වෙනසක් සිදුවනු ඇතැයි සිත තුළ සියුම් බලාපොරොත්තුවක් පැවති බව පුෂ්පා දොඩංගොඩ පවසන්නීය.

"හැමෝටම එක නීතියක් කියලා මම හිතුවා. ඒත් එහෙම දෙයක් නැහැ නේද?" ඇයගෙන් ප්‍රශ්නාර්ථයකි.

"වෛර කරන්න හයියක් නැහැ"

"ඒ මනුස්සයා හිරේ ගියා කියලා මගේ මහත්තයට පණ එන්නේ නැහැ. අනුන්ගේ රැස්වීමකට කරදර කරන්න ගිය නිසානේ මේ දේ වුණේ. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ වගේම වෛර කරන්න අපිට හයියකුත් නැහැ. එච්චරටම හිත කඩා වැටිලා... අපිට මෙහෙම වුණේ මේ කුණු දේශපාලනයක් නිසා නේද කියල හිතින් අඬන වාර අනන්තයි. මගේ දරුවන්ට තාත්තා නැති වුණු එක විතරයි වුණේ..." යනුවෙන් පුෂ්පා වැඩිදුරටත් පැවසීය.

දුක් මහන්සියෙන් හරි හම්බ කර තමන් උස්මහත් කළ සිය පියාගේ අකල් වියෝව සිය ජීවිතවලට ඉමහත් බලපෑමක් එක් කළ බව ශාන්ත දොඩංගොඩගේ දියණියන් දෙදෙනා බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ඇඬු කඳුලෙනි.

සිය පියාගේ අකල් මරණයත් සමග පවුලේ වැඩිමහල් දරුවා වශයෙන් තමන්ට දැඩි වගකීමක් පැවරුණු බව දෙටු දියණිය සුමාලි දොඩංගොඩ සඳහන් කළාය. බොහෝ නඩුවාරවලදී අධිකරණය වෙත ගොස් ඇත්තේ ඇයයි.

"අම්මා, නංගි එතරම් හොඳ තත්ත්වයක නෙමෙයි හිටියේ. මල්ලිත් තීරණයක් ගන්න පුළුවන් තැනක හිටියේ නැහැ. ඒ දේවල් මට බලන්න වුණා. මොකද අපිට මේ වගේ දෙයක් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ."

"සාධාරණයක් දකින්නයි උසාවියට ගියේ. ඒ හැර අපිට මිනිස්සු මරන්න බැහැනේ. එහෙම හිත හයිය දරුණු විදිහට තාත්තා අපිව හදල තිබුණේ නැහැ. අපි හැමවෙලාවෙම හිතුවේ නීතියෙන් සාධාරණයක් වෙයි කියලා. ඒත් ලැබුණු සාධාරණයත් වැඩි කල් දරා ගන්න බැරි වුණා. තාත්තා කෙනෙක් නැති වෙන්නම ඕනි මනුස්සයෙකුට තාත්තා නැති එකේ එකේ දුක, අඩුව තේරෙන්න."

මැණික් කර්මාන්තය සහ දේශපාලනඥයෝ

ලාභ ප්‍රයෝජන තකා රත්නපුරයේ ඇතැම් ජනයා ද "නීති කඩන" දේශපාලනඥයන් වෙනුවෙන් පෙනී සිටින බව සුමාලි කියා සිටියේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමත් සමග ඔහුගේ අධාරකරුවන් කිරිබත් කා සතුටු වූ බවට පළ වූ වාර්තා පිළිබඳ අදහස් දක්වමිනි.

"රත්නපුරේ මැණික් බිස්නස්වලට යන අය අතර අධ්‍යාපනය මග නැවතුනු අය වැඩියි. අවසරයක් නැතුව මැණික් හාරන්න දෙනවා නම්, පොලිසියට අල්ලන් ගියත් කෝල් කරලා එළියට දාන්න කියනවා නම් ඒ මිනිස්සු, දේශපාලනඥකුගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ."

පියාගේ ඝාතනය සිදුවන විට සුමාලිගේ කනිටු සොහොයුරිය සුනාලි දොඩංගොඩ තෙමස් ගැබිනියකි.

"අපි පස් දෙනා හරිම ළඟින් හිටියේ. එහෙම අපි එකට හිටිය පවුලක්. අපිට ශක්තිය ලැබෙන වෙලාවේ තාත්තට සලකගන්න අපිට බැරි වුණා. අම්මයි තාත්තයි අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. අම්මට දැන් අපි සලකනවා, ඒත් තාත්තා අපි වෙනුවෙන් කළ දේවල්වලට අපිට අද සලකගන්න අවස්ථාවක් නැහැ නේද? අඩුගානේ අතක් පයක් කැඩිලා හරි ජීවත් වෙලා හිටිය නම්..." යනුවෙන් සුනාලි පවසන්නීය.

"අපේ අම්මල අවුරුදු විස්සක විතර ඉඳන් ඔය දේශපාලනේ කරනවා. ඒත් ඕවායින් වැඩක් නැහැ කියලා අපි අම්මලට කියනවා. නෑ ඉතින් කවදාහරි ඕගොල්ලන්ට ආණ්ඩුවේ රස්සාවක් හම්බ වෙයිනෙ කියලා එතකොට අම්මා කියනවා. ඒත් අපි ආණ්ඩුවේ රස්සාවකට ඇප්ලයි කළත්, ඇප්ලයි කරලා ජොබ් එකක් ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ නැහැනේ. මොකක් හරි දේශපාලන තල්ලුවකින් තමයි ඒවා ලැබෙන්නේ. අපි හැමදාම පෞද්ගලික ආයතනවල රස්සාව කළේ. අපි අද මෙහෙම ඉන්නෙත් ප්‍රයිවට් ජොබ් කරලා. අම්මා තාත්තා මහන්සියෙන් හම්බ කරලා අපට දුන්නා ඇරෙන්න වෙන දෙයක් අපිට නැහැ."

සිය පියාගේ ඝාතනයට අදාළ නඩු තීන්දුව මුල් කර ගනිමින් ඇතැම් පුද්ගලයන් සමාජ ජාල ඔස්සේ තමාට ද බැණ වදිමින් පීඩාවට ලක් කරන බව සුනාලි කියා සිටී.

"දේශපාලනඥයන්ගේ ළමයින් අපි වගේ නෙමෙයි. ඔවුන්ගේ තාත්තලා පාර්ලිමේන්තු ඇවිල්ලා හම්බ කරන සල්ලිවලින් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. හැබැයි අපි එහෙම ජීවත්වෙන මිනිස්සු නෙමෙයි. තමන්ගේ තාත්තට දුකක් කරදරයක් වෙනකොට කොයි ළමයටත් දුකයි. නමුත් අපේ තාත්තගේ ජීවිතේ නැති වුණා. මිනිස්සු තමන්ගේ දරුවෝ ගැන හිතන්න ඕනි අවි අතට ගන්න කලින් නේද?"

[QUOTE="Anatha sinhalu, post: 25693407, member: 571755"] [CENTER][SIZE=7][B]'චොකා මල්ලි' සහ මරණ දඬුවම : 'මගේ තාත්තා, තාත්තටම වෙඩි තියා ගත්තද?' [img]https://i.imgur.com/6jTBulc.png[/img] [/B][/SIZE][SIZE=4][B]මරණයට පත් සිය සැමියාගේ ඡායාරුව අසල සිටින පුෂ්පා දොඩංගොඩ සහ පාර්ලිමේන්තුවේ දිවුරුම් දුන් ප්‍රේමලාල් ජයසේකර [/B][/SIZE] [/CENTER] [I]"මම තාත්තා ළඟට යනකොට බඩවැල් එළියට ඇවිල්ලා. එතකොටත් තාත්තට සිහිය තිබුණා." "තාත්තා මගේ අතින් අල්ලන් හිටියේ. මම ඇම්බියුලන්ස් එකට නගින්න හදනකොට තාත්තා කිව්වා, නෑ පුතේ ඔයා ගෙදර යන්න. මම ඉක්මනට එන්නම්. අම්මයි, අක්කලයි බලා ගන්න කියලා " "තාත්තා ජීවිත කාලෙටම මගෙන් කිසිම ඉල්ලීමක් කරලා නැහැ. ජීවිතේ ඉල්ලපු එකම දේ එච්චරයි..."[/I] ඉහත දැක්වෙන්නේ පියෙකුගේ අවසන් වචන කීපය සිහිපත් කරමින් දුක් සුසුම්ලන පුතෙකුගේ මතකයයි. 2015 ජනවාරි 05 වෙනිදා අලුයම කහවත්ත නගරයේ දී එවක පොදු අපේක්ෂකයා වූ මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් සංවිධානය කෙරුණු ප්රචාරක රැළියක් සඳහා සැරසිලි කරමින් සිටි පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් ශාන්ත දොඩංගොඩ හෙවත් ඩී.ජී සුනිල් පෙරේරා මරණයට පත් විය. එම ඝාතනයට වරදකරු වී එල්ලුම් ගස නියම වුණු [URL='https://www.bbc.com/sinhala/sri-lanka-53946302']ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී රටේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ දිවුරුම් දීමත් සමග[/URL] රටේත්, පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේත් අවධානය යොමුව ඇත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය වැනි නෛතික කරුණු කෙරෙහිය. එහෙත් එකී සිදුවීමට අදාළ වින්දිතයන් සම්බන්ධයෙන් වාර්තා නොවන තරම්ය. බීබීසී සිංහල සේවය විසින් ශාන්ත දොඩංගොඩගේ බිරිඳ, දියණියන් දෙදෙනා සහ පුතු සම්බන්ධ කර ගනු ලැබුවේ එවැනි පසුබිමක් තුළදීය. [SIZE=6][B]ශ්‍රී ලාංකිකයන් වෙත ඉල්ලීමක්[/B][/SIZE] [CENTER][img]https://i.imgur.com/idkuyLt.png[/img] ශාන්ත දොඩංගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් [/CENTER] දේශපාලන උවමනා සහ දේශපාලන කණ්නාඩි පසෙකලා තමන්ට සිදු වූ ඛේදවාචකය දෙස සංවේදීව බලන ලෙස ඔවුහු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගෙන් සහ රත්නපුර ජනයා ඇතුළු සමස්ත රටවාසීන්ගෙන් ඉල්ලා සිටිති. එමෙන්ම "ගුණමකු දේශපාලනඥයන්" වෙනුවෙන් තම ජීවිත අනතුරේ හෙළා නොගන්නා ලෙස ද දොඩංගොඩ පවුල ඉල්ලීමක් කරයි. කහවත්ත නගරයේ දී ශාන්ත දොඩංගොඩ වෙඩි ප්‍රහාරයට ගොදුරු වන අවස්ථාවේ එහි සිටි ඔහුගේ පුත් සුමංග පස් වසරකට පෙර මතකය අවදි කළේ ඉකි බිඳිමිනි. "තාත්තා රත්නපුරේ අරන් ගියාට පස්සේ මම ගෙදර ගියා. ගෙදට්ට යනකොට අම්මා ඇහුවා පුතේ... කහවත්තේ වෙඩි තියලා නේද? කෝ තාත්තා? කියලා... තාත්තට වෙඩි වැදුණා. තාත්තා හොස්පිටල් එකට ගෙනිච්චා, තාත්තට කරදරයක් නැහැ, අපි ඉක්මණට යමු කියලා මම අම්මවත් එක්කරගෙන බයිසිකලේ රත්නපුරේ ගියා..." සුමංග කඩින් කඩ කතාව නතර කරමින් අතීතය සිහිපත් කරයි. "මම ඒ යන ගමන් පැල්මඩුල්ලේ ගනේගම පන්සල ළඟ නැවැත්තුවා. මගේ තාත්තව බේරලා දෙන්න කියල මම බුදුන්ගෙන් ඉල්ලුවා. මට වෙන කියන්න කෙනෙක් හිටියේ නැහැ. මම දැකපු දේවල් අම්මට කියන්නත් බැහැ. මම ඒ වෙලාවේ පුදුම විදිහට අසරණ වුණා," "මම ඉක්මණට එන්නම්" කී සුමංගගේ පියා 2015 ජනවාරි 07 වෙනි දින රත්නපුර මහ රෝහලේදී අවසන් හුස්ම හෙලීය. ඊට පසුදා පසු එනම් 2015 ජනවාරි 08 පැවති ජනාධිපතිවරණය මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කළේය. අගමැති රනිල් වික්‍රමසිංහ ඉවත් කර එම ධුරය සඳහා සිය ප්‍රතිවාදියා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 2018 ඔක්තෝම්බර් 26 වෙනිදා පියවර ගත්තේය. 2019 ජනාධිපතිවරණය සඳහා දෙවනවර ඉදිරිපත් නොවී එවක ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය ලබා දුන් මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා 2020 මහ මැතිවරණයේදී මහින්ද රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කොට යළි පාර්ලිමේන්තුවට තේරී පත් විය. සිය සැමියාගේ ඝාතනයෙන් පස් වසරකට පසු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනත්, පොදු අපේක්ෂකයාව සිටියදී ඔහු වෙනුවෙන් මැතිවරණ ප්රචාරක කටයුතුවල යෙදුණු ආධාරකරුවන්ට වෙඩි තැබූ ප්‍රේමලාල් ජයසේකරත් පාර්ලිමේන්තුවේ එකම පසෙක අසුන් ගෙන සිටුනු දැකීම තමන්ට පමණක් නොව සෙසු ශ්‍රී ලාංකිකයන්ට ද "හොඳ පාඩමක්" කියා දෙන බව ශාන්ත දොඩංගොඩගේ බිරිඳ පුෂ්පා දොඩංගොඩ පවසයි. "මම මෛත්‍රිපාල සිරිසේන මහත්තයාගෙන් අහන්නේ, ඔය පුටුවේ වාඩිවෙලා ඒ අය එක්ක කනකොට බොනකොට අපේ මහත්තයා මැරුණ එක මතක් වුණේ නැද්ද කියලා," "මහත්තයාගේ මරණේ ඉස්පිරිතාලේ තියෙද්දී තමයි මායි ළමයි තුන් දෙනෙයි ඡන්ද පොළට ගිහින් හංසයාට කතිරේ ගැහුවේ. මේ මරණයත් එක්ක රත්නපුරේ වගේම ලංකාවේ ගොඩක් මිනිස්සු එදා පැවති පාලනේට විරුද්ධව මෛත්‍රීපාල සිරිසේන මහත්තයට ඡන්දේ දුන්නා." "හැබැයි මේ සැරේ මම ඡන්දේ දාන්න ගියේ නැහැ. මම මීට පස්සේ ආය කවදාවත් ඡන්දයක් දෙන්නෙත් නැහැ. මම විතරක් නෙමෙයි අපේ පවුලේ කවුරුත් ඡන්දේ දැම්මේ නැහැ. තමන් හොඳයි කියල හිතන පක්ෂයකට ඡන්දේ දෙන්න, හැබැයි දේශපාලනඥයෝ කියන මිනිස්සු වෙනුවෙන් නම් පාරට බැහැල වැඩ කරන්න යන්න එපා. අන්තිමට අපිට අපි විතරයි." "අපි හදාගත්ත ගේ දොර හැමදේම අපට නැති වුණා. මහත්තයා කහවත්ත ප්ලාන්ටේෂන් එකේ ගබඩා පාලකවරයෙක් විදිහට රස්සාව කළේ. මහත්තයගේ පඩියෙන් තමයි අපි ජීවත් වුණේ. ඒත් අපි කාටත් අත පාන්නේ නැතුව බොහොම හොඳින් ජීවත් වුණු පවුලක්." [SIZE=6][B]"ගමෙනුත් යන්න වුණා" [/B][/SIZE] [CENTER][img]https://i.imgur.com/4gNAuE9.png[/img] [SIZE=3]2015 පෙබරවාරි මස දොඩංගොඩ පවුලේ සාමාජිකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හමු වූ අවස්ථාව (හිටපු ඇමතිනී තලතා අතුකෝරල ද එම අවස්ථාවට එක් විය) [/SIZE][/CENTER] පුෂ්පා පවසන පරිදී එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සිය සැමියාගේ අවමංගල්‍යට සහභාගී වූවා හැර ඔහු හෝ ප්‍රදේශයේ එජාප දේශපාලනඥයන් ඔවුන් පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු කර නොමැත. [URL='https://sinhala.news.lk/news/world-2/item/9525-2015-02-05-16-45-29']ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එවක තමන් කැඳවා[/URL] ජනාධිපති අරමුදලෙන් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා දුන් බව ඇය සඳහන් කළාය. සිය සැමියාගේ මරණයෙන් පසු ගමේ ප්‍රතිවාදීන්ගේ අඩන්තේට්ටම්වලට මුහුණ දීමට සිදු වූ බවත් වරෙක ඔවුන් සිය පුතුට පහර දුන් බවත් පුෂ්පා කියා සිටී. "මම කල්පනා කළා ගමෙන් යන්න ඕනි කියලා. එතකොට ලොකු දුව ගෙයක් කුලියට අරන් හිටියේ. මම කිව්වා පුතේ අපි යන්න යමු කොළඹ අක්කලා ගාවට. මෙහෙ හිටියොත් තාත්තා විතරක් නෙමෙයි මට පුතත් නැති වෙනවා කියලා. ඒ අතරේ අපේ ගේ නාය යාමේ අනතුරකටත් මුහුණ දුන්නා. මේ කරදරත් එක්ක සල්ලි හොයාගෙන පුතාව රට ඇරියා." තමා පසුගිය ජනාධිපතිවරණයේ දී ඡන්දය භාවිත නොකළ ද ගෝඨාභය රාජපක්ෂ යටතේ රටේ වෙනසක් සිදුවනු ඇතැයි සිත තුළ සියුම් බලාපොරොත්තුවක් පැවති බව පුෂ්පා දොඩංගොඩ පවසන්නීය. "හැමෝටම එක නීතියක් කියලා මම හිතුවා. ඒත් එහෙම දෙයක් නැහැ නේද?" ඇයගෙන් ප්‍රශ්නාර්ථයකි. [SIZE=6][B]"වෛර කරන්න හයියක් නැහැ" [/B][/SIZE] [CENTER][img]https://i.imgur.com/VHd9jrD.png[/img][/CENTER] "ඒ මනුස්සයා හිරේ ගියා කියලා මගේ මහත්තයට පණ එන්නේ නැහැ. අනුන්ගේ රැස්වීමකට කරදර කරන්න ගිය නිසානේ මේ දේ වුණේ. වෛරයෙන් වෛරය සංසිදෙන්නේ නැහැ වගේම වෛර කරන්න අපිට හයියකුත් නැහැ. එච්චරටම හිත කඩා වැටිලා... අපිට මෙහෙම වුණේ මේ කුණු දේශපාලනයක් නිසා නේද කියල හිතින් අඬන වාර අනන්තයි. මගේ දරුවන්ට තාත්තා නැති වුණු එක විතරයි වුණේ..." යනුවෙන් පුෂ්පා වැඩිදුරටත් පැවසීය. දුක් මහන්සියෙන් හරි හම්බ කර තමන් උස්මහත් කළ සිය පියාගේ අකල් වියෝව සිය ජීවිතවලට ඉමහත් බලපෑමක් එක් කළ බව ශාන්ත දොඩංගොඩගේ දියණියන් දෙදෙනා බීබීසී සිංහල සේවය වෙත පැවසුවේ ඇඬු කඳුලෙනි. සිය පියාගේ අකල් මරණයත් සමග පවුලේ වැඩිමහල් දරුවා වශයෙන් තමන්ට දැඩි වගකීමක් පැවරුණු බව දෙටු දියණිය සුමාලි දොඩංගොඩ සඳහන් කළාය. බොහෝ නඩුවාරවලදී අධිකරණය වෙත ගොස් ඇත්තේ ඇයයි. "අම්මා, නංගි එතරම් හොඳ තත්ත්වයක නෙමෙයි හිටියේ. මල්ලිත් තීරණයක් ගන්න පුළුවන් තැනක හිටියේ නැහැ. ඒ දේවල් මට බලන්න වුණා. මොකද අපිට මේ වගේ දෙයක් වෙයි කියලා අපි කවදාවත් හිතුවේ නැහැ." "සාධාරණයක් දකින්නයි උසාවියට ගියේ. ඒ හැර අපිට මිනිස්සු මරන්න බැහැනේ. එහෙම හිත හයිය දරුණු විදිහට තාත්තා අපිව හදල තිබුණේ නැහැ. අපි හැමවෙලාවෙම හිතුවේ නීතියෙන් සාධාරණයක් වෙයි කියලා. ඒත් ලැබුණු සාධාරණයත් වැඩි කල් දරා ගන්න බැරි වුණා. තාත්තා කෙනෙක් නැති වෙන්නම ඕනි මනුස්සයෙකුට තාත්තා නැති එකේ එකේ දුක, අඩුව තේරෙන්න." [SIZE=6][B]මැණික් කර්මාන්තය සහ දේශපාලනඥයෝ[/B][/SIZE] ලාභ ප්‍රයෝජන තකා රත්නපුරයේ ඇතැම් ජනයා ද "නීති කඩන" දේශපාලනඥයන් වෙනුවෙන් පෙනී සිටින බව සුමාලි කියා සිටියේ ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේ දිව්රුම් දීමත් සමග ඔහුගේ අධාරකරුවන් කිරිබත් කා සතුටු වූ බවට පළ වූ වාර්තා පිළිබඳ අදහස් දක්වමිනි. "රත්නපුරේ මැණික් බිස්නස්වලට යන අය අතර අධ්‍යාපනය මග නැවතුනු අය වැඩියි. අවසරයක් නැතුව මැණික් හාරන්න දෙනවා නම්, පොලිසියට අල්ලන් ගියත් කෝල් කරලා එළියට දාන්න කියනවා නම් ඒ මිනිස්සු, දේශපාලනඥකුගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ." පියාගේ ඝාතනය සිදුවන විට සුමාලිගේ කනිටු සොහොයුරිය සුනාලි දොඩංගොඩ තෙමස් ගැබිනියකි. "අපි පස් දෙනා හරිම ළඟින් හිටියේ. එහෙම අපි එකට හිටිය පවුලක්. අපිට ශක්තිය ලැබෙන වෙලාවේ තාත්තට සලකගන්න අපිට බැරි වුණා. අම්මයි තාත්තයි අපි වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. අම්මට දැන් අපි සලකනවා, ඒත් තාත්තා අපි වෙනුවෙන් කළ දේවල්වලට අපිට අද සලකගන්න අවස්ථාවක් නැහැ නේද? අඩුගානේ අතක් පයක් කැඩිලා හරි ජීවත් වෙලා හිටිය නම්..." යනුවෙන් සුනාලි පවසන්නීය. "අපේ අම්මල අවුරුදු විස්සක විතර ඉඳන් ඔය දේශපාලනේ කරනවා. ඒත් ඕවායින් වැඩක් නැහැ කියලා අපි අම්මලට කියනවා. නෑ ඉතින් කවදාහරි ඕගොල්ලන්ට ආණ්ඩුවේ රස්සාවක් හම්බ වෙයිනෙ කියලා එතකොට අම්මා කියනවා. ඒත් අපි ආණ්ඩුවේ රස්සාවකට ඇප්ලයි කළත්, ඇප්ලයි කරලා ජොබ් එකක් ගන්න පුළුවන් තත්ත්වයක් ලංකාවේ නැහැනේ. මොකක් හරි දේශපාලන තල්ලුවකින් තමයි ඒවා ලැබෙන්නේ. අපි හැමදාම පෞද්ගලික ආයතනවල රස්සාව කළේ. අපි අද මෙහෙම ඉන්නෙත් ප්‍රයිවට් ජොබ් කරලා. අම්මා තාත්තා මහන්සියෙන් හම්බ කරලා අපට දුන්නා ඇරෙන්න වෙන දෙයක් අපිට නැහැ." සිය පියාගේ ඝාතනයට අදාළ නඩු තීන්දුව මුල් කර ගනිමින් ඇතැම් පුද්ගලයන් සමාජ ජාල ඔස්සේ තමාට ද බැණ වදිමින් පීඩාවට ලක් කරන බව සුනාලි කියා සිටී. "දේශපාලනඥයන්ගේ ළමයින් අපි වගේ නෙමෙයි. ඔවුන්ගේ තාත්තලා පාර්ලිමේන්තු ඇවිල්ලා හම්බ කරන සල්ලිවලින් තමයි ඔවුන් ජීවත් වෙන්නේ. හැබැයි අපි එහෙම ජීවත්වෙන මිනිස්සු නෙමෙයි. තමන්ගේ තාත්තට දුකක් කරදරයක් වෙනකොට කොයි ළමයටත් දුකයි. නමුත් අපේ තාත්තගේ ජීවිතේ නැති වුණා. මිනිස්සු තමන්ගේ දරුවෝ ගැන හිතන්න ඕනි අවි අතට ගන්න කලින් නේද?" [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom