ශ්‍රී ලංකා නාමය ලොව බබලවන්නට තවත් මෙහෙයු&#3512

spgun

Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ශ්‍රී ලංකා නාමය ලොව බබලවන්නට තවත් මෙහෙයු&#3512

    අපේ මවුබිමට තවත් අගනා කීර්තියක් අත් කර දීමට පෙරමුණ ගෙන සිටින අපේම සොහොයුරු කණ්ඩායමට ඔබේ සහය පළකර ශ්‍රී ලංකා නාමය ඉදිරියට ගෙන ඒමට අපි සමග අත්වැල් බැඳගන්න.

    ජුලි මස 9 වන දින ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පැවැත්වීමට නියමිත ලොව ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ තරඟාවලිය වන Imagine Cup හි ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන මොරටුව විශ්ව විද්‍යාලයේ සිසු කණ්ඩායම, මේ වනවිට තරඟාවලියේ මහජන මතය උරගා බලන “ජනප්‍රියම ඉදිරිපත් කිරීම’ People’s Choice ලෙස දෙවන ස්ථානය ලබාගෙන සිටියි.

    මේ වනවිට ඉන්දියාවට පමණක් දෙවැනි වී සිටින අප කණ්ඩායම මෙම වටයේ ඉදිරියටම ගෙන යාමට ඔබ කල යුත්තේ http://www.imaginecup.com/Competition/PCATeam.aspx?Competitionid=71&teamid=55154 වෙත ගොස් ඔබගේ ඡන්දය ලබා දීමයි. මනාප පල කිරීම ජූනි 20 වන දින සිට ජූලි 9 වන දින දක්වා සිදුකල හැක.

    අපේ අසල්වාසී ඉන්දියාව පමණක් නොව ලොව විශාල රටවල් 60 අභිබවා ඉදිරියට යමින් සිටින අපේ කණ්ඩායම මේ වනවිටත් අප මවුබිමට ලබා දී ඇති අතිමහත් ගෞරවය ශ්‍රී ලංකා නාමය ලොව නන්දෙස බබලවනු ඇති. දැන්ම ඉහත වෙබ් ලිපිනයට ගොස් වීඩියෝවට පහලින් ඇති "Vote" බොත්තම හරහා ඔබගේ මනාපය අපේ සොහොයුරන් වෙනුවෙන් ලබාදී ඔවුන්ගේ ජය තහවුරු කිරීමට අපි සමග එක්වන්න. ඔවුන්ගේ ජයග්‍රහණයේ මීළඟ තීරකයා වන්නේ ඔබයි!



    Vote Here : http://bit.ly/M3d3Jv

    ස්තූතියි....
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    Ah ela, oya gena thawath tread1k dala thibba... Onna vote1 dunna...
    emoticon-cartoon-018.gif