Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බෝම්බ ගසයි 💣💣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1987 ජවිපේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය

මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රම දිවිදුන් ලලිත් ඇතුලත්මුදලි බරපතළ තුවාල ලැබූ...රණසිංහ ප්‍රේමදාස තුවාල ලැබූ 1987 ජවිපේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය

පාර්ලිමේන්තුවට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාය. ඒ බෝම්බ ප්‍රහාරය කොයිතරම් සැලසුම් සහගතව කරපු එකක්ද කියල කියනව නම් පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් දීලා තියෙද්දිත් තමයි ඒ බෝම්බය ඇතුළට අරගෙන ඇවිත් තියෙන්නේ. පාර්ලිමේන්තුවට ගෙනියන හැම දේම දැඩිව සෝදිසි කරල තමයි ඇතුළට ගන්නේ. බාහිරින් පාර්ලිමේන්තුවට ඕනෑ ඕන දේවල් ගෙනියන්න බෑ කාටවත්ම. විවිධ ආරක්ෂක විධිවිධාන පාර්ලිමේන්තුවෙ තියෙද්දි තමයි මේ බෝම්බය ඇතුළට ගෙනත් තියෙන්නේ.

ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉලක්ක කරලා බෝම්බය එල්ල කළත් එතුමට ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඔහුට සුළු තුවාලයක් විතරයි වුණේ. අගමැති ප්‍රේමදාස මහත්තයටත් පොඩි තුවාලයක් වුණා. මේ බෝම්බ ප්‍රහාරයෙන් එවකට ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලිට සැලකිය යුතු තරමේ හානියක් වුණා. ඒ එක්කම දෙනියායේ පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම ඒ බෝම්බ ප්‍රහාරයෙන් මියගියා. ඒ වගේම පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර කියන මහත්තයා මියගියා. තවත් කීප දෙනෙකුට මේ ප්‍රහාරයෙන් තුවාල සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය රටම හොල්ලපු සිදුවීමක් වුණා.

බෝම්බ ප්‍රහාරයට පස්සේ මේ ගැන දිගින් දිගටම පරික්ෂණ පැවැත්වුණා. මේ පරික්ෂණවලින් අවසානයේ හෙළිදරවු කර ගත්තා අජිත් කුමාර කියලා පාර්ලිමේන්තුවෙ වැඩ කරපු සේවකයෙක් මේකට සම්බන්ධයි කියලා. දිගින් දිගට මේ අජිත් කුමාර කවුද කියලා ආරක්ෂක අංශ විසින් හොයන්න පටන් ගත්තා. අජිත් කුමාර කියන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදපු විමල් වීරවංශගේ ඥාති සහෝදරයෙක්. මේකෙන් තත්ත්වය තවත් බරපතළ වුණා. මොකද මේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට සෘජු සම්බන්ධයක් තියෙනවා කියලා ආරක්ෂක අංශ කල්පනා කළේ. අජිත් කුමාරගෙ පසුබිම හොයන්න පටන් ගත්තා ඒ නිසා අජිත් කුමාර කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරපු කෙනෙක්. ඒත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට සේවකයෙක් විදියට ඇතුළු වුණු ආකාරය ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. මේක දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයක් කියලා ආරක්ෂක අංශ සැක පහළ කළා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අජිත් කුමාර අතුරුදන් වුණා. ඔහුව හොයාගන්න බැරි වුණා.

අජිත් කුමාර ගැන පරික්ෂණ පවත්වපු ආරක්ෂක අංශ අජිත් කුමාරට සම්බන්ධකම් තිබුණු අයගේ තොරතුරුත් හොයන්න පටන් ගත්තා. බෝම්බ ප්‍රහාරයෙන් වසර කීපයකට පස්සේ දඹුල්ල පැත්තෙ ගොවිපොළක ඉඳල අජිත් කුමාර අත්අඩංගුවට පත්වුණා කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. ඔහු ඒ නඩුවෙනුත් නිදහස් වුණා මං හිතන්නේ. කරුණු ඔප්පු කරගන්න බැරි වුණු නිසා.

මේ භීෂණකාරි තත්ත්වය තුළ වුණත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්දු - ලංකා ගිවිසුම හරහා පළාත් සභා පනත ඉදිරිපත් කිරීම නැවැත්වුවෙත් නෑ.

කැරලිකරුවන්ගේ වැරදුණු කුරුමානම

සුන්දර වෙරළින් හා පලා පැහැයෙන් සමලංකෘත වූ සුපුරුදු ශ්‍රී ලංකාව වෙනුවට, 1987 වසර වනවිට ඉන්දියානු හා ජේ.ආර්. ජයවර්ධන විරෝධයෙන් ගිනියම් වූ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණි. 1987 ජූලි මස 29 දා එවකට ශ්‍රී ලංකා ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළේය. ජේ.ආර්. ජයවර්ධනට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට සිදු වූයේද දැවැන්ත ජනතා විරෝධයක් මධ්‍යයේය. ජයවර්ධන පාලනය ඊට ප්‍රතිචාර දැක්වූයේ පොලිසිය ලවා වෙඩි තැබීමෙනි. මෙම ගිවිසුම රට පාවා දීමේ ගිවිසුමක් ලෙසත්, ජයවර්ධන ජනාධිපතිවරයා මවුබිමට ද්‍රෝහී වූවකු ලෙසත්, ඉන්දියානු හමුදාව ආක්රමණික හමුදාවක් ලෙසත්, හඳුන්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් නිර්මාණය කළේය.

ඉන්දු - ලංකා ගිවිසුම මඟින් ජයවර්ධන ආණ්ඩුව 13 වැනි සංශෝධනය ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ව්‍යුහය එක් කරන ලදි. ගිවිසුම අත්සන් කරන දින ජයවර්ධන ජනාධිපතිවරයා විසින් රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූව ද එය නොසලකා දස දහස් ගණනින් ජනතාව රට පුරා පෙළපාලි පවත්වමින්, මහාමාර්ග වසා දමමින් විරෝධතාවය පළ කළහ. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මවුබිමේ ස්වාධීනත්වය ආරක්ෂා කොට තහවුරු කිරීම අරමුණු කර සිය අරගලය පෙරට ගෙන යන ලදි. ගුරුවරුන්, ශිෂ්‍යයන්, ලිපිකරුවන්, වෙළඳුන් හා භික්ෂූන් වහන්සේලා එකතුකොටගෙන සිය අරගලය දියත් කරන ලදි. රට පුරා කැරලි කෝලාහල ඇතිවු අතර ජන විරෝධයට ආණ්ඩුවට මුහුණ දීමට සිදු විය. තවද රට පුරා ඈත ගම් නගර සෑම එකකම පාහේ මිනිසුන් බොහෝ දෙනෙකුට ජීවිතවලින් වන්දි ගෙවීමට ද සිදුවිය. ඒ අයුරින් මුළුමහත් ශ්‍රී ලංකාව පුරාම සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව මෙතෙකැයි නිශ්චිතවම කීමට නොහැකි නමුත් ඒවා පිළිබඳව විවිධ සත්‍ය වාර්තා ප්‍රකාශයට පත් වූයේය. මේ අතර ඉන්දු ලංකා ගිවිසුමෙන් කෝපයට පත්වු පිරිසක් එවකට එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතාට 1987 ජූලි මස විසිවනදාට නුදුරු දිනකදී වෙඩි තබා ඝාතනය කර තිබුණේය. තත්ත්වය මෙසේ තිබියදී පාර්ලිමේන්තුව 1987 අගෝස්තු මස 18 වැනිදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ අතර, ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂය මඟින් කල් තැබීමේ යෝජනාවක් ජූලි මස 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

උද්ඝෝෂණ ක්ෂේත්රයේ ද බහු ජන ක්ෂේත්රයේ ද සහ සන්නද්ධ ක්ෂේත්රයේ ද ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය වර්ධනය වී රටට ප්‍රබල බලපෑමක් කරන ව්‍යාපාරයක් බවට පත්විය. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කළ අරගලයේ ප්රබලතම සිදුවීම වූයේ 1987 අගෝස්තු 18 දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාරක සභා ශාලාවක පැවති ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීමකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයයි. මෙම බෝම්බ ප්‍රහාරය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන එල්ල කළත් ඔහු ගැලවී ලලිත් ඇතුලත්මුදලි මහතා බරපතළ තුවාල ලැබීය.

එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී 1987 අගෝස්තු මස 18 වැනිදා පෙරවරු 8.40 ට ඇරඹි අතර, සහභාගි වූයේ 120 දෙනෙකු පමණි. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව හා එහි අවටත් ආරක්ෂක නිලධාරීන් යොදවා තිබුණි. ඝාතතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස විරසිංහ මහතා සැමරීම සඳහා විනාඩි දෙකක නිහැඬියාවක් මුලින්ම පැවැත්විණි. මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් කතාබහ කිරීමට නියමිතව තිබුණේ ජේ.ආර්. ජයවර්ධන හා රජිව් ගාන්ධි අත්සන් තැබු ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳව රටේ උද්ගතව ඇති තත්වයන් සමාලෝචනය කිරීමය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලසුනේ සිටි අතර, මෙම රැස්වීමේ ප්‍රධාන අසුන්වල අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇම්. වින්සන්ට් පෙරේරා, රොනී ද මැල්, ඊ.එල්.බී. හුරුල්ලේ, මොන්ටේගු ජයවික්‍රම, ලලිත් ඇතුලත්මුදලි, යූ.බී. විජේකෝන් සහ කීර්ති අබේවික්‍රම යන මහත්වරු රැඳී සිටියහ.

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ජනාධිපතිවරයා මැති ඇමතිවරු අමතමින් සිටි අවස්ථාවේ එතුමාගේ වම්පසින් කිසිවකු විසින් එල්ල කළ බෝම්බයක් ජනාධිපතිවරයාගේ මේසය අසල වැටී ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පුටුව අසල පුපුරා ගියේය. රැස්වීම් ශාලාව කළු දුමාරයෙන් වැසුණු අතර, ඒ සමඟම එල්ලවූ තවත් බෝම්බයක් මාතර දිස්ත්‍රික් ඇමති කීර්ති අබේවික්‍රම මහතා අසලදී පුපුරා ගියේය. එම අවස්ථාවේදී “අපි ඉවරයි හැම තැනම බෝම්බ බිම දිගාවෙයල්ලා” මෙසේ කියමින් ඝෝෂා කළ මන්ත්‍රීවරුන් එක පොදියට ශාලාවෙන් පිටවීමට උත්සාහ දරන ලදි. ඒ වන විට මූලාසනයේ සිටි ජනාධිපතිවරයාත්, ඒ සමඟ සිටි අගමැතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ක්‍රීඩා ඇමති වින්සන්ට් පෙරේරාත් බෝම්බ ප්‍රහාරයෙන් බේරීමට මේසය යටට රිංගාගෙන තිබුණි. ජනාධිපතිවරයා මේසය යටට යැවුවේ අගමැති ප්‍රේමදාස මහතාය. පිපිරීම් හඬ නැවතුණ අතර, සභා ගර්භය තුළ ලේ ගංගාවක් වගුරවමින් සියල්ල සුනු විසුනු කරමින් ශාලාව දුම්වළාවක් බවට පත්ව තිබුණි. කළු දුමාරයෙන් වැසීගොස් තිබුණු ශාලාව තුළ පැවති අඳුරු පැහැය ක්‍රමයෙන් ඉවත් වුණ අතර, මේසය යටට රිංගාගෙන සිටි මැති ඇමතිවරු බිම දිගේ බඩගාගෙන ශාලාවෙන් පිටතට පැමිණියහ.

[QUOTE="2osama, post: 31154919, member: 314982"] 1987 ජවිපේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රම දිවිදුන් ලලිත් ඇතුලත්මුදලි බරපතළ තුවාල ලැබූ...රණසිංහ ප්‍රේමදාස තුවාල ලැබූ 1987 ජවිපේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය පාර්ලිමේන්තුවට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාය. ඒ බෝම්බ ප්‍රහාරය කොයිතරම් සැලසුම් සහගතව කරපු එකක්ද කියල කියනව නම් පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් දීලා තියෙද්දිත් තමයි ඒ බෝම්බය ඇතුළට අරගෙන ඇවිත් තියෙන්නේ. පාර්ලිමේන්තුවට ගෙනියන හැම දේම දැඩිව සෝදිසි කරල තමයි ඇතුළට ගන්නේ. බාහිරින් පාර්ලිමේන්තුවට ඕනෑ ඕන දේවල් ගෙනියන්න බෑ කාටවත්ම. විවිධ ආරක්ෂක විධිවිධාන පාර්ලිමේන්තුවෙ තියෙද්දි තමයි මේ බෝම්බය ඇතුළට ගෙනත් තියෙන්නේ. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉලක්ක කරලා බෝම්බය එල්ල කළත් එතුමට ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඔහුට සුළු තුවාලයක් විතරයි වුණේ. අගමැති ප්‍රේමදාස මහත්තයටත් පොඩි තුවාලයක් වුණා. මේ බෝම්බ ප්‍රහාරයෙන් එවකට ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලිට සැලකිය යුතු තරමේ හානියක් වුණා. ඒ එක්කම දෙනියායේ පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම ඒ බෝම්බ ප්‍රහාරයෙන් මියගියා. ඒ වගේම පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර කියන මහත්තයා මියගියා. තවත් කීප දෙනෙකුට මේ ප්‍රහාරයෙන් තුවාල සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය රටම හොල්ලපු සිදුවීමක් වුණා. බෝම්බ ප්‍රහාරයට පස්සේ මේ ගැන දිගින් දිගටම පරික්ෂණ පැවැත්වුණා. මේ පරික්ෂණවලින් අවසානයේ හෙළිදරවු කර ගත්තා අජිත් කුමාර කියලා පාර්ලිමේන්තුවෙ වැඩ කරපු සේවකයෙක් මේකට සම්බන්ධයි කියලා. දිගින් දිගට මේ අජිත් කුමාර කවුද කියලා ආරක්ෂක අංශ විසින් හොයන්න පටන් ගත්තා. අජිත් කුමාර කියන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදපු විමල් වීරවංශගේ ඥාති සහෝදරයෙක්. මේකෙන් තත්ත්වය තවත් බරපතළ වුණා. මොකද මේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට සෘජු සම්බන්ධයක් තියෙනවා කියලා ආරක්ෂක අංශ කල්පනා කළේ. අජිත් කුමාරගෙ පසුබිම හොයන්න පටන් ගත්තා ඒ නිසා අජිත් කුමාර කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරපු කෙනෙක්. ඒත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට සේවකයෙක් විදියට ඇතුළු වුණු ආකාරය ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. මේක දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයක් කියලා ආරක්ෂක අංශ සැක පහළ කළා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අජිත් කුමාර අතුරුදන් වුණා. ඔහුව හොයාගන්න බැරි වුණා. අජිත් කුමාර ගැන පරික්ෂණ පවත්වපු ආරක්ෂක අංශ අජිත් කුමාරට සම්බන්ධකම් තිබුණු අයගේ තොරතුරුත් හොයන්න පටන් ගත්තා. බෝම්බ ප්‍රහාරයෙන් වසර කීපයකට පස්සේ දඹුල්ල පැත්තෙ ගොවිපොළක ඉඳල අජිත් කුමාර අත්අඩංගුවට පත්වුණා කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. ඔහු ඒ නඩුවෙනුත් නිදහස් වුණා මං හිතන්නේ. කරුණු ඔප්පු කරගන්න බැරි වුණු නිසා. මේ භීෂණකාරි තත්ත්වය තුළ වුණත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්දු - ලංකා ගිවිසුම හරහා පළාත් සභා පනත ඉදිරිපත් කිරීම නැවැත්වුවෙත් නෑ. ----------------------------------------- කැරලිකරුවන්ගේ වැරදුණු කුරුමානම සුන්දර වෙරළින් හා පලා පැහැයෙන් සමලංකෘත වූ සුපුරුදු ශ්‍රී ලංකාව වෙනුවට, 1987 වසර වනවිට ඉන්දියානු හා ජේ.ආර්. ජයවර්ධන විරෝධයෙන් ගිනියම් වූ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණි. 1987 ජූලි මස 29 දා එවකට ශ්‍රී ලංකා ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළේය. ජේ.ආර්. ජයවර්ධනට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට සිදු වූයේද දැවැන්ත ජනතා විරෝධයක් මධ්‍යයේය. ජයවර්ධන පාලනය ඊට ප්‍රතිචාර දැක්වූයේ පොලිසිය ලවා වෙඩි තැබීමෙනි. මෙම ගිවිසුම රට පාවා දීමේ ගිවිසුමක් ලෙසත්, ජයවර්ධන ජනාධිපතිවරයා මවුබිමට ද්‍රෝහී වූවකු ලෙසත්, ඉන්දියානු හමුදාව ආක්රමණික හමුදාවක් ලෙසත්, හඳුන්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් නිර්මාණය කළේය. ඉන්දු - ලංකා ගිවිසුම මඟින් ජයවර්ධන ආණ්ඩුව 13 වැනි සංශෝධනය ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ව්‍යුහය එක් කරන ලදි. ගිවිසුම අත්සන් කරන දින ජයවර්ධන ජනාධිපතිවරයා විසින් රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූව ද එය නොසලකා දස දහස් ගණනින් ජනතාව රට පුරා පෙළපාලි පවත්වමින්, මහාමාර්ග වසා දමමින් විරෝධතාවය පළ කළහ. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මවුබිමේ ස්වාධීනත්වය ආරක්ෂා කොට තහවුරු කිරීම අරමුණු කර සිය අරගලය පෙරට ගෙන යන ලදි. ගුරුවරුන්, ශිෂ්‍යයන්, ලිපිකරුවන්, වෙළඳුන් හා භික්ෂූන් වහන්සේලා එකතුකොටගෙන සිය අරගලය දියත් කරන ලදි. රට පුරා කැරලි කෝලාහල ඇතිවු අතර ජන විරෝධයට ආණ්ඩුවට මුහුණ දීමට සිදු විය. තවද රට පුරා ඈත ගම් නගර සෑම එකකම පාහේ මිනිසුන් බොහෝ දෙනෙකුට ජීවිතවලින් වන්දි ගෙවීමට ද සිදුවිය. ඒ අයුරින් මුළුමහත් ශ්‍රී ලංකාව පුරාම සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව මෙතෙකැයි නිශ්චිතවම කීමට නොහැකි නමුත් ඒවා පිළිබඳව විවිධ සත්‍ය වාර්තා ප්‍රකාශයට පත් වූයේය. මේ අතර ඉන්දු ලංකා ගිවිසුමෙන් කෝපයට පත්වු පිරිසක් එවකට එක්සත් ජාතික පක්ෂයේ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතාට 1987 ජූලි මස විසිවනදාට නුදුරු දිනකදී වෙඩි තබා ඝාතනය කර තිබුණේය. තත්ත්වය මෙසේ තිබියදී පාර්ලිමේන්තුව 1987 අගෝස්තු මස 18 වැනිදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ අතර, ඒ පිළිබඳව ආණ්ඩු පක්ෂය මඟින් කල් තැබීමේ යෝජනාවක් ජූලි මස 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. උද්ඝෝෂණ ක්ෂේත්රයේ ද බහු ජන ක්ෂේත්රයේ ද සහ සන්නද්ධ ක්ෂේත්රයේ ද ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය වර්ධනය වී රටට ප්‍රබල බලපෑමක් කරන ව්‍යාපාරයක් බවට පත්විය. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කළ අරගලයේ ප්රබලතම සිදුවීම වූයේ 1987 අගෝස්තු 18 දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාරක සභා ශාලාවක පැවති ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීමකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයයි. මෙම බෝම්බ ප්‍රහාරය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන එල්ල කළත් ඔහු ගැලවී ලලිත් ඇතුලත්මුදලි මහතා බරපතළ තුවාල ලැබීය. එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී 1987 අගෝස්තු මස 18 වැනිදා පෙරවරු 8.40 ට ඇරඹි අතර, සහභාගි වූයේ 120 දෙනෙකු පමණි. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව හා එහි අවටත් ආරක්ෂක නිලධාරීන් යොදවා තිබුණි. ඝාතතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස විරසිංහ මහතා සැමරීම සඳහා විනාඩි දෙකක නිහැඬියාවක් මුලින්ම පැවැත්විණි. මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් කතාබහ කිරීමට නියමිතව තිබුණේ ජේ.ආර්. ජයවර්ධන හා රජිව් ගාන්ධි අත්සන් තැබු ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳව රටේ උද්ගතව ඇති තත්වයන් සමාලෝචනය කිරීමය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලසුනේ සිටි අතර, මෙම රැස්වීමේ ප්‍රධාන අසුන්වල අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇම්. වින්සන්ට් පෙරේරා, රොනී ද මැල්, ඊ.එල්.බී. හුරුල්ලේ, මොන්ටේගු ජයවික්‍රම, ලලිත් ඇතුලත්මුදලි, යූ.බී. විජේකෝන් සහ කීර්ති අබේවික්‍රම යන මහත්වරු රැඳී සිටියහ. ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ජනාධිපතිවරයා මැති ඇමතිවරු අමතමින් සිටි අවස්ථාවේ එතුමාගේ වම්පසින් කිසිවකු විසින් එල්ල කළ බෝම්බයක් ජනාධිපතිවරයාගේ මේසය අසල වැටී ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පුටුව අසල පුපුරා ගියේය. රැස්වීම් ශාලාව කළු දුමාරයෙන් වැසුණු අතර, ඒ සමඟම එල්ලවූ තවත් බෝම්බයක් මාතර දිස්ත්‍රික් ඇමති කීර්ති අබේවික්‍රම මහතා අසලදී පුපුරා ගියේය. එම අවස්ථාවේදී “අපි ඉවරයි හැම තැනම බෝම්බ බිම දිගාවෙයල්ලා” මෙසේ කියමින් ඝෝෂා කළ මන්ත්‍රීවරුන් එක පොදියට ශාලාවෙන් පිටවීමට උත්සාහ දරන ලදි. ඒ වන විට මූලාසනයේ සිටි ජනාධිපතිවරයාත්, ඒ සමඟ සිටි අගමැතිවරයා සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ක්‍රීඩා ඇමති වින්සන්ට් පෙරේරාත් බෝම්බ ප්‍රහාරයෙන් බේරීමට මේසය යටට රිංගාගෙන තිබුණි. ජනාධිපතිවරයා මේසය යටට යැවුවේ අගමැති ප්‍රේමදාස මහතාය. පිපිරීම් හඬ නැවතුණ අතර, සභා ගර්භය තුළ ලේ ගංගාවක් වගුරවමින් සියල්ල සුනු විසුනු කරමින් ශාලාව දුම්වළාවක් බවට පත්ව තිබුණි. කළු දුමාරයෙන් වැසීගොස් තිබුණු ශාලාව තුළ පැවති අඳුරු පැහැය ක්‍රමයෙන් ඉවත් වුණ අතර, මේසය යටට රිංගාගෙන සිටි මැති ඇමතිවරු බිම දිගේ බඩගාගෙන ශාලාවෙන් පිටතට පැමිණියහ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom