Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට බෝම්බ ගසයි 💣💣
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තුවාල නොලබා සිටි මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව තුවාලකරුවන් ඔසවාගෙන මන්ත්‍රී පිවිසුම වෙත පැමිණියහ. ඒවන විට තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යාමට මැති ඇමතිවරුන්ගේ වාහන මන්ත්‍රී පිවිසුම ඉදිරිපිට නවතා තිබුණි. ආරක්ෂකයෝ වහා ඔවුන් වාහනවල දමාගෙන පිටමං කළහ. ඒ අතර ගතවූ මිනිත්තු කිහිපයේදී පොලිස්පති හේරත් හා රහස් පොලිසියේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ෆ්රෑන්ක් සිල්වා යන මහත්වරුද රහස් පොලිසියේ පොලිස් නිලධාරීන් පනස්දෙනෙකු පමණ ද පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වූහ. ඒ සමඟ කොමාන්ඩෝ පොලිස් කණ්ඩායම් හතරක්ද ප්‍රධාන පිවිසුම අබියස රැකවල්ලා ගත්හ. එකවර හතර පැත්තෙන් හෙලිකොප්ටර් හතරක් පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් පියාසර කරන ලද්දේද මේ අවස්ථාවේදීය.

බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රම මහතා සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතා කොළඹ ජාතික රෝහලටත්, ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලටත් රැගෙන යන ලදී. තුවාල ලබා සිටි සෙසු තුවාලකරුවන් ද කොළඹ සහ ජයවර්ධනපුර රෝහල් කරා රැගෙන යන ලදි. මෙම සිද්ධියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතාගේ හිසට බරපතළ ලෙස තුවාල සිදුවී තිබුණි. එදින පෙරවරු 11 ට පමණ ශල්‍යාගාරය තුළදීම කීර්ති අබේවික්‍රම මහතා ජීවිතක්ෂයට පත් විය. එමෙන්ම පසුව නෝබට් සේනාධීර මහතා ද ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කලවා ප්‍රදේශයේ අවයව කිහිපයක් ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදි. ප්‍රහාරයෙන් අගමැති ප්‍රේමදාස මහතාට ද සුළු තුවාල සිදුවී තිබුණි. “ජනතා විමුක්ති පෙරමුණු ත්රස්තවාදීන් මීට වගකිවයුතුයි. සන්සුන් වන්න, මේ ප්‍රහාරය රටේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙත එල්ලවූ ප්‍රහාරයක්” යැයි දිවි බේරා ගත් ජනාධිපති ජයවර්ධන ජනතාවට පැවසීය. එමෙන්ම ජනාධිපතිවරයා මෙම සිදුවීම හැඳින්වූයේ “ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට එරෙහිව දකුණේ ත්‍රස්තවාදින් දියත් කළ ප්‍රහාරයක්” බවය. ඒ හැර ඉන්දු ලංකා ගිවිසුමෙහි විරෝධතාකරුවන් දුටු එක් දුබලතාවයක් පිළිබඳවත් ඔහු වචනයකුදු කතා නොකළේය.

ප්‍රහාරයෙන් පසු එකී ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය “ද්‍රෝහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කරන ලදි. එමඟින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් කරනු ලැබීය. එම පත්‍රිකාව තුළින් ජීවත්වීමට ආසා ඇති සියලුම මන්ත්‍රීන්ට තම ආසන වලින් ඉල්ලා අස් වී තම වැරදි පාපොච්චාරණය කළ යුතු බවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව නැඟී සිටිය යුතු බවත් ප්‍රකාශ විනි. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත රටපුරා කළු කොඩි ඔසවා නොයෙක් ආකාරයේ රාජ්‍ය විරෝධි ක්‍රියා සිදු කරන ලදි. රාජ්‍ය දේපළ විනාශ කිරිම, රාජ්‍ය විරෝධි පෝස්ටර් හා පත්‍රිකා බෙදා හැරීම ආදි ක්‍රියා මාර්ග අනුගමනය කරන ලදි. මෙම ව්‍යාපාරවලදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දේශප්‍රේමි භික්ෂු පෙරමුණ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන නායකත්වය ගෙන ක්‍රියා කරන ලදී.

පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය ගැන දීර්ඝ පරීක්ෂණයකින් පසුව ප්‍රහාරයේ සැකකරු ලෙස පාර්ලිමේන්තුවට ආහාර සැපයු බාහිර සේවකයකු වූ අජිත් කුමාර නමැති අයව අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ බෝම්බ සිද්ධියෙන් හඳුනාගනිමින් නොව මාතලේ නාඋල ප්‍රදේශයේදී නීතීවිරෝධි මත්පැන් වැටලීමකදී අහම්බයෙන් තවත් සිව් දෙනෙකු සමඟය. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඉන් ඉවත්ව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ ප්‍රහාර සිද්ධියෙන් මාස 8 කට පසුව 1988 අප්‍රේල් මාසයේදීය. රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඝාතතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා දහයක් ඔහු වෙත එල්ල විය.

අජිත් කුමාරට එරෙහිව සාධාරණ නඩු විභාගයක් පැවැත්වුණි. නඩුවලදී අජිත් කුමාර වෙනුවෙන් පෙනී සිටියේ එකල ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයකු වූ සුසිල් මුණසිංහ ය. විනිසුරු ආනන්ද ග්‍රේරු සියලු සැකකරුවන් නිදහස් කළේ පැමිණිල්ල විසින් සැකයෙන් තොරව නඩුව ඔප්පු කර නැති බව කියමිනි. නීතීපති මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කළ ද එයත් ප්‍රතික්ෂේප විය. අවසානයේදී අධිකරණය අජිත් කුමාරව නිදොස් කොට නිදහස් කරන ලද අතර, එය දෛවෝපගත තීන්දුවක් විය.

එම්. තාරික්

අතීතාවර්ජනා...

උපුටා ගැනීමකි .

වටිනා ප්රශ්නය ට නිවැරදි පිළිතුර ලබාදී ඔබ වටිනා සීනුවක් ජයග්‍රහණය කරනවා

------ Post added on [DATETIME="UT"]1766894887[/DATETIME]

[QUOTE="2osama, post: 31154927, member: 314982"] තුවාල නොලබා සිටි මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව තුවාලකරුවන් ඔසවාගෙන මන්ත්‍රී පිවිසුම වෙත පැමිණියහ. ඒවන විට තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යාමට මැති ඇමතිවරුන්ගේ වාහන මන්ත්‍රී පිවිසුම ඉදිරිපිට නවතා තිබුණි. ආරක්ෂකයෝ වහා ඔවුන් වාහනවල දමාගෙන පිටමං කළහ. ඒ අතර ගතවූ මිනිත්තු කිහිපයේදී පොලිස්පති හේරත් හා රහස් පොලිසියේ අධ්යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ෆ්රෑන්ක් සිල්වා යන මහත්වරුද රහස් පොලිසියේ පොලිස් නිලධාරීන් පනස්දෙනෙකු පමණ ද පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වූහ. ඒ සමඟ කොමාන්ඩෝ පොලිස් කණ්ඩායම් හතරක්ද ප්‍රධාන පිවිසුම අබියස රැකවල්ලා ගත්හ. එකවර හතර පැත්තෙන් හෙලිකොප්ටර් හතරක් පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් පියාසර කරන ලද්දේද මේ අවස්ථාවේදීය. බෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රම මහතා සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතා කොළඹ ජාතික රෝහලටත්, ජාතික ආරක්ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලටත් රැගෙන යන ලදී. තුවාල ලබා සිටි සෙසු තුවාලකරුවන් ද කොළඹ සහ ජයවර්ධනපුර රෝහල් කරා රැගෙන යන ලදි. මෙම සිද්ධියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතාගේ හිසට බරපතළ ලෙස තුවාල සිදුවී තිබුණි. එදින පෙරවරු 11 ට පමණ ශල්‍යාගාරය තුළදීම කීර්ති අබේවික්‍රම මහතා ජීවිතක්ෂයට පත් විය. එමෙන්ම පසුව නෝබට් සේනාධීර මහතා ද ජීවිතක්ෂයට පත්විය. තුවාල ලැබු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කලවා ප්‍රදේශයේ අවයව කිහිපයක් ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදි. ප්‍රහාරයෙන් අගමැති ප්‍රේමදාස මහතාට ද සුළු තුවාල සිදුවී තිබුණි. “ජනතා විමුක්ති පෙරමුණු ත්රස්තවාදීන් මීට වගකිවයුතුයි. සන්සුන් වන්න, මේ ප්‍රහාරය රටේ පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙත එල්ලවූ ප්‍රහාරයක්” යැයි දිවි බේරා ගත් ජනාධිපති ජයවර්ධන ජනතාවට පැවසීය. එමෙන්ම ජනාධිපතිවරයා මෙම සිදුවීම හැඳින්වූයේ “ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට එරෙහිව දකුණේ ත්‍රස්තවාදින් දියත් කළ ප්‍රහාරයක්” බවය. ඒ හැර ඉන්දු ලංකා ගිවිසුමෙහි විරෝධතාකරුවන් දුටු එක් දුබලතාවයක් පිළිබඳවත් ඔහු වචනයකුදු කතා නොකළේය. ප්‍රහාරයෙන් පසු එකී ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය “ද්‍රෝහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කරන ලදි. එමඟින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් කරනු ලැබීය. එම පත්‍රිකාව තුළින් ජීවත්වීමට ආසා ඇති සියලුම මන්ත්‍රීන්ට තම ආසන වලින් ඉල්ලා අස් වී තම වැරදි පාපොච්චාරණය කළ යුතු බවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව නැඟී සිටිය යුතු බවත් ප්‍රකාශ විනි. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත රටපුරා කළු කොඩි ඔසවා නොයෙක් ආකාරයේ රාජ්‍ය විරෝධි ක්‍රියා සිදු කරන ලදි. රාජ්‍ය දේපළ විනාශ කිරිම, රාජ්‍ය විරෝධි පෝස්ටර් හා පත්‍රිකා බෙදා හැරීම ආදි ක්‍රියා මාර්ග අනුගමනය කරන ලදි. මෙම ව්‍යාපාරවලදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දේශප්‍රේමි භික්ෂු පෙරමුණ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන නායකත්වය ගෙන ක්‍රියා කරන ලදී. පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය ගැන දීර්ඝ පරීක්ෂණයකින් පසුව ප්‍රහාරයේ සැකකරු ලෙස පාර්ලිමේන්තුවට ආහාර සැපයු බාහිර සේවකයකු වූ අජිත් කුමාර නමැති අයව අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ බෝම්බ සිද්ධියෙන් හඳුනාගනිමින් නොව මාතලේ නාඋල ප්‍රදේශයේදී නීතීවිරෝධි මත්පැන් වැටලීමකදී අහම්බයෙන් තවත් සිව් දෙනෙකු සමඟය. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඉන් ඉවත්ව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ ප්‍රහාර සිද්ධියෙන් මාස 8 කට පසුව 1988 අප්‍රේල් මාසයේදීය. රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඝාතතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා දහයක් ඔහු වෙත එල්ල විය. අජිත් කුමාරට එරෙහිව සාධාරණ නඩු විභාගයක් පැවැත්වුණි. නඩුවලදී අජිත් කුමාර වෙනුවෙන් පෙනී සිටියේ එකල ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රබලයකු වූ සුසිල් මුණසිංහ ය. විනිසුරු ආනන්ද ග්‍රේරු සියලු සැකකරුවන් නිදහස් කළේ පැමිණිල්ල විසින් සැකයෙන් තොරව නඩුව ඔප්පු කර නැති බව කියමිනි. නීතීපති මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කළ ද එයත් ප්‍රතික්ෂේප විය. අවසානයේදී අධිකරණය අජිත් කුමාරව නිදොස් කොට නිදහස් කරන ලද අතර, එය දෛවෝපගත තීන්දුවක් විය. එම්. තාරික් 🌍 අතීතාවර්ජනා... උපුටා ගැනීමකි . [HR][/HR] වටිනා ප්රශ්නය ට නිවැරදි පිළිතුර ලබාදී ඔබ වටිනා සීනුවක් ජයග්‍රහණය කරනවා🔔🔔 ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1766894887[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom