Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්ගේ අදහසක් නිසා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්ගේ අදහසක් නිසා

හයිඩ්රජන්! ආවර්තිතා වගුවේ මුල්ම මූලද්‍රව්‍යය වන හයිඩ්රජන් තමයි මුළු මහත් විශ්වයේම තියෙන සුලභම දේ. මිනිසා ඇතුළුව සියලුම ජීවීන්ගේ ශරීරයේත් වැඩියෙන්ම තියෙන්නේත් හයිඩ්රජන්, හැම ජල අංශුවකම හයිඩ්රජන් පරමාණු දෙක බැගින් තියෙනවා. අපේ ලෝකයේ සිදු වෙන හැම ක්‍රියාකාරකමකටම වගේ ශක්තිය සපයන අපේ සූර්යයා ඇතුළුව සියලුම තාරකා දීප්තියෙන් බැබලෙන්නේ හයිඩ්රජන් පරමාණු අතර සිදු වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් නිසා බිහි වන සුවිශාල ශක්ති ප්‍රමාණය නිසයි. කොටින්ම කියනවා නම් රාත්‍රී අහසේ ඇසට පෙනෙන ස්වභාවික වස්තූන් හැම එකකටම එළිය ලැබෙන්නේ හයිඩ්රජන් ආශ්රිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක සෘජු හෝ වක්‍ර ප්‍රතිඵලයක් විදිහටයි!

ඔබට රෑ අහසේ පෙනෙන ස්වභාවිකව ආලෝකමත් හැම වස්තුවක්ම ඒ සඳහා ශක්තිය ලබාගන්නේ හයිඩ්රජන් විලයනය නිසා. මේක ස්වයං නිපැයුමක් හෝ පරාවර්තනයක් වෙන්න පුළුවන්.

මේ තරම් සුලභ හයිඩ්රජන් ගැන අළුතෙන් කතා කරන්න බොහොම වැදගත් අවස්ථාවක් එළඹිලා තියෙනවා. ලෝකයේ මුල්ම වරට ලෝහමය ස්වභාවයකින් හයිඩ්රජන් නිෂ්පාදනය කරන්න විද්‍යාඥයන් සමත් වෙලා. සාමාන්‍යයෙන් තාක්ෂණික ලෝකයේ වැඩි කතා බහකට ලක් නොවෙන අපේ රටටත් මේක බොහොම ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්, මොකද මේ සුවිශේෂී අවස්ථාව උදා කර ගන්න පුළුවන් විදිහට පරීක්ෂණය සැලසුම් කෙරුණේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්ගේ අදහසක් නිසා. ඔහු තමයි ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අධි පීඩිත පදාර්ථ පිළිබඳ විශේෂඥවරයෙකු වන ආචාර්ය රංග ඩයස් මහත්මයා.

හයිඩ්රජන් අපිට වැදගත් ඇයි?

සාමාන්‍ය පෙළ රසායන විද්‍යා නිර්දේශය යටතේ වුණත් හයිඩ්රජන් ගැන අපි යම් හැදෑරීමක් කරනවා. එක ප්‍රෝටෝනයක් සහ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන හයිඩ්රජන් (H1 සමස්ථානිකය) තමයි පරමාණුවකට නිර්මාණය වෙන්න පුළුවන් සරලම විදිහ. ඒ නිසාම විශ්වය බිහි වීමේදීත් හයිඩ්රජන් තමයි වැඩිපුරම බිහි වුණේ. ඒ වගේම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න තියෙන සරලම ක්‍රමයත් හයිඩ්රජන් විලයනය කියන දේ. (හයිඩ්රජන් විලයනය කියන්නේ හයිඩ්රජන් අංශු එකට එකතු වෙලා හීලියම් අංශුවක් නිර්මාණය කරන අතරේ අති විශාල ශක්තියක් පිටකිරීම කියලා සරලව අර්ථ දක්වන්න පුළුවන්.)

සාමාන්‍ය හයිඩ්රජන් පරමාණු අති විශාල ප්‍රමාණයක් එක තැනකට එකතුවුණොත් ඒවායේ ස්කන්ධය නිසා ඇතිවෙන ගුරුත්වය නිසා එක පොදියකට එකතු වෙනවා. එහෙම වුණාම පීඩනය සහ උෂ්ණත්වය වැඩිවෙලා විලයන ප්‍රතික්‍රියාවක් ආරම්භ වෙනවා. එහිදී ඇතිවන අධික ශක්තිය තමයි තාපය, ආලෝකය සහ වෙනත් විකිරණ විදිහට පිටවෙන්නේ. අපි දැනට හොයාගෙන තියෙන හැම තාරකාවකම ආරම්භය සිදු වුණේ මේ විදිහටයි.

තාරකා විතරක් නෙවෙයි, අපි දකින සියලු ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ ජලය මූලික කරගෙනයි. ජලය බිහි වෙන්නෙත් හයිඩ්රජන් වලින්.

නමුත් නිදහස් හයිඩ්රජන් පෘථිවිය මතුපිට තියෙන උෂ්ණත්වය සහ පීඩනය යටතේදී වායුවක්. හයිඩ්රජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදෙන හයිඩ්රජන් අණු තමයි මේ විදිහට වායුවක් විදිහට පවතින්නේ. නමුත් පීඩනය වැඩි කරලා උෂ්ණත්වය ගොඩාක් අඩු කරාම හයිඩ්රජන් ද්‍රවයක් බවට පත්කරන්න හැකියාව තියෙනවා. මේ වැඩේ මුලින්ම කරන්න විද්‍යාඥයන් අතර බොහොම විශාල උනන්දුවක් ඇති වුණා. අවසානයේදී මේ උත්සාහය ජයගත්තේ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ඩෙවා(ර්). ඒ 1898 දී. මේ වෙනකොට අභ්‍යාවකාශ ගත කෙරෙන රොකට් වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නේ ද්‍රවීකරණය කළ හයිඩ්රජන් වලින්.

හයිඩ්රජන් වල ලෝහමය ගුණ සමහරක් තියෙනවා

හයිඩ්රජන් කියන්නේ රසායනික වශයෙන් ගත්තාම ලෝහ වලට තරමක් සමාන මූලද්‍රව්‍යයක්. මොකද ලෝහ වගේම හයිඩ්රජන් බොහොම පහසුවෙන් ඉලෙක්ට්‍රෝන මුදා හැරලා ධන ආරෝපිත අයනයක් බවට පත් වෙනවා. මේ නිසාම ආවර්තිතා වගුවේ හයිඩ්රජන් කාණ්ඩ කරලා තියෙන්නේ ප්‍රතික්‍රියාශීලී බවෙන් වැඩිම ලෝහ එක්කයි. මේ ලෝහ හැම එකකටම පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හයිඩ්රජන් වලටත් තියෙනවා.

ලෝහමය හයිඩ්රජන් ගැන මූලධර්ම

යම් මූලද්‍රව්‍යයක් ලෝහයක් කියලා පිළිගන්න අවශ්‍ය ප්‍රධානම සාධකයන් දෙකක් වෙන්නේ ඒ තුළින් විදුලියට සහ තාපයට හොඳින් සන්නයනය වෙන්න තියෙන හැකියාව. දිලිසෙන මතුපිටක් තිබීම පිරිසිදු තත්වයේ ලෝහ වල තවත් ප්‍රධාන ලක්ෂණයක්. නමුත් සාමාන්‍ය හයිඩ්රජන් වල මේ ගුණාංගය නැහැ. හයිඩ්රජන් ද්‍රවීකරණය කළත්, ඝන බවට පත් කළත් මේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය තත්වයේ හයිඩ්රජන් ලෝහමය ගුණ දරන්නේ නැහැ කියලයි පිළිගැනෙන්නේ.

කොහොම වුණත් තරමක් සංකීර්ණ භෞතික විද්‍යා ගණනයන් වලින් අධික පීඩනයේ තියෙන හයිඩ්රජන් වලට ලෝහමය ගුණ දරන්න හැකියාවක් තියෙන බවට සාක්ෂි ලැබෙනවා. ප්රශ්නය කියන්නේ මූලධර්ම වලින් ඔප්පු කරන්න පුළුවන් වුණාට මේක පරීක්ෂණයකින් තහවුරු කරන්න ක්‍රමයක් නොතිබුණු එකයි. මොකද මේ සඳහා අවශ්‍ය පීඩනය ලබා දෙන එක පෘථිවියේදී කරන්න විදිහක් තිබුණේ නැහැ.

සූර්යයාද ඇතුළුව මේ බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් කියන ග්‍රහලෝක හතරම හැදිලා තියෙන්නේ 70%කටත් වඩා හයිඩ්රජන් වලින්. මේවා තනිකරම අති විශාල වායු බෝල විතරයි.

නමුත් අභ්‍යාවකාශයේ මේ සඳහා අවශ්‍ය පීඩනය තියෙන තැන් ඕනතරම් තියෙනවා. සරලම උදාහරණය තමයි අපි කවුරුත් දන්නා බ්‍රහස්පති ග්‍රහයා. කිලෝමීටර් 140,000කටත් වැඩි විශ්කම්භයක් තියෙන බ්‍රහස්පති මුළුමනින්ම වගේ හැදිලා තියෙන්නේ හයිඩ්රජන් සහ හීලියම් වලින්. බ්‍රහස්පතිගේ අතිවිශාල ස්කන්ධය නිසා ඇතුළත අති විශාල පීඩනයකුත් තියෙනවා. මේ නිසා බ්‍රහස්පති (සහ අනෙක් වායුමය ග්‍රහලෝක) ඇතුළේ ලෝහමය හයිඩ්රජන් හැදෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මේ බව තහවුරු කරගන්න නාසා ආයතනය “ජූනෝ” අභ්‍යාවකාශ යානය 2011 අවුරුද්දේ පිටත් කර හැරියා.

දියමන්ති වලින් හදන කිණිහිරය

අපි හැමෝම දන්න කිණිහිරය පාවිච්චි කරන්නේ යකඩ තලන්නනේ. නමුත් පරමාණු “තලන්න” පුළුවන් කිණිහිරයකුත් නිර්මාණය කරලා තියෙනවා. මේක අපි දන්නා කිණිහිරයට වඩා නම් ඉතාම පුංචියි. කුඩා දියමන්ති දෙකක් මැද යම් ද්‍රව්‍යයක් තියලා අති විශාල තෙරපීමක් ලබා දෙන්න තමයි මේ “දියමන්ති කිණිහිරය” නැත්නම් Diamond

Anvil එක පාවිච්චි කරන්නේ.

මේ රූපයේ තියෙන්නේ ඒ වගේ උපකරණයක්. දෙපැත්තේ තියෙන දියමන්ති විශාල බලයක් යොදලා තෙරපනකොට ඒවායේ තුඩු එකට තෙරපිලා සාම්පලයට අති විශාල

දියමන්ති යොදා ගන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දියමන්ති ලෝකයේ ශක්තිමත්ම දේවල් වලින් එකක් වීම. නමුත් ඊටත් වඩා ප්‍රධාන වෙන්නේ මොන තරම් ශක්තිමත් වුණත් දියමන්ති හරහා ආලෝකයට ගමන් කරන්න පුළුවන් එක. මේ ගුණාංගය කෘත්රීමව නිර්මාණය කරපු ඊට වඩා ශක්තිමත් බොහෝ දේවල් වල නැහැ. ඉතින් විද්‍යාඥයන්ට පරමාණු “තලන” අතරේ සිදු වෙන දේවල් නිරීක්ෂණය කරන්න හොඳම උපක්‍රමය තමයි දියමන්ති දෙකක් පාවිච්චි කරන එක.

මේ නිසා අධි පීඩන පරීක්ෂණ වැඩි හරියක් කෙරෙන්නේ මේ දියමන්ති කිණිහිර ඇතුළෙයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංග ඩයස් මහත්මයා තමන්ගේ උපාධියට තෝරාගෙන තියෙන්නෙත් මේ ඇසුරින් කරන පරීක්ෂණ. ඒ නිසාම ඔහුට මේ දියමන්ති කිණිහිරය කියන දේ අපි පාවිච්චි කරන පෑනක් තරමටම පුරුදුයි.

බැරි වැඩේ කරපු හැටි

කොහොම වුණත් දියමන්ති වලට වුණත් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේ වන තුරු බොහෝ දෙනා උත්සාහ කළත් හයිඩ්රජන් ලෝහමය තත්වයට පත් කරන්න අවශ්‍ය පීඩනය ලබා දෙන්න බැරි වුණා. ඒ තරමට තෙරපනකොට දියමන්ති වුණත් කැඩිලා යන එකයි තිබුණු ප්රශ්නය. ඉතින් ක්‍රමය දැන ගෙන හිටියත් කරන්න විදිහක් තිබුණු නිසා මේ වෙනකල්ම පරීක්ෂණාත්මකව ලෝහමය හයිඩ්රජන් පෘථිවියේදී හදා ගන්න බැරි වුණා.

නමුත් රංග ඩයස් මහතා සහ අයිසැක් සිල්වේරා කියන ඔහුගේ සගයා එකතු වෙලා මේ සඳහා පාවිච්චි කරන දියමන්ති දෙකට අමතර ශක්තියක් ලබා දෙන ක්‍රමයක් හොයා ගෙන තියෙනවා. ඔවුන් මේ දියමන්ති වල හැඩය සහ මතුපිට ස්වභාවය වෙනස් කරමින් කරපු පරීක්ෂණ නිසා වඩාත් වැඩි පීඩනයක් ලබා දෙන්න හොඳම දියමන්ති කට්ටලයක් නිර්මාණය කරන්න සමත් වෙලා. ඉතා විශාල පීඩනයකට ඔරොත්තු දෙන්න නම් දියමන්ති වල හැඩය ඉතාම සුක්ෂමව සකස් කරගන්න එක වගේම මතුපිට නිවැරදිව ඔප දමා ගන්න එකත් (පොලිෂ් කර ගන්න එක) අනිවාර්යයයි.

මේ සඳහා දියමන්ති නිර්මාණය කරන එක බොහොම සුක්ෂම වැඩක්. නිවැරදි හැඩය සහ මතුපිට ස්වභාවය සකස් කර ගත්තේ නැතිනම් පීඩනය අවශ්‍ය මට්ටමට එන්න කලින් දියමන්ති කුඩු වෙලා යනවා. රූපය : technodiamant.com

ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණා. හයිඩ්රජන් ලෝහමය තත්වයට ගේන්න තරම් පීඩනයක් යටතේ වුණත් ඔවුන් සකස් කරපු දියමන්ති කුඩු වෙලා ගියේ නැහැ. ඉතින් අන්තිමේදී ලෝහමය හයිඩ්රජන් නිපදවා ගත් බවට ඔප්පු කරන්න පුළුවන් මට්ටමේ පීඩනයක් ලබා දෙන්න ක්‍රමයක් ඔවුන් හොයා ගත්තා.

ඊට කාලයකට කලින් කරලා තිබුණු ගණනයන් වලට අනුව ලෝහමය හයිඩ්රජන් නිපදවෙන්න අවශ්‍ය උෂ්ණත්වය (කෙල්වින් 5.5), පීඩනය (ගිගා පැස්කල් 495ක්) සහ ඝනත්වය (ඝන සෙන්ටිමීටර් එකක පරමාණු 6.7×1023 ක්) තමන්ගේ දියමන්ති දෙක මැද තියෙන හයිඩ්රජන් සාම්පලයට ලබා දෙන්න පුළුවන් වුණු නිසා මූලධර්ම වලට අනුව ඔවුන් ලෝහමය හයිඩ්රජන් නිපදවූ බව පිළිගන්න පුළුවන්.

පොඩි සැකයක්

කොහොම නමුත් සමහර විද්‍යාඥයන් ඔවුන් මේ සඳහා ඉදිරිපත් කරපු පර්යේෂණාත්මක සාක්ෂිය ගැන නම් සැක පළ කරලා තියෙන බවත් කියන්න ඕන. රංග මහතා දක්වපු ප්‍රධානම තර්කය තමයි තමන්ගේ පරීක්ෂණයේ ස්කෑන් ඡායාරූප. පීඩනය වැඩි කරගෙන යද්දී සාමාන්‍ය පාරදෘශ්‍ය (විනිවිද පෙනෙන) හයිඩ්රජන් සාම්පලය මූලධර්ම වලින් ඔප්පු කරලා තියෙන ආලෝකය උරා ගන්න කළු පාට හයිඩ්රජන් බවට හැරිලා. ඊළඟට දිලිසෙන හයිඩ්රජන් දකින්න ලැබිලා තියෙනවා. දිලිසෙන මතුපිටක් තියෙන එක ලෝහමය ලක්ෂණයක් බව අපි කලිනුත් කිව්වා මතක ඇතිනේ. ඉතින් මේ දිලිසෙන්නේ හයිඩ්රජන් නම් බොහොම පැහැදිළිව ඒ ලෝහමය හයිඩ්රජන් බව තහවුරු වෙනවා.

පීඩනය වැඩි වීමත් සමග ලෝහමය හයිඩ්රජන් ඇති වෙන ආකාරය ඔවුන්ගේ විද්‍යාත්මක ලිපියේ මේ විදිහට දැක්වුණා. තුන් වැනි රූපයේ මෙය දිලිසෙන හැටි බලන්න!

නමුත් ඇත්තටම ඔවුන් මේ කියපු පීඩනය, උෂ්ණත්වය, ඝණත්වය ලබා දුන්නාද, දිලිසුණේ හයිඩ්රජන්මද කියන එක ගැන සමහරු සැක පළ කරලා තියෙනවා. ඔවුන් ලබාගත් පීඩනය ඇතුළු මිණුම් ප්‍රමාණය පිළිගන්න ප්‍රමාණවත් මදි කියලා සමහරු කියනවා. ඒ වගේම සමහරවිට දියමන්ති ඔපදමන්න පාවිච්චි කරන ඇලුමිනියම් අඩංගු සංඝටක අධි පීඩනයේදී දිලිසෙන්න පුළුවන් නිසා දිලිසුණේ හයිඩ්‍රජන්ද කියන එකත් පොඩි ප්‍රශ්නයක්.

කොහොම නමුත් මේ දේ නම් පැහැදිලිවම කියන්න ඕනේ. ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙන මිණුම් නිවැරදි නම් අනිවාර්යයෙන්ම ලෝහමය හයිඩ්රජන් බිහි වෙලා තියෙන්න ඕනේ. මෙතන තියෙන්නේ පරීක්ෂණය හරියට සිදු වුණාද කියන එක ගැන ප්‍රශ්නයක් විතරයි. මේ පරීක්ෂණය තවත් විද්‍යාඥයන් කළාම හරියටම මේ ගැන තහවුරු කරන්න පුළුවන් වේවි.

රංග ඩයස් මහතා සහ අයිසැක් සිල්වේරා මහතා මේ ගැන පළ කරපු විද්‍යාත්මක ලිපිය “Science” කියන විද්‍යාත්මක ජර්නලයේ පවා පළ කෙරුණා. ඔවුන්ගේ පරීක්ෂණය තහවුරු වුණොත් බොහෝ විට මේ අවුරුද්දේ නොබෙල් සම්මානයකුත් ඔවුන් දෙදෙනාට හිමි වේවි.

ලෝහමය හයිඩ්රජන් වල වැදගත්කම

ඉතින් මොකක්ද මේ ලෝහමය හයිඩ්රජන් වල මේතරම් තියෙන වැදගත්කම? සරලම දේ තමයි ඒකෙ තියෙන ශක්ති ධාරිතාව. ලෝහමය හයිඩ්රජන් හදන්න අති විශාල ශක්තියක් ලබා දුන්නත් එය නිර්මාණය වෙනවාත් එක්කම පීඩනය ඉවත් වුණත් බොහොම ස්ථායීව තියෙන්න හැකියාවක් තියෙනවා. මේක සරලව කිව්වොත් හරියට කාබන් කුට්ටියක් අධි පීඩනයකට ලක් කළාම දියමන්තියක් වෙන එකට සමානයි.

පීඩනය ඉවත් කළත් දියමන්තිය ස්ථායීව පවතිනවා. ලෝහමය හයිඩ්රජන් වුණත් ඒ වගේ. හදන්න කොච්චර අමාරු වුණත් හැදුවාට පස්සේ කාමර උෂ්ණත්වයේ වුණත් තියාගන්න පුළුවන්.

මේක බොහොම වැදගත් ගුණාංගයක්. ප්‍රධානම දේ තමයි කලිනුත් කිව්වා වගේ ශක්ති ධාරිතාව, නැතිනම් ග්‍රෑම් එකක තියෙන ශක්තිය. වෙන කිසිම රසානික ද්‍රව්‍යයක ග්‍රෑම් එකක් ප්‍රතික්‍රියා කරවීමෙන් මේ තරම් ශක්තියක් ලබා ගන්න බැහැ. ඉතින් රොකට් ඇතුළු ශක්ති ධාරිතාව වැදගත් වෙන හැම දේකටම ලෝහමය හයිඩ්රජන් ඉතාම සුදුසුයි. දැනට පාවිච්චි වෙන රොකට් වලට අවශ්‍ය හයිඩ්රජන් ද්‍රව තත්වයේ තියා ගන්න නම් සෙල්සියස් අංශක සෘණ 250˚ටත් (-250˚C) වඩා සිසිල් කරලා තියා ගන්න ඕනේ. නමුත් ලෝහමය හයිඩ්රජන් කාමර උෂ්ණත්වයේ වුණත් තියා ගන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ 4 ගුණයක විතර ශක්තියක් ලබා දෙන්න සමත්!

ලෝහමය හයිඩ්රජන් නිසා අපිට වෙනත් ග්‍රහලෝක වලට කෙටි කාලයකින් යන එන එක ඉතා පහසු දෙයක් වේවි.

අනිත් දේ තමයි ඕනෑම ලෝහයකට පොදු විද්‍යුත් සන්නායකතාව. විද්‍යුත් සන්නායකතාව වැඩිම පදාර්ථ වලට කියන්නේ සුපිරි සන්නායක නැතිනම් super conductors කියලයි. මේවායේ ප්‍රධාන ලක්ෂණය තමයි ප්‍රතිරෝධය ශුන්‍ය වෙන එක. ඒ නිසා මොන තරම් විශාල ධාරාවක් ගෙන ගියත් තාප හානියක් වෙන්නේ නැහැ. ඉතින් සුපිරි සන්නායක අනාගත ලෝකයට අත්‍යාවශ්‍යම දෙයක් බවට පත්වෙලා ඉවරයි.

නමුත් මේ වෙන තුරු සුපිරි සන්නායක නිර්මාණය කරන්න නම් ඉතාම පහළ උෂ්ණත්වයකට සීතල කරන්න අවශ්‍ය වුණා. දැනට සුපිරි සන්නායක මට්ටමේ තියෙන ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 70˚ (-70˚C) ක් වගේ විතරයි. (මේ උෂ්ණත්වය පෘථිවියේ ස්වභාවිකව කිසිම තැනක නැති උෂ්ණත්වයක්) ඉතින් ඒවායේ ප්‍රයෝජනය බොහොම සීමිතවයි තියෙන්නේ. CAT, MRT ස්කෑන් යන්ත්‍ර සහ අති ප්‍රබල විද්‍යුත් චුම්භක වල වගේ බොහොම සීමිත දේවල් කිහිපයකට විතරයි සුපිරි සන්නායක පාවිච්චි කරන එක වාසිදායක වෙන්නේ.

නමුත් ලෝහමය හයිඩ්රජන් කාමර උෂ්ණත්වයේ තියෙන සුපිරි සන්නායකයක් වෙන්න විශාල ඉඩක් තියෙනවා. ඒ වගේ ලෝහයකින් කරන්න පුළුවන් දේවල් වල සීමාවක් නැහැ. දැනට තියෙන ප්‍රබල පරිගණක වලට තියෙන ලොකුම හිසරදය සිසිල් කරන එකනේ. දැන් ගෙදර පරිගණක වල පවා ප්‍රොසෙසරය සහ ග්‍රැෆික් කාඩ් එක සිසිල් කරන්න ද්‍රව පාවිච්චි කරනවා. (liquid cooling) මීට වඩා ප්‍රබල චිප් හදන්න බැරි වෙන්න තාපය පාලනය කරන්න බැරි එක ලොකුම අභියෝගයක්. හැදුවාට වැඩක් නැහැ ක්‍රියාත්මක වෙනකොට උණු වෙලා යනවා.

නමුත් කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායක වලින් කවදාවත් රත් වෙන්නේ නැති අධිවේගී පරිගණක චිප් හදන්න පුළුවන්. තාපය පිට නොවෙන නිසා දැන් තියෙනවා වගේ සිය දාස් වාරයක් ප්‍රබල චිප් හදන්න පුළුවන් කූලින් ෆෑන් නැතිවම. අනික් දේ තමයි විදුලි රැහැන් ඇතුළු විදුලිය ගෙනියන හැම වැඩක්ම මීට වඩා ඉතා අඩු නාස්තියකින් කරන්න පුළුවන් වෙන එක. සුපිරි සන්නායක වලින් පුළුවන් කිසිම ශක්තියක් වැය නොකර අහසේ පා වෙන සර්ෆ්බෝඩ් සහ යානා නිර්මාණය කරන්නත්.

ලෝකයේ වැඩිම ආදායමක් උපයපු Avatar චිත්‍රපටියේදී පෘථිවි වාසීන් පැන්ඩෝරාවට යන්න එකම හේතුව එහි තියෙන මේ කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායකය.

සුප්‍රසිද්ධ Avatar චිත්‍රපටිය බලලා තියෙනවා නම් කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායක වල වැදගත් කම තවත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ආලෝක වර්ෂ ගණනාවක් ඈත තියෙන පැන්ඩෝරා වල ඉඳලා පෘථිවියට ගෙන එන්න තරම් “අන්ඔබ්ටේනියම් (ගන්න බැරි මූලද්‍රව්‍යය) – Unobtanium” කියලා හඳුන්වන සුපිරි සන්නායකය වටිනවා. ඔවුන් එච්චර අපහසුවෙන් ගිහින් ඒවා අරගෙන එන්න ක්‍රමයක් හදාගෙන තියෙන්නේ ඒ නිසාමයි. ඉතින් ඒක පෘථිවියේදීම හදා ගන්න පුළුවන් වුණොත් මොන තරම් දෙයක්ද?

සුපිරි සන්නායකයක කාමර උෂ්ණත්වයේ තියා ගන්න පුළුවන් වීම කියන්නේ මිනිසා මුල් වරට ගින්දර සොයා ගැනීම තරමටම සුවිශේෂී අවස්ථාවක් වෙන්න පුළුවන් කියන එක අතිශයෝක්තියක් නෙවෙයි!

මේ හැම දෙයක්ම තහවුරු වුණොත් අපේ රටට ලොකු ගෞරවයක්

ආචාර්ය රංග ඩයස් මහතා කියන්නේ පිටරටකින් ඇවිත් අපේ රටේ පදිංචි වුණු ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි. එතුමා 2006 අවුරුද්දේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.Sc උපාධියක් ගත්තු නියම ශ්‍රී ලාංකිකයෙක්. වොෂින්ටන් ජාතික විශ්ව විද්‍යාලයෙන් තමයි ඔහු ආචාර්ය උපාධිය ලබා ගෙන තියෙන්නේ. මේ අති විශිෂ්ට පරීක්ෂණයේ සම කොටස් කරුවෙක් වන එතුමා ලෝහමය හයිඩ්රජන් සොයා ගත්තු බව තහවුරු වුණොත් අපේ රටට ඒක මොන තරම් කීර්තියක්ද?

ඊටත් වඩා ඇත්තටම වැදගත් වෙන්නේ මේකෙන් අපි කාටත් ගන්න තියෙන පාඩම. ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට දියුණු රටවල් වල තියෙන පහසුකම් නැති වුණත් අපේ සමහරුන්ට ලෝකයේ ඉහළම බුද්ධිමතුන්ටත් වඩා ඥානයක් තියෙනවා. ඒ නිසා තමන්ගේ හැකියාවන් අවතක්සේරු කරගන්නේ නැතිව, තමන්ට අවස්ථාව නැහැ කියලා හිතන්නේ නැතිව ඉදිරියටම යන්න මේක හොඳ පිටුවහලක් කර ගන්න.

Source - http://reporter.lk/

[QUOTE="sanka gamage, post: 21212494, member: 424265"] [b]ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්ගේ අදහසක් නිසා[/b] [SIZE="4"]හයිඩ්රජන්! ආවර්තිතා වගුවේ මුල්ම මූලද්‍රව්‍යය වන හයිඩ්රජන් තමයි මුළු මහත් විශ්වයේම තියෙන සුලභම දේ. මිනිසා ඇතුළුව සියලුම ජීවීන්ගේ ශරීරයේත් වැඩියෙන්ම තියෙන්නේත් හයිඩ්රජන්, හැම ජල අංශුවකම හයිඩ්රජන් පරමාණු දෙක බැගින් තියෙනවා. අපේ ලෝකයේ සිදු වෙන හැම ක්‍රියාකාරකමකටම වගේ ශක්තිය සපයන අපේ සූර්යයා ඇතුළුව සියලුම තාරකා දීප්තියෙන් බැබලෙන්නේ හයිඩ්රජන් පරමාණු අතර සිදු වෙන න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් නිසා බිහි වන සුවිශාල ශක්ති ප්‍රමාණය නිසයි. කොටින්ම කියනවා නම් රාත්‍රී අහසේ ඇසට පෙනෙන ස්වභාවික වස්තූන් හැම එකකටම එළිය ලැබෙන්නේ හයිඩ්රජන් ආශ්රිත න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක සෘජු හෝ වක්‍ර ප්‍රතිඵලයක් විදිහටයි! ඔබට රෑ අහසේ පෙනෙන ස්වභාවිකව ආලෝකමත් හැම වස්තුවක්ම ඒ සඳහා ශක්තිය ලබාගන්නේ හයිඩ්රජන් විලයනය නිසා. මේක ස්වයං නිපැයුමක් හෝ පරාවර්තනයක් වෙන්න පුළුවන්. මේ තරම් සුලභ හයිඩ්රජන් ගැන අළුතෙන් කතා කරන්න බොහොම වැදගත් අවස්ථාවක් එළඹිලා තියෙනවා. ලෝකයේ මුල්ම වරට ලෝහමය ස්වභාවයකින් හයිඩ්රජන් නිෂ්පාදනය කරන්න විද්‍යාඥයන් සමත් වෙලා. සාමාන්‍යයෙන් තාක්ෂණික ලෝකයේ වැඩි කතා බහකට ලක් නොවෙන අපේ රටටත් මේක බොහොම ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්, මොකද මේ සුවිශේෂී අවස්ථාව උදා කර ගන්න පුළුවන් විදිහට පරීක්ෂණය සැලසුම් කෙරුණේ ශ්‍රී ලාංකික විද්‍යාඥයෙක්ගේ අදහසක් නිසා. ඔහු තමයි ඇමරිකාවේ හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ අධි පීඩිත පදාර්ථ පිළිබඳ විශේෂඥවරයෙකු වන ආචාර්ය රංග ඩයස් මහත්මයා. හයිඩ්රජන් අපිට වැදගත් ඇයි? සාමාන්‍ය පෙළ රසායන විද්‍යා නිර්දේශය යටතේ වුණත් හයිඩ්රජන් ගැන අපි යම් හැදෑරීමක් කරනවා. එක ප්‍රෝටෝනයක් සහ එක ඉලෙක්ට්‍රෝනයක් තියෙන හයිඩ්රජන් (H1 සමස්ථානිකය) තමයි පරමාණුවකට නිර්මාණය වෙන්න පුළුවන් සරලම විදිහ. ඒ නිසාම විශ්වය බිහි වීමේදීත් හයිඩ්රජන් තමයි වැඩිපුරම බිහි වුණේ. ඒ වගේම න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවක් සිදු වෙන්න තියෙන සරලම ක්‍රමයත් හයිඩ්රජන් විලයනය කියන දේ. (හයිඩ්රජන් විලයනය කියන්නේ හයිඩ්රජන් අංශු එකට එකතු වෙලා හීලියම් අංශුවක් නිර්මාණය කරන අතරේ අති විශාල ශක්තියක් පිටකිරීම කියලා සරලව අර්ථ දක්වන්න පුළුවන්.) සාමාන්‍ය හයිඩ්රජන් පරමාණු අති විශාල ප්‍රමාණයක් එක තැනකට එකතුවුණොත් ඒවායේ ස්කන්ධය නිසා ඇතිවෙන ගුරුත්වය නිසා එක පොදියකට එකතු වෙනවා. එහෙම වුණාම පීඩනය සහ උෂ්ණත්වය වැඩිවෙලා විලයන ප්‍රතික්‍රියාවක් ආරම්භ වෙනවා. එහිදී ඇතිවන අධික ශක්තිය තමයි තාපය, ආලෝකය සහ වෙනත් විකිරණ විදිහට පිටවෙන්නේ. අපි දැනට හොයාගෙන තියෙන හැම තාරකාවකම ආරම්භය සිදු වුණේ මේ විදිහටයි. තාරකා විතරක් නෙවෙයි, අපි දකින සියලු ජීවීන් නිර්මාණය වෙලා තියෙන්නේ ජලය මූලික කරගෙනයි. ජලය බිහි වෙන්නෙත් හයිඩ්රජන් වලින්. නමුත් නිදහස් හයිඩ්රජන් පෘථිවිය මතුපිට තියෙන උෂ්ණත්වය සහ පීඩනය යටතේදී වායුවක්. හයිඩ්රජන් පරමාණු දෙකක් එකතු වෙලා හැදෙන හයිඩ්රජන් අණු තමයි මේ විදිහට වායුවක් විදිහට පවතින්නේ. නමුත් පීඩනය වැඩි කරලා උෂ්ණත්වය ගොඩාක් අඩු කරාම හයිඩ්රජන් ද්‍රවයක් බවට පත්කරන්න හැකියාව තියෙනවා. මේ වැඩේ මුලින්ම කරන්න විද්‍යාඥයන් අතර බොහොම විශාල උනන්දුවක් ඇති වුණා. අවසානයේදී මේ උත්සාහය ජයගත්තේ ස්කොට්ලන්ත ජාතික ජේම්ස් ඩෙවා(ර්). ඒ 1898 දී. මේ වෙනකොට අභ්‍යාවකාශ ගත කෙරෙන රොකට් වැඩි හරියක් ක්‍රියාත්මක වෙන්නේ ද්‍රවීකරණය කළ හයිඩ්රජන් වලින්. හයිඩ්රජන් වල ලෝහමය ගුණ සමහරක් තියෙනවා හයිඩ්රජන් කියන්නේ රසායනික වශයෙන් ගත්තාම ලෝහ වලට තරමක් සමාන මූලද්‍රව්‍යයක්. මොකද ලෝහ වගේම හයිඩ්රජන් බොහොම පහසුවෙන් ඉලෙක්ට්‍රෝන මුදා හැරලා ධන ආරෝපිත අයනයක් බවට පත් වෙනවා. මේ නිසාම ආවර්තිතා වගුවේ හයිඩ්රජන් කාණ්ඩ කරලා තියෙන්නේ ප්‍රතික්‍රියාශීලී බවෙන් වැඩිම ලෝහ එක්කයි. මේ ලෝහ හැම එකකටම පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය හයිඩ්රජන් වලටත් තියෙනවා. ලෝහමය හයිඩ්රජන් ගැන මූලධර්ම යම් මූලද්‍රව්‍යයක් ලෝහයක් කියලා පිළිගන්න අවශ්‍ය ප්‍රධානම සාධකයන් දෙකක් වෙන්නේ ඒ තුළින් විදුලියට සහ තාපයට හොඳින් සන්නයනය වෙන්න තියෙන හැකියාව. දිලිසෙන මතුපිටක් තිබීම පිරිසිදු තත්වයේ ලෝහ වල තවත් ප්‍රධාන ලක්ෂණයක්. නමුත් සාමාන්‍ය හයිඩ්රජන් වල මේ ගුණාංගය නැහැ. හයිඩ්රජන් ද්‍රවීකරණය කළත්, ඝන බවට පත් කළත් මේ හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ නිසා සාමාන්‍ය තත්වයේ හයිඩ්රජන් ලෝහමය ගුණ දරන්නේ නැහැ කියලයි පිළිගැනෙන්නේ. කොහොම වුණත් තරමක් සංකීර්ණ භෞතික විද්‍යා ගණනයන් වලින් අධික පීඩනයේ තියෙන හයිඩ්රජන් වලට ලෝහමය ගුණ දරන්න හැකියාවක් තියෙන බවට සාක්ෂි ලැබෙනවා. ප්රශ්නය කියන්නේ මූලධර්ම වලින් ඔප්පු කරන්න පුළුවන් වුණාට මේක පරීක්ෂණයකින් තහවුරු කරන්න ක්‍රමයක් නොතිබුණු එකයි. මොකද මේ සඳහා අවශ්‍ය පීඩනය ලබා දෙන එක පෘථිවියේදී කරන්න විදිහක් තිබුණේ නැහැ. සූර්යයාද ඇතුළුව මේ බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් කියන ග්‍රහලෝක හතරම හැදිලා තියෙන්නේ 70%කටත් වඩා හයිඩ්රජන් වලින්. මේවා තනිකරම අති විශාල වායු බෝල විතරයි. නමුත් අභ්‍යාවකාශයේ මේ සඳහා අවශ්‍ය පීඩනය තියෙන තැන් ඕනතරම් තියෙනවා. සරලම උදාහරණය තමයි අපි කවුරුත් දන්නා බ්‍රහස්පති ග්‍රහයා. කිලෝමීටර් 140,000කටත් වැඩි විශ්කම්භයක් තියෙන බ්‍රහස්පති මුළුමනින්ම වගේ හැදිලා තියෙන්නේ හයිඩ්රජන් සහ හීලියම් වලින්. බ්‍රහස්පතිගේ අතිවිශාල ස්කන්ධය නිසා ඇතුළත අති විශාල පීඩනයකුත් තියෙනවා. මේ නිසා බ්‍රහස්පති (සහ අනෙක් වායුමය ග්‍රහලෝක) ඇතුළේ ලෝහමය හයිඩ්රජන් හැදෙන්න ලොකු ඉඩකඩක් තියෙනවා. මේ බව තහවුරු කරගන්න නාසා ආයතනය “ජූනෝ” අභ්‍යාවකාශ යානය 2011 අවුරුද්දේ පිටත් කර හැරියා. දියමන්ති වලින් හදන කිණිහිරය අපි හැමෝම දන්න කිණිහිරය පාවිච්චි කරන්නේ යකඩ තලන්නනේ. නමුත් පරමාණු “තලන්න” පුළුවන් කිණිහිරයකුත් නිර්මාණය කරලා තියෙනවා. මේක අපි දන්නා කිණිහිරයට වඩා නම් ඉතාම පුංචියි. කුඩා දියමන්ති දෙකක් මැද යම් ද්‍රව්‍යයක් තියලා අති විශාල තෙරපීමක් ලබා දෙන්න තමයි මේ “දියමන්ති කිණිහිරය” නැත්නම් Diamond Anvil එක පාවිච්චි කරන්නේ. මේ රූපයේ තියෙන්නේ ඒ වගේ උපකරණයක්. දෙපැත්තේ තියෙන දියමන්ති විශාල බලයක් යොදලා තෙරපනකොට ඒවායේ තුඩු එකට තෙරපිලා සාම්පලයට අති විශාල දියමන්ති යොදා ගන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එකක් තමයි දියමන්ති ලෝකයේ ශක්තිමත්ම දේවල් වලින් එකක් වීම. නමුත් ඊටත් වඩා ප්‍රධාන වෙන්නේ මොන තරම් ශක්තිමත් වුණත් දියමන්ති හරහා ආලෝකයට ගමන් කරන්න පුළුවන් එක. මේ ගුණාංගය කෘත්රීමව නිර්මාණය කරපු ඊට වඩා ශක්තිමත් බොහෝ දේවල් වල නැහැ. ඉතින් විද්‍යාඥයන්ට පරමාණු “තලන” අතරේ සිදු වෙන දේවල් නිරීක්ෂණය කරන්න හොඳම උපක්‍රමය තමයි දියමන්ති දෙකක් පාවිච්චි කරන එක. මේ නිසා අධි පීඩන පරීක්ෂණ වැඩි හරියක් කෙරෙන්නේ මේ දියමන්ති කිණිහිර ඇතුළෙයි. හාවර්ඩ් විශ්ව විද්‍යාලයේ ආචාර්ය රංග ඩයස් මහත්මයා තමන්ගේ උපාධියට තෝරාගෙන තියෙන්නෙත් මේ ඇසුරින් කරන පරීක්ෂණ. ඒ නිසාම ඔහුට මේ දියමන්ති කිණිහිරය කියන දේ අපි පාවිච්චි කරන පෑනක් තරමටම පුරුදුයි. බැරි වැඩේ කරපු හැටි කොහොම වුණත් දියමන්ති වලට වුණත් දරා ගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. මේ වන තුරු බොහෝ දෙනා උත්සාහ කළත් හයිඩ්රජන් ලෝහමය තත්වයට පත් කරන්න අවශ්‍ය පීඩනය ලබා දෙන්න බැරි වුණා. ඒ තරමට තෙරපනකොට දියමන්ති වුණත් කැඩිලා යන එකයි තිබුණු ප්රශ්නය. ඉතින් ක්‍රමය දැන ගෙන හිටියත් කරන්න විදිහක් තිබුණු නිසා මේ වෙනකල්ම පරීක්ෂණාත්මකව ලෝහමය හයිඩ්රජන් පෘථිවියේදී හදා ගන්න බැරි වුණා. නමුත් රංග ඩයස් මහතා සහ අයිසැක් සිල්වේරා කියන ඔහුගේ සගයා එකතු වෙලා මේ සඳහා පාවිච්චි කරන දියමන්ති දෙකට අමතර ශක්තියක් ලබා දෙන ක්‍රමයක් හොයා ගෙන තියෙනවා. ඔවුන් මේ දියමන්ති වල හැඩය සහ මතුපිට ස්වභාවය වෙනස් කරමින් කරපු පරීක්ෂණ නිසා වඩාත් වැඩි පීඩනයක් ලබා දෙන්න හොඳම දියමන්ති කට්ටලයක් නිර්මාණය කරන්න සමත් වෙලා. ඉතා විශාල පීඩනයකට ඔරොත්තු දෙන්න නම් දියමන්ති වල හැඩය ඉතාම සුක්ෂමව සකස් කරගන්න එක වගේම මතුපිට නිවැරදිව ඔප දමා ගන්න එකත් (පොලිෂ් කර ගන්න එක) අනිවාර්යයයි. මේ සඳහා දියමන්ති නිර්මාණය කරන එක බොහොම සුක්ෂම වැඩක්. නිවැරදි හැඩය සහ මතුපිට ස්වභාවය සකස් කර ගත්තේ නැතිනම් පීඩනය අවශ්‍ය මට්ටමට එන්න කලින් දියමන්ති කුඩු වෙලා යනවා. රූපය : technodiamant.com ඔවුන්ගේ උත්සාහය සාර්ථක වුණා. හයිඩ්රජන් ලෝහමය තත්වයට ගේන්න තරම් පීඩනයක් යටතේ වුණත් ඔවුන් සකස් කරපු දියමන්ති කුඩු වෙලා ගියේ නැහැ. ඉතින් අන්තිමේදී ලෝහමය හයිඩ්රජන් නිපදවා ගත් බවට ඔප්පු කරන්න පුළුවන් මට්ටමේ පීඩනයක් ලබා දෙන්න ක්‍රමයක් ඔවුන් හොයා ගත්තා. ඊට කාලයකට කලින් කරලා තිබුණු ගණනයන් වලට අනුව ලෝහමය හයිඩ්රජන් නිපදවෙන්න අවශ්‍ය උෂ්ණත්වය (කෙල්වින් 5.5), පීඩනය (ගිගා පැස්කල් 495ක්) සහ ඝනත්වය (ඝන සෙන්ටිමීටර් එකක පරමාණු 6.7×1023 ක්) තමන්ගේ දියමන්ති දෙක මැද තියෙන හයිඩ්රජන් සාම්පලයට ලබා දෙන්න පුළුවන් වුණු නිසා මූලධර්ම වලට අනුව ඔවුන් ලෝහමය හයිඩ්රජන් නිපදවූ බව පිළිගන්න පුළුවන්. පොඩි සැකයක් කොහොම නමුත් සමහර විද්‍යාඥයන් ඔවුන් මේ සඳහා ඉදිරිපත් කරපු පර්යේෂණාත්මක සාක්ෂිය ගැන නම් සැක පළ කරලා තියෙන බවත් කියන්න ඕන. රංග මහතා දක්වපු ප්‍රධානම තර්කය තමයි තමන්ගේ පරීක්ෂණයේ ස්කෑන් ඡායාරූප. පීඩනය වැඩි කරගෙන යද්දී සාමාන්‍ය පාරදෘශ්‍ය (විනිවිද පෙනෙන) හයිඩ්රජන් සාම්පලය මූලධර්ම වලින් ඔප්පු කරලා තියෙන ආලෝකය උරා ගන්න කළු පාට හයිඩ්රජන් බවට හැරිලා. ඊළඟට දිලිසෙන හයිඩ්රජන් දකින්න ලැබිලා තියෙනවා. දිලිසෙන මතුපිටක් තියෙන එක ලෝහමය ලක්ෂණයක් බව අපි කලිනුත් කිව්වා මතක ඇතිනේ. ඉතින් මේ දිලිසෙන්නේ හයිඩ්රජන් නම් බොහොම පැහැදිළිව ඒ ලෝහමය හයිඩ්රජන් බව තහවුරු වෙනවා. පීඩනය වැඩි වීමත් සමග ලෝහමය හයිඩ්රජන් ඇති වෙන ආකාරය ඔවුන්ගේ විද්‍යාත්මක ලිපියේ මේ විදිහට දැක්වුණා. තුන් වැනි රූපයේ මෙය දිලිසෙන හැටි බලන්න! නමුත් ඇත්තටම ඔවුන් මේ කියපු පීඩනය, උෂ්ණත්වය, ඝණත්වය ලබා දුන්නාද, දිලිසුණේ හයිඩ්රජන්මද කියන එක ගැන සමහරු සැක පළ කරලා තියෙනවා. ඔවුන් ලබාගත් පීඩනය ඇතුළු මිණුම් ප්‍රමාණය පිළිගන්න ප්‍රමාණවත් මදි කියලා සමහරු කියනවා. ඒ වගේම සමහරවිට දියමන්ති ඔපදමන්න පාවිච්චි කරන ඇලුමිනියම් අඩංගු සංඝටක අධි පීඩනයේදී දිලිසෙන්න පුළුවන් නිසා දිලිසුණේ හයිඩ්‍රජන්ද කියන එකත් පොඩි ප්‍රශ්නයක්. කොහොම නමුත් මේ දේ නම් පැහැදිලිවම කියන්න ඕනේ. ඔවුන් ප්‍රකාශයට පත් කරලා තියෙන මිණුම් නිවැරදි නම් අනිවාර්යයෙන්ම ලෝහමය හයිඩ්රජන් බිහි වෙලා තියෙන්න ඕනේ. මෙතන තියෙන්නේ පරීක්ෂණය හරියට සිදු වුණාද කියන එක ගැන ප්‍රශ්නයක් විතරයි. මේ පරීක්ෂණය තවත් විද්‍යාඥයන් කළාම හරියටම මේ ගැන තහවුරු කරන්න පුළුවන් වේවි. රංග ඩයස් මහතා සහ අයිසැක් සිල්වේරා මහතා මේ ගැන පළ කරපු විද්‍යාත්මක ලිපිය “Science” කියන විද්‍යාත්මක ජර්නලයේ පවා පළ කෙරුණා. ඔවුන්ගේ පරීක්ෂණය තහවුරු වුණොත් බොහෝ විට මේ අවුරුද්දේ නොබෙල් සම්මානයකුත් ඔවුන් දෙදෙනාට හිමි වේවි. ලෝහමය හයිඩ්රජන් වල වැදගත්කම ඉතින් මොකක්ද මේ ලෝහමය හයිඩ්රජන් වල මේතරම් තියෙන වැදගත්කම? සරලම දේ තමයි ඒකෙ තියෙන ශක්ති ධාරිතාව. ලෝහමය හයිඩ්රජන් හදන්න අති විශාල ශක්තියක් ලබා දුන්නත් එය නිර්මාණය වෙනවාත් එක්කම පීඩනය ඉවත් වුණත් බොහොම ස්ථායීව තියෙන්න හැකියාවක් තියෙනවා. මේක සරලව කිව්වොත් හරියට කාබන් කුට්ටියක් අධි පීඩනයකට ලක් කළාම දියමන්තියක් වෙන එකට සමානයි. පීඩනය ඉවත් කළත් දියමන්තිය ස්ථායීව පවතිනවා. ලෝහමය හයිඩ්රජන් වුණත් ඒ වගේ. හදන්න කොච්චර අමාරු වුණත් හැදුවාට පස්සේ කාමර උෂ්ණත්වයේ වුණත් තියාගන්න පුළුවන්. මේක බොහොම වැදගත් ගුණාංගයක්. ප්‍රධානම දේ තමයි කලිනුත් කිව්වා වගේ ශක්ති ධාරිතාව, නැතිනම් ග්‍රෑම් එකක තියෙන ශක්තිය. වෙන කිසිම රසානික ද්‍රව්‍යයක ග්‍රෑම් එකක් ප්‍රතික්‍රියා කරවීමෙන් මේ තරම් ශක්තියක් ලබා ගන්න බැහැ. ඉතින් රොකට් ඇතුළු ශක්ති ධාරිතාව වැදගත් වෙන හැම දේකටම ලෝහමය හයිඩ්රජන් ඉතාම සුදුසුයි. දැනට පාවිච්චි වෙන රොකට් වලට අවශ්‍ය හයිඩ්රජන් ද්‍රව තත්වයේ තියා ගන්න නම් සෙල්සියස් අංශක සෘණ 250˚ටත් (-250˚C) වඩා සිසිල් කරලා තියා ගන්න ඕනේ. නමුත් ලෝහමය හයිඩ්රජන් කාමර උෂ්ණත්වයේ වුණත් තියා ගන්න පුළුවන්. ඒ වගේම ඒ වගේ 4 ගුණයක විතර ශක්තියක් ලබා දෙන්න සමත්! ලෝහමය හයිඩ්රජන් නිසා අපිට වෙනත් ග්‍රහලෝක වලට කෙටි කාලයකින් යන එන එක ඉතා පහසු දෙයක් වේවි. අනිත් දේ තමයි ඕනෑම ලෝහයකට පොදු විද්‍යුත් සන්නායකතාව. විද්‍යුත් සන්නායකතාව වැඩිම පදාර්ථ වලට කියන්නේ සුපිරි සන්නායක නැතිනම් super conductors කියලයි. මේවායේ ප්‍රධාන ලක්ෂණය තමයි ප්‍රතිරෝධය ශුන්‍ය වෙන එක. ඒ නිසා මොන තරම් විශාල ධාරාවක් ගෙන ගියත් තාප හානියක් වෙන්නේ නැහැ. ඉතින් සුපිරි සන්නායක අනාගත ලෝකයට අත්‍යාවශ්‍යම දෙයක් බවට පත්වෙලා ඉවරයි. නමුත් මේ වෙන තුරු සුපිරි සන්නායක නිර්මාණය කරන්න නම් ඉතාම පහළ උෂ්ණත්වයකට සීතල කරන්න අවශ්‍ය වුණා. දැනට සුපිරි සන්නායක මට්ටමේ තියෙන ඉහළම උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 70˚ (-70˚C) ක් වගේ විතරයි. (මේ උෂ්ණත්වය පෘථිවියේ ස්වභාවිකව කිසිම තැනක නැති උෂ්ණත්වයක්) ඉතින් ඒවායේ ප්‍රයෝජනය බොහොම සීමිතවයි තියෙන්නේ. CAT, MRT ස්කෑන් යන්ත්‍ර සහ අති ප්‍රබල විද්‍යුත් චුම්භක වල වගේ බොහොම සීමිත දේවල් කිහිපයකට විතරයි සුපිරි සන්නායක පාවිච්චි කරන එක වාසිදායක වෙන්නේ. නමුත් ලෝහමය හයිඩ්රජන් කාමර උෂ්ණත්වයේ තියෙන සුපිරි සන්නායකයක් වෙන්න විශාල ඉඩක් තියෙනවා. ඒ වගේ ලෝහයකින් කරන්න පුළුවන් දේවල් වල සීමාවක් නැහැ. දැනට තියෙන ප්‍රබල පරිගණක වලට තියෙන ලොකුම හිසරදය සිසිල් කරන එකනේ. දැන් ගෙදර පරිගණක වල පවා ප්‍රොසෙසරය සහ ග්‍රැෆික් කාඩ් එක සිසිල් කරන්න ද්‍රව පාවිච්චි කරනවා. (liquid cooling) මීට වඩා ප්‍රබල චිප් හදන්න බැරි වෙන්න තාපය පාලනය කරන්න බැරි එක ලොකුම අභියෝගයක්. හැදුවාට වැඩක් නැහැ ක්‍රියාත්මක වෙනකොට උණු වෙලා යනවා. නමුත් කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායක වලින් කවදාවත් රත් වෙන්නේ නැති අධිවේගී පරිගණක චිප් හදන්න පුළුවන්. තාපය පිට නොවෙන නිසා දැන් තියෙනවා වගේ සිය දාස් වාරයක් ප්‍රබල චිප් හදන්න පුළුවන් කූලින් ෆෑන් නැතිවම. අනික් දේ තමයි විදුලි රැහැන් ඇතුළු විදුලිය ගෙනියන හැම වැඩක්ම මීට වඩා ඉතා අඩු නාස්තියකින් කරන්න පුළුවන් වෙන එක. සුපිරි සන්නායක වලින් පුළුවන් කිසිම ශක්තියක් වැය නොකර අහසේ පා වෙන සර්ෆ්බෝඩ් සහ යානා නිර්මාණය කරන්නත්. ලෝකයේ වැඩිම ආදායමක් උපයපු Avatar චිත්‍රපටියේදී පෘථිවි වාසීන් පැන්ඩෝරාවට යන්න එකම හේතුව එහි තියෙන මේ කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායකය. සුප්‍රසිද්ධ Avatar චිත්‍රපටිය බලලා තියෙනවා නම් කාමර උෂ්ණත්වයේ සුපිරි සන්නායක වල වැදගත් කම තවත් හොඳින් තේරුම් ගන්න පුළුවන්. ආලෝක වර්ෂ ගණනාවක් ඈත තියෙන පැන්ඩෝරා වල ඉඳලා පෘථිවියට ගෙන එන්න තරම් “අන්ඔබ්ටේනියම් (ගන්න බැරි මූලද්‍රව්‍යය) – Unobtanium” කියලා හඳුන්වන සුපිරි සන්නායකය වටිනවා. ඔවුන් එච්චර අපහසුවෙන් ගිහින් ඒවා අරගෙන එන්න ක්‍රමයක් හදාගෙන තියෙන්නේ ඒ නිසාමයි. ඉතින් ඒක පෘථිවියේදීම හදා ගන්න පුළුවන් වුණොත් මොන තරම් දෙයක්ද? සුපිරි සන්නායකයක කාමර උෂ්ණත්වයේ තියා ගන්න පුළුවන් වීම කියන්නේ මිනිසා මුල් වරට ගින්දර සොයා ගැනීම තරමටම සුවිශේෂී අවස්ථාවක් වෙන්න පුළුවන් කියන එක අතිශයෝක්තියක් නෙවෙයි! මේ හැම දෙයක්ම තහවුරු වුණොත් අපේ රටට ලොකු ගෞරවයක් ආචාර්ය රංග ඩයස් මහතා කියන්නේ පිටරටකින් ඇවිත් අපේ රටේ පදිංචි වුණු ශ්‍රී ලාංකිකයෙක් නෙවෙයි. එතුමා 2006 අවුරුද්දේ කොළඹ විශ්ව විද්‍යාලයෙන් B.Sc උපාධියක් ගත්තු නියම ශ්‍රී ලාංකිකයෙක්. වොෂින්ටන් ජාතික විශ්ව විද්‍යාලයෙන් තමයි ඔහු ආචාර්ය උපාධිය ලබා ගෙන තියෙන්නේ. මේ අති විශිෂ්ට පරීක්ෂණයේ සම කොටස් කරුවෙක් වන එතුමා ලෝහමය හයිඩ්රජන් සොයා ගත්තු බව තහවුරු වුණොත් අපේ රටට ඒක මොන තරම් කීර්තියක්ද? ඊටත් වඩා ඇත්තටම වැදගත් වෙන්නේ මේකෙන් අපි කාටත් ගන්න තියෙන පාඩම. ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට දියුණු රටවල් වල තියෙන පහසුකම් නැති වුණත් අපේ සමහරුන්ට ලෝකයේ ඉහළම බුද්ධිමතුන්ටත් වඩා ඥානයක් තියෙනවා. ඒ නිසා තමන්ගේ හැකියාවන් අවතක්සේරු කරගන්නේ නැතිව, තමන්ට අවස්ථාව නැහැ කියලා හිතන්නේ නැතිව ඉදිරියටම යන්න මේක හොඳ පිටුවහලක් කර ගන්න.[/SIZE] Source - [URL="http://reporter.lk/"]http://reporter.lk/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom