Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ශානි අබේසේකරට කොවිඩ්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් ඒක ඈත්තනේ බන්. ටාගට් එක වරදකරුවා හිරේ යවන එක තමා. මොකද දුමින්ද බබාද? අන්තිමට ඈපිල් එකෙනුත් ඔප්පු වෙලා මරණ දඩුවම ස්ථීර වෙච්ච කෙනෙක් නේ... ඕකා නිකන් හරි ජරාව කාලා හොදට හම්බ කරපු එකෙක් නම් කොහොම මේ වෙනකොට මිනිහාගේ දේපල මීඩියා වල යන හෑටි..අපි නොදන්න ආශික් ලන්තේ

ඒ දවස් වල මාස ගණන් බුද්ධි අන්ශ නිලදාරීන් හිරේ තියන් ඉන්න කොට අපි සී අයි ඩී එකට විරුද්ධව කෑ ගෑහුවා නේ. ඒ කාලේ සී අයි ඩී එකේ හිටපු අය තමා ශානී ලා. මට හිතෙන්නේ මේක ඒකෙම අනිත් පෑත්ත කියලා.. ඒ නිලධාරීන්ට ඒ කාලේ දේශපාලකයො ඈරියා වගේම දෑන් ශානිලට අරිනවා. කොහොම ගියත් තෑලෙන්නේ නිලධාරීන්. දේශපාලුවෝ බේරිලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම අපට දෙන ඉඟිය කුමක්ද? කිසිවක් නොව ඔහු විසින් වෙහෙස නොබලා දැඩි විමර්ශනයක යෙදී නඩු පවරා දඟගෙයි ලු අපරාධකරුවන් සියල්ලම නිදහස් විය හැකිය යන්නය.

මේ එහි ආරම්භයයි. ශානි අබේසේකරව අත්අඩංගුවට ගත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේදී සොයාගත් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් සාක්ෂි සැඟවීමේ චෝදනාව එල්ල කරමිනි.

මෙකී සිද්ධිය සම්බන්ධයෙන්ම පොලිස් අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන ඇති සුගත් මෝහන මෙනඩිස් නමැති නිලධාරියා ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු එවකට ශානි අබේසේකර යටතේ සැරයන්වරයෙකු ලෙස සේවය කළ නිලධාරියෙකි.

මාධ්‍යවල ප්‍රකාශයට පත්වෙන පරිදි මෙම නිලධාරියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහේස්ත්රාත්වරයාට රහස්‍ය ප්‍රකාශයක් කර තිබේ. එහි දී ඔහු පවසා ඇත්තේ ශානි අබේසේකරව මෙකී සිද්ධියට පටලවා ගැනීමට අවශ්‍ය විදියට සාක්ෂි දෙන ලෙස තමන්ට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු බලපෑම් කළ බවය. එයින් පෙනෙන්නේ පොලිසියේ අවශ්‍යතාවය ශානි අබේසේකර කෙසේ හෝ කොටුකර ගැනීම බවය. පොලිසිය මෙහිදී බළල් අතක් වන බැවින් ඒ අවශ්‍යතාවය තිබෙන්නේ කා හට ද යන්න පැහැදිලිය.

ශානි අබේසේකරව කොටුකර ගැනීම තුළ ඔහුගේ විමර්ශනයන් යටතේ තොරතුරු ගවේෂණය කර අධිකරණයේ නඩු පවරා මේ වන විට සිර දඬුවම් විඳින අපරාධකරුවන් රැසක් නිදහස් වීමේ ඉඩකඩක් ද පවතී. ඒ අතරින් කොල්ලුපිටියේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධියේ ප්‍රධාන චුදිතයා වී දැනට මරණ දඬුවම හිමිව සිරබත් කන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන එක් අයෙකි. අනෙක් විශේෂ පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන දුමින්ද සිල්වා ය. ඔහු සිරදඬුවම් විඳින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙනි.

මෙයට අමතරව තවමත් අධිකරණ කටයුතු පවතින සුවිශේෂී නඩු කීපයක්ද වේ.

2008, 2009 වර්ෂවලදී නාවුක හමුදාවේ නිලධාරින් පිරිසක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හිදී එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව මින් ප්‍රධානය. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැැහරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව මේ වනවිටත් අධිකරණයේ විභාග වෙමින් පවතී.

මේ සිද්ධීන් අරභයා චෝදනා ලබන්නන් සහ ඒවා පිටුපස සිටියේය පවසන්නේ ද සුළු පටු පිරිස් නොවේ. ඔවුන් එතරම් බලගතු පුද්ගලයින්ය.

මේ වනවිට සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ප්‍රසන්න ද අල්විස් පවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සාක්ෂි සැඟවීමේ චෝදනාව එල්ල වුවෙකි. මෙය නම් අමුතු රටකි. ඒ වෙන කිසිවක් නිසා නොව අපරාධ කළවුන් සොයා ඔවුන්ට අධිකරණයට ගෙනවුත් දඬුවම් කළ ශානි අබේසේකරව අත්අඩංගුවට පත්වෙන අතරේ අපරාධ චෝදනා ලද අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්කරන්නට රටේ පාලකයින් පෙලඹෙන නිසාය. අවම වශයෙන් එවැනි චෝදනාවක් ලත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසට පත්කිරීම රට පමණක් නොව ලෝකයද හිනැස්සවීමකි.

ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව සිටියදී ඔහු යටතේ සේවය කළ එවකට සැරයන්වරයෙකු වූ සුගත් මෝහන මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අභියස දී කළ ප්‍රකාශයෙන් තමන්ට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු බලපෑම් කළ බව පැවසීම ඉතා නිර්භය ක්‍රියාවකි.

මේ ආණ්ඩුවෙන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලිමට පත් කරන ලද කොමිසමේදී එයට සහභාගි වූවන් කොතෙකුත් කියන්නේ තමන්ට මෙසේ කියැන්නැයි පොලිසියෙන් බලපෑම් කළ බවය. එහි දි වඩාත්ම කියවුණේ තමන්ව මෙහෙය වූයේ ගෝඨාභය බව කියන්නට බලපෑම් කළ බවය. හැබැයි මේ කිසිවෙකුත් අධිකරණයේ දී තමන්ට ඒ බව කියන්නට අවසර ඉල්ලු බවක් නම් අපට සිහිපත් නොවේ.

අපට හැඟෙන ආකාරයට නම් ශානි අබේසේකරව බිල්ලට ගැනීමේ යටිපෙළ අපරාධකරුවන් රැසකට දණ්ඩ මුක්තිය හිමිවීමේ දොරටු විවර වෙමින් පවතින බවය.

එදා රාජපක්ෂ පාලන සමයේ දී රාජපක්ෂවරුන්ගේ හිතවතුන් සහ පාක්ෂිකයින් විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් සිටියේ වගේ වගක් නැතිවය. සැබවින්ම ඒවා අපරාධ ගණයට වැටෙතැයි යන්න ගැනවත් ඔවුනට වගේ වගක් නොවීය.

මේ ක්‍රියාදාමය තුළ අප ඉදිරියේ කැඳවන් යන්නේ අපරාධ විනිර්මුක්ත රාජ්‍යයකට නොවන බව කිසිවෙකුත් හිතුවහොත් එහි කිසිදු වරදක් අප දකින්නේ නැත.

[QUOTE="malakadss, post: 25900339, member: 179884"] [SIZE=5]ඉතින් ඒක ඈත්තනේ බන්. ටාගට් එක වරදකරුවා හිරේ යවන එක තමා. මොකද දුමින්ද බබාද? අන්තිමට ඈපිල් එකෙනුත් ඔප්පු වෙලා මරණ දඩුවම ස්ථීර වෙච්ච කෙනෙක් නේ... ඕකා නිකන් හරි ජරාව කාලා හොදට හම්බ කරපු එකෙක් නම් කොහොම මේ වෙනකොට මිනිහාගේ දේපල මීඩියා වල යන හෑටි..අපි නොදන්න ආශික් ලන්තේ ඒ දවස් වල මාස ගණන් බුද්ධි අන්ශ නිලදාරීන් හිරේ තියන් ඉන්න කොට අපි සී අයි ඩී එකට විරුද්ධව කෑ ගෑහුවා නේ. ඒ කාලේ සී අයි ඩී එකේ හිටපු අය තමා ශානී ලා. මට හිතෙන්නේ මේක ඒකෙම අනිත් පෑත්ත කියලා.. ඒ නිලධාරීන්ට ඒ කාලේ දේශපාලකයො ඈරියා වගේම දෑන් ශානිලට අරිනවා. කොහොම ගියත් තෑලෙන්නේ නිලධාරීන්. දේශපාලුවෝ බේරිලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගැනීම අපට දෙන ඉඟිය කුමක්ද? කිසිවක් නොව ඔහු විසින් වෙහෙස නොබලා දැඩි විමර්ශනයක යෙදී නඩු පවරා දඟගෙයි ලු අපරාධකරුවන් සියල්ලම නිදහස් විය හැකිය යන්නය. මේ එහි ආරම්භයයි. ශානි අබේසේකරව අත්අඩංගුවට ගත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේදී සොයාගත් ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් සම්බන්ධයෙන් සාක්ෂි සැඟවීමේ චෝදනාව එල්ල කරමිනි. මෙකී සිද්ධිය සම්බන්ධයෙන්ම පොලිස් අපරාධ කොට්ඨාසයෙන් අත්අඩංගුවට ගෙන ඇති සුගත් මෝහන මෙනඩිස් නමැති නිලධාරියා ද රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඔහු එවකට ශානි අබේසේකර යටතේ සැරයන්වරයෙකු ලෙස සේවය කළ නිලධාරියෙකි. මාධ්‍යවල ප්‍රකාශයට පත්වෙන පරිදි මෙම නිලධාරියා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ දී මහේස්ත්රාත්වරයාට රහස්‍ය ප්‍රකාශයක් කර තිබේ. එහි දී ඔහු පවසා ඇත්තේ ශානි අබේසේකරව මෙකී සිද්ධියට පටලවා ගැනීමට අවශ්‍ය විදියට සාක්ෂි දෙන ලෙස තමන්ට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු බලපෑම් කළ බවය. එයින් පෙනෙන්නේ පොලිසියේ අවශ්‍යතාවය ශානි අබේසේකර කෙසේ හෝ කොටුකර ගැනීම බවය. පොලිසිය මෙහිදී බළල් අතක් වන බැවින් ඒ අවශ්‍යතාවය තිබෙන්නේ කා හට ද යන්න පැහැදිලිය. ශානි අබේසේකරව කොටුකර ගැනීම තුළ ඔහුගේ විමර්ශනයන් යටතේ තොරතුරු ගවේෂණය කර අධිකරණයේ නඩු පවරා මේ වන විට සිර දඬුවම් විඳින අපරාධකරුවන් රැසක් නිදහස් වීමේ ඉඩකඩක් ද පවතී. ඒ අතරින් කොල්ලුපිටියේ වෙළෙඳ ව්‍යාපාරිකයෙකු පැහැරගෙන ගොස් මරාදැමීමේ සිද්ධියේ ප්‍රධාන චුදිතයා වී දැනට මරණ දඬුවම හිමිව සිරබත් කන හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන එක් අයෙකි. අනෙක් විශේෂ පුද්ගලයා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන දුමින්ද සිල්වා ය. ඔහු සිරදඬුවම් විඳින්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙනි. මෙයට අමතරව තවමත් අධිකරණ කටයුතු පවතින සුවිශේෂී නඩු කීපයක්ද වේ. 2008, 2009 වර්ෂවලදී නාවුක හමුදාවේ නිලධාරින් පිරිසක් කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්හිදී එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව මින් ප්‍රධානය. රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්ධිය, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැැහරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධ නඩුව මේ වනවිටත් අධිකරණයේ විභාග වෙමින් පවතී. මේ සිද්ධීන් අරභයා චෝදනා ලබන්නන් සහ ඒවා පිටුපස සිටියේය පවසන්නේ ද සුළු පටු පිරිස් නොවේ. ඔවුන් එතරම් බලගතු පුද්ගලයින්ය. මේ වනවිට සිටින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ප්‍රසන්න ද අල්විස් පවා ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ සාක්ෂි සැඟවීමේ චෝදනාව එල්ල වුවෙකි. මෙය නම් අමුතු රටකි. ඒ වෙන කිසිවක් නිසා නොව අපරාධ කළවුන් සොයා ඔවුන්ට අධිකරණයට ගෙනවුත් දඬුවම් කළ ශානි අබේසේකරව අත්අඩංගුවට පත්වෙන අතරේ අපරාධ චෝදනා ලද අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස පත්කරන්නට රටේ පාලකයින් පෙලඹෙන නිසාය. අවම වශයෙන් එවැනි චෝදනාවක් ලත් අයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙසට පත්කිරීම රට පමණක් නොව ලෝකයද හිනැස්සවීමකි. ශානි අබේසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාව සිටියදී ඔහු යටතේ සේවය කළ එවකට සැරයන්වරයෙකු වූ සුගත් මෝහන මෙන්ඩිස් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අභියස දී කළ ප්‍රකාශයෙන් තමන්ට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු බලපෑම් කළ බව පැවසීම ඉතා නිර්භය ක්‍රියාවකි. මේ ආණ්ඩුවෙන් දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලිමට පත් කරන ලද කොමිසමේදී එයට සහභාගි වූවන් කොතෙකුත් කියන්නේ තමන්ට මෙසේ කියැන්නැයි පොලිසියෙන් බලපෑම් කළ බවය. එහි දි වඩාත්ම කියවුණේ තමන්ව මෙහෙය වූයේ ගෝඨාභය බව කියන්නට බලපෑම් කළ බවය. හැබැයි මේ කිසිවෙකුත් අධිකරණයේ දී තමන්ට ඒ බව කියන්නට අවසර ඉල්ලු බවක් නම් අපට සිහිපත් නොවේ. අපට හැඟෙන ආකාරයට නම් ශානි අබේසේකරව බිල්ලට ගැනීමේ යටිපෙළ අපරාධකරුවන් රැසකට දණ්ඩ මුක්තිය හිමිවීමේ දොරටු විවර වෙමින් පවතින බවය. එදා රාජපක්ෂ පාලන සමයේ දී රාජපක්ෂවරුන්ගේ හිතවතුන් සහ පාක්ෂිකයින් විසින් සිදුකරන ලද අපරාධ සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් සිටියේ වගේ වගක් නැතිවය. සැබවින්ම ඒවා අපරාධ ගණයට වැටෙතැයි යන්න ගැනවත් ඔවුනට වගේ වගක් නොවීය. මේ ක්‍රියාදාමය තුළ අප ඉදිරියේ කැඳවන් යන්නේ අපරාධ විනිර්මුක්ත රාජ්‍යයකට නොවන බව කිසිවෙකුත් හිතුවහොත් එහි කිසිදු වරදක් අප දකින්නේ නැත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom