Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශීල, සමාධි, ප්‍රඥා යනු නිවීම උදෙසා ඔබ යා යුතු මාර්ගයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශීල, සමාධි, ප්‍රඥා යනු නිවීම උදෙසා ඔබ යා යුතු මාර්ගයයි. මින් තොර ඔබට නිවීම උදෙසා මාර්ගයක් නොමැත. මේ නිවීම උදෙසා මාර්ගය මිස, ඵලයක් නම් නොවේ. මේ මාර්ගයේ ඔබ ගමන්කොට ඵල අවබෝධ කරගත යුතුය. එසේ නොවුණහොත් ඔබ තවත් සංචාරකයෙක් පමණක් වනු ඇත.

දිව්‍ය, මනුෂ්‍ය, සතර අපායද ඔබේ සංචාරයේ නවාතැන් වනු ඇත. අතීතයෙ වැඩසිටි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන දස දහස් ගණනකදී අප සංචාරකයන් සේ මේ ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීම පමණක් කළ නිසා වර්තමානයේදීද මනුෂ්‍ය ලෝකය නමැති නවාතැන්පළේ තාවකාලික නැවතුමක් සකසාගෙන ඇත. ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය වඩමින් එහි ඵලයක් අවබෝධ කරගැනීමට උත්සුක නොවීම තවමත් ලෝකය තුළ, දුක තුළ සංචාරය කිරීමට හේතුවයි.

මෙසේ මාර්ගයේ ගමන් කළද ඵලයක් අවබෝධ කරගැනීමට අපට නොහැකි වී ඇත්තේ අනුන්ගේ වරදින් නොව අපගේ වරදිනි. දිනපතා ශීලයන් සමාදන්ව ජීවත්වන, මසකට වරක් අධිශීලයන් හී පිහිටා ජීවත්වන ලක්ෂ ගණනින් යුත් බෞද්ධ ජනතාව තමන් ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කරමින් මේ සංසාර භව ගමනින් එතෙරවීමට අප්‍රමාණ කැපවීම් කළ ද එහි ප්‍රතිඵල සාර්ථක බවක් නොපෙනේ.

කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් තොරව ධර්ම මාර්ගය වඩන සමහරු 'මගේ ශීලය, මගේ සමාධිය', යෑයි දෘෂ්ටිගත වේ. තවත් සමහරු 'මා තුළ ශීලය සමාධිය ඇතැයි දෘෂ්ටිගත වේ. ශීලය, සමාධිය වැඩීම, ආරක්ෂාකර ගැනීම නිසා ලැබෙන ආනිශංස හේතුවෙන් ලෝකයාගෙන් තමනට ලාභසත්කාර, වැඳුම් - පිදුම්, සිව්පසය ලැබෙන විට ඒවාට ඇලීම හේතුවෙන් මුළාවට පත්වේ. මාන්නයෙන් අගතියට යයි. තමා තුළ ඇති ශීලය නිසා, සමාධිය නිසා ලෝකයා, දායකයා, බිරිඳ, ස්වාමියා, ඥාතියා තමන්ට ගරුකළ යුතුය, වන්දනා කළ යුතුයෑයි සිතයි. ශීලයද, සමාධියද වැඩිය යුත්තේ අල්ලා ගැනීමට, මගේ කරගැනීමට නොව අත්දකිමින්, අවබෝධය ලබමින් අතහැරීමටය. දෘෂ්ටිගත වීම යනු අල්ලා ගැනීමකි.

නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ලෝකය තුළ අල්ලා ගැනීමට කිසිවක් නොමැති බව ධර්ම මාර්ගය වඩන්නා තේරුම්ගත යුතුය. සංසාරයක් පුරාවට ශීලය උදෙසා මේ කය වැසූ සුදුරෙදි ප්‍රමාණය සේම සමාධිය උදෙසා යටපත් කරගත් සිතුවිලි ප්‍රමාණය මෙතෙකැයි කියා ගණනකින් කිව නොහැක්කකි. එවන් අතීතයක් පසු කළ අපි මේ වටිනා ජීවිතයේදී ද තවත් සිල්රෙදි ප්‍රමාණයක්, යටපත් කරගත් සිතිවිලි ප්‍රමාණයක් අතීතයට එකතුකොට ඒවායේ ආනුභාවයෙන් තවත් උපතක් කරා ගියහොත් අවාසනාවකි.

ඔබේ බලාපොරොත්තුව නැවතත් දිව්‍ය මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් උපතක් නම් එවැනි ආශ්චර්යමත් උපතක් ලැබ, මනුෂ්‍ය - දිව්‍ය ලෝකයකදී සද්ධර්මය අසා නිවන් අවබෝධ කරගැනීම නම් මේ ආශ්චර්යමත් සිතිවිල්ල මාරයා විසින් ඔබට එළනු ලබන රනින් රිදියෙන් ගෙත්තම් කළ පාවඩයක්ම විය යුතුය. මේවාට ඔබ වශීවනු ඇත. ජීවමාන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටියද, හැම පන්සලකම, ආරණ්‍යයකම, ගෙදරකම, හැම හදවතකම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ශෝභාමත් වූ බුදුරුව නෙත ගැටෙද්දී, ධර්ම රත්නය නිරතුරුවම ශ්‍රවණය කිරීමට ලැබෙද්දී, මහා සංඝරත්නය ජීවමානව වැඩ සිටින විටදී, අප ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කර හුදු සංචාරකයෙක් පමණක් නොවී, එහි ඵලයන් අවබෝධ කරගැනීමට හැකිවුව හොත් එය අපගේ භාග්‍යයකි. එසේ නොවී, සම්මා සම්බුද්ධ ශාසනයත්, සද්ධර්ම ශ්‍රවණයත්, උත්තරීතර මනුෂ්‍ය ජීවිතයත්, කල්‍යාණමිත්‍ර සේවනයත් ලද මේ ආශ්චර්යමත් අවස්ථාවට වඩා අවස්ථාවක් තවත් උපතකදී බලාපොරොත්තු වීම, අපේක්ෂා සහගතවීම යනු දුකේ සිටිමින් තවත් දුකක්ම පැතීම විනා දුකින් එතෙරවීම නොවේ. සම්මා සම්බුද්ධ ශාසනයත්, එහි සැබෑ ප්‍රතිපදාවනුත් මොනතරම් වේගයකින් විකෘතිභාවයට පත්වෙමින් පවතිනවාද යන්න අපට පෙනෙන කරුණකි.

ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයකු නම් ශීල, සමාධි ප්‍රඥා මාර්ගයේ කොතැනක හෝ ඔබ සිටිනවා යෑයි ඔබ අනුමාන කර ඇත. මෙය මෙම මාර්ගය වැඩීමේදී ඔබට ඇතිවන ශක්තියකි. නිවීමේ මාර්ගයේදී ඔබට හමුවන ශීලය, සමාධිය යන මංසන්ධි දෙක ඔබව නිරතුරුවම මුළාවට පත්කරවන මංසන්ධි දෙකකි. මේ මුළාවෙන් ඔබට ගැලවිය හැක්කේ ශීලය, සමාධිය වැඩීමේදී ඒවායේ අනිත්‍යභාවයද, ශිල, සමාධිය වැඩීම තුළින් බලාපොරොත්තුවන්නේ ප්‍රඥාව වඩවා ගනිමින් දුක් දෙන සසරින් එතෙරවීම සඳහා බව නිරතුරුවම සිහිකිරීමෙනි. ශීලයද, සමාධියද නිත්‍ය භාවයෙන් අල්ලා ගන්නාතාක් ඔබට ප්‍රඥාව නොවැඩේ. මන්ද ඔබ ශීලය තුළද, සමාධිය තුළද නිත්‍යභාවයක් දකිමින්ද, එහි ආශ්වාදය සැපයක් කොට දකිමින්ද අල්ලාගෙන සිටින හෙයිනි. ශීලයක හික්මීමෙන් බලාපොරොත්තුවන්නේ ඒ තුළින් සතිය සහ සිහිය දියුණු කරගනිමින් සතිය සහ සිහිය තුළින් චිත්ත සමාධිය ඇතිකර ගැනීමය.

චිත්ත සමාධිය ඇතිකරගත් පසුව ඔබ කළ යුත්තේ තමන් පසුවන්නේ පළවැනි ධ්‍යානයේද, දෙවැනි, තෙවැනි, චතුර්ථක් ධ්‍යානයේද යන්න සෙවීම නොවේ. සෙවීමට උත්aසහ ගැනීම නොවේ. එසේ සොයන්නට ගියොත් ඔබ සොයන්නේ අස්ථිර, අනිත්‍ය දෙයකි. ධ්‍යානයද නිරතුරුවම වෙනස්වන දෙයකි. වෙනස්වීම නිසා දුක ඇතිකරවන දෙයකි. මේ හේතුවෙන් මානසික ලෙඩුන් බවට පත්කරන දෙයකි. ස්ථිරභාවයේ නොපවතින දෙයක් තවදුරටත් අප සෙවීමට ගියොත්, සොයමින් සිටියොත් මේ සම්බුද්ධ ශාසනය තුළදීද අපට ධර්මය දැකීමේ මාර්ගය මගහැරී යනුඇත. සතර අපායෙන් මිදීමේ මඟ අපට අතහැරී යනු ඇත. අතීත සම්බුද්ධ ශාසනවලද කරන ලද දෙයම වර්තමානයේදී කළ අවාසනාවන්තයෙක්ම වනු ඇත.

ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය වැඩීමේදී ශීලය නැමැති තුන්මං සන්ධියේදී සමාධිය දෙසට යන කෙළින් පාරද, දිව්‍ය, මනුෂ්‍ය ලෝක සැප දෙන දකුණට හැරෙන පාරද, සතර අපායට වැටෙන වමට හැරෙන පාරද ඔබට මුණගැසෙනු ඇත. ඔබ මෙහිදී දක්ෂ විය යුතුය, සමාධිය දෙසට යන කෙළින් පාරේ ඔබේ ගමනාන්තයට යැමට ඔබ අදක්ෂ වුවහොත්, සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්ගේ උපදෙස් ඔබට අහිමිවුවහොත් ශීලය නිසා සතිය සිහිය දියුණුකරගැනීම වෙනුවට තමා රකින ශීලය නිසා ඇලීම, ගැටීම ඇතිකරගතහොත් ඔබ නියත වශයෙන්ම ශීල මංසන්ධියේදී සමාධිය දෙසට ඇති කෙළින් පාරේ නොයා දකුණට හෝ වමට හැරෙනු ඇත. ඔබ දක්ෂ ලෙස ශීල මංසන්ධියේදී නිවැරැදි මග තෝරාගෙන සමාධිය දෙසට ඇති කෙළින් පාරේ ඉදිරියට ගියහොත් ඔබට සමාධි මංසන්ධියද මුණගැසෙනු ඇත.

එහිද තුන්මං සන්ධියකි. සමාධි මංසන්ධියෙන් කෙළින් පාර ප්‍රඥාව දෙසට, එනම් ගමනාන්තයට යන පාරය. දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම සැප දෙන දකුණට ඇති පාරද, සතර අපායට යන වමට හැරෙන පාරද ඇත. මෙහිදීද ඔබ ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාරේ ගමන් කිරීමට දක්ෂ විය යුතුය. මා තුළ සමාධිය ඇතැයිද, සමාධිය තුළ මා ඇතැයිද සමාධිය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, සමාධිය නිසා ඇලීම සහ ගැටීම නිසා ගමනාන්තයට යැම පසෙක තබා ඔබ දකුණට හෝ වමට හැරෙනු ඇත. සමාධිය තුළ ඇති සංසිඳීම, උපේක්ෂාසහගත බව නිසා මුළාවට පත්වන්නන් අපමණය.

තමා රකින ශීලය සහ සමාධිය නිසා තමා තුළ ලෝක ස්වභාවයන්ට ඇති ඇල්ම සහ ගැටීම සේම උපේක්ෂාව තුළද ඇත්තේ අනිත්‍ය පිළිබදව ශුන්‍ය දැනීමකි. මෙහිදී ඔබ රකින ශීලය, සමාධිය නිසා ඔබ තුළ වැඩෙන්නේ කෙලෙස් ගොඩකි. මමත්වයේ අස්වැන්නකි. තමා අනුනට වඩා සිල්වතෙක්ය, තමාගේ ශීලය සමාධිය ඉහළය, පිරිසිදුය යන මාන්නය, ඉහත ඇල්ම සහ ගැටීමට හේතුවයි. ඒ මෙන්ම අවංක නොවන ඕනෑම කෙනකුට දැනුවත්ව හෝ නොදැනුවත්ව සැඟවීසිටිය හැකි තැනකි ශීලය සහ සමාධිය. මේවා තමන් විසින් තමන් රවටවාගැනීමේ ධර්මතාවයන්ය. ඔබ සැබෑ ලෙස ශීලය තුළ, සමාධිය තුළ හික්මුණ කෙනකු නම් ඔබ තුළින් මාන්නය, ලෝක ධර්මයන්ට ගැටෙන ස්වභාවය අවම විය යුතුය. ඔබ ගැන ඔබට ස්වයං පරීක්ෂණයක් කිරීමෙන් ඔබගේ ශීලයේ සමාධියේ ස්වභාවය ඔබටම හඳුනාගත හැකිය. ඔබ ස්වයං පරීක්ෂණයක් කර ඔබගේ ස්වභාවය යම් මොහොතක අවබෝධ කරගත්තද ඒ මොහොතේ ඔබ ලද නිගමනය ඊළඟ මොහොතේ ධන හෝ සෘණ භාවයට පත්වනු ඇත. මන්ද ශීලය හෝ සමාධියේ ස්වභාවය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන නිසාය. එහෙයින් තමා මෙතැන සිටිනවා යෑයි ස්ථිර නිගමනයකට පැමිණීමට කිසිවෙක්ට නොහැකිය. මන්ද, ස්ථිරභාවයේ පවතින දෙයක් ලෝකය තුළ නොමැති නිසාය.

ඔබ තුළ ඇති ලෝක ධර්මයන්ට ඇලීමේ ගැටීමේ ස්වභාවය සඟවාතැබීමට සමාධියට ඇත්තේ පුදුමාකර හැකියාවකි. මාර්ගඵල උන්මාදය ඇතිකරන ප්‍රධාන සතුරා සමාධියයි. සමාධිය වැඩීම නිසා ඇතිවන සංහිඳියාව නිසා, 'තමා අනාගාමීය, අරිහත්ය', යන මුළාවට පත්වූ පිංවත් චරිත අප්‍රමාණය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා නොකරන පිංවත් චරිත අපමණය. තමා හැමෝටම වඩා ශ්‍රේෂ්ඨය යන මනෝභාවය තුළ හැසිරෙන චරිත අපමණය. මේ සමාධියේ ගොදුරුය. ඉතාමත්ම පහසුවෙන් සමාධියේද අනිත්‍යභාවය වඩමින්, දකිමින් ප්‍රඥාව දෙසට යැමට ඔවුනට හැකිවුවද සමාධි සැපයට ඇලීම නිසා එහි නිත්‍යභාවයක් දැකීම නිසා ඔවුහු අතරමග නතරවෙති.

සමහර පිංවත් භික්ෂූන් වහන්සේලා දෑස් අඩවන්කොටගෙන සංසුන් ඉරියව්වෙන් දානශාලාවේ දානය වළඳති. දානශාලාවේ සාමණේර හිමිනමකගෙන් කුඩා වරදක් වුවද ප්‍රතිචාරය කේන්ති යැමය. මේවා සමාධිය තුළ සැඟවී ඇති මාරයෝය. අප පිළිබඳ අපි ස්වයංපරීක්ෂණ නොකිරීමේ ප්රතිඵලයි. ඔබ සම්පූර්ණ කළ, ශීලයත් සමාධියත් අනිත්‍යබව දකිමින් නොවැඩීමේ ප්රතිඵලයයි. ලෝක ධර්මයන්ගේ අනිත්‍යභාවය නොදැනීමේ ප්රතිඵලයයි. මෙවැනි පිංවතුන් සමාධි මංසන්ධියේ සිට ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාර මඟහැර මංමුළාවීම ඒකාන්තය. තමා කෙරෙහි තමා නිහතමානී නොවීම මීට හේතුවයි. අනුන්ගේ වරද දකින ඔබ, ඊට ප්‍රතිචාර දක්වන ඔබ, ඔබ තුළ ඇති වරද නොදැකීම මෙයට හේතුවයි. එසේ ඔබතුළ ඇති වරද ඔබ නොදකින්නේ ඔබ තුළ ඇති මාන්නය නිසාය. මෙය සැගවී තිබුණේ සමාධිය තුළය.

නිරතුරුවම ඔබ කැමතිම අකමැතිම ස්වභාවයන් සොයා ගොස් ඒවාට මුහුණදෙන්න. අත්දකින්න. අත්විඳින්න. ඒවාට ඇලෙන්න ගැටෙන්න නොයන්න. මෙසේ ක්රියාත්මකවෙමින් ඔබේ ශීලයත් සමාධියත් නිරතුරුවම ස්වයං පරීක්ෂණයට ලක්කරන්න. එවිට ඔබට පහසුවෙන් ප්‍රඥාවේ මගට අවතීර්ණ වෙන්න පුළුවන්.

ශීලය සහ සමාධිය ඔබ විසින් ආරක්ෂා කරගතයුතු, වැඩිය යුතු දෙයකි. ශීලය ආරක්ෂාකරගත් තරමට ඔබ සිල්වත් වේ. සමාධිය වැඩූ තරමට ඔබගේ චිත්ත සමාධිය දියුණුවේ. එහෙත් ඔබ සමාධි මංසන්ධියෙන් ප්‍රඥාව දෙසට ගමන් කිරීමේදී ඔබ කළ යුත්තේ ආරක්ෂා කිරීම හෝ වැඩීම නොවේ. අතහැරීමය. ශීලය ආරක්ෂා කිරීම සහ සමාධිය වැඩීම නිසා ඔබ ඇතිකරගත් චිත්ත ඒකාග්‍රතාව ප්‍රයෝජනයට ගෙන සිතේ ස්වභාවය දැකීමය. පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකීමය. ඇති වෙමින් නැතිවෙමින් ගලාගෙන යන සිතේ ස්වභාවය දැකීමය. දකිමින් තමාට අයත් නැති ආගන්තුක සිත් අතහැරීමය. ශීල සමාධි මාර්ගය වඩන විට ඔබ කළේ ශීලය ආරක්ෂා කිරීමය, සමාධිය වැඩීමය. ඒ තුළින් චිත්ත සමාධිය ඇති කරගැනීමය.

මෙසේ මංමුලාවීම් වලින් තොරව සුවසේ සමාධි මංසන්ධිය පසුකොට ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාරට අවතීර්ණ වීමට ඔබ දක්ෂ වුවහොත් ඉන් ඔබ්බට ඔබට ආරක්ෂා කිරීමට හෝ වැඩීමට දෙයක් නොමැත. ඔබ කළ යුත්තේ සමාධිමත් සිතින් සිත දෙස බැලීමය. සිත දෙස බලමින් ඔබට ආගන්තුක, ඔබගේ වසඟයේ නොපවතින, නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ඔබගේ අක්‍රීය කය ක්‍රියාත්මකභාවයට පත්කරවන සිතේ ස්වභාවය දැකීමය. දකිමින් ඔබට අයිති නොමැති සිත අතහැරීමය. සිතක් අත්හැරෙන මොහොතක් පාසා ඔබට කයේ වචනයේ ක්රියාත්මභාකවය අතහැරෙනු ඇත. අතහැරෙන සෑම සිතක් පාසාම ඔබට අතහැරෙන්නේ දුකයි. ජාති, ජරා, ව්‍යාධි මරණ ඇතිකරන ලෝකයයි. නිරතුරුවම ඔබ තුළින් ඔබව ස්වයං පරීක්ෂණයකට ලක් කරන්න. 'මම' කියන චරිතය හැම මොහොතකම පරාජය කර දමන්න. 'මගේ ශීලය, මගේ සමාධිය, මගේ ප්‍රතිපදාව, මගේ ශ්‍රද්ධාව'...... මේවායින් ඔබ හිස්වන්න. මම ගැන අඩුවෙන් කථාකරන්න. මගේ හැකියාවන් ගැන අඩුවෙන් කථාකරන්න. ඇති වෙමින් නැතිවෙන සිතක් සකස් නොවුවහොත් මේ කය 'මම' මළකඳක් බව සිතන්න. අනිත්‍ය සංඥාවම වඩන්න. අනිත්‍යයට අයිති ලෝක ධර්මයන්ට නොඇලී, නොගැටී ප්‍රඥාව දෙසට ගමන් කිරීමට ඔබ දිරිමත්වන්න.

[QUOTE="asliyanage, post: 29099435, member: 8764"] ශීල, සමාධි, ප්‍රඥා යනු නිවීම උදෙසා ඔබ යා යුතු මාර්ගයයි. මින් තොර ඔබට නිවීම උදෙසා මාර්ගයක් නොමැත. මේ නිවීම උදෙසා මාර්ගය මිස, ඵලයක් නම් නොවේ. මේ මාර්ගයේ ඔබ ගමන්කොට ඵල අවබෝධ කරගත යුතුය. එසේ නොවුණහොත් ඔබ තවත් සංචාරකයෙක් පමණක් වනු ඇත. දිව්‍ය, මනුෂ්‍ය, සතර අපායද ඔබේ සංචාරයේ නවාතැන් වනු ඇත. අතීතයෙ වැඩසිටි බුදුරජාණන් වහන්සේලාගේ ශාසන දස දහස් ගණනකදී අප සංචාරකයන් සේ මේ ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කිරීම පමණක් කළ නිසා වර්තමානයේදීද මනුෂ්‍ය ලෝකය නමැති නවාතැන්පළේ තාවකාලික නැවතුමක් සකසාගෙන ඇත. ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය වඩමින් එහි ඵලයක් අවබෝධ කරගැනීමට උත්සුක නොවීම තවමත් ලෝකය තුළ, දුක තුළ සංචාරය කිරීමට හේතුවයි. මෙසේ මාර්ගයේ ගමන් කළද ඵලයක් අවබෝධ කරගැනීමට අපට නොහැකි වී ඇත්තේ අනුන්ගේ වරදින් නොව අපගේ වරදිනි. දිනපතා ශීලයන් සමාදන්ව ජීවත්වන, මසකට වරක් අධිශීලයන් හී පිහිටා ජීවත්වන ලක්ෂ ගණනින් යුත් බෞද්ධ ජනතාව තමන් ශීල, සමාධි, ප්‍රඥා මාර්ගයේ ගමන් කරමින් මේ සංසාර භව ගමනින් එතෙරවීමට අප්‍රමාණ කැපවීම් කළ ද එහි ප්‍රතිඵල සාර්ථක බවක් නොපෙනේ. කල්‍යාණ මිත්‍ර ආශ්රයෙන් තොරව ධර්ම මාර්ගය වඩන සමහරු 'මගේ ශීලය, මගේ සමාධිය', යෑයි දෘෂ්ටිගත වේ. තවත් සමහරු 'මා තුළ ශීලය සමාධිය ඇතැයි දෘෂ්ටිගත වේ. ශීලය, සමාධිය වැඩීම, ආරක්ෂාකර ගැනීම නිසා ලැබෙන ආනිශංස හේතුවෙන් ලෝකයාගෙන් තමනට ලාභසත්කාර, වැඳුම් - පිදුම්, සිව්පසය ලැබෙන විට ඒවාට ඇලීම හේතුවෙන් මුළාවට පත්වේ. මාන්නයෙන් අගතියට යයි. තමා තුළ ඇති ශීලය නිසා, සමාධිය නිසා ලෝකයා, දායකයා, බිරිඳ, ස්වාමියා, ඥාතියා තමන්ට ගරුකළ යුතුය, වන්දනා කළ යුතුයෑයි සිතයි. ශීලයද, සමාධියද වැඩිය යුත්තේ අල්ලා ගැනීමට, මගේ කරගැනීමට නොව අත්දකිමින්, අවබෝධය ලබමින් අතහැරීමටය. දෘෂ්ටිගත වීම යනු අල්ලා ගැනීමකි. නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ලෝකය තුළ අල්ලා ගැනීමට කිසිවක් නොමැති බව ධර්ම මාර්ගය වඩන්නා තේරුම්ගත යුතුය. සංසාරයක් පුරාවට ශීලය උදෙසා මේ කය වැසූ සුදුරෙදි ප්‍රමාණය සේම සමාධිය උදෙසා යටපත් කරගත් සිතුවිලි ප්‍රමාණය මෙතෙකැයි කියා ගණනකින් කිව නොහැක්කකි. එවන් අතීතයක් පසු කළ අපි මේ වටිනා ජීවිතයේදී ද තවත් සිල්රෙදි ප්‍රමාණයක්, යටපත් කරගත් සිතිවිලි ප්‍රමාණයක් අතීතයට එකතුකොට ඒවායේ ආනුභාවයෙන් තවත් උපතක් කරා ගියහොත් අවාසනාවකි. ඔබේ බලාපොරොත්තුව නැවතත් දිව්‍ය මනුෂ්‍ය ලෝකයේ ආශ්චර්යමත් උපතක් නම් එවැනි ආශ්චර්යමත් උපතක් ලැබ, මනුෂ්‍ය - දිව්‍ය ලෝකයකදී සද්ධර්මය අසා නිවන් අවබෝධ කරගැනීම නම් මේ ආශ්චර්යමත් සිතිවිල්ල මාරයා විසින් ඔබට එළනු ලබන රනින් රිදියෙන් ගෙත්තම් කළ පාවඩයක්ම විය යුතුය. මේවාට ඔබ වශීවනු ඇත. ජීවමාන ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටියද, හැම පන්සලකම, ආරණ්‍යයකම, ගෙදරකම, හැම හදවතකම දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් ශෝභාමත් වූ බුදුරුව නෙත ගැටෙද්දී, ධර්ම රත්නය නිරතුරුවම ශ්‍රවණය කිරීමට ලැබෙද්දී, මහා සංඝරත්නය ජීවමානව වැඩ සිටින විටදී, අප ශීල සමාධි ප්‍රඥා මාර්ගයේ ගමන් කර හුදු සංචාරකයෙක් පමණක් නොවී, එහි ඵලයන් අවබෝධ කරගැනීමට හැකිවුව හොත් එය අපගේ භාග්‍යයකි. එසේ නොවී, සම්මා සම්බුද්ධ ශාසනයත්, සද්ධර්ම ශ්‍රවණයත්, උත්තරීතර මනුෂ්‍ය ජීවිතයත්, කල්‍යාණමිත්‍ර සේවනයත් ලද මේ ආශ්චර්යමත් අවස්ථාවට වඩා අවස්ථාවක් තවත් උපතකදී බලාපොරොත්තු වීම, අපේක්ෂා සහගතවීම යනු දුකේ සිටිමින් තවත් දුකක්ම පැතීම විනා දුකින් එතෙරවීම නොවේ. සම්මා සම්බුද්ධ ශාසනයත්, එහි සැබෑ ප්‍රතිපදාවනුත් මොනතරම් වේගයකින් විකෘතිභාවයට පත්වෙමින් පවතිනවාද යන්න අපට පෙනෙන කරුණකි. ඔබ තෙරුවන් සරණ ගිය බෞද්ධයකු නම් ශීල, සමාධි ප්‍රඥා මාර්ගයේ කොතැනක හෝ ඔබ සිටිනවා යෑයි ඔබ අනුමාන කර ඇත. මෙය මෙම මාර්ගය වැඩීමේදී ඔබට ඇතිවන ශක්තියකි. නිවීමේ මාර්ගයේදී ඔබට හමුවන ශීලය, සමාධිය යන මංසන්ධි දෙක ඔබව නිරතුරුවම මුළාවට පත්කරවන මංසන්ධි දෙකකි. මේ මුළාවෙන් ඔබට ගැලවිය හැක්කේ ශීලය, සමාධිය වැඩීමේදී ඒවායේ අනිත්‍යභාවයද, ශිල, සමාධිය වැඩීම තුළින් බලාපොරොත්තුවන්නේ ප්‍රඥාව වඩවා ගනිමින් දුක් දෙන සසරින් එතෙරවීම සඳහා බව නිරතුරුවම සිහිකිරීමෙනි. ශීලයද, සමාධියද නිත්‍ය භාවයෙන් අල්ලා ගන්නාතාක් ඔබට ප්‍රඥාව නොවැඩේ. මන්ද ඔබ ශීලය තුළද, සමාධිය තුළද නිත්‍යභාවයක් දකිමින්ද, එහි ආශ්වාදය සැපයක් කොට දකිමින්ද අල්ලාගෙන සිටින හෙයිනි. ශීලයක හික්මීමෙන් බලාපොරොත්තුවන්නේ ඒ තුළින් සතිය සහ සිහිය දියුණු කරගනිමින් සතිය සහ සිහිය තුළින් චිත්ත සමාධිය ඇතිකර ගැනීමය. චිත්ත සමාධිය ඇතිකරගත් පසුව ඔබ කළ යුත්තේ තමන් පසුවන්නේ පළවැනි ධ්‍යානයේද, දෙවැනි, තෙවැනි, චතුර්ථක් ධ්‍යානයේද යන්න සෙවීම නොවේ. සෙවීමට උත්aසහ ගැනීම නොවේ. එසේ සොයන්නට ගියොත් ඔබ සොයන්නේ අස්ථිර, අනිත්‍ය දෙයකි. ධ්‍යානයද නිරතුරුවම වෙනස්වන දෙයකි. වෙනස්වීම නිසා දුක ඇතිකරවන දෙයකි. මේ හේතුවෙන් මානසික ලෙඩුන් බවට පත්කරන දෙයකි. ස්ථිරභාවයේ නොපවතින දෙයක් තවදුරටත් අප සෙවීමට ගියොත්, සොයමින් සිටියොත් මේ සම්බුද්ධ ශාසනය තුළදීද අපට ධර්මය දැකීමේ මාර්ගය මගහැරී යනුඇත. සතර අපායෙන් මිදීමේ මඟ අපට අතහැරී යනු ඇත. අතීත සම්බුද්ධ ශාසනවලද කරන ලද දෙයම වර්තමානයේදී කළ අවාසනාවන්තයෙක්ම වනු ඇත. ශීල, සමාධි, ප්‍රඥා මාර්ගය වැඩීමේදී ශීලය නැමැති තුන්මං සන්ධියේදී සමාධිය දෙසට යන කෙළින් පාරද, දිව්‍ය, මනුෂ්‍ය ලෝක සැප දෙන දකුණට හැරෙන පාරද, සතර අපායට වැටෙන වමට හැරෙන පාරද ඔබට මුණගැසෙනු ඇත. ඔබ මෙහිදී දක්ෂ විය යුතුය, සමාධිය දෙසට යන කෙළින් පාරේ ඔබේ ගමනාන්තයට යැමට ඔබ අදක්ෂ වුවහොත්, සැබෑ කල්‍යාණ මිත්‍රයෙක්ගේ උපදෙස් ඔබට අහිමිවුවහොත් ශීලය නිසා සතිය සිහිය දියුණුකරගැනීම වෙනුවට තමා රකින ශීලය නිසා ඇලීම, ගැටීම ඇතිකරගතහොත් ඔබ නියත වශයෙන්ම ශීල මංසන්ධියේදී සමාධිය දෙසට ඇති කෙළින් පාරේ නොයා දකුණට හෝ වමට හැරෙනු ඇත. ඔබ දක්ෂ ලෙස ශීල මංසන්ධියේදී නිවැරැදි මග තෝරාගෙන සමාධිය දෙසට ඇති කෙළින් පාරේ ඉදිරියට ගියහොත් ඔබට සමාධි මංසන්ධියද මුණගැසෙනු ඇත. එහිද තුන්මං සන්ධියකි. සමාධි මංසන්ධියෙන් කෙළින් පාර ප්‍රඥාව දෙසට, එනම් ගමනාන්තයට යන පාරය. දිව්‍ය, මනුෂ්‍ය, බ්‍රහ්ම සැප දෙන දකුණට ඇති පාරද, සතර අපායට යන වමට හැරෙන පාරද ඇත. මෙහිදීද ඔබ ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාරේ ගමන් කිරීමට දක්ෂ විය යුතුය. මා තුළ සමාධිය ඇතැයිද, සමාධිය තුළ මා ඇතැයිද සමාධිය නිත්‍යභාවයෙන් ගැනීම නිසා, සමාධිය නිසා ඇලීම සහ ගැටීම නිසා ගමනාන්තයට යැම පසෙක තබා ඔබ දකුණට හෝ වමට හැරෙනු ඇත. සමාධිය තුළ ඇති සංසිඳීම, උපේක්ෂාසහගත බව නිසා මුළාවට පත්වන්නන් අපමණය. තමා රකින ශීලය සහ සමාධිය නිසා තමා තුළ ලෝක ස්වභාවයන්ට ඇති ඇල්ම සහ ගැටීම සේම උපේක්ෂාව තුළද ඇත්තේ අනිත්‍ය පිළිබදව ශුන්‍ය දැනීමකි. මෙහිදී ඔබ රකින ශීලය, සමාධිය නිසා ඔබ තුළ වැඩෙන්නේ කෙලෙස් ගොඩකි. මමත්වයේ අස්වැන්නකි. තමා අනුනට වඩා සිල්වතෙක්ය, තමාගේ ශීලය සමාධිය ඉහළය, පිරිසිදුය යන මාන්නය, ඉහත ඇල්ම සහ ගැටීමට හේතුවයි. ඒ මෙන්ම අවංක නොවන ඕනෑම කෙනකුට දැනුවත්ව හෝ නොදැනුවත්ව සැඟවීසිටිය හැකි තැනකි ශීලය සහ සමාධිය. මේවා තමන් විසින් තමන් රවටවාගැනීමේ ධර්මතාවයන්ය. ඔබ සැබෑ ලෙස ශීලය තුළ, සමාධිය තුළ හික්මුණ කෙනකු නම් ඔබ තුළින් මාන්නය, ලෝක ධර්මයන්ට ගැටෙන ස්වභාවය අවම විය යුතුය. ඔබ ගැන ඔබට ස්වයං පරීක්ෂණයක් කිරීමෙන් ඔබගේ ශීලයේ සමාධියේ ස්වභාවය ඔබටම හඳුනාගත හැකිය. ඔබ ස්වයං පරීක්ෂණයක් කර ඔබගේ ස්වභාවය යම් මොහොතක අවබෝධ කරගත්තද ඒ මොහොතේ ඔබ ලද නිගමනය ඊළඟ මොහොතේ ධන හෝ සෘණ භාවයට පත්වනු ඇත. මන්ද ශීලය හෝ සමාධියේ ස්වභාවය නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන නිසාය. එහෙයින් තමා මෙතැන සිටිනවා යෑයි ස්ථිර නිගමනයකට පැමිණීමට කිසිවෙක්ට නොහැකිය. මන්ද, ස්ථිරභාවයේ පවතින දෙයක් ලෝකය තුළ නොමැති නිසාය. ඔබ තුළ ඇති ලෝක ධර්මයන්ට ඇලීමේ ගැටීමේ ස්වභාවය සඟවාතැබීමට සමාධියට ඇත්තේ පුදුමාකර හැකියාවකි. මාර්ගඵල උන්මාදය ඇතිකරන ප්‍රධාන සතුරා සමාධියයි. සමාධිය වැඩීම නිසා ඇතිවන සංහිඳියාව නිසා, 'තමා අනාගාමීය, අරිහත්ය', යන මුළාවට පත්වූ පිංවත් චරිත අප්‍රමාණය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා නොකරන පිංවත් චරිත අපමණය. තමා හැමෝටම වඩා ශ්‍රේෂ්ඨය යන මනෝභාවය තුළ හැසිරෙන චරිත අපමණය. මේ සමාධියේ ගොදුරුය. ඉතාමත්ම පහසුවෙන් සමාධියේද අනිත්‍යභාවය වඩමින්, දකිමින් ප්‍රඥාව දෙසට යැමට ඔවුනට හැකිවුවද සමාධි සැපයට ඇලීම නිසා එහි නිත්‍යභාවයක් දැකීම නිසා ඔවුහු අතරමග නතරවෙති. සමහර පිංවත් භික්ෂූන් වහන්සේලා දෑස් අඩවන්කොටගෙන සංසුන් ඉරියව්වෙන් දානශාලාවේ දානය වළඳති. දානශාලාවේ සාමණේර හිමිනමකගෙන් කුඩා වරදක් වුවද ප්‍රතිචාරය කේන්ති යැමය. මේවා සමාධිය තුළ සැඟවී ඇති මාරයෝය. අප පිළිබඳ අපි ස්වයංපරීක්ෂණ නොකිරීමේ ප්රතිඵලයි. ඔබ සම්පූර්ණ කළ, ශීලයත් සමාධියත් අනිත්‍යබව දකිමින් නොවැඩීමේ ප්රතිඵලයයි. ලෝක ධර්මයන්ගේ අනිත්‍යභාවය නොදැනීමේ ප්රතිඵලයයි. මෙවැනි පිංවතුන් සමාධි මංසන්ධියේ සිට ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාර මඟහැර මංමුළාවීම ඒකාන්තය. තමා කෙරෙහි තමා නිහතමානී නොවීම මීට හේතුවයි. අනුන්ගේ වරද දකින ඔබ, ඊට ප්‍රතිචාර දක්වන ඔබ, ඔබ තුළ ඇති වරද නොදැකීම මෙයට හේතුවයි. එසේ ඔබතුළ ඇති වරද ඔබ නොදකින්නේ ඔබ තුළ ඇති මාන්නය නිසාය. මෙය සැගවී තිබුණේ සමාධිය තුළය. නිරතුරුවම ඔබ කැමතිම අකමැතිම ස්වභාවයන් සොයා ගොස් ඒවාට මුහුණදෙන්න. අත්දකින්න. අත්විඳින්න. ඒවාට ඇලෙන්න ගැටෙන්න නොයන්න. මෙසේ ක්රියාත්මකවෙමින් ඔබේ ශීලයත් සමාධියත් නිරතුරුවම ස්වයං පරීක්ෂණයට ලක්කරන්න. එවිට ඔබට පහසුවෙන් ප්‍රඥාවේ මගට අවතීර්ණ වෙන්න පුළුවන්. ශීලය සහ සමාධිය ඔබ විසින් ආරක්ෂා කරගතයුතු, වැඩිය යුතු දෙයකි. ශීලය ආරක්ෂාකරගත් තරමට ඔබ සිල්වත් වේ. සමාධිය වැඩූ තරමට ඔබගේ චිත්ත සමාධිය දියුණුවේ. එහෙත් ඔබ සමාධි මංසන්ධියෙන් ප්‍රඥාව දෙසට ගමන් කිරීමේදී ඔබ කළ යුත්තේ ආරක්ෂා කිරීම හෝ වැඩීම නොවේ. අතහැරීමය. ශීලය ආරක්ෂා කිරීම සහ සමාධිය වැඩීම නිසා ඔබ ඇතිකරගත් චිත්ත ඒකාග්‍රතාව ප්‍රයෝජනයට ගෙන සිතේ ස්වභාවය දැකීමය. පංච උපාදානස්කන්ධයේ ඇතිවීම නැතිවීම දැකීමය. ඇති වෙමින් නැතිවෙමින් ගලාගෙන යන සිතේ ස්වභාවය දැකීමය. දකිමින් තමාට අයත් නැති ආගන්තුක සිත් අතහැරීමය. ශීල සමාධි මාර්ගය වඩන විට ඔබ කළේ ශීලය ආරක්ෂා කිරීමය, සමාධිය වැඩීමය. ඒ තුළින් චිත්ත සමාධිය ඇති කරගැනීමය. මෙසේ මංමුලාවීම් වලින් තොරව සුවසේ සමාධි මංසන්ධිය පසුකොට ප්‍රඥාව දෙසට ඇති කෙළින් පාරට අවතීර්ණ වීමට ඔබ දක්ෂ වුවහොත් ඉන් ඔබ්බට ඔබට ආරක්ෂා කිරීමට හෝ වැඩීමට දෙයක් නොමැත. ඔබ කළ යුත්තේ සමාධිමත් සිතින් සිත දෙස බැලීමය. සිත දෙස බලමින් ඔබට ආගන්තුක, ඔබගේ වසඟයේ නොපවතින, නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ඔබගේ අක්‍රීය කය ක්‍රියාත්මකභාවයට පත්කරවන සිතේ ස්වභාවය දැකීමය. දකිමින් ඔබට අයිති නොමැති සිත අතහැරීමය. සිතක් අත්හැරෙන මොහොතක් පාසා ඔබට කයේ වචනයේ ක්රියාත්මභාකවය අතහැරෙනු ඇත. අතහැරෙන සෑම සිතක් පාසාම ඔබට අතහැරෙන්නේ දුකයි. ජාති, ජරා, ව්‍යාධි මරණ ඇතිකරන ලෝකයයි. නිරතුරුවම ඔබ තුළින් ඔබව ස්වයං පරීක්ෂණයකට ලක් කරන්න. 'මම' කියන චරිතය හැම මොහොතකම පරාජය කර දමන්න. 'මගේ ශීලය, මගේ සමාධිය, මගේ ප්‍රතිපදාව, මගේ ශ්‍රද්ධාව'...... මේවායින් ඔබ හිස්වන්න. මම ගැන අඩුවෙන් කථාකරන්න. මගේ හැකියාවන් ගැන අඩුවෙන් කථාකරන්න. ඇති වෙමින් නැතිවෙන සිතක් සකස් නොවුවහොත් මේ කය 'මම' මළකඳක් බව සිතන්න. අනිත්‍ය සංඥාවම වඩන්න. අනිත්‍යයට අයිති ලෝක ධර්මයන්ට නොඇලී, නොගැටී ප්‍රඥාව දෙසට ගමන් කිරීමට ඔබ දිරිමත්වන්න. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom