Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
ශීල, සමාධි, ප්‍රඥා යනු නිවීම උදෙසා ඔබ යා යුතු මාර්ගයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔබට හොඳ පැහැදිළි උදාහරණයක් දෙන්නම්. ඔබ පිටකොටුවෙන් බසයක නැග කතරගමට යනවා යෑයි සිතන්න. එවිට ඔබේ ගමනාන්තය කතරගම. එහෙත් ඔබ බස්රථයේ යන විට කළුතර බෝධීන් වහන්සේ, චෛත්‍යරාජයා, කළුගඟ.... එහි අසිරිය දැකලා ඔබ බසයෙන් බැස ඉහත ස්වභාවයන්ට ඇලිලා කළුතර නතරවෙනවා. පදිංචිවෙනවා. ඔබට පුළුවන්ද කතරගමට යන්න. බැහැ නේද..? ඔබ කළුතරට ඇලුනු නිසා එහි නතරවුණා. මෙහෙම කළුතර නතරවෙලා එහි අසිරිය විඳිමින් සිටින විට ඔබට සිහිය ඇතිවෙනවා ඔබගේ ගමනාන්තය ගැන. එවිට ඔබ කළුතරට ඇති ආශාවෙන් මිදිලා නැවත කතරගම බසයක නැගලා ගාළුපාරේ ඉදිරියට යනවා. මෙහෙම යනකොට ඔබ තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ, තිසාවැව ආදිය දැකීම නිසා නැවතත් එම ස්වභාවයන්ට ආශාවෙන් තිස්සමහාරාමයෙන් බසයෙන් බසිනවා. ඉහත ස්වභාවයන්ට ඇලීම නිසා ඔබ තිස්සමහාරාමයේ නතරවෙනවා, පදිංචිවෙනවා. ඔබට පුළුවන්ද කතරගමට යන්න..? බැහැ...!

අතරමග යමක් තන්හාවෙන් අල්ලාගැනීම නිසා ගමනාන්තයට නොයා ඔබ අතරමඟ නැවතිලා. නමුත් මාර්ගය පැහැදිළිව තිබෙනවා. අවශ්‍ය ප්‍රවාහන පහසුකමත් තිබෙනවා. එහෙත් ඔබ අතරමග ස්වභාවයන්ට ඇලීම නිසා, ඒවා අනිත්‍ය වශයෙන් දැක ඇතහැරීමට අදක්ෂ නිසා ඔබ ප්‍රමාදයට පත්වෙලා. එහෙම වීම ස්වභාවිකයි. කළුතරදීද, තිස්සමහාරාමයේදීද ඔබ විඳින්නේ සම්බුදු පහසයි. ඔබ තුළින් රැස්වන්නේ කුසල් සිත්ය. එහෙත් ඒවා අයිති ලෝකයටයි. අපි මේ කථාකරන්නේ ලෝකයෙන් එතෙරවීම සඳහා වැඩපිළිවෙලයි. හොඳයි ඔබට තිස්සමහාරාමයේදී නැවත ගමනාන්තය පිළිබඳව සතිය සිහිය ඇතිවෙලා ඔබ කතරගම බසයකට ගොඩ වුනොත්, කතරගමට තව බොහොම කෙටි දුරයි තිබෙන්නේ. නමුත් අදක්ෂ, හැමදෙයටම ඇලෙන පිංවතුන් මේ කෙටිදුර ගෙවාදමා ගමනාන්තයට නොයා අතරමග පදිංචි වෙනවා. මෙය පෘතග්ජන ස්වභාවයයි. මෙම ස්වභාවයෙන් ඔබට මිදියහැක්කේ ප්‍රඥාව වඩවාගැනීමට උපකාර ධර්මයන් වන, නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ශීලය සහ සමාධිය අනිත්‍ය වශයෙන් දකිමින්, අත්විඳිමන්, අවබෝධය ලබමින් අතහැරීමය. එසේ නොවඩන්නා නිවන් මගෙන් ඈතට ගිය ලෝකය තුළ සැරිසරන්නෙක් වීම අරුමයක් නොවේ. අතරමග නොනැවතී පෙරටම යන්න. හමුවෙන කිසිවෙක්, කිසිවක් මමත්වයෙන් නිත්‍යභාවයෙන් නොගන්න. ඔබට ගමනාන්තය මුණගැසෙනු ඇත.

සැබෑලෙසම නිවන්මගේ හික්මෙන්නාට අතහැරීම යනු, අතහැරීමේ සීමාව යනු ආරණ්‍ය, පන්සල, කුටිය. සිව්පසය..... මේ ආදී භෞතික සම්පත් අතහැරීම පමණක් නොව, ඒවායෙන් මනින සීමාවක්, කඩුල්ලක් නොව, මේ ඉහළට ගන්නා හුස්ම පොද නැවත නාසයෙන් පහළට එන විට මේ ජීවිතය මරණයට, විනාශයට පත්වෙනවාය යන සීමාව මතකයේ තබාගන්න. නිරතුරුවම නාසයෙන් හුස්මපොදක් ශරීරයට ආශ්වාසය කිරීමේදී එම හුස්මපොද ශරීරයෙන් පිටකරන මෙහොතේදී මරණය සිදුවේය යන ලෝකයේ සැබෑම ධර්මයට අනුව ඔබ සිතන්න පුරුදුවෙන්න. 'මම' වශයෙන් හඳුන්වාගන්නා මේ ආශ්චර්යවත් මිනිසාට මේ ලෝකය තුළ හුස්මක් ඉහළට ගෙන එය නැවත පහතට හෙලන තරම්වත් කාලයක් නිත්‍යභාවයෙන් අයිති නැති බව අවබෝධයෙන් දකින්න. ආශ්වාස කරන හුස්ම පොද ප්රාශ්වාස කරන මොහොත දක්වාමත්, නිත්‍යභාවයේ නොපවතින 'මම' මමත්වයෙන් නොගන්න.

'මගේ ශීලය, මගේ සමාධිය, මගේ විනය, මගේ ප්‍රතිපදාව, මගේ ජ්‍යෙaෂ්ඨත්වය' ආශ්වාස ප්රාශ්වාස කරනා හුස්මපොදක් තරම් වේලාවක් තරම්වත් නිත්‍යභාවයේ නොපවතින අරාජික ධර්මතාවයන් බව පිංවත් අපි නිරතුරුවම දකිමු. එසේ දකිමින් ශීල, සමාධි මාර්ගය සුවසේ මංමුලාවීම් වලින් තොරව පසුකොට, ලෝකයට අයිති දුක මගේ කරගෙන දුක් විඳින ලෝකයෙන් මිදීම පිණිස ඔබට අයිති නැති ලෝකය ඔබේ කරදෙන, අවිද්‍යාවෙන් තෙමුණ, ඇතිවෙමින් නැතිවෙන, ඔබට ආගන්තුක සිත අවබෝධයෙන් දකිමින් අතහරින්න. ඔබට අතහැරෙන අතහැරෙන සිතක් පාසා, ලෝකය අතහැරීමට අවශ්‍ය ප්‍රඥාව ඔබ තුළ වැඩෙනු ඇත.

ඔබ මොන දෙයකට ඇලුනද එම ඇලීමේ ස්වභාවය තුළ ගැටීමද ඇත. ඔබ මෙහෙම සිතන්න. යමෙක් ශීලයට ඇලෙනවා, 'මා තුළ ශීලය තිබෙනවා. ශීලය තුළ මා සිටිනවා' කියලා දකිමින්, තමා ඉහළයයි අන්‍යයන් පහත්කොට දකිනවා. දුස්ශීල කොට දකිනවා. ඔහු මාළු නොකනවා පමණක් නොවෙයි, මාළු අනුභව කරන, මාළු විකුණන, මාළු වියන, මාළු අල්ලන, මාළු ඇති කරන අය සමගත් ගැටෙනවා. ඒ විතරක් නොවෙයි මාළු දැලක්, මාළු බෝට්ටුවක් දැක්කත් ගැටෙනවා. ඇයි මේ ගැටීම..? ශීලය කෙරෙහි අන්තවාදීව ඇලීම නිසායි මේ ගැටීම ඇති වුණේ. එහෙමනම් පිංවත් ඔබ මහලොකුවට ආරක්ෂා කරන ශීලය තුළ ඇලීමත් ගැටීමත් දෙකම දෝරෙ ගලා යනවා. ඒ කියන්නේ ඔබ නිවීමේ මඟ දෙසට යනවා නොවෙයි. භවයට අවශ්‍ය සංස්කාර

රැස්කරන්නෙක් බවට පත්වෙනවා. සමාධිය කෙරෙහි ඇලීමේදී තමා තුළ සමාධිය තිබෙන නිසා අන්‍යයන් සිනාසෙනකොට, හඬනකොට ශබ්ද නඟනකොට, ශබ්දයෙන් බණ පදයක් පිරිත් පදයක් කියනකොට ඒ හඬට ගැටෙනවා. ඇයි මේ ගැටීම...? තමා සමාධියට ඇලීම නිසයි. හොඳින් දකින්න ශීල සමාධි වේශයෙනුත් අපට නිවන්මග අවහිරකොට, භවමග විවෘත කර දෙන්නේද මාරයාමය. මාර ධර්මයන් හොඳින් අවබෝධයෙන් හඳුනාගෙන කළ්‍යාණ මිත්‍ර ඇසුරකින් නිවී සැනසෙන්න.

තෙරුවන් සරණයි ...!!!

[QUOTE="asliyanage, post: 29099437, member: 8764"] ඔබට හොඳ පැහැදිළි උදාහරණයක් දෙන්නම්. ඔබ පිටකොටුවෙන් බසයක නැග කතරගමට යනවා යෑයි සිතන්න. එවිට ඔබේ ගමනාන්තය කතරගම. එහෙත් ඔබ බස්රථයේ යන විට කළුතර බෝධීන් වහන්සේ, චෛත්‍යරාජයා, කළුගඟ.... එහි අසිරිය දැකලා ඔබ බසයෙන් බැස ඉහත ස්වභාවයන්ට ඇලිලා කළුතර නතරවෙනවා. පදිංචිවෙනවා. ඔබට පුළුවන්ද කතරගමට යන්න. බැහැ නේද..? ඔබ කළුතරට ඇලුනු නිසා එහි නතරවුණා. මෙහෙම කළුතර නතරවෙලා එහි අසිරිය විඳිමින් සිටින විට ඔබට සිහිය ඇතිවෙනවා ඔබගේ ගමනාන්තය ගැන. එවිට ඔබ කළුතරට ඇති ආශාවෙන් මිදිලා නැවත කතරගම බසයක නැගලා ගාළුපාරේ ඉදිරියට යනවා. මෙහෙම යනකොට ඔබ තිස්සමහාරාම චෛත්‍යරාජයාණන් වහන්සේ, තිසාවැව ආදිය දැකීම නිසා නැවතත් එම ස්වභාවයන්ට ආශාවෙන් තිස්සමහාරාමයෙන් බසයෙන් බසිනවා. ඉහත ස්වභාවයන්ට ඇලීම නිසා ඔබ තිස්සමහාරාමයේ නතරවෙනවා, පදිංචිවෙනවා. ඔබට පුළුවන්ද කතරගමට යන්න..? බැහැ...! අතරමග යමක් තන්හාවෙන් අල්ලාගැනීම නිසා ගමනාන්තයට නොයා ඔබ අතරමඟ නැවතිලා. නමුත් මාර්ගය පැහැදිළිව තිබෙනවා. අවශ්‍ය ප්‍රවාහන පහසුකමත් තිබෙනවා. එහෙත් ඔබ අතරමග ස්වභාවයන්ට ඇලීම නිසා, ඒවා අනිත්‍ය වශයෙන් දැක ඇතහැරීමට අදක්ෂ නිසා ඔබ ප්‍රමාදයට පත්වෙලා. එහෙම වීම ස්වභාවිකයි. කළුතරදීද, තිස්සමහාරාමයේදීද ඔබ විඳින්නේ සම්බුදු පහසයි. ඔබ තුළින් රැස්වන්නේ කුසල් සිත්ය. එහෙත් ඒවා අයිති ලෝකයටයි. අපි මේ කථාකරන්නේ ලෝකයෙන් එතෙරවීම සඳහා වැඩපිළිවෙලයි. හොඳයි ඔබට තිස්සමහාරාමයේදී නැවත ගමනාන්තය පිළිබඳව සතිය සිහිය ඇතිවෙලා ඔබ කතරගම බසයකට ගොඩ වුනොත්, කතරගමට තව බොහොම කෙටි දුරයි තිබෙන්නේ. නමුත් අදක්ෂ, හැමදෙයටම ඇලෙන පිංවතුන් මේ කෙටිදුර ගෙවාදමා ගමනාන්තයට නොයා අතරමග පදිංචි වෙනවා. මෙය පෘතග්ජන ස්වභාවයයි. මෙම ස්වභාවයෙන් ඔබට මිදියහැක්කේ ප්‍රඥාව වඩවාගැනීමට උපකාර ධර්මයන් වන, නිරතුරුවම අනිත්‍යභාවයට පත්වන ශීලය සහ සමාධිය අනිත්‍ය වශයෙන් දකිමින්, අත්විඳිමන්, අවබෝධය ලබමින් අතහැරීමය. එසේ නොවඩන්නා නිවන් මගෙන් ඈතට ගිය ලෝකය තුළ සැරිසරන්නෙක් වීම අරුමයක් නොවේ. අතරමග නොනැවතී පෙරටම යන්න. හමුවෙන කිසිවෙක්, කිසිවක් මමත්වයෙන් නිත්‍යභාවයෙන් නොගන්න. ඔබට ගමනාන්තය මුණගැසෙනු ඇත. සැබෑලෙසම නිවන්මගේ හික්මෙන්නාට අතහැරීම යනු, අතහැරීමේ සීමාව යනු ආරණ්‍ය, පන්සල, කුටිය. සිව්පසය..... මේ ආදී භෞතික සම්පත් අතහැරීම පමණක් නොව, ඒවායෙන් මනින සීමාවක්, කඩුල්ලක් නොව, මේ ඉහළට ගන්නා හුස්ම පොද නැවත නාසයෙන් පහළට එන විට මේ ජීවිතය මරණයට, විනාශයට පත්වෙනවාය යන සීමාව මතකයේ තබාගන්න. නිරතුරුවම නාසයෙන් හුස්මපොදක් ශරීරයට ආශ්වාසය කිරීමේදී එම හුස්මපොද ශරීරයෙන් පිටකරන මෙහොතේදී මරණය සිදුවේය යන ලෝකයේ සැබෑම ධර්මයට අනුව ඔබ සිතන්න පුරුදුවෙන්න. 'මම' වශයෙන් හඳුන්වාගන්නා මේ ආශ්චර්යවත් මිනිසාට මේ ලෝකය තුළ හුස්මක් ඉහළට ගෙන එය නැවත පහතට හෙලන තරම්වත් කාලයක් නිත්‍යභාවයෙන් අයිති නැති බව අවබෝධයෙන් දකින්න. ආශ්වාස කරන හුස්ම පොද ප්රාශ්වාස කරන මොහොත දක්වාමත්, නිත්‍යභාවයේ නොපවතින 'මම' මමත්වයෙන් නොගන්න. 'මගේ ශීලය, මගේ සමාධිය, මගේ විනය, මගේ ප්‍රතිපදාව, මගේ ජ්‍යෙaෂ්ඨත්වය' ආශ්වාස ප්රාශ්වාස කරනා හුස්මපොදක් තරම් වේලාවක් තරම්වත් නිත්‍යභාවයේ නොපවතින අරාජික ධර්මතාවයන් බව පිංවත් අපි නිරතුරුවම දකිමු. එසේ දකිමින් ශීල, සමාධි මාර්ගය සුවසේ මංමුලාවීම් වලින් තොරව පසුකොට, ලෝකයට අයිති දුක මගේ කරගෙන දුක් විඳින ලෝකයෙන් මිදීම පිණිස ඔබට අයිති නැති ලෝකය ඔබේ කරදෙන, අවිද්‍යාවෙන් තෙමුණ, ඇතිවෙමින් නැතිවෙන, ඔබට ආගන්තුක සිත අවබෝධයෙන් දකිමින් අතහරින්න. ඔබට අතහැරෙන අතහැරෙන සිතක් පාසා, ලෝකය අතහැරීමට අවශ්‍ය ප්‍රඥාව ඔබ තුළ වැඩෙනු ඇත. ඔබ මොන දෙයකට ඇලුනද එම ඇලීමේ ස්වභාවය තුළ ගැටීමද ඇත. ඔබ මෙහෙම සිතන්න. යමෙක් ශීලයට ඇලෙනවා, 'මා තුළ ශීලය තිබෙනවා. ශීලය තුළ මා සිටිනවා' කියලා දකිමින්, තමා ඉහළයයි අන්‍යයන් පහත්කොට දකිනවා. දුස්ශීල කොට දකිනවා. ඔහු මාළු නොකනවා පමණක් නොවෙයි, මාළු අනුභව කරන, මාළු විකුණන, මාළු වියන, මාළු අල්ලන, මාළු ඇති කරන අය සමගත් ගැටෙනවා. ඒ විතරක් නොවෙයි මාළු දැලක්, මාළු බෝට්ටුවක් දැක්කත් ගැටෙනවා. ඇයි මේ ගැටීම..? ශීලය කෙරෙහි අන්තවාදීව ඇලීම නිසායි මේ ගැටීම ඇති වුණේ. එහෙමනම් පිංවත් ඔබ මහලොකුවට ආරක්ෂා කරන ශීලය තුළ ඇලීමත් ගැටීමත් දෙකම දෝරෙ ගලා යනවා. ඒ කියන්නේ ඔබ නිවීමේ මඟ දෙසට යනවා නොවෙයි. භවයට අවශ්‍ය සංස්කාර රැස්කරන්නෙක් බවට පත්වෙනවා. සමාධිය කෙරෙහි ඇලීමේදී තමා තුළ සමාධිය තිබෙන නිසා අන්‍යයන් සිනාසෙනකොට, හඬනකොට ශබ්ද නඟනකොට, ශබ්දයෙන් බණ පදයක් පිරිත් පදයක් කියනකොට ඒ හඬට ගැටෙනවා. ඇයි මේ ගැටීම...? තමා සමාධියට ඇලීම නිසයි. හොඳින් දකින්න ශීල සමාධි වේශයෙනුත් අපට නිවන්මග අවහිරකොට, භවමග විවෘත කර දෙන්නේද මාරයාමය. මාර ධර්මයන් හොඳින් අවබෝධයෙන් හඳුනාගෙන කළ්‍යාණ මිත්‍ර ඇසුරකින් නිවී සැනසෙන්න. තෙරුවන් සරණයි ...!!! [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom