Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
ශ්‍රී ලංකාවේ නම වෙනස් කිරීමට යෝජනා කෙරේ…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සිය පක්ෂයේ යෝජනා ජනගත කරමින් පිවිතුරු හෙළ උරුමය 02.13 දින පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී.

රටේ නම වෙනස් කරන, ජනාධිපතිවරණය අහෝසි කරන, පිවිතුරු හෙළ උරුමයේ ව්‍යවස්ථා යෝජනා මෙන්න.

නාමය

යම් රාජ්‍යයක් ප්රජාතන්ත්රවාදි හෝ සමාජවාදි විය යුත්තේ එකී රාජ්‍යයේ ගුණාත්මක ලක්ෂණ වලින් මිස නාමයෙන් නොවේ. එබැවින් රාජ්‍යයේ නම “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජය” වෙනුවට “ශ්‍රී ලංකා ජනරජය” ලෙස හැඳින්විය යුතුයැයි අප යෝජනා කරණවා..

ඒකීය රාජ්‍යය ශක්තිමත් කිරීම

ශ්‍රී ලංකාවේ සුවිශේෂි පිහිටීම හේතුවෙන් රාජ්‍යය කැබලි කිරීමට සහ දුර්වල කිරීමට ජාත්‍යන්තර බලවේග වෙර දරණ බැවින් ඒකීය රාජ්‍ය පිලිබද වර්තමාන ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන එලෙසම පවත්වා ගත යුතු අතර ඒකීය රාජ්‍යයට පටහැනි වගන්ති කිසිවක් ව්‍යවස්ථාවේ නොතිබිය යුතුයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ව්‍යවස්ථා පිටපත් අතර ඒකීය රාජ්‍යය හැදින්වීම සඳහා යොදා ගන්නා පද වල පරස්පරයක් නොතිබිය යුතුයි. වචන හරඹ කරන්නට බැරි වෙන්න දෙමළ බසින් “ඔට්රියාච්චි” යන පදය ද ඉංග්‍රිසි බසින් “යුනිටරි” යන පදය ද යොදා ගත යුතුයි. මොකද වචන හරඹ හරහා ඒකීය රාජ්‍යය පෙඩරල් කිරීමට සමහර සට කපට දේශපාලකයන් මීට කලින් උත්සහ දරා තිබෙනවා.

බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරීම

අඛණ්ඩව වසර 2,300කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ ආගම ලෙස බුද්ධාගම පවතියි. ලොව පවතින වෙනත් කිසිම ආගමක් මෙතරම් දිගු කලක් අඛණ්ඩව කිසිම රටක බහුතර ජනතාවගේ ආගම ලෙස පැවතී නැහැ. නමුත් එවැනි ඓතිහාසික පදනමක් නොමැති රටවල් විශාල ගණනක් සිය ඓතිහාසික ආගම රාජ්‍ය ආගම බවට පත් කර තිබෙනවා. එබැවින් ශ්‍රී ලංකා රාජ්‍යය සහ බුද්ධාගම අතර පවතින අද්විතීය සම්බන්ධය පිළිබිඹු කරනු වස් ජනරජය විසින් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කළ යුතුයි කියා අප යෝජනා කරණවා.

ජනරජය විසින් රාජ්‍ය ආගම ලෙස බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතු අතර බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම විය යුතුයි. එම වගකීම ප්‍රායෝගිකව රාජ්‍ය යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කරවීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි.

විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීම

ශ්‍රී ලංකාව වැනි සමාජීය වශයෙන් තියුණුව බෙදුණු වරප්‍රසාද මත පක්ෂ මාරු කරන සංස්කෘතියක් ඇති ජාත්‍යන්තර බලවේගයන්හි නිරතුරු බලපෑමට යට වන සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක අවශ්‍යතාව පවතින රටකට වඩාත් ගැලපෙන්නේ දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විධායක ජනාධිපති ක්‍රමයයි. එසේ වුවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු අතර ජනාධිපතිවරයාගේ තීරණ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකි විය යුතුයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කමිටු ඉදිරියට කැඳවා ඔහුගේ තීරණ සහ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රශ්න කිරීමට හැකි විය යුතුයි. එමෙන්ම මාස හයකට වරක් ජනාධිපතිවරයාගේ තීරණ සහ ක්‍රියා කලාපය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු අතර එහි පිලිතුරු කතාව කරමින් ජනාධිපතිවරයා ද එකී විවාදයට සහභාගි විය යුතුයි. ජනාධිපති කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටිය යුතු අතර ඔහු ජනාධිපති සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධිකරණය මෙන්ම ජනාධිපතිගේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිවරුන් නගන ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම ද කළ යුතුයැයි අප යෝජනා කරණවා.

එමෙන්ම ජනාධිපතිවරයාට නීතිය හමුවේ පූර්ණ මුක්තියක් හිමි නොවිය යුතු අතර පුරවැසියන්ට ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක් කීරීමට හැකි ක්‍රමවේදයක් ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතුය. නමුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ගන්නා තීන්දු කිසිම අධිකරණයක අභියෝගයට ලක් කිරීමට නොහැකි විය යුතුයි.

මැතිවරණ ක්‍රමය

සාධනීය මැතිවරණ ක්රමයක පහත ලක්ෂණ පැවතිය යුතුයි.

1) ජයග්‍රහණය කරන පක්ෂයට පහසුවෙන් සභාවක සාමාන්‍ය බහුතරය (50%) ලබා ගැනීමට හැකි වීම.

2) ජයග්‍රහණය කරන පක්ෂයට කිසිසේත්ම සභාවක විශේෂ බහුතරය (67%) ලබා ගැනීමට නොහැකි වීම.

3) සමාජයේ පවතින විවිධ මතවාද සභාව තුල නිරූපණය වීම.

පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය යටතේ ස්ථාවර ආණ්ඩු පිහිටුවීම ඉතා අසීරු වී ඇති අතර අස්ථාවර ආණ්ඩු බිහිවීම හේතුවෙන් අන්තවාදි සුළු පක්ෂ වලට ආණ්ඩු සමග කේවල් කරමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමට හැකි වීමටත් වරප්‍රසාද වලට පිල් මාරු කරන දූෂිත මන්ත්‍රීවරුන් බිහිවීමටත් හේතු වී තිබෙනවා.

පවතින මැතිවරණ ක්‍රමය තුල ස්ථාවර ආණ්ඩුවක් බිහි කර ගැනීම සඳහා දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කරන පක්ෂයට එක් ප්‍රසාද මන්ත්‍රි ධූරයක් ලබා දී ඇතත් විවිධ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරන්නේ විවිධ දේශපාලන පක්ෂ බැවින් එකී ක්‍රමය ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමට අසමත් වී තිබෙනවා.

1989, 2010 සහ 2020 යන සුවිශේෂී අවස්ථාවන්හි හැර සෑම මැතිවරණයක දීම ජයග්‍රහණය කරන පක්ෂ ලබා ගෙන ඇත්තේ මන්ත්‍රි ධූර 105ත් 109ත් අතර ගණනක්. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය වන්නේ මන්ත්‍රි ධූර 113ක්. එබැවින් අස්ථාවර පාර්ලිමේන්තු බිහි වීමට විසඳුමක් ලෙස පිවිතුරු හෙළ උරුමය යෝජනා කරන්නේ දිස්ත්‍රික් ප්‍රසාද මන්ත්‍රි ධූර අහෝසි කර යම් පාර්ලිමේන්තු මැතිවරණයක ජයග්‍රහණය ලබන පක්ෂයට ජාතික මට්ටමින් ප්‍රසාද මන්ත්‍රී ධූර 10ක් ලබා දෙන ලෙසයි.

පවතින සමානුපාතික මැතිවරණ ක්රමයේ යහපත් ලක්ෂණ රැක ගනිමින් අයහපත් ලක්ෂණ බැහැර කරමින් සමානුපාතික සහ කොට්ඨාශ ක්‍රම දෙකෙහිම ලක්ෂණ ඇති මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි.

ජනාධිපතිවරණය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල පදනම් කරගෙන ජනාධිපති තෝරා ගැනීම

පාර්ලිමේන්තු, පලාත් සභා සහ පළාත්පාලන මැතිවරණ වල දී යම් කොට්ඨාශයකට හිමි මන්ත්‍රි ධූර ගණන තීරණය කර ඇත්තේ ජනගහනය සහ භූමි ප්‍රමාණය යන සාධක දෙකම පදනම් කර ගනිමින්. නමුත් ජනාධිපතිවරණයේ දී භූමි ප්‍රමාණය යන සාධකය නොසලකා තිබෙනවා. එබැවින් ජනාධිපතිවරයා සෘජුවම තෝරා ගැනීම වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල මත ජනාධිපති තෝරා ගැනීම කළ යුතුයි කියා අප යෝජනා කරනවා. එවිට ජනාධිපතිවරණයට වැය වන දැවැන්ත මහජන මුදල් ද ඉතිරි වනු ඇති.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සෑම පක්ෂයක්ම ජනාධිපති අපේක්ෂකයෙකු නම් කළ යුතු අතර පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ලෙස තෝරා ගන්නා මන්ත්‍රිවරයා සිය මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි.

ජනාධිපති ධූරයේ වාර සීමාව

ඇමෙරිකානු විධායක ජනාධිපති පත් වීම පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ද ජනාධිපතිවරයාගේ වාර ගණන දෙකකට සීමා කර තිබෙනවා. එවැනි සීමාවක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇති කලේ පළමු ජනාධිපති වාර 4ක් ජනාධිපති ධූරය දැරූ හෙයින් අනෙකුත් ජ්‍යෙෂ්ඨයින්ට අවස්ථාව අහිමි වූ බැවින්. ජනාධිපතිවරයා තව දුරටත් තනතුරේ සිටිය යුතු දැයි තීරණය කළ යුත්තේ ජනතාව මිස ව්‍යවස්ථාව නොවේ. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ සහ මැලේසියාවේ අගමැති මහතිර් මොහොමඩ් යන මහත්වරුන්ට දිගු කාලයක් තනතුරේ සිටිමින් රට තුල දැවැන්ත විප්ලවයක් කළ හැකි වූයේ එම රටවල ආණ්ඩු ප්‍රධානි වන අගමැතිට තනතුර දැරීමේ වාර සීමාවක් නොමැති බැවින්.

ජනපති ධූරයට පැවැති වාර සීමාව 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ විට ඊට එරෙහිව නැගුණු චෝදනාව වූයේ විධායක ජනාධිපති ධූරයේ සිටින අයෙකු මැතිවරණයක දී පරාජය කළ නොහැකි බැවින් ඒකාධිපතියෙකු බිහි වන බවයි. නමුත් 18 වන සංශෝධනයෙන් පසු පැවැත්වූ පළමු ජනාධිපතිවරණයෙන් ම තනතුරේ සිටි ජනාධිපති පරාජය වුණු බැවින් එකී චෝදනාව පදනම් විරහිත බව පෙනුණා.

එක රටක් එක නීතියක්

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විවාහ නීතිය, උඩරට විවාහ නීතිය සහ තේසවලාමේ නීතිය ඇතුළු සියළුම පුද්ගල සහ ප්‍රාදේශීය නීති ඉවත් කර සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම එක පොදු නීති ක්‍රමයක් හරහා පාලනය කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය රාමුව නව ආණ්ඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බවට අපි යෝජනා කරමු.

ජාතික පසුවිපරම් සභාවක් පිහිටුවීම

බොහෝ ආණ්ඩු ආකර්ෂණීය පොරොන්දු මැතිවරණ ප්‍රකාශයට ඇතුලත් කළත් ඒවා බලය ලැබීමෙන් පසු අමතක කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය යනු ආණ්ඩුව සහ ජනතාව අතර ගිවිසුමක් බැවින් එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටිනවා. එබැවින් ආණ්ඩුවක් බලයට පත් වුණු පසු මැතිවරණ ප්‍රකාශයේ අඩංගු සියළුම කරුණු අදාළ අමාත්‍යාංශ වලට බෙදා වසර 5 පුරා විසිරුණු ඉලක්ක සකසා ඒවා ක්‍රියාත්මක කිරීම අදාළ අමාත්‍යාංශයට පැවරිය යුතුයි. එකී වගකීම් බෙදීම, ඉලක්ක සැකසීම සහ නිරතුරුව ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් ජාතික පසුවිපරම් සභාවක් පිහිටුවිය යුතුයි.

ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සම්පත් විදේශිකයන්ට බදුදීමට සීමා පැනවීම

කිසිදු ආණ්ඩුවකට වරාය, ගුවන් තොටුපොල, අධිවේගි මාර්ග, විදුලි බලාගාර, තෙල් පිරිපහදු, වැව් සහ ගංගා වැනි උපායමාර්ගික වශයෙන් වැදගත් සම්පත් සිය ධූර කාලය ඉක්මවා යන සේ විදේශිකයන්ට බදු දීමට නොහැකි වන අයුරින් සීමා පැනවිය යුතුය. උපාය මාර්ගික සම්පත් විදේශිකයන්ට බදු දෙන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් යෝජනාවක් සම්මත විය යුතු බවට ව්‍යවස්ථාවට වගන්තියක් එකතු විය යුතු බව අප යෝජනා කරසිටිනවා.

සම්මත පනතක ව්‍යවස්ථානුකූලත්වය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකි කිරීම

වර්තමාන ව්‍යවස්ථාව අනුව යම් පනතක ව්‍යවස්ථානුකූලත්වය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැක්කේ පනත සම්මත වීමට පෙර පමණයි. එබැවින් කාරක සභා අවස්ථාවන් හි ව්‍යවස්ථානුකූල නොවන සංශෝධන පනත් තුලට ගෙන ඒමට සමහර ආණ්ඩු කටයුතු කර ඇත. එබැවින් පනතක් සම්මත වී මාස තුනක් ඇතුලත එහි ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කිරීමට ජනතාවට අවස්ථාව තිබිය යුතුයි.

ද්විත්ව පුරවැසිභාවය අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයක් පමණක් ලෙස සැලකීම

විදේශීය පුරවැසියෙකු මහ බැංකුවේ අධිපති ධූරයට පත් කිරීමේ ආදිනව මෑත කාලයේ අපි අත්වින්දෙමු. විදේශීය පුරවැසියෙකුට සිය තනතුර යොදා ගනිමින් ජාතියට හානි සිදු කර පුරවැසි බව හිමි රටට පලා යෑමට හැකි වීම භයානක තත්වයකි. නොවෙයි මේ දිනවල ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ලබාගැනීම සම්බන්ධයෙන් මම ඉන්දියානු ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වනවා. මම ශ්‍රී ලංකා ඉන්දියා ද්විත්ව පුරවැසියෙක් නම් මේ රටේ ජනතාවට සාධාරණ සැකයක් ඇතිවෙනවා ගම්මන්පිල ගන්නෙ ලංකාවේ පැත්තට ඉන්දියාවේ පැත්තද කියලා. එබැවින් ජනාධිපතිගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රි දක්වා වූ මහජන නියෝජිත තනතුරු, විනිසුරු තනතුරු, රාජ්‍ය ආයතන ප්‍රධානි තනතුරු, තානාපති තනතුරු සහ කොමිෂන් සභා සාමාජික තනතුරු වැනි වැදගත් තනතුරු දැරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීමත් විදේශීය පුරවැසියෙකු නොවීමත් අනිවාර්රය වන සේ නීති සම්පාදනය කල යුතුයි.

ද්විත්ව පුරවැසියෙක් ලංකාවේ තනතුරක් දරමින් සිය පුරවැසි බව හිමි අනිත් රට සමග මෙරට වෙනුවෙන් ගනුදෙනු කරන විට ඔහුගේ පක්ෂපාතිත්වය සැබවින්ම තිබෙන්නේ කුමන රටට දැයි ජනතාවට කුකුසක් මතු වේ. එබැවින් රාජ්‍යයේ වැදගත් තනතුරු ද්විත්ව පුරවැසියන්ට ලබා දීම ජාතික අවදානමකි. ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් බිහි වන්නේ විදේශිකයෙකුට ශ්‍රී ලාංකික පුරවැසිකම ලබා දීමෙනි. එබැවින් ද්විත්ව පුරවැසිකම හුදු වරප්‍රසාදයක් මිස අයිතිවාසිකමක් නොවේ.

මෙම මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපන ලේකම් ආචාර්ය නිමල් කුමාරසිංහ, විදේශ කටයුතු ලේකම් නීතිඥ රෝහන තල්පාවිල යන මහත්වරුන් ද සහභාගීවිය.

– අරවින්ද අතුකෝරල

https://lankacnews.com/ශ්‍රී-ලංකාවේ-නම-වෙනස්-ක/

[QUOTE="gnilukshi, post: 26134394, member: 132616"] නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සඳහා සිය පක්ෂයේ යෝජනා ජනගත කරමින් පිවිතුරු හෙළ උරුමය 02.13 දින පක්ෂ මූලස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේ දී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කරන ලදී. රටේ නම වෙනස් කරන, ජනාධිපතිවරණය අහෝසි කරන, පිවිතුරු හෙළ උරුමයේ ව්‍යවස්ථා යෝජනා මෙන්න. [B]නාමය[/B] යම් රාජ්‍යයක් ප්රජාතන්ත්රවාදි හෝ සමාජවාදි විය යුත්තේ එකී රාජ්‍යයේ ගුණාත්මක ලක්ෂණ වලින් මිස නාමයෙන් නොවේ. එබැවින් රාජ්‍යයේ නම “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදි ජනරජය” වෙනුවට “ශ්‍රී ලංකා ජනරජය” ලෙස හැඳින්විය යුතුයැයි අප යෝජනා කරණවා.. [B]ඒකීය රාජ්‍යය ශක්තිමත් කිරීම[/B] ශ්‍රී ලංකාවේ සුවිශේෂි පිහිටීම හේතුවෙන් රාජ්‍යය කැබලි කිරීමට සහ දුර්වල කිරීමට ජාත්‍යන්තර බලවේග වෙර දරණ බැවින් ඒකීය රාජ්‍ය පිලිබද වර්තමාන ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන එලෙසම පවත්වා ගත යුතු අතර ඒකීය රාජ්‍යයට පටහැනි වගන්ති කිසිවක් ව්‍යවස්ථාවේ නොතිබිය යුතුයි. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ව්‍යවස්ථා පිටපත් අතර ඒකීය රාජ්‍යය හැදින්වීම සඳහා යොදා ගන්නා පද වල පරස්පරයක් නොතිබිය යුතුයි. වචන හරඹ කරන්නට බැරි වෙන්න දෙමළ බසින් “ඔට්රියාච්චි” යන පදය ද ඉංග්‍රිසි බසින් “යුනිටරි” යන පදය ද යොදා ගත යුතුයි. මොකද වචන හරඹ හරහා ඒකීය රාජ්‍යය පෙඩරල් කිරීමට සමහර සට කපට දේශපාලකයන් මීට කලින් උත්සහ දරා තිබෙනවා. [B]බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කිරීම[/B] අඛණ්ඩව වසර 2,300කට අධික කාලයක් ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ ආගම ලෙස බුද්ධාගම පවතියි. ලොව පවතින වෙනත් කිසිම ආගමක් මෙතරම් දිගු කලක් අඛණ්ඩව කිසිම රටක බහුතර ජනතාවගේ ආගම ලෙස පැවතී නැහැ. නමුත් එවැනි ඓතිහාසික පදනමක් නොමැති රටවල් විශාල ගණනක් සිය ඓතිහාසික ආගම රාජ්‍ය ආගම බවට පත් කර තිබෙනවා. එබැවින් ශ්‍රී ලංකා රාජ්‍යය සහ බුද්ධාගම අතර පවතින අද්විතීය සම්බන්ධය පිළිබිඹු කරනු වස් ජනරජය විසින් බුද්ධාගම රාජ්‍ය ආගම බවට පත් කළ යුතුයි කියා අප යෝජනා කරණවා. ජනරජය විසින් රාජ්‍ය ආගම ලෙස බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනැමිය යුතු අතර බුද්ධ ශාසනය ආරක්ෂා කර පෝෂණය කිරීම රාජ්‍යයේ වගකීම විය යුතුයි. එම වගකීම ප්‍රායෝගිකව රාජ්‍ය යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කරවීමේ ක්‍රමවේදයක් සැකසිය යුතුයි. [B]විධායක ජනාධිපති ක්‍රමය පවත්වා ගැනීම[/B] ශ්‍රී ලංකාව වැනි සමාජීය වශයෙන් තියුණුව බෙදුණු වරප්‍රසාද මත පක්ෂ මාරු කරන සංස්කෘතියක් ඇති ජාත්‍යන්තර බලවේගයන්හි නිරතුරු බලපෑමට යට වන සීඝ්‍ර ආර්ථික සංවර්ධනයක අවශ්‍යතාව පවතින රටකට වඩාත් ගැලපෙන්නේ දේශපාලන ස්ථාවරත්වය ගෙන එන විධායක ජනාධිපති ක්‍රමයයි. එසේ වුවද ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග කිව යුතු අතර ජනාධිපතිවරයාගේ තීරණ අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකි විය යුතුයි. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කමිටු ඉදිරියට කැඳවා ඔහුගේ තීරණ සහ ක්‍රියාකලාපය පිළිබඳ ප්‍රශ්න කිරීමට හැකි විය යුතුයි. එමෙන්ම මාස හයකට වරක් ජනාධිපතිවරයාගේ තීරණ සහ ක්‍රියා කලාපය පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පැවැත්විය යුතු අතර එහි පිලිතුරු කතාව කරමින් ජනාධිපතිවරයා ද එකී විවාදයට සහභාගි විය යුතුයි. ජනාධිපති කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයෙකු සිටිය යුතු අතර ඔහු ජනාධිපති සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධිකරණය මෙන්ම ජනාධිපතිගේ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රිවරුන් නගන ප්‍රශ්න වලට පිලිතුරු සැපයීම ද කළ යුතුයැයි අප යෝජනා කරණවා. එමෙන්ම ජනාධිපතිවරයාට නීතිය හමුවේ පූර්ණ මුක්තියක් හිමි නොවිය යුතු අතර පුරවැසියන්ට ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක් කීරීමට හැකි ක්‍රමවේදයක් ව්‍යවස්ථාවට අන්තර්ගත විය යුතුය. නමුත් ජාතික ආරක්ෂාව පිළිබඳ ගන්නා තීන්දු කිසිම අධිකරණයක අභියෝගයට ලක් කිරීමට නොහැකි විය යුතුයි. [B]මැතිවරණ ක්‍රමය සාධනීය මැතිවරණ ක්රමයක පහත ලක්ෂණ පැවතිය යුතුයි.[/B] 1) ජයග්‍රහණය කරන පක්ෂයට පහසුවෙන් සභාවක සාමාන්‍ය බහුතරය (50%) ලබා ගැනීමට හැකි වීම. 2) ජයග්‍රහණය කරන පක්ෂයට කිසිසේත්ම සභාවක විශේෂ බහුතරය (67%) ලබා ගැනීමට නොහැකි වීම. 3) සමාජයේ පවතින විවිධ මතවාද සභාව තුල නිරූපණය වීම. පවතින පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය යටතේ ස්ථාවර ආණ්ඩු පිහිටුවීම ඉතා අසීරු වී ඇති අතර අස්ථාවර ආණ්ඩු බිහිවීම හේතුවෙන් අන්තවාදි සුළු පක්ෂ වලට ආණ්ඩු සමග කේවල් කරමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරවීමට හැකි වීමටත් වරප්‍රසාද වලට පිල් මාරු කරන දූෂිත මන්ත්‍රීවරුන් බිහිවීමටත් හේතු වී තිබෙනවා. පවතින මැතිවරණ ක්‍රමය තුල ස්ථාවර ආණ්ඩුවක් බිහි කර ගැනීම සඳහා දිස්ත්‍රික්කයක් ජයග්‍රහණය කරන පක්ෂයට එක් ප්‍රසාද මන්ත්‍රි ධූරයක් ලබා දී ඇතත් විවිධ දිස්ත්‍රික්ක ජයග්‍රහණය කරන්නේ විවිධ දේශපාලන පක්ෂ බැවින් එකී ක්‍රමය ස්ථාවර ආණ්ඩුවක් බිහි කිරීමට අසමත් වී තිබෙනවා. 1989, 2010 සහ 2020 යන සුවිශේෂී අවස්ථාවන්හි හැර සෑම මැතිවරණයක දීම ජයග්‍රහණය කරන පක්ෂ ලබා ගෙන ඇත්තේ මන්ත්‍රි ධූර 105ත් 109ත් අතර ගණනක්. පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය වන්නේ මන්ත්‍රි ධූර 113ක්. එබැවින් අස්ථාවර පාර්ලිමේන්තු බිහි වීමට විසඳුමක් ලෙස පිවිතුරු හෙළ උරුමය යෝජනා කරන්නේ දිස්ත්‍රික් ප්‍රසාද මන්ත්‍රි ධූර අහෝසි කර යම් පාර්ලිමේන්තු මැතිවරණයක ජයග්‍රහණය ලබන පක්ෂයට ජාතික මට්ටමින් ප්‍රසාද මන්ත්‍රී ධූර 10ක් ලබා දෙන ලෙසයි. පවතින සමානුපාතික මැතිවරණ ක්රමයේ යහපත් ලක්ෂණ රැක ගනිමින් අයහපත් ලක්ෂණ බැහැර කරමින් සමානුපාතික සහ කොට්ඨාශ ක්‍රම දෙකෙහිම ලක්ෂණ ඇති මිශ්‍ර ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. [B]ජනාධිපතිවරණය අහෝසි කර පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල පදනම් කරගෙන ජනාධිපති තෝරා ගැනීම[/B] පාර්ලිමේන්තු, පලාත් සභා සහ පළාත්පාලන මැතිවරණ වල දී යම් කොට්ඨාශයකට හිමි මන්ත්‍රි ධූර ගණන තීරණය කර ඇත්තේ ජනගහනය සහ භූමි ප්‍රමාණය යන සාධක දෙකම පදනම් කර ගනිමින්. නමුත් ජනාධිපතිවරණයේ දී භූමි ප්‍රමාණය යන සාධකය නොසලකා තිබෙනවා. එබැවින් ජනාධිපතිවරයා සෘජුවම තෝරා ගැනීම වෙනුවට පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල මත ජනාධිපති තෝරා ගැනීම කළ යුතුයි කියා අප යෝජනා කරනවා. එවිට ජනාධිපතිවරණයට වැය වන දැවැන්ත මහජන මුදල් ද ඉතිරි වනු ඇති. පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වන සෑම පක්ෂයක්ම ජනාධිපති අපේක්ෂකයෙකු නම් කළ යුතු අතර පාර්ලිමේන්තුව විසින් ජනාධිපති ලෙස තෝරා ගන්නා මන්ත්‍රිවරයා සිය මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්විය යුතුයි. [B]ජනාධිපති ධූරයේ වාර සීමාව[/B] ඇමෙරිකානු විධායක ජනාධිපති පත් වීම පදනම් කරගෙන ශ්‍රී ලංකාවේ ද ජනාධිපතිවරයාගේ වාර ගණන දෙකකට සීමා කර තිබෙනවා. එවැනි සීමාවක් ඇමෙරිකා එක්සත් ජනපදය විසින් ඇති කලේ පළමු ජනාධිපති වාර 4ක් ජනාධිපති ධූරය දැරූ හෙයින් අනෙකුත් ජ්‍යෙෂ්ඨයින්ට අවස්ථාව අහිමි වූ බැවින්. ජනාධිපතිවරයා තව දුරටත් තනතුරේ සිටිය යුතු දැයි තීරණය කළ යුත්තේ ජනතාව මිස ව්‍යවස්ථාව නොවේ. සිංගප්පූරුවේ අගමැති ලී ක්වාන් යූ සහ මැලේසියාවේ අගමැති මහතිර් මොහොමඩ් යන මහත්වරුන්ට දිගු කාලයක් තනතුරේ සිටිමින් රට තුල දැවැන්ත විප්ලවයක් කළ හැකි වූයේ එම රටවල ආණ්ඩු ප්‍රධානි වන අගමැතිට තනතුර දැරීමේ වාර සීමාවක් නොමැති බැවින්. ජනපති ධූරයට පැවැති වාර සීමාව 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළ විට ඊට එරෙහිව නැගුණු චෝදනාව වූයේ විධායක ජනාධිපති ධූරයේ සිටින අයෙකු මැතිවරණයක දී පරාජය කළ නොහැකි බැවින් ඒකාධිපතියෙකු බිහි වන බවයි. නමුත් 18 වන සංශෝධනයෙන් පසු පැවැත්වූ පළමු ජනාධිපතිවරණයෙන් ම තනතුරේ සිටි ජනාධිපති පරාජය වුණු බැවින් එකී චෝදනාව පදනම් විරහිත බව පෙනුණා. [B]එක රටක් එක නීතියක්[/B] ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක මුස්ලිම් විවාහ නීතිය, උඩරට විවාහ නීතිය සහ තේසවලාමේ නීතිය ඇතුළු සියළුම පුද්ගල සහ ප්‍රාදේශීය නීති ඉවත් කර සමස්ත ශ්‍රී ලාංකික ජනතාවම එක පොදු නීති ක්‍රමයක් හරහා පාලනය කිරීමට අවශ්‍ය ව්‍යවස්ථාමය රාමුව නව ආණ්ඩු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු බවට අපි යෝජනා කරමු. [B]ජාතික පසුවිපරම් සභාවක් පිහිටුවීම[/B] බොහෝ ආණ්ඩු ආකර්ෂණීය පොරොන්දු මැතිවරණ ප්‍රකාශයට ඇතුලත් කළත් ඒවා බලය ලැබීමෙන් පසු අමතක කරනවා. ප්‍රතිපත්ති ප්‍රකාශය යනු ආණ්ඩුව සහ ජනතාව අතර ගිවිසුමක් බැවින් එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී සිටිනවා. එබැවින් ආණ්ඩුවක් බලයට පත් වුණු පසු මැතිවරණ ප්‍රකාශයේ අඩංගු සියළුම කරුණු අදාළ අමාත්‍යාංශ වලට බෙදා වසර 5 පුරා විසිරුණු ඉලක්ක සකසා ඒවා ක්‍රියාත්මක කිරීම අදාළ අමාත්‍යාංශයට පැවරිය යුතුයි. එකී වගකීම් බෙදීම, ඉලක්ක සැකසීම සහ නිරතුරුව ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සහ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් ජාතික පසුවිපරම් සභාවක් පිහිටුවිය යුතුයි. [B]ශ්‍රී ලංකාවේ උපායමාර්ගික සම්පත් විදේශිකයන්ට බදුදීමට සීමා පැනවීම[/B] කිසිදු ආණ්ඩුවකට වරාය, ගුවන් තොටුපොල, අධිවේගි මාර්ග, විදුලි බලාගාර, තෙල් පිරිපහදු, වැව් සහ ගංගා වැනි උපායමාර්ගික වශයෙන් වැදගත් සම්පත් සිය ධූර කාලය ඉක්මවා යන සේ විදේශිකයන්ට බදු දීමට නොහැකි වන අයුරින් සීමා පැනවිය යුතුය. උපාය මාර්ගික සම්පත් විදේශිකයන්ට බදු දෙන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් යෝජනාවක් සම්මත විය යුතු බවට ව්‍යවස්ථාවට වගන්තියක් එකතු විය යුතු බව අප යෝජනා කරසිටිනවා. [B]සම්මත පනතක ව්‍යවස්ථානුකූලත්වය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කිරීමට හැකි කිරීම[/B] වර්තමාන ව්‍යවස්ථාව අනුව යම් පනතක ව්‍යවස්ථානුකූලත්වය අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ හැක්කේ පනත සම්මත වීමට පෙර පමණයි. එබැවින් කාරක සභා අවස්ථාවන් හි ව්‍යවස්ථානුකූල නොවන සංශෝධන පනත් තුලට ගෙන ඒමට සමහර ආණ්ඩු කටයුතු කර ඇත. එබැවින් පනතක් සම්මත වී මාස තුනක් ඇතුලත එහි ව්‍යවස්ථානුකූලත්වය අභියෝග කිරීමට ජනතාවට අවස්ථාව තිබිය යුතුයි. [B]ද්විත්ව පුරවැසිභාවය අයිතිවාසිකමක් නොව වරප්‍රසාදයක් පමණක් ලෙස සැලකීම[/B] විදේශීය පුරවැසියෙකු මහ බැංකුවේ අධිපති ධූරයට පත් කිරීමේ ආදිනව මෑත කාලයේ අපි අත්වින්දෙමු. විදේශීය පුරවැසියෙකුට සිය තනතුර යොදා ගනිමින් ජාතියට හානි සිදු කර පුරවැසි බව හිමි රටට පලා යෑමට හැකි වීම භයානක තත්වයකි. නොවෙයි මේ දිනවල ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි යළි ලබාගැනීම සම්බන්ධයෙන් මම ඉන්දියානු ආණ්ඩුව සමඟ සාකච්ඡා පවත්වනවා. මම ශ්‍රී ලංකා ඉන්දියා ද්විත්ව පුරවැසියෙක් නම් මේ රටේ ජනතාවට සාධාරණ සැකයක් ඇතිවෙනවා ගම්මන්පිල ගන්නෙ ලංකාවේ පැත්තට ඉන්දියාවේ පැත්තද කියලා. එබැවින් ජනාධිපතිගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රි දක්වා වූ මහජන නියෝජිත තනතුරු, විනිසුරු තනතුරු, රාජ්‍ය ආයතන ප්‍රධානි තනතුරු, තානාපති තනතුරු සහ කොමිෂන් සභා සාමාජික තනතුරු වැනි වැදගත් තනතුරු දැරීමට ශ්‍රී ලාංකික පුරවැසියෙකු වීමත් විදේශීය පුරවැසියෙකු නොවීමත් අනිවාර්රය වන සේ නීති සම්පාදනය කල යුතුයි. ද්විත්ව පුරවැසියෙක් ලංකාවේ තනතුරක් දරමින් සිය පුරවැසි බව හිමි අනිත් රට සමග මෙරට වෙනුවෙන් ගනුදෙනු කරන විට ඔහුගේ පක්ෂපාතිත්වය සැබවින්ම තිබෙන්නේ කුමන රටට දැයි ජනතාවට කුකුසක් මතු වේ. එබැවින් රාජ්‍යයේ වැදගත් තනතුරු ද්විත්ව පුරවැසියන්ට ලබා දීම ජාතික අවදානමකි. ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසියන් බිහි වන්නේ විදේශිකයෙකුට ශ්‍රී ලාංකික පුරවැසිකම ලබා දීමෙනි. එබැවින් ද්විත්ව පුරවැසිකම හුදු වරප්‍රසාදයක් මිස අයිතිවාසිකමක් නොවේ. මෙම මාධ්‍ය හමුව සඳහා අධ්‍යාපන ලේකම් ආචාර්ය නිමල් කුමාරසිංහ, විදේශ කටයුතු ලේකම් නීතිඥ රෝහන තල්පාවිල යන මහත්වරුන් ද සහභාගීවිය. – අරවින්ද අතුකෝරල [URL]https://lankacnews.com/%e0%b7%81%e2%80%8d%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd%e0%b6%82%e0%b6%9a%e0%b7%8f%e0%b7%80%e0%b7%99%e0%b7%8a-%e0%b6%b1%e0%b6%b8-%e0%b7%80%e0%b7%99%e0%b6%b1%e0%b7%83%e0%b7%8a-%e0%b6%9a/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom