Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ෂික් de las Munecas
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මියෑදුණු දැරියක වෙනුවෙන් කැප කළ බෝනික්කන්ගේ දිවයින

මිනිසුන් සමුගෙන ගිය ද ඇතැම් මතකයන් මෙලොවින් සමු ගන්නේ නැත. වසර දහස් ගණන් පැරණි ඇතැම් මතකයන් අදට ද මේ මිහිතලය මත හොල්මන් කරන්නේ, කාලයේ වැලිතලාවේ මැකී යා දිය නො හැකි තරමටම ඒවා අසාධාරණ හෝ ෙ€දනීය මතකයන් වූ බැවිනි. මීට අඩ සියවසකට පමණ ඉහත දී සිදු වූ එවන් දුක්බර සිදුවීමක අඳුරු මතකයක් අදටත් මෙක්සිකෝ සිටි (Mexico City) ආසන්නයේ පිහිටි එක්තරා කුඩා දූපතක සැරිසරමින් සිටී. කිසිදු මිනිසකු වාසය නො කරන මෙම කුඩා දිවයිනෙහි එකම අයිතිකරුවන් වන දහස් ගණනක් වූ බිය උපදවනසුලු බෝනික්කන් අදට ද එක්තරා කුඩා දැරියකගේ ආත්මය වෙනුවෙන් හඬා වැටේ.

මෙක්සිකානු අගනුවරට දකුණු පසින් Xochimico ඇළෙහි පිහිටා ඇති මෙම කුඩා දිවයින ප්‍රදේශවාසීන් හඳුන්වනු ලබන්නේ ෂික් de las Munecas හෙවත් බෝනික්කන්ගේ දිවයින (The Island of Dolls) නමිනි. මෙක්සිකෝ සිටි (Mexico City) නගරයේ සිට Xochimico ඇළෙහි, පැය කිහිපයක, වෙහෙසකර බෝට්ටු සංචාරයක් අවසානයේ මෙම කුඩා ගුප්ත දිවයිනට ළඟා විය හැකිය. දීප්තිමත් හිරු එළියේ ඇති ප්‍රබෝධමත් ගතිය නැතිවී ගොස් දිවා කාලයේ පවා හාත්පස වෙළා ගන්නා අද්භූතකර සිහින් අන්ධකාරය හා වාතස්කන්ධයේ ඇතිවන අසාමාන්‍ය බර ගතිය ඔබට තමා දූපතට ආසන්න වී ඇති බවට දැනගැනීමට ඇති හොඳම සලකුණකි. නොබෝ වේලාවකින්, ගස්වල එල්ලී සිටිනා දහස් ගණන් බිය උපදවනසුලු විකෘති වූ බෝනික්කන්, මකුළුවන් හා විවිධ කෘමීන් ලැගුම් ගත් සිය ගැඹුරු ඇස් කුහර තුළින් ඔබ දෙස බලා සිටින බෝනික්කන්ගේ දිවයින ඔබට දිස් වනු ඇත.

ගස්වල, වැටවල්වල මෙන්ම ඉඩ ඇති සෑම තැනකම පාහේ චකිතය දනවනසුලු බෝනික්කන් හා ඔවුන්ගේ ඡේදනය කරන ලද ශරීර කොටස් එල්ලා ඇති බෝනික්කන්ගේ දිවයින වර්තමානය වන විට මෙක්සිකෝව තුළ ඇති සංචාරක මර්මස්ථානයකි. ගුප්ත, අද්භූත රසය විඳීමට රිසි සංචාරකයන් ලොව නන් දෙසින් මෙහි ඇදී එන්නේ කිසිදු මනුෂ්‍යයකු වාසය නොකරන හුදකලා බිම් පියසක් වන මෙම කුඩා දිවයින මෙලොව ඇති අමනුෂ්‍යයන් ලැගුම් ගත්, අද්භූතම ස්ථාන අතරින් එකක් ලෙස අවිවාදයෙන් සැලකෙන බැවිනි.

දිවයිනේ එකම පදිංචිකරුවන් වන සිය ගණනක් වූ බෝනික්කන් දූපත තුළ ඇති කරන්නේ අමුතුම ආකාරයේ ගුප්ත බවකි. වසර ගණනක් තිස්සේ වැස්සට නිරාවරණය වීමෙන් හා අව්වට පිළිsස්සීමෙන් අවපැහැ ගැන්වුණු ප්ලාස්ටික් සිරුරු පුරා වැඩුණු විවිධ පුස් වර්ග මෙන්ම ගැළවී ගිය කෘත්‍රිම කොණ්ඩා හා ඇස් රහිත හිස් ඇස් කුහර තුළ ලැගුම් ගත් විවිධාකාර කෘමීන් ස්වභාවධර්මයා විසින් නිපදවන ලද අද්භූත සැරසිල්ලක් බඳුය. බැලු බැලූ අත විවිධ තැන්වල එල්ලී සිටිනා මෙම බෝනික්කන් දීප්තිමත් හිරු එළියෙන් නැහැවුණු දිවා කාලයේ පවා ඇති කරන්නේ චකිතය දනවනසුලු භයංකාර බවකි. එවන් තත්ත්වයක රාත්‍රී අන්ධකාරයේදී එයින් දිස්වන ස්වභාවය ගැන කතා කරන්නට කිසිවෙකුත් එඩිතර වන්නේ නැත.

බොහෝ දෙනාගේ විශ්වාසය පරිදි දූපත පුරා ලැගුම්ගෙන සිටිනා මෙම බෝනික්කන් තුළට කුඩා දැරියන්ගේ මළගිය ආත්ම ආරූඪ වී ඇත. ඔවුන් එකිනෙකා සමඟ රහස් කොඳුර ගන්නා බවටත්, දෑස් කරකවමින් දූපතට පැමිණෙන ආගන්තුකයන් දෙස බලා සිටින බවත් එහි යන සංචාරකයෝ පවසති.

වර්තමානයේ බෝනික්කන්ගේ දිවයින මෙලෙස තම ආවේණික භයංකාරත්වය සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුවත් සැබැවින්ම ආරම්භයේදී මෙය ගොඩනැඟුණේ එක්තරා අහිංසක මිනිසකු විසින් තනන ලද ආදරයේ ස්මාරකයක් ලෙසිනි. මීට වසර පනහකට පමණ පෙර, මෙම කුඩා දිවයිනෙහි ජීවත් වූ එකම මනුෂ්‍යයා වූ අසරණ, හුදකලා, අහිංසක ගැමියකු වූ දොන් ජුලියන් සන්ටානාට (Don Julián Santana) දූපත අසල දියෙහි පාවෙමින් තිබී, දියේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරක් හමුවිණි. මෙම කුඩා දැරියගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ගැන අතිශය කම්පාවට පත් ඔහු මළ සිරුර අසල දියෙහි පාවෙමින් තිබූ ඇගේ බෝනික්කිය ගෙන, අසරණ දැරියගේ ආත්මයට කරන ආදරණීය උපහාරයක් වශයෙන් එය අසල වූ ගසක එල්වා තැබීය.

එහෙත් දොන් ජුලියන්ගේ මෙම අහිංසක ක්‍රියාව ඔහු උමතුභාවයට හැරවීය. දූපත හා බැඳුණු පුරාවෘත්තවලට අනුව එලෙස දැරියගේ බෝනික්කා ගසක එල්වීමෙන් අනතුරුව දැරියගේ මළගිය ආත්මය දොන් ජුලියන්ට වධ දෙන්නට විය. මනුෂ්‍ය වාසයෙන් ගව් ගණනක් ඈතින්, මේ කුඩා දූපතේ හුදකලාව ජීවත් වූ දොන් ජුලියන්ට රාත්රියේදී කුඩා දැරියකගේ කෙඳිරිලි හඬවල්, කිසිවකු හෝ ඇවිද යන විට නැඟෙන අඩි හඬවල් හා ගැහැනියකගේ වේදනාත්මක වැළපීම් ඇසෙන්නට පටන් ගත්තේය. මේ හේතූන් නිසා මියගිය දැරියගේ ආත්මය විමුක්තිය සොයා ගත නොහී දිවයින තුළ සැරිසරන බව ඔහු තරයේ ඇදහූ අතර දැරියගේ දුකට පත් ආත්මය සතුටු කිරීම සඳහා දොන් ජුලියන් ඇය වෙනුවෙන් දූපත පුරා බෝනික්කන් එල්වීමට පටන් ගත්තේ ය. කිසියම් හෝ අභිරහස් හේතුවක් නිසා, එලෙස බෝනික්කන් එල්වීමෙන් දැරියගේ ආත්මයට සැනසීම ලබා දිය හැකි බවත්, එමඟින් දිවයින අන්ධකාරයෙන් හා නපුරෙන් මුදා ගත හැකි බවත් ඔහු විශ්වාස කළේ ය. මුල් කාලයේ දී ඔහු කසළ ගොඩවල් අවුස්සමින් ඒවායේ ඇති බෝනික්කන් හා ඔවුන්ගේ ශරීර කොටස් මේ සඳහා යොදා ගත් නමුත් ඔහුගේ පීඩාවට පත් මනසට එයින් පමණක් සෑහීමකට පත් වීමට නො හැකි විය. ඔහුගේ මෙම උමතුව කෙතරම් උග්‍ර වී ද යත් පසුකාලීනව ඔහු තමා දිවයිනෙහි වගා කරන එළවළු, පලතුරු හා මල් වර්ග මෙක්සිකෝ සිටි වෙත ගෙන ගොස් විකුණා ඒ මුදලින් බෝනික්කන් මිල දී ගෙනැවිත් දූපතෙහි එල්වනා තත්ත්වයට පත් විය. මෙලෙස අඩ සියවසක් පුරාවට තම මනෝ ව්‍යාධිය විසින් පෙළනු ලැබූ දොන් ජුලියන් නොදැනුවත්වම මිහිමත ඇති වඩාත්ම අද්භූත, ගුප්ත, බිය උපදවනසුලු, භයංකාර භූමියක් නිර්මාණය කළේ ය.

කෙසේ නමුත් මෙලෙස අඩ සියවසක පමණ දුක්�ත පරිශ්‍රමයකින් අනතුරුව, අවසානයේදී කතාවට තවත් දුෂ්ට මුහුණුවරක් ලබා දෙමින් 2001 වසරේදී ඔහුගේ ඥාති පුත්‍රයාට දොන් ජුලියන්ගේ මළ සිරුර, මීට වසර පනහකට පෙර දැරිය ගිලී මියගිය ස්ථානයේම තිබී හමුවිණි. ඔහු මියගොස් තිබුණේ ද කුඩා දැරිය මෙන්ම දියේ ගිලීමෙනි. දූපත හා සබැඳි කතාන්දරවලට අනුව දූපතේ එල්වා ඇති බෝනික්කන්ට අරක් ගෙන ඇති කුරිරු භූතාත්ම විසින් කුමන්ත්රණයකින් ඔහුව මරා දමා තිබුණි. තවත් කතාවකට අනුව දොන් ජුලියන්ගේ ආත්මය ද දූපතට අරක්ගෙන සිටින දහස් ගණන් භූතාත්ම අතරට එක් වී ඇත. ඇතැමුන් විශ්වාස කරන පරිදි දොන් ජුලියන්ගේ මරණයෙන් පසුව දිවයිනේ ආරක්ෂකයා වශයෙන් ඔහුගේ තැන බෝනික්කන් විසින් භාරගනු ලැබ ඇත. කරුණු කෙසේ නමුත්, දොන් ජුලියන්ගේ මරණය දූපත හා සබැඳි හොල්මන් කතා තව තවත් සාරවත් කරවීය.

දොන් ජුලියන්ගේ මරණයෙන් පසුව මෙම කුඩා හුදකලා දූපත ලෝකයට විවර වූ අතර එය අධික සංචාරක ආකර්ෂණයක් දිනූ ස්ථානයක් බවට පත් විණි. අද වන විට එහි, මෙම කුඩා ගුප්ත දිවයිනේ ආදි කර්තෘවරයා වූ දොන් ජුලියන් සිහිවනු පිණිස කුඩා කෞතුකාගාරයක් ද පිහිටුවා ඇත. දූපත නැරඹීමට පැමිණෙන සංචාරකයෝ දොන් ජුලියන්ගේ ක්‍රියාවට උපහාර දැක්වීමක් ලෙසත්, දිවයිනට අරක්ගෙන ඇතැයි සැලකෙන ඒ කුඩා දැරියගේ ආත්මයට තුටු පඬුරු ලෙසත් දිවයිනෙහි එල්වීමට බෝනික්කන් ගෙන ඒමට අමතක නො කරති.

කෙසේ නමුත් අහිංසක මිනිසකු විසින් කුඩා දැරියක උදෙසා තැනූ ආදරයේ ස්මාරකයක් අවසානයේ මෙලෙස ලොවෙහිම අවධානය දිනා ගත්, තැති ගැන්වෙනසුලු, භයංකාර ස්ථානයක් බවට පත් විය. දූපත හා සබැඳි හොල්මන් කතා සත්‍ය වුවත් නැතත්, මිනිසකු හා ස්වභාවධර්මයා එක්ව මේ මිහිතලය මත මැවූ තවත් අද්භූත නිර්මාණයක් වන බෝනික්කන්ගේ දිවයින සියෑසින් දැක ගැනීම මින් පෙර අත් විඳ නොමැති අයුරේ අපූර්ව අත්දැකීමක් වනු ඇති බව නම් නොඅනුමාන ය.

මනීෂි ගමගේ

[QUOTE="somadasa, post: 21186266, member: 220773"] [FONT=Verdana][SIZE=5][COLOR=#006600]මියෑදුණු දැරියක වෙනුවෙන් කැප කළ බෝනික්කන්ගේ දිවයින[/COLOR][/SIZE][/FONT][FONT=Verdana][SIZE=4] [IMG]http://www.divaina.com/2017/01/29/dall.jpg[/IMG]මිනිසුන් සමුගෙන ගිය ද ඇතැම් මතකයන් මෙලොවින් සමු ගන්නේ නැත. වසර දහස් ගණන් පැරණි ඇතැම් මතකයන් අදට ද මේ මිහිතලය මත හොල්මන් කරන්නේ, කාලයේ වැලිතලාවේ මැකී යා දිය නො හැකි තරමටම ඒවා අසාධාරණ හෝ ෙ€දනීය මතකයන් වූ බැවිනි. මීට අඩ සියවසකට පමණ ඉහත දී සිදු වූ එවන් දුක්බර සිදුවීමක අඳුරු මතකයක් අදටත් මෙක්සිකෝ සිටි (Mexico City) ආසන්නයේ පිහිටි එක්තරා කුඩා දූපතක සැරිසරමින් සිටී. කිසිදු මිනිසකු වාසය නො කරන මෙම කුඩා දිවයිනෙහි එකම අයිතිකරුවන් වන දහස් ගණනක් වූ බිය උපදවනසුලු බෝනික්කන් අදට ද එක්තරා කුඩා දැරියකගේ ආත්මය වෙනුවෙන් හඬා වැටේ. මෙක්සිකානු අගනුවරට දකුණු පසින් Xochimico ඇළෙහි පිහිටා ඇති මෙම කුඩා දිවයින ප්‍රදේශවාසීන් හඳුන්වනු ලබන්නේ ෂික් de las Munecas හෙවත් බෝනික්කන්ගේ දිවයින (The Island of Dolls) නමිනි. මෙක්සිකෝ සිටි (Mexico City) නගරයේ සිට Xochimico ඇළෙහි, පැය කිහිපයක, වෙහෙසකර බෝට්ටු සංචාරයක් අවසානයේ මෙම කුඩා ගුප්ත දිවයිනට ළඟා විය හැකිය. දීප්තිමත් හිරු එළියේ ඇති ප්‍රබෝධමත් ගතිය නැතිවී ගොස් දිවා කාලයේ පවා හාත්පස වෙළා ගන්නා අද්භූතකර සිහින් අන්ධකාරය හා වාතස්කන්ධයේ ඇතිවන අසාමාන්‍ය බර ගතිය ඔබට තමා දූපතට ආසන්න වී ඇති බවට දැනගැනීමට ඇති හොඳම සලකුණකි. නොබෝ වේලාවකින්, ගස්වල එල්ලී සිටිනා දහස් ගණන් බිය උපදවනසුලු විකෘති වූ බෝනික්කන්, මකුළුවන් හා විවිධ කෘමීන් ලැගුම් ගත් සිය ගැඹුරු ඇස් කුහර තුළින් ඔබ දෙස බලා සිටින බෝනික්කන්ගේ දිවයින ඔබට දිස් වනු ඇත. ගස්වල, වැටවල්වල මෙන්ම ඉඩ ඇති සෑම තැනකම පාහේ චකිතය දනවනසුලු බෝනික්කන් හා ඔවුන්ගේ ඡේදනය කරන ලද ශරීර කොටස් එල්ලා ඇති බෝනික්කන්ගේ දිවයින වර්තමානය වන විට මෙක්සිකෝව තුළ ඇති සංචාරක මර්මස්ථානයකි. ගුප්ත, අද්භූත රසය විඳීමට රිසි සංචාරකයන් ලොව නන් දෙසින් මෙහි ඇදී එන්නේ කිසිදු මනුෂ්‍යයකු වාසය නොකරන හුදකලා බිම් පියසක් වන මෙම කුඩා දිවයින මෙලොව ඇති අමනුෂ්‍යයන් ලැගුම් ගත්, අද්භූතම ස්ථාන අතරින් එකක් ලෙස අවිවාදයෙන් සැලකෙන බැවිනි. දිවයිනේ එකම පදිංචිකරුවන් වන සිය ගණනක් වූ බෝනික්කන් දූපත තුළ ඇති කරන්නේ අමුතුම ආකාරයේ ගුප්ත බවකි. වසර ගණනක් තිස්සේ වැස්සට නිරාවරණය වීමෙන් හා අව්වට පිළිsස්සීමෙන් අවපැහැ ගැන්වුණු ප්ලාස්ටික් සිරුරු පුරා වැඩුණු විවිධ පුස් වර්ග මෙන්ම ගැළවී ගිය කෘත්‍රිම කොණ්ඩා හා ඇස් රහිත හිස් ඇස් කුහර තුළ ලැගුම් ගත් විවිධාකාර කෘමීන් ස්වභාවධර්මයා විසින් නිපදවන ලද අද්භූත සැරසිල්ලක් බඳුය. බැලු බැලූ අත විවිධ තැන්වල එල්ලී සිටිනා මෙම බෝනික්කන් දීප්තිමත් හිරු එළියෙන් නැහැවුණු දිවා කාලයේ පවා ඇති කරන්නේ චකිතය දනවනසුලු භයංකාර බවකි. එවන් තත්ත්වයක රාත්‍රී අන්ධකාරයේදී එයින් දිස්වන ස්වභාවය ගැන කතා කරන්නට කිසිවෙකුත් එඩිතර වන්නේ නැත. බොහෝ දෙනාගේ විශ්වාසය පරිදි දූපත පුරා ලැගුම්ගෙන සිටිනා මෙම බෝනික්කන් තුළට කුඩා දැරියන්ගේ මළගිය ආත්ම ආරූඪ වී ඇත. ඔවුන් එකිනෙකා සමඟ රහස් කොඳුර ගන්නා බවටත්, දෑස් කරකවමින් දූපතට පැමිණෙන ආගන්තුකයන් දෙස බලා සිටින බවත් එහි යන සංචාරකයෝ පවසති. වර්තමානයේ බෝනික්කන්ගේ දිවයින මෙලෙස තම ආවේණික භයංකාරත්වය සඳහා ප්‍රසිද්ධියක් ඉසිලුවත් සැබැවින්ම ආරම්භයේදී මෙය ගොඩනැඟුණේ එක්තරා අහිංසක මිනිසකු විසින් තනන ලද ආදරයේ ස්මාරකයක් ලෙසිනි. මීට වසර පනහකට පමණ පෙර, මෙම කුඩා දිවයිනෙහි ජීවත් වූ එකම මනුෂ්‍යයා වූ අසරණ, හුදකලා, අහිංසක ගැමියකු වූ දොන් ජුලියන් සන්ටානාට (Don Julián Santana) දූපත අසල දියෙහි පාවෙමින් තිබී, දියේ ගිලී මියගිය කුඩා දැරියකගේ මළසිරුරක් හමුවිණි. මෙම කුඩා දැරියගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වීම ගැන අතිශය කම්පාවට පත් ඔහු මළ සිරුර අසල දියෙහි පාවෙමින් තිබූ ඇගේ බෝනික්කිය ගෙන, අසරණ දැරියගේ ආත්මයට කරන ආදරණීය උපහාරයක් වශයෙන් එය අසල වූ ගසක එල්වා තැබීය. එහෙත් දොන් ජුලියන්ගේ මෙම අහිංසක ක්‍රියාව ඔහු උමතුභාවයට හැරවීය. දූපත හා බැඳුණු පුරාවෘත්තවලට අනුව එලෙස දැරියගේ බෝනික්කා ගසක එල්වීමෙන් අනතුරුව දැරියගේ මළගිය ආත්මය දොන් ජුලියන්ට වධ දෙන්නට විය. මනුෂ්‍ය වාසයෙන් ගව් ගණනක් ඈතින්, මේ කුඩා දූපතේ හුදකලාව ජීවත් වූ දොන් ජුලියන්ට රාත්රියේදී කුඩා දැරියකගේ කෙඳිරිලි හඬවල්, කිසිවකු හෝ ඇවිද යන විට නැඟෙන අඩි හඬවල් හා ගැහැනියකගේ වේදනාත්මක වැළපීම් ඇසෙන්නට පටන් ගත්තේය. මේ හේතූන් නිසා මියගිය දැරියගේ ආත්මය විමුක්තිය සොයා ගත නොහී දිවයින තුළ සැරිසරන බව ඔහු තරයේ ඇදහූ අතර දැරියගේ දුකට පත් ආත්මය සතුටු කිරීම සඳහා දොන් ජුලියන් ඇය වෙනුවෙන් දූපත පුරා බෝනික්කන් එල්වීමට පටන් ගත්තේ ය. කිසියම් හෝ අභිරහස් හේතුවක් නිසා, එලෙස බෝනික්කන් එල්වීමෙන් දැරියගේ ආත්මයට සැනසීම ලබා දිය හැකි බවත්, එමඟින් දිවයින අන්ධකාරයෙන් හා නපුරෙන් මුදා ගත හැකි බවත් ඔහු විශ්වාස කළේ ය. මුල් කාලයේ දී ඔහු කසළ ගොඩවල් අවුස්සමින් ඒවායේ ඇති බෝනික්කන් හා ඔවුන්ගේ ශරීර කොටස් මේ සඳහා යොදා ගත් නමුත් ඔහුගේ පීඩාවට පත් මනසට එයින් පමණක් සෑහීමකට පත් වීමට නො හැකි විය. ඔහුගේ මෙම උමතුව කෙතරම් උග්‍ර වී ද යත් පසුකාලීනව ඔහු තමා දිවයිනෙහි වගා කරන එළවළු, පලතුරු හා මල් වර්ග මෙක්සිකෝ සිටි වෙත ගෙන ගොස් විකුණා ඒ මුදලින් බෝනික්කන් මිල දී ගෙනැවිත් දූපතෙහි එල්වනා තත්ත්වයට පත් විය. මෙලෙස අඩ සියවසක් පුරාවට තම මනෝ ව්‍යාධිය විසින් පෙළනු ලැබූ දොන් ජුලියන් නොදැනුවත්වම මිහිමත ඇති වඩාත්ම අද්භූත, ගුප්ත, බිය උපදවනසුලු, භයංකාර භූමියක් නිර්මාණය කළේ ය. කෙසේ නමුත් මෙලෙස අඩ සියවසක පමණ දුක්�ත පරිශ්‍රමයකින් අනතුරුව, අවසානයේදී කතාවට තවත් දුෂ්ට මුහුණුවරක් ලබා දෙමින් 2001 වසරේදී ඔහුගේ ඥාති පුත්‍රයාට දොන් ජුලියන්ගේ මළ සිරුර, මීට වසර පනහකට පෙර දැරිය ගිලී මියගිය ස්ථානයේම තිබී හමුවිණි. ඔහු මියගොස් තිබුණේ ද කුඩා දැරිය මෙන්ම දියේ ගිලීමෙනි. දූපත හා සබැඳි කතාන්දරවලට අනුව දූපතේ එල්වා ඇති බෝනික්කන්ට අරක් ගෙන ඇති කුරිරු භූතාත්ම විසින් කුමන්ත්රණයකින් ඔහුව මරා දමා තිබුණි. තවත් කතාවකට අනුව දොන් ජුලියන්ගේ ආත්මය ද දූපතට අරක්ගෙන සිටින දහස් ගණන් භූතාත්ම අතරට එක් වී ඇත. ඇතැමුන් විශ්වාස කරන පරිදි දොන් ජුලියන්ගේ මරණයෙන් පසුව දිවයිනේ ආරක්ෂකයා වශයෙන් ඔහුගේ තැන බෝනික්කන් විසින් භාරගනු ලැබ ඇත. කරුණු කෙසේ නමුත්, දොන් ජුලියන්ගේ මරණය දූපත හා සබැඳි හොල්මන් කතා තව තවත් සාරවත් කරවීය. දොන් ජුලියන්ගේ මරණයෙන් පසුව මෙම කුඩා හුදකලා දූපත ලෝකයට විවර වූ අතර එය අධික සංචාරක ආකර්ෂණයක් දිනූ ස්ථානයක් බවට පත් විණි. අද වන විට එහි, මෙම කුඩා ගුප්ත දිවයිනේ ආදි කර්තෘවරයා වූ දොන් ජුලියන් සිහිවනු පිණිස කුඩා කෞතුකාගාරයක් ද පිහිටුවා ඇත. දූපත නැරඹීමට පැමිණෙන සංචාරකයෝ දොන් ජුලියන්ගේ ක්‍රියාවට උපහාර දැක්වීමක් ලෙසත්, දිවයිනට අරක්ගෙන ඇතැයි සැලකෙන ඒ කුඩා දැරියගේ ආත්මයට තුටු පඬුරු ලෙසත් දිවයිනෙහි එල්වීමට බෝනික්කන් ගෙන ඒමට අමතක නො කරති. කෙසේ නමුත් අහිංසක මිනිසකු විසින් කුඩා දැරියක උදෙසා තැනූ ආදරයේ ස්මාරකයක් අවසානයේ මෙලෙස ලොවෙහිම අවධානය දිනා ගත්, තැති ගැන්වෙනසුලු, භයංකාර ස්ථානයක් බවට පත් විය. දූපත හා සබැඳි හොල්මන් කතා සත්‍ය වුවත් නැතත්, මිනිසකු හා ස්වභාවධර්මයා එක්ව මේ මිහිතලය මත මැවූ තවත් අද්භූත නිර්මාණයක් වන බෝනික්කන්ගේ දිවයින සියෑසින් දැක ගැනීම මින් පෙර අත් විඳ නොමැති අයුරේ අපූර්ව අත්දැකීමක් වනු ඇති බව නම් නොඅනුමාන ය. මනීෂි ගමගේ [/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom