Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
සංචාරක ක්ශේත්‍රයෙන් ආයාචනයක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]133434[/ATTACH]

දෙදහස් දහනවයේ අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා, එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් සෙලවුණු සංචාරක කර්මාන්තය 2020 මාර්තු මාසයේදී ඇරැඹුණු කොරෝනා වසංගතයෙන් ඇද වැටී තිබේ. මෙය ඒ කර්මාන්තයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කෙරෙන ලිපියකි. ඒ පිළිබඳව කරුණු දක්වන්නේ ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ හිටපු සභාපති නිල්මින් නානායක්කාර මහතාය.

සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු අධ්යක්ෂවරයකු ද වන හෙතෙම අවුරුදු 40ක් පමණ ඒ කර්මාන්තයේම නිරත වන අත්දැකීම් බහුල ප්රවීණයෙකි. මේ ඒ මහතාගේ හඬයි.

පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් ඇද වැටුණු සංචාරක කර්මාන්තය විනාශ නොවී පවත්වාගෙන යාම සඳහා කර්මාන්තයේ නියුතු කාටත් රජයෙන් අඩු පොලියකට ණයක් ලැබිණි. කව්රුත් කර්මාන්තය පවත්වාගෙන ගියේ ඒ ණයෙනි. ඒ අවස්ථාවේ මා ඇතුළු කර්මාන්තකරුවන් බොහෝ දෙනකු තම සේවකයන් ඉවත් කළේද නැත. කොරෝනා පැමිණි පසු ඒ ණය නොගෙවා සිටීමට සහන කාලයක්ද ලැබිණි. එසේම මාස දෙකක් සඳහා මාසික වියදම් ද ලැබුණේ සහන පොලියකටය. ඊට අමතරව ජාතික සංවර්ධන බැංකුව හෙවත් එන්.ඩී.බී. ඔස්සේ හඳුන්වා දුන් ණය පහසුකමක් මත තවත් ඉතා සුළු ණයක් ද ලැබිණි. ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ට සේම හෝටල් හිමියන්ට සේම සංචාරක කර්මාන්තයට අදාළ බොහෝ අයට විවිධාකාරයෙන් මේ සහන ලැබුණත් ඒවා තිරසාර විසඳුම් නොවිණි.

අප නිරත මේ සංචාරක කර්මාන්තය ලංකාවට විදේශ විනිමය වැඩියෙන් ලැබෙන මාර්ගයකි. අපේ රටට විදේශ විනිමය වැඩියෙන්ම ලැබුණේ විදෙස් රැකියා කළ අයගෙනි. එහෙත් කොරෝනා නිසා විදෙස් රැකියා කළ අයගෙන් බහුතරයක් පෙරළා ලංකාවට පැමිණි නිසා ඔවුන්ගෙන් ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඉදිරියේදී අඩුවෙයි. විදේශ විනිමය ලැබුණු දෙවැනි මාර්ගය ඇඟලුම් අපනයනයයි. එහෙත් ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය, උපාංග හා යන්ත්‍ර සුත්‍ර පිටරටවලින් ආනයනය කිරීම නිසා ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායමෙන් විශාල ප්‍රමාණයක් යළි පිටරටවලට ඇදී යයි. එහෙත් සංචාරක කර්මාන්තය මගින් රටට ලැබෙන විදේශ විනිමය එසේ රටින් පිටට ඇදී යන්නේ නැත. එසේම ඇඟලුම් කර්මාන්තය ඔස්සේ ලැබෙන විදේශ විනිමයෙන් කොටසක් ආපසු පිටරටවලට ඇදී යන නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ශුද්ධ ආදායම ඇඟලුම් අපනයනයෙන් ලැබෙන ආදායමට වඩා විශාල බව මගේ වැටහීමයි. සංචාරක කර්මාන්තයේ වැඩි ආදායම හෝටල් හිමියන්ට ලැබිය යුතු බව අවිවාදිතය. හේතුව කර්මාන්තයේ පැවැත්ම සඳහා වැඩියෙන් ආයෝජනය කරන්නෝ ඔවුහුය. කර්මාන්තය සඳහා දෙවනුවට වැඩියෙන්ම අයෝජනය කරන්නේ ලංකාවට සංචාරකයන් ගෙන්වන්නෝය.

පිටරටවලට ගොස් ප්‍රවර්ධන කටයුතු කරන්නෙත් ඒවාට වියදම් කරන්නෙත් අපය. අවුරුද්දකට අප එසේ වියදම් කරන මුදල රුපියල් බිලියන 1.5ක් පමණ වෙයි. ඒ අනුව සංචාරක කර්මාන්තයෙන් දෙවනුවට ආදායම් ලැබිය යුත්තෝ ලංකාවට සංචාරකයන් ගෙන්වන්නෝය.

එහෙත් ලංකාවට පැමිණෙන සංචාරකයන් මගින් ආදායම් උපයන්නේ හෝටල් හිමියන් හා සංචාරකයන් ගෙන්වන්නන් පමණක් නොවේ. හෝටල්වලට විවිධ භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයන්ට, සංචාරකයන්ට මග පෙන්වන්නාට, අතර මගදී ආහාර සපයන පුද්ගලයන්ට, ගමන් බිමන් සඳහා කාර්, වෑන්, ත්‍රිරෝද, යතුරු පැදි, පාපැදි, සෆාරි ජීප් සපයන වාහන හිමියන්ට හා ඒවායේ රියැදුරන්ට සේම සංචාරකයන් යනෙන තැන්වල තැඹිලි විකුණන පුද්ගලයන්ටද ආදායම් ලැබෙයි.

මෙසේ විවිධ පුද්ගලයන්ට, විවිධ පැතිවලට හා විවිධ ක්ෂේත්රවලට ඇදායම් ගලායන වෙනත් කිසිම කර්මාන්තයක් නැත. එසේම රජයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලට හා වනජීවී දෙපාර්තමේන්තුවටද විශාල ආදායමක් ලැබෙයි. ඒ සියලු පුද්ගලයන් හා ආයතන ආදායම් උපයන්නේ අප ගෙන්වන සංචාරකයන්ගෙනි. මෙසේ අති විශාල පරාසයකට ආදායම් ඉපයිය හැකි වෙනත් කර්මාන්තයක් නැත. මේ බව බොහෝ දෙනා නොදන්නවා නොවේ.

ලංකාවට එන සංචාරකයන්ගෙන් සියයට 65ක් පමණ පැමිණෙන්නේ අපේ එනම් ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ සාමාජිකයන් හරහාය. සියයට 25ක් පමණ පිරිසක් ඕ.ටී.එස්. නමින් හඳුන්වන ඔන්ලයින් ටුවර් ඔපරේටස්ලා හරහා පැමිණෙති. ඉතිරි සියයට දහය වෙනත් දැන හැඳුනුම්කම් හා පෞද්ගලික සබඳතා ඔස්සේ පැමිණෙති. ලංකාවට සංචාරකයන් එන සෑම රටකම වෙන රටවලට සංචාරකයන් යවන සමාගම් තිබේ. අප සංචාරකයන් ගෙන්වන්නන් වන්නා සේම මෙරටට සංචාරකයන් එවන සමාගම් ද එතෙර රටවල තිබේ. සංචාරකයන් එවන ඒ සමාගම් දැනටත් ක්‍රියාත්මකය. ඒ සමාගම් වැසී නැත. ඒ රටවල ආණ්ඩුවලට තිබෙන ආර්ථික ශක්තිය අපේ රටේ ආණ්ඩුවට නැති බව අපි දනිමු. එහෙත් මෙරට හෝටල් පද්ධතිය සහ සංචාරකයන් ගෙන්වන සමාගම් රැක නොගතහොත් එය සංචාරක කර්මාන්තයෙන් යැපෙන සියලු දෙනාට හා සියලු ක්ෂේත්රවලට බලපායි.

එන්නත්කරණය හේතුවෙන් 2022 අගෝස්තු මාසය වෙද්දී අපේ රට යහපත් තත්ත්වයකට පැමිණෙනු ඇතැයි මම විශ්වාස කරමි. ගුවන් තොටුපොළ විවෘත කළ 2021 ජනවාරියේ සිට මේ වනවිටත් විදෙස් සංචාරකයෝ 18,000ක් පමණ ලංකාවට පැමිණියහ. ඒ සියල්ලන්ම සංචාරකයන් නොවුණත් විදෙස් ගුවන් ගමන් බලපත්‍ර හිමි 18,000ක් පමණ 2021 ජනවාරියේ සිට මෙරටට පැමිණ ඇත. ඒ නිසා යම් සැළසුමකට ගොස් මේ වසරේ ඔක්තෝබර් නොවැම්බර් වෙද්දිවත් අප යම් ප්රවර්ධනයක් කරගත යුතුය. 2018 පැමිණි සංචාරකයන් සංඛ්‍යාවෙන් සියයට 25ක් පමණවත් මේ වසරේදී ගෙන්වා ගැනීමට අප කටයුතු කළ යුතු බව මගේ විශ්වාසයයි. දැනට තියෙන තත්ත්වය අනුව ලබන වසරේ අගෝස්තු සැප්තැම්බර් වෙද්දි කර්මාන්තය යම් තත්ත්වයට පත්වනු ඇතැයි මම විශ්වාස කරමි.

කර්මාන්තයේ පැවැත්මටත් යම් ප්රවර්ධනයක් කර ගැනීම සඳහත් ප්‍රධාන වශයෙන් සංචාරකයන් ගෙන්වන සමාගම් සේම හෝටල් පද්ධතියද පවත්වාගෙන යා යුතුය. කර්මාන්තයට සම්බන්ධ අනෙක් ලොකු කුඩා ආයතන හා මිනිසුන් අමතක කළ යුතු බවක් මම නොකියමි. ඒ සියල්ල සේම ඔවුන් සියල්ලෝද රැකගත යුත්තෝය. ලෝකයේ සංචාරක කර්මාන්තය යළි පිබිදෙන විට අපේ රටේ ඊට අදාළ ක්ෂේත්‍ර වැටී තිබුණොත් අපට නැවත පණ ගසා නැගිටින්නට තවත් මාස අටක් දහයක් යයි. ඒ නිසා ලෝකයේ සංචාරක කර්මාන්තය යළි පිබිදෙනවාත් සමගම ක්‍රියාත්මක වීම සඳහා අපේ රටේ ඊට අදාළ සෑම ක්ෂේත්රයක්ම රැකගත යුතුය. සිංගප්පූරුව දැන් බලන්නේ කොරෝනා උණ හෙම්බිරිස්සාවක් සේ සලකමින් රෝගය මර්දනය කරමින් ඉදිරියට යාමටය. එසේ නොකර වසාගෙන සිටියොත් රට වැටෙන බව සිංගප්පූරුවේ තක්සේරුවයි. එහෙත් ප්‍රවර්ධන කටයුතු දැන් සිටම කළ යුතු බවක් මම නොකියමි. 2021 ජනවාරියේ සිට මෙරටට පැමිණි සංචාරකයන් 18,000න් සංචාරක පොකුරක් නිර්මාණය වූයේ නැත. සෞඛ්‍ය බලධාරීන්වත් එසේ කියා නැත. ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන පිරිස ලක්ෂ 30කි. ඒ ලක්ෂ 30 දෙසම බැලීම කාගේත් වගකීමකි.

අප ලෝකය දෙස බැලිය යුතුය. අනෙක් රටවල් කටයුතු කරන්නේ කෙසේදැයි බැලිය යුතුය. අපද ඒ අනුව සහ අපට හා රටට ගැළපෙන අයුරින් කටයුතු කළ යුතුය. සංචාරක පොකුරු ගැන කියන්නේ දේශපාලන අවස්ථාවාදියෝය. අපේ රටෙන් එවැනි පොකුරු බිහිවූයේ නැත. අවස්ථාවාදී දේශපාලකයන් එසේ කියන්නෝ පටු අරමුණු මතය. ඔවුන්ගේ ඒ ප්‍රකාශ රටේ ජනගහනයෙන් ලක්ෂ 30කටත් පොදුවේ රටේ ආර්ථිකයටත් බලපායි. එහෙයින් ලක්ෂ 30 ජන රැල්ලක් තමන්ට එරෙහිව කැඳවා නොගැනීමට ඒ දේශපාලකයන් පරිස්සම් විය යුතුය. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ සංචාරක කර්මාන්තයටත් ‘අනිච්චාවත සංඛාරා’ යි සඳහන් බැනරය දැමීමටය. එහෙත් කර්මාන්තයේ නියුතු ලක්ෂ 30ක් ඊට සූදානම් නැත. ඔවුන් දවසක් දවසක් පාසා කටයුතු කරන්නේ තමන් යැපෙන කර්මාන්තයට ජීවය පිඹින්නටය.

අපට එන්නත් කොපමණ ලැබෙන්නේද? ඒ එන්නත්කරණය සඳහා කොපමණ කාලයක් ගතවන්නේද යන්න මත අපට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ද සැලසුම් සකස් කළ හැකිය. දැනට තිබෙන තත්ත්වය මත ඒ සැලසුම් සකස් කිරීම 2021 අගෝස්තු මාසයේදී ආරම්භ කළ හැකි බව මගේ විශ්වාස යයි.

එන්නත්කණය නිමවූ පසුව සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කිරීමට පටන් ගතහොත් එය මහදැන මුත්තාගේ කටයුත්තක් වන බව මගේ තක්සේරුවයි. එන්නත්කරණය මෙසේම වුවහොත් යළි රැල්ලක් ඇති නොවුණොත් අපට මේ අවුරුද්දේ නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී පමණ සැනසුම් සුසුම් ගැනීමට හැකි වන බව මට විශ්වාසය.

ක්ෂණික විසඳුම් අවශ්‍ය කරුණු කිහිපයක්ද තිබේ. කල් බදු පහසුකම් යටතේ එනම් ලීසිං මත වාහන මිලදී ගත් සංචාරක කර්මාන්තකරුවන්ගේ වාහන, ඒ කල්බදු සමාගම්වලින් පැහැරගෙන යන බවට දැන් අපට ආරංචි ලැබෙයි. එය නොකළ යුත්තකි. 2019 අප්‍රේල් 19 වැනිදා බෝම්බ ප්‍රහාර වැළක් එල්ල වනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා නොකළහ. එසේම කොරෝනා නමින් වසංගතයක් එනු ඇතැයි ද කිසිවෙක් විශ්වාස නොකළහ. එසේම මේ වසංගතය පළමු, දෙවැනි, තෙවැනි රැලි වශයෙන් පැමිණෙනු ඇතැයි ද කිසිවෙක් බලාපොරොත්තු නොවූහ. සියල්ල සිදුවූයේ අනපේක්ෂිතවය. මේ අනපේක්ෂිත උවදුරු නිසා බුලත්විට විකුණන මිනිසාගේ ආර්ථිකයත් වැටී තිබේ. බැංකු හා කල්බදු සමාගම් ඒ බව තේරුම් ගත යුතුය. ඔවුනට එය තේරුම් ගත නොහැකි නම් ඔවුනට එය තේරුම් කර දීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමකි. මෙය ලෝක ව්‍යාප්ත අර්බුදයකි. එහෙයින් මිනිසුන් වන අප මිනිසුන් දෙස මානුෂිකව බැලිය යුතුය. මිනිසුන් සකස් කරන නීති ඒ මිනිසුන්ටම වෙනස් කළ හැකිය. මේ අවස්ථාවේ එසේ කළ යුත්තේ මානව වර්ගයාගේ යහපත සඳහායි. වෙනස් වන පරිසරයට අනුව වෙනස්වීම පරිණාමවාදයේ පැවැත්මට ද අත්‍යවශ්‍ය කොන්දේසියකි.

එසේම සංචාරකයන් ගෙන්වන සමාගම් හා හෝටල් හිමියන් ගත් ණය නොගෙවා සිටීමට දුන් සහන කාලය සඳහා ද දැන් පොලියක් එකතු කර තිබේ. සහන කාලයට අදාළ පොලියට වැල් පොලියක්ද එකතු කර තිබීම නිසා දැන් අප කාගේත් ණය බර ඉහළ ගොසිනි. අපට දී තිබෙන්නේ පොලී රහිත සහන කාලයක් නොව පොලී සහිත සහන කාලයකි. ඒ පොලිය දැන් තවත් ණයක් බවට පත්ව තිබේ. ඒ නිසා දැන් අපේ ණය නහයට උඩින් යන තත්ත්වයක මට්ටමකට පැමිණ තිබේ. එහෙයින් අපි අදාළ බලධාරීන්ට මෙසේ යෝජනා කරමු. පළමුව දැනට අප ගෙන තිබෙන සියලු ණය යළි සකස් කරන්න. දෙවනුව එහි පොලිය සම්පූර්ණයෙන්ම කපා හරින්න. අනතුරුව ඒ ණය ගෙවීමට අවුරුදු දෙකක සහන කාලයක් සහිතව අවුරුදු දහයක් ලබා දෙන්න. ඒ දස අවුරුදු කාලය සඳහා සියයට හතරකට අඩු පොලියක් අය කරන්න. ඒ සඳහා පිටරටකින් ණය පහසුකමක් ලබාගත යුතුය. මේ ඉල්ලීම් මානුෂිකය. එසේම බැංකුවලට, ලීසිං සමාගම්වලට සේම රටේ ආර්ථිකයටද හිතකරය. ව්‍යාපාරවලට කල් පැවැතිය හැක්කේ එවැනි පිළිවෙකට ගියහොත් පමණකි. අපි දැන් ප්රශ්නයේ බොහෝ දුරක් පැමිණ සිටිමු. තව යන්නට තිබෙන්නේ හූවේ දුරකි. තව මාස දහයකින් පමණ කර්මාන්තය යළි නැගිටියි. එදාට සංචාරකයන් ගෙන්වන්නෝත් හෝටල් හිමියොත් වෙනත් අයත් කඩා වැටී සිටියහොත් අපට සංචාරකයන් එවන විදෙස් සමාගම් තෝරා ගන්නේ වෙනත් රටවල්ය. එදාට අපේ මහා භාණ්ඩාගාරයත්, මහ බැංකුවත්, රජයත් අනේ අපට නෑනේ කියා හූල්ලන්නට ගෙන ක්‍රියාත්මක වූවාට වැඩක් නොවෙයි. හේතුව අපට යළි යථා තත්ත්වයට පත්වීමට මාස අටක් දහයක් යන හෙයිනි. ඒ කාලය ඇතුළත රටට අහිමි වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක් පමණ වෙයි. ඒ නිසා මෙය දැකිය යුත්තේ සංචාරක කර්මාන්තයේ ප්‍රශ්නයක් ලෙස නොව රටේ ප්‍රශ්නයක් ලෙසය.

සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත්

#Sri_Lankan_HTE_Genius_Club#

#Like_Share_Join#

ආගන්තුක සත්කාර ,සංචාරක, සිද්ධි පිළිබඳ කළමනාකරණය විෂයන්හි නව මානයන් සොයන්න

එන්න අපේ group එකට,

Comment

Tag

Share

Invite Others

[QUOTE="gayanga3036, post: 26608175, member: 524963"] [ATTACH type="full"]133434[/ATTACH] දෙදහස් දහනවයේ අප්‍රේල් 21 වැනිදාට යෙදුණු පාස්කු ඉරිදා, එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් සෙලවුණු සංචාරක කර්මාන්තය 2020 මාර්තු මාසයේදී ඇරැඹුණු කොරෝනා වසංගතයෙන් ඇද වැටී තිබේ. මෙය ඒ කර්මාන්තයේ අනාගතය පිළිබඳව සාකච්ඡා කෙරෙන ලිපියකි. ඒ පිළිබඳව කරුණු දක්වන්නේ ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ හිටපු සභාපති නිල්මින් නානායක්කාර මහතාය. සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ හිටපු අධ්යක්ෂවරයකු ද වන හෙතෙම අවුරුදු 40ක් පමණ ඒ කර්මාන්තයේම නිරත වන අත්දැකීම් බහුල ප්රවීණයෙකි. මේ ඒ මහතාගේ හඬයි. පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවෙන් ඇද වැටුණු සංචාරක කර්මාන්තය විනාශ නොවී පවත්වාගෙන යාම සඳහා කර්මාන්තයේ නියුතු කාටත් රජයෙන් අඩු පොලියකට ණයක් ලැබිණි. කව්රුත් කර්මාන්තය පවත්වාගෙන ගියේ ඒ ණයෙනි. ඒ අවස්ථාවේ මා ඇතුළු කර්මාන්තකරුවන් බොහෝ දෙනකු තම සේවකයන් ඉවත් කළේද නැත. කොරෝනා පැමිණි පසු ඒ ණය නොගෙවා සිටීමට සහන කාලයක්ද ලැබිණි. එසේම මාස දෙකක් සඳහා මාසික වියදම් ද ලැබුණේ සහන පොලියකටය. ඊට අමතරව ජාතික සංවර්ධන බැංකුව හෙවත් එන්.ඩී.බී. ඔස්සේ හඳුන්වා දුන් ණය පහසුකමක් මත තවත් ඉතා සුළු ණයක් ද ලැබිණි. ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ට සේම හෝටල් හිමියන්ට සේම සංචාරක කර්මාන්තයට අදාළ බොහෝ අයට විවිධාකාරයෙන් මේ සහන ලැබුණත් ඒවා තිරසාර විසඳුම් නොවිණි. අප නිරත මේ සංචාරක කර්මාන්තය ලංකාවට විදේශ විනිමය වැඩියෙන් ලැබෙන මාර්ගයකි. අපේ රටට විදේශ විනිමය වැඩියෙන්ම ලැබුණේ විදෙස් රැකියා කළ අයගෙනි. එහෙත් කොරෝනා නිසා විදෙස් රැකියා කළ අයගෙන් බහුතරයක් පෙරළා ලංකාවට පැමිණි නිසා ඔවුන්ගෙන් ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය ඉදිරියේදී අඩුවෙයි. විදේශ විනිමය ලැබුණු දෙවැනි මාර්ගය ඇඟලුම් අපනයනයයි. එහෙත් ඇඟලුම් කර්මාන්තයට අවශ්‍ය අමුද්‍රව්‍ය, උපාංග හා යන්ත්‍ර සුත්‍ර පිටරටවලින් ආනයනය කිරීම නිසා ඇඟලුම් කර්මාන්තයෙන් ලැබෙන ආදායමෙන් විශාල ප්‍රමාණයක් යළි පිටරටවලට ඇදී යයි. එහෙත් සංචාරක කර්මාන්තය මගින් රටට ලැබෙන විදේශ විනිමය එසේ රටින් පිටට ඇදී යන්නේ නැත. එසේම ඇඟලුම් කර්මාන්තය ඔස්සේ ලැබෙන විදේශ විනිමයෙන් කොටසක් ආපසු පිටරටවලට ඇදී යන නිසා සංචාරක කර්මාන්තයෙන් ලැබෙන ශුද්ධ ආදායම ඇඟලුම් අපනයනයෙන් ලැබෙන ආදායමට වඩා විශාල බව මගේ වැටහීමයි. සංචාරක කර්මාන්තයේ වැඩි ආදායම හෝටල් හිමියන්ට ලැබිය යුතු බව අවිවාදිතය. හේතුව කර්මාන්තයේ පැවැත්ම සඳහා වැඩියෙන් ආයෝජනය කරන්නෝ ඔවුහුය. කර්මාන්තය සඳහා දෙවනුවට වැඩියෙන්ම අයෝජනය කරන්නේ ලංකාවට සංචාරකයන් ගෙන්වන්නෝය. පිටරටවලට ගොස් ප්‍රවර්ධන කටයුතු කරන්නෙත් ඒවාට වියදම් කරන්නෙත් අපය. අවුරුද්දකට අප එසේ වියදම් කරන මුදල රුපියල් බිලියන 1.5ක් පමණ වෙයි. ඒ අනුව සංචාරක කර්මාන්තයෙන් දෙවනුවට ආදායම් ලැබිය යුත්තෝ ලංකාවට සංචාරකයන් ගෙන්වන්නෝය. එහෙත් ලංකාවට පැමිණෙන සංචාරකයන් මගින් ආදායම් උපයන්නේ හෝටල් හිමියන් හා සංචාරකයන් ගෙන්වන්නන් පමණක් නොවේ. හෝටල්වලට විවිධ භාණ්ඩ හා සේවා සපයන පුද්ගලයන්ට, සංචාරකයන්ට මග පෙන්වන්නාට, අතර මගදී ආහාර සපයන පුද්ගලයන්ට, ගමන් බිමන් සඳහා කාර්, වෑන්, ත්‍රිරෝද, යතුරු පැදි, පාපැදි, සෆාරි ජීප් සපයන වාහන හිමියන්ට හා ඒවායේ රියැදුරන්ට සේම සංචාරකයන් යනෙන තැන්වල තැඹිලි විකුණන පුද්ගලයන්ටද ආදායම් ලැබෙයි. මෙසේ විවිධ පුද්ගලයන්ට, විවිධ පැතිවලට හා විවිධ ක්ෂේත්රවලට ඇදායම් ගලායන වෙනත් කිසිම කර්මාන්තයක් නැත. එසේම රජයට අයත් මධ්‍යම සංස්කෘතික අරමුදලට හා වනජීවී දෙපාර්තමේන්තුවටද විශාල ආදායමක් ලැබෙයි. ඒ සියලු පුද්ගලයන් හා ආයතන ආදායම් උපයන්නේ අප ගෙන්වන සංචාරකයන්ගෙනි. මෙසේ අති විශාල පරාසයකට ආදායම් ඉපයිය හැකි වෙනත් කර්මාන්තයක් නැත. මේ බව බොහෝ දෙනා නොදන්නවා නොවේ. ලංකාවට එන සංචාරකයන්ගෙන් සියයට 65ක් පමණ පැමිණෙන්නේ අපේ එනම් ලංකාවට සංචාරකයන් ගෙන්වන්නන්ගේ සංගමයේ සාමාජිකයන් හරහාය. සියයට 25ක් පමණ පිරිසක් ඕ.ටී.එස්. නමින් හඳුන්වන ඔන්ලයින් ටුවර් ඔපරේටස්ලා හරහා පැමිණෙති. ඉතිරි සියයට දහය වෙනත් දැන හැඳුනුම්කම් හා පෞද්ගලික සබඳතා ඔස්සේ පැමිණෙති. ලංකාවට සංචාරකයන් එන සෑම රටකම වෙන රටවලට සංචාරකයන් යවන සමාගම් තිබේ. අප සංචාරකයන් ගෙන්වන්නන් වන්නා සේම මෙරටට සංචාරකයන් එවන සමාගම් ද එතෙර රටවල තිබේ. සංචාරකයන් එවන ඒ සමාගම් දැනටත් ක්‍රියාත්මකය. ඒ සමාගම් වැසී නැත. ඒ රටවල ආණ්ඩුවලට තිබෙන ආර්ථික ශක්තිය අපේ රටේ ආණ්ඩුවට නැති බව අපි දනිමු. එහෙත් මෙරට හෝටල් පද්ධතිය සහ සංචාරකයන් ගෙන්වන සමාගම් රැක නොගතහොත් එය සංචාරක කර්මාන්තයෙන් යැපෙන සියලු දෙනාට හා සියලු ක්ෂේත්රවලට බලපායි. එන්නත්කරණය හේතුවෙන් 2022 අගෝස්තු මාසය වෙද්දී අපේ රට යහපත් තත්ත්වයකට පැමිණෙනු ඇතැයි මම විශ්වාස කරමි. ගුවන් තොටුපොළ විවෘත කළ 2021 ජනවාරියේ සිට මේ වනවිටත් විදෙස් සංචාරකයෝ 18,000ක් පමණ ලංකාවට පැමිණියහ. ඒ සියල්ලන්ම සංචාරකයන් නොවුණත් විදෙස් ගුවන් ගමන් බලපත්‍ර හිමි 18,000ක් පමණ 2021 ජනවාරියේ සිට මෙරටට පැමිණ ඇත. ඒ නිසා යම් සැළසුමකට ගොස් මේ වසරේ ඔක්තෝබර් නොවැම්බර් වෙද්දිවත් අප යම් ප්රවර්ධනයක් කරගත යුතුය. 2018 පැමිණි සංචාරකයන් සංඛ්‍යාවෙන් සියයට 25ක් පමණවත් මේ වසරේදී ගෙන්වා ගැනීමට අප කටයුතු කළ යුතු බව මගේ විශ්වාසයයි. දැනට තියෙන තත්ත්වය අනුව ලබන වසරේ අගෝස්තු සැප්තැම්බර් වෙද්දි කර්මාන්තය යම් තත්ත්වයට පත්වනු ඇතැයි මම විශ්වාස කරමි. කර්මාන්තයේ පැවැත්මටත් යම් ප්රවර්ධනයක් කර ගැනීම සඳහත් ප්‍රධාන වශයෙන් සංචාරකයන් ගෙන්වන සමාගම් සේම හෝටල් පද්ධතියද පවත්වාගෙන යා යුතුය. කර්මාන්තයට සම්බන්ධ අනෙක් ලොකු කුඩා ආයතන හා මිනිසුන් අමතක කළ යුතු බවක් මම නොකියමි. ඒ සියල්ල සේම ඔවුන් සියල්ලෝද රැකගත යුත්තෝය. ලෝකයේ සංචාරක කර්මාන්තය යළි පිබිදෙන විට අපේ රටේ ඊට අදාළ ක්ෂේත්‍ර වැටී තිබුණොත් අපට නැවත පණ ගසා නැගිටින්නට තවත් මාස අටක් දහයක් යයි. ඒ නිසා ලෝකයේ සංචාරක කර්මාන්තය යළි පිබිදෙනවාත් සමගම ක්‍රියාත්මක වීම සඳහා අපේ රටේ ඊට අදාළ සෑම ක්ෂේත්රයක්ම රැකගත යුතුය. සිංගප්පූරුව දැන් බලන්නේ කොරෝනා උණ හෙම්බිරිස්සාවක් සේ සලකමින් රෝගය මර්දනය කරමින් ඉදිරියට යාමටය. එසේ නොකර වසාගෙන සිටියොත් රට වැටෙන බව සිංගප්පූරුවේ තක්සේරුවයි. එහෙත් ප්‍රවර්ධන කටයුතු දැන් සිටම කළ යුතු බවක් මම නොකියමි. 2021 ජනවාරියේ සිට මෙරටට පැමිණි සංචාරකයන් 18,000න් සංචාරක පොකුරක් නිර්මාණය වූයේ නැත. සෞඛ්‍ය බලධාරීන්වත් එසේ කියා නැත. ලංකාවේ සංචාරක කර්මාන්තයෙන් ජීවත් වන පිරිස ලක්ෂ 30කි. ඒ ලක්ෂ 30 දෙසම බැලීම කාගේත් වගකීමකි. අප ලෝකය දෙස බැලිය යුතුය. අනෙක් රටවල් කටයුතු කරන්නේ කෙසේදැයි බැලිය යුතුය. අපද ඒ අනුව සහ අපට හා රටට ගැළපෙන අයුරින් කටයුතු කළ යුතුය. සංචාරක පොකුරු ගැන කියන්නේ දේශපාලන අවස්ථාවාදියෝය. අපේ රටෙන් එවැනි පොකුරු බිහිවූයේ නැත. අවස්ථාවාදී දේශපාලකයන් එසේ කියන්නෝ පටු අරමුණු මතය. ඔවුන්ගේ ඒ ප්‍රකාශ රටේ ජනගහනයෙන් ලක්ෂ 30කටත් පොදුවේ රටේ ආර්ථිකයටත් බලපායි. එහෙයින් ලක්ෂ 30 ජන රැල්ලක් තමන්ට එරෙහිව කැඳවා නොගැනීමට ඒ දේශපාලකයන් පරිස්සම් විය යුතුය. ඔවුන්ට අවශ්‍යව තිබෙන්නේ සංචාරක කර්මාන්තයටත් ‘අනිච්චාවත සංඛාරා’ යි සඳහන් බැනරය දැමීමටය. එහෙත් කර්මාන්තයේ නියුතු ලක්ෂ 30ක් ඊට සූදානම් නැත. ඔවුන් දවසක් දවසක් පාසා කටයුතු කරන්නේ තමන් යැපෙන කර්මාන්තයට ජීවය පිඹින්නටය. අපට එන්නත් කොපමණ ලැබෙන්නේද? ඒ එන්නත්කරණය සඳහා කොපමණ කාලයක් ගතවන්නේද යන්න මත අපට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ද සැලසුම් සකස් කළ හැකිය. දැනට තිබෙන තත්ත්වය මත ඒ සැලසුම් සකස් කිරීම 2021 අගෝස්තු මාසයේදී ආරම්භ කළ හැකි බව මගේ විශ්වාස යයි. එන්නත්කණය නිමවූ පසුව සංචාරක ප්‍රවර්ධන සැලසුම් සකස් කිරීමට පටන් ගතහොත් එය මහදැන මුත්තාගේ කටයුත්තක් වන බව මගේ තක්සේරුවයි. එන්නත්කරණය මෙසේම වුවහොත් යළි රැල්ලක් ඇති නොවුණොත් අපට මේ අවුරුද්දේ නොවැම්බර්, දෙසැම්බර් මාසවලදී පමණ සැනසුම් සුසුම් ගැනීමට හැකි වන බව මට විශ්වාසය. ක්ෂණික විසඳුම් අවශ්‍ය කරුණු කිහිපයක්ද තිබේ. කල් බදු පහසුකම් යටතේ එනම් ලීසිං මත වාහන මිලදී ගත් සංචාරක කර්මාන්තකරුවන්ගේ වාහන, ඒ කල්බදු සමාගම්වලින් පැහැරගෙන යන බවට දැන් අපට ආරංචි ලැබෙයි. එය නොකළ යුත්තකි. 2019 අප්‍රේල් 19 වැනිදා බෝම්බ ප්‍රහාර වැළක් එල්ල වනු ඇතැයි කිසිවෙක් අපේක්ෂා නොකළහ. එසේම කොරෝනා නමින් වසංගතයක් එනු ඇතැයි ද කිසිවෙක් විශ්වාස නොකළහ. එසේම මේ වසංගතය පළමු, දෙවැනි, තෙවැනි රැලි වශයෙන් පැමිණෙනු ඇතැයි ද කිසිවෙක් බලාපොරොත්තු නොවූහ. සියල්ල සිදුවූයේ අනපේක්ෂිතවය. මේ අනපේක්ෂිත උවදුරු නිසා බුලත්විට විකුණන මිනිසාගේ ආර්ථිකයත් වැටී තිබේ. බැංකු හා කල්බදු සමාගම් ඒ බව තේරුම් ගත යුතුය. ඔවුනට එය තේරුම් ගත නොහැකි නම් ඔවුනට එය තේරුම් කර දීම රාජ්‍ය යාන්ත්‍රණයේ වගකීමකි. මෙය ලෝක ව්‍යාප්ත අර්බුදයකි. එහෙයින් මිනිසුන් වන අප මිනිසුන් දෙස මානුෂිකව බැලිය යුතුය. මිනිසුන් සකස් කරන නීති ඒ මිනිසුන්ටම වෙනස් කළ හැකිය. මේ අවස්ථාවේ එසේ කළ යුත්තේ මානව වර්ගයාගේ යහපත සඳහායි. වෙනස් වන පරිසරයට අනුව වෙනස්වීම පරිණාමවාදයේ පැවැත්මට ද අත්‍යවශ්‍ය කොන්දේසියකි. එසේම සංචාරකයන් ගෙන්වන සමාගම් හා හෝටල් හිමියන් ගත් ණය නොගෙවා සිටීමට දුන් සහන කාලය සඳහා ද දැන් පොලියක් එකතු කර තිබේ. සහන කාලයට අදාළ පොලියට වැල් පොලියක්ද එකතු කර තිබීම නිසා දැන් අප කාගේත් ණය බර ඉහළ ගොසිනි. අපට දී තිබෙන්නේ පොලී රහිත සහන කාලයක් නොව පොලී සහිත සහන කාලයකි. ඒ පොලිය දැන් තවත් ණයක් බවට පත්ව තිබේ. ඒ නිසා දැන් අපේ ණය නහයට උඩින් යන තත්ත්වයක මට්ටමකට පැමිණ තිබේ. එහෙයින් අපි අදාළ බලධාරීන්ට මෙසේ යෝජනා කරමු. පළමුව දැනට අප ගෙන තිබෙන සියලු ණය යළි සකස් කරන්න. දෙවනුව එහි පොලිය සම්පූර්ණයෙන්ම කපා හරින්න. අනතුරුව ඒ ණය ගෙවීමට අවුරුදු දෙකක සහන කාලයක් සහිතව අවුරුදු දහයක් ලබා දෙන්න. ඒ දස අවුරුදු කාලය සඳහා සියයට හතරකට අඩු පොලියක් අය කරන්න. ඒ සඳහා පිටරටකින් ණය පහසුකමක් ලබාගත යුතුය. මේ ඉල්ලීම් මානුෂිකය. එසේම බැංකුවලට, ලීසිං සමාගම්වලට සේම රටේ ආර්ථිකයටද හිතකරය. ව්‍යාපාරවලට කල් පැවැතිය හැක්කේ එවැනි පිළිවෙකට ගියහොත් පමණකි. අපි දැන් ප්රශ්නයේ බොහෝ දුරක් පැමිණ සිටිමු. තව යන්නට තිබෙන්නේ හූවේ දුරකි. තව මාස දහයකින් පමණ කර්මාන්තය යළි නැගිටියි. එදාට සංචාරකයන් ගෙන්වන්නෝත් හෝටල් හිමියොත් වෙනත් අයත් කඩා වැටී සිටියහොත් අපට සංචාරකයන් එවන විදෙස් සමාගම් තෝරා ගන්නේ වෙනත් රටවල්ය. එදාට අපේ මහා භාණ්ඩාගාරයත්, මහ බැංකුවත්, රජයත් අනේ අපට නෑනේ කියා හූල්ලන්නට ගෙන ක්‍රියාත්මක වූවාට වැඩක් නොවෙයි. හේතුව අපට යළි යථා තත්ත්වයට පත්වීමට මාස අටක් දහයක් යන හෙයිනි. ඒ කාලය ඇතුළත රටට අහිමි වන මුදල ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකක් පමණ වෙයි. ඒ නිසා මෙය දැකිය යුත්තේ සංචාරක කර්මාන්තයේ ප්‍රශ්නයක් ලෙස නොව රටේ ප්‍රශ්නයක් ලෙසය. සාකච්ඡා සටහන - ගුණසිංහ හේරත් #Sri_Lankan_HTE_Genius_Club# #Like_Share_Join# 🏄♀️🚵♂️🧗♀️🍻🍺☀️🌧🌈🇱🇰 ආගන්තුක සත්කාර ,සංචාරක, සිද්ධි පිළිබඳ කළමනාකරණය විෂයන්හි නව මානයන් සොයන්න එන්න අපේ group එකට, ☑️ Comment ☑️ Tag ☑️ Share ☑️Invite Others[IMG]https://elakiri.com/attachments/f9a2eae9-81b2-48bf-8d2d-f444835c262c-jpeg.133433/?hash=14727696efdd2fc6cbe4fb96a6ecb712[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom