Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
සංචාරක කුරුළු සමය ඇරඹෙයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සංචාරක කුරුළු සමය ඇරඹෙයි

සෑම වර්ෂයකම අගෝස්තු මාසයේ අග භාගයෙන් පසුව අපේ වටපිටාවේ දක්නට ලැබෙන කුරුලු වර්ග සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු වන බව පරිසරය දෙස විමසුම් ඇසින් බලන්නෙකුට නොරහසකි. තම නිජබිම්වල ශීත සෘතුව ඇරඹෙත්ම ලෝකයේ නන් දෙසින් දසදහස් ගණනින් මෙහි ඇදී එන කුරුලු සංචාරකයෝ සය මසක පමණ කාලයක් ගත කර නැවතත් තම නිජබිම කරා ගමන් කරති. පක්ෂින් අතර සුලබව දක්නට ලැබෙන මේ චර්යාව “පර්යටනය” යනුවෙන් හැඳින්වේ. ලොව වසන කුරුලු විශේෂ සංඛ්‍යාවෙන් පහෙන් එකක් පමණ පර්යටනයේ යෙදෙන්නන් බව සොයාගෙන තිබේ.

තම වටාපිටාවේ සිටි කුරුල්ලන් ගෙන් වැඩි පිරිසක් කාලයකට අතුරුදහන් වී යෑම, ඈත අතීතයේ පටන්ම ලෝකයේ සෞම්‍ය කලාපයේ රටවල වසන ජනතාවට ඉතාමත් පැහැදිලිව පෙනී ගිය කුතුහලය ඇවිස්සූ සංසිද්ධියකි. සරත් සෘතුව ගෙවීයත්ම මෙය සිදුවන අතර වසන්තයේ උදාවත් සමග ඒ කුරුල්ලන් නැවත පැමිණ තම පරපුර බෝ කිරීමේ කටයුතුවල නිරත වනු දක්නට ලැබේ. මේ සංසිද්ධි මාලාව පැහැදිලි කිරීමට පැරණි විද්වත්හු විවිධ කල්පිත ඉදිරිපත් කළහ.

පැරණි මත

ඇරිස්ටෝටල් නමැති පඬිවරයා පැවසුවේ වැහි ළිහිණියන් සහ වෙනත් එවැනි කුරුල්ලන් පොකුණුවල මඩ අතරේ හෝ ගස්වල පොතු හෝ බිල අතරේ හෝ සැඟවී ශීත සෘතුව ගත කරන බව ය. එසේත් නැතිනම් ශීත සෘතුව දක්නට ලැබෙන වෙනත් කුරුල්ලන් බවට වෙස් මාරු කරගන්නා බව ය. මේ පිළිබඳ ව 1703 දී හියර්ෆෝඩ් නමැති බිෂොප්වරයා පළ කර, ඇති අදහස තරමක් හාස්‍යජනක ය. ඔහු කියා ඇත්තේ ශීත සෘතුව ගත කිරීම සඳහා කුරුල්ලන් සඳ වෙත පියාසර කර එහි ආහාර නැති නිසා ආපසු හැරී එන බවය. ජීව වර්ගීකරණ විද්‍යාවේ පියා ලෙස සැලැකෙන කැරොලස් ලීනියස්, කුරුල්ලන් නිවෙස්හි පියසි යට සැඟවී සිට වසන්තය එළැඹෙත්ම එළියට එන බව ලියා ඇත. ශීත සෘතුවේ දී කුරුල්ලන් හිම මත අධිශීතනය වී අක්‍රියව සිට වසන්ත සමයේ දී නැවත පියෙවි තත්ත්වයට එන්නේ ය යන්න තවත් අය ගේ විශ්වාසය විය. මෙය “hibernation" ලෙස හැඳින්වේ. ශීත රටවල වලසුන්, වවුලන්, සර්පයින් මෙලෙස ශීත සෘතුවේ නිද්‍රාවෙන් ගතකොට යලි ඇහැරෙන සතුන් අතර ප්රකටය.

පක්ෂි පර්යටනය පිළිබඳව ප්‍රථම විද්‍යාත්මකව පිලිගත හැහි සාක්ෂ්‍ය ලැබුණේ 1822 මැයි 21 වන දා ය. මෙදින ජර්මනියේ මැක්ලන්බර්ග් නුවර දී ගෙලෙහි ඊතලයක් ඇමිනුණු කොකෙකු අල්ලා ගනු ලැබිණ. එවැනි ඊතල කිසි කලෙකත් යුරෝපා රටක භාවිත කොට නැත. පසුව එය අප්‍රිකා රටක භාවිත කැරෙන ඊතලයක් බව සොයා ගැනිණ. ඒ කොක් විශේෂය අප්‍රිකා රටකට ගොස් ආපසු පැමිණ ඇති බව ඉන් පසක් විය. ශීත සෘතුවේ දී ඉහළ අක්ෂාංශයන්හි පිහිටි ප්‍රදේශවලින් ඉවත්ව සමකයට ආසන්න ප්‍රදේශයන්ට පැමිණීම නිසා, ශීත සහ කුණාටු සහිත කාලගුණයෙන් ගැලවී ආහාර සොයා ගැනීමට කුරුල්ලන්ට අවකාශ ලැබේ.

කුරුලු පර්යටනය පිළිබඳ තොරතුරු මැනැවින් හෙළිදරව් වන්නට වූයේ හාන්ස් ක්‍රිස්ටියන් මෝර්ටෙන්සන් (Hans Christian Mortensen) නමැති ඩෙන්මාර්ක් ජාතික පාසල් ගුරුවරයා 1899දී කුරුල්ලන් ගේ පාදයෙහි මුදු පැලැඳවීමේ ක්‍රමය ඉදිරිපත් කිරීමත් සමග ය. මේ කාර්යයෙහි නියැලුණු ඔහු සැහැල්ලු ලෝහයකින් තනන ලද මුද්දක, එය පැලැඳි කුරුල්ලා මරනු ලැබුව හොත් හෝ අල්ලා ගනු ලැබුව හොත් ඒ බව දන්වා එවිය යුතු ලිපිනය සඳහන් කෙළේ ය. මේ ක්‍රමය වැඩි දියුණුවී කුරුල්ලන්ට මුදු පැලැඳවීම මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීමත් සමග උන් ශීත සෘතුව ගත කිරීම සඳහා පර්යටනය වන රටවල් සහ ගමන් මාර්ග නිවැරැදි ව සොයාගත හැකි විය.

පර්යටනික කුරුල්ලන් ගේ ඉතා පුළුල් වූ ගමන් මාර්ග, මුහුදු වෙරළවල්, ගංගා නිම්න සහ කඳු මුදුන් ආදි ස්වාභාවික භූ ලක්ෂණයන් ගෙන් මායිම් වී ඇත. වර්ෂයක් පාසා නිශ්චිත ගමන් මාර්ගයක් ඔස්සේ පර්යටනයෙහි යෙදෙන්නට කුරුල්ලන්ට හැකියාව ලැබී ඇත්තේ කෙසේද යන්න තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නැති ප්රශ්නයකි. මේ සඳහා බොහෝ දුරට සහජ හැකියාව හේතු වන බව දැන් පිළිගෙන තිබේ. හැමදාමත් එකම ප්‍රදේශයකට සංක්‍රමණය වීමටත්, නැවත නිජබිම්හි තමන් සිටි ප්‍රදේශවලට ම පැමිණීමටත් රාත්‍රී කාලයේ පවා ගමන් මග නිවැරැදිව සොයා ගැනීමටත්, උන් ගේ සහජ ඉව ඉවහල් වන්නේ යැයි, විශ්වාස කැරේ.

කලින් තමා කැදැල්ල තැනූ ස්ථානයටම නැවත පැමිණි කුරුල්ලන් ගැන මුදු පැලැඳවීමේ ක්‍රමය මගින් සොයාගැනීමට ලැබීමෙන් මෙය කොතරම් හොඳින් සිදුවන්නේ ද යන්න පැහැදිලි වේ. ඉතාමත් පුදුමසහගත වන්නේ තරුණ කුරුල්ලන් කිසිදා නොගිය ගමනක යෙදී තම මවුපියන් ශීත සෘතුව ගත කිරීමට ගිය ප්‍රදේශ කරා මග සොයාගෙන පැමිණීමයි. අනුන් ගේ කැදලි තුළ ඇතිදැඩි වුණු කෝකිලයෝ පවා මෙලෙස මවුපියන් ගිය මග ම යෑමට සමත් වෙති. සෘතු විපර්යාසය සමග කුරුල්ලන් ගේ සිරුරුවල ප්‍රජනන ඉන්ද්රියන්හි වෙනස්කම් ඇති වී ඒ මගින් පර්යටනය සඳහා පෙලැඹවීමක් ඇති වන බව ද සොයාගෙන තිබේ.

කුරුලු පර්යටනය ගැන කතා කරන විට ආක්ටික් ටර්න් නම් මුහුදු ළිහිණියන් ගැන කිව යුතු මය. ඒ, උන් කැනේඩියා තුන්ද්‍රා ප්‍රදේශවල සිට ඇන්ටාක්ටිකාව දක්වා අති දීර්ඝ ගමනක නියැළෙන හෙයිනි. යෑමට හා ඒමට උන් තරණය කරන දුර කි.මී. 19000 කි. එය නිරක්ෂය ඔස්සේ ලෝකය වටා ගමනකට සම වේ.

ශ්‍රී ලංකාව වෙත කුරුල්ලන් ගේ පර්යටනය :

අපේ රට කුඩා රටක් වුවත් එහි දක්නට ලැබෙන කුරුලු වර්ග සංඛ්‍යාව ඉතා විශාල ය. ලංකා කුරුලු සංගමය මගින් 2004 දී පළ කළ කුරුලු නාමාවලිය අනුව මෙරට දක්නට ලැබෙන කුරුලු විශේෂ ගණන 439 කි. උන් ගෙන් විශේෂ 33 ක් අප රටට ආවේණික වන අතර විශේෂ 189ක් පර්යටනිකයෝ වෙති. ඊසාන දිග මෝසම් සුළං ආරම්භයත් සමග අගෝස්තු අග භාගය වන විට උන් මෙරටට ළඟාවීම ඇරැඹෙන අතර, නොවැම්බර් අගභාගය දක්වාම එය සිදු වේ. පර්යටනකයන් ගේ ආපසු ගමන සිදු වන්නේ මාර්තු, අප්‍රියෙල් සහ මැයි මුල් භාගය දක්වා කාලයෙහි ය. මේ හැරුණු කොට දක්ෂිණාර්ධගෝලය නිජබිම කරගත් සමුද්රචාරී කුරුලු විශේෂ කීපයක් ද ඒ ප්‍රදේශයන්හි ශීත සෘතුවේ එනම් මැයි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ අපේ මුහුදු තීරයට පැමිණෙයි. ඒ පිටරැළියන් සහ රළ කපන්නන් වර්ග කීපයකි.

ශ්‍රී ලංකාවට පර්යටනය වන පක්ෂීන් ගේ ගමන් මාර්ග පිළිබඳව කර ඇති අධ්‍යයන ඉතා අල්ප ය. කුරුල්ලන්ට මුදු පැලැඳවීම අරඹා ඇතත්, ඵලදායී ප්‍රතිඵල ලැබෙන මට්ටමට ව්‍යාප්ත කර නැත. එසේ වුවත් මේ පිළිබඳ ව සියලු තොරතුරු සහ නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ප්‍රවීණ පක්ෂිවේදී ඩබ්. ඩබ්. ඒ. පිලිප්ස් මහතා ලියා ඇති ලිපි කීපයක් අපේ පිහිටට ඇත. ඒ අනුව අප රටට කුරුල්ලන් පර්යටනය වන ප්‍රධාන මාර්ග 03 කි. ඒවා බටහිර මාර්ගය, නැගෙනහිර මාර්ගය සහ අන්දමන් දූපත් හරහා වැටී ඇති මාර්ගය යනුවෙන් නම් කැරේ.

බටහිර මාර්ගය :

බටහිර මාර්ගය ප්‍රයෝජනයට ගන්නේ බටහිර යුරෝපය, පර්සියාව වැනි හිමාල කඳුවැටියට බටහිරින් සහ වයඹ දිගින් පිහිටි රටවල සිට එන පක්ෂීන් ය. උන් ඉන්දියාවේ බටහිර වෙරළ තීරය ඔස්සේ දකුණට ගමන් කර කොමරීන් තුඩුව දක්වා පැමිණ සාගරය හරහා ලංකාවේ බටහිර වෙරළ තීරයේ ගල්කිස්ස සහ මන්නාරම අතර ප්‍රදේශයට ළඟාවෙති. එ සේ එන්නේ වල් තාරාවුන් (Ducks) , දාර කොරවක්කන් (Banded Crake), කැස්වටුවන්(Pintail Snipe) සහ අවිච්චියන්(Indian Pitta) වැනි කුරුල්ලන් ය. බොහෝ විට මේ කුරුල්ලෝ සඳ එළිය ඇති රාත්රිවල පර්යටනයෙහි යෙදෙති. සාගරයට ඉහළින් දිගු ගමනක නොයෙදිය හැකි පියාසැරියෙහි දුර්වල හම්බු කුරුලු වර්ග (Warblers)සහ මැසි මාරාවුන් (Flycatchers)වර්ග තව දුරටත් නැගෙනහිර ගමන් කර ආදම් ගේ පාලම යනුවෙන් හැඳින්වෙන කුඩා දූපත් පෙළ ඔස්සේ දිවයිනට පිවිස මධ්‍ය කඳුකරයට හා තෙත් කලාපයට විසිරී යති.

නැගෙනහිර මාර්ගය :

ශ්‍රී ලංකාවට පර්යටනය වන කුරුල්ලන් ගෙන් වැඩි සංඛ්‍යාවක් නැගෙනහිර මාර්ගයෙන් පැමිණෙති. සයිබීරියාව, මොන්ගෝලියාව, ටිබෙට් රට, භූතානය, ඇසෑමය සහ හිමාලයට නැගෙනහිරින් වූ ප්‍රදේශ මේ මාර්ගයේ ආරම්භක ප්‍රදේශ ලෙස සැලැකේ. මේ මග එන පර්යටනිකයන් බොහොමයක්, කඳුවැටිවලට ඉහළින් හෝ ගංඟා නිම්න ඔස්සේ පැමිණ බෙංගාල බොක්කෙන් දකුණු දිශාවට පියාසලා ඉන්දියා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ දිගේ පැමිණ, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර යාපන අර්ධද්වීපයට පිවිසෙති.

සාගරයට ඉහළින් දිගු චාරිකාවක නියැළීමට නොහැකි කුඩා කුරුල්ලෝ ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය දිගේ තවදුරටත් නිරිතදිග දෙසට ගමන් කර ආදම් ගේ පාලම හරහා ලංකාවට පැමිණෙති. පුංචි සිලි වටුවන්, රණවටුවන්, උල් පෙඳ කැස්වටුවන් සහ වැහි ළිහිණියන් විශාල සංඛ්‍යාවක් ද, තවත් කුරුලු විශේෂ ගණනාවක් ද නැගෙනහිර මාර්ගය ප්‍රයෝජනයට ගනිති. දුඹුරු හම්බු කුරුල්ලා, හම්බු කුරුල්ලා වැනි කුරුල්ලෝ ආපසු යන ගමනේ දී ආදම් ගේ පාලම හරහා යති.

අළු ඇස්පැටියා, දම් පිළිහුඩුවා වැනි ඈත පෙරදිග සිට එන ඇතැම් පර්යටනකයන් අන්දමන් දූපත් හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ දීර්ඝ සාගර චාරිකාවක නියැළී මෙරටට පැමිණෙන්නේ යැයි විශ්වාස කැරේ. එහෙත් තවමත් මේ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණීමට තරම් සාක්ෂ්‍ය නැතැයි පැවැසේ.

SOURCE: http://vidya-gaweshana.blogspot.com/2016/11/blog-post_20.html

[QUOTE="Vidya Gaweshana, post: 20936622, member: 558004"] [b]සංචාරක කුරුළු සමය ඇරඹෙයි[/b] [IMG]http://walkwithjith.com/images/migration-roots.gif[/IMG] [SIZE="5"]සෑම වර්ෂයකම අගෝස්තු මාසයේ අග භාගයෙන් පසුව අපේ වටපිටාවේ දක්නට ලැබෙන කුරුලු වර්ග සංඛ්‍යාවේ වැඩිවීමක් සිදු වන බව පරිසරය දෙස විමසුම් ඇසින් බලන්නෙකුට නොරහසකි. තම නිජබිම්වල ශීත සෘතුව ඇරඹෙත්ම ලෝකයේ නන් දෙසින් දසදහස් ගණනින් මෙහි ඇදී එන කුරුලු සංචාරකයෝ සය මසක පමණ කාලයක් ගත කර නැවතත් තම නිජබිම කරා ගමන් කරති. පක්ෂින් අතර සුලබව දක්නට ලැබෙන මේ චර්යාව “පර්යටනය” යනුවෙන් හැඳින්වේ. ලොව වසන කුරුලු විශේෂ සංඛ්‍යාවෙන් පහෙන් එකක් පමණ පර්යටනයේ යෙදෙන්නන් බව සොයාගෙන තිබේ. තම වටාපිටාවේ සිටි කුරුල්ලන් ගෙන් වැඩි පිරිසක් කාලයකට අතුරුදහන් වී යෑම, ඈත අතීතයේ පටන්ම ලෝකයේ සෞම්‍ය කලාපයේ රටවල වසන ජනතාවට ඉතාමත් පැහැදිලිව පෙනී ගිය කුතුහලය ඇවිස්සූ සංසිද්ධියකි. සරත් සෘතුව ගෙවීයත්ම මෙය සිදුවන අතර වසන්තයේ උදාවත් සමග ඒ කුරුල්ලන් නැවත පැමිණ තම පරපුර බෝ කිරීමේ කටයුතුවල නිරත වනු දක්නට ලැබේ. මේ සංසිද්ධි මාලාව පැහැදිලි කිරීමට පැරණි විද්වත්හු විවිධ කල්පිත ඉදිරිපත් කළහ. පැරණි මත ඇරිස්ටෝටල් නමැති පඬිවරයා පැවසුවේ වැහි ළිහිණියන් සහ වෙනත් එවැනි කුරුල්ලන් පොකුණුවල මඩ අතරේ හෝ ගස්වල පොතු හෝ බිල අතරේ හෝ සැඟවී ශීත සෘතුව ගත කරන බව ය. එසේත් නැතිනම් ශීත සෘතුව දක්නට ලැබෙන වෙනත් කුරුල්ලන් බවට වෙස් මාරු කරගන්නා බව ය. මේ පිළිබඳ ව 1703 දී හියර්ෆෝඩ් නමැති බිෂොප්වරයා පළ කර, ඇති අදහස තරමක් හාස්‍යජනක ය. ඔහු කියා ඇත්තේ ශීත සෘතුව ගත කිරීම සඳහා කුරුල්ලන් සඳ වෙත පියාසර කර එහි ආහාර නැති නිසා ආපසු හැරී එන බවය. ජීව වර්ගීකරණ විද්‍යාවේ පියා ලෙස සැලැකෙන කැරොලස් ලීනියස්, කුරුල්ලන් නිවෙස්හි පියසි යට සැඟවී සිට වසන්තය එළැඹෙත්ම එළියට එන බව ලියා ඇත. ශීත සෘතුවේ දී කුරුල්ලන් හිම මත අධිශීතනය වී අක්‍රියව සිට වසන්ත සමයේ දී නැවත පියෙවි තත්ත්වයට එන්නේ ය යන්න තවත් අය ගේ විශ්වාසය විය. මෙය “hibernation" ලෙස හැඳින්වේ. ශීත රටවල වලසුන්, වවුලන්, සර්පයින් මෙලෙස ශීත සෘතුවේ නිද්‍රාවෙන් ගතකොට යලි ඇහැරෙන සතුන් අතර ප්රකටය. පක්ෂි පර්යටනය පිළිබඳව ප්‍රථම විද්‍යාත්මකව පිලිගත හැහි සාක්ෂ්‍ය ලැබුණේ 1822 මැයි 21 වන දා ය. මෙදින ජර්මනියේ මැක්ලන්බර්ග් නුවර දී ගෙලෙහි ඊතලයක් ඇමිනුණු කොකෙකු අල්ලා ගනු ලැබිණ. එවැනි ඊතල කිසි කලෙකත් යුරෝපා රටක භාවිත කොට නැත. පසුව එය අප්‍රිකා රටක භාවිත කැරෙන ඊතලයක් බව සොයා ගැනිණ. ඒ කොක් විශේෂය අප්‍රිකා රටකට ගොස් ආපසු පැමිණ ඇති බව ඉන් පසක් විය. ශීත සෘතුවේ දී ඉහළ අක්ෂාංශයන්හි පිහිටි ප්‍රදේශවලින් ඉවත්ව සමකයට ආසන්න ප්‍රදේශයන්ට පැමිණීම නිසා, ශීත සහ කුණාටු සහිත කාලගුණයෙන් ගැලවී ආහාර සොයා ගැනීමට කුරුල්ලන්ට අවකාශ ලැබේ.[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/6/6a/Asian_Paradise_Flycatcher_(Terpsiphone_paradisi)-_male_with_a_feed_at_nest_W_IMG_9293.jpg[/IMG] [SIZE="5"]කුරුලු පර්යටනය පිළිබඳ තොරතුරු මැනැවින් හෙළිදරව් වන්නට වූයේ හාන්ස් ක්‍රිස්ටියන් මෝර්ටෙන්සන් (Hans Christian Mortensen) නමැති ඩෙන්මාර්ක් ජාතික පාසල් ගුරුවරයා 1899දී කුරුල්ලන් ගේ පාදයෙහි මුදු පැලැඳවීමේ ක්‍රමය ඉදිරිපත් කිරීමත් සමග ය. මේ කාර්යයෙහි නියැලුණු ඔහු සැහැල්ලු ලෝහයකින් තනන ලද මුද්දක, එය පැලැඳි කුරුල්ලා මරනු ලැබුව හොත් හෝ අල්ලා ගනු ලැබුව හොත් ඒ බව දන්වා එවිය යුතු ලිපිනය සඳහන් කෙළේ ය. මේ ක්‍රමය වැඩි දියුණුවී කුරුල්ලන්ට මුදු පැලැඳවීම මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීමත් සමග උන් ශීත සෘතුව ගත කිරීම සඳහා පර්යටනය වන රටවල් සහ ගමන් මාර්ග නිවැරැදි ව සොයාගත හැකි විය. පර්යටනික කුරුල්ලන් ගේ ඉතා පුළුල් වූ ගමන් මාර්ග, මුහුදු වෙරළවල්, ගංගා නිම්න සහ කඳු මුදුන් ආදි ස්වාභාවික භූ ලක්ෂණයන් ගෙන් මායිම් වී ඇත. වර්ෂයක් පාසා නිශ්චිත ගමන් මාර්ගයක් ඔස්සේ පර්යටනයෙහි යෙදෙන්නට කුරුල්ලන්ට හැකියාව ලැබී ඇත්තේ කෙසේද යන්න තවමත් නිශ්චිත පිළිතුරක් ලැබී නැති ප්රශ්නයකි. මේ සඳහා බොහෝ දුරට සහජ හැකියාව හේතු වන බව දැන් පිළිගෙන තිබේ. හැමදාමත් එකම ප්‍රදේශයකට සංක්‍රමණය වීමටත්, නැවත නිජබිම්හි තමන් සිටි ප්‍රදේශවලට ම පැමිණීමටත් රාත්‍රී කාලයේ පවා ගමන් මග නිවැරැදිව සොයා ගැනීමටත්, උන් ගේ සහජ ඉව ඉවහල් වන්නේ යැයි, විශ්වාස කැරේ. කලින් තමා කැදැල්ල තැනූ ස්ථානයටම නැවත පැමිණි කුරුල්ලන් ගැන මුදු පැලැඳවීමේ ක්‍රමය මගින් සොයාගැනීමට ලැබීමෙන් මෙය කොතරම් හොඳින් සිදුවන්නේ ද යන්න පැහැදිලි වේ. ඉතාමත් පුදුමසහගත වන්නේ තරුණ කුරුල්ලන් කිසිදා නොගිය ගමනක යෙදී තම මවුපියන් ශීත සෘතුව ගත කිරීමට ගිය ප්‍රදේශ කරා මග සොයාගෙන පැමිණීමයි. අනුන් ගේ කැදලි තුළ ඇතිදැඩි වුණු කෝකිලයෝ පවා මෙලෙස මවුපියන් ගිය මග ම යෑමට සමත් වෙති. සෘතු විපර්යාසය සමග කුරුල්ලන් ගේ සිරුරුවල ප්‍රජනන ඉන්ද්රියන්හි වෙනස්කම් ඇති වී ඒ මගින් පර්යටනය සඳහා පෙලැඹවීමක් ඇති වන බව ද සොයාගෙන තිබේ. කුරුලු පර්යටනය ගැන කතා කරන විට ආක්ටික් ටර්න් නම් මුහුදු ළිහිණියන් ගැන කිව යුතු මය. ඒ, උන් කැනේඩියා තුන්ද්‍රා ප්‍රදේශවල සිට ඇන්ටාක්ටිකාව දක්වා අති දීර්ඝ ගමනක නියැළෙන හෙයිනි. යෑමට හා ඒමට උන් තරණය කරන දුර කි.මී. 19000 කි. එය නිරක්ෂය ඔස්සේ ලෝකය වටා ගමනකට සම වේ.[/SIZE] [IMG]https://upload.wikimedia.org/wikipedia/commons/e/e1/Western_Reef_heron_(Egretta_gularis).JPG[/IMG] [SIZE="5"]ශ්‍රී ලංකාව වෙත කුරුල්ලන් ගේ පර්යටනය : අපේ රට කුඩා රටක් වුවත් එහි දක්නට ලැබෙන කුරුලු වර්ග සංඛ්‍යාව ඉතා විශාල ය. ලංකා කුරුලු සංගමය මගින් 2004 දී පළ කළ කුරුලු නාමාවලිය අනුව මෙරට දක්නට ලැබෙන කුරුලු විශේෂ ගණන 439 කි. උන් ගෙන් විශේෂ 33 ක් අප රටට ආවේණික වන අතර විශේෂ 189ක් පර්යටනිකයෝ වෙති. ඊසාන දිග මෝසම් සුළං ආරම්භයත් සමග අගෝස්තු අග භාගය වන විට උන් මෙරටට ළඟාවීම ඇරැඹෙන අතර, නොවැම්බර් අගභාගය දක්වාම එය සිදු වේ. පර්යටනකයන් ගේ ආපසු ගමන සිදු වන්නේ මාර්තු, අප්‍රියෙල් සහ මැයි මුල් භාගය දක්වා කාලයෙහි ය. මේ හැරුණු කොට දක්ෂිණාර්ධගෝලය නිජබිම කරගත් සමුද්රචාරී කුරුලු විශේෂ කීපයක් ද ඒ ප්‍රදේශයන්හි ශීත සෘතුවේ එනම් මැයි සිට සැප්තැම්බර් දක්වා වූ කාලය තුළ අපේ මුහුදු තීරයට පැමිණෙයි. ඒ පිටරැළියන් සහ රළ කපන්නන් වර්ග කීපයකි. ශ්‍රී ලංකාවට පර්යටනය වන පක්ෂීන් ගේ ගමන් මාර්ග පිළිබඳව කර ඇති අධ්‍යයන ඉතා අල්ප ය. කුරුල්ලන්ට මුදු පැලැඳවීම අරඹා ඇතත්, ඵලදායී ප්‍රතිඵල ලැබෙන මට්ටමට ව්‍යාප්ත කර නැත. එසේ වුවත් මේ පිළිබඳ ව සියලු තොරතුරු සහ නිරීක්ෂණ වාර්තා පදනම් කරගෙන ප්‍රවීණ පක්ෂිවේදී ඩබ්. ඩබ්. ඒ. පිලිප්ස් මහතා ලියා ඇති ලිපි කීපයක් අපේ පිහිටට ඇත. ඒ අනුව අප රටට කුරුල්ලන් පර්යටනය වන ප්‍රධාන මාර්ග 03 කි. ඒවා බටහිර මාර්ගය, නැගෙනහිර මාර්ගය සහ අන්දමන් දූපත් හරහා වැටී ඇති මාර්ගය යනුවෙන් නම් කැරේ. බටහිර මාර්ගය : බටහිර මාර්ගය ප්‍රයෝජනයට ගන්නේ බටහිර යුරෝපය, පර්සියාව වැනි හිමාල කඳුවැටියට බටහිරින් සහ වයඹ දිගින් පිහිටි රටවල සිට එන පක්ෂීන් ය. උන් ඉන්දියාවේ බටහිර වෙරළ තීරය ඔස්සේ දකුණට ගමන් කර කොමරීන් තුඩුව දක්වා පැමිණ සාගරය හරහා ලංකාවේ බටහිර වෙරළ තීරයේ ගල්කිස්ස සහ මන්නාරම අතර ප්‍රදේශයට ළඟාවෙති. එ සේ එන්නේ වල් තාරාවුන් (Ducks) , දාර කොරවක්කන් (Banded Crake), කැස්වටුවන්(Pintail Snipe) සහ අවිච්චියන්(Indian Pitta) වැනි කුරුල්ලන් ය. බොහෝ විට මේ කුරුල්ලෝ සඳ එළිය ඇති රාත්රිවල පර්යටනයෙහි යෙදෙති. සාගරයට ඉහළින් දිගු ගමනක නොයෙදිය හැකි පියාසැරියෙහි දුර්වල හම්බු කුරුලු වර්ග (Warblers)සහ මැසි මාරාවුන් (Flycatchers)වර්ග තව දුරටත් නැගෙනහිර ගමන් කර ආදම් ගේ පාලම යනුවෙන් හැඳින්වෙන කුඩා දූපත් පෙළ ඔස්සේ දිවයිනට පිවිස මධ්‍ය කඳුකරයට හා තෙත් කලාපයට විසිරී යති. නැගෙනහිර මාර්ගය : ශ්‍රී ලංකාවට පර්යටනය වන කුරුල්ලන් ගෙන් වැඩි සංඛ්‍යාවක් නැගෙනහිර මාර්ගයෙන් පැමිණෙති. සයිබීරියාව, මොන්ගෝලියාව, ටිබෙට් රට, භූතානය, ඇසෑමය සහ හිමාලයට නැගෙනහිරින් වූ ප්‍රදේශ මේ මාර්ගයේ ආරම්භක ප්‍රදේශ ලෙස සැලැකේ. මේ මග එන පර්යටනිකයන් බොහොමයක්, කඳුවැටිවලට ඉහළින් හෝ ගංඟා නිම්න ඔස්සේ පැමිණ බෙංගාල බොක්කෙන් දකුණු දිශාවට පියාසලා ඉන්දියා අර්ධද්වීපයේ නැගෙනහිර වෙරළ දිගේ පැමිණ, පෝක් සමුද්‍ර සන්ධිය තරණය කර යාපන අර්ධද්වීපයට පිවිසෙති. සාගරයට ඉහළින් දිගු චාරිකාවක නියැළීමට නොහැකි කුඩා කුරුල්ලෝ ඉන්දියාවේ නැගෙනහිර වෙරළ තීරය දිගේ තවදුරටත් නිරිතදිග දෙසට ගමන් කර ආදම් ගේ පාලම හරහා ලංකාවට පැමිණෙති. පුංචි සිලි වටුවන්, රණවටුවන්, උල් පෙඳ කැස්වටුවන් සහ වැහි ළිහිණියන් විශාල සංඛ්‍යාවක් ද, තවත් කුරුලු විශේෂ ගණනාවක් ද නැගෙනහිර මාර්ගය ප්‍රයෝජනයට ගනිති. දුඹුරු හම්බු කුරුල්ලා, හම්බු කුරුල්ලා වැනි කුරුල්ලෝ ආපසු යන ගමනේ දී ආදම් ගේ පාලම හරහා යති. අළු ඇස්පැටියා, දම් පිළිහුඩුවා වැනි ඈත පෙරදිග සිට එන ඇතැම් පර්යටනකයන් අන්දමන් දූපත් හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ දීර්ඝ සාගර චාරිකාවක නියැළී මෙරටට පැමිණෙන්නේ යැයි විශ්වාස කැරේ. එහෙත් තවමත් මේ පිළිබඳව අවසන් නිගමනයකට පැමිණීමට තරම් සාක්ෂ්‍ය නැතැයි පැවැසේ. SOURCE: [url]http://vidya-gaweshana.blogspot.com/2016/11/blog-post_20.html[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom