Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංජානා - ගැහැණුන් දෙදෙනකු සමග ගිය මිනිසෙකුගේ ආදර කතාවක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම කතාව ප්‍රබන්ධ කර ඇත්තේ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙනයි. නම්-ගම් මනංකල්පිත වුවත් ඒවා සත්‍ය නම්වල හුරුවට ආසන්නයි. මෙය මම හඳුන්වන්නේ 'කෙටිකතාවක්' විදිහේ ප්‍රබන්ධ නිර්මාණයක් ලෙස නොව, ඒක පාර්ෂවීයව 'කෙනෙක් කියන කතාවක්', නැත්නම් පුද්ගල 'ආත්ම කථනයක්' විදිහටයි. මෙම කතාව වඩා හොඳින් රසවිඳීම සඳහා නොකඩවා කියවාගෙන යන ලෙස මම ඔබට යෝජනා කරනවා.

මෙහි ප්‍රධාන කතානායක ඔනිල්ගේ පසුබිම ඔබ දැනගැනීම අවශ්‍යයි. ඔනිල් අයත් වන්නේ මේ වෙනකොට කොළඹ නගරාශ්‍රිතව ජීවත් වන, ශ්‍රී ලංකාවේ තවමත් හොඳින් පවතින එක්තරා විශේෂ ඉහළ නාගරික සංස්කෘතික පංති ධාරාවකටයි. ඔවුන් පාරම්පරික තේ වතු අයිතිකරුවන්. අපේ කතාවට කේන්ද්‍ර වන ඔනිල් දැන් ඉන්න ගෙදර හදවන්නෙ ඔහුගේ තාත්තා 1960 ගණන්වල අවසානයේදීයි. එය උයනක් මෙන් මනාව සකස් කරපු ගාර්ඩ්න් එකක් මැද පිහිටි ඇමරිකන් ස්ටයිල් නමින් ශ්‍රී ලංකාවේ ප්‍රකට වුණු පෝටිකෝවක් ඇති සේවක කාමර දෙකට අමතරව තවත් කාමර හයක් ඇති විශාල ගෙදරක්. ඔනිල්ට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඔවුන් කසාද බැඳ ගොස්, කොළඹ අවට වෙනත් තැන්වල ජීවත් වෙනවා. කෙසේ හෝ ඔනිල්ට වයස අවුරුදු 30 වන විට ඔහුගේ තාත්තා මිය යනවා. ඉන්පසු ගෙදර ඉතිරි වෙන්නෙ ඔනිල්, ඔහුගේ අම්මා සහ සේවකයන් දෙන්නා විතරයි. මේ වන විට ඔනිල් සියලුම දේපොළ සහ ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම මෙන් ඉවත්වෙලා, ව්‍යාපාරික අංශයට වඩා සංස්කෘතික ක්‍රියාකාරකම් හා පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් යොදවමින් ඉන්නෙ. ඔනිල්ගෙ තාත්තා විනෝදාංශයක් විදිහට ආරම්භ කරපු පෞරාණික භාණ්ඩ සහ කලා භාණ්ඩ එකතු කිරීම ඔනිල්ගේද ප්‍රධාන විනෝදාංශය බවට පත්වී ඇති අතර, එය මේ වෙනකොට ව්‍යාපාරයක් තරමට වර්ධනය වෙලා තියෙනවා කියන්න පුළුවන්.

ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ විශේෂ ලක්ෂණයක් තමයි, ගෘහ භාණ්ඩවල සිට කලාව රසවිඳීම හරහා විස්කි දක්වා මිල අධික ගුණාත්මකභාවයෙන් ඉහළම දේවල් හරියටම හොයාගෙන රස විඳීමට ඇති හැකියාව. ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහ මිතුරන්ගේ පවුල් කිහිපයක් බොහෝ සති අග හවස් වරුවල ඔවුන්ගේ එක් ගෙදරකට එකතු වී බොමින් සතුටු සාමීචියේ යෙදීම විශේෂ සංස්කෘතික අංගයක් විදිහට දකින්නට තිබෙන අතර, ඒ බොහෝ සැඳෑවන් අවසන් වන්නේ විශාල සාලය කෙළවරක ඇති පියානෝව වටා එකතු වී ගැයුම්-වැයුම් වින්දනයකින්. කලා රසිකත්වය ගැන කතා කරනව නම් ජෝර්ජ් කීට්ගේ සිට එච්.ඒ. කරුණාරත්න දක්වා චිත්‍ර ඔවුන්ගේ එකතුවේ තියෙනවා. ඉඳහිට යුරෝපයට යන සංචාරයද ඔවුන් යොදාගන්නේ ඒ යන රටේ හොඳම ඔපෙරාවක් සහ නාට්‍යයක් රඟදක්වන කාලයටම ඒවා ද නැරඹීමටයි.

ඉතිරි කොටස

[QUOTE="sunil ayya, post: 25956557, member: 563284"] මෙම කතාව ප්‍රබන්ධ කර ඇත්තේ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගෙනයි. නම්-ගම් මනංකල්පිත වුවත් ඒවා සත්‍ය නම්වල හුරුවට ආසන්නයි. මෙය මම හඳුන්වන්නේ 'කෙටිකතාවක්' විදිහේ ප්‍රබන්ධ නිර්මාණයක් ලෙස නොව, ඒක පාර්ෂවීයව 'කෙනෙක් කියන කතාවක්', නැත්නම් පුද්ගල 'ආත්ම කථනයක්' විදිහටයි. මෙම කතාව වඩා හොඳින් රසවිඳීම සඳහා නොකඩවා කියවාගෙන යන ලෙස මම ඔබට යෝජනා කරනවා. මෙහි ප්‍රධාන කතානායක ඔනිල්ගේ පසුබිම ඔබ දැනගැනීම අවශ්‍යයි. ඔනිල් අයත් වන්නේ මේ වෙනකොට කොළඹ නගරාශ්‍රිතව ජීවත් වන, ශ්‍රී ලංකාවේ තවමත් හොඳින් පවතින එක්තරා විශේෂ ඉහළ නාගරික සංස්කෘතික පංති ධාරාවකටයි. ඔවුන් පාරම්පරික තේ වතු අයිතිකරුවන්. අපේ කතාවට කේන්ද්‍ර වන ඔනිල් දැන් ඉන්න ගෙදර හදවන්නෙ ඔහුගේ තාත්තා 1960 ගණන්වල අවසානයේදීයි. එය උයනක් මෙන් මනාව සකස් කරපු ගාර්ඩ්න් එකක් මැද පිහිටි ඇමරිකන් ස්ටයිල් නමින් ශ්‍රී ලංකාවේ ප්‍රකට වුණු පෝටිකෝවක් ඇති සේවක කාමර දෙකට අමතරව තවත් කාමර හයක් ඇති විශාල ගෙදරක්. ඔනිල්ට වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියක් ඉන්නවා. ඔවුන් කසාද බැඳ ගොස්, කොළඹ අවට වෙනත් තැන්වල ජීවත් වෙනවා. කෙසේ හෝ ඔනිල්ට වයස අවුරුදු 30 වන විට ඔහුගේ තාත්තා මිය යනවා. ඉන්පසු ගෙදර ඉතිරි වෙන්නෙ ඔනිල්, ඔහුගේ අම්මා සහ සේවකයන් දෙන්නා විතරයි. මේ වන විට ඔනිල් සියලුම දේපොළ සහ ව්‍යාපාර කටයුතුවලින් මුළුමනින්ම මෙන් ඉවත්වෙලා, ව්‍යාපාරික අංශයට වඩා සංස්කෘතික ක්‍රියාකාරකම් හා පවුලේ කටයුතු සඳහා වැඩි කාලයක් යොදවමින් ඉන්නෙ. ඔනිල්ගෙ තාත්තා විනෝදාංශයක් විදිහට ආරම්භ කරපු පෞරාණික භාණ්ඩ සහ කලා භාණ්ඩ එකතු කිරීම ඔනිල්ගේද ප්‍රධාන විනෝදාංශය බවට පත්වී ඇති අතර, එය මේ වෙනකොට ව්‍යාපාරයක් තරමට වර්ධනය වෙලා තියෙනවා කියන්න පුළුවන්. ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතයේ විශේෂ ලක්ෂණයක් තමයි, ගෘහ භාණ්ඩවල සිට කලාව රසවිඳීම හරහා විස්කි දක්වා මිල අධික ගුණාත්මකභාවයෙන් ඉහළම දේවල් හරියටම හොයාගෙන රස විඳීමට ඇති හැකියාව. ඔවුන්ගේ ළඟම ඥාතීන්ගේ සහ මිතුරන්ගේ පවුල් කිහිපයක් බොහෝ සති අග හවස් වරුවල ඔවුන්ගේ එක් ගෙදරකට එකතු වී බොමින් සතුටු සාමීචියේ යෙදීම විශේෂ සංස්කෘතික අංගයක් විදිහට දකින්නට තිබෙන අතර, ඒ බොහෝ සැඳෑවන් අවසන් වන්නේ විශාල සාලය කෙළවරක ඇති පියානෝව වටා එකතු වී ගැයුම්-වැයුම් වින්දනයකින්. කලා රසිකත්වය ගැන කතා කරනව නම් ජෝර්ජ් කීට්ගේ සිට එච්.ඒ. කරුණාරත්න දක්වා චිත්‍ර ඔවුන්ගේ එකතුවේ තියෙනවා. ඉඳහිට යුරෝපයට යන සංචාරයද ඔවුන් යොදාගන්නේ ඒ යන රටේ හොඳම ඔපෙරාවක් සහ නාට්‍යයක් රඟදක්වන කාලයටම ඒවා ද නැරඹීමටයි. [URL='https://sinhaladiary.blogspot.com/2020/12/blog-post_13.html']ඉතිරි කොටස[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom