සීසීඩිය බන්ධනාගාර නිලධාරීන් හා ආරක්ෂාවට සිටි නිලධාරීන් ලුහුබඳී
14දා අත්තනගල්ල උසාවියට රැගෙන නොඑන බවටත් ඩුබායි පාතාලයට ඔත්තුව ගිහින්
පාතාල කල්ලි නායක ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට බන්ධනාගාර නිලධාරීන්ගේ හෝ ඔහුගේ ආරක්ෂාවට සිටි නිලධාරීන්ගේ සහාය ලැබී ඇති බවට මතුවී තිබෙන සැකයක් ඔස්සේ කොළඹ අපරාධ කොට්ඨාසය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.
ගණේමුල්ලේ සංජීවගේ ආරක්ෂාවට සිටි බන්ධනාගාර නිලධාරීන්ගේ සහ සියලුම ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ ජංගම දුරකථන වාර්තා විමර්ශනය කිරීමට පොලිසිය මේ වනවිටත් කටයුතු කරමින් සිටියි.
මෙම ප්‍රහාරයට අදාළ වැදගත් තොරතුරු බොහොමයක් බන්ධනාගාරය තුළින්ම පාතාල කණ්ඩායම වෙත ගොස් ඇති බවට පොලිසිය සැකපහළ කරයි.
ඉකුත් 14 වැනිදා ගණේමුල්ලේ සංජීව අත්තනගල්ල අධිකරණය වෙත රැගෙන එන අවස්ථාවේ අධිකරණ භූමියේදී ඔහු මරාදැමීමට කෙහෙල්බද්දර පද්මේ ප්‍රමුඛ පාතාල කල්ලිය විසින් සැලසුම් කරගෙන සිට ඇත.
එහෙත් එදින ගණේමුල්ලේ සංජීව හදිසියේ උදරාබාධයක් වැලඳීම නිසා අත්තනගල්ල අධිකරණය වෙත බූස්ස බන්ධනාගාරයේ සිට රැගෙන ගොස් නැත.
සංජීව ඝාතනය කිරීමේ අරමුණෙන් කොමාන්ඩෝ සමිඳු සහ ඉෂාරා සෙව්වන්දි අත්තනගල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නවාතැන් ගෙන සිට ඇත.
ඒ අවස්ථාවේ ඩුබායි රාජ්‍යයේ සිට පද්මේගේ පාතාලයේ සගයන් කොමාන්ඩෝ සමිඳුට කතා කර පවසා ඇත්තේ එදින සංජීව අධිකරණය වෙත රැගෙන එන්නේ නැති බවය.
ගණේමුල්ලේ සංජීව අධිකරණය වෙත රැගෙන එන්නේ නැති බව 14 වැනිදා උදෑසනම ඩුබායි පාතාලය වෙත තොරතුරු ලැබී තිබිණි. එසේ තොරතුරු ලැබෙන්නට නම් ඒ තොරතුරු බන්ධනාගාරයෙන්ම යායුතු බවට පොලිසිය සැකපහළ කරයි.
ඩුබායි රාජ්‍යයේ සිටින පාතාල කල්ලියට මේ සියලු තොරතුරු ලබාදීම පිටුපස එක්කෝ බන්ධනාගාර නිලධාරියකුගෙන් හෝ සංජීවගේ ආරක්ෂාවට සිටි කිසියම් නිලධාරියකු සිටිය යුතු බවට පොලිසිය සැකපහළ කරයි.
මේ සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.