සංරක්ශනය,සභ්‍යත්වය, ක්‍රීඩාව සහ නීතිය

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    130262563_5037887446251509_5364295396770811794_n.jpg





    මසුන් විදීමේ ක්‍රීඩාව,සංරක්ශනය,සභ්‍යත්වය සහ නීතිය

    මසුන් විදීමේ ක්‍රීඩාව (Spearfishing) හෙවත් උලකින් (spear) ඇනීම මගින් හෝ යාන්ත්‍රික ක්‍රමයකින් විදින උලක (speargun) ආධාරයෙන් මසුන් මැරීමේ ක්‍රීඩාව යලින් සිදුකිරීමට අවසර ඉල්ලීමක් පසුගිය දිනවල අසන්නට ලැබුනි.මෙය අමාත්‍යවරුන් දෙපලක් හරහා පැමිනි යෝජනාවක් බව සඳහන් නිසා එය විමසා බැලිය යුත්තකි.
    කලක් පුරාම පැවති මේ මසුන් විදීමේ ක්‍රීඩාව හෙවත් විනෝදය පිනිස මසුන් විදීම නිසා පාරිසරික වශයෙන් සිදුවන හානි පිලිඹඳව සාකච්ඡා වූයේ මීට දශක කිහිපයක සිටය.මේ සාකච්ඡාවක් 1979 සිට වරින්වර මතුවු බව මවිසින් රැස්කල තොරතුරු අනුව පෙනේ.නමුත්,තවතවත් විශේශවල කරදිය මසුන් වඳවීමේ තත්වයට මුහ්හුනදීමත් සමඞ මේ මසුන් විදීමේ ක්‍රීඩාව තහනම් කරන ලෙස විවිධ පාර්ශ්ව වලින් වඩවඩාත් ඉල්ලීම් ලැබිනි.ලොව පුරා වඳවී යාමේ තර්ජනයට දැඩිලෙස ලක්ව සිටින Napolean Wrasse / Humphead Wrasse ( Cheilinus undulatus) නම් විශේශයේ මත්ස්‍යයෙකු මෙසේ උලකින් ඇන මරාගෙන පෙනී සිටින්නෙකුගේ ඡායාරූපයක් සමාජ මාධ්‍යවල පලවීමත් සමඟ මේ පිලිඹඳව කිමිදුම් සංගම්,සමුද්‍රජීවින් පිල්ඹඳ පර්‍යේශකයන්,සංචාරක ක්ශේත්‍රයේම විවිධ සංවිධාන,පරිසර සංවිධාන වලට අමතරව මෙම ඉල්ලීමට දායක විය.
    ඒ අනුව ධීවර සහ ජලජ සම්පත් පනතේ 28 වන වගන්තිය යටතේ පනවන ලද 2017.03.03 දිනැති අංක 2008/31 දරන අතිවිශේශ ගැසට් පත්‍රයේ පලවූ "2017 අංක 01 දරන ධීවර මෙහෙයුම්වලදී උල්කරන ලද කූරු භාවිතා කිරීම තහනම් කිරීමේ නියෝග"(Prohibition of Spears in Fishing Operations No.01 of 2017) මගින් මසුන් විදීමේ ක්‍රීඩාවට භාවිතා කරන උල් සහ උල් යාන්ත්‍රික ක්‍රමයට විදීමේ උපකරණ භාවිතයත් තහනම් කෙරිනි.එම නියාග අනුව "කිසිම තැනැත්තෙකු විසින් ස්පියර් තුවක්කුවක් භාවිතා කිරීම හෝ සන්තකයේ තබා ගැනීම හෝ දේශීය ධීවර බෝට්ටුවක් තුල තබා ගැනීමත්,එමෙන්ම කිසිම තැනැත්තෙක් විසින් ශ්‍රී ලංකා ජල තීරය තුල ස්පියර් ගන් හෝ අතෙහි රඳවන උල් කරන ලද කූරු භාවිතයෙන් ධීවර මෙහෙයුම් වල නිරත නොවිය යුතු බවත් දක්වා තිබේ.
    මේ අනුව එදිමෙන් පසු වසර තුනකටත් අධික කාලයක් පුරා මසුන් විදින ක්‍රීඩාව මෙරටේ තහනම් වී තිබේ.මසුන් විදින ක්‍රීඩාව කුමක්ද යන්න නීතිමය වශයෙන් නිර්වචනය දුශ්කර නිසා එම ක්‍රියාවට භාවිතා කරන උපකරන වලට පනවන තහනමක් හරහා ව්‍යංගයෙන් මේ ක්‍රියාව නතර කිරීම මේ නියෝගවල නීතිමය ප්‍රවේශය වී තිබේ.
    මෙරට මදුන් විදීමේ ක්‍රීඩාවේදී නොගැඹුරු දියේ,විශේශිතව කොරල් පර ආශ්‍රිතවත්,කිමිදුම් උපකරන සහිතව වඩා ගැඹුරු මුහුදේත් වශයෙනුත්,අතේ ගෙනයන උල් කරන ලද ලෝහ කූරු මගින් සහ යාන්ත්‍රික ක්‍රමයට විදීමේ උපකරණ මගින් කෙරෙන මසුන් දඩයම වශයෙන් මේ ක්‍රීඩාව වෙන්කර දැක්විය හැක.මේ ක්‍රම දෙකෙන්ම මත්ස්‍ය විශේශ ගනනාවක් දුලබ සහ ඉතා දුලබ තත්වයට පත්වීම මෙන්ම වඳවීයාමේ තර්ජනයට ලොව පුරා මුහුනදී සිටින විශේශ මේ ආකාරයෙන් මරා දැමීමත්,විශේශයෙන් කොරල් පර ආශ්‍රිත පරිසර පද්ධතීන් වලට වන හානිකර තත්වයනුත්,මේ තීරනයට බලපෑ ප්‍රධාන කරුනු වේ.
    වර්තමානයේ ඉදිරිපත්ව තිබෙන යෝජනාවත් සමඟින් මේ කරුනු යලිත් ඉදිරියට ගත යුතුව තිබේ.මීට අමතරව සලකා බැලිය යුතු කරුනු කාරනා කිහිපයක්ද වේ.
    මේ වන විට ලොව පුරා ප්‍රවනතාවය වී තිබෙන්නේ පරිසරයට හෝ ජීවීන්ට හිතකර සහ විශේශයෙන් නැරඹීම පාදක කරගත් සංචාරක කර්මාන්තයකි.එමඟින් පරිසරය ආරක්ශාවීම තුලින් සංචාරක ව්‍යාපාරයේ ධරනීය භාවයත් සහතික කෙරේ.මෙහිම තවත් අංගයක් වන්නේ කිමිදී ඡායාරූප ගන්නා සංචාරකයන් වේ.
    මසුන් විදීමේ ක්‍රීඩාව යලිත් අනුමත කිරීම තුලින් ටික දෙනෙකුට ලැබෙන කිසියම් ආදායමට වඩා එහි පරිසර හානිය විශාලය.එසේම,ශ්‍රී ලංකාව විසින් ලොවට පෙන්වන්නට උත්සාහ කරන ප්‍රතිරූපයටත් එය පරස්පර විරෝධී සහ හානිකර වන්නකි.
    සතෙකු හේතුවන් නොමැතිව වේදනාවන්ට සහ වධ හිංසා වලට ලක් කිරීමත්,එසේ කිරීමෙන් විනෝදය ලබා ගැනීමත් කිසිඳු ආකාරයකින් ශිශ්ථ සම්පන්න නොවෙන සහ කිසිම ආකාරයකින්වත් අනුමත කල නොහැකි ක්‍රියාවක් වේ. මසුන් විදීමේදි දැඩි ලෙස තුවාල වු මත්ස්‍යයන් බොහෝවිට විශාල වේලාවත් පන පිටින් සිටීම සිදුවේ.මහත් වේදනාවන්ට ලක් වෙමින් සිටී.
    එසේ හෙයින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය දියුනු කිරීම විය යුත්තේ පරිසරය රැකෙන,ධරනීය මෙන්ම අප රටේ අනන්‍යතාවය,සභ්‍යත්වයට සහ සදාචාරයට ගැලපෙන ආකාර වලිනි.ඒවා විශේශිත සංචාරක කොටස්වලට විශාල ලෙස ආකර්ශනීය වේ.තවද,එය සදාචාරාත්මක සංචාරක ව්‍යාපාරය (Ethical Tourism) යන සන්නාමය තුල තිබෙන අංගෝපාංගයන් වේ.
    එය කල යුත්තේ නව අදහස් සහ සංකල්පයන් තුලින් මෙන්ම ලොව පුරා තිබෙන ප්‍රවනතා පිලිඹඳවත් නිසියාකාර අවභෝධය තුලින් මිස යල් පැනගිය සහ ලොව පුරා ප්‍රතික්ශේප වන නොදියුනු සහ විනාශකාරී දේවල් යලි වැලඳ ගැනීමකින් නොවිය යුතුය.


    Jagath Gunawardana


    131010786_5037887969584790_3267670219545783574_n.jpg



    Environmental Notes
    https://www.facebook.com/seth.muhan...2hIzg7rJ10FLNkxeFzlNNF4K7X-HR74&__tn__=<<,P-R
    Seth MuHandiram


    නොකල යුතු සෙල්ලම - Spearfishing
    2013 වසරේදි මෙරටින් මතු වූ මේ ඡායාරූපයේ ඉන්නෙ මරා දමන ලද වඳවී යාමේ තර්ජනයට දැඩිලෙස ලක්ව සිටින Napolean Wrasse / Humphead Wrasse (Cheilinus undulatus) මත්ස්‍යයෙකු උනවටුන ප්‍රදේශයේදී Spearfishing හෙවත් උලකින් ඇන මත්ස්‍යයින් ඝාතනය කරන සෙල්ලමේ එක් භයානක ගොදුරක් ලෙස.
    මේ ඡායාරූපයත් සමගම 2013 වසරේදි සාගර විද්‍යාඥයින්, පරිසරවේදීන්, සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් විසින් දැඩි ⁣සේ මේ යාන්ත්‍රික උල් මගින් දඩයම් කිරීම හෝ අනෙකුත් ආකාර වලින් උල් වලින් ඇන මත්ස්‍යයින් දඩයම් කිරීම තහනම් කරන ලෙස ඉල්ලමින් දැඩි විරෝධයක් ගෙන ගියා. එහි ප්‍රතිපලයක් ලෙස 2017 වසරේදි ගැසට් පත්‍රයක් මගින් මේ ක්‍රියාව මෙරට තහනම් ක්‍රියාවක් ලෙස නම් කලා. අදටත් බොහෝ රටවල් වල මේ උල් මගින් කරන මත්ස්‍ය ඝාතනය තහනම්.
    Wrasse මත්ස්‍යයින් හිඟවීම තුලින් ඔවුන්ගේ ආහාර වන Thorn Star Fish (උල් කටු තාරකා මත්ස්‍යයින්) ගේ ගහනය වැඩි වෙන්න පුලුවන් කියල කියනවා. 2012 වසරේදි පරවි දූපත වනෝද්‍යානය අසන්නයේ මේ ගහනයේ වැඩි වීමක් දක්නට ලැබුනා. එවැනි ස්වාභාවික ගහන පාලන වලට මේ Wrasse මසුන් සෘජුවම දායක වෙනවා. එමෙන්ම මේ Spearfishing වලින් Giant Groupers (Epinephelus lanceolatus) මෙන්ම Parrot Fish (Scaridae sp) පවා දඩයම් කරනවා. විශේෂයෙන්ම කොරල් ආශ්‍රිතව සිදුවන මේ දඩයම නිසා මත්ස්‍ය ප්‍රජාවට හානි වෙනවා දැඩිව. එය මගින් සාගර ජීවි තුලනය අස්ථාවර වීම, ගහන හායනය සිදුවෙනවා.
    වත්මන් රජය නැවතත් මේ යල්පැන ගිය දඩයම් ක්‍රම ගෙන ඒමට උත්සහ ගන්නෙ සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම්, එය ඉතා නොදියුණු යල්පැන ගිය ක්‍රමයක් තුලින් සමුද්‍රීය සම්පත් විනාශ කොට ඉන් පසුව, විශේෂයෙන්ම දකුණු ලක සංචාරක කර්මාන්තයට තිත තබන්නට ගන්නා දෙවන උත්සහය වෙනවා. පලමු උත්සහය සාර්ථකව රැකව කැස්බෑ බිම් හා සිදු කලා පසුගිය දිනයක.
    සෙතිල් මුහන්දිරම්


    130510602_5037888306251423_2363881856959589545_n.jpg