Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෝට්සිටි වෙනුවට නව මූල්‍ය නගරයක්

ශිරාන් රණසිංහ

ජනතාවට දුන් පොරොන්දු ඉටුකරමින් ජී එස් පී සහනය, වරාය මූල්‍ය නගරය සංවර්ධන, අධිවේගී මාර්ග ඇතුළු සියලුම සංවර්ධන ව්‍යාපෘති මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (17 වැනිදා) පැවසීය.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට යුරෝපා කවුන්සිලය ගෙන ඇති තීරණය ඇතුළු නව ආර්ථික ගිවිසුම් පිළිබඳ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ (17 වැනිදා) පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවේදීය.

2014 වසරේදී ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් මෙරට ධීවරයන් මසුන් ඇල්ලීම ඇතුළු කාරණා මුල්කරගෙන මෙරටින් මසුන් මිලදී ගැනීම යුරෝපා සංගමය විසින් තහනමට ලක් කළ අතර වත්මන් පාලනය යටතේ ගත් ක්‍රියාමාර්ග නිසා යුරෝපා සංගමය පෙරේදා (16 වැනිදා) සිට එම තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය.

ජනතාවට පොරොන්දු වූ පරිදිම ජී. එස්. පී. සහනය මෙම වසර අවසානයේදී ලබාගන්නා බවත් ඒ අනුව තේ අපනයනයට, ඇඟලුම් කර්මාන්තයට විශාල වාසියක් අත්වන බවත් කියා සිටියේය.

ජී. එස්. පී. ප්ලස් ලබාගැනීම හරහා තීරු බදු සහන ලැබෙනවා. අමතරව යුරෝපා වෙළෙඳ පොළට ඇතුළුවීමට හැකියාව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මෙම වසර අවසානයට පෙරාතුව ඉන්දියාව සමඟ වෙළෙඳ හා කාර්මික ගිවිසුමට අත්සන් තබන බව ද චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කර දෙරට අතර තානාපති සබඳතා ඇති කරන බව ද කියා සිටියේය.

විශේෂයෙන්ම චයිනා හාබර් සමාගම සමඟ නව ගිවිසුමකට පැමිණ යෝජිත කොළඹ වරාය නගරය (පෝට් සිටි) වෙනුවට සිංගප්පූරුව, ඩුබායි අතර පිහිටි මූල්‍ය නගරයක් ඉදිකරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙහි සින්නක්කර අයිතිය චීනයට පවරනු වෙනුවට දීර්ඝකාලීන බදු ක්‍රමයට අනුව ව්‍යාපෘතිය දියත් කරන බව ද කියා සිටියේය.

හම්බන්තොට ඩොක්යාඩ් ව්‍යාපෘතිය අගෝස්තු මාසයේදී ආරම්භ කරන අතර මීගමුවේ සිට හම්බන්තොට දක්වා වෙරළ තීරය සංවර්ධන ව්‍යාපෘති යටතේ සංවර්ධනය කරන බව ද පැවසීය. විශේෂයෙන්ම ජපාන ආධාර මත කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුව සිට පෑලියගොඩ දක්වාත්, රාජගිරිය දක්වාත් ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ග (Elevated Highway) ඉදිකරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.

වැලිකඩ බන්ධනාගාරය කළුතර ප්‍රදේශයේ ස්ථාපිත කොට දැනට වැලිකඩ ප්‍රදේශයේ අක්කර හතළිහක්, පනහක් වන ප්‍රදේශයේ වෙළෙඳ නගරයක් ඉදි කරන බව ද පැවසීය.

යල් පැනගිය ආර්ථික ක්‍රම මගින් රටක් දියුණු කළ නොහැකි බවත් පරණ ටියුන් එක ගසා වැඩක් නොමැති නිසා අලුත් සංකල්ප මත රට ගොඩනැගිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

පුවත්පත් හා මාධ්‍ය මගින් තාමත් පරණ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ පරණ ටියුන් එක ගසන බවත් දැන්වත් තරුණයන්ටත් අලුත් අදහස් දක්වන්නට කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා කීවේය. අද අපි ආර්ථිකමය, සමාජයීය මෙන්ම සංවර්ධනය අතින් පහළින් සිටිය ද ශ්‍රී ලාංකික ජනතාව අතර මධ්‍යම පාංතික පිරිස වැඩි කරමින් අතමිට සරු ජනතාවක් සැකසීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේත් තමාගේත් අරමුණ හා වැඩපිළිවෙළ බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.

- http://www.divaina.com/2016/06/18/news01.html

[QUOTE="monson, post: 20296887, member: 30005"] [B][SIZE="5"]පෝට්සිටි වෙනුවට නව මූල්‍ය නගරයක්[/SIZE][/B] [SIZE="4"]ශිරාන් රණසිංහ ජනතාවට දුන් පොරොන්දු ඉටුකරමින් ජී එස් පී සහනය, වරාය මූල්‍ය නගරය සංවර්ධන, අධිවේගී මාර්ග ඇතුළු සියලුම සංවර්ධන ව්‍යාපෘති මේ වසර අවසන් වීමට පෙර ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ (17 වැනිදා) පැවසීය. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීමට යුරෝපා කවුන්සිලය ගෙන ඇති තීරණය ඇතුළු නව ආර්ථික ගිවිසුම් පිළිබඳ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීම සඳහා අරලියගහ මන්දිරයේ ඊයේ (17 වැනිදා) පැවති විශේෂ පුවත්පත් සාකච්ඡාවේදීය. 2014 වසරේදී ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් මෙරට ධීවරයන් මසුන් ඇල්ලීම ඇතුළු කාරණා මුල්කරගෙන මෙරටින් මසුන් මිලදී ගැනීම යුරෝපා සංගමය විසින් තහනමට ලක් කළ අතර වත්මන් පාලනය යටතේ ගත් ක්‍රියාමාර්ග නිසා යුරෝපා සංගමය පෙරේදා (16 වැනිදා) සිට එම තහනම ඉවත් කිරීමට තීරණය කර ඇතැයි ද අග්‍රාමාත්‍යවරයා එහිදී පැවසීය. ජනතාවට පොරොන්දු වූ පරිදිම ජී. එස්. පී. සහනය මෙම වසර අවසානයේදී ලබාගන්නා බවත් ඒ අනුව තේ අපනයනයට, ඇඟලුම් කර්මාන්තයට විශාල වාසියක් අත්වන බවත් කියා සිටියේය. ජී. එස්. පී. ප්ලස් ලබාගැනීම හරහා තීරු බදු සහන ලැබෙනවා. අමතරව යුරෝපා වෙළෙඳ පොළට ඇතුළුවීමට හැකියාව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙම වසර අවසානයට පෙරාතුව ඉන්දියාව සමඟ වෙළෙඳ හා කාර්මික ගිවිසුමට අත්සන් තබන බව ද චීනය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කර දෙරට අතර තානාපති සබඳතා ඇති කරන බව ද කියා සිටියේය. විශේෂයෙන්ම චයිනා හාබර් සමාගම සමඟ නව ගිවිසුමකට පැමිණ යෝජිත කොළඹ වරාය නගරය (පෝට් සිටි) වෙනුවට සිංගප්පූරුව, ඩුබායි අතර පිහිටි මූල්‍ය නගරයක් ඉදිකරන බව ද අග්‍රාමාත්‍යවරයා පැවසීය. මෙහි සින්නක්කර අයිතිය චීනයට පවරනු වෙනුවට දීර්ඝකාලීන බදු ක්‍රමයට අනුව ව්‍යාපෘතිය දියත් කරන බව ද කියා සිටියේය. හම්බන්තොට ඩොක්යාඩ් ව්‍යාපෘතිය අගෝස්තු මාසයේදී ආරම්භ කරන අතර මීගමුවේ සිට හම්බන්තොට දක්වා වෙරළ තීරය සංවර්ධන ව්‍යාපෘති යටතේ සංවර්ධනය කරන බව ද පැවසීය. විශේෂයෙන්ම ජපාන ආධාර මත කොළඹ මාර්ග තදබදය අවම කිරීම සඳහා කොටුව සිට පෑලියගොඩ දක්වාත්, රාජගිරිය දක්වාත් ඉහළින් ගමන් කරන අධිවේගී මාර්ග (Elevated Highway) ඉදිකරන බව ද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය. වැලිකඩ බන්ධනාගාරය කළුතර ප්‍රදේශයේ ස්ථාපිත කොට දැනට වැලිකඩ ප්‍රදේශයේ අක්කර හතළිහක්, පනහක් වන ප්‍රදේශයේ වෙළෙඳ නගරයක් ඉදි කරන බව ද පැවසීය. යල් පැනගිය ආර්ථික ක්‍රම මගින් රටක් දියුණු කළ නොහැකි බවත් පරණ ටියුන් එක ගසා වැඩක් නොමැති නිසා අලුත් සංකල්ප මත රට ගොඩනැගිය යුතු බවත් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. පුවත්පත් හා මාධ්‍ය මගින් තාමත් පරණ ආර්ථික ප්‍රතිපත්තිය පිළිබඳ පරණ ටියුන් එක ගසන බවත් දැන්වත් තරුණයන්ටත් අලුත් අදහස් දක්වන්නට කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා කීවේය. අද අපි ආර්ථිකමය, සමාජයීය මෙන්ම සංවර්ධනය අතින් පහළින් සිටිය ද ශ්‍රී ලාංකික ජනතාව අතර මධ්‍යම පාංතික පිරිස වැඩි කරමින් අතමිට සරු ජනතාවක් සැකසීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේත් තමාගේත් අරමුණ හා වැඩපිළිවෙළ බව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පැවසීය.[/SIZE] - [url]http://www.divaina.com/2016/06/18/news01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom