Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවා අංශයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය වෙතින් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඩොලර් ණය මාලාව

ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 966ක පමණ වන ණය පහසුකම් දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, එම ණය පහසුකම් දකුණු සහ උතුරුදිග දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීම සඳහාත්, දුම්රිය එන්ජින් හා ඩීසල් බලවේග කට්ටල මිල දී ගැනීම සඳහාත් යොදා ගනු ලැබ ඇත. ඉන්දියානු අගමැතිතුමා විසින් 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී මෙරට දුම්රිය සේවය වැඩිදියුණු කිරිම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 318ක ණය මුදලක් ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. රටෙහි උතුරු හා දකුණු ප්‍රදේශ අතර කාර්යක්ෂම භාණ්ඩ හා මගී ප්‍රවාහනයක් සුරක්ෂිත කරමින් ආර්ථික ක්‍රියාකාරකම් දිරි ගැන්වීම සඳහා මහව සිට අනුරාධපුරය දක්වාද, අනුරාධපුරයේ සිට ඕමන්තෙයි දක්වාද වන දුම්රිය මාර්ග සංඥා පද්ධතියද වැඩිදියුණු කරමින් පුනරුත්ථාපනය කිරීම සඳහාත්, වායු සමීකරණය කරන ලද මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල ඒකක 06ක්, එන්ජින් 10ක්, තෙල් ප්‍රවාහනය කරනු ලබන ටැංකි සහිත වැගන් 30ක්, කන්ටේනර් රැගෙන යන වැගන් 20ක් සහ දුම්රිය මැදිරි 160ක් මිල දී ගැනීම සඳහාත් මෙම ණය මුදල යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා ඉන්දියානු අපනයන - ආනයන බැංකුව (EXIM Bank of India)සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික සමාජ සංවර්ධන ආයතනයට අයත් ගොඩනැඟිලි සංකීර්ණයක් සීදූව ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරගැනීම

සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමාජ කාර්යයන් (Social Work) පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය අධ්‍යාපන ආයතනයයි. මෙම ආයතනය විසින් ප්‍රායෝගික පුහුණුවීම්ද ඇතුළත් ඉහළ මට්ටමක ගුණාත්මකභාවයකින් යුතු අධ්‍යයන පාඨමාලා ක්‍රියාත්මක කරනු ලබයි. දැනට මෙම ආයතනය විසින් පවත්වනු ලබන පූර්ණකාලීන පාඨමාලා 17ක් සඳහා සහභාගි වන සිසුන් 1,500 දෙනෙකු පමණ බදු කුලී පදනම මත ලබාගත් වර්ග අඩි 70,000ක පමණ ඉඩ ප්‍රමාණයක් තුළ විවිධ අපහසුතා මධ්‍යයේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන අතර, එම ඉඩ ප්‍රමාණය අධ්‍යයන පාඨමාලා පැවැත්වීම, කාර්යාල කටයුතු පවත්වා ගෙන යාම, ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍යයන්ගේ සුබසාධන පහසුකම් සැපයීම ආදී කාර්යයන්ට ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, මෙම ගැටලුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස වර්ග අඩි 100,000ක පමණ වපරිසරයකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

පාසල්වල විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ඉහළ නැංවීම සහ ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය

අනාගත ලෝකයේ රැකියා අතුරින් 65%ක් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ආශ්රිත රැකියාවන්ගෙන් සමන්විත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ එම විෂය ධාරා හදාරනුයේ 30%ක් පමණ වන ශිෂ්‍ය ප්රතිශතයකි. අධ්‍යාපන ක්ෂේත්රය හා සම්බන්ධ ලෝක රැකියා වෙළඳපොළ හා සැසඳීමේදී එම ප්‍රතිශතය ඉතා පහළ අගයක් ගන්නා බැවින්, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත ක්ෂේත්රයන්හි අධ්‍යාපනය ලැබීම සිසුන් අතර ප්‍රචලිත කිරීමටත්, විද්‍යා හා තාක්ෂණ විෂයට අදාළ ඉගෙනුම් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ අනෙකුත් අමාත්‍යාංශවලද සහයෝගය ඇතිව පාසල්වල විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය ඉහළ නැංවීමට සහ නවෝත්පාදන දැනුම ඵලදායී අයුරින් පාසල් සිසුන් වෙත බෙදා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රත්නපුර පළාත් මහ රෝහලේ දෙමහල් ළමා වාට්ටු සංකීර්ණය ඉදි කිරීම

සබරගමුව පළාතේ පිහිටි තෘතීයික සේවා සපයන විශාලතම රෝහල රත්නපුර පළාත් මහ රෝහල වන අතර, එය අනෙකුත් යාබද පළාත්වල රෝගීන් විශාල සංඛ්‍යාවකටද සෞඛ්‍ය සේවා සපයයි. එහෙත් රෝගී ළමුන් සඳහා මෙම රෝහලේ දැනට පවතිනුයේ ඇඳන් 68කින් යුත් එක් වාට්ටුවක් පමණි. සෘජුවම ඇතුළත් කරනු ලබන රෝගීන් මෙන්ම අනෙකුත් රෝහල්වලින් මාරු කර එවනු ලබන රෝගීන් නිසා ළමා වාට්ටුව නිරතුරුවම රෝගීන්ගෙන් පිරී පවතී. රෝගී සත්කාරක සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවත්, රෝගී දරුවන් රෝහල්ගත වීමේ සංඛ්‍යාව ඉහළ යාමද සැලකිල්ලට ගනිමින් රත්නපුර පළාත් මහ රෝහලේ ළමා වාට්ටුව සඳහා අමතර ඇඳන් 116ක් එකතු කළ හැකි වන පරිදි දෙමහල් ගොඩනැඟිල්ලක් දානපතියන් විසින් කරනු ලබන ධන පරිත්‍යාග උපයෝගී කරගනිමින් රුපියල් මිලියන 70ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, සෙසු පහසුකම් රජය විසින් සලසා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළඹීම

ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු අනුව කුණීත අන්ධභාවය (Corneal blindness), අන්ධභාවය සඳහා බලපාන හතරවන ප්රමුඛ හේතුව වේ. කුණීත (Corneal) බද්ධ කිරීම මඟින් නැවත පෙනීම ප්‍රතිස්ථාපනය කිරීමෙන් මෙම ආබාධය සුව කළ හැකිය. දැනට ලොව පුරා කුණීත අන්ධභාවයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවන අතර, ඉල්ලුමට සරිලන තරම් කුණීත සැපයීමක් නොමැති වීම කුණීත අන්ධභාවය තුරන් කිරීමට බාධාවක්ව පවතී. ශ්‍රී ලංකාවේ කුණීත අන්ධභාවය තුරන් කිරීම සඳහා සැලකිය යුතු භූමිකාවක් ජාතික අක්ෂි බැංකුව විසින් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූලව පිළිගත් තත්ත්ව සහතිකයන්ද සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ එකම අක්ෂි බැංකුව වන අතර, අක්ෂි පටක බද්ධ කිරීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම නොපිරිහෙළා අනුගමනය කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට අවශ්‍ය තාක්ෂණික සහාය හා පුහුණු අවස්ථා ලබා දීම සඳහා 'ආසියානු කුණීත පදනම' සහ ලාභ අරමුණු කර නොගත් ගෝලීය සෞඛ්‍ය සංවිධානයක් වන 'සයිට්ලයිෆ්' (SightLife) ආයතනය ඉදිරිපත් වී සිටින අතර, ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සංවර්ධනය කිරීමේ අරමුණින් එම ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

කිලිනොච්චියෙහි පිහිටි ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ (SLGTI) සහ උතුරු හා නැඟෙනහිර පළාත්වල පිහිටි පරිවාර පුහුණු මධ්‍යස්ථානවල (Satellite Centers) ඉංග්‍රීසි භාෂා පුහුණුව ක්‍රියාත්මක කිරීම

උතුරු හා නැඟෙනහිර පළාත්වල ඉල්ලුම පදනම් කර ගත් වෘත්තීය පුහුණුව වර්ධනය කිරීමේ අරමුණින් 'ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත් වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය' ජර්මානු රජයේ ප්‍රදාන හා ආධාර යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා - ජර්මානු පුහුණු ආයතනය (SLGTI) අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා විවෘත කරන ලද අතර, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4,5 සහ 6 යන මට්ටම්වල පුහුණු පාඨමාලා එහි ආරම්භ කිරීමට නියමිතය. තවද, NVQ 1 සිට 3 දක්වා මට්ටම්වල පුහුණු පාඨමාලා සඳහා ප්‍රවේශය ලබා දෙමින් පරිවාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 15ක් උතුරු හා නැඟෙනහිර පළාත්වල ස්ථාපිත කෙරෙනු ඇත. ශ්‍රී ලංකා - ජර්මානු පුහුණු ආයතනයේ සහ එකී පරිවාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සඳහා සහාය ලබා දීමට ජර්මනියේ Johannes Gutenberg - University Mainz විශ්වවිද්‍යාලය හා ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (GIZ) ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

මාකඳුර (බටහිර) කර්මාන්තපුරයේ ස්ථාපනය කිරීමට නියමිත පෙර වැඩුම් මධ්‍යස්ථානය සහ තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානය

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පෙර වැඩුම් මධ්‍යස්ථානයක් (Incubator) හා තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානයක් මාකඳුර (බටහිර) කර්මාන්තපුරයේ ස්ථාපිත කිරීමට නියමිතය. මෙමඟින් නව නිෂ්පාදකයින් සඳහා නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය මූලික පහසුකම් හා ව්‍යාපාරික අදහස් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනු ලැබේ. ඒ අනුව, රුපියල් මිලියන 46.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මාකඳුර (බටහිර) කර්මාන්තපුරයේ පෙර වැඩුම් මධ්‍යස්ථානයක් හා තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානක් පිහිටුවීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රීෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ගම්පොළ වාණිජ සංකීර්ණය සහ අතුරු මාර්ගය ඉදි කිරීම

මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්පොළ නගරය වර්ග කිලෝමීටර 5.18ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති අතර, එම නාගරික බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව සැපයීම සඳහාත්, නගරය තුළ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහාත් ගම්පොළ නගරය විධිමත්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස දැනට පවතින රථවාහන තදබලය අවම කරමින් විකල්ප මාර්ගයක් ඉදි කිරීමටත්, ඒ ආශ්‍රිතව වාණිජ සංකීර්ණයක් ඉදි කිරීමටත් අපේක්ෂා කෙරෙන අතර එම කාර්යය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

අමාත්‍ය මණ්ඩල තීරණ - 2016-07-26

- http://sinhala.news.lk/cabinet-decusions/item/18783-2016-07-26

[QUOTE="monson, post: 20470129, member: 30005"] [SIZE="4"] [B]ශ්‍රී ලංකාවේ දුම්රිය සේවා අංශයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය වෙතින් ලැබෙන ඇමරිකානු ඩොලර් මිලියන 318ක ඩොලර් ණය මාලාව[/B] ශ්‍රී ලංකාවේ දුම්රිය ක්ෂේත්රයේ සංවර්ධනය සඳහා ඉන්දියානු රජය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 966ක පමණ වන ණය පහසුකම් දැනටමත් ලබා දෙනු ලැබ ඇති අතර, එම ණය පහසුකම් දකුණු සහ උතුරුදිග දුම්රිය මාර්ග වැඩිදියුණු කිරීම සඳහාත්, දුම්රිය එන්ජින් හා ඩීසල් බලවේග කට්ටල මිල දී ගැනීම සඳහාත් යොදා ගනු ලැබ ඇත. ඉන්දියානු අගමැතිතුමා විසින් 2015 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිදු කරන ලද නිල සංචාරය අතරතුරදී මෙරට දුම්රිය සේවය වැඩිදියුණු කිරිම සඳහා තවත් ඇමරිකානු ඩොලර් මිලියන 318ක ණය මුදලක් ලබා දීමට එකඟතාව පළ කරනු ලැබ ඇත. රටෙහි උතුරු හා දකුණු ප්‍රදේශ අතර කාර්යක්ෂම භාණ්ඩ හා මගී ප්‍රවාහනයක් සුරක්ෂිත කරමින් ආර්ථික ක්‍රියාකාරකම් දිරි ගැන්වීම සඳහා මහව සිට අනුරාධපුරය දක්වාද, අනුරාධපුරයේ සිට ඕමන්තෙයි දක්වාද වන දුම්රිය මාර්ග සංඥා පද්ධතියද වැඩිදියුණු කරමින් පුනරුත්ථාපනය කිරීම සඳහාත්, වායු සමීකරණය කරන ලද මැදිරි සහිත ඩීසල් බලවේග කට්ටල ඒකක 06ක්, එන්ජින් 10ක්, තෙල් ප්‍රවාහනය කරනු ලබන ටැංකි සහිත වැගන් 30ක්, කන්ටේනර් රැගෙන යන වැගන් 20ක් සහ දුම්රිය මැදිරි 160ක් මිල දී ගැනීම සඳහාත් මෙම ණය මුදල යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, එකී ණය මුදල ලබාගැනීම සඳහා ඉන්දියානු අපනයන - ආනයන බැංකුව (EXIM Bank of India)සමඟ ගිවිසුමකට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ජාතික සමාජ සංවර්ධන ආයතනයට අයත් ගොඩනැඟිලි සංකීර්ණයක් සීදූව ප්‍රදේශයේ ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරගැනීම[/B] සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමාජ සංවර්ධන ආයතනය, සමාජ කාර්යයන් (Social Work) පිළිබඳව අධ්‍යාපනය ලබා දෙන ශ්‍රී ලංකාවේ ඇති එකම රාජ්‍ය අධ්‍යාපන ආයතනයයි. මෙම ආයතනය විසින් ප්‍රායෝගික පුහුණුවීම්ද ඇතුළත් ඉහළ මට්ටමක ගුණාත්මකභාවයකින් යුතු අධ්‍යයන පාඨමාලා ක්‍රියාත්මක කරනු ලබයි. දැනට මෙම ආයතනය විසින් පවත්වනු ලබන පූර්ණකාලීන පාඨමාලා 17ක් සඳහා සහභාගි වන සිසුන් 1,500 දෙනෙකු පමණ බදු කුලී පදනම මත ලබාගත් වර්ග අඩි 70,000ක පමණ ඉඩ ප්‍රමාණයක් තුළ විවිධ අපහසුතා මධ්‍යයේ අධ්‍යයන කටයුතු සිදු කරනු ලබන අතර, එම ඉඩ ප්‍රමාණය අධ්‍යයන පාඨමාලා පැවැත්වීම, කාර්යාල කටයුතු පවත්වා ගෙන යාම, ආචාර්ය මණ්ඩලයේ හා ශිෂ්‍යයන්ගේ සුබසාධන පහසුකම් සැපයීම ආදී කාර්යයන්ට ප්‍රමාණවත් නොවන බව හඳුනාගෙන තිබේ. ඒ අනුව, මෙම ගැටලුව පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද නිලධාරි කමිටුවේ නිර්දේශය පරිදි, ජාතික සමාජ සංවර්ධන ආයතනය සඳහා ගොඩනැඟිලි සංකීර්ණයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස වර්ග අඩි 100,000ක පමණ වපරිසරයකින් යුත් ගොඩනැඟිල්ලක් ඉදි කිරීම පිණිස සමාජ සවිබලගැන්වීම් හා සුබසාධන අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]පාසල්වල විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ඉහළ නැංවීම සහ ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය[/B] අනාගත ලෝකයේ රැකියා අතුරින් 65%ක් විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත (STEM) අධ්‍යාපනය ආශ්රිත රැකියාවන්ගෙන් සමන්විත වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එහෙත් ශ්‍රී ලංකාව තුළ එම විෂය ධාරා හදාරනුයේ 30%ක් පමණ වන ශිෂ්‍ය ප්රතිශතයකි. අධ්‍යාපන ක්ෂේත්රය හා සම්බන්ධ ලෝක රැකියා වෙළඳපොළ හා සැසඳීමේදී එම ප්‍රතිශතය ඉතා පහළ අගයක් ගන්නා බැවින්, විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු හා ගණිත ක්ෂේත්රයන්හි අධ්‍යාපනය ලැබීම සිසුන් අතර ප්‍රචලිත කිරීමටත්, විද්‍යා හා තාක්ෂණ විෂයට අදාළ ඉගෙනුම් ක්‍රියාවලීන් වැඩිදියුණු කිරීමටත්, අධ්‍යාපන අමාත්‍යාංශය ඇතුළු අදාළ අනෙකුත් අමාත්‍යාංශවලද සහයෝගය ඇතිව පාසල්වල විද්‍යා, තාක්ෂණ, ඉංජිනේරු සහ ගණිත අධ්‍යාපනය ඉහළ නැංවීමට සහ නවෝත්පාදන දැනුම ඵලදායී අයුරින් පාසල් සිසුන් වෙත බෙදා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]රත්නපුර පළාත් මහ රෝහලේ දෙමහල් ළමා වාට්ටු සංකීර්ණය ඉදි කිරීම[/B] සබරගමුව පළාතේ පිහිටි තෘතීයික සේවා සපයන විශාලතම රෝහල රත්නපුර පළාත් මහ රෝහල වන අතර, එය අනෙකුත් යාබද පළාත්වල රෝගීන් විශාල සංඛ්‍යාවකටද සෞඛ්‍ය සේවා සපයයි. එහෙත් රෝගී ළමුන් සඳහා මෙම රෝහලේ දැනට පවතිනුයේ ඇඳන් 68කින් යුත් එක් වාට්ටුවක් පමණි. සෘජුවම ඇතුළත් කරනු ලබන රෝගීන් මෙන්ම අනෙකුත් රෝහල්වලින් මාරු කර එවනු ලබන රෝගීන් නිසා ළමා වාට්ටුව නිරතුරුවම රෝගීන්ගෙන් පිරී පවතී. රෝගී සත්කාරක සේවාවේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අවශ්‍යතාවත්, රෝගී දරුවන් රෝහල්ගත වීමේ සංඛ්‍යාව ඉහළ යාමද සැලකිල්ලට ගනිමින් රත්නපුර පළාත් මහ රෝහලේ ළමා වාට්ටුව සඳහා අමතර ඇඳන් 116ක් එකතු කළ හැකි වන පරිදි දෙමහල් ගොඩනැඟිල්ලක් දානපතියන් විසින් කරනු ලබන ධන පරිත්‍යාග උපයෝගී කරගනිමින් රුපියල් මිලියන 70ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදි කිරීමටත්, සෙසු පහසුකම් රජය විසින් සලසා දීමටත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුම්වලට එළඹීම[/B] ලෝක සෞඛ්‍ය සංවිධානයේ තොරතුරු අනුව කුණීත අන්ධභාවය (Corneal blindness), අන්ධභාවය සඳහා බලපාන හතරවන ප්රමුඛ හේතුව වේ. කුණීත (Corneal) බද්ධ කිරීම මඟින් නැවත පෙනීම ප්‍රතිස්ථාපනය කිරීමෙන් මෙම ආබාධය සුව කළ හැකිය. දැනට ලොව පුරා කුණීත අන්ධභාවයෙන් පෙළෙන සංඛ්‍යාව මිලියන 10 ඉක්මවන අතර, ඉල්ලුමට සරිලන තරම් කුණීත සැපයීමක් නොමැති වීම කුණීත අන්ධභාවය තුරන් කිරීමට බාධාවක්ව පවතී. ශ්‍රී ලංකාවේ කුණීත අන්ධභාවය තුරන් කිරීම සඳහා සැලකිය යුතු භූමිකාවක් ජාතික අක්ෂි බැංකුව විසින් ඉටු කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව ජාත්‍යන්තර වෛද්‍ය ප්‍රමිතීන්ට අනුකූලව පිළිගත් තත්ත්ව සහතිකයන්ද සහිතව ක්‍රියාත්මක වන ශ්‍රී ලංකාවේ එකම අක්ෂි බැංකුව වන අතර, අක්ෂි පටක බද්ධ කිරීමේදී පිළිපැදිය යුතු ආචාර ධර්ම නොපිරිහෙළා අනුගමනය කරනු ලබයි. ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුවට අවශ්‍ය තාක්ෂණික සහාය හා පුහුණු අවස්ථා ලබා දීම සඳහා 'ආසියානු කුණීත පදනම' සහ ලාභ අරමුණු කර නොගත් ගෝලීය සෞඛ්‍ය සංවිධානයක් වන 'සයිට්ලයිෆ්' (SightLife) ආයතනය ඉදිරිපත් වී සිටින අතර, ශ්‍රී ලංකා ජාතික අක්ෂි බැංකුව සංවර්ධනය කිරීමේ අරමුණින් එම ආයතන සමඟ අවබෝධතා ගිවිසුම්වලට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]කිලිනොච්චියෙහි පිහිටි ශ්‍රී ලංකා ජර්මානු පුහුණු ආයතනයේ (SLGTI) සහ උතුරු හා නැඟෙනහිර පළාත්වල පිහිටි පරිවාර පුහුණු මධ්‍යස්ථානවල (Satellite Centers) ඉංග්‍රීසි භාෂා පුහුණුව ක්‍රියාත්මක කිරීම[/B] උතුරු හා නැඟෙනහිර පළාත්වල ඉල්ලුම පදනම් කර ගත් වෘත්තීය පුහුණුව වර්ධනය කිරීමේ අරමුණින් 'ශ්‍රී ලංකාවේ උතුරු හා නැඟෙනහිර පළාත් වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය' ජර්මානු රජයේ ප්‍රදාන හා ආධාර යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ කිලිනොච්චියේ ස්ථාපිත කළ ශ්‍රී ලංකා - ජර්මානු පුහුණු ආයතනය (SLGTI) අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් නොබෝදා විවෘත කරන ලද අතර, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 4,5 සහ 6 යන මට්ටම්වල පුහුණු පාඨමාලා එහි ආරම්භ කිරීමට නියමිතය. තවද, NVQ 1 සිට 3 දක්වා මට්ටම්වල පුහුණු පාඨමාලා සඳහා ප්‍රවේශය ලබා දෙමින් පරිවාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 15ක් උතුරු හා නැඟෙනහිර පළාත්වල ස්ථාපිත කෙරෙනු ඇත. ශ්‍රී ලංකා - ජර්මානු පුහුණු ආයතනයේ සහ එකී පරිවාර වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයන්හි සිසුන්ගේ ඉංග්‍රීසි භාෂා හැකියාව වර්ධනය කිරීම සඳහා සහාය ලබා දීමට ජර්මනියේ Johannes Gutenberg - University Mainz විශ්වවිද්‍යාලය හා ජර්මානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (GIZ) ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා වන අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]මාකඳුර (බටහිර) කර්මාන්තපුරයේ ස්ථාපනය කිරීමට නියමිත පෙර වැඩුම් මධ්‍යස්ථානය සහ තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානය[/B] ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස පෙර වැඩුම් මධ්‍යස්ථානයක් (Incubator) හා තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානයක් මාකඳුර (බටහිර) කර්මාන්තපුරයේ ස්ථාපිත කිරීමට නියමිතය. මෙමඟින් නව නිෂ්පාදකයින් සඳහා නිෂ්පාදන බිහි කිරීමට අවශ්‍ය මූලික පහසුකම් හා ව්‍යාපාරික අදහස් ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙනු ලැබේ. ඒ අනුව, රුපියල් මිලියන 46.5ක ඇස්තමේන්තුගත පිරිවැයකින් මාකඳුර (බටහිර) කර්මාන්තපුරයේ පෙර වැඩුම් මධ්‍යස්ථානයක් හා තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානක් පිහිටුවීමටත්, ඒ සඳහා ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය සහ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමටත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රීෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී. [B]ගම්පොළ වාණිජ සංකීර්ණය සහ අතුරු මාර්ගය ඉදි කිරීම[/B] මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්පොළ නගරය වර්ග කිලෝමීටර 5.18ක භූමි ප්‍රදේශයක් පුරා ව්‍යාප්තව ඇති අතර, එම නාගරික බල ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය පහසුකම් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව සැපයීම සඳහාත්, නගරය තුළ පවතින රථවාහන තදබදය අවම කිරීම සඳහාත් ගම්පොළ නගරය විධිමත්ව සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය විසින් සැලසුම් කරනු ලැබ ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රථම අදියර ලෙස දැනට පවතින රථවාහන තදබලය අවම කරමින් විකල්ප මාර්ගයක් ඉදි කිරීමටත්, ඒ ආශ්‍රිතව වාණිජ සංකීර්ණයක් ඉදි කිරීමටත් අපේක්ෂා කෙරෙන අතර එම කාර්යය සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් කොටසක් නාගරික සංවර්ධන අධිකාරිය වෙත පවරා ගැනීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.[/SIZE] [SIZE="4"][B]අමාත්‍ය මණ්ඩල තීරණ - 2016-07-26[/B][/SIZE] - [url]http://sinhala.news.lk/cabinet-decusions/item/18783-2016-07-26[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom