Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සංවර්ධන News
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දහවල් කාලයේදී වසාදමා

කටුනායක ගුවන් තොටුපළ ඇතුලේ වෙනදේ...

ශ්‍රී ලංකාවේ අපට ප්‍රධාන ගුවන් තොටුපළ තුනක් ඇත. පළමු වැන්න රත්මලාන පිහිටි රට අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු සඳහා භාවිත කරන ගුවන් තොටුපළය. කටුනායක සහ මත්තල පිහිටා ඇති ගුවන් තොටුපළ දෙක අන්තර් ජාතික ගුවන් ගමන් සඳහා භාවිත වේ. අන්තර් ජාතික ගුවන් ගමන් සඳහා දැනට සියයට 99.9 ක්ම වාගේ භාවිත වන්නේ කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළයි. දෙවන ලෝක යුද සමයේදී 1944 වසරේ එංගලන්ත රාජකීය ගුවන් හමුදාව සඳහා ඉදි කරන ලද කටුනායක ගුවන් තොටුපළ එංගලන්ත රජයෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ 1957 වසරේදීය.

කැනඩා රජයේ මූල්‍ය ආධාර මත 1963 වසරේදී මෙම ගුවන් තොටුපොළ ගුවන් ධාවන පථය මීටර් 3368 ක් දක්වා දිගුකර වසරකට ගුවන් මගීන් ලක්ෂ එකහමාරක් හැසිරවිය හැකි අයුරින් මගී පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කරන ලදී.

මෙහි පළමුවරට අන්තර් ජාතික ගුවන් ගමන් මෙහෙයවීම ආරම්භ කරන ලද්දේ 1968 නොවැම්බර් 15 වැනිදාය.

1977 වසරේ සිට අන්තර් ජාතික ගුවන් තොටුපළක් බවට පත් වූ කටුනායක ගුවන්තොටුපළ අද වන විට ගුවන් මගීන් ලක්ෂ 60 ක් වසරකට හැසිරවීමේ හැකියාවෙන් යුක්තය.

නමුත් 2015 වසරේදී පමණක් ගුවන් මගීන් ලක්ෂ 85 ක් පමණ කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළ භාවිතා කර ඇති බවට අනාවරණය වී තිබේ.

ආසියානු කලාපයේ කාර්ය බහුල ගුවන් තොටුපළක් බවට පත්වෙමින් පවතින කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළ වසර 2020 වන විට වසරකට ගුවන් මගීන් කෝටි එකහමාරකට අධික පිරිසක් පරිහරණය කරන ගුවන් තොටුපොළක් බවට පත් වෙමින් පවතී. එබැවින් ඊට සරිලන ලෙසින් ගුවන් තොටුපළ නවීකරණය විය යුතුය.

සියයට සියයක් රජය සතු සමාගමක් වන ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම යටතේ පාලනය වන කටුනායක ගුවන්තොටුපළ අධියර දෙකක් යටතේ සංවර්ධනය කිරීමට මේ වන විට රජය පියවර ගෙන ඇත.

ප්‍රවාහන සහ ගුවන් තොටුපළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර මහතාගේ මූලිකත්වයෙන් මෙම සංවර්ධන කටයුතු අධියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

එහි පළමු අධියර ලෙස 2017 වසරේ ජනවාරි 06 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ ගුවන් ධාවන පථය අලුත් වැඩියා කරනු ඇත. මෙම ගුවන් පථය ඉදිකිරීමේ කටයුතු සිදු කළ නෙදර්ලන්ත සමාගමේ උපදෙස් මත චීනයේ කැතික් සමාගම විසින් අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි.

එම අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 720 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 48) පමණ වැය වන බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සැලසුම් නිර්මාණ පිළිබඳ සිවිල් ඉංජිනේරු ඥානසිරි විතාන මහතා සඳහන් කරයි.

මෙම අලුත්වැඩියා කටයුතු සිදු කරන කාලය තුළ සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 4.30 දක්වා ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු අත්හිටුවන බව ඥානසිරි විතාන මහතා කීවේය.

ගුවන් පථය අලුත්වැඩියා කරන ගමන් එම ගුවන් පථය ගුවන් ගමන් සඳහා යොදා ගන්නේ කොහොමද? එය මට නැගුණු පැනයකි.

එය තමයි අභියෝගය මෙම ගුවන් පථය අලුත්වැඩියා කරනු ලබන්නේ ලෝකයේ අති නවීන තාක්ෂණය යොදාගෙන. ගුවන් ගමන් ධාවනයට පැය දෙකකට පමණ පෙර අලුත්වැඩියා කටයුතු නතර කරනවා. මෙවැනි ප්‍රතිසංස්කරණ කටයුතු ලෝකයේ මේ වන විට සිදු කරනු ලබනවා. කැතික් සමාගමටත් එම අත්දැකීම් තියෙනවා. මගේ පැනයට ඥානසිරි විතාන මහතා පිළිතුරු දුන්නේ කලෙසිනි.

හොඳයි...... මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතර කාලයේදී මත්තල ගුවන් තොටුපළ භාවිතා කරන්න බැරිද? මෙය මට පමණක් නොව අප බොහෝ දෙනාට මතුවන පැනයක් බව මම දනිමි.

කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළට පැමිණෙන සෑම ගුවන් යානයකම ගමනාන්තය ලංකාව නෙවෙයි. සමහර ගුවන් යානා තම ගමන් මගේ අතර මැදි ගුවන් තොටුපළක් විදිහට කටුනායකට පැමිණෙනවා. එතකොට එම ගුවන් යානා මත්තලට ගියොත් ගුවන් මගීන් අපහසුතාවයට පත් වෙනවා. අනෙක මෙම කාලය තුළ ගුවන් ගමන් ධාවනය අඩුවන්නේ සියයට දහයක් පමණයි. සතියකට ගුවන් ගමන් 1126 ක් මෙහි සිදු වෙනවා. ඉන් අඩුවන්නේ 126 ක් පමණයි. වැඩිම ගුවන් ගමන් සිදු වන්නේ රාත්‍රි කාලයටයි. අපට කටුනායක දෙවැනි ගමන් ධාවන පථයක් හදන්න ඉඩකඩ නැහැ. එසේ කරන්න ගියොත් විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගන්න සිදු වෙනවා. අප මෙම ගුවන් පථය වසර ගණනකින් අලුත්වැඩියා කර නැහැ. ඥානසිරි විතාන මහතා එම පැනයටද පිළිතුරු සැපයුවේය.

ගුවන් පථයේ අලුත්වැඩියා කටයුතුවලින් පසු සිදු කරන්නේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමය. අක්කර අටක පමණ භූමි ප්‍රමාණයක් හිමි වන අයුරින් තෙමහල් මගී පර්යන්තය ඉදි කිරීමට නියමිතය. පරිසර හිතකාමී සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වන මේ සඳහා රුපියල් කෝටි දසදහස් පන්සියයක් පමණ (ඇ.ඩො. මි. 700) වැය වේ. එම මුදල ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයෙන් (ජයිකා) ණය ආධාරයක් ලෙස ලබා ගනී.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර මහතා පැවසුවේ මෙසේය. ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගන්නා ආසියානු කලාපයේ රට බවට පත්වෙමින් පවතිනවා. එනිසා දිනපතා ගුවන් මගීන්ගේ සංඛ්‍යාව ඉහළයනවා.

ගුවන් තොටුපළක් කියන්නේ ගුවන් යානයට මගියා ඇතුළු කරන හෝ ගුවන් යානයෙන් ගොඩබස්සන තැනක් වුවත් එම අතර කාලය තුළ මගියකුගේ ආරක්ෂාව වෙනුවෙන් පහසුකම් සැපයීම වෙනුවෙන් විශාල වැඩ කටයුතු රාශ්‍රියක් සිදු කළ යුතුයි. මෙම සියලු කටයුතු සිදු කළ යුත්තේ අන්තර් ජාතික ප්‍රමිතියට අනුවයි. පිටරටක සිට පැමිණෙන ගුවන් මගියකු මුලින්ම ලංකාව දකින්නේ ගුවන් තොටුපළේදී. අප ගුවන් මගියාට ලබා දෙන පහසුකම් අනුවයි එම තැනැත්තා රට ගැන පළමු ආකල්පය ඇති කරගන්නේ.

දෙවැනි මගී පර්යන්තය ඉදිවූ විට වසරකට ගුවන් මගීන් කෝටි එකහමාරකට පහසුකම් සැපයිය හැකියි.

ගුවන් යානා පනස් දෙකක් නවතා තැබීමේ පහසුකම් ඇති වෙනවා. දැනට පහසුකම් තියෙන්නේ ගුවන් යානා විසි හයක් නවතා තැබීම සඳහා පමණයි.

සුපිරි සාප්පු සංකීර්ණ ගුවන් තොටුපළ ඇතුළු වීමේ සහ පිටවීමේ පහසුකම් වැඩි දියුණු කිරීම වාහන නවතා තැබීමේ ඉඩ කඩ වැඩි කිරීම සහ අතිනවීණ තාක්ෂණයෙන් යුත් පහසුකම්වලින් සපිරි මෙම පර්යන්තය ඉදිවන්නේද අපගේ පාරම්පරික උරුමයන් විදහා දක්වමිනුයි. මෙම මගී පර්යන්තයේ වහලය ගසක කොළයක හැඩයෙන් ඉදි වෙනවා. අපි ගහ කොළ සහ පරිසරය සමග සමීපව ජීවත් වන ජාතියක්. නව මගී පර්යන්තය තුළත් එම පහසුකම් ඇති කරමින් පරිසර හිතකාමී බව වැඩි කරනවා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාගේ එම පැහැදිලි කිරීමෙන් පසු අපි ගුවන්තොටුපළේ දැනට භාවිතා වන නමුත් බොහෝ දෙනා නොදන්නා පහසුකම් ඇති ස්ථානයක් කරා ගියෙමු.

කාර්ය බහුල දිවියක් ගත කරන නිතර ගුවන් ගමන්හි යෙදෙන බොහෝ ගුවන් මගීන් තුළ මතුවන සිතුවිල්ලක් වනුයේ ඉඳහිට හෝ අපටත් විශේෂ අමුත්තන් හා සමාන පහසුකම් ලබා ගත හැකි නම් යන්නය. එවැනි අවස්ථාවක සේද මාවත (Silk Rout) නැමැති පහසුකම් ලබාගෙන ගුවන් තොටුපළට ඇතුළු වූ මොහොතේ සිට ගුවන් යානයට ගොඩවන අවස්ථාව දක්වා වූ ඇති කටයුතුවලින් රැසක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කාර්ය මණ්ඩලයේ උපකාරය මත ලබා ගත හැකිය. ඒ සඳහා ගුවන් ටිකට් පතක් මිලදී ගත් පසු අඅඅග්සරචදරඑගකන වෙබ් අඩවියට පිවිස අවශ්‍ය පහසුකම් වෙන්කර ගැනීමට පිළිවන.

ගුවන් තොටුපළට ඇතුළු වූ ගුවන් මගියකු ගුවන් යානයකට ගොඩවන තෙක් ගුවන් තොටුපළ තුළ අපට නොපෙනෙන ආරක්ෂාවක්ද ක්‍රියාත්මක වේ.

ගුවන් තොටුපළ ආරක්ෂක සහ සුරක්ෂිතතා ප්‍රධානී වින්ග් කමාන්ඩර් ධම්මික විෙ-සූරිය මහතා ඒ ගැන අපට සරල පැහැදිලි කිරීමක් කළේය.

ගුවන් තොටුපළ ඇතුළත මගී ආරක්ෂක කටයුතු සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට අයත් ආරක්ෂක නිලධාරීන් සිටිනවා. කිසිදු ආයුධයක් රහිතව ආරක්ෂක කටයුතුවල යෙදෙන මොවුන් එම කටයුතු සිදු කරන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගී ආරක්ෂක ප්‍රමිතීන්ට අනුවයි.

අපගේ ආරක්ෂක නිලධාරීන් විසින් සෑම ගුවන් මගියකුම තරාතිරම නොබලා පරීක්ෂාවට ලක් වෙනවා. එසේ සිදු කරන්නේ එම ගුවන් මගියාගේ ආරක්ෂාව වෙනුවෙන් බව ඇතැම් ගුවන් මගීන් වටහා ගන්නේ නැහැ.

ඉන් පසු අපගේ අවධානය යොමු වූයේ ගුවන් යානයක ආරක්ෂාව පිළිබඳවය.

ගුවන් යානයක් ගුවන් තොටුපළින් පිටත් වන විට සහ ගුවන් තොටුපළට ගොඩබාන විට ගුවන්යානයේ සහ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ගිනි නිවීමේ සහ මුදා ගැනීමේ ඒකකයේ ප්‍රධානි වින්ග් කමාන්ඩර් නලින්ද අල්විස් මහතා ද ඒ ගැන සරල පැහැදිලි කිරීමක් සිදු කළේය.

ගුවන් යානයක් ගුවන් තොටුපළින් පිටත්වීමට සහ පැමිණීමට විනාඩි පහකවත් අඩු කාලයක් තුළ ලැබෙන සංඥාවට අනුව අපගේ ගිනි තිබීමේ සහ මුදා ගැනීමේ ඒකකයේ කණ්ඩායමක් රාජකාරි කටයුතු සඳහා සූදානම් වෙනවා.

යම් අනතුරක් වුවහොත් විනාඩි දෙකක කාලයක් තුළ එම ස්ථානයට ගොස් ගුවන් යානයේ ඇති වූ ගින්න නිවා දමා ගුවන් මගීන් බේරා ගැනීම සඳහා අපගේ නිලධාරීන් පුහුණුව ලැබ සිටිනවා. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ගිනි නිවීමේ රථ සහ උපකරණ අප සතුව තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපළේ සාමාන්‍ය මගීන්ට නොපෙනෙන ඉසව් කරා පිය නගද්දී ගුවන් යානා පාලන මැදිරිය කරා යැමේ දුර්ලභ අවස්ථාවද අපට හිමි විය.

ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට ඇතුළුවන සෑම ගුවන් යානයකම පාලන කටයුතු සිදු කරන මෙහි අතිනවීන තාක්ෂණය භාවිත කරන අයුරු ගගන නාවික ප්‍රධානී ක්‍රිෂාන්ති තිසේරා, මහත්මිය අපට දැක බලා ගැනීමට අවසර දුන්නාය.

මෙම තොරතුරුවලින් පසු අප කොයිකාටත් වැටහෙන්නේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ගුවන් ගමනක් යන මගියකු වෙනුවෙන් ගුවන් සේවා ආයතනයක් පමණක් නොව ගුවන් තොටුපළ සමාගමද අතිමහත් පහසුකම් රැසක් ලබාදීමට කෙතරම් වෙහෙසක් ගන්නේද යනුය. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වනුයේ සුව පහසු සුරක්ෂිත ගුවන් ගමනක් ගුවන් මගියකු සඳහා ලබාදීමටය.

උපාලි ද සේරම්

පිංතූර - නිශාන් එස්. ප්‍රියන්ත

- http://www.divaina.com/2016/09/25/feature09.html

[QUOTE="monson, post: 20710700, member: 30005"] [B][SIZE="5"]දහවල් කාලයේදී වසාදමා කටුනායක ගුවන් තොටුපළ ඇතුලේ වෙනදේ...[/SIZE][/B] [IMG]http://www.divaina.com/2016/09/25/n8-1.jpg[/IMG] [SIZE="4"] ශ්‍රී ලංකාවේ අපට ප්‍රධාන ගුවන් තොටුපළ තුනක් ඇත. පළමු වැන්න රත්මලාන පිහිටි රට අභ්‍යන්තර ගුවන් ගමන් කටයුතු සඳහා භාවිත කරන ගුවන් තොටුපළය. කටුනායක සහ මත්තල පිහිටා ඇති ගුවන් තොටුපළ දෙක අන්තර් ජාතික ගුවන් ගමන් සඳහා භාවිත වේ. අන්තර් ජාතික ගුවන් ගමන් සඳහා දැනට සියයට 99.9 ක්ම වාගේ භාවිත වන්නේ කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළයි. දෙවන ලෝක යුද සමයේදී 1944 වසරේ එංගලන්ත රාජකීය ගුවන් හමුදාව සඳහා ඉදි කරන ලද කටුනායක ගුවන් තොටුපළ එංගලන්ත රජයෙන් ශ්‍රී ලංකාවට හිමි වූයේ 1957 වසරේදීය. කැනඩා රජයේ මූල්‍ය ආධාර මත 1963 වසරේදී මෙම ගුවන් තොටුපොළ ගුවන් ධාවන පථය මීටර් 3368 ක් දක්වා දිගුකර වසරකට ගුවන් මගීන් ලක්ෂ එකහමාරක් හැසිරවිය හැකි අයුරින් මගී පර්යන්ත ගොඩනැඟිල්ලක් ඉදි කරන ලදී. මෙහි පළමුවරට අන්තර් ජාතික ගුවන් ගමන් මෙහෙයවීම ආරම්භ කරන ලද්දේ 1968 නොවැම්බර් 15 වැනිදාය. 1977 වසරේ සිට අන්තර් ජාතික ගුවන් තොටුපළක් බවට පත් වූ කටුනායක ගුවන්තොටුපළ අද වන විට ගුවන් මගීන් ලක්ෂ 60 ක් වසරකට හැසිරවීමේ හැකියාවෙන් යුක්තය. නමුත් 2015 වසරේදී පමණක් ගුවන් මගීන් ලක්ෂ 85 ක් පමණ කටුනායක අන්තර් ජාතික ගුවන් තොටුපළ භාවිතා කර ඇති බවට අනාවරණය වී තිබේ. ආසියානු කලාපයේ කාර්ය බහුල ගුවන් තොටුපළක් බවට පත්වෙමින් පවතින කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළ වසර 2020 වන විට වසරකට ගුවන් මගීන් කෝටි එකහමාරකට අධික පිරිසක් පරිහරණය කරන ගුවන් තොටුපොළක් බවට පත් වෙමින් පවතී. එබැවින් ඊට සරිලන ලෙසින් ගුවන් තොටුපළ නවීකරණය විය යුතුය. සියයට සියයක් රජය සතු සමාගමක් වන ගුවන් තොටුපළ සහ ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගම යටතේ පාලනය වන කටුනායක ගුවන්තොටුපළ අධියර දෙකක් යටතේ සංවර්ධනය කිරීමට මේ වන විට රජය පියවර ගෙන ඇත. ප්‍රවාහන සහ ගුවන් තොටුපළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් මත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර මහතාගේ මූලිකත්වයෙන් මෙම සංවර්ධන කටයුතු අධියර දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. එහි පළමු අධියර ලෙස 2017 වසරේ ජනවාරි 06 වැනිදා සිට අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුළ ගුවන් ධාවන පථය අලුත් වැඩියා කරනු ඇත. මෙම ගුවන් පථය ඉදිකිරීමේ කටයුතු සිදු කළ නෙදර්ලන්ත සමාගමේ උපදෙස් මත චීනයේ කැතික් සමාගම විසින් අලුත්වැඩියා කටයුතු සිදු කරනු ලබයි. එම අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් කෝටි 720 ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 48) පමණ වැය වන බව ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සැලසුම් නිර්මාණ පිළිබඳ සිවිල් ඉංජිනේරු ඥානසිරි විතාන මහතා සඳහන් කරයි. මෙම අලුත්වැඩියා කටයුතු සිදු කරන කාලය තුළ සෑම දිනකම පෙරවරු 8.00 සිට පස්වරු 4.30 දක්වා ගුවන් ගමන් මෙහෙයුම් කටයුතු අත්හිටුවන බව ඥානසිරි විතාන මහතා කීවේය. ගුවන් පථය අලුත්වැඩියා කරන ගමන් එම ගුවන් පථය ගුවන් ගමන් සඳහා යොදා ගන්නේ කොහොමද? එය මට නැගුණු පැනයකි. එය තමයි අභියෝගය මෙම ගුවන් පථය අලුත්වැඩියා කරනු ලබන්නේ ලෝකයේ අති නවීන තාක්ෂණය යොදාගෙන. ගුවන් ගමන් ධාවනයට පැය දෙකකට පමණ පෙර අලුත්වැඩියා කටයුතු නතර කරනවා. මෙවැනි ප්‍රතිසංස්කරණ කටයුතු ලෝකයේ මේ වන විට සිදු කරනු ලබනවා. කැතික් සමාගමටත් එම අත්දැකීම් තියෙනවා. මගේ පැනයට ඥානසිරි විතාන මහතා පිළිතුරු දුන්නේ කලෙසිනි. හොඳයි...... මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන අතර කාලයේදී මත්තල ගුවන් තොටුපළ භාවිතා කරන්න බැරිද? මෙය මට පමණක් නොව අප බොහෝ දෙනාට මතුවන පැනයක් බව මම දනිමි. කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළට පැමිණෙන සෑම ගුවන් යානයකම ගමනාන්තය ලංකාව නෙවෙයි. සමහර ගුවන් යානා තම ගමන් මගේ අතර මැදි ගුවන් තොටුපළක් විදිහට කටුනායකට පැමිණෙනවා. එතකොට එම ගුවන් යානා මත්තලට ගියොත් ගුවන් මගීන් අපහසුතාවයට පත් වෙනවා. අනෙක මෙම කාලය තුළ ගුවන් ගමන් ධාවනය අඩුවන්නේ සියයට දහයක් පමණයි. සතියකට ගුවන් ගමන් 1126 ක් මෙහි සිදු වෙනවා. ඉන් අඩුවන්නේ 126 ක් පමණයි. වැඩිම ගුවන් ගමන් සිදු වන්නේ රාත්‍රි කාලයටයි. අපට කටුනායක දෙවැනි ගමන් ධාවන පථයක් හදන්න ඉඩකඩ නැහැ. එසේ කරන්න ගියොත් විශාල ඉඩම් ප්‍රමාණයක් අත්පත් කරගන්න සිදු වෙනවා. අප මෙම ගුවන් පථය වසර ගණනකින් අලුත්වැඩියා කර නැහැ. ඥානසිරි විතාන මහතා එම පැනයටද පිළිතුරු සැපයුවේය. ගුවන් පථයේ අලුත්වැඩියා කටයුතුවලින් පසු සිදු කරන්නේ දෙවැනි මගී පර්යන්තය ඉදිකිරීමය. අක්කර අටක පමණ භූමි ප්‍රමාණයක් හිමි වන අයුරින් තෙමහල් මගී පර්යන්තය ඉදි කිරීමට නියමිතය. පරිසර හිතකාමී සංවර්ධන ව්‍යාපෘතියක් ලෙසින් ක්‍රියාත්මක වන මේ සඳහා රුපියල් කෝටි දසදහස් පන්සියයක් පමණ (ඇ.ඩො. මි. 700) වැය වේ. එම මුදල ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයෙන් (ජයිකා) ණය ආධාරයක් ලෙස ලබා ගනී. මෙම ව්‍යාපෘතිය සම්බන්ධව ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති සමන් එදිරිවීර මහතා පැවසුවේ මෙසේය. ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ වැඩි අවධානයක් දිනාගන්නා ආසියානු කලාපයේ රට බවට පත්වෙමින් පවතිනවා. එනිසා දිනපතා ගුවන් මගීන්ගේ සංඛ්‍යාව ඉහළයනවා. ගුවන් තොටුපළක් කියන්නේ ගුවන් යානයට මගියා ඇතුළු කරන හෝ ගුවන් යානයෙන් ගොඩබස්සන තැනක් වුවත් එම අතර කාලය තුළ මගියකුගේ ආරක්ෂාව වෙනුවෙන් පහසුකම් සැපයීම වෙනුවෙන් විශාල වැඩ කටයුතු රාශ්‍රියක් සිදු කළ යුතුයි. මෙම සියලු කටයුතු සිදු කළ යුත්තේ අන්තර් ජාතික ප්‍රමිතියට අනුවයි. පිටරටක සිට පැමිණෙන ගුවන් මගියකු මුලින්ම ලංකාව දකින්නේ ගුවන් තොටුපළේදී. අප ගුවන් මගියාට ලබා දෙන පහසුකම් අනුවයි එම තැනැත්තා රට ගැන පළමු ආකල්පය ඇති කරගන්නේ. දෙවැනි මගී පර්යන්තය ඉදිවූ විට වසරකට ගුවන් මගීන් කෝටි එකහමාරකට පහසුකම් සැපයිය හැකියි. ගුවන් යානා පනස් දෙකක් නවතා තැබීමේ පහසුකම් ඇති වෙනවා. දැනට පහසුකම් තියෙන්නේ ගුවන් යානා විසි හයක් නවතා තැබීම සඳහා පමණයි. සුපිරි සාප්පු සංකීර්ණ ගුවන් තොටුපළ ඇතුළු වීමේ සහ පිටවීමේ පහසුකම් වැඩි දියුණු කිරීම වාහන නවතා තැබීමේ ඉඩ කඩ වැඩි කිරීම සහ අතිනවීණ තාක්ෂණයෙන් යුත් පහසුකම්වලින් සපිරි මෙම පර්යන්තය ඉදිවන්නේද අපගේ පාරම්පරික උරුමයන් විදහා දක්වමිනුයි. මෙම මගී පර්යන්තයේ වහලය ගසක කොළයක හැඩයෙන් ඉදි වෙනවා. අපි ගහ කොළ සහ පරිසරය සමග සමීපව ජීවත් වන ජාතියක්. නව මගී පර්යන්තය තුළත් එම පහසුකම් ඇති කරමින් පරිසර හිතකාමී බව වැඩි කරනවා. ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාගේ එම පැහැදිලි කිරීමෙන් පසු අපි ගුවන්තොටුපළේ දැනට භාවිතා වන නමුත් බොහෝ දෙනා නොදන්නා පහසුකම් ඇති ස්ථානයක් කරා ගියෙමු. කාර්ය බහුල දිවියක් ගත කරන නිතර ගුවන් ගමන්හි යෙදෙන බොහෝ ගුවන් මගීන් තුළ මතුවන සිතුවිල්ලක් වනුයේ ඉඳහිට හෝ අපටත් විශේෂ අමුත්තන් හා සමාන පහසුකම් ලබා ගත හැකි නම් යන්නය. එවැනි අවස්ථාවක සේද මාවත (Silk Rout) නැමැති පහසුකම් ලබාගෙන ගුවන් තොටුපළට ඇතුළු වූ මොහොතේ සිට ගුවන් යානයට ගොඩවන අවස්ථාව දක්වා වූ ඇති කටයුතුවලින් රැසක් ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ කාර්ය මණ්ඩලයේ උපකාරය මත ලබා ගත හැකිය. ඒ සඳහා ගුවන් ටිකට් පතක් මිලදී ගත් පසු අඅඅග්සරචදරඑගකන වෙබ් අඩවියට පිවිස අවශ්‍ය පහසුකම් වෙන්කර ගැනීමට පිළිවන. ගුවන් තොටුපළට ඇතුළු වූ ගුවන් මගියකු ගුවන් යානයකට ගොඩවන තෙක් ගුවන් තොටුපළ තුළ අපට නොපෙනෙන ආරක්ෂාවක්ද ක්‍රියාත්මක වේ. ගුවන් තොටුපළ ආරක්ෂක සහ සුරක්ෂිතතා ප්‍රධානී වින්ග් කමාන්ඩර් ධම්මික විෙ-සූරිය මහතා ඒ ගැන අපට සරල පැහැදිලි කිරීමක් කළේය. ගුවන් තොටුපළ ඇතුළත මගී ආරක්ෂක කටයුතු සඳහා ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමට අයත් ආරක්ෂක නිලධාරීන් සිටිනවා. කිසිදු ආයුධයක් රහිතව ආරක්ෂක කටයුතුවල යෙදෙන මොවුන් එම කටයුතු සිදු කරන්නේ ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගී ආරක්ෂක ප්‍රමිතීන්ට අනුවයි. අපගේ ආරක්ෂක නිලධාරීන් විසින් සෑම ගුවන් මගියකුම තරාතිරම නොබලා පරීක්ෂාවට ලක් වෙනවා. එසේ සිදු කරන්නේ එම ගුවන් මගියාගේ ආරක්ෂාව වෙනුවෙන් බව ඇතැම් ගුවන් මගීන් වටහා ගන්නේ නැහැ. ඉන් පසු අපගේ අවධානය යොමු වූයේ ගුවන් යානයක ආරක්ෂාව පිළිබඳවය. ගුවන් යානයක් ගුවන් තොටුපළින් පිටත් වන විට සහ ගුවන් තොටුපළට ගොඩබාන විට ගුවන්යානයේ සහ මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක ගිනි නිවීමේ සහ මුදා ගැනීමේ ඒකකයේ ප්‍රධානි වින්ග් කමාන්ඩර් නලින්ද අල්විස් මහතා ද ඒ ගැන සරල පැහැදිලි කිරීමක් සිදු කළේය. ගුවන් යානයක් ගුවන් තොටුපළින් පිටත්වීමට සහ පැමිණීමට විනාඩි පහකවත් අඩු කාලයක් තුළ ලැබෙන සංඥාවට අනුව අපගේ ගිනි තිබීමේ සහ මුදා ගැනීමේ ඒකකයේ කණ්ඩායමක් රාජකාරි කටයුතු සඳහා සූදානම් වෙනවා. යම් අනතුරක් වුවහොත් විනාඩි දෙකක කාලයක් තුළ එම ස්ථානයට ගොස් ගුවන් යානයේ ඇති වූ ගින්න නිවා දමා ගුවන් මගීන් බේරා ගැනීම සඳහා අපගේ නිලධාරීන් පුහුණුව ලැබ සිටිනවා. ඒ සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ගිනි නිවීමේ රථ සහ උපකරණ අප සතුව තිබෙනවා. කටුනායක ගුවන්තොටුපළේ සාමාන්‍ය මගීන්ට නොපෙනෙන ඉසව් කරා පිය නගද්දී ගුවන් යානා පාලන මැදිරිය කරා යැමේ දුර්ලභ අවස්ථාවද අපට හිමි විය. ශ්‍රී ලංකාවේ ගුවන් කලාපයට ඇතුළුවන සෑම ගුවන් යානයකම පාලන කටයුතු සිදු කරන මෙහි අතිනවීන තාක්ෂණය භාවිත කරන අයුරු ගගන නාවික ප්‍රධානී ක්‍රිෂාන්ති තිසේරා, මහත්මිය අපට දැක බලා ගැනීමට අවසර දුන්නාය. මෙම තොරතුරුවලින් පසු අප කොයිකාටත් වැටහෙන්නේ ගුවන් ප්‍රවේශ පත්‍රයක් මිලදී ගෙන ගුවන් ගමනක් යන මගියකු වෙනුවෙන් ගුවන් සේවා ආයතනයක් පමණක් නොව ගුවන් තොටුපළ සමාගමද අතිමහත් පහසුකම් රැසක් ලබාදීමට කෙතරම් වෙහෙසක් ගන්නේද යනුය. මේ සියල්ලෙන්ම බලාපොරොත්තු වනුයේ සුව පහසු සුරක්ෂිත ගුවන් ගමනක් ගුවන් මගියකු සඳහා ලබාදීමටය. උපාලි ද සේරම් පිංතූර - නිශාන් එස්. ප්‍රියන්ත[/SIZE] - [url]http://www.divaina.com/2016/09/25/feature09.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom